Food ඔබ කැමති සියළුම ආහාර එකම වහලක් යට!…

ඔබ කැමති සියළුම ආහාර එකම වහලක් යට!…

2022 Jan 8

Open Time:

12 am - 12 pm, 5 pm - 12 am

Address

56 Galle Rd, Colombo 6

directions

Inside the Supun Arcade building in Wellawatta, on the 9th floor

Contact No

0762527976

Menu

වැල්ලවත්තේ කාර්ය බහුල වීදියක සුපුන් ආකේඩ් ගොඩනැඟිල්ලේ නව වන මහලේ Area 56 restaurant එක පිහිටලා තියෙනවා. විවිධ ආහාර රැසක් එයාලාගෙන් ලබාගන්න පුළුවන් නිසාම නොයෙකුත් වර්ගවල ආහාර රස විදින්න ඔයාට මෙහිදී අවස්ථාව ලැබෙනවා. ඉතින් එයාලගේ රසම රස අපේ සිත් ගත්ත ආහාර කිහිපයක් ගැන කියන්න තමයි මේ සූදානම.

 

Drinks
Iced Coffee (LKR 450)

 

 

 

 

Caffeine වලට ඇබ්බැහි වෙලා ඉන්න ඕනෑම කෙනෙකුට මේ drink එක ඉතා වටින එකක් වෙයි. ඕනෑවට වඩා පැණි රස නැති මේ drink එකේ තද coffee රසක් තිබුණා වගේම දැණුනු සුළු condensed milk (උකු කිරි) රස මේ drink එකේ රසය ඉහළ නංවන්න සමත් වුණා. මේ iced coffee එක රස්නේ වේලාවක බොන්න කියාපු බීමක්.

 

Chocolate Milkshake (LKR 600)

 

 

පැණි රසට කැමති වුණත් ඕනෑවට වඩා වැඩි පැණි රසට අකමැති කෙනෙක් නම් මේ chocolate milkshake එක ඔයාට කදිමයි. හොඳ චොකලට් ගතියක් වගේම කිරි රසක් මේකේ තිබුණත් මේ drink එකේ මම කැමතිම දේ වුණේ අනිත් කෑම වලටත් අපේ බඩේ ඉඩකඩ තියෙන විදිහට මේක ඇඟට සැහැල්ලු බීමක් වුණ එක. ඉතින් මේක උත්සහ කරන්නම වටින drink එකක්.

 

Starters

Pepper and Mustard Beef (LKR 1000)

 

 

 

අබ වලට කැමති කෙනෙකුට වඩා ලොකු කැමැත්තක් නැති කෙනෙක්ට නම් මේ dish එක වඩාත් ගැලපෙන විදිහට රසවත්ව සාදා තිබුණා. මේකේ තිබුණ අබ රසය ගම්මිරිස් වල සැර රසය එක්ක කදිමට ගැලපුනා. ප්‍රධාන ආහාරයට ඔයාව සූදානම් කරන්න හොඳ dish එකක් විදිහට මේ dish එක හඳුන්වන්න පුළුවන්.

 

Grilled Prawns (LKR 1100)

 

 

seafood ලෝලීන්ට කියාපු dish එකක් තමයි මේ. මේකේ ඉස්සන් මනාව සකස් කරලා තිබුණා වගේම ඒකෙන් ආපු smokey flavor එක මේ dish එකේ රසය තවත් වැඩි කළා. මේ dish එකට එකතු කරලා තිබුණ vinaigrette සියලුම රසයන් balance කරන්න සමත් වුණා. කොහොම වුණත් zesty zing ටිකක් මේ dish එකට එකතු කළා නම් ලේසියෙන්ම මේ dish එක ප්‍රියතම එකක් වෙයි කියලා අපිට හිතුණා. කොහොම වුණත්, උත්සාහ කළ යුතු දෙයක්!

 

Mains

Mutton Pizza (LKR 2200)

 

 

පුද්ගලිකව මේක මගේ ප්‍රියතම කෑම එක වුණා කිවුවොත් හරියටම හරි. මට සම්පුර්ණ pizza එකක්ම තනියම කන්න හිතුන නිසාම මේක ආපහු කන්න යන්න මම තීරණය කළා . මේකට සාම්ප්‍රධායික italian pizza එකකට වඩා ටිකක් වෙනස් ලාංකික රසයන් එකතු කරලා තිබුණා.චීස් මිශ්‍ර කරලා තිබුණ මේ pizza එකේ එකට ගැලපෙන curry flavour එකක් තිබුණා. වැඩි තෙල් ගතියක් නොතිබුණු මේකේ තිබුණු අනෙකුත් juicy රසයන් වලට වඩා ඉස්මතු වුණු එළු මස් රසයක් තිබුණා. මේක අනිත් හැමදේකටම වැඩිය වෙනස් රසයක් ගෙන දුන්න නිසාම මේක උත්සහ නොකළොත් ඒක ඔයා කරන ලොකු අපරාධයක් වෙයි.

 

Pad Thai (LKR 1100)

 

 

 

සැරට කන්න කැමති ලංකාවේ අපිටම කියාපු කෑමක් තමයි මේක. හරිම මෘදු noodles එක්ක තිබුණ ඉස්සන් සහ සැර ගතිය මේ dish එකට හොඳටම ගැලපුනා. කොහොම වුණත් සාම්ප්‍රධායික Pad Thai dish එකක තියෙන peanut රස සහ පැණි රස වගේම ලුණු රස මේකට එකතු කරලා තිබුනා නම් මේ dish එක තවත් රසවත් වෙයි කියලා මට හිතුනා. හැබැයි මේ dish එක try නොකර ඉන්න ඒක හේතුවක් කරගන්න නම් එපා.

Butter Chicken (LKR 1200)

 

 

සැර කෑමට උපන් හපන් ලංකාවේ අපි කාලා බලන්නම ඕනේ dish එකක් තමයි මේ. නැවුම් බාස්මති බත් එක්ක පිළිගන්වපු butter chicken හොඳටම ගැලපුනා කිවුවොත් හරියටම හරි. සැර, creamy, buttery වගේම කිරි රසයත් එකතු වෙලා රසයන් ගෙන් පිරිලා තිබුණ මේ curry එකේ රස balance කරන්න බත් එකට පුළුවන් වුණා. curry එකට තව ඉන්දියානු මසාලා එකතු කළා නම් තවත් හොඳයි කියලා අපිට හිතුණා. කොහොම වුනත් මේ dish එකේ හැම කටක් කටක් ගානේම අපි රසවින්දා කිව්වොත් හරියටම හරි.

Desserts

Fruit Salad with Ice Cream (LKR 500)

 

 

අපි හැමෝම කැමති දෙයක් තමයි ලංකාවේ විදිහට හදපු fruit salad සහ ice cream කියන්නේ. නැවුම් පලතුරු උඩට දාපු creamy ice cream ඔයාගේ කෑම වේලට ඇත්තටම හොඳම අවසානයක් වෙනවා නිසැකයි.

 

Ambience

 

 

මේ restaurant එක balcony එකක පිහිටලා තියෙන නිසා කොළඹ නගරයේ සුන්දර view එකක් එක්ක ඔයාට ඔයාගේ කෑම වේල රස විදින්න පුළුවන් වෙයි. වෙහෙසකර දවසක අවසානයේ ඔයාගේ අදරණීයයන් එක්ක සන්ධ්‍යාවේ සීතල විදින්න මෙතැන කියාපු තැනක් වෙයි. කාර්ය මණ්ඩල සාමාජිකයනුත් ඉතාම සුහදශීලි වගේම කාර්යක්‍ෂම වුණා වගේම ගනුදෙනුකරුන්වන්ට විශිෂ්ට සේවාවක් ලබා දුන්නා. මෙහිදී අපි හොඳ අත්දැකීමක් ලබාගත්තා වගේම අනිවාර්යයෙන්ම නැවත වරක් මේ restaurant එකට යන්න නම් පසුබට වෙන්නේ නැහැ.

tip – අනිවාර්යයෙන්ම mutton pizza එක රස බලන්න අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here