හතර වටෙන් මේ සැරේ වෙනස් විදියට අපි අවුරුදු සමරමු…

මේ සැරේ වෙනස් විදියට අපි අවුරුදු සමරමු…

2020 Apr 15

“සුභ අලුත් අවුරුද්දක් වේවා” මෙය ශ්‍රී ලාංකික අපේ හදවත් වලට සමීපතම වු වැකියක්… සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, වාචික හුරුවට කියනවනම් “අවුරුදු ” කියලා කියන්නෙ අපේ කමේ සුන්දර අනන්‍යතාව ලොකයටම පෙන්නන්න පුලුවන් කාලයකටයි. අලුත් වසරක් පටන් ගත්තට පස්සේ අවුරුදු නිවාඩුව එනකන් පොඩ්ඩො විතරක් නෙමෙයි ලොක්කොත් ඇගිලි ගැන ගැන ඉන්නේ නොවිමසිල්ලෙන්.. හේතුව තමයි මෙ කාලයේදි අපිට පවුලක් විදියට සතුටින් කාලය ගත කරන්න පුලුවන්,ඒ වගේම මේ කාලයේදි අපේ ජිවිත වලට අලුත් බලාපොරොත්තුත් ඇති වෙනවා….

 

හැබැයි අවාසනාවකට වගේ covid-19 වසංගත නිසා මෙ අවුරුද්ද වෙනදා වගේ සමරන්න අපිට බෑ.. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික අපෙ සංස්කෘතිය පෙන්වන ප්‍රධානම අංගයක්, ඒ නිසා පාරම්පරික උරුම වෙච්ච අවුරුදු සිරිත් මේ සැරෙත් සජිවීව තියාගන්න එක අපිට අවශ්‍යයි. මේ අවුරුද්ද අපේ ජිවිත වලට අලෝකයක් හා ධනාත්මක ආකල්පයක් ගෙනේවි..වෙනදා වගේ අපිට ගමේ ගිහින් ආච්චීයි, සීයයි බලන්න බෑ, නෑගම් යන්නත් බෑ, ඒ වගෙම අවුරුදු උත්සව තියන්නත් බැරි වෙනවා.හැබැයි අපිට පුලුවන් මේ අවුරුද්දෙ සෑබෑ අර්ථය තේරුම් අරන් අපි ගැන වගේම අපේ ආදරණීයන්ගේ සතුට ගැන සිතා වැඩ කරන්න. අපි කොහොමද මේ අවුරුද්දෙ එහෙම කරන්නෙ කියලා ඔයාට හිතෙන්න පුලුවන්…ඉතිං අපි ඔයාට පෙන්නලා දෙන්න යන්නෙ ගෙදර ඉදන් අවුරුදු සමරන්න පුලුවන් විධි ටිකක් ගැන…

 

ඔබව සහ ඔබේ ජීවිතය වැඩි දියුණු කරගන්න

* ඔබ ඔබේම සිතුවිලි සොදිසිකර බලා ඔබ කවුද කියා නිවැරදිවම දැනගන්න.*

අවුරුදු කාලයෙදි අපි කවුරුත් දන්න විදියට අපේ ජිවිත වලට අලුත් බලාපොරොත්තු ඇති වෙලා අපේ ජිවිතරටාවෙ සැබෑ වෙනසක් ඇති වෙනවා. ඉතිං මේ අවුරුද්දෙ ඔයාට පුලුවන් ඔයාගෙ සිතුවිලි සොදිසිකර බලලා ඔයා ඇත්තටම කවුද කියලා දැනගන්න. අපි හැමොගෙම එක එක අඩුපාඩුකම් තියෙනවා. අපේ සමහර අඩුපාඩුකම් තේරුම්ගන්න අපිට ගොඩ කාලයක් යනවා. ඉතිං ඔයාට පුලුවන් හැම දවසකම ඔයාවම අධ්‍යනය කරන්න.. ඔයාගේ දුර්වලතා,දක්ශතා,ඔබ කැමැති සහ අකමැති දෑ, ඔබෙ ගතිපැවතුම් හදුනාගනිමින් දියුණු කල යුතු ගුණාංග වල අඩුපාඩුකම් හදාගන්න ඔයාට පුලුවන්… ඒ වගේම ඔයා ඔයාගේ ජීවිතේ කෙටි කාලයකින් ලගාකර ගන්න බලා සිටින ඉලක්ක සහ දිගු කාලයකින් ලගා කරගන්න අපේක්ෂා කරන ඉලක්ක සටහන් කරගෙන ඒ දෙවල් ලබාගන්න ඔයා කරන්න ඕන දෙවල් පියවරෙන් පියවර ලියාගෙන ඔයාට නිතරම ඇස ගැටෙන මානයක එය තබාගන්න.

ඔයාට ගෙදරටම වෙලා ඉදලා අනාගතය ගැන තියෙන උද්යෝගය අඩුවෙලා ඇති… හැබැයි හිතන්න, මේ නරක කාලය ඉක්මනින්ම ගෙවිලා යයි.ඔයා ඔයාගේ ජීවිතයෙ සැලසුම් යොදන්න ආයේ පටන් ගන්න..ඔයා කොච්චර දෙවල් ජය අරගෙන තියෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් ඔයාගේ ආශාවන් නැවත ජීවත් කරන්න උනන්දුවක් ඔයාට ඇතිවෙයි.

 

 

ඔබේ අධ්‍යාත්මිකත්වයත් සමග සම්බන්ධවන්න.

වෙනදා, අපි අවුරුදු කාලයේදී ගොඩක් කර්යබහුල වෙනවා.නෑගම් යන්න,තෑගි ගන්න,අලුත් ඇදුම් ගන්න,බඩුමුට්ටු ගන්න,ගේදොර ලස්සනට සරසන්න වගේ දේවල් වලට අපි ගොඩක් කාලය වැය කලා.එත් මේ සැරේ සැමරීම් හැමදෙයක්ම නවත්තලා තියෙන නිසා ආගමික කටයුතු වලට නැඹුරු වෙන්න වැඩි කාලයක් අපිට තියෙනවා .ඉතින් මේ අවුරුද්දේ වැඩි කාලයක් අරගෙන ආගමික කටයුතු සිද්ද කරන්නත් අධ්‍යාත්මික සිතුවිලි වර්ධනය කරගනිමින් අපේ සිතුවිලි තවත් යහපත් කර ගන්නත් මේක අවස්ථාවක් කරගමු.

 

 

අපේ ජීවිතය සාර්ථක කරගමු

“අලුත් අවුරුදු ” කියන්නේ ,සෞභාග්‍යයේ හා සර්ථකත්වයේ මූර්තියයි.විශේෂයෙන්ම ඍණාත්මක ආකල්ප ඇති වී තියෙන මේ අවධියක ධානාත්මක ආකල්ප ඇති කර ගෙන අපේ මානසික සෞඛ්‍ය හොදින් තියා ගන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම ඍණාත්මක ආකල්ප ඇති කරන අනවශ්‍යය පුද්ගලයින් අපි අපේ ජීවිතයෙන් ඈත් කරමු. ඒ වගේම,අපේ වෘත්තීමය ජීවිතයේ අපි සුදුසු තැන ඉන්නවාද නැද්ද කියලා විපරම් කර බලමු. මනසට පීඩා ඇති කරන දේවල් වලින් ඈත් වෙලා,අපි වැඩියෙන් උනන්දුවක් දක්වන දේවල් වල නියැලෙනවා නම් සාර්ථක හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අපිට පුලුවන් .

 

 

පවුලේ එකමුතුකම් ගොඩනගා ගැනීම

 

1) බැදීම් ශක්තිමත් කර ගමු.
මේ වෙද්දි ,අපිට ඇදිරි නීතිය දලා තියෙන නිසා පවුලක් විදියට එකට ඉන්න කාලය ගොඩක් තියෙනවා.පවුලේ එක් එක්කෙනා මුහුණ දෙන ගැටළු වලට පවුලක් ලෙස විසදුම් සහ අදහස් ඉදිරිපත් කරන්නත් සහ ඒ අදහස් වලට ගරු කරමින් පවුලේ එකමුතුකම් සහ බැදීම් ශක්තිමත් කර ගන්නත් මේ කාලය අපි අවස්ථාවක් කර ගමු.

 

2) පවුල එක්ක අවුරුදු ක්‍රීඩා
මේ සැරේ අපිට අවුරුදු උත්සව නෑ. අපේ පවුලේ අය එක්කර ගෙන නිවස තුලම අලුත් අවුරුදු ක්‍රීඩා කරමු.ගේ ඇතුලටම වෙලා අවුරුදු සමය නිහතමානීව විද ගමු.
ගෙදර ඉදන් කොහොමද අවුරුදු ක්‍රිඩා කරන්නේ?
මෙන්න අපෙන් ඔයාලට challenge 4 ක්:

1) කොට්ට පොර
2) හැන්දා මත දෙහි ගෙඩිය තබා යෑම.
3)ඇස් බැන්දුම්.
4) අසරණ සතුන්ට ආහාර දීම.

මේ challenge කරද්දී අපිවත් (@ගැස්ම )tag කරන්න අමතක කරන්න එපා.

3) අවුරුදු කැවිලි හදමු.
“අවුරුදු කැවිලි” කියන්නේ,පරම්පරාවෙන් පරම්පරාවට අපිට දායද වුන රසවත් වගේම ප්‍රානීත රසකැවිලියි.
හුගක් පවුල් වල අච්චිගෙන් අම්මාට,අම්මාගෙන් දුවට ඒ ඒ රසකැවිලි හදන ක්‍රම පවුලකින් පවුලකට ගලා එනවා.

 

4) අවශ්‍යතා වලින් පෙලෙන පවුල් වලට උදවු කරමු .
” සිංහල අලුත් අවුරුදු ” කියන්නේ,ධනාත්මක සිතුවිලි ,යහපත් ආකල්ප හා සබැඳි අපූරු සමයක්.අප රටේ දැන් ගෙවී යන කාලෙත් එක්ක අවශ්‍යතාවලින් පෙලෙන ගමේ පවුල් වලට අපිට හැකි පරිදි වියළි ද්‍රව්‍ය,හොද තත්වයේ ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ,දන්තාලේප,සබන් ආදීය ලබා දෙමු.

 

5) පැළයක් සිටවමු
ස්භාවධර්මයම පරිසරය සුවපත් කරන අතර ,මේ අවුරුදු කාලයේ පැළයක් සිටුවා අපිට වගේම අපි අවට සිටින අයටද නැවුම් වාතය ලබා ගන්න හා වසවිස නැති පළතුරු ,එළවළු ආහරයට ගන්නට අවස්ථාවක් උදා කර ගමු.

 

මේ ගෙවී යන කාලය තුල කොරොනා වෛරසය නිසා යම්කිසි ඍණාත්මක බලපෑමක් ඇති වුනද, අවුරුදු සමයේ ඇති ආලෝකය හා ප්‍රීතිය අපේ හිත්වල පවත්වා ගන්න හැම මොහොතකම අපි සිතට ගමු. නැවත හමුවෙන අරමුණින් දැනට සමුගන්නම්….ඔබට, “සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා “.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here