හතර වටෙන් Leather සපත්තු වැඩි කාලයක් පාවිච්චි කරන්නනම්, මේ දේවල් දැනගන්න

Leather සපත්තු වැඩි කාලයක් පාවිච්චි කරන්නනම්, මේ දේවල් දැනගන්න

2020 Sep 22

විලාසිතා කියන්නෙ බොහෝ දෙනෙක් උනන්දු වෙන විෂය ක්ෂේත්‍රයක්. වයස, ගැහැණු පිරිමි භේදය වගේ විවිධ සීමා වලින් එහාට ගිහින් විලාසිතා කියන දේ ගැන හැමෝම උනන්දු වෙන්නේ තමන්ව ආකර්ෂණීය විදිහට පෙන්වාගන්න හැමෝම කැමති නිසයි. විලාසිතා ගැන කතා කරද්දී ඔබේ සපත්තු යුගලයට ලැබෙන්නේ විශේෂ තැනක් බව සමහර විට ඔබ නොසිතන්න ඇති. නමුත් ඒ කතාව ඇත්තක්. මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත්, ඒ ඇඳුමේ Brand එක මොකක් වුනත්, කොච්චර මිළ අධික වුනත් ඔබේ සපත්තු යුගල ඒ ඇඳුමට ගැලපෙන්නේ නැතිනම් ඒ අඩුපාඩුව බොහෝ දෙනෙකුට දැනෙන්න පුළුවන්. එයින් අනිකා ඔබ ගැන මවා ගන්නා ප්‍රතිරූපය ඔබට හානිකර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු ගැනත් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

Simple and Effective Tips to Cure Peeling of Men's Leather Shoes

තරුණ පිරිමින් අතර වගේම කාන්තාවන් අතරත් වැඩ ජනප්‍රිය සපත්තු වර්ගයක් තමයි සම් ආශ්‍රිතව නිෂ්පාදනය කළ සපත්තු. හොඳම ස්වභාවික සම් (Pure leather) සපත්තු වෙළඳපොලේ තියනවා වුනත් ඒවා ඉතා මිළ අධික වන්නට පුළුවන්. ඒ නිසාම විවිධ ආදේශක සමගින් මේ සපත්තු නිර්මාණය කිරීම වර්ථමානයේදී සිදු වනවා. ඔබට තෝරා ගැනීමට පහසු සහ දැරිය හැකි මිළ ගණන් වලින් අගනා නිමාවකින් නිෂ්පාදන වෙළඳපොලෙන් සොයා ගැනීම මේ වෙනකොට එතරම් අපහසු වැඩක් නොවෙයි. සපත්තුව නිර්මාණය කරේ ස්වභාවික ලෙදර් වුනත්, කෘතීම ලෙදර් වුනත් ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධානම කාරණයක් තිබෙනවා. ඒ තමයි, ඔබේ සපත්තුව නඩත්තු කරන්නේ කොහොමද කියන කාරණය. විලාසිතාවට අනුව නියමිත වර්ණයෙන් සහ හැඩයෙන් යුතු වටිනා සපත්තු යුවලක් පැළඳ ගත්තා වුනත් ඒ සපත්තු දෙක නිසි පරිදි නඩත්තු කොට නොමැති නම්, ඒත් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ නිසා Leather සපත්තු යුගලක් නිසි පරිදි නඩත්තු කරගන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබව දනුවත් කරන්න අපි සූදානම්. මේක වැඩිපුරම වැදගත් වන්නේ Leather සපත්තු අඳින පිරිමි පාර්ශවයට විය හැකියි.

Page 29 of Leather pictures | Curated Photography on EyeEm

සපත්තු නඩත්තුව ගැන මේ තරම් සැළකිලිමත් වෙන්න අවශ්‍ය ඇයි කියල ඔබට සමහරවිට ගැටළුවක් මතුවෙන්න පුළුවන්. Leather ආශ්‍රයෙන් කළ සපත්තු යුවලක් නම් කොහොමත් මිළ අධික බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඒ වගේම කෘතීම Leather නිෂ්පාදනයක් වුනත් වෙළඳපොලේ තරමක් වැඩි මිළකට අළෙවි වනවා. ඒ නිසා නිතර නිතර සපත්තු මිළදී ගැනීම තරමක් අසීරු වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා මිලදි ගත් සපත්තු යුගලේ කල්පැවැත්ම ගැන ඔබ අනිවාර්යෙන්ම සැළකිලිමත් විය යුතුයි. එහෙම නම් වැඩි කාලයක් හානියක් නොවී පාවිච්චි කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු යුගලය නිසි පරිදි නඩත්තු කළ යුතු වනවා. ඒ වගේම ඔබේ සපත්තුවේ ලස්සන හරියාකාරව පෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම සපත්තු නිසි නඩත්තුවක් සහිතව පාවිච්චි කළ යුතුමයි. කලක් පාවිච්චි කළ සපත්තු යුගලක් වුනත් හරියාකාරව නඩත්තු කරනවා නම් අලුත් වගේම දීප්තිමත් පෙනුමක් පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසයි gasma.lk කියවන ඔබව මේ ගැන දැනුවත් කරන්න අපි සැලසුම් කලේ.

සපත්තු පිරිසිදු කිරීම ගැන ඔබ දැනුවත්ද..? බොහෝ දෙනෙක් ඔව් කියල පිළිතුරු දේවි. නමුත් ඔබ කියන පිරිසිදු කිරීම මොකක්ද කියල විමසා බැලුවොත් බොහෝවිට ඒ නිවැරදි ක්‍රමය නොවෙයි. ඔබ සපත්තු පිරිසිදු කිරීමට වතුර හෝ වතුරෙන් තෙමු Cotton රෙද්දක් වැනි යමක් භාවිතා කරනවා විය හැකියි. බොහෝ දෙනෙකුගේ පුරුද්ද මෙය බව අප අසා තිබෙනවා. නමුත් දැනුවත් වන්න. ඔබේ ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදියි. සපත්තු භාවිතා කිරීමෙන් පසුව වතුර භාවිතයෙන් පිරිසිදු කිරීම මගින් ඔබේ සපත්තුවට වඩා වැඩි වේගයකින් හානි සිදුවිය හැකියි. මේ වෙනුවෙන් වෙළඳපොලේ තියෙන පිරිසිදුකාරකයක් භාවිතා කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ පිරිසිදුකාරක සමහරවිට මිළ අධික නේදැයි ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් ඔබ ආයෝජනය කරන මුදල නිසා ඔබේ සපත්තු තවත් බොහෝ කාලයක් පාවිච්චි කරන්න ඔබට අවස්ථාව ලැබේවි. ඒ වගේම ක්ලීනර් එකකින් පිරිසිදු කරගත් සපත්තුව සපත්තු පොලිෂ් එකක් භාවිතයෙන් ඔප දැමීමත් කළ යුතුමයි. ඔප දැමීමෙන් ඔබේ සපත්තුවේ සැමට අවශ්‍ය සත්කාරය ලැබෙන නිසා එය වැඩිකලක් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනු ඇති.

get-the-most-of-your-shoes-gear-patrol-2buying-guide

මතක තබාගත යුතු තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ සපත්තුව පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම පිරිසිදු කළ යුතුයි. ලංකාව වගේ රටක ඔබ සපත්තු පැළඳගෙන එදිනෙදා වැඩකටයුතු වෙනුවෙන් එහා මෙහා යද්දී නොයෙක් දේ ඔබේ සපත්තු වල තැවරීමට ඉඩකඩ තියෙනවා. ඒවා ඔබට වළක්වා ගැනීමට අපහසු දේවල් විය හැකියි. ඔබට කළ හැකි එකම දේ නම්, දෛනිකව සපත්තු පිරිසිදු කිරීමයි. ඔබ පිරිසිදු කිරීම නොකළොත් සපත්තු මත විවිධ පල්ලම් ඇතිවනවා වගේම ඒවා දිගුකාලීනව රැඳීම නිසා සපත්තුවෙන් ඒවා ඉවත් කිරීමට නොහැකි තත්වයට පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙහෙස මහන්සිය නොසලකා භාවිතයෙන් පසු ඔබේ සපත්තු යුගලය පිරිසිදු කිරීමට වගබලා ගැනීම වැදගත්.

ඔබ සම් සපත්තු යුගලයක් මිළදී ගත් සැනින් හැකි නම් ජලය උරා නොගන්නා ආලේපනයක් සපත්තුවේ ආලේප කරන්න. එසේ කිරීමෙන් සපත්තුවේ සමට ජලය උරා ගැනීම සිදු නොවනවා වගේම ජලය උරා ගැනීමෙන් සිදුවන දිගු කාලීන හානි අවම කරගැනීමටත් ඔබට හැකිවේවි. සපත්තුවේ සමට ජලය උරා ගැනීම නිසා එහි හැඩය පවා වෙනස් විය හැකි බව ඔබ නොදැනුවත් වන්නට පුළුවන්. නමුත් එය ඉතා සුලභ සිදුවීමක්. ඒ නිසා පූර්ව ආරක්ෂණ ක්‍රමයක් ලෙස මේ ආලේපන භාවිතා කළ හැකි නම් එය වැඩ වැදගත් විය හැකියි. ඒ වගේම ඔබේ සපත්තු යම් හේතුවක් නිසා දැඩිව වතුරට නිරාවරණය වුනොත් ඒවා පත්තර පිටු ආධාරයෙන් වියළා ගන්න. ඔබට මේ සඳහා පේපර් සර්වියට් භාවිතයත් කළ හැකියි. එසේ නොවී අවුවට හෝ වෙනත් අධික තාපයට අල්ලා වියළීමට තැත් කිරීම ඔබේ සපත්තුවේ කල්පැවැත්මට හානි පමුණුවන්නක් විය හැකියි.

Winter Hacks | Use Newspaper To Dry Wet Shoes | earthTripper - time to see  the world!

 

ඔබේ සපත්තුවට යම් හානියක් සිදුවූ බව ඔබට දැනුනොත් මුල් අවස්ථාවේම ඒ හානිය සකස් කරවා ගන්න. කිසිදු හේතුවක් නිසා විවිධ ආදේශක සමගින් ඔබම මේ සපත්තු සකස් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ආම්පන්න ඔබ සතුව නොමැති බව හොඳින්ම දන්නවා ඇති. ඒ නිසා පළපුරුදු වෘත්තීය සපත්තු සාදන්නකු මගින් ඒ හානිය සකස් කරවා ගැනීමෙන් තවත් වැඩි කලක් ඔබේ සපත්තු යුගලය භාවිතා කිරීමට හැකිවේවි.

සපත්තු දැමීම හැමෝම සාමාන්‍යෙන් කරන දෙයක්. නමුත් ඒ සපත්තු හරියාකාරව නඩත්තු කිරීමේ ක්‍රමය දන්නේ එයින් අතලොස්සක් පමණයි. ඔබේ සපත්තු යුගල නිසි පරිදි නඩත්තු කරන්න. අනවශ්‍ය මුදල් නාස්තියක් වළක්වා ගන්නවා වගේම ඔබේ කඩවසම් පෙනුම වැඩි කරගන්නත් ඔබට හැකියාව ලැබේවි.

-එන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here