Blog Page 21

කොවිඩ් 19 නිසා නත්තල සමරන්න බයෙන්ද..?

නත්තල, කියන්නේ ගොඩක් උත්සවාකාරයෙන් සමරන උත්සවසමයන්ගෙන් එකක්!

ඒක අවුරුද්දේ කාර්යබහුලම කාලයන්ගෙන් එකක් බවට නම් කිසිම සැකයක් නැහැ. හැම අවුරුද්දකම සාප්පු සංකීර්ණ, හෝටල් සහ අවන්හල් නත්තල සමරන පවුල් සහ මිතුරන්ගෙන් පිරී තියෙනවා. ඒ වගේම පිටරට ඉන්න ආදරණීයයන්ගේ පැමිණීමත් අපිට ලොකු ප්‍රබෝධයක් ගෙන දෙනවා!

අවාසනාවට, මේ අවුරුද්දේ අපි නත්තල සමරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. COVID-19 වසංගත තත්ත්වය නිසා, 2020 දී ගෝලීය සංචරණයක් සිදුවෙලා තියෙන නිසා, අපිට ගොඩක් සීමාවන් ඇතිවෙලා තියෙනවා වගේම ප්‍රවේශම් වෙන්න සිදුවෙලා තියෙනවා – කෙසේ වෙතත් නත්තල බොහෝ දෙනෙක් එකතුවෙලා සමරන උත්සව අතර කේන්ද්‍රස්ථානය වීමත් එක්ක, මේ වගේ කාලයකදී නත්තල් සතුට නැති කරගන්නේ නැතුව අපි නත්තල සමරන්නේ කොහොමද?

COVID-19 මධ්‍යයේ නත්තල් උත්සවය සමරන්න සහ COVID-19 මාර්ගෝපදේශ ගැන නීති අනුගමනය කරමින් නත්තල සමරන්න ඔයාට වැදගත් වෙයි කියලා හිතන උපදෙස් කිහිපයක් ගැන අද අපි කතා කරනවා.

 

 

1) Online Shopping සහ සුපුරුදු වේලාවන් මගහැර බඩු මිළදී ගැනීම

50+ Breathtaking Online Shopping Statistics You Never Knew

නත්තල කියන්නේ තෑගී දීමේ කාලයක්. ඉතින් තෑගී දෙන්න නම් සාප්පු යෑම අවශ්‍ය වෙනවා.තෑගි වලින් එකිනෙකා පුදුමයට පත් කරන්න ඉවසිල්ලක් නැති අයගෙන් වලින් සියලුම වෙළඳසැල් පිරී යනවා. මේ අවුරුද්දේ දී නම් ඒක ගොඩක් අවදානම් සහිත බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. වාසනාවකට මෙන්, අපට විකල්ප කිහිපයක් තියෙනවා. ඉතින් පැහැදිලිවම පහසු ක්‍රමය තමයි Online Shopping.

COVID-19 නිසා ගොඩක් ඔන්ලයින් Online ක්‍රම දැන් විවෘත කරලා තියෙනවා.ඒවායින් බොහොමයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල තියෙනවා. Online Shopping කරන්න ඔයාට බැහැ කියලා හිතෙනවානම් අපි ඔයාට වෙන විසඳුමක් දෙන්නම්. තවත් විශ්වාසදායක විකල්පයක් තමයි මිනිසුන් විශාල වශයෙන් රැස්වෙන තැන් මඟ හැරලා බොහෝ දෙනෙක් Shopping කරන වෙලාව මග ඇරලා Shopping කරන එක . ඉතිං මේ විදිහට කෙළොත් ඔයාට ආතතියෙන් හා කරදරයකින් තොරව ඔයාගේ තෑගී සහ ඇඳුම් ගන්න යන කාලය වෙන් කරගන්න පුළුවන්.

 

02)ආහාර සහ බීම සඳහා ඉවත දමන්න පුළුවන් පිඟන් භාණ්ඩ ආදේශක භාවිතය

Orange Party Supplies, Paper Plates, Cup- Buy Online in Sri Lanka at  Desertcart

ඉවත දැමීමට හැකි පිඟන් භාණ්ඩ පාවිච්චි කිරීම විෂබීජ පැතිරීම සම්බන්ධයෙන් සනීපාරක්ෂාවට උදවු වෙනවා විතරක්ම නෙමෙයි, පිරිසිදු කරන්න ගතවෙන කාලය හා ශ්‍රමය ඉතිරි කරන නිසා ඒක ශයාට ගොඩක් ලොකු පහසුවක් වෙනවා. ඒවා දැරිය හැකි මිළකට සුපිරි වෙළඳසැල් වලින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි පරිසර හිතකාමී ඒවා ලබා ගන්නත් වග බලා ගන්න!

 

 

03)අමුත්තන්ගේ නම් වලින් පිඟන් භාණ්ඩ ලේබල් කිරීම

Laser Cut Rose Gold Name Placecards | Personalised Favours

කිසිම කෙනෙක් එකම පිඟන් කෝප්ප පාවිච්චි නොකරන්න වග බලා ගන්න අමුත්තන්ගේ නම් වලින් ඒවා ලේබල් කරන්න ඔයාට පුළුවන්. මේක විෂබීජ පැතිරීම පාලනය කරන්න උදවුවක් වෙයි! ඒ වගේම ඒක ඔයාගේ අමුත්තන්ට විනෝදජනක නත්තල් ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන්.

 

 

04)සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

Holiday Eye Makeup Looks That Work with Masks | Martha Stewart

හැමදේකටම වැඩිය පැහැදිලි වගකීමක් තමයි තවමත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම.

හෝටල්වල සහ අවන්හල්වල විශාල සාද පැවැත්වීම වෙනුවට ඔයාට නිවසේදී කුඩා සාද පවත්වන්න පුළුවන්. රැකවරණය, ආදරය සහ තෑගී දීමේ නත්තල් සතුට පවත්වා ගන්න නම්, අපි එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා, විශාල පිරිසක් වෙනුවට, සමහර විට මේ අවුරුද්දේ අපිට කුඩා පවුල් විදිහට එකතු වෙන එක ගැන අවධානය යොමු කරන්න පුළුවන් වගේම තාක්‍ෂණයට ස්තූතිවන්ත වෙන්න අපිට ඔන්ලයින් ක්‍රම වලින් අපිට මිතුරන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔයාගේ ආදරණීයයන් එක්ක ඔයාගේ නත්තල් ලැයිස්තුවේ, විශිෂ්ට ආහාර සහ උත්සව අලංකරණයත් එක්ක ඔයාට සමාජ දුරස්ථභාවය සහ ගුණාත්මක නත්තල් උත්සවයක් පවත්වන්න පුළුවන්!

කිහිපදෙනෙක්ම උත්සවයට සහභාගී වෙනවා නම් mask එකක් දාගන්නත් වග බලා ගන්න. මුහුණු ආවරණ වෛරසයට එරෙහිව පූර්වාරක්ෂාවක් විදිහට විතරක් ක්‍රියා කරනවා වගේම විනෝදජනක වේලාවට ඒක බාධාවක් වෙන්නේ නැහැ.

 

 

05)Food Delivery සහ අන්තර්ජාල සිල්ලර බඩු බෙදා හැරීම් උත්සාහ කරන්න

Dindigul Thalappakatti Restaurant

මෙහෙම කළොත්, ඒක ඔයා දේශීය ව්‍යාපාරයකට උදව් කරනවා විතරක්ම නෙමෙයි, ඔයාගේ පවුලේ අය එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න මුළුතැන්ගෙයින් එළියට එන්නත් පුළුවන්.

ගෙදර හැදූ ආහාර වේලකට කැමති පවුල්වලට නම් සිල්ලර බඩු මිලදී ගන්න අවශ්‍ය වෙන නිසා සමහර සුපිරි වෙළඳසැල් ඔන්ලයින් සිල්ලර බඩු ලබා දෙන ක්‍රමයන් ඇති කර ඇති නිසා ගබඩාවට නොයා ඔයාගේ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්!

මේක කාලය ඉතිරි කර දෙනවා වගේම සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නත් ලොකු උදවුවක් වෙනවා

 

06)අමුත්තන් කුස්සියෙන් බැහැරව තබන්න

Dinner Party Ideas: 19 Recipes That Look Fancy but Are Super Easy

ආහාර දූෂණයෙන් ආරක්ෂා කර ගන්න වගේම සනීපාරක්ෂාව වැඩි දියුණු කරගන්න අමුත්තන් මුළුතැන්ගෙයින් ඈත් කර තබන්න වග බලා ගන්න. අමුත්තන්ට ආහාර ස්පර්ශ කරන්න හෝ නියැදීමට දීමෙන් වළකින්න. ආහාර පිළියෙළ කර ඉවර වුණාම පමණක් පිළිගන්වන්න.

කේක් මිශ්‍ර කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවා! ඒ නිසා පිළිස්සීමේදී හෝ සූදානම් කරද්දී එක්කෙනෙක් පමණක් ඒක සිද්ධ කරන බවට වග බලා ගන්න. බුෆේ ක්‍රමයට පිළිගන්වනවා වෙනුවට, ආහාර සපයන්න වගේම පිලිගන්වන්නත් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් නම් කරන්න

 

 

07)පොදු ස්ථාන වලදී හැන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරන්න

Pros and Cons of Hand Sanitizer | Franciscan Health

හැමතිස්සෙම ඔයාගේ අත් පිරිසිදුව හා සනීපාරක්ෂාව ඇතුව තියාගන්න නම් ඔයාගේ අමුත්තන්ට සැනිටයිසර් එකක් තියලා තියන්න. ඔයාගේ ගෙදර ඇතුල්වෙන දොර, විසිත්ත කාමරය, කෑම කාමරය, සේදීමේ කාමර සහ අමුත්තන් ඉන්න ඕනෑම තැනක සැනිටයිසර් තියන්න ඔයාට පුළුවන්. අත් සෝදන්න අතිරේකයක් විදිහට සැනිටයිසර් පාවිච්චි කරන්න.

 

 

Bonus Tip

අමුත්තන් පිළිගැනීමේදී, වැළඳගැනීම් සිදුකිරීම මගහරින්න. ඒ වෙනුවට සාම්ප්‍රදායික අයුබෝවන් සහ වන්ක්කම්! කියා අචාර කරන්න.

වසංගතයක් මැද වුනත් නත්තල සමරන්න ඔයාට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ. මේ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුට පහසු වුනේ නම් නැහැ. ඒ නිසා අවුරුද්දේ අවසානයත්, පවුලේ අය ගැන වගකීමෙන්, සහ අවධානයෙන් ජීවිත කාලය පුරාවටම වටිනා මතකයන් නිර්මාණය කරන ගමන් නත්තලේ අසිරිය විදගමු.

ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…

යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන් රැගෙන යන්න උපකාරී වෙනවා.

රුධිරය ඔක්සිජන් කිරීම , ඩී එන් ඒ සංශ්ලේෂණය, මයිටොකොන්ඩ්‍රීය ශ්වසනය, ස්නායු සම්ප්‍රේෂණය සහ මයිලින් සංශ්ලේෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වාගන යන්න යකඩ අවශ්‍ය වෙනවා. ඛනිජ, අක්මාව, ප්ලීහාව, ඇටසැකිලි මාංශ පේශි සහ වෙනත් ප්‍රදේශවල ගබඩා කර ඇති අතර එය දරුවෙකුගේ සංජානන වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා.

 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් 2014 දී කරන ලද සමීක්ෂණයකට අනුව මාතලේ, පුත්තලම, මාතර සහ ගාල්ල වැනි ප්‍රදේශ වල ළමුන් 15.1% ක් රක්තහීනතාවයෙන් පෙළෙන අතර 52.3% ක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා. සමීක්ෂණයේ පෙන්වා ඇති පරීක්ෂණ ප්‍රතිළුල වලට අනුව මෙම දරුවන් තුළ රක්තහීනතාවයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ යකඩ ඌනතාවයයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ආහාර වේලක් හරිත එළවළු, මාළු, ධාන්‍ය වර්ග සහ වෙනත් මස් ද්‍රව්‍ය වලින් සමන්විත බැවින් එය සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් යැයි සලකනු ලැබුවද, යකඩ ඌනතාවය තවමත් ප්‍රජාව තුළ ප්‍රමුඛ ප්‍රශ්නයක් වී තිබෙනවා.

 

 

මෙම ප්‍රශ්නය අපගේ අවධානයට යොමුවිය යුත්තේ ඇයි ?

 

මාස 6 ත් 5 ත් අතර ළමුන් තුළ යකඩ ඌනතාවය වඩාත් ප්‍රචලිත යැයි කියනු ලැබෙනවා. මොකද ළදරුවෙකු මව්කිරි හැරුණු විට සාමාන්‍ය ආහාර වේලකට ඒ කාලයේ හැඩගැසීමට පටන් ගන්නවා. ළදරුවෙකු උපත ලබන විට ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණවත් තරම් යකඩ ප්‍රමාණයක් තිබෙනවා . ඒ යකඩ ප්‍රමාණය මුල් මාස 6 තුළ ළදරුවන්ගේ ශරීරයේ අඩංගු වෙනවා. ඉන්පසු යකඩ ප්‍රභවයන් ඔවුන්ගේ ආහාර වේලට හඳුන්වා දීම වැදගත් වෙනවා. දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 90% ක් මෙම කාලය තුළ සිදුවන බව කියනවා. යකඩ නොමැතිකම මොළයේ වර්ධනයට සහ එහි බුද්ධි වර්ධනයට විශාල බලපෑමක් සිදුකරනවා.

ඒ වගේම වැඩිහිටි දරුවන් ද යකඩ ඌනතාවය නිසා අවදානමට ලක්වෙන්න පුළුවන්. විශේෂයෙන් වැඩිවියට පත්වන ගැහැණු ළමයින්ට මෙහි බලපෑම වැඩියි. මෙහිදී ඔසප් වීමේ ආරම්භය මෙන්ම ආහාර වේලෙහි වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්.

සියලුම සමාජ, ආර්ථික කණ්ඩායම් වල සිටින ළමුන් තුළ යකඩ ඌනතාවය දක්නට ලැබෙනවා. බොහෝ විට, ධනවත් කුටුම්භවල ළමයින්ට යකඩ ඌනතාවය ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මොකද ඇතිවෙන්න සල්ලි තියන පවුල් වල අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය බහුලයි . ගම්වල ළමයින් වඩාත් සමබර හා පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවද, මස්වල මිල නිසා ඔවුන්ට යකඩ ඌනතාවය ඇතිවී තිබෙනවා .

 

 

අප කළ යුතු දේ

 

ළමුන්ට අවශ්‍ය යකඩ ලබාගැනීම සදහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ආහාර ද්‍රව්‍ය වන්නේ ධාන්‍ය වර්ග, කිරි, කුකුළු මස්, මාළු, වියළි මාළු සහ රතු මස් වර්ග, බිත්තර සහ වෙනත් හරිත එළවළු.

ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය යකඩ වර්ග දෙකක් නිපදවයි, එනම් ‘‘haem iron’’ සහ ‘non-haem iron’. haem iron නිෂ්පාදනය කරනු ලබන්නේ රතු මස් සහ අනෙකුත් මස් වලින් වන අතර, non-haem iron නිශ්පාදනය වෙන්නේ ධාන්‍ය වර්ග නිවිති සහ ගොටුකෝල වැනි හරිත එළවළු වලින්. දරුවා සමබර ආහාර වේලක් ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම ආහාර ද්‍රව්‍ය සමානුපාතික කොටස් වලින් දරුවාට ලබා දිය යුතුයි.

මෙය තක්සේරු කරනු ලබන්නේ නව මව්වරුන්ට ඔවුන් යන සායනය මගින් ලබා දෙන ‘ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තා’ හරහා වන අතර, එමඟින් දරුවා ඔවුන්ගේ ආහාර වේල මගින් සමබර පෝෂණ මට්ටම් ලබා ගන්නේද යන්න තක්සේරු කිරීමට හැකියාව ලැබෙනවා.

ළමයින්ට සහ දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය සහ දැනුවත්භාවය ලබාදීම වැදගත් වෙනවා. දරුවෙකු තමන් කන දේ ගැන දැනුවත් කිරීම , උද්යෝගමත් කිරීම සහ දිරිගැන්වීම ධනාත්මක පරිවර්තනයකට මග පාදනවා.

 

රෝග ලක්ෂණ සහ ප්‍රථිකාර

රක්තහීනතාවයේ සමහර රෝග ලක්ෂණ මව්වරුන්ට හඳුනාගන්න හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් නිවසේදී වඩාත් ක්‍රියාශීලී විය යුතු වුණත් තම දරුවා නිතරම නිදිමත හා උදාසීන බවෙන් ඉන්නවානම් ඒ දරුවාට යකඩ ඌනතාවයක් ඇති බවට දෙමාපියන්ට නිගමනය කරන්න පුළුවන්. මෙම අවස්ථාවේ දී, වෛද්‍යවරුන් මව්වරුන්ට තම දරුවාගේ ආහාර වේලෙහි යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීමට උපදෙස් දෙන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී , ටැබ්ලට් සහ කුඩු ලෙස යකඩ ලබා දීමට නියම කරනවා.

කථනයේ ප්‍රමාදය, කෙටි අවධානයක්, සුදුමැලි සම, කලාන්තය, හෘද ස්පන්දනය සහ විශාල වූ ප්ලීහාව ද යකඩ ඌනතාවයේ රෝග ලක්ෂණ අතර වෙනවා. යකඩ ඌනතාවයට පොදුවේ ප්‍රතිකාර කරනු ලබන්නේ පෝෂණය ලබාදීම මගිනි.

 

COVID-19 නිසා වර්තමාන තත්ත්වය

අවාසනාවකට මෙන්, යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගන්න අපි හිතන තරම් ලේසි නැහැ. විශේෂයෙන් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් බොහෝ ගෘහස්ථ ආදායම්වලට දැඩි ඝෘණාත්මක බලපෑමක් ඇති කළ අතර සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය වලද හිඟයක් ඇතිවී තිබෙනවා. කටුක යථාර්ථය තමයි, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ කුටුම්භයන් දිනපතා යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හා මිල දී ගැනීමට වෙහෙසෙන බව. කොහොමවුණත් බොහෝ ශ්‍රී ලාංකික පවුල්වල, කිරි ප්‍රධාන ආහාරයක් වන නිසා යකඩවලින් ශක්තිමත් කළ කිරි හොඳ යකඩ බහුල ආදේශකයක් කරගන්න හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් පවතින මෙම යකඩ ඌනතාව පිළිබඳව දැනුවත් කිරීම, අවශ්‍ය විසඳුම් ලබාදීම අතිශයින්ම වැදගත් වන අතර එමඟින් අපේ රටේ අනාගතය සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් බවට පත්කළ හැකියි.

Diet කරන ගමන් workout කරන්නේ කොහොමද ?

අත්වල, බඩේ සහ පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ  තිබෙන ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ  fat එක කොහොමද අඩු කරගන්නේ කියලා කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. Diet Management එකත් එක්ක කරන්න හොඳ workouts ගැන Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka ) ඔයාලට මේ වීඩියෝව හරහා කියලා දෙනවා .

 

ඉවසන්න බැරි දත් කැක්කුමක්ද? එහෙනම් මේ tips ටික කරලා බලන්න…

දත් කැක්කුම කියන්නේ අපගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එකපාරක් හරි අපි අත්විඳපු දෙයක්. සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට අනිවාර්යයෙන් යම් දත් දිරායම් වලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. වර්තමානයේ බාල ,මහළු කියලා නැහැ ගොඩක් දෙනෙක් මේ දත්කැකුම් වලට මුහුණ දෙනවා.

ඔබට දත් කැක්කුමක් ආවොත් වෛද්‍යවරයෙකුට විශාල මුදලක් වියදම් කරන්න සිදුවෙන්නේ නැති වෙන්න ගෙදරදීම දත් කැක්කුම් අඩු කරගන්න පුළුවන් පිළියම් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. නමුත් අපි තරයේ නිර්දේශ කරන්නේ ඔබ ගර්භණී කාන්තාවක් නම් නැත්තම් කිරි දෙන අම්මා කෙනෙක් නම් හෝ ස්වාභාවික ඖෂධ වලින් බලපෑම් වලට ලක්වෙන කෙනෙක්නම් , කරුණාකර මෙම පිළියම් භාවිතා කිරීමට පෙර දන්ත වෛද්‍යවරයා හමුවන්න මතක තියාගන්න.

 

01 – ලුණු වතුර

Coronavirus: Researchers to trial salt water as Covid-19 treatment - BBC News

ලුණු වතුර ස්වාභාවික විෂබීජ නාශකයක් වන අතර දත් කැක්කුම සුව කිරීමට පහසු සහ ළුලදායී ක්‍රමයක් ලෙස ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාට කරන්න තියෙන්නේ උණුසුම් වතුර වීදුරුවකට ලුණු මේස හැඳි 1/2 මිශ්‍ර කර කට සෝදන්න. මෙමගින් විදුරුමස් ඉදිමීම වළක්වන අතර දත් කැක්කුම අවට ප්‍රදේශය පිරිසිදු කරනවා. දත් කැක්කුම අඩුවෙනකම් මේ ක්‍රමය කීපවතාවක් සිදු කරන්න .

 

 

02- හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

Hydrogen Peroxide 3%, Topical USP, 16 Ounce Bottle, Each | McGuff Medical  Products

 

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වේදනා නාශකයක් වන අතර අපහසුතාවයන් පාලනය කිරීමට ඔයාට ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම plaque අඩු කරනවා පමණක් නෙවෙයි විදුරුමස් වල ලේ ගැලීමද නතර කරනවා. ඔබට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් කට සෝදන්න පුළුවන් . හරියට ඉහතින් සඳහන් කලා වගේ ලුණු වතුරෙන් කට සෝදනවා වගේ ඔයාට මේකත් කරන්න හැකියාව තිබෙනවා.

ඉතිං කොහොමද මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කට සෝදන්න භාවිතා කරන්නේ. ඔයාට කරන්න තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 3% ජලය සමග මිශ්‍රකර කට සෝදන්න භාවිතා කරන්න. මතක තියාගන්න මේක ගිලින්නනම් එපා.

 

 

03-කරාබු නැටි හෝ කරාබු නැටි තෙල්

කරාබු නැටිවල දෙගුණ වූ ගුණ

කරාබු නැටි වල ස්වාභාවික විෂබීජ නාශක ගුණයක් වන eugenol ඇති නිසා වසර ගණනාවක් තිස්සේ දත් කැක්කුමට ප්‍රතිකාර කරන්න යොදාගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ කරාබු නැටි 1ක් අරගෙන හපලා කැකුක්ම තියන දත උඩින් තියාගන්න එක. එහෙම නැත්තම් කරාබු නැටි කිහිපයක් හපලා කටේ තියාගන ඉන්න. ඒ වගේම කරාබු නැටි තෙල් බිංදු දෙකක් වේදනාව තියෙන දතේ තියාගන්න.

 

 

04- අයිස් තෙරපුම

Get Instant Relief through Tooth Pain Natural Remedies

අයිස් තියනවා කියන එක ගොඩක් ප්‍රසිද්ධ වේදනා නාශක ප්‍රතිකාරයක්. අයිස් පැකට්ටුවක් භාවිතා කර හෝ ප්ලාස්ටික් බෑගයක අයිස් දමා තුනී රෙද්දකින් ඔතා, ස්නායුව හිරිවැටීම සඳහා මිනිත්තු 15 ක් වේදනාකාරී දත මත තියන්න. එයින් දැවිල්ල හා ඉදිමීම ද අඩු කරනවා.

 

 

05-සුදුළූණු

Mistakes everyone makes when cooking with garlic

සුදුළූණු වල ඖෂධීය ගුණය හානිකර බැක්ටීරියා විනාශ කරන අතර වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. එය භාවිතා කිරීමට ඇති හොඳම ප්‍රවේශය නම්, එය පේස්ට් එකක් සාදා කැක්කුම ඇති දතේ තියන්න. එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් ඒක හෙමින් හපන්න. වේදනාව නැති වන තෙක් දින කිහිපයක් මේ ස්වාභාවික ප්‍රතිකාරය නැවත නැවත සිදුකරන්න.

 

 

06 – පේර කොළ

Have a sip of guava leaf tea and keep healthy and glowing | TheHealthSite.com

පේර කොළ වල බැක්ටීරියා විනාශ කරන ගුණයක් තිබෙනවා. ඒ වගේම දත් කැක්කුම සුව කරනවා පමණක් නෙවෙයි මුඛයේ ඇති වන තුවාල සහ විදුරුමස් ඉදිමීමද වළක්වනවා.

ඔයාට කරන්න තියෙන්නේ දත් කැක්කුම ආව වෙලාවට පේර කොළ දෙකක් වගේ අරගෙන යුෂ ටික හොඳට දත මත වැඩ කරනකන් හෙමීට හපන්න.

 

 

07-තිරිඟු කොළ

Consuming Wheatgrass during Pregnancy: Health Benefits & Side Effects

තිරිඟු කොළ වල ප්‍රතිබැක්ටීරීය ගුණය ඇති අතර එමඟින් දත් දිරායාම හා වේදනාව වළක්වනු ලබනවා. එයින් කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙනවා වගේම හොඳම ප්‍රතිළුලයක් ලබා ගැනීමට තිරිඟු කොළයක් හපන්න එහෙමත් නැත්තම් එහි යුෂ මුඛ සේදීමක් ලෙස භාවිතා කරන්න. එය විදුරුමස් වලින් විශ ඉවත් කරන අතර බැක්ටීරියා වර්ධනයද අඩු කරනවා.

 

 

08- ලූනු

The health benefits of onions - BBC Good Food

ලූනු වල ෆයිටො කෙමිකල්ස් අඩංගු වන අතර එය දත්වල ආසාදනයට හේතුවුණ යුතු විෂබීජ විනාශකර කැක්කුම නැතිකරන්න උපකාරී වෙනවා.

ලූනු භාවිතා කරන්න හොඳම විදිය තමයි ,ලූනු කෑල්ලක් දත් වේදනාව තියන පැත්තෙන් හපන එක. එතකොට ලූනූ යුෂ දත තුළට ගිහින් වේදනාව සමනය කරනවා . දතේ වේදනාව හපන්නට බැරි තරම් තත්ත්වයක තියෙනවා නම් , ඔබට ඇඟිල්ලක් භාවිතා කර ළූනු කැබැල්ල සෘජුවම බලපෑමට ලක් වූ දතෙන් තියාගන්න හැකියාව තිබෙනවා.

 

ඔබේ දත් ශක්තිමත් හා පිරිසිදු බවක් පෙනෙන්නට තිබුණත් ඔබට මේ ආකාරයේ රෝගාබාධවලට මුහුණ දීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී දත් කැක්කුමට ප්‍රතිකාර කරන්න මේ පිළියම් මතක තබාගන්න අමතක කරන්න එපා.

හවස තේ බොනකොට කන්න, මාළු පාන් ගෙදරදීම හදාගන්න ලේසිම විදිය මෙන්න

 

අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි 500g
යීස්ට් 5g
සීනි ග්‍රෑම් 50
ලුණු 9g
කිරිපිටි 10g
ජලය 300ml
මාගරින් 50g
තෙල් මේස හැන්දක්
ඉඟුරු, සුදුළූණු තේ හැදි 1
බොම්බයි ලූනු 1
කරපිංචා
අමු මිරිස් 3 යි
කහ කුඩු ‍තේ හැඳි /4
තම්බා ගත් මාළු 250g
තම්බාගත් අර්තාපල් 200g
ලුණු ‍තේ හැන්දක්
ගම්මිරිස් ‍තේ හැඳි 1/2
කරි කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් තේ හැඳි 1
බිත්තර 1
සාදාගන්නා ආකාරය  
01. මුලින්ම මාළු පාන් පාන්පිටි වලට ඊස්ට් ටික කලවම් කරගන ඒකට සීනි, කිරිපිටි, වතුර එකතු කර පිටි මෝලියක් එකක් හදාගන්න.
02. ඊටපස්සේ මාගරින් ටිකත් එකතු කරලා පිටි මෝලිය හොඳට හැදෙනකන් අනාගන්න.
03. පිටි මෝලිය පිපෙන්න විනාඩි 20 ආවරණය කරලා තියන්න . පිටි මෝලිය පිපුනට පස්සේ ඒක අරගන කොටස්වලට වෙනකරගන මාළු පාන් හැඩයට සාදාගන්න.
04. ඒක විනාඩි 15 පිපෙන්න තියන්න භාජනයකට තෙල් ටික එකතු කරගන ඒකට ඉඟුරු, සුදුළුණු, බොම්බයි ලූණු, කරපිංචා, අමු මිරිස්, කහ කුඩු, තම්බාගත් මාළු, තම්බාගත් අල, ලුණු , ගම්මිරිස්,තුනපහ, කෑලි මිරිස් ටිකත් එකතු කරගන විනාඩි 3, 4 පිසගන්න.
05. කොටස් කරගත් පිටි මෝලි ඇතුළට මිශ්රණය පුරවා මෝලිට උඩින් බිත්තර ටිකක් ගාගන අවන් එකේ 210c යටතේ විනාඩි 20 බේක් කරගන්න

 

ඔයාගේ කඩවසම් පෙනුම රැකගන්නනම් ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් මෙන්න…

අද වෙද්දි ගොඩක් පිරිමි පාර්ශවය තමන් කඩවසම් කියලා පෙන්වන්න නොයෙක් දේවල් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම තමන්ගේ කඩවසම් බව රැකගන්නත් බොහෝ උත්සාහයන් දරනවා. ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලාම කරන්නේ ජිම් ගිහින් ඇඟ හදාගන්න බලන එක. ඒකෙන් විතරක් තමන් කඩවසම් කියලා පෙන්නවන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි අපි කියන්නේ ඔයා හිතන්නේ නැති පොඩි දේකින් පවා ඔයාගේ කඩවසම් බව රැකගන්න පුළුවන් කියලායි. මේ ඒවායින් කිහිපයක්.

 

 

01. ඔයා ඔයාට හරියන සුවඳක් හොයා ගන්න

Male fragrance, perfumery, cosmetics Premium Photo

ගැස්ම අපි අපේ ලිපි තුළින් තමන්ට හරියටම ගැලපෙන perfume එකක් තෝරගන්නේ කොහොමද කියලා කියලා දීලා තියෙනවා. (http://gasma.lk/?p=43634). ඉතින් ඔයා Perfume එකක් තෝරගන්නකොට වෙළඳපොලේ තියන මොකක්හරි එකක්, ලාබෙට තියන දෙයක්, මිළදී ගන්න එක වැරදියි. ඔයාට ආවේණික සුවඳ මොකද්ද කියලා හඳුනගෙන ඔයා ඔයාගේ perfume එක තෝරගන්න එකෙන් ඔයාගේ කඩවසම් බව දිගටම රඳවා ගන්න පුළුවන්.

 

 

02. ඔයා ඔයාගේ ඇඳුම් අඳිනකොට රතු වර්ණය සහිත ඇඳුම් වැඩියෙන් තෝරගන්න

>> Click to Buy << 2016 New Arrival Handsome Wine Red Men Wedding Prom Dinner Suits 2 Pieces Groomsman Tuxedos Blazer Masculino Best Man Suit #Affiliate

රතු පාට කියලා කියන්නේ ඔයා කොතනක හිටියත් ලේසියෙන්ම කෙනෙක්ගේ ඇස් ඔබ වෙත රඳවා ගැනීමට හැකි වර්ණයක්. එහෙමයි කියලා රතු පාටම හැමදාම හැමවෙලේම අඳින්න කියලා අපි ඔයාට කියන්නේ නෑ. හැබැයි ඔයාගේ ඇඳුම් අතරට රතු වර්ණයෙන් යුත් දෙයකුත් එක් කරගන්න පුළුවන්නම් ඔයාගේ කඩවසම් බව උලුප්පා දක්වන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ කඩවසම් බව වැඩියෙන් පෙන්වන්න රතු පාටෙහි බලය යොදාගන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා.

 

03. කඩවසම් පෙනුමට හේතුවෙන ඔයාගේ රැවුල ගැනත් සැළකිලිමත් වෙන්න

nice beard styles black man black men's beard styles pictures

කාන්තාවන් කොහොමත් කැමති රැවුල තියෙන පිරිමින්ට කියලා පහුගිය කාලයේම සමාජජාල මාධ්‍යයන්වලත් දැකගන්න පුළුවන් වුණා. ඒක කාන්තාවන් තුළ තියෙන සාම්ප්‍රධායික විශ්වාසයක්. තමන්ගේ කඩවසම් පෙනුම ගැන හිතනකොට රැවුල හරි විදිහට වවන එක සහ ඒක හරි විදිහට maintain කරලා තියාගන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕන. එහෙම කිසිම පිළිවෙලක් නැතුව රැවුල වැව්වොත් ඔයාට කවදාවත් ඔයා හිතන ආකර්ෂණය ලැබෙන එකක්නම් නැහැ. ඒක නිසා ඔයාගේ කඩවසම් පෙනුම වැඩි කරගන්න ඔයා හිතනවානම් මේ දේ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න.

 

04. ඔයා ඔයාට හරියට ගැළපෙන පාවහන් තෝරගන්න අමතක කරන්න එපා

“These stylish kicks combine the classic look you need with the comfort your feet require. In fact, they feel more like wearing a pair of sneakers.”

සාමාන්‍යෙයන් ගොඩක් අයගේ අවධානය යොමු වන දේවල් වලින් එකක් තමයි ඔයා පළඳින පාවහන් කියලා කියන්නේ. ඔයා පළඳින පාවහන් තුළින් පුළුවන් ඔයාගේ කඩවසම් පෙනුම දෙගුණ තෙගුණ කරන්න. මේ නිසා තමයි ඔයා ඔයාගේ පාවහන් තෝරගන්න කොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඉතින් ගොඩක් අය රබර් සෙරෙප්පු දෙකක් දාලා එළියට යන්නත් පුළුවන්. ඒත් ඉතින් තැනට ගැළපෙන විදියට තමන්ගේ පාවහන් ලස්සනට වගේම පිරිසිදුව පාවිච්චි කරනවානම් ඔයාගේ කඩවසම් පෙනුම රැකගන්න පුළුවන්.

 

05. තමන්ට ගැලපෙන පාට තෝරගන්න

Window pane blazer + white dress shirt + burnt orange chinos + brown leather sneakers

ඇඳුමක් තෝරගන්නකොට ගොඩක් අය කරන වැරැද්දක් තමයි තමන්ගේ හමේ වර්ණයට ගැලපෙන ඇඳුමේ වර්ණය ගැන හරියට අඳුර ගන්නේ නැති එක. ඔයාගේ හමේ වර්ණයට ගැලපෙන්නැති වර්ණයක් ඔයා ඇන්දොත් ඔයාගේ කඩවසම් පෙනුමට හානි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇඳුම් තෝරා ගැනීමේදී ඔයාට ගැලපෙන පාට මොකද්ද කියලා හොඳින් සොයා බැලිය යුතුමයි. ඒ වගේම තමයි විලාසිතා මෝස්තර ශිල්පීන් කියන්නේ ඔයාගේ මුහුණේ සහ කොණ්ඩේ පාට මිණුම් දණ්ඩක් විදියට භාවිතා කරලා ඔයාට ගැලපෙන වර්ණ තෝරා ගන්න කියලායි. ඒ අනුව පැහැපත් සමක් සහ තද වර්ණයේ හිසකෙස් ඇති පිරිමින් සඳහා සුදු, ලා නිල්, තද කොළ වඩාත් හොඳින් ගැලපෙන අතර කළු සමක් තියෙන කොල්ලන්ට ගැලපෙන්නේ සුදු, නිල්, දම් සහ අළු වර්ණයන්ය.

පිරිමි අය තමන් ගැන නොසලකා හරින දේවල් 7ක් – 2

ඉතිං අපි පළවෙනි ලිපියෙන් Men’s Grooming සම්බන්ධයෙන් ඔයා කරන වැරදි හතක් ගැන  කතා කළා. ඉතිං ඒ වගේම අපි පොරොන්දු වුණා ඔයා කරන තවත් වැරදි 7ක් ගැන තොරතුරු බෙදාගන්න.

 

 

  • Men’s Grooming සම්බන්ධයෙන් කතාකරනකොට ඔබ නොසලකා හරින තවත් දෙයක් තමයි ඔබේ දත්. ඔබ කියාවි දිනපතා උදේ සහ රාත්‍රී දත් මැදීම අනිවාර්යෙන්ම කරන බව. මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. ඒ පමණක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේත් නැහැ. ඔබ දහවල් කාලයේත් කෑම බීම ගන්නවා. ඒ නිසා ඔබේ දත් ගැන සැලකිලිමත් වීම දහවල් කාලයේත් කරන්න අවශ්‍ය වනවා. විශේෂයෙන් නිතර ලොකු පිරිසක් හමුවන, කතාබහ කරන කෙනෙක් නම්, ඔබ මේ ගැන සිතා බැලිය යුතුමයි. ඔබේ දත්වල කෑම කද්දී යම් යම් දේ සිරවිය හැකිකයි. එනිසා කෑම වේලක් අවසන් වූ සැනින් ඔබේ දත් යම් පමණකට පිරිසිදු කරගන්න. අඩුම වශයෙන් toothpick හෝ පාවිච්චි කරන්න පුරුදු වන්න. නමුත් තවත් අය ඉදිරියේ මේ කටයුත්ත නොකරන්නත් මතක තියා ගන්න. ඒ වගේම දත්වල මැලියම් බැඳීම සාමාන්‍ය දෙයක්. දත් අවර්ණ වීමත් සිදුවිය හැකියි. මේ දෙකටම විසඳුම් ලබා ගැනීමට අවම වශයෙන් මාස 4ක් හෝ 6ක් ගෙවෙන විට ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. ඔහු ලවා ඔබේ දත් පිරිසිදු කරවාගන්නත් අමතක කරන්න එපා.

Young african-american man. guy visiting dentist's office for prevention of the oral cavity. man and famale doctor while checkup teeth. Free Photo

 

 

  • ඊළඟට බොහෝ දෙනෙක් නොසලකා හරින දෙයක් තමයි ඔබේ මුවින් පිටවන වායුව. bad breath කියන්නේ සාමාන්‍ය දෙයක් විය හැකියි. අපි එය නඩත්තු කිරීම කළ යුතුමයි. ඔබට office යද්දී පොඩි mouth wash එකක් බෑගයේ දමාගෙන යාම ඒ තරම් අමාරු වෙන්න බැහැ. ඒ වගේම කෑම හෝ බීම භාවිතයෙන් පස්සෙ වගේම විශේෂ හමුවීමක් තියෙන වෙලාවටත් මේ mouth wash එක පාවිච්චි කරල ඔබේ මුව පිරිසිදු කරගන්න අමතක කරන්න එපා. ඔබට තවත් පහසුවිය හැකි mouth spray දැන් වෙළඳපොළෙන් මිළදී ගන්නත් පුළුවන්. ඉතාම පහසුවෙන් එවැනි ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඔබේ මුව නැවුම්ව තබා ගන්නත් ඔබට පුළුවන්.

Bad Breath Home Remedies, Symptoms & Halitosis Prevention

 

 

  • ඊළඟ අතපසුවිම තමයි ඔබ ලඟින් හමන සුවඳ ගැන නොසැලකිලිමත් වීම. අපි දෛනික වැඩකටයුතු කරද්දී නිතරම නැවුම් සුවඳක් එක්ක ඉන්න අමාරුයි. ඒ වගේම නිතර දහඩිය දමන ආසියාතික රටක ජීවත් වන අපට සීත රටවල අයට තරම් පහසුවෙන් මේක නඩත්තු කරන්න බැහැ තමයි. නමුත් අපි උපරිමයෙන් නඩත්තු කළ යුතු වනවා. ඔබ දිනපතා උදේ සහ රාත්‍රී හොඳ wash එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම deodrant එකක් perfume එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. perfume එක නිතර ඔබේ බෑගයේ / වාහනයේ තබාගන්න පුළුවන් නම් ඒකත් වැදගත්. ඒ වගේම ඔබ අඳින ඇඳුම් පිරිසිදු කරන්නේ කොහොමද, ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න සේදුම්කාරක වර්ගය මොකක්ද, කොපමණ වෙලාවක් ඇඳුම් වියලනවාද, ඒ ඇඳුම් ගබඩා කරන්නේ කොතැනද වගේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න. ඔබ ලඟින් හමන සුවඳට මේ දේවලුත් බලපානවා.

10 Best Deodorants For Bad Smell in 2020 - (Men & Women)

 

 

  • ඔබේ පෞරුෂයට බලපාන නමුත් ඔබ වැඩි සැලකිල්ලක් නොදක්වන තවත් දෙයක් තමයි ඔබේ අතේ සහ කකුලේ නියපොතු. ඔබ නිතර සපත්තු පළඳින කෙනෙක් නම් ඔබේ කකුලේ නියපොතු පිටතට නොපෙනෙනවා විය හැකියි. නමුත් අතේ නියපොතු හැම විටම පිටතට නිරාවරණය වනවා. එනිසා ඔබ සති දෙකකට වරක් වත් මේ නියපොතු නිසි ප්‍රමාණයට කැපීම, කළ යුතුයි. ඒ වගේම නියපොතු කෙළවර පිරිසිදුදැයි දිනපතාම පරික්ෂා කරන්න. කෑම අතින් කන කෙනෙකුට නියපොතු ඇතුළත කිලිටි වීම ලෙහෙසියෙන්ම සිදුවනවා. ඊටත් අමතරව ඔබ කරන රැකියාව සහ දෛනික කටයුතු එක්කත් මේ තත්වය රඳා පවතිනවා. ඒ නිසා දිනපතා ඔබේ නියපොතු පරික්ෂා කොට පිරිසිදු කරගැනීමටත් පුංචි වෙලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා.

15 Mens Fashion Mistakes to Avoid - Peace Quarters

 

 

  • ඔබ බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි ඔබේ ශරීරය නිසි පරිදි නඩත්තු කිරීම. අපි මෙතැනදී කතා කරන්නේ moisture කරන එක ගැන. ඔබේ අත්වල වැලමිට, දණහිස සහ කකුල් මතුපිට නිතර වියළි ගතිය ඇතිවිය හැකියි. නමුත් මේ ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වන්නේ නැහැ. විශේෂයෙන් නිතර මේසයට දෑත් තබාගෙන සිටින කෙනෙකුගේ නම් වැලමිට වියලීම සහ රළු වීම සිදු වනවාමයි. ඒ නිසා මේ සඳහා සුදුසු ක්‍රීම් වර්ගයක් මේ ස්ථාන වල ආලේප කරන්න අමතක කරන්න එපා. වැලමිට දණහිස සහ දෙපතුල් මේ විදිහට ක්‍රීම් හෝ වැස්ලින් මගින් තෙතමනය පවතින පරිදි නඩත්තු කරවා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔබ මේ ගැන සිතා බලා තිබුනේ නැතිනම් අදම මේ කටයුත්ත පටන් ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

Premium Photo | Young asian man itching and scratching on hand from itchy dry skin eczema dermatitis

 

 

  • තවත් ප්‍රධානම අතපසු කිරීමක්. බෙල්ලේ ඇති කෙස්ගස් / රෝම. ඔබ මොන තරම් පිළිවෙලට ලස්සන කොන්ද විලාසිතාව සකස් කරත් පිටුපස හැරුන විට බෙල්ලේ කෙස් ගස් වැවී තිබෙනවා නම් ඒ විලාසිතාවේ වටිනාකම ගිලිහි යනවා. ඒ නිසා කොණ්ඩය කපන්න සැලුන් එකට යනකල් බලා නොඉඳ බෙල්ලේ පිටුපස වැවෙන කෙස් රේසරයක් ආධාරයෙන් ඉවත් කිරීම ගෙදරදීම සිදුකරගන්න. නැතිනම් ඔබේ පෙනුමට ඒක හානියක් විය හැකියි. ඔබ මේ ගැන මෙතෙක් නොසලකා හැරියා නම් අදම මේ ගැන අවදානය යොමු කරන්න.

20 Best Flow Hairstyles For Men :: How To Get the Flow Hairstyle - AtoZ Hairstyles

 

  • අවසන් අංකයෙන් අපි ඔබට කියන්නේ ඔබ නොසලකා හරින තවත් වැදගත් ශරීර අංගයක් ගැන. ඒ ඔබේ තොල්. ඔබ සිතන්නේ තොල් ගැන සැලකිලිමත් වන්නේ කාන්තාවන් පමණක් කියාද..? ඔබ වැරදියි. ඔබේ තොල් වියළි ගතියකින් සහ පැලුණු ස්වභාවයකින් තිබේ නම් එය ඔබේ පෙනුමට හානියක්. ඒ වගේම ඔබ smoke කරන කෙනෙක් නම් අවපහ ගැන්වී ඉදිමුණු තොල් ඔබව අවලස්සන කරනවා. ඒ නිසා තොල් වල තෙතමනය සහ පිරිපුන් බව පවත්වා ගන්න ලිප් බාම් එකක් පාවිච්චි කරන්න මතක කරන්නම එපා. ඔබේ smoking habit එක නිසා අවපහ ගැන්වී ඉදිමුණු තොල් වගේම වියළි ඉරිතැලුණු තොල් වල අවලස්සන මකාගන්නත් සුදුසු ලිප් බාම් එකක් පාවිච්චි කරන්න වගේම ඒක නිතරම ළඟ තබාගන්නත් අමතක කරන්නම එපා.

The best (and worst) lip balms to combat the harsh weather of winter - National | Globalnews.ca

අපි ඉහතින් සඳහන් කළ “නොසලකාහැරීම්” 7ක් අතරින් ඔබ කීයක් මේ වෙනකොටත් කරනවාද කියල ඔබම සිතා බලන්න. මේ සියල්ල ඔබ අනිකාට ප්‍රියමනාප වනලෙස සහ ඔබේ පෞරුෂය කැපී පෙනෙන ලෙස සමාජගත කරද්දී ඔබට වැදගත් වන දේවල්. ඒ නිසා මෙතෙක් ඔබ මේ දේවල් ගැන නොසලකා හැරියා නම්, අදම එකින් එක පටන් ගන්න. ඔබේ වෙනස ඔබටම අත්විඳින්න හැකිවේවි.

ගුලි බොන්න දීලා, එක එක ශක්තීන්වලින් වේදනාවන් නිට්ටාවට සුව කරන්න බෑ – වෛද්‍ය නාමල් සේනසිංහ…

 

අපි සාමාන්ය සමාජයේ ජීවත්වෙනකොට බොහෝවිට සුලබව අහන්න දකින ලැබෙන දෙයක් තමයි කොන්දේ කැක්කුම, ආතරයිටීස් කියන දේවල්. ඉතින් මේ විවිධ ශාරීරික වේදනාවන් සුවකර ගැනීම සඳහා බොහෝ අය වෛද්ය විද්යාවට අදාළ නොමැති දේවල් කිරීමට පවා පෙළෙඹෙනවා. ඔබ දන්නවාද මේවන විට වේදනාවන් සුව කර ගැනීම සඳහා ශාරීරික වේදනා කළමනාකාර මධ්යස්ථානයක් තිබෙන බව. මේ ඒ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්ය නාමල් සේනසිංහ මහතා

 

 

හැමදාම එකම සුප් එක බීලා boring වුණ ඔයාට රසම රස බීට්රූට් සුප් එකක්..

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

බීට්රූට් 250g

තෙල් මේස හැඳි 1

බොම්බයි ලූනු 1

ස්‍ටොක් වතුර  කෝප්ප 1/2

ලුණු  මේස හැඳි  1

ගම්මිරිස් මේස හැඳි  1/2

පොල් කිරි කෝප්ප 1

 

සාදාගන්නා ආකාරය

 

01-මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ බීට්රූට් අලයේ කොළ ඉවත් කරගන්න එක.

02-බීට්රූට් අලය ෆොයිල් කොළයක ඔතලා සෙල්සියස් අංශක 180 ක් තුළ විනාඩි 40 සිට 60 දක්වා බේක් කරගන්න.

03-ඊට පස්සේ ඔයා බේක් කරගත්ත බීට්රූට් අලය සිසිල් වෙන්න තියලා පොත්ත ඉවත් කරලා කෑලි කපා ගන්න .

04-භාජනයකට තෙල් ටික එකතු කරගන ඒකට ග්‍රීන් කරි පේස්ට් ( Green paste curry), බොම්බයි ලූනු එකතු කර විනාඩි 2ක් , 3ක් පිසගන්න. ඒකට බේක් කරගත් බීට්රූට් සහ ස්ටොක් වතුර, ලුණු හා ගම්මිරිස් එකතු කරගන තැම්බෙන්න අරින්න.

05-ඊට පස්සේ සුප් ටික බ්ලෙන්ඩරයකට මාරු කරගන උකු පොල්කිරි කෝප්පයක් ඒකට එකතු කරගන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

06-අන්තිමට ඔයාට කරන්න තියෙන්නේ ඒකට දෙහි යුෂ ටිකක් එකතු කරගන ඔයා කැමති ඖෂද පෑලෑටි වල කොළ ටිකකුත් එකතු කරගන පිළිගන්වන්න.

ලිංගාශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන හරි විදිය

ලිංගාශ්‍රීත රෝගයක් ඇති පුද්ගලයකු සමග ලිංගිකව එක් වීමකින් තවත් අයෙක්ට එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා.

විශ්වාසවන්ත සහකරුවෙක්, සහකාරියක් සමග පමණක් ලිංගිකව එක් වීම හා කොන්ඩම් පැළඳීම මගින් ද ලිංගිකව බෝ වන රෝග පැතිරීම වළක්වා ගන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම ලිංගිකව බෝවන රෝග වලක්වාගන්න එන්නතක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙවර Sex Ed තුළින් විස්තර ගෙන එනවා. මේ, ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස මහතා.

රූපය ගැන හිතන පිරිමි ඔබ, මේ mistakes කරන්න එපා… – 01

Men’s Grooming කියන්නේ ලෝකයේ ජනප්‍රිය විෂයක් බව ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. ඉස්සර නම් විලාසිතා, රූපලාවන්‍ය වගේ විෂයන් ගැන වැඩිපුරම උනන්දු වුනේ කාන්තාවන් / තරුණියන් කියල මතයක් තිබුනා තමයි. ඒක මේ වෙනකොට බොරුවක් බව දකින්න ලැබෙන්නේ තමන් අඳින ඇඳුම, තමන්ගේ පෙනුම ගැන තරුණියන් වගේම තරුණයිනුත් විශේෂ සැලකිල්ලක් දක්වන්න පුරුදු වෙලා ඉන්න බව දකින්න තියෙන නිසයි. gasma.lk කියවන තරුණ ඔබ වෙනුවන් මේ තරුණයින්ගේ lifestyle සහ grooming ගැන තොරතුරු බෙදාගන්න අපි තීරණය කළෙත් ඒ නිසාමයි.

 

හුඟක් වෙලාවට තරුණයින් තමන් අඳින ඇඳුම ගැන, තමන්ගේ කොණ්ඩය ගැන, රැවුල ගැන සැළකිලිමත් වනවා දකින්න තිබෙනවා තමයි. නමුත් මේ Men’s grooming කියන විෂය ගැන නිවැරදි අවබෝධයක් තිබෙනවා කියල හිතන්න අමාරුයි. ඒ නිසාම බොහොමයක් තරුණයන් තමන්ගේ පෙනුම පවත්වාගෙන යාමේදී අතපසු කරන දේවල් ටිකක් ගැන ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා. ඒ යටතේ අපි ඔබට කියන්න යන්නේ, ඔබේ පෙනුම ගැන සැළකිලිමත් වන ඔබ සාමාන්‍යෙන් කරන mistakes දාහතරක් ගැන විස්තරයි. ඒ අනුව අපි මේ ලිපියෙන් එයින් 7ක් ගැන විස්තර කෙරෙන අතර මේ සම්බන්ධ දෙවන ලිපියෙන් අනෙක් කරුණු 07 ගැන විස්තර කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඉතින් බලන්න මේවායින් කීයක් ඔබත් අතපසු කරනවාද කියලා.

 

  • පළවැනි කාරණය විදිහට අපි ඔබේ අවදානය යොමුකරන්නේ අපිළිවෙලට සහ අශෝබන ලෙස වැවෙන රෝම ගැන. සාමාන්‍යෙන් පිරිමි අයගේ සිරුරේ වැඩිපුර ඝනව රෝම වැවෙනවා. ඝනව වැවෙන රෝම කියන්නේ එක්තරා විදිහක පෞරුෂ ලක්ෂණයක් කියල මතයකුත් පිරිමින් තුළ තිබෙනවා. නමුත් අපි මෙතැනදී මතුකරන කාරණය වෙනස්. ඔබ කරන අතපසුකිරීමක් විදිහට අපි මෙතැනදී සඳහන් කරන්නේ මේ ඝනව සහ අපිළිවෙලට වැවුණු රෝම එලෙසින්ම පවත්වා ගැනීම. ඒක නොකළ යුත්තක්. විශේෂයෙන් මේ Body hair ගැන කතා කරද්දී ඔබේ පිට ප්‍රදේශයේ වැවෙන රෝම ඉවත් කිරීම කළ යුතුයි කියලයි Men’s grooming විශේෂඥයින් කියන්නේ. ඒ වගේම ශරීරයේ අනික් අපිළිවෙල සහ ඝන රෝම පිළිවෙලට කොට කරගෙන (trim) නඩත්තු කරන්නත් ඔවුන් උපදෙස් ලබාදෙනවා.

Back Hair Removal at Home - Body Focus - Viss Beauty

 

 

  • ඊළඟට ඔබේ ඇහිබැම ගැන නොසැලකිලිමත් වීමත් බොහෝ පිරිමින් කරන වරදක් ලෙස සඳහන් වනවා. වරදවා වටහාගන්න එපා. මේ කියන්නේ කාන්තාවන් වගේම ඇහිබැම සිහින් සහ කවාකාරව සකස් කිරීම ගැන නෙමෙයි. නමුත් ඔබ දැක ඇති සමහර අයගේ ඇහිබැම වල රෝම ඉතා දිගුව සහ කෙළවර නැමුණු ස්වභාවයෙන් පිහිටනවා. ඒ වගේම සමහරුන්ගේ ඇහි බැම එකිනෙකට යාවෙලා ඝනව පිහිටා තිබෙනවා. මෙන්න මේ අපිළිවෙල ඇහිබැම නිසි පරිදි සකස් කරගැනීම ගැනයි මේ කියවෙන්නේ. විශේෂයෙන් ඔබේ ඇස් සහ ඇහිබැම මගින් ඔබේ මුහුණට විශේෂ පෙනුමක් ලබාදෙනවා. ඒ නිසා ඔබේ මුහුණේ වඩා හොඳ ප්‍රියමනාප පෙනුමක් ලබාගැනීමට ඇහිබැම වල අක්‍රමිකතා තියෙනවා නම් ඒවා සකස් කරගන්න කියන දේත් මතක් කළ යුතුමයි.

How I Learned to Stop Worrying and Love My Bushy Eyebrows

 

 

 

  • ඊළඟට අපි ඔබට මතක් කරන්නේ ඔබ කරන තවත් බරපතළ අතපසු කිරීමක්. ඒ ඔබේ මුහුණේ සම. කෙනෙකුට හිතෙන්න පුළුවන් සමට ප්‍රතිකාර හෝ සත්කාර කිරීම කාන්තාවන්ට අදාළ දෙයක් කියල. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබේ මුහුණ කියන්නේ ඔබව දකින ඕනෑම කෙනෙක් මුලින්ම දකින ශරීර කොටස. ඒ නිසා ඔබේ මුහුණ නිසි නඩත්තුවක් සහිතව පිළිවෙලට තිබිය යුතුමයි. ඔබේ මුහුණ නිතර පිරිසිදු කිරීම, දෛනිකව momisturizer කිරීම වගේ දේවල් නොසලකා හරිම වරදක්. ඔබේ සම වියළි නම් අවශ්‍ය සත්කාරක ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම, සම ඇදී රැලි ගැසී ඇත්නම් ඒ සඳහා යමක් සිදුකිරීම කරන්නම ඕනේ දෙයක්. මුහුණේ සමට සත්කාර කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා. නමුත් ඔබේ මුහුණේ සම සෝදා පිරිසිදු කොට තෙල් සහ දැඩි වියළි තත්වය පාලනය කිරීමත්, කුරුලෑ වැඩිපුර තිබේ නම් ඒවා පාලනය කිරීමත් කළ යුතුමයි. ඒ වගේම ආසියාතික රටක දැඩි අවුවට නිතර නිරාවරණය වනවා නම්, සුදුසු sun cream එකක් පාවිච්චි කිරීමටත් අමතක කරන්න එපා.

Help for Dry Facial Skin & Red Skin Around the Nose in Men

 

 

 

  • ඊළඟට ඔබ කරන තවත් වරදක් විදිහට හඳුන්වන්න පුළුවන් වැඩිපුර සහ අපිළිවෙලට වැවුනු කොණ්ඩය පවත්වාගෙන යාම. මේ කියන්නේ දිග කොණ්ඩයක් තිබීම ගැලපෙන්නේ නැහැ කියන අදහසක් නොවෙයි. ඔබ ඔබේ කොණ්ඩයට කැමති විලාසිතාවක් භාවිතා කරාට වරදක් නැහැ. නමුත් ඒ ඕනෑම එකක් නිසි පරිදි නඩත්තු කළ යුතුයි. අපි ඔබෙන් ඇහුවොත් ඔබ Salon එකට යන්නේ කොපමණ කාලයකට වරක්ද කියා..? ඔබ හරි විදිහට ඔබේ කොණ්ඩය නඩත්තු කරනවා නම් සති තුනකට වරක් වත් සැලුන් එකට ගිහින් ඒ අදාළ විලාසිතාව ක්‍රමවත්ව සකස් කරගන්න අවශ්‍ය වනවා. එහෙම නොවුනොත් ඔබේ කැමතිම විලාසිතාව වෙනුවට අපිළිවෙල විසුළුසහගත පෙනුමක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මගහරින්නේ නැතුව මේ කාරණය ගැනත් සැළකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

Thyroid and hair loss: Symptoms, treatment, and outlook

 

 

  • ඔබ නොසලකා හරින තවත් දෙයක් තමයි ඔබේ කණේ සහ නාසය ඇතුළත වැවෙන රෝම. කණේ ඇතුල් පැත්තේ වගේම පිටතත් රෝම වැවීම සාමාන්‍යෙන් සිදුවන දෙයක්. නමුත් මේවා නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් ඔබේ මුහුණට එකතු වෙන්නේ යල්පිනූ පෙනුමක්. අපිලිවෙලක්. විශේෂයෙන්ම ඔබ උඩු රැවුල වවා තිබුණත්, නැතත්, නාසය ඇතුලින් පිටතට එන රෝම පෙනෙන්න තිබුනොත් එක ඔබේ පෙනුමට වගේම පෞරුෂයටත් හොඳ නැහැ. මේ රෝම කපා දැමීම (trim) කිරීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් සකස් කළ උපකරණ (trimmer) වෙළඳපොලේ ඕනෑතරම් තියෙනවා වගේම ලොකු මිළක් ගෙවන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා මේ කාරණය ගැනත් සැළකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

Older men with increased ear and nose hair growth

 

 

  • ඊළඟ වරද ඔබ කරන්නේ ඔබේ රැවුලත් සමගිනුයි. ඔබ රැවුල වවන කෙනෙක් නම්, ඒ රැවුල නිසි පරිදි නඩත්තු නොකිරීම තමයි මෙතැනදී අපි ඔබේ අවදානය යොමු කරවන්න උත්සාහ කරන්නේ. රැවුල වවනවා නම්, ඒ රැවුලේ lines හරියට shape කරලා පවත්වා ගන්න අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබට අවශ්‍ය ප්‍රමාණයට වවුනට පස්සේ ඊට වඩා වැවෙන අක්‍රමවත් දිග රැවුල trim කරමින් නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි. ඔබ පාවිච්චි කරන රැවුල් විලාසිතාව කුමක් වුවත් ඒ විලාසිතාව පැහැදිළිව පෙනෙන පරිදි හොඳින් නඩත්තු කරගන්න. අනවශ්‍ය facial hair ඉවත් කරන්න. රැවුලේ lines නිවැරදිව maintain කරන්න. ඒ වගේම උඩු රැවුල වවන කෙනෙක් නම් ඒ රැවුලේ රෝම උඩුතොල පසුකරගෙන ඔබේ මුව ඇතුළටත් යන විදිහට නම් පවත්වාගන්න එපා කියලයි අපි උපදෙස් දෙන්නෙ. ඒ පෙනුම ඔබේ රැවුලේ ආකර්ෂණයට වඩා ඔබේ නොසැලකිලිමත් සහ අපිරිසිදු ගැන සාක්ෂියක් විය හැකියි. ඒ නිසා ඔබේ අපිළිවෙල සහ අනවබෝධය මුහුණෙන් නොපෙන්වා ඉන්න උත්සහ කරන්න. එහෙම පෙන්න පටන් ගත්තොත් හානිය වන්නේ ඔබේ පෞරුෂයට බව මතක තියාගන්න.

 

pipedope is dead. in Beard Journey Discussion Archive [DO NOT POST TO THIS SUBFORUM] Forum | Huge beard, Beard no mustache, Beard styles

 

 

  • ඊළඟ කාරණය ඔබේ හිසකෙස්. අපි මුලින් කිවුවා වගේම නිසි පරිදි නඩත්තු කරන ලද කොණ්ඩයක වුනත් මේ අඩුපාඩුව තියෙන්න පුළුවන්. අපිරිසිදු හිසකෙස්. ඔබ ඔබේ හිසට විවිධ oil වර්ග, hair cream, hair spray, hair mose, හෝ ජෙල් වර්ග භාවිතා කරනවා විය හැකියි. මේ සියල්ල නිසා හිසකෙස් විලාසිතාව නඩත්තු කරගන්න පුළුවන් වුනත් නිසි ලෙස පිරිසිදු නොකළොත් පෙනුම කුමක් විය හැකිද.? සිතා බලන්න. තෙල් සහිත, ඇලෙන, ඒ වගේම ඉස්හොරි සහිත හිසකෙස් ඔබට ඉතිරි වේවි. ඒ නිසා ඔබ කළ යුත්තේ කවර ආලේපන පාවිච්චි කරා වුනත්, නිසි පරිදි හිසකෙස් සෝදා පිරිසිදු කිරීම. ඒක දිනපතා කළ හැකිනම් වඩාත් හොඳයි වගේම උණුසුම් වතුරින් සෝදා හැරිය හැකි නම් වඩාත්ම හොඳයි. ඒ නිසා හිසකෙස් වල පිරිසිදුකම ගැන නිතර අවදානයෙන් පසුවන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

How To Take Care Of Oily Hair for Men - 5 Best Solutions

 

අපි ඉහතින් සඳහන් කළ “නොසලකාහැරීම්” 7 අතරින් ඔබ කීයක් මේ වෙනකොටත් කරනවාද කියල ඔබම සිතා බලන්න. මේ සියල්ල ඔබ අනිකාට ප්‍රියමනාප වනලෙස සහ ඔබේ පෞරුෂය කැපී පෙනෙන ලෙස සමාජගත කරද්දී ඔබට වැදගත් වන දේවල්. ඒ නිසා මෙතෙක් ඔබ මේ දේවල් ගැන නොසලකා හැරියා නම්, අදම එකින් එක පටන් ගන්න. ඔබේ වෙනස ඔබටම අත්විඳින්න හැකිවේවි. ඒ වගේම අපි තවත් ඔබ මේ වගේම කරන වැරදි කීපයක් ගැන ඊළඟ ලිපියෙන් දැනුවත් කරන්නම්.

 

-එන්. වෙහෙරදූව-

කොරල්පර රැකගන්න CTB බස් මුහුදට..

කොරල්පර කියන්නේ 25% සමුද්රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර ආරක්ෂාකර ගැනීම බොහෝ ජාතීන් මුහුණ දෙන අභියෝගයක්. නමුත් ශ්රී ලංකාවේ වෙරළබඩ කොරල් පරිසරයට මෙම අභියෝගයට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ. එහි විශාල වශයෙන් මත්ස්ය හා කොරල් විශේෂ වාසය කරන අතර ධීවර හා කොරල්පර සංරක්ෂණය, ජාතික ආර්ථිකයේ මිල කළ නොහැකි අංගයක් මෙන්ම සමෘද්ධිමත් පරිසර පද්ධතියක් වෙනවා. ඒ වගේම ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය කිරීම දැන් ලොව පුරා ජාතික ප්රමුඛතා පරමාර්ථයක් බවට පත්ව තිබෙනවා.

ගැඹුරු මුහුදට ලෝහ ගිල්වීම නරක දෙයක් කියලා පෙනුනට ගැඹුරු මුහුදේ මත්ස්ය සංවර්ධන ව්යාපෘතිය විසින් දිරාපත් වන ලෝහ සාගර ජීවීන්ගේ යහපත සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පෙන්වා දී තිබෙනවා. ශ්රී ලංකා ප්රවාහන මණ්ඩලයේ පරණ බස් රථ භාවිතා කරමින් ත්රිකුණාමල මුහුදේ කුඩා මාළු හා කොරල් වාසස්ථාන පිහිටුවීම මගින් කොරල් පර 7 ක් නිර්මාණය කර තිබෙනවා. ශ්රී ලංකා ඩිපෝවල දිරාපත් වෙමින් පවතින බස්රථ සාගරයේ ගිල්ලවීම මගින් වර්තමාන ධීවර යටිතල පහසුකම් ඉහළ නැංවීමට ඔවුන් අපේක්ෂා කරනවා. ලංකා ධීවර වරාය සංස්ථාව (CFHC) විසින් මෙම innovative and ambitious ව්යාපෘතිය අධීක්ෂණය කෙරෙනවා.

ධීවර හා ජලජ සම්පත් අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්රකාශ කළේ නව අමාත්යාංශවල මග පෙන්වීම සඳහා නිකුත් කරන ලද ගැසට් පත්රය යටතේ මෙම ව්යාපෘතිය ආරම්භ කළ බවයි. වෙරළබඩ ප්රදේශවල මත්ස්ය වාසස්ථාන බෝ කිරීම ප්රවර්ධනය කිරීම සඳහා බලධාරීන් විසින් නව හා විද්යාත්මක ක්රමවේදයන් ක්රියාත්මක කිරීම අවශ්ය වෙනවා. කෘතිම ගල්පරවල වාසි සහ අවාසි මැන බැලීමේදී විශේෂඥයන් විසින් පෙන්වා දී තිබෙන්නේ පරණ බස්, ස්වාභාවික කොරල්පර සඳහා ආදේශකයක් විය නොහැකි බවයි.

විඛාදනය ඇතුළු පාරිසරික කරුණු පිළිබඳව අඛණ්ඩව තක්සේරු කරමින් ව්යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2 ක පසු විපරමක් ඔවුන් යෝජනා කර තිබෙනවා. මිනිසා විසින් ගල්පර නිර්මාණය කිරීම සමුද්ර ජීවීන් ආරක්ෂා කිරීම වගේම මෙමගින් සංචාරක ආකර්ෂණය ද ප්රවර්ධනය කරන්න හැකියාව තිබෙනවා. කොහොම වුණත් පොහොසත් ජෛව විවිධත්වයක් ඇති ජාතියක් වශයෙන්, සොබාදහමේ සම්පත් සංරක්ෂණය කිරීම මගින් අපි දියුණුවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.