හතර වටෙන් ඇමරිකානුවන්ගේ හදවත දිනාගත් නායකයා Joe Biden…

ඇමරිකානුවන්ගේ හදවත දිනාගත් නායකයා Joe Biden…

2020 Nov 9

මේක ඇමරිකානුවන් විසින් අලුතින් තෝරගත්ත ජනාධිපතිගෙ ජීවිත කතාව. ඇයි Joe Biden මෙච්චර විශේෂ වෙන්නේ? ඇමරිකාවේ හිටපු අනිත් ජන නායකයින්ට වඩා Joe Biden ගේ තියෙන විශේෂත්වය මොකක්ද? කියලා අපි හොයලා බලන්න හිතුවා.

මුළු ලෝකෙම බලවතා කියලා අපි කියන්නේ අමෙරිකාවට. රටේ බහුතරයක් දෙනාගේ ආදරේ දිනාගෙන අමෙරිකානු ජනාධිපතිවරණයකින් දිනනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. මේ ඔහු ගැනයි.

 

ළමා කාලේ

Joseph Robinette Biden ඉපදුනේ ,1942 නොවැම්බර් 20 පෙන්සිල්වෙනියාවේ, scranton කියන නගරෙයි.

Biden ගෙ තාත්තා වාහන අලෙවිකරුවෙක් .එත් 1950 scranton නගරේ ඇතිවුණු හදිසි තත්වයක් නිසා හුඟක් අයගේ රැකියා නැතිවුණා. Bidenගෙ තාත්තා පවුලේ අය අරගෙන Delaware යද්දි Bidenට වයස 10 යි.

” පුතේ ඔයා බිමට වැටෙන වාරයක් පාසා ආයිත් නැගිටින්න ” තාත්තා Bidenට හැමවෙලේම කිව්ව දෙයක් .ඒ වගේම Bidenගේ හිතේ තදින් වැදුනු කතාවක්.

 

අධ්‍යාපනය

පොඩි කාලේ ඉඳලම නිහඬ චරිතයක් වුන Biden නීතිඥවරයෙක් වෙන්න ඉගෙන ගත්තා .University of Delaware හා Syracuse university law school වල උසස් අධ්‍යාපනය සිදුකළා.

 

පවුල

Syracuse university එකේ ශිෂ්‍යයාවක් වු Neilia Hunter එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්ත Biden 1965 delaware උපාධි පිරිනැමීමේන් පසු ඇයව විවාහ කර ගත්තා.

හැම දෙයක්ම හිතනවාටත් වඩා ඉක්මනින් සිදු වුණා
-Joe Biden-

Bidenට දරුවෝ තුන්දෙනෙක් හිටියා. Joseph Biden( 1969 ),Hunter Biden ( 1970 ),Naomi Biden ( 1971 )

1972 දී ,ඒ කියන්නේ Biden ට වයස අවු: 29 වෙද්දි democratic පක්ෂයෙන් Delaware ජනපදය නියෝජනය කර ඉතිහාසයේ පස්වෙනි ලාබාලතම සෙනෙට් සභිකයා (senator)වෙන්න පුළුවන් වුණා. හැබැයි මේ සතුට Biden ගෙ ජිවිතේ මාසයක කාලයක්වත් තිබුනේ නෑ. senator කෙනෙක් වෙලා මාසයක් යන්න කලින් Bidenගේ බිරිඳ හා එකම දුව Naomi රිය අනතුරකින් අවසන් ගමන් ගියා. හදිසියේම සිදුවූ මේ අනතුර නිසා Biden ගොඩක් මානසිකව ඇද වැටුණා.

මං ගොඩක් තරහින් හිටියේ ,මං හිතුවා දෙවියන් මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා කියලා
– Joe Biden –

අනතුර නිසා බරපතළව තුවාල වුණු පුතුන් දෙදෙනාත් බලාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න Biden තීරණය කරා. 1973 ජනවාරි 03 Biden සෙනෙට් සභිකයෙකු විදිහට දිවුරුම් දුන්නේ තම පුතාගේ ලෙඩ ඇඳ ඉස්සරහා. මේ සිදුවීම දැකපු හැමෝගෙම ඇස් වලට කඳුලක් එක් කරා.

කාර්යබහුල දේශපාලනික ජීවිතයත් එක්ක අවුරුදු පහක්ම පුතුන් දෙදෙනා රැකබලාගෙන ,පිය සෙනෙහස නොඅඩුව ලබාදෙමින් සිටී Biden ගේ ජීවිතයට අලුත් එළියක් වුණේ,
Jill Jacob. ඒ 1977 කැඩී විසිරී ගිය Biden ගෙ පවුලට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින්. ඇය Hunter හා Beau ට හොඳ අම්මා කෙනෙක් වුණා.

දේශපාලනික ජීවිතය

Biden ට වයස අවුරුදු 65 දී Barack Obama ගේ running mate විදියට වාර දෙකක් ම එක දිගට 47 වෙනි ඇමරිකානු උප ජනපති තනතුර දරන්න හැකි වුණා. 2017 Biden ගේ දක්ෂ පරිපාලනය නිසාම Barack Obama ,Biden ට Medal Of Freedom පදක්කම ලබා දුන්නා.

ඉන් අනතුරුව 2020 ජනාධිපතිවරණයේදී Joe Biden විසින් එදා මෙදාතුර ඇමරිකානු ජනාධිපතිවරණයකදී එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ඇමරිකානු 46 ජනාධිපතිවරයා බවට පත්වුණා.

Joe Biden 2020 ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා බවට පත්වෙන්නේ වාර්තා කිහිපයක්ම පිහිටුවමිනුයි. ඒ, අමෙරිකාවේ ජනාධිපති වූ වයස්ගත පුද්ගලයා වීමෙන් සහ අවු :28 කට පස්සේ ඇමරිකාවේ හිටපු ජනපති කෙනෙකුට දෙවැනිවර ජනපතිවරණ ජය අහිමි කරපු අපේක්ෂකයා වීමෙන්.

වේදනාකාරී ජීවිතයක සැබෑ අත්දැකීම් විද ඇති පුද්ගලයෙක් විදියට Joe Biden,සමස්ත ඇමෙරිකානුවන්ගේ වේදනාවන් සුව කිරීමේ අධිෂ්ඨානයෙන් තම ජනාධිපති ගමන ආරම්භ කර තියෙනවා …

ගැස්ම අපි ශ්‍රී ලාංකිකයින් විදියට ඔහුගේ ඉදිරි ගමනට සුබ පතනවා!!!!

(නිමාෂි පෙරේරා )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here