Blog Page 13

රැකියා ආතතිය නිසා ඔලුවට නිදහසක් නැද්ද..?

වර්තමානයේ දී මිනිසා ජීවිතය තුළ අත්විඳින ගැටළු බොහෝය .මේ සියලු ගැටළු අතර මානසික ආතතිය මුල් තැනක් ගනී. විශේෂයෙන්ම වර්තමාන තරගකාරී සමාජයත් සමඟ ජීවිතය එකම ඉරියව්වකින් ගෙවීම බොහොම අපහසු කර්තව්‍යයක් . මෙවන් සංකීර්ණ සමාජ රටාවක් තුළ මිනිසාට ඇතිවන කායික හා මානසික රෝගවලට සියයට අසූවක්ම හේතු වන්නේ මනසේ ඇතිවන ආතතියයි. මිනිසුන් සියයක් ගත්තොත් එකිනෙකාට එකිනෙකා වෙනස් අයවලුන්. මනසේ විවිධ ආකාරයන්ට ආතතිය ඇතිවේ. ඒ අතරින් අද කතාකරන්නේ බොහෝ අයවලුන්ගේ සිතට සහ මනසට පීඩාකාරී ගෙන දෙන “රැකියා ආතතිය” ගැනයි.

මිනිසාට මිනිසා ගැන දැනෙන හැඟීම් නැති වෙලා කියලා අද සමාජය දෙස බලද්දී පෙනෙනවා. ඔවුන් අනවශ්‍ය ලෙස කාර්ය බහුලත්වයට පත්වෙලා තිබෙනවා .මේ සියලු ගැටළුවන්ට හේතුව අනවශ්‍ය මට්ටමින් තම රැකියාව සමඟ කාර්යබහුල වීමයි. සැලසුමකින් තොරව වැඩ කටයුතු කරන ඕනම කෙනෙක්ට ජීවිතය ගැන පසුතැවෙන මට්ටමක් ඇති වෙන්නට පුළුවන්. මුදල් ම ජීවිතය නෙවෙයි කියලා හැමදාම වගේම අදත් කියනවා. ලෝකයත් සමඟ ඉදිරියට යද්දී ලෝකය තව තවත් දියුණු වෙද්දී , තාක්ෂණයෙන් යට වෙද්දි අපි සල්ලි උපයන්න ඕන කියන හැඟීමට ඇතිවෙනවා. මම කලිනුත් කිව්වා වගේ බොහොමයක් අයට තිබෙන මේ රැකියා ආතතියට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?

ඔෆිස් එකේ වැඩ වලින් ඔළුවට නිදහසක් නැද්ද? රැකියාව නිසා වෙහෙසට පත් වෙලා ද? එහෙමත් නැතිනම් ඔබ වෙනත් විකල්පයක් නොමැති නිසා ජීවිකාව ඇදගෙන යාමට රැකියාව කරන අයෙක්ද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ඔව් නම් ඔබත් රැකියා ආතතියෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.රැකියා ආතතියට එකම හේතුව අනවශ්‍ය ලෙස කාර්ය බහුල වීම ද නොවේ. ඒ සඳහා ආර්ථික මෙන්ම සමාජීය සාධක ද බලපායි.

බොහෝ අයවලුන් රැකියා ආතතියෙන් පෙළෙන්නේ කිසිවෙකුගේ සහයක් ඔවුන්ට නොලැබෙන විටයි .අපි සිතනවාට වඩා අපිට යන්නට තිබෙන මාර්ගය හෝ කරන්නට තිබෙන රැකියාව වෙනස් මට්ටමක වුණොත් එය මනසට දැඩි සේ පීඩාකාරී වන්නට පුළුවන්. අපි කොයි කවුරුත් කැමතියි තමන් කැමති රැකියාවක් කරමින් සැහැල්ලුවෙන් හිතට බරක් නැතුව ජීවත් වෙන්න. එහෙත් සමාජය හා ඔබට ඇති කුසලතාවයන් මත ඔබට ඔබ කැමති ආකාරයේ රැකියාවක් නොලැබෙන්නට ද පුළුවන්.

එබැවින් වැදගත් වන්නේ ඔබ කරන රැකියාව අනුව ඔබගේ ආකල්ප සහ චර්යා හැඩගස්වා ගැනීමයි. මානසික ආතතිය නරකට පමණක් නොව ජීවිතය සාර්ථක කර ගැනීමට ද, සුබවාදී දේවල් සදහාද බලපායි. එය තමන්ගේ ජීවිතයට ඵලදායි ලෙස යොදා ගත හැකි. මෙහිදී ඔබගේ රුචි අරුචිකම් වලට ගැලපෙන මට්ටමේ රැකියාවක් කරන්නට වගබලා ගන්න. එයින් ඔබට යම්තාක් දුරකට රැකියාව නිසා ඇතිවෙන පීඩාකාරී වෙහෙසකාරී ආතතිය මග හැරෙන්නට පුළුවන්. රැකියා ජීවිතය සම්බන්ධයෙන් ඔබ ගන්නා වටිනාම තීරණය එයයි .ඔබත් දැනටමත් රැකියාවක නිරත වෙන අයෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

රැකියා ස්ථානයේ යහපත් සබඳතා ගොඩනඟා ගන්න.

Healing Workplace Friendships During The Isolation Era | AllWork.Space

 

රැකියා ස්ථානය කියන්නේ ඔබ දවසේ වැඩි කාලයක් ගෙවන ස්ථානයයි. හොඳින් දවස ගෙවන්නටන්ම් නම් ඔබට ධනාත්මක අදහස් හා චින්තනයන් අවශ්‍යයි. ඒ සඳහා ඔබ රැකියා ස්ථානය තුළ දී ඔබව දිරිමත් කරන පුද්ගලයින් සමඟ එක්ව සිටිය යුතුයි. සුබවාදී හා ධනාත්මක පුද්ගලයන් සෑම විටම ඇසුරු කරන්න. ඔවුන් සමග ඵලදායි සම්බන්ධතා ගොඩනඟා ගන්න. එය ඔබට හා ඔබගේ අනාගතයට ඉවහල් වේවි.

වෙහෙසකාරී බවක් දැනෙනවා නම් එක දිගටම එකම වැඩක ඉන්න එපා.

Free Photo | Modern man working on his laptop while drinking coffee

අධික වෙහෙස වී වැඩ කිරීම ඔබේ මනසට හා ගතට පීඩාකාරී වන්නට පුළුවන්. එබැවින් ඔබ රැකියාවේ නිරත වන අතරතුර වෙහෙසකාරී බවක් දැනෙනවා නම් ඔබගේ ආයතනයේ පරිසරය අනුව සරල නිදහසකට හුරුවන්න. තමන් සිටින තැන වෙනස් කිරීම, වැඩ අතරතුර තේ එකක් පානය කිරීම මගින් වෙහෙසකාරී ගතිය නැති කර ගැනීම ,ප්‍රබෝධමත් දෙයක් වෙත සිත යොමු කිරීම වැනි සරල ක්‍රමයන් අනුගමනය කරන්න.

පවුලේ සාමාජිකයන් සමඟ සමීපව කාලය ගත කරන්න.

10 Best Ways of Spending Time with Family

ඔබට වඩාත් සමීපතමයන් වන්නේ ඔබගේ පවුලේ සාමාජිකයන්. තම එදිනෙදා වැඩකටයුතු තමන්ගේ සමීපතමයන් සමග බෙදා හදා ගන්නට හැකිනම් එය ඉතා මානසික සහනයකි. එම නිසාම මව පියා ,බිරිඳ ,සැමියා, දූ දරුවන් සමග හැකි සෑම විටම සමීප සබඳතා පවත්වාගන්න. රැකියා ආතතියට වගේම ඔබට ඇතිවන වෙනත් ප්‍රශ්නයක් තෝරා බේරා ගැනීමට ද එය කදිම ක්‍රමයකි.

රැකියාවෙන් එකම තැන ඉන්න එපා.

So…You Want to Start Your Own Business?

ඔබ රැකියාවේ නිරත වන ගමන්ම තව ඔබට කළ හැකි දේ ගැන සිතා බලන්න. බොහෝ පුද්ගලයින් තමන් තරුණ කාලයේ ආරම්භ කළ රස්සාවේ මුළු ජීවිත කාලයේම නිරත වෙලා විශ්‍රාම ලබයි. එහෙත් එයින් ඔබ්බට ඔබට කළ හැකි බොහෝ දේ ඇත. ඔබට තිබෙන හැකියාවන් ගැන සිතා බලන්න. ඒ හැකියාවන් ඔපමට්ටම් කර ගන්න. ඔබ කළ යුත්තේ මොනවද යන්න රැකියාව කරන අතරතුර ම සොයා බලන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් කුසලතා සපුරා ගනිමින් අලුත් හෙටක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන්න. රැකියාවට වෘත්තියට අදාළව යාවත්කාලීන වන්න.

ගෙදර ආපසු රැකියාවේ ප්‍රශ්න සිතමින් කාලය ගත කරන්නට එපා.

6 Healthy Cooking Ingredients You Should Have in Your Kitchen - Goodnet

රැකියාවේ තිබෙන ගැටළු හා රැකියාව සමග ඔබේ ජීවිතේට ඇතිව ඇති ගැටළු ඔබ ගෙදර ආ පසු කල්පනා කරන්නට යන්නට එපා. එසේ වුවහොත් ඔබ මුළු දවසම ගත කර ඇත්තේ ආතතියෙන්. එය දවස අවසානයේ රැකියා ස්ථානයෙන් ආතතියෙන් නිදහස් වීමට දැඩි බාධාවකි . ඔබ නිවසට ආපසු ඔබේ සමීපතමයින් සමඟ ගෘහස්ථ කටයුතුවල යෙදෙන්න. ඔබේ දූ දරුවන් ,මව ,පියා ,සැමියා, බිරිඳ සමග කාලය ගත කරන්න. එසේ නැති වුණහොත් පවුල් ජීවිතයේ ගැටළු සහ ඔබට මුහුණ දෙන්නට අත්විදින්නට වන ගැටළු වැඩිවන්නට පුළුවන්. එම නිසාම නිවසට ආපසු රැකියා ස්ථානය ගැන නොසිතා පවුලේ අය හෝ තම සමීපතමඉන්ට ලංව සතුටින් කාලය ගත කරන්න. එයින් ඔබට පසුවදා රැකියාවට යාමේදීත් නව ප්‍රබෝධයක් දැනේවි.

මෙවැනි සරල ක්‍රියාකාරකම් වලින් ඔබේ මනසේ ඇති රැකියා ආතතිය හීන කරවන්නට පුළුවන් .එම නිසාම වැදගත් වන්නේ ආකල්ප හා චර්යා හැඩගස්වා ගෙන රැකියා ආතතියට සාර්ථකව මුහුණ දීමයි.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.

-මන්දාකිනි පතිරණ-

රෙසිපිය රහසිගත වුණාට ලෝකේ හැමෝම දන්න කෑම බීම…

ඔන්න ඉතින් ඇඳිරි නීතියත් තව සති දෙකකට දික් වුණානේ. ඉතින් මේ සති දෙකේත් ගේ ඇතුලටම වෙලා ඉන්න එකේ රහසිගත රෙසිපියක් ට්‍රයි කරලා බලමුද ? මාතෘකාව දැක්කම ඔයාට හිතෙන්න ඇති හැබෑවටම එහෙමත් කෑම බීම තියෙනවද කියල. ඇත්තෙන්ම තියෙනවා. ඔයා කෑම ලෝලියෙක් නම් (බඩජාරියා කියල නෙමේයි කිව්වේ) මේ ආටිකල් එක ඔයා වෙනුවෙන්ම තමයි. එහෙම කියල අනික් අය නොකියව ඉන්නත් එපා.

ඇත්තටම මේ කෑම රෙසිපිය හංගන එහෙම නැත්තන් රහසිගත කරන වැඩේ ගොඩක් කරන්නේ අති විශාල ජාලයක් තියෙන කෑම බීම හදන සමාගම්. මෙයාල මේක කරන්නේ එයාලව වෙන අයට කොපි කරන්න බැරි වෙන්න. ඒ ඒ අංශයේ ලොකු වෙළදපොල කොටසක් තමන් සතු කරගන්න, අනිත් කෑම බීම වලට වඩා තමන්ගේ නිෂ්පාදනය විශේෂ කරගන්න වගේ හේතු ගොඩක් නිසා. මේ රෙසිපි ගොඩක් වේලාවට අධි ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. මේ ලිපිය කියවගෙන යද්දී ඔයාට තේරෙයි මේ කෑම බීම වට්ටෝරු ඒ අදාළ සමාගම් වලට කොච්චර වටිනවද කියල. ඒවාට දීල තියෙන ආරක්ෂාව ගැන දැනගත්තම. වැඩි කතා නැතිව අපි බලමු මොනවද මේ ඒ කෑම බීම කියලා.

 

 

KFC fried chicken

Soi Smart: kfc fried chicken recipe (kfc style) Step By Step With Image

 

මේ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ගැන දන්නේ නැති කෙනෙක් නම් නැති තරම්. ලෝකේ පුරාම ලොකු පොඩි ඕනෑම කෙනෙක්ගේ මනාපය දිනාගත්ත KFC එකේ සුප්‍රසිද්ධ චිකන් එක තමයි මේ.

ඔයාල විශ්වාස කරනවද මේකේ රෙසිපිය රහසක් කිව්වොත්? නෑ නෑ ඔය ඕනේ තරම් යු ටියුබ් එකේ තියෙන්නේ මේකේ හදන විදිහ. ඒක හරිම සිම්පල්. පොප් කොන් චිකන් යු ටියුබ් එකේ අයියා කෙනෙක් මේ ලගදිත් උඩ දාලා හදලා පෙන්නුවා. ඔයාලටත් මෙහෙම හිතෙන්න ඇති. හැබැයි ඔය මොන තරම් රෙසිපි යු ටියුබ් එකේ තිබුණත් ඇත්තටම මේ කෑම එක හදන්නේ ඒ කියන්නේ මේ කෑම එක හදුන්වා දෙන්නේ කර්නල් හාර්ලන් සෑන්ඩර්ස්. එයා තමයි KFC බෝඩ් එකේ හිනාවක් දාගෙන ඉන්නේ.

 

කර්නල් හාලන් සෑන්ඩර්ස්

What is name of the man on KFC logo? - Quora

මේකේ රෙසිපියට කුළුබඩු හා රසකාරක 11ක් අඩංගු වෙලා තියෙනවා. මේ ආයතනයේ නියෝජිතයෙක් වෙන රික් මේනාඩ් කියන විදිහට නම් මේ රෙසිපි එක කෙන්ටකි වල Louisville වල සුරක්ෂිතාගාරයක ඉතා ආරක්ෂිතව තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී යොදන්න පුළුවන් ඉහලම ආකාරයේ තාක්ෂණික යෙදුම් වගේම ඉතා ඉහල මට්ටමේ ආරක්ෂක නිලධාරීන් මේකේ ආරක්ෂාව පැය විසි හතරේම තහවුරු කරලයි තියෙන්නේ.
එතකොට මේක කවුරුත්ම දන්නැද්ද කියල ප්‍රශ්නයක් එනවනේ.

ඇත්තටම අපි KFC ගියාට එකේ දෙන්නෙත් නියම වට්ටෝරුවට හදපු KFC fried chicken එක නම් නෙමෙයි. ඒක සිද්ද වෙන්නේ සරලවම මෙහෙමයි. එක එක අවන්හලවල් වලට රෙසිපිය දෙන්නේ ඔරිජිනල් එක පොඩ්ඩක් වෙනස් කරලා. මේක කම්පියුටර් සිස්ටම් එකකින් තමයි වෙන්නේ. මේකෙන් එක එක KFC ශාඛාවට එක රස වගේ එන්න පොඩි වෙනසක් ඇතුව තමයි රෙසිපි එක දෙන්නේ. ඒ කියන්නේ කවුරුත් ඔරිජිනල් එක කන්න තරම් වාසනාවන්ත නෑ මිත්‍රයා. හරි කවුරුහරි මේකේ ඔක්කොම දෙවල් දැනගත්ත කියමුකෝ. එත් රික් මෙනාඩ් මහත්තයා කියන්නේ දාන ජාති දැනගත්තට එක කොච්චර වෙලාවක් කොච්චර උෂ්නත්වෙක සකස් වෙන්න ඕනද, එක කරන පිළිවෙල මොකක්ද කියල දැනගන්නේ නැතුව හදන එක ෆ්‍රයිඩ් චිකන් උනාට ඒක කවදාවත් KFC ෆ්‍රයිඩ් චිකන් නම් නෙමෙයි කියල. (මේ ලගින් යන රසක් එන්න ගෙදරදීම මේක හදන හැටි මේ ආටිකල් එකේ අන්තිමට තියෙනවා, මේක මම නම් කරලා බැලුව, 80% සාර්ථකයි. ඉතුරු විස්ස සාර්ථක වෙන්න ඔයාට කුස්සිය හුරු තරම බලපානවා)

 

McDonalds french fries

Why are McDonald's fries so popular? - French fries production line

මේ මොන බොරුවක්ද කියන්නේ කියල හිතුනද?? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම නැත්තන් බැදපු අල වලටත් රහස් වට්ටෝරු කොහෙද කියල හිතනවා ඇති නේද? ඇත්තටම මෙතන වට්ටෝරුවට වඩා වැදගත් වෙන්නේ ලෝකේ පුරාම එකම රස දෙන විදිහට කොලිටි එක රකින එක. මෙහෙම කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ධුරයක ඉන්න Michael Butkus. එතුමාට අනුව නම් මේ සදහා ගන්න අල වල පිෂ්ටය සහ වර්ණය මත තමයි හොදම විදිහට තේරීම කරන්නේ. ඒ වගේම ලෝකේ පුරාම එකම රස එන්න මේකේ වගා කරන ක්‍රම, වගා භුමි වල තත්වය, ජලය සපයන විදිහ, ජාත්‍යන්තර ප්‍රමිතිකරණය කියන කාරණා ටිකත් බලපානවා. ඒ වගේම මේක හදද්දීත් මෙයාලටම ආවේනික ක්‍රමයක් පාවිච්චි කරනවා.

මෙයාලත් මේකට නිශ්චිත උෂ්ණත්වයක් තියාගෙන තිබුණට ඒ රහස නම් කියන්නේ නෑ. ඒ වගේම තෙල් වල අන්තර්ගතය, බදින්න කලින් ශීතකරණයේ තබන කාලය, බදින කාලය වගේ දේවලුත් රහසක් . මේ ආහාරය ලෝකෙට දීපු බෙල්ජියම් වරු මේක දෙපාරක් බදින්න පුරුදු වෙලා ඉදල තියෙනවා, McDonalds ලත් ඒ සම්ප්‍රදායම අනුගමනය කරනවා. හැබැයි Michael Butkus කියන්නේ බෙල්ජියම් වැසියෝ මේක එක සැරයක් බැදලා ශීත කරලා ආයේ බැද්දේ නෑ කියල. McDonalds ල එහෙම කරනවා කියලාත් එතුමා කොතනදිවත් කෙලින්ම කොතැනදිවත් ප්‍රකාශ කරලා නැහැ. ඒක එහෙම කියල පොඩි ඉගියක් විතරයි දීලා තියෙන්නෙත්.

 

පෙප්සි

Pepsi commits to 100% recycled plastic beverage bottles by 2022 - Packaging Europe

කෝලා බීම වර්ග වලින් ඉස්සරහින්ම තියෙන වර්ගයක් තමයි පෙප්සි. ඒ වගේම කොකා කෝලා රස වගේ දැනුනත් ඕන කෙනෙක්ට මේ දෙකේ පොඩි වෙනසක් තියෙනව කියල දැනෙනවනේ. Caleb Bradham කියන්නේ උතුරු කැරොලිනාවේ (ඇමරිකාවේ) හිටපු ඖෂධවේදියෙක්. මෙයා 1898 දි Brad’s drink කියල ලෝකෙට දීපු බීම තමයි පස්සේ පෙප්සි කියල නම වෙනස් වෙන්නේ. නමුත් මේ හොයාගත්ත බීම රෙසිපිය නම් අදටත් අබිරහසක්. සරලව මේ ගැන වැඩි විස්තරයක් නැති තරම්. මේ ආයතනයේ නිලධාරීන් වූනත් කියන්නේ ඒ ගැන කතා නොකර ඉමු වෙන ඕන දෙයක් කතා කරමු කියල. (වෙන දේවල් වැඩක් තියෙයිද මේක දැනගන්නේ නැතුව). ඉතින් මේ රහසත් තව අවුරුදු ගණනාවකට රහසක් වෙලාම තියෙයි.

 

 

කොකා කෝලා

Coca-Cola HBC | Coca-Cola HBC

ලෝකේ ජනප්‍රියම බීම කියලා විරුදාවලිය අරන් තියෙන්නේ කොකා කෝලා. ඉතින් එහෙම ඩොලර් මිලියන ගණන් උපයන රෙසිපියක් කොච්චර වටිනවා ඇද්ද? කාලෙන් කාලෙට මේකේ වට්ටෝරුව හොයාගත්ත කියල එක එක අය කිව්වට කොකාකෝලා ලේඛනාරක්ෂක ෆිල් මූනි මහත්තයා කියන්නේ ඒක රහසක් කියල. ඒක නම් ඇත්ත වෙන්නම ඕන. මොකද කොච්චර කිව්වත් කොකාකෝලා වල ඉල්ලුම අඩුවෙලා නෑනේ. ඉස්සෙල්ලම කොකාකෝල හදන්නේ 1886දි ජෝන් පෙම්බර්ටන් කියන ඖෂධවේදියා. මැයි 8 වෙනිදා. මුල් කාලේ මේකේ බියර් සංයෝගයකුත් අන්තර්ගතව තිබිල තියෙන්නේ. කොහොමින් කොහොමහරි මේකේ වටිනාකම අදුරගත්ත පෙම්බර්ටන් මේ රෙසිපිය 1887 දි විකුනනවා ඩොලර් 2500 කට. ඒ කාලේ එච්චර ඉල්ලුමක් නැතුවත් එච්චර ගණන් නම් දැන් කොහොම ඇද්ද?

මුල්ම කාලේ පෙම්බර්ටන් දවසට 9 ක් විකුනපු කොකාකෝලා අද වෙද්දී දවසට බිලියන 1.7ක් විකිනෙනවා. ඔන්න ඉන්ටරස්ටින් ම කොටස. මේකේ රෙසිපිය තියෙන්නේ Atlanta SunTrust බැංකුවේ සේප්පුවක. එකවරකට දෙන්නෙක්ට විතරයි ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම මූනි මහත්තයා කියන විදිහට නම් මේ රෙසිපිය කවුරුහරි හොයාගත්තත් නිවැරදි ක්‍රමයයි එකතු කරන පරිමාවලුයි නොදැන කොකාකෝලා හදන එක හීනයක් විතරයි.

හැබැයි ටොඩ් විල්බර් කියන පුද්ගලයා මේ රෙසිපිය දන්නවා කියල ඔහුගේම ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු ඒ රෙසිපිය ලෝකෙටම අනාවරණය කරා. එත් එක හරියටම කොකාකොලද නැද්ද කියල නම් එහෙම නැත්තන් ඒක නිවැරදිම වට්ටෝරුවමද කියල නම් කවුරුත් තහවුරු කරලා නෑ. මේකත් මම පහළින් දාන්නම්. හැබැයි මේක නම් මම ගෙදර උත්සහ කළේ නැහැ. හදන එක කෙසේවෙතත් දැනගන්නත් එක්ක කියවල බලන්න.

ඔන්න KFC ටේස්ට් එකට චිකන් හදන හැටි සහ කොකා කෝලා විස්තරේ.

 

 

KFC ෆ්‍රයිඩ් චිකන්

KFC-like Fried Chicken Recipe: How to Make KFC-like Fried Chicken Recipe | Homemade KFC-like Fried Chicken Recipe

මේකට අපිට ඕන වෙනවා

-චිකන් කිලෝ එකක්
-බිත්තර
-පාන්පිටි
-සෝයාසෝස්
-සීනි
-වතුර
-බදින්න තෙල්.
-චිකන් කියුබ්

හදන්නේ මෙහෙමයි.

චිකන් කිලෝ එක කෑලි කපල (කපපුව ගත්ත නම් ලේසි) වතුරට දාල ඒ වතුරට සෝයා සෝස් මේස හැදී 7ක් විතර දාල සීනිත් මේස හැදී 5ක් විතර දාල කලවම් කරලා පැය දෙකක් තියන්න.
දැන් චිකන් කියුබ් පාන්පිටි එක්ක හොදට කලවම් කරන්න , මේක තමයි අර වටේට ක්‍රිස්පී විදිහට තියෙන්නේ ඒ නිසා ඕනවට වඩා ලුණු රස එන්න දෙන්න එපා.
දැන් අර චිකන් වතුර වලින් එලියට අරන් හොදට තෙත මාත්තු කරලා පාන්පිටි මික්ස් කරපු එකේ ලාවට දවටලා බිත්තර වල දවටලා ආයෙත් පාන්පිටි මිශ්‍රණයේ දවටලා බදින්න. ගොඩක් රස්නෙට බදින්නත් එපා. ගොඩක් පිටි දවටන්නත් එපා.
(මේකේ ඇත්තටම පාන්පිටි එක්ක කලවම් කරන්න ඕන චිකන් කියුබ් නෙමේ, එත් ඒවා ඔක්කොම හොයලා කලවම් කරනවට වඩා චිකන් කියුබ් එකක් ගන්න එක ලේසියි, සමහර දේවල් හොයාගන්න අමාරු වෙන්නත් පුළුවන්,) ඉතින් කාල බලන්නකෝ.

 

කොකා කෝලා

Drink the Book: Natural Cola Recipe

මේවා තමයි ඕන වෙන්නේ

-සීනි කැට කෝප්ප 6
-කෝන් සිරප් කෝප්ප දෙකයි
-සිට්‍රික් ඇසිඩ් මේස හැදී 2
-නටන වතුර කෝප්ප 7
-දෙහි යුෂ මේස හැදී 1
-වැනිලා තේ හැදී 1
-කුරුදු තෙල්, ලෙමන් තෙල් බින්දු එක ගානේ
-රතු පාටින් මේස හැදී 1, කහපාටින් එක හමාරයි, නිල් පාටින් බාගයයි ගානේ කලරින්
-සිසිල් කල සෝඩා කෝප්ප 44ක්

හදමු එහෙනම්

සීනි,කොන් සිරප් , සිට්‍රික් ඇසිඩ් නටන වතුරට දාල දිය කරන්න. ඒකටම ලෙමන් තෙල්, කුරුදු තෙල්, වැනිලා, දෙහි යුෂ එකතු කරලා කලවම් කරන්න. දැන් අර කලරින් එකතු කරලා සිසිල් වෙන්න තියන්න.
ඒ ශීතකරණේ තියපු මිශ්‍රන යෙන් කෝප්ප කාලකට සිසිල් සෝඩා කෝප්ප එකක් වෙන අනුපාතෙට මික්ස් කරලා බොන්න තමයි තියෙන්නේ.
(සැලකිය යුතුයි: මේකේ කැෆෙන් අඩංගු වන දෙයක් දාන්න තිබුණා. මම එකත් මේ ලිස්ට් එකෙන් අයින් කළා. මේක දැම්මේ නම් ඔයාලට හදන්න නෙමෙයි දැනගැනීම පිණිස විතරයි.)

ඉතින් රෙසිපිය රහසිගත එත් ලෝකේ හැමෝම දන්න කෑම බිම කිහිපයක විස්තරය තමයි මේ. හදන එක කෙසේවෙතත් ඒවගේ වට්ටෝරු කියලා ප්‍රසිද්ධ මේ වට්ටෝරුත් ඔයාලට මේ කෑම ගැන අදහසක් ගන්න උදවුවක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

කුඩා දරුවන් බහුල ලෙස ගොදුරුවෙන ආසාත්මිකතා ගැන ඔබ දැනුවත්ද..?

ආසාත්මිකතා එහෙමත් නැත්නම්(allergy) කිව්වහම සිහියට නැගෙන්නේ හමේ පලු දැමීම, සම කසමින් පලු ඇතිවීම ,වමනය යාම ,පාචනය ඇති වීම, එහෙමත් නැත්නම් උණ ඇතිවීම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු තුළ දක්නට ලැබෙන ආසාත්මිකතා ලක්ෂණයි. ආසාත්මිකතාවයන් ඇති වන්නට බොහෝ හේතූන් බලපායි . බොහෝ අයවලුන්ට මේ පිළිබඳ තිබෙන දැනුවත්භාවය අඩුයි. බොහෝ විටෙක අසාත්මිකතාවයන්ට ගොදුරු වන්නේ කුඩා දරුවන්.

අසාත්මිකතාවන් යන්නේ කුමක්ද? ඇතිවන්නේ කෙසේද ?

How Do You Get Rid of an Allergic Reaction Rash? - Oak Brook Allergists

Allergy ඇතිවෙන්න බෙහෙවින් බලපාන හේතුන් තමයි අපි ගන්නා ආහාර . එකිනෙකාගේ ශරීරයන් එකිනෙකාට වෙනස් . ආසාත්මිකතා ඇති වන්නේ යම් දෙයක් ශරීර ගත වූ පසු ඊට ප්‍රතිශක්තිකරණයෙන් සිදුවන බලපෑම නිසයි. ඒ එම ප්‍රතිශක්තිකරණයෙන් යම් යම් දේ නිපදවන නිසයි. එම ප්‍රතිශක්තීකරණය අසාමාන්‍ය ලෙස ක්‍රියා කරන අවස්ථාවන්වලදී ඉහත සඳහන් විවිධ ලක්ෂණ පෙන්නුම් කරයි. සමහර සංකූලතා සරල විය හැකියි. එහෙත් සමහර අවස්ථාවන් වලදී දරුණු වෙන්නට හැකියාව තිබෙනවා. එම නිසා හැකි හැම අවස්ථාවකදීම වැඩි අවධානයක් දරුවන්ට දිය යුතුයි. ඔබේ දරුවාටත් ආසාත්මිකතාවයන් ඇති වෙනවා නම් ඒ සඳහා වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

 

ආසාත්මිකතා ඇතිවන දේවල්

Food Allergies Crystal Lake | Food Intolerance Crystal Lake

බහුලවම අපට දක්නට ලැබෙන්නේ ආහාර වලින් ඇතිවන ආසාත්මිකතායි. විශේෂයෙන්ම ලොකු පොඩි කාටත් හරක් මස්, ඌරු මස්, එළු මස් ,ඉස්සෝ ,දැල්ලෝ, කකුළුවෝ, අන්නාසි මගින් ආසාත්මිකතා ඇතිවිය හැකියි. එම නිසා ඔබ මෙවැනි ආහාර වර්ග ගන්නේ නම් බොහෝ විට සැලකිලිමත් වන්න .මේ ආහාර ගත් පසු තොල් ඉදිමීම , වමනය සහ ක්ලාන්ත ගතිය ඇතිවේනම් පමා නොකර රෝහලට යා යුතුයි. යම් වැඩිහිටියන්ට සහ දරුවන්ට රෝග ලක්ෂණ නොමැති ආසාත්මිකතා ඇති වන්නට පුළුවන් .රෝග ලක්ෂණ නොමැතිව ක්ලාන්තය පමණක් ඇතිවිය හැකි. එම නිසා බොහෝ දෙනාට එය ආසාත්මිකතාවයක් නිසා ඇති වෙන්නේ ද කියා හඳුනා ගැනීමටත් අපහසුයි .එම නිසාම යම් ආහාරයක් හෝ ඖෂධ මාත්‍රාවක් ගත් පසු ආසාත්මිකතාවක් ඇති වෙනවා නම් ඒ ගැන නිසියාකාරව සැලකිලිමත් වි රෝහල් ගත විය යුතුයි.

 

පාරිසරික හේතූන් අසාත්මිකතාවයන්ට බලපානවද?

Bioresonance Therapy And Pet Allergies | bicomUK

බොහෝ දෙනකුට තණකොළ සහ අවට සිටින බල්ලන් ,පූසන් වැනි සතුන් අසාත්මිකයි. තව උණු වතුර , සබන් ,සුවඳ විලවුන් බොහෝ අයවලුන්ට අගුණයි . මෙවැනි අවස්ථාවකදී හැකි විගස ප්‍රතිකාර ගත යුතුයි . ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් රෝගයට ගොදුරු වන පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන්න පුළුවන්. මේ නිසා ආසාත්මිකතාවයන් සුළුකොට තකන්නට එපා.

 

දරුණු අසාත්මිකතාවයකදි..

Dangerous Allergies: Anaphylaxis and Life-Threatening Allergy Triggers

ඔබට allergy වන දේවල් ඔබ විසින් හඳුනාගෙන තිබිය යුතුයි. සිතන්න ඔබට මස් මාංශ වර්ග අසාත්මිකයි. එසේනම් ගෙදර මස් මාංශ පිසින ලද හැන්දක් වත් ඔබ ගන්නා ආහාර වේලේ ගෑවෙන්නටවත් තියන්න එපා. ඒ වගේම Restaurant ,Hotel වල ඔබ ආහාර ගන්නේ නම් බොහෝ විට සැලකිලිමත් විය යුතුයි. ඒ අයවලුන් දැනුවත් කර ඔබගේ ආහාරය ඇනවුම් කර ගන්න. ඒ වගේම ඔබට ආසාත්මික දෑ ලියා තබා ගැනීම ද වැදගත්. විශේෂ ඖෂධයක් හෝ අලුත් දෙයක් ලබා ගන්නා විට ඒ දේවල් ගැන මනා දැනුමකින් පසුව පරිහරණයට ගත යුතුය. ඒ වගේම මේ ආසාත්මිකතා කුඩා දරුවකුට තිබේ නම් පාසලේ හෝ පෙර පාසලේ ගුරුවරිය දැනුවත් කළ යුතුයි.

 

දරුණු ආසාත්මිකතා ඇතිවන අයට ඇති ප්‍රතිකාර

(Adarnali pen) ඇඩර්නාලි පේන් ,මේ ඖෂධය රජයේ රෝහල්වල නැත. පෞද්ගලික රෝහලකින් ලබා ගත යුතු වේ. මෙය දරුණු ආසාත්මිකතා ඇතිවන අයට විශේෂ ඖෂධයක් ලෙස සලකයි .සාමාන්‍යයෙන් ආසාත්මිකතා දරුණු ලෙස හටගෙන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තත්ත්වයේ පැමිණෙන කෙනෙක් නම් මේ ඖෂධය එම පුද්ගලයාට ඉතාම වැදගත්.

දරුණු ආසාත්මිකතාවයන් වලදී දකින්නට ලැබෙන ලක්ෂණ?

* හුස්ම ගැනීමේ අපහසුතා

* ආසාත්මිකතාවය ඇති වී නොබෝ වේලාවකින් ශරීරය ඉදිමීම.

*පපුවේ මහන්සිය

* ශරීරය සුදුමැලි වීම

*ඉදිමීම

මේ අවස්ථාවන් වලදී රුධිර පීඩනය අඩු වෙයි. මේ සියල්ල දැක ගන්නට නොතිබුණත් පමා නොකර පුද්ගලයාව රෝහල්ගත කළ යුතුයි.

 

අසාත්මිකතා බහුල රෝගීන් කවුරුද?

What is the Relationship Between Coughing and the Stomach?

ඇදුම සහ පීනස රෝගීන්ට ආසාත්මිකතාවයන් ඇති වන ප්‍රමාණය අනෙක් රෝගීන්ට සාපේක්ෂව වැඩියි. සමහර අවස්ථාවන් වලදී අප නොසිතන දේවල් වලින් පවා ආසාත්මිකතා ඇති වන්නට පුළුවන් .මේ අතර ජානමය හේතූන් ද බලපායි. උදාහරණ ලෙස මවට කජු ආහාරයට ගත නොහැකි නම් දරුවාටත් ඒ ආසාත්මිකතා තිබිය හැකියි. කිසිවිටෙකත් ආසාත්මිකතාවයන්ට අත් බෙහෙත් භාවිතා නොකරන්න .වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර සඳහා යොමුවන්න.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

මන්දාකිනි පතිරණ .

ඔයාට sweets කන්න හොඳම තැන Gimmys kitchen…

ඔයා sweets කන්න කැමති කෙනෙක් නම් ඒකට තවත් හොඳම තැනක් තමයි Gimmys’ Kitchen. මේ කොවිඩ් කාලයේ ගෙදරම ඉන්න වෙලාවේ අම්මයි දුවයි තීරණය කරලා තියෙනවා එයාලගේ වටිනා family recipes යොදාගන සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න. තමන්ගේ customer ට හොඳම තත්ත්වයේ සහ රසවත් products ලබා දෙන්න Gimmys’ Kitchen එකේ menu එක dishes තුනකට සීමා කරලා තියෙනවා.

Dessert

Chocolate Cake (2lb) (LKR 3,000)

සම්පුර්ණ කේක් එකම චොකලට් යොදාගන සාදා තිබෙන අතර ඔයාට එක කේක් කෑල්ලකින් රසවත් චොකලට් ඇතිවෙන්න රසවිදින්න පුළුවන්. Texture සහ flavor උසස් තත්ත්වයෙන් තිබුනු මේ Chocolate Cake එක මම ඇත්තටම enjoy කළා.

 

Butter Cake (2lb) (LKR 2,000)

හොඳට bake කරලා සදා තිබුණ මේ බටර් කේක් එකේ අයින් පවා මෘදුව තිබුණා. තේ එකක් බොන වෙලාවට හරි අතර මැද පොඩි ස්නැක් එකක් විදියට කන්න මේ බටර් කේක් කෑල්ලක් නියමට ගැළපෙනවා. අපිට මේ කේක් එක ගෙනත් දෙන වෙලාවෙත් උණුසුම්ව තිබුණා.

 

Classic CBP (feeds 8 – 10 people) (LKR 2,700)

අපි හැමෝම වගේ chocolate biscuit pudding වලට කැමතියි. Gimmys’ Kitchen එකේ තිබෙන Classic CBP එක අපිට තියෙන chocolate biscuit pudding ආසාව තෘප්තිමත් කළා කිව්වොත් නිවැරදී. ආමන්ඩ් එසෙන්ස් එකක් යොදාගන පිළියෙල කරන නිසා මේ බිස්කට් පුඩින් එක අනෙකුත් පුඩින් අතරින් විශේෂ වෙන්න හේතුවක් වෙලා තිබෙනවා. නමුත් ඔබ ආමන්ඩ් රසයට කැමති නැති කෙනෙක් නම් ඔබට ඒ ගැන ඔවුන් දැනුවත් කරලා ඔයාට අවශ්‍ය විදියට CBP එක order කරන්න පුළුවන්.

Gimmys’ Kitchen කියන්නේ CBP, බටර් කේක් සහ චොකලට් කේක් වල හොඳම තැනක් නිසා ඔයාට quality සහ flavor අතින් උසස් dishes 3ක්ම රසවිදින්න හැකියාව තිබෙනවා. මෙම ව්‍යාපාරය පෙර ඇණවුම් කිරීමේ පදනම මත ක්‍රියාත්මක වන අතර, ඔබට ඔවුන්ගේ ෆේස්බුක් පිටුව, ඉන්ස්ටග්‍රෑම් පිටුව හෝ ඉහත සඳහන් කළ වට්ස්ඇප් අංකය හරහා ඇණවුම් භාරදීමට හැකියාව තිබෙනවා. ඔවුන් කොළඹ 1 සිට 10 දක්වා සහ තදාසන්න ප්‍රදේශ හරහා බෙදා හරින නමුත් ඔබට පිකප් එකක් ද තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.

ලංකාව තුළ මිනීමැරුමක් සිදුකර ඔබට එයින් ගැලවෙන්න පුළුවන්ද..?

දැඩි චිත්තවේගීය කෝපයක් මිනීමැරීමකට මඟ පෑදිය හැක. එය පුද්ගලයෙකුගේ අභ්‍යන්තර කෝපය තෘප්තිමත් කරන නමුත්, එහි ප්‍රතිවිපාක ගැන සිතා තිබෙනවා ද? අපරාධකරුවන් සමාජයට තර්ජනයක් වන බැවින් ඔවුන්ට සමාජයේ නිදහසේ වාසය කිරීමට නීතියෙන් අවසර නැත. ශ්‍රී ලංකා නීති පද්ධතිය යටතේ මිනීමැරීමේ අපරාධය විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ මිනීමැරුමක ප්‍රතිවිපාක පිලිබඳව දැනුවත් කර මෙම අපරාධය කිරීමට පෙලඹෙන්නන්ව අධෛර්යමත් කිරීමයි.

 

“නීතිය එලියයි“යනු නීතිය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා පවත්වනු ලැබූ ත්‍රිභාෂික  නීති සාකච්ඡා මාලාවකි. ලතින් භාෂාවේ සඳහන් ” ignorantia legis neminem excusat ” යන කියමන, “නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ” යනුවෙන් පරිවර්තනය වේ. ශ්‍රී  ලංකා නීති ශිෂ්‍ය  සංසදයේ මහජන සුබසාධක කමිටුව, අප රටේ නීතිය සරල ලෙස අර්ථ නිරෑපනය කිරීම මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උත්සාහ දරයි. එහි 5 වන සාකච්ඡාවේ අවධානය යොමු වූයේ, “මිනීමැරුම” කෙරෙහිය.

 

මෙම සාකච්ඡාවට ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ද, නීතිඥ නයනත විජේසුන්දර මහතා ද,  නීතිඥ තිරුකුමාරන් විශ්වලිංගම් මහතා ද සහභාගී වූහ.

 

මිනීමැරීම කියන්නේ කුමක්ද?

 

මිනීමැරීම කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය අවසන් කිරීමේ චේතනාවෙන් පුද්ගලයෙකුව ජීවිතක්‍ෂයට පත් කිරීමේ ක්‍රියාවයි. උදාහරණයකට, යම් පුද්ගලයෙක් රෝගයකින් පෙළෙන අවස්ථාවක, චූදිතයා තම ක්‍රියාව ඔහුගේ මරණයට හේතු වන බව දැන දැනම ඔහුට හානියක් සිදු කරන්නේ නම්, එය මිනීමැරුමක් ලෙස සැලකෙනවා. මේ අවස්ථාවේ චූදිතයාට (මිනීමරුවා) ඒ පිළිබඳ දැනුමක් තිබිලා තිබෙනවා. ඒ නිසා මිනීමැරීමකදි “දැනුම”(Knowledge) ඉතාමත් වැදගත් අංගයක්.

 

යම්කිසි ක්රියාවක් මිනීමැරීමක් ලෙස බොහෝ විට සමාජය විසින් වටහාගෙන ඇත්තේ එයින් මෘත ශරීරයක් හටගෙන ඇති විටයි. නමුත් මළ සිරුරක් නොමැති විට මිනීමැරුම් වරදකට පුද්ගලයෙක් දඬුවමට ලක් කෙරෙන්නේ කොහොමද?

 

සාධාරණ සැකයකින් ඔබ්බට පුද්ගලයෙක් අපරාධයකට වැරදිකරු බව ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ නීතිපති වරයාට නොහොත් රජයටයි (පැමිණිලි පක්‍ෂයටයි). මිනීමැරීමක් තහවුරු කිරීම සඳහා කරුණු 3 ක් ඔප්පු කළ යුතුයි. 1) පුද්ගලයෙක් මරණයට පත්ව තිබිය යුතුයි 2) මරණයට හේතු වූ ක්‍රියාව චූදිතයා විසින් සිදු කර තිබිය යුතුයි 3) චූදිතයාට එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත් කිරීම පිලිබඳව දැනුම(knowledge) හෝ අභිප්‍රාය/චේතනාව(Intention) තිබිය යුතුයි. මිනීමැරුමක හොඳම සාක්ෂිය මෘත ශරීරයයි. මිනීමරුවාට මළ සිරුර විනාශ කළ හැකි නමුත් මළ සිරුරක් නොතිබීමෙන් මිනීමැරීමේ අපරාධය අවලංගු වන්නේ නැහැ. මිනීමැරුම සිදු වූ බව සනාථ කිරීමට ප්‍රබල වූ පරිවේශණීය (අවස්ථානුකූල) සාක්ෂි(circumstantial evidence) ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

 

චේතනාව තිබීම මත පමණක් පුද්ගලයෙක් මිනීමැරීමක වැරදිකරැවෙක් වෙන්නේ කොහොමද?

 

චේතනාව(Intention) මිනීමැරීමේ වැදගත් අංගයක්.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව, මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් හෝ තමා කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින් ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තෙක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරද සිදු කරනවා.

යම් පුද්ගලයෙක් මරණයට හේතු විය හැකි ශාරීරික තුවාලයක්/හානියක් කිරීමෙන් හෝ මරණය වීමට ඉඩ ඇති බව දනිමින් ම යම් ක්‍රියාවක් කිරීමෙන් ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක වැරදිකරු වෙනවා. මරණය සිදු කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කළොත් මෙය මිනීමැරුමක් බවට පත්වෙනවා.

තවද, ශාරීරික පාඩුවක් යම් තැනැත්තකුට කිරීමේ අදහසින් එය කරනු ලැබ, එසේ කිරීමට අදහස් කරනු ලැබූ ශාරීරික පාඩුව ස්වභාවික සංසිද්ධීන් අතර/සාමාන්‍ය ක්‍රියාමාර්ග තුළ දී මරණය සිදු කිරීමට ප්‍රමාණවත් නම් එයද මිනීමැරුමක් බවට පත්වෙනවා.

 

මිනීමැරුමක් කළ කෙනෙකුට ශ්රී ලංකාවේ නීතිය මගින් නියම කර ඇති දඬුවම කුමක්ද?

 

දඬුවම නම් මරණීය ඳණ්ඩනයයි. කෙසේ වෙතත් පසුගිය වසර 45 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ කිසිම පුද්ගලයෙක්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නැත.

 

මිනීමැරුම් චූදිතයෙකු අත්අඩංගුවට ගත් විට නීතිය යටතේ ඇති ක්රියා පටිපාටිය කුමක්ද?

 

පුද්ගලයෙක් මිනීමැරුමක සැකකරැවෙක් නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. ඇප ලබා දෙන්න පුලුවන් මහාධිකරණයට පමණයි.

 

මිනීමැරීමට තැත් කිරීම කියන්නේ කුමක්ද? එයට ලැබෙන දඬුවම කුමක්ද?

මිනීමැරීමට තැත් කිරීම කියන්නේ විත්තිකරු වින්දිතයා මැරීමට දැරෑ උත්සහයක් අසාර්ථක වීමයි. උදාහරණයකට, පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට තුවක්කුවක් එල්ල කල අවස්ථාවක ඔහුට එම පුද්ගලයාව මඟ හැරුණු විට, එය මිනීමැරීමට තැත් කිරීමේ අපරාධයකට සමාන වෙනවා.

මිනීමැරීමට තැත් කිරීමේ වරදට වසර 10 ක සිර දඬුවමක් සහ දඩයක් නියම කෙරෙනවා. පුද්ගලයාට ශාරීරික තුවාල සිදු කර තිබේ නම්, තුවාලවල බරපතලකම අනුව දඬුවම වසර 20 ක් දක්වා දීර්ඝ කෙරෙන්න පුලුවන්.

 

යම් පුද්ගලයෙක් මිතුරෙක් විසින් සිදු කල මිනීමැරුමක් පිළිබඳ සාක්ෂි විනාශ කරන්නේ නම්, එය අපරාධයක් ?

 

ඔව්. එය අපරාධයකට සමාන වන්නේ එය යුක්තියට බාධාවක් වන නිසායි.

 

පුද්ගලයන් කිහිපදෙනෙක් මිනීමැරීමක් සැලසුම් කරන විට, ඔවුන් සියල්ලෝම මිනීමැරුමට වගකිව යුතු වෙනවා ? ඔවුන් සියල්ලන්ම මිනීමැරීමට ඍජුවම සම්බන්ධ නොවී එම ස්ථානයේ රැඳී සිටියා පමණක් නම් කුමක් සිදුවේද?

 

දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් මිනීමැරුමක් කිරීමට සැලසුම් කරන්නේ නම් එය මිනීමැරීමේ කුමන්ත්‍රණයක් වෙනවා. මංකොල්ල කල්ලියක් බැංකුවකට ගොස් ආරක්ෂක නිලධාරියා අභිභවා එම ක්‍රියාවලියේදී එක් පුද්ගලයෙක් පිහියෙන් ඇන ඇත්නම්, පොදු මිනීමැරැම් චේතනාවක් ඇති සෑම කෙනෙකුම එම මිනීමැරුමට වගකිව යුතු වෙනවා.

 

නීතිපතිට එරෙහිව පොට්ට නව්ෆර්  නඩුවේදී, මිනීමැරුම මෙහෙයවල තිබෙන්නේ බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙක්. මිනීමැරුම ක්‍රියාත්මක කර තිබෙන්නේ සිරගෙයින් පිටත සිටි පිරිසක්. දුරකථන ඇමතුමක් මගින් කුමන්ත්‍රණය සිදු වූ බවට සාක්ෂි හමු වී තිබුනා. කුමන්ත්‍රණයට සහභාගී වූ අය සියලු දෙනාම මිනීමැරීමේ වරදකරැවන් බවට පත් වුනා.

 

නීතිය, පාර්ශවයන්ගේ චේතනාව සෝදිසි කර බලනවා. උදාහරණයකට, එක් පුද්ගලයෙක් ගසක මුදුනේ සෝදිසියෙන් සිටියදී, තවත් අයෙක් වින්දිතයා පැහැරගෙන ගොස් තවත් දෙදෙනෙකු ඔහුට පිහියෙන් ඇන මරා දමන ලෙසට සංවිධානය වී කටයුතු කලොත්; ඊට සම්බන්ධ සෑම කෙනෙකුම සමානව වගකිව යුතු වන අතර සියලු දෙනාටම නීතියෙන් දඬුවම් ලැබෙනවා. නීතිය බලන්නේ “ක්‍රියාකාරී සහභාගීත්වය” දෙසයි.

 

හානි කිරීම සහ බරපතළ තුවාල සිදු කිරීම මිනීමැරීමට සමානද? මොකක්ද වෙනස?

එය සමාන නැහැ, අවසාන ප්‍රතිඵලයේ වෙනසක් තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 310 කොටසට අනුව, යම් තැනැත්තකුට කායික වේදනාවක්, රෝගයක් හෝ දුර්වලතාවයක් සිදු කරන තැනැත්තා “තුවාල සිදු කළ ලෙස” සලකනු ලබනවා.

311 කොටසට අනුව, පුරුෂ ශක්තිය නැති කිරීම(අපෞරැෂායණය), එක් ඇසක පෙනීම නිත්‍ය ලෙස නැති කිරීම, එක් කනක ඇසීම නිත්‍ය ලෙස නැති කිරීම, යම් අවයවයක් හෝ ග්‍රන්ථියක් විනාශ කිරීම, යම් අවයවයක හෝ ග්‍රන්ථියක බලය විනාශ කිරීම හෝ නිත්‍ය ලෙස දුර්වල කිරීම, හිස හෝ මුහුණ නිත්‍ය ලෙස විරූප කිරීම, ඇටයක් හෝ දතක් බිඳීම හෝ ගැලවීම, ජීවිතය අන්තරාදායක තත්ත්වයකට පමුණුවන්නා වූ හෝ වේදනා විඳින්නා දවස් විස්සක කාලයක් තුළ බරපතළ කායික වේදනාවකින් සිටීමට හේතු වන අන්දමේ හෝ තමාගේ පුරුදු රැකිරක්ෂාවකට යාමට නො හැකි වන අන්දමේ යම් තුවාල සිදු කිරීම “බරපතල තුවාල” ලෙස  හඳුන්වා තිබෙනවා.

 

තම ශරීරයට හෝ වෙනත් කෙනෙකුගේ ශරීරයට හෝ තම දේපළට තර්ජනයක් ඇති අවස්ථාවක, ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්රියා කිරීම මිනීමැරීමේ වරදකට සමාන වෙනවාද?

 

ඔබේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කෙනෙක් මරණයට පත් කල හැකි නමුත් එයට සීමාවන් තිබෙනවා; ආරක්‍ෂාව සඳහා බලධාරීන් වෙත යාමට ප්‍රමාණවත් කාලයක් ඔබට තිබුනේනම්, පුද්ගලික ආරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට ඔබට හැකියාවක් නැහැ. ඒ හා සමානව ඔබට අවශ්‍ය ප්‍රමාණයට  වඩා හානියක් සිදු කරන්නත් හැකියාවක් නැත. ඔබව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බලය යොදවා ක්‍රියා කරන්න ඔබට පුලුවන්. ඔබ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා ඇති අයිතිය ඉක්මවා කටයුතු කලොත් ඔබ මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක වැරදිකරුවකු බවට පත්වෙන්න පුලුවන්.

 

මිනීමැරීමේ සිදුවීමක් දුටු අයෙකු කල යුතු දේ කුමක්ද?

 

මිනීමැරීම සිදු වූ ස්ථානයේ ඔබ දුටු සියලු විස්තර සටහන් කරගන්න. ඔබට ඒ මොහොතේ ඇතිවන කම්පනය නිසා වැදගත් තොරතුරු මග හැරීමේ ප්‍රවණතාවක් පවතිනවා. එම සියලු තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට ලබා දෙන්න.

 

මිනීමැරීමක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක්ව නීතිමය රාමුව මගින් ආරක්ෂා කරන්නේ කොහොමද?

 

වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනත මඟින් සාක්‍ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා අයිතිවාසිකම් දක්වා තිබෙනවා. ඔබට යම් තර්ජනයක් තිබෙනවා නම්, පොලිසියෙන් හෝ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අධිකාරියේ සහාය ලබා ගන්න පුලුවන්.

 

“Alibi” නොහොත්අන්යස්ථානිකභාවයකියන්නේ කුමක්ද? මිනීමැරුම් නඩු විභාගයකදී එය කෙතරම් වැදගත් ?

 

Alibi (නොතැනියාව) කියන්නේ පුද්ගලයෙක් අපරාධය සිදු වූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයේ නොව වෙනත් තැනක සිටි බව පැවසීමයි. එය අධිකරණයේදී ඔප්පු කර පෙන්වා දිය හැකිනම් පුද්ගලයාට එම අපරාධය කිරීමට ඇති හැකියාව එයින් බැහැර වෙනවා.

 

දරුවෙක් හෝ යෞවනයෙක් මිනීමැරුමක් සිදුකරන තත්වයක් පිළිබඳව නීතිය බලන්නේ කොහොමද? වැඩිහිටියෙකු විසින් දරුවෙක් යොදවා දරැවා නොදැනුවත්ව මිනීමැරුමක් සිදු කරන විට, එවැනි තත්වයක් පිළිබඳව නීතිය බලන්නේ කොහොමද

 

දරුවා ව්‍යවස්ථාපිත වයස් සීමාවට වඩා අඩු නම් ඔහු ව‍රදකරැවෙක් වෙන්නෙ නෑ. වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමයින් වගකිව යුතු නමුත් මිනීමැරුම සම්බන්ධයෙන් දරුවෙකුට මරණීය ඳණ්ඩනය නියම කරන්නෙ නෑ. වැඩිහිටියෙක් දරුවෙකුව භාවිතා කරන විට, වැඩිහිටියා වරදකරු වෙනවා.

 

වින්දිතයාගේ පවුලට වන්දි ඉල්ලන්න පුලුවන්ද සඳහා ඔවුන් සිවිල් නඩුවක් ගොනු කළ යුතුද?

 

ඔව්, ඔවුන් සිවිල් නඩුවක් ගොනු කළ යුතුයි. සෑම අපරාධයක්ම සමාජයට එරෙහි වරදක්.

 

මිනීමැරුම් නඩු බොහෝවිට මාධ්යයේ මැදිහත්වීමට ලක්වන අතර විත්තිකරු අධිකරණ තීන්දුව ප්රකාශයට පත් කිරීමට පෙර වැරදිකරු යැයි විනිශ්චය කරනු ලැබෙනවා. මෙහිදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

 

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය බොහෝ විට වාර්තා කරන්නේ පියවි ඇසට පෙනෙන දෙයයි. අධිකරණය සොයා බලන්නේ විත්තිකරු නීතියේ රාමුව තුළ කටයුතු කර තිබේද යන්න සහ එම පුද්ගලයා මිනීමැරුමක වැරදිකරු බවට සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී තිබේද යන්න යි. මුලදී ඇසි දුටු සැනින් යමක් විනිශ්චය කිරීම මිනිස් ප්‍රවණතාවක් වුනත් උසාවියේදී මෙය සිදු වෙන්නේ නෑ.

 

මෙම නීති ව්යවස්ථාදායකයේ වර්ධනයත් සමඟ අනාගතයේ දී වෙනස් වීමට ඉඩ ඇත.”

 

 

ඹබට සම්පූර්ණ සාකච්ඡාව ‘Law Students Association of Sri Lanka’ YouTube නාළිකාව ඔස්සේ, භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

 

පරිවර්තනය – අවිශ්ක ප‍්‍රනාන්දු.

ශ්‍රී  ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක.

 

 

දුක හංගගෙන හිනා වෙන්නෙ කොහොමද..?

2021 වසර පටන් ගත්තේ බොහෝ අභියෝගයන් සමගයි .විශේෂයෙන්ම මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය ඔබට, මට හරිම වෙහෙසකරයි. කෝවිඩ් 19 වෛරසය අපේ ජීවිතයත් සමග හොල්මං කරන්නට පටන් ගත්ත දවසෙ ඉඳන් අපිට නිවනක් නැහැ.

බොහෝ දෙනෙකුට ප්‍රියයන්ගෙන් වෙන් වීම්, ප්‍රියයන් මරණයට පත්වීම්, හදිසි අනතුරකින් ආබාධයට ලක්වීම්, දික්කසාද ,එදිනෙදා ජීවිතයේ වියදම් ,නිවාස ණය ගෙවන්නේ කොහොමද? මේ ආදීන් හේතුත් මත කෙනකු දැඩි සේ දුකට පත් වන්නට පුළුවන්. අපේ සිතට දුක ,සතුට ,ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය ,සාංකාව සියල්ල ඇතුළු වන්නේ නිරායාසයෙනි. එහෙමත් නැතිනම් අප නොදැනුවත්වය. දුක යනු මෙම හැඟීම් වලින් එකක් වුවත් බොහෝ වෙලාවට අප දුක සිතට හැංගෙනවා වැඩි . ජීවත්වීමේදී බොහෝ විට සතුටට සාපේක්ෂව දුක සමඟ කාලය ගත කරන්නට වෙනවා වැඩි. සතුට සහ දුක මේ හැඟීම් දෙක තමයි ජීවිතේ බොහෝ වෙනස්කම්වලට මුලපුරන හේතූන්. දුක නිසාම බොහෝ අයවලුන් මානසික පීඩාවන් අත්විඳිනවා. එහෙත් ඒ ගැන වැඩි දෙනා අවධානය යොමු කරන්නේ නැත . එවැනි තත්වයකදී යළි ජීවිතය ගොඩ නංවා ගන්න ඔබ කළ යුත්තේ කුමක්ද? අද මම ඔබට කියන්න යන්නේ ඒ පිළිබදවයි.

 

දැඩි මානසික පීඩනයකි දී මනස ක්‍රියා කරන හැටි

500+ Suicide Pictures & Images | Download Free Photos on Unsplash

 

Denial pace බොහෝ දෙනා මේ තත්ත්වය ගැන අසා නොතිබෙනවා වෙන්න පුළුවන්.මොකක්ද මේ denial pace කියන්නේ? විශාල කම්පනයක් හෝ දුකක් ඇති වුනහම එය ශාරීරිකව හා මානසිකව විවිධ ආකාරයට බලපායි. හිතන්න රිය අනතුරකින් හෝ කිසියම් ලෙඩක් වැලදි ඔබේ සැමියා ,බිරිඳ, දරුවා ,හෝ මව පියා නැති වුවහොත් ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? දරාගත නොහැකි දුකක් සහ කළකිරීමක් නේද? මේ අවස්ථාවේදී සිදුවූ දෙය මනස විසින් පිළිනොගන්නා අවස්ථාවක් ඇති වේ. මේ ප්‍රතික්‍රියාව සිදුවෙන්නේ පුද්ගලයා නොදැනුවත්වයි. උදාහරණ ලෙස දැක් වුවහොත් තම ආදරවන්තයා හෝ සිය සැමියාගේ වියෝව තමා පිළිගන්නේ නැහැ. මෙයට හේතුව මනසේ ඇතිවෙන විශාල කම්පාවයි. නැති වූ පුද්ගලයා තමා අසල සිටින බව දැනේ . ඔහු යළිත් තමා වෙත එයි යැයි බලාපොරොත්තුවෙන් සිටි. මේ තත්ත්වය සති තුන හතරක් පමණ කාලයක් මනසේ රැඳී තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය නිසාම සෑම මොහොතකම මියගිය පුද්ගලයා සිහියට නැඟේ. එම නිසා නිතර හඬා වැළපෙයි ,අධික ලෙස කේන්ති යයි , කෑම අරුචිය, බොහෝ වෙලා නිදා ගැනීම ,අසල තිබෙන බඩුමුට්ටු පොළොවේ ගැසීම වැනි මේ ආදී තත්ත්වයන් මතු වන්නට පුළුවන්. එහෙත් මෙය මානසික රෝගී තත්ත්වයක් නොවේ. හදිසියේම දරාගැනීමට වූ වියෝව මනසට දරාගන්නට බැරි වීමෙන් මෙවන් ගැටලු මතුවේ. එය දුක නැමැති ප්‍රතික්‍රියාවේ කොටසක්.

 

එම දුකෙන් අත් මිදීමට නම් කළ යුත්තේ කුමක්ද?

LP John Paramai, Author at Mind Stories

කෙසේ නමුත් ඉහත තත්ත්වයට මුහුණ දුන් හෝ මුහුණ දෙන අය අප අතර ඕනෑ තරම් සිටී. එහෙත් තම සමීපතයින්ගේ වියෝව කොතෙක් විඳ දරා ගැනීමට අපහසු වුවත් ඊට මුහුණ දුන් කෙනෙකුට ඒ ශක්තිය නිසාම ජීවිතය නැතිකර ගැනීමට නොහැකිය. ඔවුන්ට එහෙම සිදුකරගන්න සිතන්නේද නැහැ. කෙසේ නමුත් මනෝ විද්‍යාවේ පවසන ආකාරයට මෙවැනි සිදුවීමක් වූ පසු මාස හයක පමණ කාලයක් යන විට ටිකෙන් ටික පුද්ගලයා යථා තත්ත්වෙට පත් වෙයි. ඒ ඔබ නොදැනුවත්වම මනස විසින් ජීවිතය ගෙන යාමට අරමුණු සොයා දෙන නිසයි. එහෙත් මාස හයක කාලයක් කියන්නේ සුළුපටු කාලයක් නොවෙයි. මේ තත්ත්වයට පත්වෙන ඕනෑම කෙනෙකු ඉතා දුක්බරව තමයි කාලය ගෙවන්නේ . හිතන්න ඔබට මේ සිදුවීම අත් වූවා කියා. ඔබට මියගිය පුද්ගලයාව සෑම මොහොතකම සිහියට නැගී දෙනෙතට කඳුළු උනන්නට පුළුවන්. එහෙත් හැමදාම මියගිය පුද්ගලයා ගැන සිතමින් කාලය ගෙවන්නටද බැහැ. ඔබට අලුතින් ජීවිතය ආරම්භ කරන්නට වෙනවා. ඒත් ඒක සිතන තරම් සුළුපටු කාර්යයක් නොවේ. බොහෝ වේලාවන්වලදී පරිසරය අපගේ මනසේ තිබෙන පීඩාව දුරලන්නට සමත් වෙනවා.

ඔබ දන්නවාද යන්තම් බිම් කරුවල බිඳගෙන ඉර නැගගෙන එද්දී පරිසරයේ තිබෙන අපූරුව. ඒ අපූර්ව විඳමින් නිහැඬියාවේ පොඩ්ඩක් දෑස පියාගෙන හිත එකග වන භාවනාවකට විනාඩි කිහිපයක් වෙන් කරන්න. ඔබට නිරායාසයෙන් හිතට පහසුවක් දැනේවි. ඒ මොහොතෙම සිතන්න ඔබට දැනටමත් උරුම වෙලා තියෙන දේවල් ගැන . සිතට සතුටක් දැනෙනවා නේද? ඒ දේවල් වලට හදවතින්ම ස්තුති වන්න . ඔබට කිසියම් ආදායම් මාර්ගයක් තිබෙනවා, හිසට සෙවණක් තිබෙනවා ,කුසට ආහාරයක් සහ අදින්න ඇඳුම් බොහෝ තිබෙනවා. මේ දේවල් ගැන සිතා තමාට නැති වූ දේට වඩා තමාට තිබෙන දේ ගැන සිතා සතුට කියන කාන්දම සිතට ළං කරගන්න. ඔබට සතුටුදායක සිතුවිලිම ගලා ඒවි. ඒ වගේම ඔබට අහිමි වූ දේවල් ගැන සිතමින් තැවි තැවි කාලය ගත කරන්නට යන්නට එපා . පසුගිය අතීතය ගැන හිතලා තැවෙන්නට ද එපා. ඒක අපිට වෙනස් කරන්නට බැහැ. කතාවක් තියෙන්නෙ “උන දේ උනා වුනා, ගිය දේ ගියා, ඉස්සරහට මුහුණ දෙන්න” මේ වැකියේ තිබෙන්නේ ද මා ඔබට කියන්නට තනන දෙයයි.
අපිට ඇත්තටම උරුම වෙලා තිබෙන්නේ අපි ගෙවන මේ නිමේශය පමණයි නේද?

හදවතින්ම රැඳෙන්න, සතුට හිතෙන ධනාත්මක සිතුවිලි වලින් සිත පුරෝගන්න. පරිසරයට සොබාදහමට ලෙන්ගතුව ආදරය කරන්න. එහෙව් ආදරේකට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරන්න. එවිට මම කිව්ව සතුටු කාන්දම තව තවත් සතුටුදායක සිතුවිලි ඔබේ සිතට සමීප කරවයි.ඔබ සිතනවාට වඩා ඔබ හරිම වාසනාවන්තයි.

 

-මන්දාකිනි පතිරණ –

ලස්සන වෙන්න මිනිස්සු කරන බය හිතෙන දේවල් …

ලස්සන වෙනවානම් ඕනේ දෙයක් මුණේ උලාගන්න අපි ගොඩක් දෙනෙක් දෙපාරක් නම් හිතන්නේ නැහැ. මොකද ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනේ. කෙනෙක් කෑම බීම පාලනය කරලා කෙට්ටු වෙන්න උත්සහ කරනකොට තවත් කෙනෙක් දකින හැමදේම කාලා කොහොමහරි පොඩ්ඩක් මහත් වෙන්න උත්සහ කරනවා. ලංකාවේ කෙනෙක් මොනවහරි ආලේප කරලා සුදු වෙන්න උත්සහ කරනකොට විදෙස් රට වල අය එක එක දේවල් කරලා දුඹුරු සමක් ලබා ගන්න උත්සහ කරනවා.

ඉතින් මේ ලෝකේ හැමෝම රහසින් හරි මොනවම හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා ලස්සන වෙන්න. ලස්සන කියන දේ සාපේක්ෂ දෙයක් නිසා අපි කාටවත්ම කියන්න බැහැ මේ දේවල් කරන්න එපා, මේ විදිහ කැතයි කියලා. මේක තමයි ලස්සනම කියලා. ඔයාට කැතම දේ තව කෙනෙක්ගේ ලස්සනම දේ වෙන්නත් පුළුවන්.

එකී මෙකී නොකී ඕනෑම විදිහකින් ලස්සන වෙන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. මේ කියන්න යන දේවල් ඇහුවම ඔයාට නම් හිතෙයි ලස්සන වෙන්න මේ දේවල් කරන්න වෙනවා නම් සල්ලි දීල අවලස්සන වෙන එක හොදයි කියලා.

 

ආඳන් එක්ක නෑම

Eel exfoliation baths: what a raving mad idea | Beauty | The Guardian

හරිම අවුල් වගේ නේද?? ඔව් ඉතින් අවුල් තමයි. ලස්සන ගඟක මාළු එක්ක පීනනවා වගේ වැඩක් නම් නෙමෙයි මේක. ආඳා කියන්නේ සෙවල සහිත ලිස්සන සුළු මාලුවෙක්නේ. එහෙම මාළු ගොඩක් අස්සේ නාන එක කීයටවත් එච්චර සුන්දර අත්දැකීමක් නම් නෙමෙයි. චීනේ ඉන්න අය අතර ප්‍රසිද්ද තෙරපි ක්‍රමයක් වෙන මේ ආඳන් යොදාගෙන කරන සත්කාරයට පැන්සල් තරම් කුඩා ආඳන් ව තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම මේ ක්‍රමය ලස්සන පැහැපත් දීප්තිමත් හමක් ඇති කරගන්න ගොඩක් සාර්ථක ක්‍රමයක් කියල චීන්නු නම් කියනවා. හැබැයි මේ ක්‍රමයෙන් ටිකක් අවුල් ප්‍රතිපල ලබාදෙන්න වූනත් පුළුවන්ලු. ඒ කියන්නේ මේ මාළු ඉතා කුඩා සහ ලිස්සන සුළු නිසා සිරුර ඇතුලට යන්න උනත් අවස්තාව තියෙනවා. එහෙම අවස්ථා වාර්තා වෙලත් තියෙනවා. මේක රිස්කි ට්‍රීට්මන්ට් එකක් වූනාට ගාන නම් සෑහෙන්න වැඩියි කියල තමයි ආරංචිය. ඇත්තට ආඳන්ටත් ගිය කලක් නේද?

 

පටිපනුවන් ඇති කීරීම. (බඩවැල තුල)

tape worm weight loss ad FDA

An ad for tape worms promising weight loss. FDA/Flickr

ඊයා අනේ කියල තමයි හිතෙන්නේ. ඒත් කෙට්ටු වෙන එක අනික් හැම දේටම වඩා මුලට දාගත්ත අය නම් මේ වැඩේ කිසිම අපහසුවක් නැතුව කරනවලු. බර අඩු කරගන්න කොච්චර උනන්දු උනත් කෑම බීම පරිස්සමකින් තොරව භාවිතා කරද්දී අනිවාර්යෙන්ම දහනය වෙනවට වඩා කැලරි ප්‍රමාණයක් ඇඟ ඇතුලට යනවා. එත් ගොඩක් අය කම්මැලි කමටම එක්සසයිස් කරන්නේ නැතුව කෑම පාලනය කරලා කෙට්ටු වෙන්න තමයි ට්‍රයි කරන්නේ. ඔයත් කෙට්ටු වෙන්න උත්සහ කරලා තියෙනවා නම් මේක ඇත්ත කියල දන්නවනේ.

කම්මැලි කමට ඉදල කෙට්ටු වෙන්නත් හිතේ තියන් ඉන්න අයගේ හොදම ඔප්ෂන් එකක්ලු තමන්ගේ බඩවැල ඇතුලේ පටිපනුවෙකුට නවාතැන් පහසුකම් සපයන එක. හැම පටිපනුවම මේ වැඩේට හරියන්නෙත් නැහැලු. කොහොමහරි මේ අදාළ වර්ගයෙන් එක්කෙනෙක් හුරතලේට ඇති කරනවා වගේ බඩ ඇතුලේ ඇති කරන්න ගත්තොත් ඒ පනුවා අපි කන කෑම වලින් කොටසක් එයාගේ පරිභෝජනයට ගන්නවා. එතකොට කෙට්ටු වෙනවා කියල තමයි කියන්නේ. ඒ වුණාට කල් යද්දී මේ පණුව ඕනෑවට වඩා ලොකු වෙනවා. මේ වැඩේ ඉස්සර මිනිස්සු කරපු වැඩක්. මෙච්චර ෆැට් බර්නර්ස් තියෙන ලෝකේ පටිපනුවෝ හුරතල් කරන්න තරම් මෝඩ වෙන්නේ මොකටද නේද.

කොහොම වුණත් ඔයත් ව්‍යායාම නොකර නිකන්ම කෙට්ටු වෙන්න කැමති කෙනෙක් නම් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. හෝව් හෝව් මම පොඩි විහිළුවක් කළේ . ඒක එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි . මොකද මේ පටිපනුවෝ නිසා ආහාර අරුචිය, ඇඟ කෙට්ටු වීම, පාචනය, පෝෂණ ඌනතා, අන්ධ බව, වගේම මරණය වුණත් අත්වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කිවුවේ ඔයාගේ දැනගැනීම පිණිස පමණයි.

 

 

වැදැමහ යොදාගෙන හදන ආලේපන

34000mg Sheep Placenta Capsules Nutra Life Women Beauty Health Supplement Vitality Anti Aging Rejuvenate Jing Immunity Libido|Sets| - AliExpress

බයෝ කරපු අය දන්නවනේ මේ මොකක්ද මේ කියලා. මේ තමයි ගැබිණි ක්ෂීරපායි සතුන් තුල වැඩෙන කලලයට ඔක්සිජන්, පෝෂ්‍ය කොටස් පෙරලා ලබා දෙන්න වගේම කලලයේ බහිශ්‍රාවී කටයුතු වලට පිහිටලා තියෙන අවයවය. ජීවියෙක් බිහි වූනායින් පස්සේ මේ අවයවය වැඩක් නෑ. නමුත් මේ අවයවය තුල විවිද පෝෂක කොටස් අන්තර්ගත වෙලා තියෙනවා කියල ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විවිධ ආලේපන වර්ග හදන්න යොදාගන්නවා. මේකට බහුතරයක් සමාගම් යොදාගන්නේ බැටළු වැදැමහ. සමහර විට මිනිස් ඒවත් භාවිතා වෙනවලු. කොහොම භාවිතා වූනත් මේක ලස්සන වෙන්න සුදුසු ක්‍රමයක් කියල නම් තවම කිසිම පරීක්ෂණයකින් හොයාගෙන නෑ. මේ තුල අන්තර්ගත හෝමෝන නිසා මේවා යොදාගෙන හදන ආලේපන වලින් මිනිස් සිරුරේ හෝමෝන වෙනස් වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියල නම් අනතුරු අගවල තියෙනවලු. කෝකටත් හොඳයි මේ වගේ දේවල් භාවිතා කරන්නේ නැතුව එළවළුවක් පළතුරක් කාල ලස්සනට ඉන්න එක.

 

ගොලුබෙල්ලෝ ෆේෂල්

Top 10 weird spa treatments

මේ ෆේෂල් එක ගැන නම් දැන් අවුරුදු කිහිපයකට කලින් සෑහෙන්න කතා වූනා. සමහර විට ඔයා මේ ගැන නම් දන්නවත් ඇති. ගැහැණු පිරිමි අපි හැමෝටම කරන්න පුළුවන් එක එක ජාතියේ ෆේෂල් ඕනෑතරම් තියෙනවනේ. එත් ගොළු බෙල්ලෝ? ගොළු බෙල්ලෝ කිව්වම ඉතින් ස්ත්‍රී පාර්ශවයට තමයි වැඩිම පිළිකුලක් එන්නේ, හැබැයි මේ ට්‍රීට්මන්ට් එක වැඩියෙන් කරගන්න උනන්දුත් එයාලම තමයි. ඉතින් තේරෙනවනේ නේද ලස්සන වෙන්න තියෙන වුවමනාව.

මේ ක්‍රියාවලියේදී වෙන්නේ ඔයාව හාන්සි කරවලා ගොලුබෙල්ලෝ සෙට් එකක් මුණ උඩින් තියනවා. එයාලට පොඩ්ඩක් ජොගින් කරලා වොර්ම් අප් වෙන්න. අපිට කොහොම මේක බලපෑවත් ගොළු බෙල්ලන්ට නම් හොදයි. මොකද සෑහෙන වෙලාවක් ඇවිදින්න හම්බවෙනවනෙ. හැබැයි මෙයාල එහෙම හෙමින් හෙමින් මුණ පුරා ඇවිදගෙන යනකොට ශ්‍රාවය වෙන සෙවල වලින් වයසට ගිය ලක්ෂණ හංගන්න පුළුවන් කියල තමයි විශ්වාස කරන්නේ. ස්ට්‍රෙච් මාක්ස්, කුරුලෑ, ලප කැළැල් ඔය මුණේ තියෙන හැම ප්‍රශ්නෙකටම හොදයි කියල තමයි කියන්නේ. (නෑ නෑ ගොලුබෙල්ලෝ නෙමෙයි කියන්නේ මේ ට්‍රීට්මන්ට් එක හොයාගෙන තියෙන අය) හැබැයි විද්‍යාවෙන් නම් මේ මොනවත් ඔප්පු කරලා නෑ.

ගොලුබෙල්ලෝ මුණ පුරා දුවන එක අප්පිරිය අය වෙනුවෙන් ගොලුබෙලි ශ්‍රාවය අන්තර්ගත නිෂ්පාදන වෙලදපොලේ තියෙනවා. කැමති අය ඔය මල් ගස් අස්සේ එහෙම ඉන්න ගොලුබෙල්ලෙක් දෙන්නෙක් අල්ලන් මුණ උඩ තියන් ඉදල බලන්න. වයස යන එකට හොදද කියල බලන්න ගෙවල් වල ඉන්න ආච්චි අම්මලාගේ මූණු උඩ එහෙම ගොලුබෙල්ලෝ තියනවා එහෙම නෙමෙයි ඔන්න.

 

ගව ශුක්‍රානු

BULL SPERM: Scientific Breakthrough Shows Why It Helps In Rapid Hair Growth - MojiDelano.Com

අප්පිරියයි කියල නිකං ඉන්නද. ලස්සන වෙන එක ඊට වඩා ලොකුයිනේ. ඔයත් එහෙම හිතනවා නම් අත්හදා බලන්න. මේවා හෙයා මාස්ක් වලටයි තව කොණ්ඩෙට කරන එක එක සත්කාර වලටයි යොදාගන්නවා.

ගව ශුක්‍රානු වල අධික ප්‍රෝටීන් සංයුතියක් තියන නිසා කොණ්ඩෙට හොදයි කියල තමයි මේ ට්‍රීට්මන්ට් කරන අය කියන්නේ. දැන් ඉතින් ගොවිපලවල් ලග බෝඩ් එහෙම දායි සුමුදු දිගු රන්වන් කෙස් කලබකට වෘෂභ තෛලය කියල එහෙම. ඒ නිසා පරිස්සමෙන්.

සැ.යු – මේ කොරෝනා ජර මර අස්සේ ගෙදරට කොටු වෙලා ඉන්න ඔයාලට මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියල කරපු පොඩි දැනුවත් කිරීමක් විතරයි මේ. මේවා කරන්න කියල නම් අපි කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේම ලංකාවේ නොවුණට මේ වගේ ගොඩක් දේවල් ලෝකේ පුරාම සිද්ධ වෙනවා. මේ වගේ තවත් බියුටි සීක්‍රට්ස් ඔයත් දන්නවා නම් ඒ ගැන පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

එස් . තත්සරණී

Vegan desserts කන්න හොඳම තැන Lucuma Vegan Café….

Lucuma Vegan Café කියන්නේ කොළඹ අලුතින් කතාබහට ලක්වෙන dessert spot එකක්. ඉතින් අපි හිතුවා මේ brand new café එකේ vegan creations වල රස බලන්න. Lucuma Café එකේ game-changer එක තමයි එයාලගෙ තියෙන dessert range එක. ඔයා non-vegan වුණත් අනිවාර්යයෙන් මෙයාලගෙ treats වලට ඕනම කෙනෙක් impress වෙනවා. ගොඩක් items ඇත්තටම ටිකක් මිලෙන් අධිකයි. නමුත් භාවිතා කරන high-quality ingredients සහ in-house food making process එක නිසා demand එක වැඩී. ඒ වගේම බිත්තර වෙනුවට Aquafaba භාවිතා කරනවා. හැම treat එකක්ම gluten-free, white sugar-free, eggs සහ lactose-free.

Drinks

Cappuccino Vegan Coffee with Caramel (LKR 630)

මේ drink එක decent වගේම frothy drink එකක්. කැරමල් එකේ thick texture එකක් තිබුණා. ඒ නිසා මට තවත්  order කරන්න හිතුනා. ඇත්තටම මීට වඩා රස Coffee වෙන තැන්වල තියෙන්න පුළුවන්. නමුත් මේක vegan beverage එකක් විදියට ගොඩක් හොඳයි. Cup එක ටිකක් අමුතු වුණත් හරිම cute.

Starters

Soup

Pumpkin Cream Soup with Mango, Pistachio and Sweet Corn (LKR 990)

මේ සුප් එක අපිව ඇත්තටම තෘප්තිමත් කලා කිව්වොත් නිවැරදී. ක්‍රන්චි රසට හැපෙන pistachio සහ වට්ටක්කාවල රසට මේ සුප් එක cmplete කලා කිව්වොත් හරියටම හරි.
Simple presentation එක සහ පාට ඇත්තටම සුප් එකේ quality එක වැඩි වෙන්න හේතුවක් වෙලා තිබෙනවා.

Salad

Beet and Nori Salad (LKR 1,200)

මේ Russian style salad එක beetroot, nori, avocado, carrot, potatoes සහ vegan homemade mayonnaise එකතු කරගන තමයි සාදා තිබෙන්නේ. මම නම් ගොඩක් කැමති වුණේ presentation එකට. Flavours ගානට balance කරලා තිබෙනවා. ඔයත් Salad එක try කරලා තියෙනවනම් ඔයාගෙ ඇත්දැකීම් අපිට අනිවාර්යයෙන් comment කරන්න අමතක කරන්න එපා.

Mains

Chickpea Frittata (LKR 990)

මේ frittata එකනම් මගේ expected flavour එකට ගැළපුනේ නැහැ. කටට දැනෙන රසට මම වැඩිය කැමති වුණෙ නැහැ. නමුත් salad එකනම් impressive. නැවුම් එළවළු, චෙරි තක්කාලි, දෙළුම් ඇට යොදාගන තිබුණ නිසා salad එක ඇත්තටම රසවත් වලේම presentation එකත් ලස්සනයි.

Desserts

Pistachio Raspberry (LKR 1,050/PC)

මේ කේක් එකේ රසනම් ඇත්තටම හිතා ගන්න බැහැ. විශේෂයෙන්ම කියන්න ඕන cake එක සම්පූර්ණයෙන්ම vegan. ඒ වගේම gluten-free, lactose-free සහ white refined sugar-free. මට හිතාගන් බැහැ මේ කේක් එක මේච්චර රසවත් වුණේ කොහොමද කියලා. කේක් එක රස වෙන්න හේතුව කිසිම පැකිලීමක් නැතුව owner අපිට explain කලා. Pistachio cream, raspberry compote, almond flour සහ white vegan chocolate කියන්නේ මේ කේක් එක හදන්න ගන්න high-quality ingredients. ඔයා dietary restrictions වල ඉන්නවනම් මේ කේක් එක ඔයට නියමට ගැළපෙනවා.

Wagon Wheels (LKR 475/PC)

Crunchy එකට හැපෙන මේ කුකී එක cashew custard cream සහ raspberry jam වලින් fill කරලා තමයි තිබුණේ. ඒ වගේම organic vanilla extract වලින් රස ගන්වලා Dark Belgian chocolate සහ soft coconut crunch වලින් කුකී එක Cover කරලා තිබුණා.
Chia raspberry jam එක කුකී එකේදී රසවිදින්න තරම් ලැබුනෙ නැහැ. ඒ වුණාට සමස්තයක් වශයෙන් මේ කුකී එක මම enjoy කළා.

 

White Cashew Chocolate with Strawberry (LKR 1,570)


හුඟ කාලයකට පස්සෙ මම කෑව හොඳම chocalate එකක් කිව්වොත් නිවැරදී. මිල ටිකක් වැඩි වුණත් මේ වගේ තත්ත්වයෙන් උසස් vegan chocolate bar එකක් ඔයාට හොයාගන්න බැරි වේවි. මේ චොකලට් එක හදන්න යොදාගන තියෙන්නේ Cashew butter, strawberry powder, cocoa butter, coconut milk powder සහ coconut suga.

Chocolate Strawberry Candy (LKR 360/PC)

මේ desserts ඇත්තටම වේගන් කියලා විශ්වාස කරන්නත් බැරි වුණා. Crunchy almond chocolate සහ strawberry almond praline වලින් ලේයර් කරලා වේගන් චොකලට් ග්ලේස් වලින් තමයි මේ dessert එක හදලා තියෙන්නේ. ඇත්තටම මේ Chocolate Strawberry Candy එක මම ගොඩක් enjoy කලා.

Ambience

Lucuma Vegan Café එක නගරයට තවම අලුත්. Cambridge Terrace හි තිබෙන මේ කැෆේ එකේ එකවර පුද්ගලයන් 25-30කට ආසන ගන්න හැකියාව තිබෙනවා. කාර්යමණ්ඩලය හරිම සුහදශීලී වගේම සමහර විට ඔයට එයලගෙ රසවත් healthy coconut sugar වල රස බලන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. ඔයාට පුළුවන් UberEats හරහා මේ vegan goodness රසවිදින්න.

ව්‍යායාම කරද්දි ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න…

බොහෝමයක් තරුණියන් ගේ ලොකුම සිහිනය වන්නේ ආකර්ෂණීය සිහින් සිරුරකට හිමිකම් කියන්නයි. ඒ සඳහා ඔවුන් විවිධ වූ ව්‍යායාම වල නිරත වන්නට පුරුදුව සිටිනවා. ව්‍යායාමය, කායික හා මානසික ආතතිය දුරලන්නට ද සමත් වෙනවා. ව්‍යායාම කිරීම සඳහා වෛද්‍යවරුන් දිනකට විනාඩි 30 ගානේ සතියකට දවස් පහක් නිර්දේශ කරනු ලබනවා. අප ගන්නා ආහාර වල පෝෂපදාර්ථ ශරීරය විසින් උරාගෙන මාංශ පේශි හට ලබා දෙනවා. එමගින් මාංශ පේශී වර්ධනය වන්නට පටන් ගනී. මාංශ පේශී වෙහෙසා වැඩ නොකිරීමෙන් ශරීරය තරබාරු වෙ. ඒත් සමහර ව්‍යායාම ඉරියව් ශරීරයට හානි සිදුකරනවා. එවැනි වැරදි ඉරියව් අනුගමනය කර ව්‍යායාම කිරීමෙන් කිසිදු වාසියක් අත්වන්නේ නැහැ. මේ අනවශ්‍ය මාංශ පේශීන් අඩු කරගන්න නිවැරදිව ව්‍යායාම වල යෙදෙන්නේ කෙසේද? අද මම ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්.

 

මුලින්ම ඔබ සිරුර උණුසුම් කරගන්න.

It all starts with a warm-up! - CloudHospital

සාමාන්‍යයෙන් අප ව්‍යායාම වල නිරත වෙන්නට පෙර ශරීරය උෂ්ණත්වය වැඩි කර ගත යුතුයි. මන්ද යත් එකවිට ශරීරයට ව්‍යායාම දරා ගැනීමට අපහසු වන නිසා ඔබට අනතුරු වෙන්න ඉඩ තිබෙනවා. මෙම නිසා ශරීරය උණුසුම් කරන ව්‍යායාම වල පළමුව නිරත වන්න. අප ශරීරය තුළ හොඳින් රුධිරය ගලායන්නේ ශරීරයේ උණුසුම රැඳුන වෙලාවටයි . එම නිසාම ශරීරය උණුසුම් කරන ව්‍යායාම වල විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් නිරත වන්න. එකතැන සෙමින් දිවීම, අත් පා සෙලවීම, එහා මෙහා ඇවිදීම, පසුව ඇවිදීමේ වේගය මදක් වැඩි කර ශරීරය හොඳින් උණුසුම් කරගැනීම.

 

ව්‍යායාම කරන විට කතා කරන්න එපා.

No One Is at the Gym to Talk to You

ඔබ ව්‍යායාම වල නිරත වන්නේ ව්‍යායාම මධ්‍යස්ථානයක නම් අන් අය සමඟ කතා කරමින් ව්‍යායාම වල නිරත වන්නට එපා. මොකද ව්‍යායාම කිරීමේ නිසි ප්‍රයෝජනය ඔබට ලබා ගන්නට බැරි වෙන නිසා මනස නිරවුල්ව තබා ගෙන ව්‍යායාම වල නිරත වන්නේ නම් එය ඔබට වඩාත් ඵලදායක වේවි . සැහැල්ලු සංගීතයකට කන් යොමාගෙන ව්‍යායාම් කරන්නේ නම් මනස නිරායාසයෙන් සැහැල්ලුවට පත්වේ. අවධානය වෙනතකට යොමු නොකර ව්‍යායාම කරනවා නම් වඩාත් ප්‍රතිඵලදායකයි.

 

නවත්ත නවත්ත ව්‍යායාම කරන්නට එපා.

“දිනපතා ව්‍යායාම අවශ්‍යයි.”ඊයෙ කරපු නිසා අද ඕනෙ නැහැ. ආයෙත් හෙටම කරනවා. මේ දවස් වල දිගටම කරා ටික දවසක් නිකන් ඉන්නවා.”
මේ ආකාරයට හිත හිත ඔබ ව්‍යායාමයේ නිරත වුවහොත් ඔබ මෙතෙක් කල් ලබාගත් ප්‍රතිඵල අහිමිවන්නට පුළුවන්. එසේම ඔබ කර කර සිටි හෝ අතරමග නවතා දැමූ ව්‍යායාමයක් නැවත මුල සිට ආරම්භ කරන්නට සිදු වෙනවා . කෙසේ නමුත් වෛද්‍යවරුන් පවසන්නේ යම්කිසි කාලසීමාවක් නොකඩවා ව්‍යායාම වල නිරත විය යුතු බවයි.

අධික බර යොදා ව්‍යායාම නොකරන්න.

ඔබ බර ඉසිලිය යුත්තේ ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශකයට අනුව යි .ඔබ ඒ ගැන දැනුවත් නැතිනම් ඔබ ව්‍යායාම කරන ස්ථානයේ පුහුණු කරු ගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් ඒ පිළිබඳව මනාව උපදෙස් ලබාගන්න. දරාගත නොහැකි පරිදි බර ඉසිලීමට යන්නට එපා. එමගින් ඔබේ ශරීරයේ මාංශ පේශීන් ඉරීමකට ලක්වෙන්න පුළුවන්. තවද අස්ථි ඇදවිමක් සිදුවන්නටත් පුළුවන්. එම නිසාම බර ඉසිලීමේ දී නිවැරදිව ක්‍රම අනුගමනය කරන්න.

 

තරඟයට ව්‍යායාම කරන්නට යන්න එපා.

4 Things I Wish I Knew Before I Started Lifting Weights | SELF

 

“අරයගෙ ඇඟ මට වඩා හැඩයි,” වැඩි කාලයකුත් නැහැ ව්‍යායාම කරන්නට පටන් අරන් . මේ ආකාරයට එකිනෙකා හා සංසන්දනය කර බොහෝ වේලා එකම ව්‍යායාමයක නිරත වන්නට එපා. එය ඔබේ ශරීරයට බලපෑම් සිදු කරන්නට පුළුවන්. ඇතැම් විට කලාන්තය සහ මහන්සියක් දැනෙන්නට පුළුවන්. එම නිසා තමන්ට හැකි පරිදි සහ තම ශරීරයට ව්‍යායාම වල යෙදෙන්නට පුළුවන් කාලයක් තුළ පමණක් ව්‍යායාම වල නිරතවන්න. ශරීරයට ගැලපෙන පරිදි ව්‍යායාම වල නිරත වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්.

 

ව්‍යායාම කිරීමට කාලය වෙන් කර ගැනීමට නොහැකි නම්?

සැහැල්ලු ව්‍යායාම වල නිරතවන්න. ඔබ රැකියාවක නිරත වන අයෙක් නම් කාර්යාලයට යන අතරතුර විදුලි සෝපානය නැතිව පඩිපෙළ භාවිතා කරන්න. ඔබ ඔබේම වාහනයකින් කාර්යාලයට පැමිණෙන්නේ නම් කාර්යාලයට ඈතින් වාහනය නතර කර කාර්යාලය දක්වා ඇවිදන් එන්න. මෙන්න මේ ආකාරයෙන් එදිනෙදා ඔබට සැහැල්ලු ව්‍යායාම වල නිරත වන්නට පුළුවන්. එම නිසා ව්‍යායාම කිරීමට කාලය වෙන්කර ගැනීමට අපහසු වන සෑම අවස්ථාවකම මේ ආකාරයට සැහැල්ලු ව්‍යායාම වල යෙදෙන්න.

 

ආහාර වලින් පසු ව්‍යායාම

Aesthetics Diet And Workout Plan: Getting Cut Fitness Model-Style

ආහාර ගැනීමෙන් පැය එකහමාරක් දෙකක් පසුවී ගියාට පසු ව්‍යායාම කිරීම තමයි සෞඛ්‍යයට හිතකර වන්නේ. මන්දයත් ආහාර ගැනීමෙන් පසු ශරීරය තුළ ආහාර ජීරණයට රුධිර සැපයුම යොමු වී ඇති නිසයි . ආහාර ගැනීමෙන් පසුව ඒ ගමන්ම ව්‍යායාම සිදුකළොත් කෙන්ඩා පෙරලීම, අත් පා රුදාව වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. එම නිසා සැහැල්ලු ආහාරයක් ගෙන ව්‍යායාම කිරීමෙන් මෙවැනි තත්ත්වයන් මඟහැර ගන්නට පුළුවන්. මේ නිසා ඔබ ව්‍යායාම කිරීමේදී ශරීරයට සරිලන ලෙස ව්‍යායාම වල නිරතවන්න. සෑම විටම සුළු ආහාරයක් ගෙන ඊට පසුව ව්‍යායාම වල නිරත වෙනවා නම් ඔබට වඩාත් කාලයක් ව්‍යායාමයේ නිරතවන්නට පුළුවන් වනවා. පහසුවෙන්ම ඔබේ ශරීරය හසුරවන්නට ද පුළුවන් වෙනවා. මෙම නිසා ශරීරයට ඔබ කරන ව්‍යායාමයෙන් වඩාත් ප්‍රතිඵලයක් හිමිවනවා.

මෙම නිසා සෑම විටම ඔබේ සිරුරට සරිලන පරිදි ව්‍යායාම කරන්න එමගින් ඔබගේ සිරුර නිරෝගී ශක්තිමත් හා හැඩති සිරුරක් බවට පහසුවෙන්ම පත්වේවි.

තොරතුරු – අන්තර්ජාලය ඇසුරිනි

මන්දාකිණි පතිරණ.

ස්භාවිකවම හිස්සොරි ඉවත් කරගමුද..?

හිස්සොරි කරදරය අපගේ එදිනදා ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවක් වෙනවා කිව්වොත් නිවැරදී. අපි වැදගත් ගමනක් යනකොට ඇඳුම් වල සහ හිසේ හිස්සොරි පෙන්න ගන්නකොට අපි අපහසුතාවයට පත්වෙනවා. ඒ වගේම හැමවෙලේම ඔලුව කසන එකත් අපිව අපහසුතාවයට පත්කරනවා. පොදු මතයක් තියෙනවා හිස්සොරි ඇතිවෙන්නේ වියළි සම නිසා කියලා. මේක බොරු මතයක්. ඇත්තටම හිස්සොරි ඇතිවෙන්නේ ගොඩක් තෙල් සහිත සමක. අපේ සමේ ජීවත්වන යීස්ට්, සමෙහි ඇති තෙල් වලින් පොෂණය වෙමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේට තමයි හිස්සොරි කියන්නේ.

ඉතින් මේ හිස්සොරි කරදය ඉවත් කරගන්න ලොකු මුදලක් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ගැස්ම අපි අද කියලා දෙන්නම් ලෙහෙසියෙන්ම හිස්සොරි කරදරය ඉවත් කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම කියන්න අවශ්‍යයි ස්භාවික දේවල් වුණත් මේ දේවල් භාවිතා කරන්න කලින් patch test එකක් කරන්න අමතක කරන්න එපා.

“ඔබ කිසිඳු අමුද්‍රව්‍යයක් ඔබේ හිසට හෝ සමට ආලේප කිරීමට පෙර, ආසාත්මිකතාවයක් නොමැති බවට වග බලා ගැනීම සඳහා පැච් පරීක්‍ෂණයක් කරන්න. ඔබ භාවිතා කරන මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ හිස මත සහ සමේ මැණික් කටුවේ කුඩා ප්‍රෙද්ශයක ආලේප කර විනාඩි 10-15 අතර කාලයක් සෝදා පැය 24 ක් සිටින්න.

පැය 24කට පසු ඔබේ මැණික් කටුව අසල සම කැසීම, පිළිස්සීම හෝ රතු පැහැ වීමකින් තොරව නොවෙනස්ව පවතී නම් එයින් අදහස් වන්නේ ඔබට එම ද්‍රව්‍යයන්ට ආසාත්මිකතාවයක් නොමැති බවයි. පැය 24 කට පසු සමේ තත්ත්වයේ වෙනසක් ඔබ දුටුවහොත් එම මිශ්‍රණය ඔබේ හිසට හෝ හිස කෙස්වලට ආලේප නොකරන්න”

 

01-දොඩම් ලෙලි සහ දෙහි යුෂ

5 Homemade Orange Peel Face Packs For Glowing Skin | WomensOK.com

දොඩම් ලෙලි වල කැල්සියම්, මැග්නීසියම්, විටමින් C සහ ආහාර තන්තු අන්තර්ගතවෙන අතර හිස්සොරි අවම කරන්න හැකි ගුණයක් අඩංගුවෙනවා.

මිශුණය සාදාගන්නා ආකාරය

දොඩම් ලෙලි භාජයටකට දමන්න එයට දෙහි යුෂ එකතු කරන්න.

අමුද්‍රව්‍ය පේස්ට් එකක් වෙනතුරු ග්‍රයින්ඩ් කරගන්න

පේස්ට් එක හිස්කබලේ හොඳින් ආලේප කර විනාඩි 30ක් තිබෙන්න හරින්න.

ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

02-උළුහාල්

Remove Dandruff Completely With Fenugreek Seeds || #DIY Home Remedies -  YouTube

උළුහාල් වල anti-inflammatory, antimicrobial, සහ antioxidant properties අඩංගු වෙනවා. හිස්සොරි නැතිකරන උළුහාල් මිශ්‍රණය සදාගන්නා ආකාරය,

උළුහාල් මිටක් වතුර භාජනයකට දමා රාත්‍රියක් පෙගෙන්න තබන්න.

උදෑසන උළුහාල් ටික පෙරාලන පේස්ට් එකක් වෙනකන් පොඩිකරගන්න. එයට දෙහි යුෂ ටිකක් එකතු කරගෙන් හොඳින් මිශ්‍රකරගන්න.

මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 30ක් තිබෙන්න හරින්න.

ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

03- කෙසෙල් සහ විනාකිරි

How To Keep Bananas Fresh & Flavorful With These 9 Hacks

ලොකු කෙසෙල් ගෙඩියක් සහ ඇපල් සයිඩර් විනාකරි කෝප්ප දෙකක් මේ සදහා ඔයාට අවශ්‍ය වෙනවා. භාජනයකට ලෙලි ගැසූ කෙසෙල් ගෙඩිය සහ විනාකිරි ටික එකතු කරලා පේස්ට් එකක් සදාගන්න. සදාගත් මිශ්‍රණය හිසෙහි ආලේප කර සෙමින් සම්භාහනය කරන්න. විනාඩි 20කට පසු උණු වතුර සහ ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

04- පොල් තෙල් සහ දෙහි

Use of lemon and coconut oil to beautify the beauty of hair and face |  NewsTrack English 1

පොල්තෙල් මේස හැඳි 2ත් රත් කරගෙන් සම සම ලෙස දෙහියුෂ සමග මිශ්‍රකරන්න.

මිශ්‍රණය හිස්කබලේ ආලේප කර හිසකෙස් සෙමින් සම්භාහනය කරන්න.

විනාඩි 20ක් තිබෙන්නට හැර ෂැම්පු මගින් සොදා හරින්න.

 

05- යෝගට් සහ දෙහි යුෂ

Creamy Lemon Yogurt | Recipes | Cook for Your Life

ඕනෑම හිසකෙස් වර්ගයකට යෝගට් ළුලදායී  ලෙස ක්‍රියාකරන බව තමයි පර්යේෂණ වලින් සොයාගන තිබෙන්නේ. යෝගට් දෙහි යුෂ සමග මිශ්‍රකර හිසකෙස් වල ආලේප කර විනාඩි 20ක් පමණ තබා මද රස්නෙ වතුරින් සෝදා හරින්න.

 

06- සුදුළුණු සහ මී පැණි

Garlic and Honey: Proven Benefits, Uses, Recipes, and Side Effects

සුදුළුණු බික් දෙකතුනක් අරගෙන මී පැණි මේස හැඳි එකක් සමග පේස්ට් එකක් වනතුරු මිශ්‍රකරගන්න. සදාගත් මෙම මිශ්‍රණය හිසකෙස් මුල හොඳින් ආලේප කර විනාඩි 15ක් තබන්න. ඉන්පසු ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න. මෙය හිස්සොරි කරදරෙන් මිදෙන්න හොඳ විසදුමක් බවට පරේෂකයන් පවසනවා.

-තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්-

කේන්ති ගියාම ගෙදර බඩු පොළවේ ගහන්න හිතෙනවද..?

දරාගන්න බැරි කේන්තියක් ආවම, ඒ කේන්තිය පාලනය කරගන්න අපි එක එක විදිහේ ක්‍රියාකාරකම් කරනවා. මේ හුඟක් දේවල් අපි කරනවාට වඩා “කෙරෙනවා” කිවුවොත් නිවැරදියි. මොකද හේතුව ඇත්තටම ඒ හුඟක් අවස්ථාවල අපි කරන්නෙ මොකක්ද කියන දේ ගැන අවබෝදයක් නැහැ. කේන්ති නිවිලා ගිහින් සන්සුන් වුනාට පස්සෙයි බොහෝවිට ඒ මොහොතේ කළ කි දේවල් ගැන අවබෝද වෙන්නෙ. මේ තත්වය ඉතාම බරපතල අවස්ථාවන් පවා ඇතිකරවිය හැකියි. පවුල් ජීවිත ඇතුලේ, ගෙදර බහින්බස්වීම් වලදී වගේම ගෙදරින් පිටත සමාජයේදී, කාර්යාලයේදී, මිතුරන් සමග සමාගමේදී පවා මේ විදිහට කේන්තිය පාලනය කරගන්න නොහැකි පුද්ගලයින් අපේ සමාජයේ ඕනෑ තරම්. මේ අයගේ ක්‍රියාකාරකම් අතර සුලබම දෙයක් තමයි බඩු පොළවේ ගැසීම, නැතිනම් විසි කිරීම. තමන්ගේ ලඟපාත සිමාවේ තියෙන ඕනෑම දෙයක් කැඩී බිඳී යන විදිහට පොළවේ ගැසීම හෝ විසි කිරීම මෙතැනදී ඔවුන් සිදුකරනවා. හැබැයි මේ විදිහට බඩු පොළවේ ගහල කුඩු කරලා, කේන්තිය නැතිනම් ආතතිය සමනය කරගන්න වෙනමම “බඩු පොදිකරන තැන්” හදල තියෙනවා කිවුවොත් ඔබ තරමක් පුදුම වෙන්න පුළුවන්.

ලෝකයේ හුඟක් අලුත් දේ සොයා ගනිමින් ඉදිරියට යනවා. මේ සිද්දියත් එවැන්නක්. කේන්ති ගියහම හුඟක් දෙනෙක් කරන මේ බඩුමුට්ටු පොඩි කිරීමේ ක්‍රියාකාරකම නිවැරදිව කරමින් තමන්ගේ ආතතිය කළමනාකරණය කරගන්න ජනතාවට අවස්ථාව ලබාදීම වෙනුවෙන් වෙනමම සකස් කළ ස්ථාන නිර්මාණය වෙන්නෙ 2008 හෝ ඊට ආසන්න කාලයක සිට බවයි තොරතුරු වාර්තා වන්නේ. Rage room, Smash room නැතිනම් Anger room කියලත් මේ ස්ථාන හඳුන්වනවා. මුලින්ම ජපානයෙන් මේ සංකල්පය ආරම්භ වූ බවට තොරතුරු වාර්තා වුනත් මේ වෙනකොට ලෝකය පුරා විවිධ රටවල ව්‍යාපාරයක් විදිහට මේ සංකල්පය ක්‍රියාත්මක වනවා. ඒ වගේම මේ Rage room කළමනාකරණය කරන ව්‍යාපාරික ස්ථානවලට හොඳ ඉල්ලුමක් තියෙන බවත් අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා.

මේවා නිර්මාණය කරද්දී ගෙදර සාලය, පැන්ට්‍රි එක, නැතිනම් සම්පූර්ණ හිස් කාමරයක් මේ නොයෙක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඇති තරම් කෑ ගසමින් කුඩුපට්ටම් කරන්න අවශ්‍ය බඩුත් මේ කාමර වල තබා තිබෙනවා. ඊටත් අමතරව කාටහරි ගණුදෙනු කරුවකුට තමන්ට කුඩු කරන්න අවශ්‍ය භාණ්ඩ ගෙදරින් අරගෙන යන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙනුත් පහසුකම් සලසා තිබෙනවා. මේ Range room එකකට යන ඕනෑම කෙනෙකුට ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක්, සහ හිස ආවරණය කරගන්න හෙල්මට් එකක් ලැබෙනවා. ආරක්ෂාව තහවුරු කිරීම මේ සංකල්පයේ වැදගත් අංගයක්. ඊට පස්සේ ඇතුලට ගිහින් තමන්ගේ කේන්තිය, ආතතිය නිවෙන තෙක් බඩුමුට්ටු පොඩි කරන්න ගණුදෙනු කරුවන්ට අවස්ථාව ලැබෙනවා. ලෝකය පුරාම මේ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් පවතින බව සඳහන් වනවා. නමුත් මෙතැනදී බොහෝ විට වැඩිහිටි නැතිනම් වයස අවුරුදු 18ට වැඩි පිරිසට තමයි මේ කටයුත්ත කළ හැකි වන්නේ. ඊට අඩු කෙනෙකුට අවශ්‍ය නම් වැඩිහිටියකු සමග ඔවුන්ගේ එකඟතාව මත පමණක් Rage room එකක් භාවිතා කළ හැකියි.

මේ සංකල්පය මනෝ විද්‍යාත්මකද..? මේ ගැටළුව තවමට් නොවිසඳී පවතින්නක්. ආතති කළමනාකරණය සම්බන්ධයෙන් පර්යේෂණ කරන මනෝ විශේෂඥයින් පවසන්නේ මෙය නොකළ යුතු ක්‍රියාවක් බව. ආතතිය හෝ ඉක්මනින් කේන්ති යාම පවතිනවා නම්, ඔබ අනිවාර්යෙන්ම නිසි උපදේශන සේවා ලබාගත යුතු බව ඔවුන් අවධාරණය කරනවා. එසේ නොමැතිව මෙවැනි ස්ථානයකට යාමෙන් පමණක් ආතති කළමනාකරණය කළ නොහැකි බවත් එය වෙනම විෂයක් නිසා විෂය දැනුම සහිත පුද්ගලයන්ගේ උපදෙස් මත පියවරෙන් පියවර නිසි අධීක්ෂණයකින් යුතුව කළ යුතු බවත් ඔවුන් පවසනවා. කෙසේ නමුත් ආතති කළමනාකරණය පිලිබඳ නිසි විශේෂඥ උපදෙස් ගන්නා අතරතුර මෙවැනි Rage room එකක ක්‍රියාකාරකම් සඳහාත් යොමු වීම ප්‍රථිපලදායක විය හැකි බව තවත් විශේෂඥ පිරිසකගේ මතය වී තිබෙනවා.

ඒ කෙසේ වෙතත් මේ වනවිට ලෝකය පුරා මේ සංකල්පය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රහසක් නොවෙයි. දිනපතා කාර්ය බහුලව ගෙවන ජීවිතය නිසාත්, ගෘහස්ත ජීවිතයේ යම් ගැටළු නිසාත් ආතතියට පත්වෙන බොහෝ දෙනෙක් තමාගේ ආතතිය නිදහස් කරගැනීමට මෙවැනි ස්ථානයකට යාමට පුරුදු වී ඇති බවයි අන්තර්ජාල තොරතුරු වලින් කියවෙන්නෙ. කෙසේ නමුත් ලංකාවේ අපිට මෙවැනි ස්ථානයක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙන බවට නම් තොරතුරු දැනගැනීමට නැහැ. වඩා වැදගත්ම කාරණය නිවැරදිව ආතතිය නැතිනම් කේන්තිය කළමනාකරණය කරගැනීම බව අපි ඔබට කිව යුතුමයි. තමන් ඒ මොහොතේ මුහුණදෙන හැඟීම මොකක්ද කියන දේ නිවැරදිව තෝරාගෙන අවබෝදයෙන් එය කළමනාකරණය කරගැනීමට තරම් හැකියාවක් පුරුදු පුහුණු කළ යුතුමයි. කේන්ති ගිය නිසා ගේදොර බඩුමුට්ටු කුඩුපට්ටම් කරන්න කලින් නැවත වරක් සිතා බලන්න පුරුදු වීම වඩාත් සුදුසුම වන බවත් මතක් කළ යුතුමයි.

-එන්.වෙහෙරදූව-

ඔයාලා දෙන්නා අතර හැමදාම රණ්ඩුද..?

බැඳීම් කියන්නේ අපේ ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්. ඒ අතරින් ගැහැනු පිරිමි අතර ඇති වන බැඳීම අපේ ජීවිතේ විශේෂ අවස්ථාවක් ගොඩනගනවා. එහෙත් අපි ඇතිකරගන්නා මේ බැඳීම් මුළු ජීවිත කාලයම රැදෙන්නේ නැහැ. ඇතැම් ආදර බැඳීම් නොගැළපීම් නිසාම අතරමග නතර කරන්න සිදුවෙනවා. එසේ සිදුවන්නට බලපාන හේතුන් මොනවාද යන්න අපි කතා කළොත් එයින් ප්‍රධානතම හේතුව තමයි එකිනෙකා තේරුම් ගැනීමට අසමත් වීම. අවබෝධය කියන්නේ ආදරේ දී තිබෙන්නට ඕන එක් ප්‍රධාන අංගයක්. නිසි අවබෝධය හා තේරුම් ගැනීම අඩු වුවහොත් ඔබේ ආදර කතාව තුළ ඇති වන්නට පුළුවන් ගැටළු බොහොමයි. ඉතිං ඔබ ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය තේරුම් ගන්නේ කොහොමද?

අද ඉඳලා අපි දෙන්නා දෙදෙනෙක් නෙවෙයි කියලා පෝරුවක පොරොන්දු දුන්නට, ඔයයි මමයි දෙන්නම එක්කෙනෙක් කියලා ආදරෙන් සිප වැළඳ ගත්තාට ඇත්ත මිනිස් සිතුවිලි වලදී දෙදෙනෙක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් අනෙකාට සමාන වෙන්නේ නැහැ. එය ජීව විද්‍යාත්මකව නොවෙන්නට පුළුවන් දෙයක්. ඔබගේ සහකාරිය හෝ සහකරුවා එහෙමත් නැතිනම් ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ රුචි අරුචිකම් හෝ සමානතා, අසමානතා තේරුම් ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.සෑම කෙනෙක්ටම පාහේ වෙනස් ආකාරය පෞරුෂයක් පිහිටා තිබෙන බව ඔබ දන්නා කරුණක්. එබැවින් ඔබ කුමන ආකාරයේ කෙනෙකු සමඟ පෙමින් වෙළුණු ද දෙදෙනා එක වහලක් යටට යන විට පළමු කොට මේ පිළිබඳව අවබෝධ කරගත යුතු වනවා. ඔහුගේ හෝ ඇයගේ ආකල්ප මොනවාද? රුචි අරුචිකම් සහ ජීවත් වන්නට කැමති කුමන පරිසරයක ද? පෞරුෂ ලක්ෂණයන් සහ දුබලතා මොනවාද? යන්න කියන මේ කාරණා සියල්ල වටහා ගැනීමෙන් දෙදෙනාට සාර්ථක ජීවිතයක් ගත කරන්න පිටුවහලක් වනවා.

ඔබගේ සහකරුවා හෝ සහකාරිය හඳුනා ගැනීම එතරම් වැදගත් ද?

ඇත්තෙන්ම ඔව්. සරලව කිවහොත් එකිනෙකා තේරුම් ගැනීමෙන් ප්‍රීතිමත් සබඳතාවයක් ගොඩ නැ‍ගෙනවා . එකිනෙකාගේ සිත් තුළ ප්‍රේමය තව තවත් දළුලා වැඩෙන්නට පටන් ගන්නවා. දෙදෙනාට සැකසංකා දුරු කොට ගෙන ප්‍රීතිමත් ලෙස කාලය ගත කිරීමට වගේම එකිනෙකා තේරුම් ගැනීම ඒකට එක හේතුවක් වෙනවා. ඔබගේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගන්නට නම් ඔහුව හෝ ඇයව විනිශ්චයට ලක් නොකරන්න.

චෝදනා හෝ බැණවැදීම් වලට අපි කොයි කවුරුත් කැමැති වන්නේ නැත. බැඳීමක් හැමදාම සතුටින්ම ගලාගන යන්නේ නැත. අඬදඹර, ආඩම්බර කම් හෝ සිත් රිදවීම් ඇති වීමට පුළුවන්. මෙවන් අවස්ථාවලදී ඔබගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාට චෝදනා කරන්න පුළුවන්. බැන වදින්න පුළුවන්.එමගින් දෙදෙනාගේ බැඳීමට හානි සිදු වෙන්න පුළුවන් . ඕනෑම ප්‍රශ්නයක් විවෘත ලෙස කතාකර විසඳගන්න. ප්‍රශ්න ඇසීමෙන් තොරව විනිශ්චයකට ලක් නොකරන්න. ඔහුට හෝ ඇයට හොඳින් සවන් දෙන්න.

ඔබගේ සහකරුවා හෝ සහකාරිය අවබෝධ කරගන්න නම් හොඳ සවන් දෙන්නකු බවට පත් වෙන්නට ඔබට සිදු වෙනවා .හොඳින් සවන් දීමෙන් එකිනෙකාගේ හදවත් තුළ දෝලනය වන හැඟීම්, සිතුම් පැතුම් නිරායාසයෙන් තේරුම් ගැනීමට හැකි වෙනවා. එමගින් එකිනෙකාගේ සිතේ ගලායන ප්‍රේමය ද නිරායාසයෙන් එකිනෙකාට වැටහී යනවා. එමගින් තව තවත් බැඳීම ශක්තිමත් බැඳීමක් බවට පත්වෙනවා.

අනෙකාගේ දුක් වේදනාවන් අවබෝධ කරගන්න.

වර්තමානයේ දී දුක සහ වේදනාව අවබෝධ කරගන්නට හැකියාව ඇති අය දකින්නට ලැබෙන්නේ බොහෝම අතළොස්සයි. ඔබගේ ආදරවන්තියගේ හෝ ආදරවන්තයාගේ සිතෙහි ඇතිවන දුක සහ දෙගිඩියාව අවබෝධ කරගන්නට බලන්න. ඔබට ඔහුගේ හෝ ඇයගේ දුක තේරුම් යන බව දන්වන්නට හරින්න .එමගින් ඔබේ ආදරණීය බැඳීම් වඩ වඩාත් ශක්තිමත් වේවි .

ඔහුගේ හෝ ඇයගේ උවමනාවන් පිළිබඳව විමසන්න.

ඔබ නිහඩ වීම හෝ සන්නිවේදනය නොකිරීම ශක්තිමත් බැඳීමකට බාධාවක් වෙන්න පුළුවන්. තමන්ට කිසියම් හෝ වුවමනාවක් තිබෙනවා නම් එය පවසන්නට කිසිසේත්ම නොපැකිලෙන්න.

මට උණු තේ එකක් හදල දෙනවද?
මට කටට රසට කෑම ටිකක් හදලා දෙනවද?
එහෙමත් නැතිනම් මට හාද්දක් දෙනවද ?

පිරිමි පාර්ශවය අදහස් විවෘතව ප්‍රකාශ කළ ද ගැහැණු පාර්ශවයන් සෑම විටම තමන්ගේ උවමනා එපා කම් ඉඟි කිරීමට පෙළඹෙයි .එම ඉඟිය තේරුම් ගන්නට අසමත් වුවහොත් අඬදබරයන් ,බහින්බස් වීම් ඇති වන සෑම මොහොතකම “ඇයි ඔයාට මාව තේරුම් ගන්නට බැරි? ” වගේ දේවල් ඇයගේ කටින් පිට වන්නට පුළුවන්.

මේ නිසා ආදර බැඳීමකදි දෙදෙනා තුළම දෙදෙනා කෙරෙහි නිසි අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. තේරුම් ගැනීම නිසාම දෙදෙනා අතර රන්ඩු සරුවල් ඇතිවීමට ඇති ඉඩකඩ අවම වෙනවා.

-මන්දාකිණි පතිරණ-