හතර වටෙන් මහත හංගලා photo වලට pose කරන්න ඉගෙන ගමු..

මහත හංගලා photo වලට pose කරන්න ඉගෙන ගමු..

2020 Apr 16

ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට 90% ක්ම තමන්ගේ සිරුරේ හැඩය ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ. සමහරු කියනවා මහත වැඩීයි කියලා නැත්තම් තවත් සමහර අය කියනවා කෙට්ටු වැඩීයි කියලා. කොහොම වුණත් පොඩි වෙලාවකට හරි මහත අය කෙට්ටුවට පේන්න ඡායාරූපයකට පෙනී ඉන්න ඕන ඉරියව් කිහිපයක් ගැන කියලා දුනනොත් ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා ගැස්ම අපි හිතුවා.

 

 

අත්වල මහත අඩු කරලා පෙන්වන්න..

 

ඡායාරූපයකට පෙනී ඉන්නකොට අත්දෙක එල්ලාගන හිටියොත් වෙන්නේ අත් දෙකේ බාහු වල මහත වැඩිවෙලා පෙන්න ගන්නවා. ඒ නිසා අත්දෙක එල්ලගන ඉන්න එපා . ඉනට අත තබාගන ඡායාරූපයට පෙනී සිටියොත් ඔයාට පුළුවන් අත්වල මහත අඩුකරලා පෙන්වන්න.

 

 

ඉණ ප්‍රදේශයේ මහත අඩු කරලා පෙන්වන්න..

මහත සිරුරකට හිමිකම් කියන අයගේ වැඩියෙන්ම මහත ඉණ. හිටගන ඉන්නකොට ඉණ ගොඩක් මහතට පේනවනම් කරන්න තියෙන්නේ කකුල් ළං කරලා සීරුවෙන් ඉන්නේ නැතිව කකුල් දෙක අඟල් 6 -10 ක් විතර ඈතින් තියලා හිටගන්න එක. එතකොට ඔයාට ඉණේ මහත පෙනෙන එක අඩු කරලා පෙන්වන්න පුළුවන්.

 

 

ද්විත්ව නිකට නැතිකර පෙන්වන්න..

මහත අයගේ නිකට ප්‍රදේශයේ යටින් ද්විත්ව නිකටක් එල්ලී පෙනීම සාමාන්‍ය දෙයක්. මෙය අඩු කරගන්න නම් කරන්න තියෙන්නේ මුහුණ පහලට හරවන්නේ නැතිව බෙල්ල ටිකක් උස්සලා ඉදිරිය බලන එක විතරයි. නිකට යටින් තිබෙන එල්ලා වැටෙන ස්භාවය ඒ ආකාරයෙන් අඩු කරලා පෙන්වන්න පුළුවන්.

 

 

සිරුර හැඩ කර පෙන්වන්න..

ඔබ මහත කෙනෙක්නම් ඡායාරූපයට පෙනී ඉන්නකොට කිසිම හැඩක් සිරුරේ පෙන්නේ නැතිව ඇති. ඔයාට කරන්න තියෙන්නේ සිරුර ටිකක් පැත්තට හරවලා ඉණට අතක් තියලා පොඩි හැඩයකට ඉන්න එක. එතකොට ඔයාට පුළුවන් සිරුරේ මහත ස්භාවය අඩු කරලා පෙන්වන්න.

 

 

සිරුරේ ටයර් ස්වභාවය නැති කර පෙන්වන්න..

මහත අයගේ සිරුරේ මහත වැඩි නිසාම මස් පිඩු එල්ලා වැටිලා ටයර් වගේ පේන්න ගන්නවා. එහෙම පේන එක නැති කරගන්න නම් පසුපසට බරවෙන්නේ නැතිව ඉදිරියට බරවෙලා හිටගන්න මතක තියාගන්න.

 

 

උදරය අඩුකර පෙන්වන්න..

මහත කෙනෙක් වාඩි වුණහම තමයි එ අයගේ උදරය ඉතා විශාලව එල්ලෙමින් පවතින බව පෙන්න ගන්නේ. ඒ නිසා ඉඳ ගන්නා විට හරි කෙළින් ඉදගන්නේ නැතිව පැත්තට බරවෙලා ඉඳ ගන්න.

 

 

උරහිස්වල පළල අඩුකර පෙන්වන්න..

සාමාන්‍යයෙන් ඉඳගන ඉන්න වෙලාවටත් හිටගන ඉන්න වෙලාවටත් සිරුරේ මහත වැඩි වෙලා පෙන්න වැඩියෙන්ම හේතුවෙන්නේ උරහිස. උරහිස්වල පළල වැඩියෙන් පෙණුනහම තමයි ඇඟත් මහතට පෙනෙන්නේ. නමුත් ඉඳගන්න වෙලාවටත් හිටගන ඉන්න වෙලාවටත් සෘජුවම ඉන්නේ නැතිව උරහිස ටිකක් විතර පැත්තට නැඹුරු කරලා හිටියොත් මහත අඩු කරලා පෙන්වන්න පුළුවන්.

 

 

සිරුර සැහැල්ලු කර පෙන්වන්න..

ඔයා හිටගන ඉන්න වෙලාවට හරි කෙලින් සෘජුව හිටගන ඉද්දි සිරුරේ සැහැල්ලු බව අඩුවෙලා තමයි පෙනෙන්නේ. ඒ නිසා හිටගන ඉද්දි පාදයක් ඉදිරියට තියලා පැත්තට නැඹුරු වෙලා ඉන්න එක තමයි මහත නැතිකරගන්න හරියනම විදිහ. ඒ වගේම පාද කෙලින් තියාගන්නේ නැතිව හරස් කරලා තියාගත්තහමත් මහත සිරුර කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන්.

source :-brightside.me

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here