හතර වටෙන් පිරිමි අය තමන් ගැන නොසලකා හරින දේවල් 7ක් – 2

පිරිමි අය තමන් ගැන නොසලකා හරින දේවල් 7ක් – 2

2020 Nov 27

ඉතිං අපි පළවෙනි ලිපියෙන් Men’s Grooming සම්බන්ධයෙන් ඔයා කරන වැරදි හතක් ගැන  කතා කළා. ඉතිං ඒ වගේම අපි පොරොන්දු වුණා ඔයා කරන තවත් වැරදි 7ක් ගැන තොරතුරු බෙදාගන්න.

 

 

  • Men’s Grooming සම්බන්ධයෙන් කතාකරනකොට ඔබ නොසලකා හරින තවත් දෙයක් තමයි ඔබේ දත්. ඔබ කියාවි දිනපතා උදේ සහ රාත්‍රී දත් මැදීම අනිවාර්යෙන්ම කරන බව. මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. ඒ පමණක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේත් නැහැ. ඔබ දහවල් කාලයේත් කෑම බීම ගන්නවා. ඒ නිසා ඔබේ දත් ගැන සැලකිලිමත් වීම දහවල් කාලයේත් කරන්න අවශ්‍ය වනවා. විශේෂයෙන් නිතර ලොකු පිරිසක් හමුවන, කතාබහ කරන කෙනෙක් නම්, ඔබ මේ ගැන සිතා බැලිය යුතුමයි. ඔබේ දත්වල කෑම කද්දී යම් යම් දේ සිරවිය හැකිකයි. එනිසා කෑම වේලක් අවසන් වූ සැනින් ඔබේ දත් යම් පමණකට පිරිසිදු කරගන්න. අඩුම වශයෙන් toothpick හෝ පාවිච්චි කරන්න පුරුදු වන්න. නමුත් තවත් අය ඉදිරියේ මේ කටයුත්ත නොකරන්නත් මතක තියා ගන්න. ඒ වගේම දත්වල මැලියම් බැඳීම සාමාන්‍ය දෙයක්. දත් අවර්ණ වීමත් සිදුවිය හැකියි. මේ දෙකටම විසඳුම් ලබා ගැනීමට අවම වශයෙන් මාස 4ක් හෝ 6ක් ගෙවෙන විට ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. ඔහු ලවා ඔබේ දත් පිරිසිදු කරවාගන්නත් අමතක කරන්න එපා.

Young african-american man. guy visiting dentist's office for prevention of the oral cavity. man and famale doctor while checkup teeth. Free Photo

 

 

  • ඊළඟට බොහෝ දෙනෙක් නොසලකා හරින දෙයක් තමයි ඔබේ මුවින් පිටවන වායුව. bad breath කියන්නේ සාමාන්‍ය දෙයක් විය හැකියි. අපි එය නඩත්තු කිරීම කළ යුතුමයි. ඔබට office යද්දී පොඩි mouth wash එකක් බෑගයේ දමාගෙන යාම ඒ තරම් අමාරු වෙන්න බැහැ. ඒ වගේම කෑම හෝ බීම භාවිතයෙන් පස්සෙ වගේම විශේෂ හමුවීමක් තියෙන වෙලාවටත් මේ mouth wash එක පාවිච්චි කරල ඔබේ මුව පිරිසිදු කරගන්න අමතක කරන්න එපා. ඔබට තවත් පහසුවිය හැකි mouth spray දැන් වෙළඳපොළෙන් මිළදී ගන්නත් පුළුවන්. ඉතාම පහසුවෙන් එවැනි ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඔබේ මුව නැවුම්ව තබා ගන්නත් ඔබට පුළුවන්.

Bad Breath Home Remedies, Symptoms & Halitosis Prevention

 

 

  • ඊළඟ අතපසුවිම තමයි ඔබ ලඟින් හමන සුවඳ ගැන නොසැලකිලිමත් වීම. අපි දෛනික වැඩකටයුතු කරද්දී නිතරම නැවුම් සුවඳක් එක්ක ඉන්න අමාරුයි. ඒ වගේම නිතර දහඩිය දමන ආසියාතික රටක ජීවත් වන අපට සීත රටවල අයට තරම් පහසුවෙන් මේක නඩත්තු කරන්න බැහැ තමයි. නමුත් අපි උපරිමයෙන් නඩත්තු කළ යුතු වනවා. ඔබ දිනපතා උදේ සහ රාත්‍රී හොඳ wash එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම deodrant එකක් perfume එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. perfume එක නිතර ඔබේ බෑගයේ / වාහනයේ තබාගන්න පුළුවන් නම් ඒකත් වැදගත්. ඒ වගේම ඔබ අඳින ඇඳුම් පිරිසිදු කරන්නේ කොහොමද, ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න සේදුම්කාරක වර්ගය මොකක්ද, කොපමණ වෙලාවක් ඇඳුම් වියලනවාද, ඒ ඇඳුම් ගබඩා කරන්නේ කොතැනද වගේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න. ඔබ ලඟින් හමන සුවඳට මේ දේවලුත් බලපානවා.

10 Best Deodorants For Bad Smell in 2020 - (Men & Women)

 

 

  • ඔබේ පෞරුෂයට බලපාන නමුත් ඔබ වැඩි සැලකිල්ලක් නොදක්වන තවත් දෙයක් තමයි ඔබේ අතේ සහ කකුලේ නියපොතු. ඔබ නිතර සපත්තු පළඳින කෙනෙක් නම් ඔබේ කකුලේ නියපොතු පිටතට නොපෙනෙනවා විය හැකියි. නමුත් අතේ නියපොතු හැම විටම පිටතට නිරාවරණය වනවා. එනිසා ඔබ සති දෙකකට වරක් වත් මේ නියපොතු නිසි ප්‍රමාණයට කැපීම, කළ යුතුයි. ඒ වගේම නියපොතු කෙළවර පිරිසිදුදැයි දිනපතාම පරික්ෂා කරන්න. කෑම අතින් කන කෙනෙකුට නියපොතු ඇතුළත කිලිටි වීම ලෙහෙසියෙන්ම සිදුවනවා. ඊටත් අමතරව ඔබ කරන රැකියාව සහ දෛනික කටයුතු එක්කත් මේ තත්වය රඳා පවතිනවා. ඒ නිසා දිනපතා ඔබේ නියපොතු පරික්ෂා කොට පිරිසිදු කරගැනීමටත් පුංචි වෙලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා.

15 Mens Fashion Mistakes to Avoid - Peace Quarters

 

 

  • ඔබ බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි ඔබේ ශරීරය නිසි පරිදි නඩත්තු කිරීම. අපි මෙතැනදී කතා කරන්නේ moisture කරන එක ගැන. ඔබේ අත්වල වැලමිට, දණහිස සහ කකුල් මතුපිට නිතර වියළි ගතිය ඇතිවිය හැකියි. නමුත් මේ ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වන්නේ නැහැ. විශේෂයෙන් නිතර මේසයට දෑත් තබාගෙන සිටින කෙනෙකුගේ නම් වැලමිට වියලීම සහ රළු වීම සිදු වනවාමයි. ඒ නිසා මේ සඳහා සුදුසු ක්‍රීම් වර්ගයක් මේ ස්ථාන වල ආලේප කරන්න අමතක කරන්න එපා. වැලමිට දණහිස සහ දෙපතුල් මේ විදිහට ක්‍රීම් හෝ වැස්ලින් මගින් තෙතමනය පවතින පරිදි නඩත්තු කරවා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔබ මේ ගැන සිතා බලා තිබුනේ නැතිනම් අදම මේ කටයුත්ත පටන් ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

Premium Photo | Young asian man itching and scratching on hand from itchy dry skin eczema dermatitis

 

 

  • තවත් ප්‍රධානම අතපසු කිරීමක්. බෙල්ලේ ඇති කෙස්ගස් / රෝම. ඔබ මොන තරම් පිළිවෙලට ලස්සන කොන්ද විලාසිතාව සකස් කරත් පිටුපස හැරුන විට බෙල්ලේ කෙස් ගස් වැවී තිබෙනවා නම් ඒ විලාසිතාවේ වටිනාකම ගිලිහි යනවා. ඒ නිසා කොණ්ඩය කපන්න සැලුන් එකට යනකල් බලා නොඉඳ බෙල්ලේ පිටුපස වැවෙන කෙස් රේසරයක් ආධාරයෙන් ඉවත් කිරීම ගෙදරදීම සිදුකරගන්න. නැතිනම් ඔබේ පෙනුමට ඒක හානියක් විය හැකියි. ඔබ මේ ගැන මෙතෙක් නොසලකා හැරියා නම් අදම මේ ගැන අවදානය යොමු කරන්න.

20 Best Flow Hairstyles For Men :: How To Get the Flow Hairstyle - AtoZ Hairstyles

 

  • අවසන් අංකයෙන් අපි ඔබට කියන්නේ ඔබ නොසලකා හරින තවත් වැදගත් ශරීර අංගයක් ගැන. ඒ ඔබේ තොල්. ඔබ සිතන්නේ තොල් ගැන සැලකිලිමත් වන්නේ කාන්තාවන් පමණක් කියාද..? ඔබ වැරදියි. ඔබේ තොල් වියළි ගතියකින් සහ පැලුණු ස්වභාවයකින් තිබේ නම් එය ඔබේ පෙනුමට හානියක්. ඒ වගේම ඔබ smoke කරන කෙනෙක් නම් අවපහ ගැන්වී ඉදිමුණු තොල් ඔබව අවලස්සන කරනවා. ඒ නිසා තොල් වල තෙතමනය සහ පිරිපුන් බව පවත්වා ගන්න ලිප් බාම් එකක් පාවිච්චි කරන්න මතක කරන්නම එපා. ඔබේ smoking habit එක නිසා අවපහ ගැන්වී ඉදිමුණු තොල් වගේම වියළි ඉරිතැලුණු තොල් වල අවලස්සන මකාගන්නත් සුදුසු ලිප් බාම් එකක් පාවිච්චි කරන්න වගේම ඒක නිතරම ළඟ තබාගන්නත් අමතක කරන්නම එපා.

The best (and worst) lip balms to combat the harsh weather of winter - National | Globalnews.ca

අපි ඉහතින් සඳහන් කළ “නොසලකාහැරීම්” 7ක් අතරින් ඔබ කීයක් මේ වෙනකොටත් කරනවාද කියල ඔබම සිතා බලන්න. මේ සියල්ල ඔබ අනිකාට ප්‍රියමනාප වනලෙස සහ ඔබේ පෞරුෂය කැපී පෙනෙන ලෙස සමාජගත කරද්දී ඔබට වැදගත් වන දේවල්. ඒ නිසා මෙතෙක් ඔබ මේ දේවල් ගැන නොසලකා හැරියා නම්, අදම එකින් එක පටන් ගන්න. ඔබේ වෙනස ඔබටම අත්විඳින්න හැකිවේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here