හතර වටෙන් ඔයාට ගැළපෙන හරිම විලාසිතාව තෝරගන්න බැරිව අතරමං වෙලාද..?

ඔයාට ගැළපෙන හරිම විලාසිතාව තෝරගන්න බැරිව අතරමං වෙලාද..?

2021 Feb 2

දකින දකින කෙනාගේ ඇස් හොරා ගන්න පුළුවන් විදිහේ ලස්සනක් තමයි ඕනෑම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ? එදා ඉදන් ලංකාවේ කාන්තාව ගැන කවි කතා පවා ලියවුනා. අදත් ලියවෙනවා. නැවතිල්ලක් නැතුවම . එදා රෙද්ද හැට්ටය එක්ක විලි වහගත්ත කාන්තාව අද විලාසිතා ලෝකේ එක එක විලාසිතා අතර අතරමන් වෙලා. ඒ තරමට විලාසිතා . ලෝකය අද වෙනකොට තත්පරයක් ගානේ දියුණු වෙද්දී විලාසිතා ගොන්නක් අපිට එකතු වෙන එක ගැන ඉතින් කතා දෙකක් නෑ. එන හැම විලාසිතාවක් ම දෝතින් බදාගෙන තුරුලට නොගෙන ගැළපෙන දේ එක්ක ජිවිතේ ගෙවන්න පුළුවන් උනා නම් , ඔයා හොයපු , හිතපු, හීන මවපු , හීන දැකපු ලස්සන ඔයාට අනිවාර්යෙන් ම ලැබෙනවා . කතා දෙකක් නෑ ඒක නම් ඇත්ත. ඉතින් ගැස්ම කියවන ඔයාට මං කියන්නේ විලාසිතා එක්ක කොහොමද ඔයාගේ ජිවිතේ ලස්සන කරගන්නේ කියන දේ ?

 

 

ගවුම් අඳින්න ද ඩෙනිම් අඳින්න ද ඔයා කැමති ?

කාලෙන් කාලෙට විලසිතා වුනත් රැල්ලක් වෙනවා. ගවුම් අඳින්න මේ දවස්වල නම් ගොඩක් අය කැමතියි. මොකද මේ දවස්වල රැල්ල ගවුම නේ …. ඉතින් මේ ගවුම වුනත් සමහර අය කැමති දිගට අඳින්න … දිග කියන එකත් එක එක සයිස්වලට limit වෙලානේ … නේද ? විලුඹ ගානට ම දිග ගවුමක් අඳිනකොට, තවත් පිරිසක් කැමති විලුඹ ගාවට නැතුව පොඩ්ඩක් උඩට අදින්න . එහෙම ඇන්දමත් ඉතින් මාරම ලස්සනක් තියනවා. තවත් අයගේ කැමැත්ත තියෙන්නේ දණිස්ස ගාවට චූටි ගවුමක් අඳින්න. මෙහම අඳින ගොඩක් අය කියන්නේ පොඩි ළමයෙක් වගේ ඉන්න ආස නිසා එහෙම අඳිනවා කියලා . දණිස්සට වඩා කොටට ගවුම් අඳින්න කැමති කෙල්ලොත් ඉන්නවා …. මොනවා උනත් ඉතින් මෙහෙම ගවුම් අදිනකොට කෙල්ලෝ හරි ම ලස්සනයි. කතාවට උනත් කියනවනේ කෙල්ලොන්ගේ කෙලිකම , හුරතල්කම, සුන්දරකම , ලාලිත්‍ය ගවුම ඇන්දම හොදට පෙනවා කියලා . ඉඟ ලස්සනට , හැඩට පෙන්වා ඉතින් කෙල්ලෙක් ගවුමක් ඇන්දම … කවුරු වුනත් දැක්ක ගමන් පිස්සු වැටිලා , දෙපාරක් වුනත් හැරී හැරී බලයි. ඔයා ගොඩක් මහත වුනත් ගවුම නිසා ඔයාව ලස්සනට පේනවා. කොහොම වුනත් ඔයා ගවුම් අදිනකොට ඔයාගේ ඇගේ ප්‍රමණෙ ගැන හිතන්න. චූටි කෙනෙක් නම් ඔයා කොටට ගවුමක් අඳින්න. ඔයා තරමක් උසයි මහතයි නම් …. ගවුම අදිනකොට දිගට අඳින්න … අද ඩෙනිම් උනත් එක එක වර්ගයෙන් තියෙනවා. සමහරු ඇගට හිර වෙන්න ඩෙනිම් අඳිනකොට තවත් අය එහෙම අඳින්න කැමති නෑ . ඩෙනිම් විලාසිතාව අද ලෝකේ පුරාම කතාබහට ලක්වෙනවා. ඒ තරම් ඉල්ලුම . කෙල්ලෙක්ට ඩෙනිම ගැලපෙන්නේ නෑ කියලා සමාජය අතරේ හැම තිස්සෙම කතා වෙනවා. ඒත් ඒ කතාව අනුමත කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. තැනට ගැළපෙන්න සුදුසු ඇදුම අඳින්න අපි හැමෝම දැන ගන්න ඕන.

 

 

ගවුම , ඩෙනිම ඇඳලා විතරක් මදි නේද ?

අද වෙනකොට මිනිස්සුන්ගේ චරිතය ගැන නිර්ණය කරන නිර්ණායකයක් තමයි මේ ඇදුම කියන්නේ . ඒත් ඒක නොකළ යුතු දෙයක්. කෙනෙක් අඳින ඇදුමෙන් ඒ කෙනා ගැන හරියටම කියන්න නම් බෑ . මොනවා වුනත් ඔයා ගවුම අඳිනකොට ඔයාගේ හමේ පාටට match වෙන්න අඳින්න . වෛවාරණ පාට එක්ක වෛවාරණ මෝස්‌තරවලින් ගවුම් ඕන තරම් අද කඩ සාප්පුවල තියෙනවා. සාප්පු සවාරියේ යන ඔයා දකින දකින ගවුම ගන්න නම් එපා. ඔයාට ගොඩක් ම match වෙන දේ හොදට හිතලා බලලා ගන්න ඔයාට පුළුවන් . ඩෙනිම වුනත් අපිට ගැළපෙන පාටකින් තෝර ගන්න අපිට ඉවක් තියෙන්න ඕන. තමන් ගැන තමන්ට වඩා දන්න කවුරුත් මේ ලෝකේ නැති එකේ තමන්ට match වෙන ඇදුම මොකද්ද කියන එක දන්නෙත් තමන්ම තමයි .

 

 

කොහොමද ඉතින් කොණ්ඩෙ දාන්නේ ?

කොණ්ඩ මෝස්‌තර නම් හිසේ කෙස් ගාණට තියෙන්නේ නේද ? ඒත් ඉතින් ඔයාට ගැළපෙන ම කොණ්ඩ මෝස්‌තරය එක්ක ඔයා හැඩ වෙනවා නම් මරේ මාරු. ඔයාගේ මුණේ හැඩය එක්ක පුළුවන් ඔයාට ගැළපෙන හොදම දේ තෝර ගන්න. පුළුවන් හැම මොහොතක ම එළියට යනකොට කොණ්ඩෙ අනිත් අයට කරදරයක් නොවෙන්න තියා ගන්න. ඇදුමක් ඇන්දට විතරක් මදි. ඔයාට ඕන කරන ලස්සන ගන්න නම් කොණ්ඩෙ ගැනත් හිතන්නම වෙනවා. අඳින ඇදුමට match වෙන්න hair style එකක් තෝර ගන්න ඔයාට පුළුවන් වෙන්න ම ඕන . එතකොට තමයි ඔයාගේ ලස්සන තව තවත් වැඩියෙන් පෙන්න ගන්නේ. ඔයාගේ මුණෙ හැඩයත් එක්ක ඔයාට පුළුවන් ඔයාට match වෙන hair style එක මොකද්ද බලන්න. කර්ලි කොණ්ඩ, ස්ට්‍රේට් කොණ්ඩ වගේ එක එක කොණ්ඩ තියෙනවනේ . මේ මොන ජාතියේ කොණ්ඩයක් වුනත් හරියට තියා ගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්. කොණ්ඩෙ දිගට කඩන් යන්න වගේම තව ඕන තරම් style අද තියනවා . කොණ්ඩ මෝස්‌තර ගොඩක් අතරේ ඔයා ඉන්නකොට තැනට හරියට ම ගැළපෙන මොස්තරේ හොයාගන්න ඔයාට ඉවක් ඕනමයි. කෙල්ලෙක්ගෙ ලස්සන හොදටම පෙන්නේ කොණ්ඩෙන් කියන කතාව ගොඩක් අය අනුමත කරන්නේ අත්දැකිමෙන් ම ඒ දේ ඇත්ත නිසාම වෙන්න ඇති . කවියෝ වුනත් කාන්තාවගේ කොණ්ඩේ ගැන වර්ණනා කරේ අමුතු ම විදිහට. ඒ නිසාමයි මොණර පිලට කාන්තාවගේ කොණ්ඩේ සමාන කරේ. මොණරාගේ පිල ඉතින් කොයි තරම් නම් ලස්සන ද ? ඉතින් ….. අන්න ඒ වගේලු කාන්තාවගේ කොණ්ඩෙත්. කෙල්ලෝ හැමෝම කැමති දිග කොණ්ඩෙකට උරුමකම් කියන්න තමයි. ඒත් ඉතින් තියන කොණ්ඩේ ලස්සනට පිළිවෙලට තියා ගන්න අපි හැමෝටම පුළුවන් . මොකද අද වෙනකොට එක එක ජාතියේ hair style අපිට ඇවිත්. ඉතින් ඒ ඔක්කොම නෙමෙයි . අපිට හොදටම set වෙන එක අපි select කරමු .

 

 

කොණ්ඩෙ color කරනව ද ?

ස්වභාවිකව ලැබුණු කළු පාට කෙස් ගස්වල පාට වෙනස් කරගන්න එකත් අද අමුතුම, අලුත් විලාසිතාවක් වෙලා. ඉතින් මේ වැඩේදී නම් ඔයාගේ choice එකට වඩා ඒ choice එක ඔයාට match වෙනවද කියලා වැඩි වාර ගාණක්, වැඩි කාලයක් අරන් හිතලා බලන්නම වෙනවා. වෙන කෙනෙක්ට ලස්සන color එක ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්. එයා ගාපු පාට ඔයා තෝර ගත්තොත් ඔයාගේ තිබ්බ ලස්සනත් නැති වෙන්න පුළුවන් . ඔයා ඔයාගේ මූණ, හැඩය, පැහැය එක්ක කොණ්ඩෙට හරියටම set වෙන color එක තෝර ගන්න නම් අමතක කරන්න එපා . කොණ්ඩ පාට කරන රැල්ලට මෝඩ විදිහට නම් අහු වෙන්න එපා. මොන ජාතියේ කොණ්ඩයක් වුනත් ඔයාට හිතෙන දේ එක්ක නෙමෙයි ගැලපෙනම දේ එක්ක ලස්සන කර ගන්න. තව කෙනෙක් කිව්ව පලියට ඔයා ඔයාගේ කොණ්ඩේ වෙනස කර ගන්න ඉක්මන් වෙන්න එපා. ඔයාට උචිතම hair style එක අවශ්‍ය ගමනට බිමනට පාවිච්චි කරන්න .

 

 

මේ විතරක් ඇති ද ?

 

ඇදුම ගැනයි කොණ්ඩෙ ගැනයි විතරක් හිතුවට මදි . ඔයා අදින ඇදුමට match වෙන්න බෑග් එකකුත් තෝර ගන්න. ඔයාගේ අවශ්‍යතාවයත් එක්ක බෑග්වල ප්‍රමාණේ, හැඩය වෙනස් වෙන්න පුළුවන් . ඒ වෙනස වුනත් ගැළපෙන්න කරන්න අමතක කරන්න එපා. සෙරප්පු පවා ඔයා match කරන්න ඕනේ ඇදුමත් එක්ක ම තමයි. යන ගමන එක්ක , ඔයාගේ පහසුව ගැනත් එතැනදී හිතන්න . මොකද අමාරු විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත්වෙනවාට වඩා හොදයි විලාසිතා නොකර ඉන්නවා . නේද ? විලාසිතා ඉහේ කෙස් ගානට තිබ්බට ඒ ඔක්කොම කරන්න ඕනේ නෑ නේද ? ඉතින් …. ලස්සනට කියලා සෙරප්පු දානකොට ඔයා අපහසුතාවයට පත් නොවෙන විදිහට තෝර ගන්න. කෙල්ලෙක් උනාම පොඩියට හරි makeup එකකුත් දන්න ඕනේ . නැත්තම් ඉතින් වයසට ගිහින් ඒවා කරන්න ඈ . තැනට ගැලපෙන්න makeup එක කරා නම් …. ඔයා මාරම ලස්සනයි ….. makeup එක පවා අපි කරන්න ඕනේ අපේ මුණට හරියට Set වෙන විදිහට.සමාජේ මොනව ඔයාට කිව්වත් ඔයාගේ ලස්සනට make up ඕනෙම නම් limit එකක‍ට ඒ දේ කරන්න .. අන්න ඒක නම් අමතක කරන්න එපා . විලාසිතා ගැන අද කතා කරනකොට තමයි makeup අංක එක. ඒ තරමට වැහි වැහලා……. ඒ වැස්සට තෙමෙනකොට පරිස්සමින් …..

ලස්සන ගැන පමණ ඉක්මවා අද කෙල්ලෝ වද වෙනකොට ගැස්ම කියවන ඔයාට මෙන්න මේ දේ කියන්න මට හිතුනා . තැනේ හැටියට ඇණේ ගහන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. විලාසිතා කියන්නේ අද වෙනකොට අමුතුම රැල්ලක් . මේ රැල්ලට අහු වුනාම උමතුවෙන් වගේ ජිවත් වෙනවා . රැල්ලට අහු නොවී ඔයාට ඕන දේ විතරක් ඔයා ගන්න … විලාසිතා ලෝකෙන් ඔයාට ගැළපෙන විලාසිතා අරගෙන ලස්සනට සතුටින් ජිවිතේ ගෙවන්න….. ඔයාගේ ඇගේ හැඩය , පාට එක්ක හොදම විලාසිතාව ඔයා තෝර ගන්න…… අන්න ඒකයි මං ඔයාට කිව්වේ විලාසිතා වැස්සේ තෙමෙද්දී පරිස්සමින් කියලා .. සමහර වැහි බින්දු ඔයාට බර වැඩි වෙන්න පුළුවන් ….. ඒ නිසා කල්පනාවෙන් ………

සඳුනි අරවින්දිනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here