හතර වටෙන් ශ්‍රී ලංකාවේ රසවත් කෑම ලෝකෙට අරන් ගිහින් කිරුළු පැළඳූ පුංචි සූපවේදිනිය Georgia…

ශ්‍රී ලංකාවේ රසවත් කෑම ලෝකෙට අරන් ගිහින් කිරුළු පැළඳූ පුංචි සූපවේදිනිය Georgia…

2020 Nov 10

2020 MasterChef Australia තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික දියණියකුත් ඉදිරිපත් වුණා. ඊයේ පැවති අවසන් වටයෙන් කිරුළ හිමිකර ගැනීමට වාසනාව ලැබූ ඇය නමින් ජොර්ජියා.

Junior MasterChef Australia කියන්නේ වයස අවරුදු 9-14ක් වු පුංචි දරුවන් වෙනුවෙන් 2010 සිට පවත්වාගෙන යනු ලැබූ Game show එකක්. මෙයට ඕස්ට්‍රේලියාවේ පදිංචි විවිධ ජාතීන්ට අයත් දරුවන්ට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ තරගාවලිය විනිශ්චය කිරීම සඳහා Andy Allen, Melissa Leong සහ Jock Zonfrillo නම් සුප්‍රකට සූපවේදීන් හා විනිශ්චයකාරවරුන් සහභාගී කරගෙන තිබුනා. Junior MasterChef Australia කිරුළු ලබා ගන්නා කුඩා දරුවාට ඕස්ට්‍රේලියානු $25,000 මුදල් ත්‍යාගයක් ලබා දෙන්න ඔවුන් කටයුතු කළා.

තරගාවලියේ කිරුළ ලබාගත් වයස අවුරුදු 11 වු පුංචි ජොර්ජියාට අද මේ මුදල් ත්‍යාගය ලබාගන්න අවස්ථාව හිමි වුණා.

“මම හුඟක් පුදුම වුනා. මම හිතුවේ නෑ මේ තරගාවලියෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මං මගේ ආච්චිටයි සීයටයි ගොඩක් එකතුයි. ඒ දෙන්නත් ශ්‍රී ලාංකිකයින්. ලංකාවේ තියෙන එක එක කෑම හදන්න මට පුරුදු කරේ මගේ ආච්චි අම්මා. මේ වෙලාවේ මං ඒ දෙන්නට ගොඩක් ස්තූතිවන්ත වෙනවා” ලෙස channel 10 නාලිකාවට ඇය කියා සිටියා.

අවසන් වටය සඳහා පුංචි georgia සමඟ ඊජිප්තු සම්භවයක් ඇති filo සහ අවුරුදු 12ක් වයස් වූ carter තරග වැදුනා. වට දෙකකින් සමන්විත වුණු අවසන් වටයේ ලබාදී ඇති කාලය තුළ එක් වටයක main meal එකක්ද , තවත් වටයක desert එකක් ද සකස් කිරීමට ඔවුන්ට සිදුවුණා.

ජොර්ජියා ලාංකීක අනන්‍යතාවය පෙන්වීම සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ කහ බතට ගැලපෙන ලෙස සැර ඌරු මස් ව්‍යංජනයක්, වම්බටු බැදුමක්, කජු මාලුවක් හා පපඩම් පිළියෙල කර තිබුණා. Tropical mess නමින් coconut ice cream එක්ක bread crumbs එකතු කර ගෙන හදපු රස අතුරුපසක් විනිශ්චය මණ්ඩලයට ඇය පිළිගැන්නුවා. ඒ රස බලපු විනිශ්චය මණ්ඩලය කිව්වේ අවුරුදු 12ක් වුණු පුංචි ළමයෙක් මේක හැදුවද කියලා මට විශ්වාස කරන්නවත් බැහැ කියලයි.

මේ තරගාවලියට secret guest කෙනෙක්ටත් ආරාධනා කරලා තිබ්බා. ඒ වෙන කවුරුත් නෙමේ ජොර්ජියාගේ මවයි. ඇයටද විනිශ්ච මණ්ඩලය සමඟ ඉදගෙන දියණියගේ ආහාර වල රසවිඳින්න අවස්ථාව ලබා දී තිබුණා. විනිශ්ච මණ්ඩලය ලබාදුන් පැසසුම් මධ්‍යයේ මව කිව්වේ මේවගේ කතාවක්.

“මට මේ කෑම කද්දී මගේ අම්මාගේ කෑමවල රස මතක් උනා.ජොර්ජියා මගේ අම්මත් එක්ක ගොඩක් එකතුයි.එයාට මේ හැම දෙයක්ම ඉගැන්නුවේ මගේ අම්මා.නිතරම ජොර්ජියා ගෙදර කෑම හදනවා. එයා ආදරේ පෙන්නන්නේ අපිට එක එක ජාතියේ රස කෑම හදලා දීලයි.”

තරඟාවලියේ ජය ගැනීමෙන් පසු Junior MasterChef Australia විරුදාවලිය ලැබූ පුංචි ජොර්ජියා ලැබූ මුදල් ත්‍යාගය ගැන කිව්වේ

” මම හිතාගෙන ඉන්නේ මට අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඒ මුදල් පාවිච්චියට ගන්න .මගෙ දැන් වයස අවුරුදු 11යි නේ. තව අවුරුදු හතක් යනකම් මට ඒ ගැන කල්පනා කරන්න පුළුවන් .මං travel කරන්න හරි ,cafe එකක් දාන්න හරි ඒ මුදල් යොදා ගනියි කියල හිතනවා.” යැයි සිනාමුසු මුහුණින් ඇය මාධ්‍යයට කතා කළා.

ඉතින් ශ්‍රී ලාංකික නම ලෝකෙට අරන්ගිය අපේ පුංචි Chefට ගැස්ම අපෙන් උණුසුම් සුභ පැතුම්!!!!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here