Blog Page 38

Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?

ඔන්න තාමත් මේ Mackie’s Restaurant එක ගැන දන්නේ නැති අයට තමයි අපි අද අපේ රස ගැස්ම වෙන් කරන්නේ. මේ Restaurant එකේ පිළිගන්වන ශ්‍රී ලංකික සම්වභයක් ඇති චයිනීස් කෑම වට්ටෝරු ඉතා සරලයි වගේම විවිධ රසයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි අපි එදිනෙදා රස විඳින සාමාන්‍ය චයිනීස් කෑම අලුත්ම විදියකට මෙහිදී පිළිගන්වනවා. මෙම ආහාර ප්‍රනීත රසයකින් යුක්ත වන අතර ඔබේ රස නහර හා ඇසද පිනවන්නට සමත් වෙන එකනම් විශ්වාසයි.

Drinks

Mackie’s හි ඇති පානයන් වර්ග අතර මොක්ටේල්, ජුස්, මිල්ක්ෂේක් සහ සෝඩා වැනි වර්ග රැසකින් සමන්මිතයි. ඉතින් මේ පානයන් ඔයාගේ ආහාරවේලට ගැලපෙන අයුරින් තෝරාගැනීමට මෙහිදී ඔයාට පුළුවන්.

Blue Lagoon – Rs 425

දොඩම් හා මින්ට් රසැති මෙම පානය blue curacao, දෙහි කෝර්ඩියල් හා සෝඩා මිශ්‍ර රසවත් පානයක්. මේ පානය උණුසුම් සහිත දිනයක සිසිල් වීමටනම් ඉතාමත් කදිමයි.

Chocolate Milkshake – Rs 375

ඉතා උකු බවින් යුක්ත වගේම ප්‍රනීත රසැති මේ චොකලට් මිල්ක්ෂේක් එක උණුසුම් දිනයක රස විඳීමට කියාපු පානයක්. ඉමිහිරි චොකලට් රසයක් හා ප්‍රමාණවත් පැණි රසයෙන් යුතු මෙය හොඳ ආකර්ශනීය තෝරාගැනීමක්.

Tropical Paradise – Rs 495

තරමක් උස, වර්ණවත් වීදුරුවක පිළිගන්වන මෙය මෙනුවේ දක්වා තිබුණේ දොඩම්, අන්නාසි, අඹ, coconut ක්‍රීම් සහ grenadine සිරප් කලවම් වූ සංයෝගයක් විදිහටයි. මේ බීම එකේ ඔබ ඉස්සෙල්ලාම රස විඳින්නේ අඹ හා දොඩම් රසයක්. ඒ රස අවසන් වන්නේ ප්‍රනීත අන්නාසි හා ගස්ලබු රසයකින්. අලංකාර උස වීදුරුවක ප්‍රියජනක ලෙස පිළිගන්වන මේ බීම එක පලතුරු රසට ප්‍රිය කරන ඔබටම සරිලන පානයක්.

Mains (ප්‍රධාන ආහාර)

Mackie’s Restaurant එකේ ප්‍රධාන ආහාර වේලකින් ඔබට එළු මස් වැනි මස් වර්ගයන්ගේ ඉඳලා කකුළුවන් හා දැල්ලන් ඇතුළු සියලුම දේ රස විඳීමට පුළුවන්. රසවත් starch dish සිට ප්‍රෝටීන් ඇතුළු සියලුම දෙනාට සරිලන ආහාර මොවුන්ගේ මෙනුවේ අඩංගුයි.

Hot Butter Cuttlefish – Rs 1150

කර කර ගාලා රසට හැපෙන ආශ්වාදනීය බටර් රසයක් තිබෙන මේ dish එක අපි රස විඳලා තියන ඉස්තරම්ම Hot Butter Cuttlefish meal වලින් එකක්. මේ අසම සම Hot Butter Cuttlefish meal එක කන්න කන්න ආස හිතෙන dish එකක්. ඒ වගේම මේ dish එක දෙන්නෙකුට තුන්දෙ‍නෙකුට උනත් සෑහෙන තරම්. ඔබ Mackie’s Restaurant එකට ගියොත් මේ Hot Butter Cuttlefish dish එක අනිවාර්යෙන් රස විඳින්න කියල අපි ඔබට මතක් කරනවා.

Sizzling Hot Garlic Fish – Rs 1250

ඉතා ප්‍රියජනක ආහාරයක් වන sizzling fish තමයි මෙහි ඇති රසවත්ම ආහාරය . මාළු මිරිස් සෝස් දවටපු , ස්ප්‍රිංග් අනියන් වලින් සැරසූ හොඳම කුළුබඩු යොදාගන සාදන මේ sizzling fish එකටනම් අපි කැමති වෙන එක අරුමයක් නෙවෙයි. ඇත්තටම එය ඒ තරමටම රසවත්.

Chicken Hong Kong Style – Rs 850

මෙම dish එක දැක්ක ගමන් හිතෙන්නේ කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න එහෙම පෙනුනට රසයේ අඩුවක්වත් එක්කර තිබෙන මස්වල අඩුවක්වත් නැහැ. මේ dish එකේ තියෙන Chicken සෝස්වල දවටලා තමයි අපිට පිළිගන්වන්නේ . ඒ වගේම සෝයා , වියළි මිරිස් සහ ස්ප්‍රිංග් අනියන් යොදා ගෙන සරසලා තියෙන මේ dish එක අපට දෙන බත් එකට හොඳින් ගැළපෙනවා.

Sweet and Sour Prawns – Rs 1100

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චීන වට්ටෝරුවක් විදිහට සකස් කරලා තිබ්බ මේ dish එක අපේ පැරණි රස මතකයන් අලුත් කලා කිව්වොත් හරි. ඉස්සන් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් හොඳට ඒවා මසින් පිරී තිබුන වගේම එය උකු බැටර් මිශ්‍රණයක තවරා රසවත් ලෙස සකස් කොට තිබුනා.

Mixed Crispy Noodles – Rs 1250

Mixed Crispy Noodles dish එක තමා Mackie’s Restaurant එකේ අපේ දහවල් ආහාර වට්ටෝරුව වුණේ. හතු, බේල් පෙපර්, ඉස්සන්, chicken හා beef මුසු වූ මේ නූඩ්ල්ස් එක crispy රසයෙන් තිබුන වගේම පදමට තෙම්පරාදු කරලා තිබුනා.

Seafood Rice – Rs 825

ඉතා රසවත් ලෙස සකස් කොට තිබු මෙම බත් එක තුන්දෙනකුට වුවත් ප්‍රමාණවත් තරමට පිළිගන්වා තිබුනා. කුඩා ඉස්සන් හා දැල්ලන් කැබිලි මිශ්‍ර වූ මෙම බත් එක ඔබ එදිනෙදා රස විදින එකාකාරී Chinese rice එකකට වඩා රසයෙන් වැඩි වගේම එය Mackie’s Restaurant එකේ පිළිගන්වන අනෙකුත් dish සමග මෙය හොඳින් ගැලපුනා.

Mixed Vegetables in Garlic Butter – Rs 750

මේ එලවළු මිශ්‍රණයේ කිසිම සුදු ළුණු රසයක් නැති වුණත් එය අවශ්‍ය ප්‍රමාණයට වඩා බටර් රසයක් ගත්තා. කොහොම උනත් එහි තිබු මෘදු රසය හා සෞඛ්‍යමත් බව නිසා අපිට සමබර ආහාර වේලක් රස විදින්න පුළුවන් වුණා.

Desserts

Mackie’s Restaurant එකේ ඇති අතුරුපස මෙනුව අනෙක් ඒවා වගේම සාමාන්‍ය වුනත් ඔවුන් එය අනර්ඝව පිළියෙළ කොට පිලිගන්වනවා.

Baked Alaska – Rs 550

අපි බලාපොරොත්තු නොවු විදිහට මේ dish එක සිත් ඇදගන්නා එකක් වුණා. රසවත් කේක් තීරු, ice cream, චෙරි හා චොකලට් සෝස් මිශ්‍ර වූ මේ අතුරුපස පැනි රසට ප්‍රිය ඔබව අනිවාර්යෙන්ම තෘප්තිමත් කරාවී. මෙහි ඇති අධික රස හා ප්‍රමාණය නිසා මෙය sharing dish එකක් ලෙසත් රසවිදීමට ඔබට හැකියි.

Sizzling Chocolate Brownies with Vanilla Ice Cream – Rs 575

Mackie’s Restaurant එකේ sizzling dishes හැම එකක්ම ඉතා විශිෂ්ඨ ලෙස සකස් කරනවා. Brownies කෑලි දෙකක් මතට වැනිලා icecream හා චොකලට් සෝස් දමා රස කොට තිබු මේ dish එක ඉතාමත් රසවත්. Brownie එක කේක් එකක් ලෙස පෙනුනත් අපිට ආස හිතෙන විදියට වැඩි චොකලට් රසයකින් හා මදක් වියළි ගතියකින් සකස් කොට තිබුනා.

Mackie’s Restaurant එකේ සේවාව ඉතා කඩිනම් හා සැලකිලිමත් කියලත් අපි කියන්නම ඕන. මෙහි සේවාවද ඉතාමත් සුහදශීලීයි. මෙම අවන්හලෙහි උඩු මහල හා පහත මල් දෙකෙහිම අසුන් ගැනීමේ පහසුකම් ඇති අතර උඩු මහල වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් දහ දෙනෙකුට පමණ සත්කාර කල හැකි පෞද්ගලික ‌‌භෝජන ශාලවක්ද මොවුන් සතුව තිබෙනවා.

Tip – අනිවාර්යෙන්ම Mackie’s Restaurant එකේ Mixed Crispy Noodle එක රස විඳින්න.

අතරමං වෙන්නේ නැතුව පිටකොටු යන්න නම් මේ දේවල් ඔබට වැදගත් වේවි..

පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉදන්ම අහන්න දකින්න ලැ‌බෙන ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ස්ථානය පිළබඳව නොදන්න කෙනෙත් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමග ගණුදෙනු කරත් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න හරියටම දන්නේ නැහැ. පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ. පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ ​වෙළඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි .ලංකාවේ අනිත් ප්‍රදේශ වලින් හොයාගන්න බැරි දේවල් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන් වීම තමයි මෙහි තියන මූලික විශේෂත්වය . ඒ වලේම පිටකොටුවට ආවොත් ඕනම දෙයක් අඩු මිලට මිලදී ගන්න පුළුවන්.විශාල ප්‍රදේශයක් හරහා පැතිරිලා තියෙන පිටකොටුව ​සියලු වෙළඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විදියට සලකනවා. මුල් වතාවට පිටකොටු යන කෙනෙක්ටනම් අනිවාර්යෙන් එහි ගියාම වංකගිරියකයට ගියා හා සමන අත්දැකීමකට මුහුණ දෙන්න වෙන එක සුලභ කරුණක්. නමුත් ඉතින් තම අවශ්‍යතාවන් සපුරාගන්න හොඳම වෙළඳසැල්, ලාබෙට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න වගේම හොඳම ගණුදෙනුකරුවන් හොයාගන්න පිටකොටු ගිහින් ඇවිදලම බලන්න වෙනවා. හැම පාරක්ම ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලිව නම් කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින ඔබ බයවෙන්න දෙයක් නම් නැහැ.

පිටකොටුවේ ​​ප්‍රධාන වීදිය සහ බෝධිරාජා වීදිය අනෙක් සියලුම වීදිවලට ​​විවෘත වන බැවින් මෙම මාර්ග පිටකොටුව තුළ ගමන් කිරීමේදී ගොඩක් වැදගත් වෙනවා. ඔබ පිටකොටුව තුළ ඇවිදින්න පාරවල් දැනගන සිටියත්, එහි යන්න එච්චරම පහසු නැහැ . ඒ නිසා මේ වැඩේට google map එක භාවිතා කරන්න පුළුවන් . එහි මාර්ග සහ විශාල වෙළඳසැල් බොහොමයක් මනාව ලේඛනගත කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින්න ඔබට අපහසුවක් වන එකක් නැහැ. ඒත් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දේ ඇති, google map එකේ පෙන්නන්නේ නැති, සැඟවුණු ස්ථාන රාශියක් තිබීමට හැකියාව තිබෙන නිසා සාප්පු සොයා ගැනීමේදී google map එකම භාවිතා කරන්නේ නැතුව ටිකක් ඇවිදලා බලන්න.

 

මැලිබන් වීදිය
පිටකොටුවෙහි ​මෙම ප්‍රදේශය ලිපි ද්‍රව්‍ය සැපයුම්, විශේෂයෙන් මංගල ආරාධනා සඳහා වඩාත් ප්‍රසිද්ධ වනවා.

 

ගැබෝස් පටුමග සහ වෙල්ස් වීදිය
බේකිං අමුද්‍රව්‍ය සහ කේක් බඳුන්, කේක් අච්චු වැනි උපකරණ රාශියක් මෙහි දී ඔබට සොයාගන්න හැකියාව තිබෙනවා.

 

ප්‍රින්ස් වීදිය
වීදුරු වලින් සාදන ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම විශේෂයෙන් කණ්නාඩි වර්ග මෙහිදි සොයාගන්න පුළුවන් . ඒ වගේම , ඔබට ඉලෙක්ට්‍රොනික් හා සෙල්ලම් බඩු ද සොයාගන්න මෙහිදී හැකියාව තිබෙනවා.

 

බෑන්ක්ෂෝල් වීදිය
මෙම වීදිය සාමාන්‍යයෙන් විවිධාකාර දේවල් වලින් සමන්විතයි. කලාකරුවන් සඳහා වන සැපයුම් සමඟ කලා සහ ශිල්පීය ද්‍රව්‍ය අලෙවි කරන සාප්පු කිහිපයක් මෙහි දකින්න ලැබෙනවා.ඒ වගේම ප්ලාස්ටික් මල් සමග ඔබට ‌ඖෂධ සහ රසායනික සැපයුම් ද සොයාගැනීමට හැකියාව තිබෙනවා.

 

ප්‍රධාන වීදිය, ඕල්කොට් මාවත, දෙවන හරස් වීදිය, කීසර් වීදිය
රෙදිපිළි කර්මාන්තයට අදාළ සෑම දෙයක්ම ප්‍රධාන විදීයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දෙවන හරස් වීදිය සහ කීසර් වීදිය රෙදිපිළි සම්බන්ධ සැපයුම්වලින් පිරී තිබෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම රෙදිපිළි වර්ගයන් මෙම මාර්ගවලින් සොයාගැනීමට පුළුවන්.

 

තෙවන හරස් වීදිය
මෙහිදී ඔබට තරාදි හා මිටි, ඉස්කුරුප්පු නියන් වැනි මෙවලම් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

චීන වීදිය
චීන වීදිය ප්‍රධාන පිටකොටු ​​ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති අතර අනෙක් වීදි තරම් ජනාකීර්ණ නැහැ. (බොහෝ දුරට). වීදුරු භාණ්ඩ සමඟින් ඔබට බොහෝ නික්නැක්, විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගන්න හැකියාව තිබෙනවා.

 

හතරවන හරස් වීදිය
දුසිම් ගණනක් ‌තොග ආහාර අලෙවි කරන තොග වෙළඳසැල් මෙම විදියෙන් ඔබට සොයාගන්න පුළුවන්. සියලුම ආපනශාලාහිමියන් තම සැපයුම් ලබා ගැනීමට යන ස්ථානය මෙය වන අතර එම වීදියේ උදේ වරුවේ දැඩි කලබලකාරී වාතාවරණයක් දකින්නට ලැබෙනවා.

 

රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග
ඔබ ලිපි ද්‍රව්‍ය, විශේෂයෙන් කඩදාසි සොයන්නේ නම් ඔබ යා යුතු ස්ථානය තමයි රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග . ඒ වගේම මුද්‍රණ සැපයුම් විශාල ප්‍රමාණයක් මෙහිදී සොයාගන්න හැකියාව තිබෙනවා.

 

පළමු හරස් වීදිය
ඔබට ජංගම දුරකථනයක් තිබේ නම් හෝ එකක් මිලදී ගැනීමට වුවමනානම් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මෙම වීදියෙන් සොයාගන්න හැකියාව තිබෙනවා. ජංගම දුරකථන හැරුණු විට ඔබට වෙබ් කැමරාවන් වැනි අමතර උපාංග සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණද මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

මල්වත්ත පාර
සපත්තු, ලෙදර් බෑග්, සංචාරක බෑග් සහ ඒ හා සමාන දේවල් වගේම ඔබ සංයුක්ත තැටි, ඩීවීඩී සහ කැසට්පට භාවිතා කරන අයගෙන් කෙනෙක් නම්, ඒවා සොයා ගැනීම සඳහා ඔබ යා යුතු ස්ථානය තමයි මල්වත්ත පාර.

ඉතින් ඔන්න ඔයා පිටකොටු යන්න ඉන්න කෙනෙක්නම් නැත්තම් පිටකොටුව පිළිබඳව ලොකු අවබෝධයක් නැති කෙනෙක්නම් මෙන්න මේ තොරතුරු ඔබට වැදගත් වෙයි. ඉතින් ඊළඟ පාර ඔයාට අවශ්‍ය තත්වයෙන් උසස් හෝ ලාබෙට මොනවමහරි දෙයක් මිළදී ගන්න පිටකොටු යනවනම් ඔයා හරියටම දන්නවා දැන් යන්න ඕන කොහෙටද කියලා.

පාට වෙනස්වෙන Mermaid Drink එක ට්‍රයි කරන්න කැමතිනම් Mitsi’s අලෙවිසැලට යන්න අමතක කරන්න එපා

කොළඹ කියන්නේ අලුත් අලුත් දේවල් මුලින්ම මිනිස්සු අතරට එන ප්‍රධාන නගරයක් කියන එක හැමෝම දන්නවානේ. ඉතින් ඔන්න මේ වසර තුලදී කොළඹ නගරයට එකතු වූ අලුත්ම දේ තමයි One Galle Face Mall කියලා කියන්නේ. ඒ වගේම තමයි කොළඹට මෙහෙම අලුතෙන් එකතු වූ One Galle Face Mall එක මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වලත් බොහෝ සෙයින් දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ හේතුව හින්දම අපි හිතුවා මේ සතියේ One Galle Face පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. කතාවක් තියෙනවානේ කෑමක් කන්න කලින් ඇස් දෙකට දැකලා හිත පිරෙන්න ඕන කියලා .ඉතින් One Galle face ගියපු මට වුණේ අන්න ඒ දේ තමයි .මම දැන් ඔයාලට කියන්නම් දැක්ක ගමන් හිත පිරුණ ඊට පස්සේ මගේ රසනහර පිනාගිය ඒ විශේෂ දේ මොකක්ද කියලා.

මට හමුවුණු ඒ විශේෂ දේ තමයි Mermaid Drink එක. මේ ප්‍රණීත පානය ජේම්ස් සහ සින්තියා විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේම නිශ්පාදනයක් වන අතර වර්තමානයේ One Galle Face Mall තුළ ඇති Mitsi’s අලෙවිසැලෙන් ඔබට Mermaid Drink එක රසවිඳීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පානයේ තියන විශේෂත්වය තමයි අපි මීට කලින් ලංකාව තුළ මේ විදියේ වර්ණයක් තියෙන ඒ වගේම ඒ වර්ණය සැරින් සැරේ වෙනස්වෙන රසවත් පානයක් දැකලා නැති එක . ඉතින් දැන් ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට Blue Teas සහ වර්ණ වෙනස් කරන Lemonade පානයන් Mitsi’s අලෙවිසැලෙන් ඔබට පහසුවෙන් මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම මම මේ Mermaid Drink එක Internet එකේ කලින් දැකලා තිබුණා. ඒ වෙලේ මේ වර්ණයන් වෙනස්වෙන අමුතු පානය බොන්න ඇත්තටම ආසවක් ඇතිවුණා. මම හිතුවේ නැහැ මට Mermaid Drink එක රසවිඳින්න අවස්ථාවක් ලැබෙයි කියලා . හැබැයි One Galle Face Mall එකේදී මට ඒ රසවත් අත්දැකීම විඳින්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ පානයේ වර්ණයන් වෙනස්වෙන විදිය දැක්කොත් ඔබ පුදුමයට පත් වේවි.

Blue Lemonade – LKR 450

මේ පානය ගැන කිව්වොත් ඔවුන් ළඟ තියෙන ආකර්ෂණීයම පානය විදියට Blue Lemonade පානය හඳුන්වන්න පුළුවන්. මෙම පානය කව්පි මල් තේ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කව්පි මල් තේ වල කිසිදු රසයක් නැහැ කියලා තමයි පැවසෙන්නේ. මේ පානයේත් විශේෂත්වය තමයි අපි බලන් ඉද්දිම මෙහි වර්ණය සෙමින් සෙමින් වෙනස් වෙනවා. ඔබ Blue Lemonade මෙහිදී මිලදී ගන්න යනවානම් මිලි ලීටර් 400ක ලොකු කප් එකක් ඔබට රස විඳින්න හම්බෙනවා.

Passion fruit – LKR 470

ඔබ පැෂන් ෆෘට් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නම් මේ පානයට ඔබ අනිවාර්යයෙන් කැමති වේවි. පැෂන් රසය සැබවින්ම මේ තුළින් ඉස්මතු වන අතර මේ පානයේත් වර්ණයන් වෙනස්වෙනවා. හැබැයි මේ පානයෙන් කව්පි පිටි තේ වල ලොකු රසයක් දැනෙන්නේ නම් නැහැ. කව්පි පිටි තේ වල රසයක් දැනෙන්නේ නැති වුණත් Passion fruit පානය ඉතාමත් සිත්ගන්නාසුළු පානයක් විදියට හඳුන්වන්න පුළුවන්.

Strawberry – LKR 490

ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රියකරන දෙයක්. ඉතින් ඔවුන් නැවුම් ස්ට්‍රෝබෙරි භාවිතා කිරීමෙන් මෙම පානය නිර්මාණය කර තිබෙන්නේ ස්ට්‍රෝබෙරි වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. මෙම පානයත් අනෙක් සියලුම පානයන් වගේම ගොඩක් රසවත් .

අපි හැමෝම කැමතියිනේ අළුත් කෑම බීම අත්හදා බලන්න. ඉතින් One Galle Face යන ඔබටත් මේ Mermaid Drink එක අත්හදා බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ පානය ආකර්ෂණීය වගේම රසවත් පානයක් බව නොකියාම බැරිදෙයක්. ඉතින් මං වගේම මේ පානය රසවිඳින්න කැමැත්තක් දක්වන අයට මම කියන්නේ මේ පානය බීලම බලන්න කියලා. මට විශ්වාසයි ඔබත් අනිවාර්යයෙන්ම මේකට ගොඩක් කැමති වෙයි. මෙහි ඇති තවත් විශේෂ දෙයක් තමයි මෙම ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරන්න වගේම මෙම පානයන් සඳහා යොදා ගන්නා කව්පි මල් වාණිජමය වශයෙන් ලබා දීමටත් ඔවුන් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කළා.

සරසවිය වදකාගාරයක් ද ?

හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්. නැවතත් මෙම නවක වදය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වුණේ මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන රුහුණු විශ්ව විද්‍යාලයේ බවට පැවසෙන ඉතාමත් අමානුෂික වීඩියෝවක් නිසයි. එම සිදුවීම පිළිබඳව අප සොයා බැලීමේදී අනාවරණය වුණේ එය පසුගිය මාර්තු මාසයේ සිදුවූ සත්‍යය සිදුවීමක් බවටයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරින් නීතිය තම අතට ගෙන ක්‍රියාත්මක කරන, හීනමානයෙන් පෙළෙන කල්ලියක් එකතුවී අහිංසක ළමයින්ට කරන අමානුෂික වද හිංසා වලින් එම සිසුන්ගේ ජීවිතයම අඳුරු වුණ අවස්ථා බොහෝමයි. මෙය වර්තමානය වනවිට විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් ලෙස වර්ධනය වී තිබේ.

නවක සිසුන්ව පිළිඅරගෙන ඔවුන්ව විශ්වවිද්‍යාල සංස්කෘතියට අනුගත කිරීමේ අරමුණින් ආරම්භ වුණු නවක වදය, මුල් වකවානුවල සිසුන්ටද ඉතා සුන්දර අත්දැකීමක් වි තිබුණි. සමාජයේ තිබෙන පන්ති භේදය නැති කර සියළු දෙනාවම එකම මට්ටමකට ගෙන එන්නට දියත් කෙරුණු නවක වදය, සති දෙකක් වැනි සුළු කාලසීමාවකට සීමා වී තිබුණි. නමුත් වර්තමානයේ මේ දේවල් ඉතා අමිහිරි අමානුෂික ආකාරයකින් සිදුවන බව සක්සුදක්සේ පැහැදිලියි.

සිසුන් පමණක් නොවේ ඔවුන්ගේ දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, ඔවුන්ගේ ඥාතීන්ද මෙයින් පීඩාවට පත්වෙනවා. තම දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා යැයි සතුට සමරනවා වෙනුවට මහා බරක් හිසමත තියාගත්තා වගේ හැඟීමක් ඔවුන්ට දැනෙනවා ඇති. රෑ එළිවෙනකම් පාඩම් කරනවා වෙනුවට, දඬුවම් ලැබීමකට මොවුන් හසුවෙනවා ඇති. දහවල් කාලයේ දේශනවලට සහභාගී වෙනවා වෙනුවට රාත්‍රියේ තමන්ට සිදුවූයේ කුමක්දැයි සිත සිතා ඉන්නට ඔවුන්ට සිදුවෙනවා ඇති.

ඉගෙනගැනීමට නිදහස් මනසක් තිබීම අනිවාර්ය බව අපි හැමෝම දන්නවා. ඒත් මෙවැනි කාරණා හේතුවෙන් සිසුන්ට සිදුවන මානසික පීඩනය කොතෙක්ද කිව හැක්කේ නවක වදයට මුහුණ දුන් කෙනෙකුටම පමණි. එය අපට හිතාගන්නවත් බැරි තැනක පවතී. මෙවැනි නවක වද වලට අසුවන සිසුන් බොහෝ දෙනෙක් නීතිය ඉදිරියේ මුණිවත රකින්නේ ඔවුන්ගේ ඉගෙනීමට තවත් බාධා ඒ යැයි සිතාගෙනයි. එම නිසා බොහෝ වැරදිකාරයන් සෑම අවුරුද්දකම මෙම ක්‍රියාව තම සිතැඟි පරිදි සිදු කරගෙන යයි.

ඔවුන් මෙයින් බලාපොරොත්තුවන්නේ මානසික තෘප්තියක්ද? නැත්නම් කායික තෘප්තියක්ද? මේ ගැන ඔවුන්වත් නොදන්නවා ඇති. නවක වදය ලෙස දෙන ක්‍රියාකාරකම් ගැන මෙතන සඳහනක් නොකරන්නේ එය ලොකු කුඩා කවුරුත් දන්න ඉතා අප්‍රසන්න ක්‍රියාකරකම් රැසක් නිසයි. එවැනි අමානුෂික, අප්‍රසන්න ක්‍රියාකාරකම් කරන පහත් මානසික මට්ටමකින් සිටින ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ක්‍රියාකලාපය හමුවේ මුළු විශ්වවිද්‍යාල සංස්කෘතියටම සිදුවන්නේ මහත් කැළලකි. සමාජයක් දියුණු වීමේදී ඉදිරියට ගමන් කළයුතු අපි ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න යළිත් සිතා බැලිය යුතුයි. රට තුළ වගේම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට වැඩකටයුතු සිදුවිය යුතුයි.

රසවත් කොක්ටේල් සහ මොක්ටේල් ට්‍රයි කරනවානම් රාමඩා හෝටලයේ Oasis Lounge Bar එක

ගොඩ කාලකෙට පස්සේ relax වෙන්න හොඳ තැනක් හොයනවනම් එහෙමත් නැත්නම් කොළඹ තියෙන හොඳම බාර් ගැන දැනගන්න කැමතියි නම්, මෙන්න ඔයාලට හොඳ ආරංචියක් කියන්න තියෙනවා…..

ඒ තමයි Oasis Lounge Bar එක. මෙය රසවත් මොක්ටේල්, කොක්ටේල් සහ ප්‍රනීත ආහාර රැසක් රසවිඳින්න පුළුවන් සුවපහසු බාර්එකක්. වෙහෙසකර දවසකින් පසු ඔබට එහි ඇති swimming pool එක ලඟට වී ඔබේ ප්‍රියතම පානය සමඟ relax වෙන්න පුළුවන්. මේ අපි Oasis Lounge Bar එකේදී රසවිඳපු දේවල් අපි ලැබූ අත්දැකීම්වලින් කිහිපයක්.

මොක්ටේල්ස් ( Mocktails)

Berry Cooler – Rs 600

නමෙන් කියවෙන විදිහටම මේක හරිම refreshing drink එකක්. දෙහි යුෂ, ස්ට්‍රෝබෙරි සිරප් සහ මිශ්‍ර බෙරී කොම්පෝට් වලින් සාදන ලද මෙය රස්නේ දවසකට කදිමයි. බෙරි වලින් හදපු නිසා මීට වඩා ඇඹුල් රසයක් තියෙයි කියල බලාපොරොත්තු වුනාට, මේක පිපාසය සංසිඳුවන්න නියම බීමක්.

Avacado Jaggery – Rs 600

සාමාන්‍ය අලිගැට පේර පානයකට වඩා වෙනස් නොවුනත්, මේ මොක්ටේල් එකේ විශේෂත්වය වෙන්නේ මේක පැණි රස කරන්න හකුරු යොදාගෙන තිබීම. මේ මොක්ටේල් එක ඕනෑවට වඩා බර නෑ, අලිගැට පේර ස්මූති එකකට වඩා සැහැල්ලුයි.

Shirley Temple – Rs 600

මෙම ප්‍රබෝධමත් classic මොක්ටේල් එක ඉතා ආකර්ශනීය ලෙස පිළිගන්වා තියෙනවා. ග්‍රෙනඩින් සහ සෝඩා වලින් සාදන ලද මෙම මොක්ටේල් එක චෙරි එකකින් සරසා තියෙනවා. මෙය නිවාඩු පාඩුවේ ඉන්න දවසකට වඩාත් කදිම බීමක්.

කොක්ටේල්ස් (Cocktails)

Pina Colada – Rs 1200

උස වීදුරුවක පිළිගන්වන මෙම ජනප්‍රිය පානය අන්නාසි පෙත්තකින් සහ චෙරි එකකින් සරසලා තිබුනා. රම්, කොකනට් ක්‍රීම්, අන්නාසි යුෂ සහ අයිස් වලින් සාදන ලද මෙය අපි රස බලපු හොඳම Pina Colada වලින් එකක්. රම් සහ අන්නාසි මිශ්‍ර කොකනට් ක්‍රීම් හරි ගානට තිබ්බ මේ මොක්ටේල් එකේ උකු ගතිය නියම පදමට තිබුනා.

Vodka Martini – Rs 1200

සිසිල් කරපු වීදුරුවක පිලිගන්වපු dry martini එක ටිකක් සැර වුනාට හරිම ප්‍රසන්න රසයකින් යුක්තයි. මේ Vodka Martini එක ලුණු යෙදූ ඔලිව් ගෙඩියකින් තවත් රසවත් වෙලා තිබුණා. මෙය තවත් ඔලිව් ගෙඩියකින් සරසා ඉතා අපූරුවට පිළිගන්වා තිබුණා.

Classic Mojito – Rs 1200

උණුසුම් දවසකට කදිම මේ Classic Mojito එකේ ඇති හොඳ alcohol රසයට නැවුම් දෙහි සහ මින්ට් කොළ වලින් තව වැඩි රසයක් එකතු කරලා තියෙනවා.

Bar Bites (බයිට්ස්)

Cheese Toast – Rs 400

පිටින් කර කර ගා හැපෙන, මැද්දෙන් ටිකක් soft, ගානට ටෝස්ට් කරපු මේ චීස් ටෝස්ට් එක නම් සුපිරියි. ටෝස්ට් එක පුරාම රසවත් චීස් ස්ප්‍රෙඩ් එකක් ගාලා උඩින් මොසරෙල්ලා චීස් දාල, චීස් ගොඩක් එක්ක ලස්සනට, රසට පිලිගන්වල තිබුණා.

Hot Butter Cuttlefish – Rs 800

කවුරුත් ආස කරන ජනප්‍රිය දැල්ලෝ dish එකක් වන මේ ආහාරය bell pepper එකතු කරලා ඉතා වර්ණවත් සහ ප්‍රිය මනාප අයුරින් පිලිගන්වල තිබුණා. හැබැයි අපිට හිතුනේ මේක ටිකක් රසයෙන් අඩු බවකුයි. මේකට ටිකක් ලුණු වැඩියි කියලයි අපිට තේරුණේ. හැබැයි ගොඩක් තැන් වල ලැබෙන දැල්ලෝ dish වගේ නෙමෙයි, මෙහි දැල්ලන් මෘදුව හා කන්න පහසු විදිහට සකස් කරලා තිබුණා.

Chicken Karaage – Rs 690

Oasis Lounge Bar එකේ වැඩිම ඉල්ලුම සහිත dish එක මෙය වීමට හොඳ හේතුවක් තියෙනවා. මොකද මේක නම් හරිම ප්‍රනීත, දිව පිනායන dish එකක්. මෘදු සහ හොඳට පදම් කරපු චිකන් වටේට කර කර ගා හැපෙන, රසයෙන් පිරුණ batter දැවටුමක් තියෙනවා. මේකත් එක්කම පිළිගන්වන sriracha සෝස් සහ hot chili සෝස් එක්ක මේක නියමෙට ගැලපෙනවා.

Oasis එක තමයි කොළඹ තියෙන දුම් පානය කල හැකි එකම Lounge Bar එක. ඒ වගේම මෙහි අවුරුද්ද පුරාම ඉතා ආකර්ශණීය දීමනා ලබා දෙනවා. මෙහි තවත් විශේෂත්වයක් තමයි ඔවුන්ගේ pool table එක. ඒ වගේම මෙහි එන අයට තමන් කැමති ගීත රස විඳීමට ඉඩ සලසා දෙන ‘i-juke’ jukebox එක. Oasis Lounge Bar හි දිනපතා happy hour එකකුත් තියෙනවා. ඒ වගේම සිකුරාදා දිනවල Neeka ගේ සහ සෙනසුරාදා දිනවල Yenuka & Mariez ගේ සජීවී සංගීතය මග නොහරියම යුතු events දෙකක්. කොක්ටේල්, මොක්ටේල් විතරක් නෙමෙයි මෙහි ආනයනික හා දේශීය alcohol ජාතිත් ගොඩක් ලබාගන්න පුළුවන්. එම නිසාමයි, Oasis Lounge Bar එක නිතරම Lounge Bar වලට යන්න කැමති අයගේ ප්‍රියතම ස්ථානයක් වෙලා තියෙන්නේ.

Tip: මෙහි ගියොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ Chicken Karaage එක try කරන්න

රසවත් ඉන්දියානු ආහාර කෑම වේලකට කොළඹ රාමඩා හෝටලයේ Alhambra අවන්හලට යන්න

රමඩා වල උතුරු ඉන්දියානු අවන්හල එහෙමත් නැත්නම් Alhambra වලට ඇතුල් වෙනකොටම එහි සිත් ඇදගන්නා සුළු බව හා උත්කර්ශවත් බව ඔබව සතුට පත් කරාවි. වෙන තැනකට සමාන කරන්න බැරි රසවත් ආහාර වේලක් වගේම හිතවත් සත්කාරකත්වයක් අපි එහිදී අත්වින්ඳා.

කොළඹ අවට තියෙන ප්‍රධාන ඉන්දියන් අවන්හල් අතරින් එකක් වුනු Alhambra, 1974 දී ආරම්භ වුණු, වසර ගණනාවක් පුරාවට දියුණු කරපු ආහාර වට්ටෝරු වලින් සමන්විතයි. ඔවුන්ගේ මේ විවිධවූ ආහාර වට්ටෝරු, සම්ප්‍රදායික උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ඔබට ලබාදීම සදහා එකින් එකකට වෙනස්වූ දිව පිනායන ආහාර පිලිගැන්වීම් රාශියක එකතුවක්. Alhambra වල සියලුම ආහාර සැකසීම එහි සිටින ඉන්දීය සූපවේදීන් අතිනුයි සිදුවෙන්නෙ. මේ ආහාර නිමවෙන්නේ ප්‍රවීන සූපවේදී, Chef සිංග් අතින්. සැබෑ ඉන්දීය රසය සොයන ඔබට, සම්ප්‍රදායික ඉන්දීය ආහාර අත්දැකීමක් වෙනුවෙන් කොළඹ තියෙන හොදම නැවතුමක් තමයි Alhambra කියලා කියන්නේ.

බීම වර්ග

Mango Lassi -Rs 400

මෙය ඉතා රසවත් කිරි රස පිරුණු උකු ගතියෙන් යුක්ත Mango Lassi එකක්. උස වීදුරුවක පිලිගන්වන මෙහි අඹ වල පැණි රස හොඳටම තියෙනවා. ඔවුන්ම නිපදවපු යෝගට් වල කිරි රසට මේ ලැසී එක එකතු කරලා තියෙන නිසා අමුතු රසවත් බවක් එක් කරලා තියෙනවා. මේ ලැසී එක බීලා ඉවර වුනාම දැනෙන ඇඹුල් රස නිසාත් ලැසී එකේ පැණිරස බැලන්ස් වෙන්නේ අපූරු රසයක් එකතු කරමින්.

Starters

Murgh Tikka – Rs 975

සම්ප්‍රදායික තන්දූරි අවන් එකේ පිලියෙල වෙන චිකන් ටික්කා එක පිලිගන්වන්නේ රසවත් පොඩ්ඩක් විතර ඇඹුල් රස රයිටා පේස්ට් එක්ක. චිකන් එක යෝගට් වලින් හොඳට පදම් කරලා රසවත් දීසියක් ලෙස පිලිගන්වනවා. ඇත්තටම මේ රසය තවත් වැඩි වෙන්නේ, තන්දුරි අවන් එකෙන් එකතු වෙන අපූරු රසයත් නිසා.

Hara Bhara Kebab – Rs 750

මෙනු එකේ තිබුනු ස්ටාටර්ස් වලින් මගේ ප්‍රියතම තේරීම තමයි Hara Bhara Kebab. එළවළු වලින් සකස් වුන නිර්මාංශ Starters එකක් වීම මේකෙ තියෙන විශේෂත්වයක්. ග්‍රීන් පීස්, කජු, වියළි මිදි එකතු කරලා තිබුණ නිසා එළවළු පැටී එකට අමුතුම රසයක් එකතු කරනවා. සුදු ළූණු, කජු බැදුම ගාර්නිෂ් එක අමුතු රසක් එක් කළා. ඒ වගේම කෙබාබ් එක්ක පිලිගන්වන මිංචි චට්නි එක මුළු දීසියටම අලුත් රසයක් ගෙන ආවා.

Pattiwala Samosa – Rs 400

පිටින් කර කර ගාලා හැපෙන, ඇතුලින් මෘදු මේ සමෝසා එක දැකපු ගමන් කන්න හිතෙන දෙයක්. අල තෙම්පරාදුව පිරුණු මේ සමෝසා පිලිගන්වන්නේ පොඩි පැණි රසක් තියෙන චට්නි එකකුත් එක්ක. මේ Pattiwala Samosa දීසිය ඔබේ රස දිව පිනා යන ආහාර අත්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ.

ප්‍රධාන ආහාර

Naan & Parata – Rs 220

අපට පිලිගන්වපු නාන් වර්ග අතර ගර්ලික් නාන් වල ඉදන් සේවරි නාන් වර්ග වෙනකම් ලොකු වට්ටෝරුවක් තිබුනා. හැම නාන් එකකම තිබූ ක්‍රිස්පි මතුපිට, ඇතුලත මෘදු බව අපූරු රසක් එක් කළා. මැටි වලින් හදපු උදුනක තමයි මේ නාන් සකස් කරන්නේ. ඒ නිසා නාන් වල රසය වැඩි කරන්න වගේම නැවුම් රසක් එකතු කරන්නත් මේ මැටි අවන් එක හේතු වෙලා තියෙනවා. විවිධ වර්ග වල නාන් විශේෂ වල තියෙන්නේ වෙනස් වූ ආවේණික රසයන්. ප්ලේන් නාන් එකේ ඇති නැවුම් රසයත්, ගාර්ලික් නාන් එකට ආවේනික වෙච්ච අපූරු රසයත් සහ සුවඳත්, සේවරි නාන් එක නමෙන් කියවෙන විදියටම ස්වාභාවික කුළුබඩු එකතුවෙන් එන ආවේණික රසයත්, චිලී පරාටා වල සැර ගතියත්, මෙනු එකට ලොකු විවිධත්වයක් එකතු කරලා තියෙනවා.

Chicken Biriyani – Rs 950

Alhambra වල බිරියානි එක වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම මම රසවිඳපු හොඳම බිරියානි වලින් එකක්. රසයන් ගොඩක එකතුවක් වෙච්ච, සුවදින් පිරුණු මේ බිරියානි පදමට සකස් වුන කදිම ආහාර වේලක්. චිකන් වගේම වියළි මිදි, කජු මද එක්ක රසට හැපෙන බිරියානි දීසියක් කියන්නෙ, හැම අතින්ම සම්පූර්ණ වෙච්ච රසවත් බවේ උපරිමයක් කිව්වොත් හරි. බිරියානි පිලිගන්වන්නේ චට්නි, කජු මද සහ බොංචි එක්ක විතරක් නෙවෙයි සම්පූර්ණ වටලප්පම් එකකුත් එක්ක. කට්ටියත් එක්ක අමතක නොවන සුපිරි බිරියානි අත්දැකීමක රසය විඳගන්න නම් Alhambra තරම් සුදුසු වෙන තැනක් කොළඹ අවටනම් නැහැ.

Thaali- Rs 1300

විවිධ වර්ග වල ආහාර රාශියක එකතුවක් වෙච්ච Thaali, අතිශයින් අලංකාර ආහාර දීසියක්. පරිප්පු ටඩ්කා,මට්න්, රසම්, සබ්සි, ජල්ෆ්රෙසි, මීකිරි , සලාදයක්. එළවළු සමෝසා සහ බිරියානි හරි නාන් හරි එක්ක Thaali රස විදින්න අවස්ථාව තියෙනවා. මේ එක එක ආහාර වල අවේනික විවිධ රසයන් එකට එකතුවෙලා Thaali එකෙන් ලැබෙන්නේ වෙනස්ම අලුත්ම, අපේ ශ්‍රී ලාංකික රසට හරියන දිව පිනායන රසයක්.

curry වර්ග

Dhaal Tadka – Rs 650

කුලුබඩු වර්ග ගණනාවක් එකතු කරල, පොල් කිරි, ගිතෙල් එකතුවෙන් සකස් කරපු රසවත් පරිප්පු ටඩ්කා, බත් හරි නාන් හරි එක්ක හොදින් ගැලපෙන කරි වර්ගයක්. වර්ණවත් කහපාටකුත් තියෙනවා. මේ දීසිය සැර එකක් කියල හිතුනට ඇත්තටම සැර අඩු රසවත් කරියක්.

Paneer Makhani – Rs 850

රතු පාට, ගණකම් හොදි දීසියක් එක්ක පනීර් පිලිගන්වන මකානි එක ඇත්තටම හොඳම සංයෝගයක්. සුදු ළූණු, ළූණු, මසාලා වගේ ගොඩක් කුළුබඩු සහ රසයින් රාශියක එකතුවක් වුනු පනීර් මකානි, Alhambra වල තියෙන හොදම කෑමවලින් එකක්.

Gosht Kali Mirch (Mutton) – Rs 1100

හොඳින් පදම් කරපු, කුළුබඩු වර්ග නියම පදමට යොදපු, සැර ගතියට කැමති අයට සුදුසුම දීසියක් තමයි Gosht Kali Mirch. මට්න් වලට පදමට රස එකතු වෙලා සකස් කරපු මේ කරි වර්ගය ඇත්තටම රසවත්. ඕනෑම නාන් වර්ගයක් එක්ක ගැලපෙන මේ කරිය රසයෙන් වාගේම සුවදින් හා පාටින් පරිපූර්ණයි.

Desserts

Mango Rabri – Rs 450

පැණි රසට කැමති ඔබ වෙනුවෙන්ම හදපු අතුරුපසක් තමයි මේ. Mango Rabri කිරි රසිනුත් අනූනයි. අඹ වල සහ කිරි වල පැණි රසට ලෙමන් වල ඇඹුල් රස අපූරු සංයෝගයක් එක් කරනවා. කජු, වියලි මිදි එකතුවෙන් මේ අතුරුපස තවත් රසවත් කරලා තියෙනවා.

Rice Kheer – Rs 400

ඉන්දියාවෙ විතරක් නෙවෙයි, මුලු ලෝකෙම ඉතාම ප්‍රසිද්ධ අතුරුපසක් තමයි කීර්. ආමන්ඩ් රසෙන් කිරි යහ ගුණයෙන් පිරුණු කීර් වලට උඩින් එකතු කරපු ආමන්ඩ් කැබලි, මේ අතුරුපසට තවත් රසවත් බවක් එකතු කරනවා. Alhambra වල කීර් එක පාරක් ආහාරයට ගත්තොත් ආපහු කන්න හිතෙන තරම්ම රසවත්.

Alhambra වලට යන හැමෝටම සුපිරි අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඉහලම ආරක්ෂක තත්වයෙන් යුතු මේ අවන්හල අමුත්තන්ගේ ආරක්ශාව, සුවපහසුව උපරිමයටම තහවුරු කරල තියෙන්නේ. එහි තියෙන රසවත් ආහාර වගේම සත්කාරකත්වය Ramada වල තියෙන විශේෂත්වයක්. මූගල් ගෘහනිර්මාණ ශිල්පයට විශේෂ අවධානයක් දෙමින් ඉදිකරපු Alhambra, ගෘහ භාණ්ඩයන් වල තියෙන ඉන්දීය සම්භවය පවා ඔබට සම්පූර්ණ උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් සඳහා හොදින්ම ගැලපෙන නැවතුමක් බවට පැවසිය යුතුමයි.

Alhambra හැම සිකුරාදා දවසකම උතුරු ඉන්දීය ආහාර දීසී රාශියකින් සමන්විත රාත්‍රි බුෆේ එකක් සූදානම් කරනවා. අමුත්තන් 72කට පමණ එකට ඉඳගෙන ආහාර ගන්නට ඉඩකඩ තිබෙන Alhambra, පවුලේ හැමෝම හෝ යහළුවන් සමග හෝ එක්ව උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ලබන්නට සුදුසුම අවන්හලක්.

40 හැවිරිදි තර්ජිනීගේ ජීවිතයට තර්ජනයක් නොවූ ඇයගේ අසාමාන්‍ය උස

පරිණාමවාදය නොපිළිගන්නා අය, මිනිසා කියන්නේ දෙවියන්ගේ අපූරු මැවීමක් කියලා කියනවනේ. ඒ අනුව අපි හැමකෙනෙක්ටම හිමිවුණු පෙනුමක්, හැඩයක්, උසක්, මහතක් ලැබිලා තියනවා. සමහර වෙලාවට අපි කියනවා අපි මහත වැඩි එක්කො කෙට්ටු වැඩියි, මගේ නහය ඇදයි, මම උස වැඩියි, මම කොට වැඩියි අරකයි මේකයි කියලා. හැබැයි සමහර විට අපිට ඒවගේ දේවල් ලැබිලා තියෙන්නෙ අපේ වාසනාවට වෙන්න පුළුවන්.

හැබැයි මේක තේරුම් ගන්නේ කිහිපදෙනයි. එහෙමත් නැත්නම් උපතින් ලැබිලා තියන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නේ කිහිපදෙනයි. තර්ජිනී සිවලිංගම් කියන්නේ ඒ වගේ තමන්ට උපතින් ලැබුණු අසාමාන්‍ය උස තමන්ගේ ආයුධය කරගෙන ජීවිතය ජයගත් ධෛර්යවන්ත කාන්තාවක්. මේ දිනවල ඇය ගැන යළි කතාබහක් ඇතිවෙලා තියනවා. ඒ ඇගේ දස්කම් නැවත නැවත පෙන්වන නිසායි.

අඩි 6 අඟල් 10ක් වුණු ඇයගේ උස යම් අවස්ථාවල ඇයව සමච්චලයට ලක්කර පහතට ඇද දමන අතර තවත් අවස්ථාවක ඇයව ඉහළටම ඔසවා තබන්න උදව්වෙනවා. අඩි 5 අඟල් 5ක් විතර වෙන සාමාන්‍ය කෙනෙකුගේ උසට වඩා ගොඩක් වැඩි උසක් හිමිවුණු කෙනෙක් මුහුණ පාන ගැටළු ගොඩක් තියනවා. ඒ උසට සරිලන ඇඳුම් පැළඳුම්, නිදාගන්න ඇඳවල්, ඉඳගන්න පුටුමේස, සහකරුවෙක් සොයාගැනීමේ අපහසුකම් ඒ අතරින් කිහිපයක්. කාන්තාවක් විදියට ඇයට ලැබුණු මේ අසාමාන්‍ය උස නිසාම ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්වුණු ඇය ලෝකප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා. ඒ ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව යන විරුදාවලිය ඇයට අත්පත් වීමත් සමඟ.

මෑතකදී පැවැත්වුණු ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ ගෝල 45න් 44ක්ම ලබාගෙන කැපී පෙනෙන තරඟකාරියක් ලෙස ඇය තවත් වරක් ඇයව තහවුරු කරනවා. අදවන විට රටක් ආදරය කරන, නිහතමානී, අති දක්ෂ හා ලොකප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් වන ඇයට ඉතා පැහැදිලි සුන්දර වර්තමානයක් හා අනාගතයක් තිබුණට ඇය මේතාක් ආ ගමන් මඟ දෙස හැරී බැලුවොත් එය රෝසමල් ඇතිරූ මාවතක ආව ගමනක් නොවන බව ඉතා පැහැදිලියි.

L.T.T.E යුද සමයේ හිසට නිවහනක් නැතුව තැන් තැන් වලට මාරුවෙමින් හැංගි හැංගි ගතකළ ජීවිතයක් ඇයගේ තරුණ වියේදි ඇයට හිමිව තිබුණා. යුද සමයේ යාපනයේ ඇතිවී තිබුණු තත්වය අපට හිතින් මවාගන්න පුළුවන්. අහිංසක පවුල් කීයකට උන්හිටිතැන් අහිමි වුණාද? ඒ පවුල් වලින් එක් පවුලක තර්ජිනීද සාමාජිකාවක් වෙලා හිටියා. ඔවුන්ටද ඔවුන්ගේ නිවස අහිමි වෙනවා. මරභියෙන් තැන් තැන් වල සැඟවී පලා යෑමට ඇයට සිදුවුණා. ඒ අමිහිරි අත්දැකීමෙන් පසු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරන්න ගිය ඇයට ප්‍රථම වරට නෙට්බෝල් පිටියක් දක්නට ලැබෙනවා. ඇගේ උස ඇය උපයෝගී කරගන්නේ මේ අවස්ථාවෙදි. නෙට්බෝල් ගැන කිසිදු දැනුමක් නැති ඇය නෙට්බෝල් ක්‍රීඩාව ඉගෙනගන්නවා. දෛවය විසින් අප ලවා යම් දෙයක් කරවන්න තියනවානම් ඒ දේවල් වලට අපව ඉබේම ගෙනියනවා. ඇය කොලඹ එනවා. ඇය පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්නෙ කොලඹ ඉඳන්. ජීවිතයේ සමහර දේවල් ලඟා කරගන්න අපිට ගොඩාක් දේවල් කැප කරන්න වෙනවා. ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා. ගොඩාක් දේවල් අත්හදා බලන්න වෙනවා. තර්ජිනී ඒ කැපකිරීම් කරනවා. යාපනයේ අවුරුදු විසි ගණනක් ජීවත් වුණු ඇය භාවිතා කළේ දමිළ භාෂාව. නමුත් කොළඹ ඉන්න නිසා ඇයට සිංහල ඉගෙන ගන්න වෙනවා. සිංහල වචනයක්වත් නොදන්න ඇය සිංහල භාෂාව ඉගෙන ගන්නවා.

මුලදි ඇයට වැරදීම් ගොඩක් සිදුවෙනවා. නමුත් ඇය ඒ වැරදීම් වලින් ඉගෙනගන්නවා. 2011 ලෝක කුසලානයේදී ඇය ගෝල 296න් 290ක්ම ලබාගන්නේ අන්න ඒ වැරදීම් වලින් ඉගෙන ගත්ත නිසයි. එම වසරේ ඇය දක්ෂතම විදින්නිය ලෙස සම්මාන ලබනවා. අපේ දක්ෂතාවයන් එළියට පේන තරමට අපිට ලැබෙන්න තියෙන අවස්ථාද වැඩියි. ඇගේ දක්ෂතා හේතුවෙන් ඇයට ලංකාවෙන් පිට තරඟ වදින්න අවස්ථාවක් ලැබෙනවා. ඇයට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නෙට්බෝල් ලීග් තරඟයේ තම දස්කම් දක්වන්න අවස්ථාවක් ලැබෙනවා. වසර තුනක කාලයක් ඇය එහි නිරත වී නැවත ශ්‍රී ලංකාවට එනවා. කැපකිරීම් මතින් ගොඩක් දේවල් අත්පත් කරගන්න පුළුවන් කියන දේ ඇය අපට හොඳින් කියා දෙනවා.

ඕනැම කණ්ඩායමක් ශක්තිමත් වෙන්නේ දක්ෂ සාමාජිකයන් හිටියම. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමටත් තර්ජිනී කියන්නේ වටිනාම සම්පතක්. ඒය මෑතකදි ඇය මැනවින් ඔප්පු කළා. පසුගියදා පැවති ආසියානු ශූරතාවයේ 88 – 50 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ගෝල 76ක් ලබා ගැනීමට තර්ජිනී සමත් වී තිබුණ නිසයි. දැන් ඇයට වයස අවුරුදු 40 වෙලත් තවමත් ඇගේ අභිප්‍රාය වෙන්න නැවත වරක් ලෝකයේ හොඳම දැල් පන්දු විදින්නිය වෙන්නයි. ඇගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉටුවෙන්න සහ ඇය සහභාගී වෙන ඉදිරි තරඟ වලදිත් ජයග්‍රහණය අත්වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

උපතින් ඇයට උරුම වූ උස ඇය හරිහැටි උපයෝගී කරගත් නිසා අදවන විට තර්ජිනී ජීවිතය සාර්ථක කරගෙන තියනවා. ඇගේ චරිතය අපිට ගොඩක් දේවල් කියාදෙනවා. ඇත්තටම අපි හැමෝම උපතින් යම්කිසි දක්ෂතාවයක් අරගෙන එනවා. සමහර අය දක්ෂතා කිහිපයක් අරගෙන එනවා. අපිට ඒ දක්ෂතා හඳුනාගන්න පුළුවන්නම් ඒ දෙයින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. උස නිසා පැසැලෙදි යහළුවන් අතරෙදි සමාජය ඉදිරියෙදි උසුළු විසුළුවට ලක් වුණ චරිතයක් අද ඒ උස නිසාම ජනාදරයට පත්වෙලා තියනවා. මේක තර්ජිනීට විතරක් අදාල දෙයක් නෙමේ. හැමෝටම අදාල දෙයක්. අපි ලඟ තියන දේවල් ගැන අපි නිතරම බලන්නේ අඩු සැලකිල්ලකින්. නමුත් ඒදේවල් අපි ලඟ තියන ශක්තිමත්ම දේවල් වෙන්න පුළුවන්.

සේවා ස්ථානයේදී ලිංගික හිංසනයට ලක්වෙනවාද?

අනතුර වටහාගන්න, දැනුවත් වන්න, වලක්වන්න

ලිංගික හිංසනය වර්තමානයේ වැඩි වශයෙන් සාකච්ඡා වන මාතෘකා වලින් එකක්. එසේ වුවත් සේවා ස්ථානයේ ලිංගික හිංසනය (sexual harassment at workpalace) නිතර සාකච්ඡාවට ලක් නොවන මාතෘකාවක්. සාකච්ඡා නොවීම කෙසේවෙතත්, සේවා ස්ථානයේ ලිංගික හිංසනය දිනපතා බොහෝ පිරිසක් නිහඩව විදවන, නිහඬ වසංගතයක්.

ස්ත්‍රී – පුර්ශ සමානාත්මතාව බිඳුවකට නොසලකමින්, වර්තමානයේ සේවා ස්ථානයන් තුල සිදුවන අයුතු යෝජනා කිරීම්, ඉඟි – බිගි පෑම්, අසභ්‍ය ඡායාරූපයන් හෝ email හුවමාරු කර ගැනීම්, අනවශ්‍ය ස්පර්ශ කිරීම් හෝ වෙනත් ශාරීරික, මානසික පීඩාවට පත් කිරීම් මේ සේවා ස්ථානයේ ලිංගික හිංසනය ඉතා සරලව විස්තර කිරීමක්.

ස්ත්‍රීවාදය (feminism) පිලිබඳ විශාරද, කැත්‍රින් මැකිනොන්ට අනුව, සේවා ස්ථානයේ ලිංගික හිංසනය යනු, අසමාන බලය බෙදීමේ රාමුවක් තුල සිදුවීමට ඉඩක් පවතින, යම් පුද්ගලයකුගේ ලිංගික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා, වෙනත් පුද්ගලයකු මත සිදුකරන, අනවශ්‍ය බලපෑම් කිරීමක්.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, ඉඟි – බිගි පෑම් වැනි සුළු සිදුවීමක සිට ශාරීරික අපයෝජනයක් වැනි බරපතළ සිදුවීමක් දක්වා විවිධ පරිමාණයන් තුල සිදුවිය හැකිය.

සේවා ස්ථානයේ සිදුවන,

අනවශ්‍ය ස්පර්ශ කිරීමක්, කෙනිත්තීමක්, තට්ටු කිරීමක් හෝ වැලඳ ගැනීමක් වැනි ශාරීරික හිංසනයන්

අයුතු යෝජනාවන් කිරීම්, අයුතු හෝ අසභ්‍ය විහිළු කිරීම්

අසභ්‍ය ඡායාරූපයන් හෝ e-mail හුවමාරු කර ගැනීම්

අනවශ්‍ය ලෙස, දිගින් දිගටම ඔබ දෙස බලා සිටීම ආදී මොනයම් හෝ අයුතු හැසිරීමක්, සේවා ස්ථානයේ ලිංගික හිංසනයක් ලෙස සලකන්න පුලුවන්.

මෑතකදී ශ්‍රීලංකාව තුල සිදුකළ සමීක්ෂණකින් සොයාගෙන තිබෙන ආකාරයට කාන්තාවන් බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන මාධ්‍යයන් තුල සිදුවන ලිංගික හිංසනයන්, දූෂණය කිරීම් වැනි ශාරීරික අපයෝජනයන් පිලිබඳ හොඳින් දැනුවත් වුවත් සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන් පිලිබඳ නොදැනුවත්. දැනුවත් වුවත් ඒ පිලිබඳ සාකච්ඡා කිරීමට මැලිවීම හෝ සඟවා තබා ගැනීමට පෙළඹීමක් පෙන්නුම් කරන්නෙ ඒ පිළිබඳ දැඩි අවධානය යොමු නොවීම හෝ විවෘතව සාකච්ඡා කිරීමට පවතින ලැජ්ජාව හේතුවෙන් වියහැක.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, කාන්තාවන් පමනක් මුහුණපාන ගැටලුවක් නොවේ. මනෝ විද්‍යාව පිලිබඳ අධ්‍යාපනවේදී ශාලින්දී පණ්ඩිතකෝරාලගේ ට අනුව, තරුණ පිරිමි පාර්ශවයද කාන්තාවන් ආකාරයෙන්ම මේ සේවා ස්ථානයේ ලිංගික හිංසනයට ලක්වන බවයි. එහෙත් ඒ පිලිබදව කාන්තාවන් තරම් වත් පිරිමි පාර්ශවය සාකච්ඡා නොකරන්නේ, ඉදිරිපත් වුවහොත් එය පුර්ෂත්වයට නොගැලපෙන සිදුවීමක් හෝ තමන් ස්ත්‍රී ආකර්ශනය ලබාගැනීමට සිදුකරන ඉදිරිපත් වීමක් ලෙස සැලකීමට ඉඩක් පවතින්නේ යැයි සිතා වියහැකිය.

සේවා ස්ථානයේ ලිංගික හිංසනය, විවිධ ස්වරූපයෙන් සිදුවිය හැකියි.

හුවමාරුව (Quid Pro Quo / This for That)

උසස්වීමක් හෝ වෙනයම් වාසිදායක අවස්ථාවක් පිලිගැන්වීමක් හෝ ලබාදීමට පොරොන්දුවෙන් සිදුකරන ලිංගික හිංසනය, මේ ගනයට අයත්. මෙවැනි ඇරයුමක් හෝ නියෝගයක් පිලිනොගැනීම සේවා ස්ථානයේ විවිධ තාඩන පීඩන වලට ලක්වීමට හේතුවන අවස්ථාවකන් බහුලව දැකිය හැකිය. වින්දිතයන් මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට අකැමැති වුවත්, අවට සිටින අනෙක් සේවකයන්ට නිරීක්ෂණය කර වටහා ගැනීමට හැකියාවක් පවතිනවා. එවන් අවස්ථාවකදී අවධානය යොමුකල යුත්තේ යම් සේවකයකු වෙත සේව්‍යයා හෝ යම් ඉහල නිලධාරියෙකු, අධික ලෙස උනන්දුවක් දැක්වීමක්, මෙවන් සිදුවීමක් පිලිබඳ සේවා ස්ථානයේ පැතිර යන ඕපාදූපයකට හෝ කටකතාවකට පසුව සිදුවන, පැහැදිලි හෝ සාධාරණ හේතුවකින් තොරව සේවයෙන් පහත හෙලීමක් වැනි අවස්ථාවක් විය හැකියි.

මෙවැනි සිදුවීම් සිදුවීම වලක්වා ගැනීම සඳහා විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම, මානව සම්පත් කලමනාකරු වෙත නිර්නාමිකව පැමිණිලි
කිරීමට ඉඩ සැලසීම හෝ ඉහළ නිලධාරින් වෙත ඍජුවම පැමිණිලි කිරීමට ඉඩ සැලසීම සිදුකල් හැකියි.

සිරගතකර තබාගන්නා වැඩබිම් පරිසරය (Hostile Working Environment)

සිරගතකර තබාගන්නා වැඩබිම් පරිසරය යනු, සේවකයාගෙ අකමැත්තෙන, දිගින් දිගටම සිදුකරන අනවශ්‍ය ඉල්ලීම් කිරීම්, විහිළු කරන මුවාවෙන් සිදු කරන අනවශ්‍ය ස්පර්ශ කිරීම් ආදීයයි. මෙය හුවමාරුව ආකාරයේදී වැනි වාසි ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරන හිංසනයන් නොවේ.

බොහෝවිට සේවා ස්ථානයේ ලිංගික හිංසනයට කාන්තාවන් ලක්වන්නේ තවත් කාන්තාවක් හෝ කාන්තාවන් පිරිසක් ආසන්නයේ සිටියදී වීම අවධානය යොමුකල යුතු කරුණක්. බොහෝ අවස්ථාවන් වලදී කාන්තාවන් මෙම සිදුවීම් හමුවේ උගුලට හසුවූ මානසිකත්වයකින් රැකියාව කිරීමට සිදුවීම, දීර්ඝකලීනව ගත් කල ශාරීරික හා මානසික සෞඛ්‍යයය හීන වීමට හේතුවිය හැක. ප්‍රධාන වශයෙන් ගත්කල මානසික පීඩනය, කාංසාව හෝ භීතිකාව වැනි මානසික රෝගී තත්වයන්ට ගොදුරුවීමට වැඩි ඉඩක් පවතියි.

මානසික සෞඛ්‍යයය ගිලිහී යාම, ශාරීරික යහපැවැත්ම හීන වීමටත් බලපෑම් කල හැක. එනම් ආහාරඅරුචිය ඇතිවීම, ශරීරයේ බර විශාල වශයෙන් වැඩිවීම හෝ අඩුවීම, නින්දට බාධා ඇතිවීම වැනි හේතු කාරනා අධික රුධිර පීඩනය වැනි දිගුකාලීනව රෝගීවීම් වලටද හේතු වියහැක.

ලිංගික හිංසනය, බරපතල කාරනාවක් ලෙස නොසලකමින් පවත්වාගෙන යන සේවා ස්ථානයන් හේතුවෙන් කාන්තාවන් සේවය හැරයාම හෝ කාන්තාව අනාගතයේදී හෝ රැකියාවක් කිරීම අධ්‍යර්‍යමත් කිරීමත් මෙම සේවා ස්ථානයේ ලිංගික හිංසනයේ ප්‍රතිඵලයන් ලෙස ඇතිවිය හැක. මෙම ලිංගික හිංසනයන් නොසලකා හැරීම, කාන්තාව ස්වාධීන ලෙස ස්ථාවර වීම වලකාලීම හා ඇය ලිංගික භාණ්ඩයක් ලෙස සැලකීමට අනුබල දීමක් වශයෙන් හඳුන්වා දීමට පුළුවන්. මහා පරිමාණයෙන් ගත්කල සේවා ස්ථානයේ ලිංගික හිංසනය ගෝලීය ආර්ථිකයටද බලපෑම් කලහැකි ගැටලුවක්.

වලක්වන්න

ආයතනයන් ප්‍රදානීන් වෙත බලය පාලනයකින් යුක්තව මුදාහැරීමට හා හැසිරවීමට වගබලා ගත යුත්තේ, බොහෝමයක් සේවා ස්ථානයේ ලිංගික හිංසනයන් සිදුවන්නෙ අසීමිත බලය අවබාවිතා කිරීම් හේතුවෙන් වන නිසාය. විනිවිද බාවයකින් යුක්තව සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයට එරෙහිව නීති සකස් කිරීම, නිර්නාමිකව පැමිණිලි කිරීමට ඉඩ සැලසීම වර්තමානයේ මෙම ගැටලුව සඳහා පිලියම් ලෙස බොහෝ ආයතනයන් විසින් අනුගමනය කරයි.

එලෙසම සේවකයන්ගේ වගකීම වන්නේ සේවා ස්ථානයේ සිදුවන අනවශ්‍ය හැසිරීම් ඉවසා සිටීම නොසිට වහාම පැමිණිලි කිරීමට පෙළඹීමයි.

උදව් ලබාගන්න

මනෝ වෛද්‍ය උපදේශනයට යොමුවන්න.

බොහෝ තරුණ කාන්තවන් සේවා ස්ථානයේ ලිංගික හිංසනය හේතුවෙන් ඇතිවූ බලපෑම සමනය කරගෙන, සහනයක් උදාකර ගැනීම සදහා මනෝ වෛද්‍ය උපදේශනයට යොමුවී ඇත. බොහෝමයක් සිදුවීම් වලදී සේවකයා, වින්දිතයා ලෙස නිහඬව සිටින්නෙ වින්දකයා විසින් සිදුකරගන්න යටත් වීමක් හේතුවෙනි. උදාහරණයක් ලෙස අලුතින් සේවයට එක්වූ සේවකයෙකු වෙත විශේෂ සැලකීමක් හෝ අවස්ථාවන් ලබාදීමක් අනවශ්‍ය අරමුණක් රහිතව සිදුවන බවක් පෙන්වූවත් පසුකලකදී එයම ලිංගික හිංසනයක් දක්වා යොමුවුවහොත් සේවකයා හට එයට එරෙහි වීමට නොහැකියාවක් ඇතිවන්නෙ එය තමාට ලබාදුන් අවස්ථාවන් සඳහා ස්තුතිවන්ත නොවීමක් ලෙස පෙනීමට ඉඩකඩ ඇති නිසාය.

විවෘතව සංවාද සහ විනිවිදබාවය සඳහා පොලඹවන්න, වැරදි කෝනයකින් ප්‍රශ්නය දෙස නොබලන සේවා ස්ථානයේ මිතුරෙකු වන්න

තමන්ගේම අත්දැකීමෙන් ශාලින්දි පැවසුවේ “ලිංගික හිංසනයට ලක්වූ තැනැත්තාට දොස් පැවරීම මෙවන් බොහෝ අවස්ථාවන් වලදී සිදුවන්නක් බවයි. කවුරුන් හෝ පූර්ව නිගමනයන්ට පැමිණෙන්නේ නැතිව අසා සිටින්නට සූදානම් නම්, මෙයට වඩා බොහෝ පිරිසක් මේ කරුණු සම්බන්ධව කතා කිරීමට පෙළඹේවි”.

කෙල්ලෙක් කොටට අඳින එක එයාගේ වැරැද්දක්ද? නැත්නම් ඔයා දකින විදියේ වැරැද්දක්ද?

කෙල්ලෙක් කොටට ඇන්ඳම ඉතින් ගොඩක් දෙනෙක්ගෙන් දාහක් කතා අහන්න වෙන කාලයක්නේ මේක. මෙහෙම කොටට ඇඳගෙන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ල දිහා පුදුමයෙන් බලන අය කොච්චරක් ඉන්නවාද? ඒ වගේම තමයි ගොඩක් අය කියන්නේ මෙහෙම කොටට ඇඳගෙන ගියාම සංස්කෘතිය විනාශ වෙනවා කියලා. හැබැයි ඉතින් ඉස්සර එයාලා ඇඳගෙන හිටපු ඒවාත් ඒ වගේම තමයි කියලා දැන් එයාලට අමතක වෙලා තියෙන්නේ. හැබැයි පරණ කාලේ ආච්චිලා සීයලාගෙන් කෙල්ලෝ කොටට අඳින එක ගැන ඇහුවොත් එයාලගෙන් දොස්මුර තමයි අහන්න වෙන්නේ. ඒවගේම කෙල්ලෝ කොටට අඳින එක ගැන තවත් පොර ටෝක් දෙන සෙට් එකක් තමයි ෆේස්බුක් පේජ් කරන පොඩි කොල්ලෝ ඇඩ්මින්ලා ටික. එයාලනම් ඉතින් හැමවෙලේම කියන්නේ කෙල්ලෙක් කොටට අඳිනවාට වඩා විළුඹ ගාවට දිගට ඇන්දම තමයි ලස්සන කියලා. කොහොමවුණත් අපි හිතුවා මේ ගැන ටිකක් කතා කරන්න.

ඇයි කෙල්ලෝ කොටට අඳින්නේ?

කෙල්ලෝ ඇයි කොටට අඳින්නේ. එතකොට ඇයි කොල්ලෝ ෂෝටක් ගහගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි පහසුව සහ සැහැල්ලුව. ඉතින් කෙල්ලෝ කොටට අඳින්නෙත් මේ නිසා වෙන්න බැරිද? මේක හින්දා විතරක්ම කියන්නත් බෑ. සමහරු ෆැෂන් එකටත් කොටට අඳිනවා. කොටට තියෙන කොයිතරම්නම් විලාසිතා කෙල්ලෝ වෙනුවෙන් තියෙනවාද‍?

ෆැෂන් කරන්න කොයි කෙල්ලත් කැමතියි. ඒක ඉතින් එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. අනිත් දේ තමයි කොටට අඳින් එකෙන් ලොකු පහසුවක් දැනෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඕනම ක්‍රීඩාවකදීත් කෙල්ලෝ අඳින්නේ කොටටනේ. ඒ ෆිට්නස් එකට වගේම පහසුවට. ඒ එහෙම ඇන්ඳම බොහොම පහසුවෙන් චලනය වෙන්න පුළුවන් නිසයි.

මෙහෙම කොටට අඳින කෙල්ලෝ නරකයි?

නරකයි කියන වචනෙට වඩා සමාජයෙන් ඇහෙන්නේනම් බොහෝම කැත වචන ටිකක්. ගොඩක් අය කොටට අඳින කෙල්ලෙක්ව හඳුන්වන්නේ බඩුව කියලා. මෙහෙම හිතන්නේ ඇයි කියලා දන්නවාද? සුද්දා මෙහාට ගෙනාපු වික්ටෝරියානු සංස්කෘතිය ගැන අහලා තියෙනවාද? වික්ටෝරියන් යුගේ ගෑණු කෙනෙක්ගේ කකුල සායෙන් පේනවා කියන්නේ ඉතින් ඉවරෙටම ඉවරයි. හැබැයි ඉතින් ගෑණියෙක්ව වහලා තියන්න පිරිමියෙක් උත්සාහ කරන්නෙම ගැහැණිය නිදහස ලබාගන්නවාට පිරිමින්ට තියෙන බය නිසයි. සරලවම කිව්වොත් පුරුෂාධිපත්‍යය නැති වෙයි කියලා තියෙන බයයි.

සංස්කෘතියට අවුලක් නේද?

කෙල්ලෙක් කොටට ඇන්ඳම සංස්කෘතිය සභ්‍යත්වය වගේ දේවල් විනාස වෙනවා කියලා කියනවා ඔයා අහලා තියෙනවාද? හැබැයි ඒ කියන අයගෙන් අහලා බලන්නකෝ කොහොමද කොටට ඇන්ඳා කියලා ඒවා විනාශ වෙන්නේ කියලා. එතකොට එයාලා කියයි පොඩි ළමයිනුත් නරක් වෙනවා කියලා. හැබැයි ඉතින් පොඩි ළමයෙක්ට හොඳ නරක තෝරලා දෙන්නේ එයාලා වටේ ඉන්න පිරිස් තමයි. එහෙමවුණාම කොටට ඇඳලා යන ගෑණු ළමයෙක් දැක්කම ඒ ළමයටත් මැජික්. තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ නිසා තමයි ලිංගික අපචාර මේ රටේ වැඩියෙන් සිදු වෙන්නේ කියලා. හැබැයි ඉතින් පහුගිය කාලයේ ලංකාවේ සිදුවෙලා තියෙන ලිංගික අපචාර සිදුවීම් ගැන හොයලා බැලුවොත් ඔයාටම තේරෙයි ලිංගික අපචාරවලට ඇඳුම සාදකයක්ද නැද්ද කියලා. මේ හැමදේම සාපේක්ෂයි. දරුවෙක් ලොකු මහත් වෙනකොට කියලා දෙන්න ඕන ගැහැණු පිරිමි කියන්නේ මැජික් එකක් නෙවෙයි කියලා. දෙපාර්ශවයම ඔවුනොවුන්ට ගරු කරන්න ඕන කියලා දරුවන්ට උගන්වන්න ඕන. අනික තමයි සංස්කෘතිය කියන්නේම නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. කොටින්ම කිව්වොත් කොටට අඳින ෆැෂන් එක පවා සංස්කෘතියේ කොටසක්!

එතකොට කෙල්ලෝ කොටට අඳින එක අවුලක් නැද්ද?

කොටින්ම කිව්වොත් ඔව්.. ගැහැණු කොටට අඳින එක ගැන කිසිම අවුලක් නෑ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. කොටට අඳින එක වෙනයි. තැනට ගැලපෙන විදියට අඳින එක වෙනයි. උදාහරණයක් විදියට පන්සල් යනකොට මේවගේ ඇඳුම් ඇඳගෙන යන එක ගැලපෙන්නේ නෑ. පන්සලේ තියෙන සංස්කෘතිය අනුව කියවෙන්නේ පන්සලට සුදුසු සරල ඇඳුමක් අඳින එක ගැන. හැබැයි ඉතින් පන්සලට වුණත් දෙපතුල ගාවට ඇඳගෙන යන්න කියලා අපි කියන්නේ නෑ. අපි කියන්නේ බිම ඉඳගන්නකොට සංවරව වාඩි වෙලා ඉන්න පුළුවන් තරම් කොට ඇඳුමක් ඇන්ඳා කියලා ප්‍රශ්නයක් පේන්නේ නෑ කියලා.

මේකේ තවත් කතාවක් තියෙනවා. සමහර රෙස්‍ටුරන්ට් තියෙනවා පිරිමින්ට කොට කලිසම් ඇඳගෙන එන්න දෙන්නෙ නැති. ඒ වගේ තැනක අපි ගේම ඉල්ලන්න යන්නෙ නෑනේ. මොකද ඒක අපේ රෙස්‍ටුරන්ට් එක නෙවෙයි නිසා. ඉතින් මේකම කොට සායටත් ඇප්ලයි කළානම් හරිනේ.

අමාරි රිසෝර්ට් එකේ “ආහාර” අවන්හල

ගාල්ලේ තරු පහේ හෝටල් අතරට එකතු වූ අමාරි රිසෝර්ට් එක ගැන අනිවාර්යයෙන් කතා කරන්නම ඕන තැනක්. මං ඒ හොටෙල් එකට ඇතුළු වෙච්ච ගමන්ම මට හිතුනේ මම නිවාඩුවක් ගත කරන්න ආවා වගේ හැඟීමක්.

අමාරි රිසෝර්ට් එකේ ප්‍රධානම අවන්හල තමයි “ආහාර” කියලා කියන්නේ. එයාලා ගාව අපිව පුදුම කරවන කෑම වට්ටෝරු ගොඩක් තියෙනවා. ඔයාට වුණත් මේ අමාරි රිසෝර්ට් එකට ගියොත් ඒ කෑම තව තවත් කන්න ඕන කියන ආසාව අනිවාර්යයෙන්ම ඇති කරනවා. ඉතින් ඔයා නිවාඩුවක් ගත කරන්න යන්න හිතනවානම් වගේම හොඳ කෑම වේලක අත්දැකීම විඳගන්න ඕනනම් ඔයාලට යන්න හොඳම තැනක් තමයි අමාරි රිසෝට් කියලා කියන්නේ.

ඒවගේම මේ ආහාර අවන්හලේ ලංකාවේ කෑම වර්ගත්, බටහිර කෑම වට්ටෝරු සහ නැගෙනහිර ආසියානු ආහාර වර්ගවලටත් අවධානය යොමු කරලා තිබීම විශේෂත්වයක්. ඒ වගේම අපේ සම්භාව්‍ය ආහාර වර්ගත් අලුත් විදිහකට සකස් කරලා තිබීමත් දකින්න පුළුවන් විශේෂත්වයක්.

ප්‍රධාන ආහාර

Local Tuna Crudo – රු 1200

මාළු විකුණන එක්කෙනෙක්ගෙන් ගත්ත අලුත් මාළු තරම්ම මේ ටූනා එක නැවුම් බවක් දැනෙනවා. පොල් කැබලි, අඹ සහ අපි ආහාරයට ගන්න ගොටුකොළ කොළ වගේ දේවල් මේකට එක්කරලා තියෙන නිසා ඇත්තටම මේක අමුතු රසයක් දැනෙනවා.

Poached Prawn Coral Reef – රු 1450

මේනම් ඔබ අත්හදා බලන්නම ඕන කෑමක්. ඇත්තටම කිව්වොත් මේක seafood ඇතුලත් වෙච්ච dish එකක්. ඒ අනුව මේකට ටූනා සහ ඉස්සන් තමයි එක්කරලා තියෙන්නේ. වට්ටක්කා සෝස් එකකුත් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. මේක ඇත්තටම ඔබට අලුත් අත්දැකීමක් එක්කරන කෑමක් කිව්වොත් හරි.

Rack of Lamb Chettinad – රු 5500

දකුණු ඉන්දියානූ කෑම අපිට වෙනස් අත්දැකීමක් වුනත් හැබැයි අපි පුරුදු රසයන් එක් කරන්නේ. මේ dish එකත් ඔබට අනිවාර්යයෙන් රසවත් බවක් එක්කරන බවට සහතිකයි. එය තවත් රසවත් කිරීමට coconut චට්නි එකකුත් මේකට යොදලා තියෙනවා.

The Surf and Turf – රු 3000

ඔබ හැම මාළු ජාතියක්ම කන කෙනෙක්නම් මේක තමයි ඔබට හරියනම කෑම වට්ටෝරුව. පොකිරිස්සන් මාළු සහ steak සහිත මේ dish එක ඔයාව පුදුම කරවන කෑම වේලක් වෙන බවටනම් සහතිකයි.

Seared Pork Belly – රු 1480

මේ dish එක මෙයාලා ගාව තියෙන රසවත්ම ආහාරය කිව්වොත් නිවැරැදියි. පෙනුමෙන් සරල බවක් පෙනුනත් එහි රස ගැනනම් කියලා නිම කරන්න බෑ. මද පමණට තම්බපු ඌරු මස් වුණත් ඒ dish එකෙන් අමුතු විදියේ විවිධ රසයන් ගොඩක් දැනුනා.

Dan Ka Kum-Rubiyan – රු 1550

ඔයා හැමවෙලේම බත් කන්න හොයන කෙනෙක්නම් මේ කෑම එකනම් ඔයාට හරියටම ගැලපෙනවා. මේ දකුණු ආසියාතික කෑම වර්ගයෙන් ඔබට හුරුපුරුදු කෑම ජාති ගොඩක් රස විඳින්න පුළුවන්. ඒ වගේම මේකට මුද්දරප්පලම් එකතු කරලා තිබ්බ නිසාත් අමුතු රසයක් එක් වෙලා තිබුණා.

Desserts

Layered Chocolate Torte – රු 1200

මේකේ පෙනුමෙන්ම නම් ඔබේ කටට කෙල උනනවා ඇති නේද? ඇත්තටම Belgian චොකලට් තමයි මේකට එක්කරලා තියෙන්නේ. වෙනස් රසයක් හොයන ඔයාට මේක ඉතාමත් හොඳ dessert එකක්.

Willard Mango Panna Cota – රු 1200

Dessert එකට සැහැල්ලු දෙයක් හොයන අයට මේකනම් ඉතාමත් වැදගත් වෙයි. මෙහි පෙනුමටත් ඉතාම අලංකාරවත් බවත් එක්කරලා තියෙනවා වගේම රසය ඊට නොදෙවෙනි විදියට තියෙනවා.

ඉතින් මේ අමාරි රිසෝර්ට් එකේ කෑම වර්ග කිහිපයක්. වෙනස් විදියේ ආහාරවලට ඔයත්  කැමැත්තක් දක්වනවානම් යන්න හොඳම තැනක් විදියට අමාරි රිසෝර්ට් එක නිර්දේශ කරන්න පුළුවන්.

බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.

හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ රටේ තිබිලා තියෙනවා. ඒත් මේ අමුඩේ කියන එක කවදාවත් ලැජ්ජාවට කරුණක් වුණේ නැහැ. ඒ ඒක සංස්කෘතික දෙයක් විදියට මුල්බැසගත්ත නිසා.

මම නිදහසට කැමති කෙනෙක් වුණත් මම දෙමව්පියන් සමග රූපවාහිනිය නරඹනකොට ගැහැණු ළමයෙක් බිකිනියක් ඇඳගෙන රූපවාහිනී තිරයේ දිස් වුණොත් මට ඇත්තටම ලැජ්ජාශීලී බවක් දැනෙනවා. ඉතින් අමුඩේ කියන එක හරි විදියට පෙනෙන්නත් බිකිනිය වැරදි විදියට පෙනෙන්නත් හේතුව මොකද්ද?

ජාත්‍යන්තර බිකිනි දිනය යෙදී තියෙන්නේ අද වගේ දවසක නිසා අපි හිතුවා මේ ගැන කතා කරන්න.

මම මේ කාරණාව සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කරනකොට පළවෙනි උත්තරය විදියට ඔහු මට කියන්නේ අමුඩේ අපේ සංස්කෘතියේ කොටසක් නිසා එය කමක් නැහැ කියලායි. හැබැයි බිකිනිය ගැන කතා කළොත් කියන්නේ එය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලයි.

සංස්කෘතිය කියන දේ ගැන ඔබ වඩාත් හිතනවානම් ඔබ මේ දේ නිවැරැදි කරගන්න ඕන. ඓතිහාසිකව ගත්තොත් ශ්‍රී ලංකාව ගොඩක්ම සංස්කෘතිකයි කියන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි ඓතිහාසික ඡායාරූපවල කාන්තාවන් සිටින්නේ උඩුකය නිරුවත්වයි. කාශ්‍යප රජතුමන් තැනූ සීගිරියේද මෙවැනි සිතුවම් ඔබට අදටත් දැකගන්න පුළුවන්. ඉතිං සංස්කෘතිය කියන්නේ හැමවිටම වෙනස් වෙමින් පවතින දෙයක් වන අතර අප කාලයත් සමග ඉදිරියට ගමන් කළ යුතුයි.

සංස්කෘතිය කියන දේ පැත්තකින් තියලා විවාදයකට ආවොත් කාන්තාවන් ශරීරය පෙන්වීම ප්‍රශ්නයක් වෙන්නත් හැබැයි පිරිමි ඒ දේ කළහම ප්‍රශ්නයක් නොවන්නෙත් කොහොමද කියලා ඔබ හිතලා බලන්න?

බිකිනි ගැන කතාකරනකොට ගොඩක් අය කියන තව දෙයක් තමයි බිකිනි ඇඳපු කාන්තාවක් දැකීමෙන් දරුවන්ගේ පිරිසිදු මනස දූෂණය කරනවා කියලා. ඒත් මේ කතාවේ ඇත්ත මොකද්ද කියලා හිතලා බලන්න. බිකිනි ඇඳපු අයද නැත්නම් ඒ දරුවන්ගේ වටේ ඉන්න අයද දරුවන්ගේ මනසට මේ වගේ දේවල් කාවද්දවන්නේ කියලා.

අවංකවම කියනවානම් අමුඩේ ඇඳන් ඉන්න පිරිමියෙක් තුලවත් බිකිනියක් ඇඳන් ඉන්න කාන්තාවක් තුළවත් ලිංගිකත්වය ඔප්නංවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඔයාගේ මනස ඒ කුණු කූඩෙන් එළියට ගන්න හොඳම අවස්ථාව තමයි මේක. එහෙම වුණාම දරුවන්ට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

අනිත් හැම දේ ගැනම මිනිස්සු හිතන පටු විදියට තමයි බිකිනි දිහාත් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. තමන් ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාටම පෙනෙයි බිකිනි හෝ අමුඩ සම්බන්ධව එහෙම බලන්න කිසිම හේතුවක් නෑ කියලා.

ඔයා කරන්න ඕන ඔයාගේ ප්‍රමුඛතා සෘජුව ලබා ගැනීමයි. ඔයාගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම අනෙක් මිනිස්සුන්ටත් ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

ඒලෙවල් ළඟ ළඟම එන නිසා ඔයත් ඉන්නේ බයෙන්ද? එහෙනම් මේ ටික කාලේ මෙහෙම ලෑස්ති වෙන්න

අපොස උසස්පෙළ විභාගයට ඇත්තේ තව නොබෝ දිනයි. මේ වෙද්දි බොහෝ සිසුන් මානසිකව පීඩාවට පත්වෙලා බයවෙලා පාඩම් කරනවා ඇති. තවත් අය ඉස්සර හිටපු විනෝදයෙන්ම කල් ගෙවනවා ඇති. හැබැයි ලබන මාසයේ ඔබට ඇති මේ ඒලෙවල් කඩඉම තමයි අවුරුදු 13ක පාසල් ජීවිතේ හමුවෙන අවසාන කඩඉම. ඔබ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ හෝ රැකියාවක් සම්බන්ධයෙන් හිතන්නේ මින් පසුවයි. ඉතින් මේ වටින කාලය අපතේ යවන්න එපා. එහෙම කිව්වම ඔබ කලබල වෙන්නත් එපා. ඔබට තවමත් කාලය තියෙනවා ඔබ මෙතෙක් කල් පාඩම් කරපුවා නැවත මතක් කරගන්න. මේ ඔබට ගැස්මෙන් ඒ සඳහා උපදෙස් ටිකක්.

1) නිදාගන්න

මෙහෙම කිව්වම හැබැයි ඕනවාට වඩා නිදාගන්න හදන්නත් එපා. ඔබ මානසික ආතතියෙන් වෙහෙසට පත්වෙලා නම් නින්ද අනිවාර්යෙන්ම ලබාගන්න. මොකද නින්දෙන් පුළුවන් ඔබේ ආතතිය අඩු කරන්න සහ ශරීරයට විවේකයක් ගන්න. පැය 6 සිට පැය 8 දක්වා දක්වා නිදා ගන්න. හැබැයි ඊට වඩා නිදාගන්නත් එපා . ඇඳේ සුවපහසුව, කාලගුණය වගේ දේවල් නිසා ඔබට කම්මැලිකමක් දැනෙනත් පුළුවන් අවදි වෙන්න. හැබැයි හැමවෙලාවෙම ඔබට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය ගැන හිතන්න.

2) පාඩම් කරන්න සුදුසු ස්ථාන

ඔබ පාඩම් කරන ස්ථානය නම් ඉතා ප්‍රවේශමෙන් තෝරගන්න. මොකද ඒක ගොඩක් වැදගත්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා පුස්තකාලයේ ගිහින් පාඩම් කරන්න. හැබැයි ඉතින් පුස්තකාලයෙත් ඔබට නින්ද යන්න තියෙන අවස්ථා වැඩියි. ඒ වගේම සමහරු උණුසුම් පරිසරයක පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෙහෙම පාඩම් කරද්දිත් හිසරදය සහ ඉරුවාරදය වගේ ඒවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පාඩම් කරන ස්ථානය හරියට තෝරගන්න. සුවපහසුවම හොයන්න යන්නත් එපා. එ් වගේම කෙලින් වාඩි වෙලා පාඩම් කරන්නත් වග බලාගන්න. සෝෆා වල ඇඳවල් වල ඉඳගෙන පාඩම් කරන්න යන්න එපා. මොකද එහෙම වුණාම ඔබට තවත් නින්දක් නිදාගන්න හිතෙයි.

3) ක්ෂණික ආහාර

ඔබ පාඩම් කරන වෙලාවෙදි මොනවාහරි ක්ෂණික ආහාර වේලක් ගන්න තියෙනවානම් හොඳයි. චිප්ස්, චොකලට්, ටොෆි වගේ දේවල්.. මේ දේ සෞඛ්‍ය සම්පන්න නැති වුණත් විභාගයට තව තියෙන්නේ පොඩි කාලයක් නිසා කමක් නෑ. විභාගයට ආසන්න කාලයේ ඒකට කොයිතරම් පෙළඹවීමක් ඕනද කියලා හැමෝම දන්නවානේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දවල් කෑම බඩ පැලෙන්න කන්න යන්න හදන්න එපා. දවල්ට ඔබ එහෙම කෑවොත් ඔබට වෙන්නේ පාඩම් කරන එක පැත්තකින් තියලා ආයෙත් නිදාගන්න තමයි.

4) කාල කළමනාකරණය

ඔබ දිගු වේලාවක් පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තට කමක්නෑ. හැබැයි ඒ විවේකය හරි විදියට ගන්න. ෆිල්ම් බලන්න නිදාගන්න වගේ දේවල් වලට යොමුවෙන්න එපා. ඔබ මිනිත්තු 25ක් පාඩම් කර පොඩි විවේකයක් ගෙන නැවත පාඩම් කරනවානම් ඔබට කාලය ගතවෙන එක දැනෙන්නේ නැතිවෙයි. ඒ වගේම තමයි පාඩම් කරන කරුණු මතකයේ රඳවගන්න මේ ලබාගන්න කෙටි විවේකය ඉතා වැදගත්. ඒ නිසා හරියට කාලය කළමනාකරණය කරගෙන පාඩම් කටයුතුවල නිරත වෙන්න.

5) සමාජජාල මාධ්‍යන්

ඔබ පාඩම් කරන කාලයේ හෝ විභාග ආසන්න කාලයේ සමාජජාල මාධ්‍යයන්වලින් ටිකක් ඈත් වෙන්න පුළුවන්නම් හොඳයි. මොකද සමාජජාල මාධ්‍යයන් පරිහරණය කිරීමේදී කාලය ගතවීම ගැන දැනෙන්නේ නෑ. ඒ වගේම සමාජජාල මාධ්‍යයන් භාවිතා කරනකොට ඒවායේ තියෙන දේවල් දැකලා ඔබගේ හිත වෙන දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒක නිසා මේ ෆේස්බුක්, ඉස්ටග්‍රෑම් වැනි සමාජජාල මාධ්‍යයන් තුළින් මේ දිනවල ටිකක් ඈත් වෙන එක තමයි හොඳම දේ.

මේ තියෙන්නේ ඔයාට විභාගයට අවශ්‍ය උපදෙස් ටිකක්. මේවා හරියට පිළිපැද්දොත් ඔයාට පුළුවන් විභාගයට හොඳට මූණ දෙන්න. ඉතින් ළඟ ළඟම එන ඒලෙවල් විභාගයට ගැස්ම අපෙන් සුබ පැතුම්.