හතර වටෙන් Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?

Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?

2021 Jan 5

ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින් ලියෙව්වා. සමහරු පාට පාට පෑන්වලින් ජිවිතේ Design කර ගනිද්දී සමහරු කළු පෑනෙන් ම ජිවිත කතා Design කර ගත්තා. ඔයාට තේරුණේ නැද්ද ඒක ?

අහන්නකො …

ටික් ටොක් එක්ක ගොඩක් අය එයාලගෙ ජීවිත වෙනස් කර ගත්තා.අලුත් ම විදිහකට. හැබැයි ටික් ටොක් නිසා සමහරු කළු පැල්ලම්, නැත්තම් අදුරු පැල්ලම් ජීවිතේට ලං කර ගත්තා. මොනවා වුනත් ගැස්ම කියවන ඔයාට මං කියන්නෙ ටික් ටොක් එක්ක ජිවිතේ වෙනස් ම විදිහකට , අලුත් ම විදිහකට ලියන්න කියලා.

 

ඔයා කැමති නටන්න ද ? සින්දු කියන්න ද ? රඟපාන්න ද ?

Some Professional Dancers Let It Go on TikTok: 'Is This the Future?' - The New York Times

ටික් ටෝක් එක්ක ඔයා කැමති මේ වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් . ඔයාගේ කැමැත්ත එක්ක .
දැනටමත් ඔයා ටික් ටොක් කරනවත් ඇති ඉතින් ….. ඉස්සර ටක් ටික් ටුක් කියලා අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තන් කරපු අතීතයක් සුළුතරයකට තිබ්බට අද කාලේ ඉන්න බහුතරයකට ඒවා ආගන්තුක දේවල්. ඒත් ටික් ටෝක් එක්ක නම් අද බහුතරය මාරම ලෙන්ගතුකමක් ඇති කරන් ඉන්නවා. ඒ ගැන ආයෙ වචන දෙකක් නෑ ඉතින්. මොන දේ වුනත් ඔයා ඔයාගේ ප්‍රතිරූපයට හානියක් නොකර ගන්න තැනට වගබලා ගන්න ඕනමයි.

ඔයා හදා ගත්ත ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්න, ප්‍රතිරූපය වෙනස් විදිහකට ගොඩ නගා ගන්න, ප්‍රතිරූපය නැති කර ගන්න එකත් ඔයාගේ අතේ ම තියන වැඩක් . අන්න ඒ දේ නම් හොදට මතක තියාගන්න. ගොඩක් අයට අමතක වෙන දෙයත් , මතක තියා ගත යුතුම දෙයත් , වැදගත් ම දෙයත් අන්න ඒක තමයි. ටික් ටෝක් කරනවා නම් හොද සිහි බුද්ධියෙන් කරන්න ඕන. තමන් කවුද ? කරන්නේ මොනව ද ? කියන දේ ඔයාට අමතක වෙනවා නම් ඔයා කාන්තාරයක අතරමන් වුනාටත් වඩා අසරණ වෙනවා. කවුරුත් කරන නිසා ඔයා ටික් ටොක් කරන්න ඕනේ නෑ . ඔයාගේ කැමැත්ත, ආසාව ටික් ටෝක් එක්ක නම් කවුරුත් නිසා ඔයා ඒකට තිත තියන්නත් එපා. ඔයාගේ ජිවිතේ අයිති ඔයාට නම් සමාජයට ඕන විදිහට ඔයාගේ ජිවිතේ තීරණ ගන්න එපා. සමාජේ තීරණ ගන්න පළවෙනි නිර්ණායකය කර ගන්න එපා. ලෝකේ පුරාම හැම අස්සක් මුල්ලක් නෑරම ටික් ටෝක් බද්ධ උනා කියන දේ හොදට ම පේනන තියන දෙයක්. ඉතින් අපේ ලංකාවේ තත්ත්වෙත් ඊට දෙවැනි නම් නෑ .එහෙම නේද ? මෙහෙම තත්ත්වෙක ඔයා ඔයාගේ ගැන පමණ ඉක්මවා හිතන්න අමතක කරන්න නම් එපා . ටික් ටොක් කියන අයිස් කුට්ටියේ උඩ තියෙන කොටස ගැන හැමෝම වද උනාට …ඊට යට නොපෙනෙන කොටසකුත් තියෙනවා. අන්න ඒ කොටස ගැනත් ඔයා හැම මොහොතේම හිතන්න.එහෙම නේද ?
ඔයාගේ හිත ඉල්ලන විදිහට ඕන ඕන සින්දු හොයං තාලෙට බැරි නම් ආතල් එකට හරි එහෙට මෙහෙට වැනෙන්න ඔයාට පුළුවන් . ඔයා කැමති නටන්න නම් නටන්න , සින්දු කියන්න කැමති නම් සින්දු කියන්න , රඟපාන්න කැමති නම් රඟපාන්න ……….. මෙන්න මේක තමා ඉතින් ටික් ටොක්වල එකම කෙරුවාව ………..

 

ඔයාට ජනප්‍රිය වෙන්න ඕනෙද ?

Top 10 TikTok stars in India in 2020 - DigiHunt

ටික් ටෝක් කරපු , කරන ගොඩක් අය ජනප්‍රිය උනේ අමුතු විදිහකට …. අලුත් ම , වෙනස් ම විදිහකට. සමාජේ ඉන්න අය හරිම වචනෙන් කියනව නම් ලෝකයා ඔයා ගැන නරක කියා කියා කතා කරනවා නම් , අන්න එතැනදී ඔයාට හිතන්න දෙයක් තියෙනවා . ඔයා ගිය පාර හරිද නැද්ද කියන එක. ඔයා තෝර ගත්ත පාර හරි නම් කවුරුත් ඔයාට දොසක් නම් කියන්නෙ ම නෑ .අන්න ඒක නම් ඉර හද වගේ ෂුවර්. ඔයාට වගේම සමාජෙට ම යහපතක් වෙන විදිහට තමයි ඔයා ජනප්‍රිය වෙන්න ඕන . ටික් ටෝක් කරලා ඔයා බලාපොරොත්තු වෙන්නේ හැමෝම අතර ජනප්‍රිය වෙන්න විතරම ද ? ඔයා නටපු නැටුම දැකලා තව කෙනෙක්ගේ ඇස්වලට සතුටක් ගේන්න පුළුවන් නම් අන්න ඔයා දිනුම්. මං මෙහෙම කියන්නම්කො ….අපේ අනන්‍යතාව කියා පාන උඩරට , පහතරට, සබරගමු නැටුමක් කරා නම් .. කී දෙනෙක් ඔයාගේ නැටුම නිසා සතුටු වෙනවාද ?

එක අතකින් ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් විතරක් ටික් ටොක් කරනවා වෙන්න පුළුවන්. ඒත් නොදෙනුවත්ව ම මෙහෙම දෙයක් වෙනවා කියන්නේ ඔයා මාරම පොරක් තමයි ඉතින් .ඔයා සමහරවිට දන්නෙත් නෑ ඔයා හැමෝම අතර කතාබහට ලක්වෙනවා කියන දේවත්. ‘තාක්ෂණයත් එක්ක ගහට පොත්ත වගේ බද්ධ වෙලා ඉන්න අපි , අපේ කම ආගන්තුකයන්ගේ ගොඩට දානකොට . අපිට පුළුවන් ටික් ටොක් එක්ක ඒවා රැකගන්න. ප්‍රශ්න කියන නූල් පන්දුවල පැටලිලා ඉන්න අපිට ටික වෙලාවකට හරි ඒ හැමදේම අමතක කරන්න ටික් ටෝක්වලින් පුළුවන්. මොනවා උනත් ඔයා කැමති ටික් ටොක්වලින් ජනප්‍රිය වෙන්න නම් හොදම විදිහ ඔයා ම තීරණය කරන්න ඕන . ලෝකයේ ගොඩක් රටවල නළු නිළියෝ ටික් ටෝක් කරනවා උනාට ලංකාවේ ටික් ටෝක් කරලා ගොඩක් අය නළු නිළියෝ වෙනවා .
ඔයාගේ ආසාවත් අන්න එකට try නම් කරලා බලන්න .

 

අපේ දේ රැකගන්න පුළුවන් අය හොයා ගමු

Getting to know Sri Lankans in the UAE | Asia – Gulf News

අපේ නැටුම් නටන්න හැමෝටම බෑ . ඒත් ඉතින් ඒකෙ රස ලබන්න අපි කවුරුත් කැමති. ටික් ටොක් එක්ක ඔයාට පුළුවන් ඒ වගේ නැටුම් කරන්න . ඒ රසය විදින්න කැමති අයට ආසාවෙන් ඒ රසය දෙන්න . වෙහෙසකර ජිවිත ගෙවන අයගේ හිතට මෙහෙම දෙයක් කරලා හරි ඔයාට පුළුවන් පුංචි ම පුංචි සතුටක් ගෙනත් දෙන්න.ටික් ටොක් කරන අයට අනිත් අයගේ ආදරේ ආදරෙන් ලබා ගන්න පුළුවන් හොදම විදිහ තමා මේ. මේ එක මිස් නොකර ටික් ටොක් කරන කෙනා මාරයි ඉතින් . අපේ දේ රැක ගන්න පුළුවන් අය කියල මං කිව්වේ අපි වගේ එවයින් ඇත් නොඋන ඒවා එක්කම ජිවත් වෙන අය . අනිත් අය අපේ දේ නැති කරනවා නෙමෙයි. දුරස් වෙනවා . ගෙවන තප්පරයක් ගානෙ වෙන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් ඒ වගේ විශේෂ අය ටික් ටොක්වලින් හොයා ගත්ත්ම අපිට පුළුවන් අලුත්ම ලෝකයක් හදන්න … වෙනස්ම විදිහකට …. නේද ?

 

 

ඔයාට ගැළපෙන යාළුවො හොයාගමු

👬 Best friends 👭 forever// Bff💞💞//Tik tok videos on friendship... - YouTube

ටික් ටොක් නිසා අලුත්ම යාලුවෝ Set එකක් Set කර ගන්න පුළුවන් . ඕනම රටක , ඕනෑම යාලුවෙක් එක්ක ඔයාට වෙන්නත් පුළුවන්
.මෙතැනදී ඔයා සැලකිලිමත් වෙන්නම ඕන .ඔයාට හම්බුවෙන කෙනාගේ බාහිර ස්වරුපය දැකල එයාව යාලු කර ගන්න ඔයා හිතනවා නම් ..
ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න මුදුන් මුල වෙන්න පුළුවන් . බාහිර ස්වරුපය අතරින් එයාගේ අභ්‍යන්තරය දකින්න ඔයා අමතක කරන්න නම් එපා .
ඔයා ඒ දේට දක්ෂ නොවෙන්න පුළුවන් . ඒත් ඒ දේට ඉවක් ඔයා ඇති කර ගන්න ම ඕන . අලුත් යාලුවෝ හොයන් , අලුතෙන් ජිවිතේ පටන් ගන්න හිතන ඔයා මෙතැනදී කල්පනාවෙන් …

tik tok එක්ක අලුත් විදිහට හිතන්න ගැස්ම කියවන ඔයාත් අමතක කරන්න එපා . tik tok account එකක් හදන් අනිත් අයගේ අඩුපාඩු හොය හොය කාලේ ගත කරන්න නම් එපා …  tik tok එක්ක ඔයා කැමති විදිහට , අලුත්ම විදිහට ජිවිතේ වෙනස් කර ගන්න…. tik tok ගැන සමාජේ මොන වගේ කතා තිබ්බත් එක තේරුම් අරන් ඒකෙ රස ඔයා විදින්න …. tik tok දිහා වෙනස්ම පැත්තකින් බලන්න .Tik tok රැල්ලේ උන්මාදයට අහු වුන කෙනෙක් නොවී ජිවිතේ අලුතින් design කරන්න…ගැස්ම කියවන ඔයාට මම මේ කිව්වේ පොඩි tips ටිකත්  try කරලා බලන්න …

සඳුනි අරවින්දිනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here