හතර වටෙන් ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙස පිදුම් ලැබූ නිලූ ආනන්දප්පා…

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙස පිදුම් ලැබූ නිලූ ආනන්දප්පා…

2021 Feb 8

මීගමුව නයිස් ජාත්‍යන්තර පාසලේ විශය සහ පන්ති භාර ගුරුවරියක වන නිලූ ආනන්දප්පා,’2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය’ සහ ගෝලීය විශිෂ්ටතා සම්මානය යන ද්විත්ව ජයග්‍රහණයන්ගෙන් පිදුම් ලැබීය. මේ ආසියානු සම්මානය සඳහා අනුග්‍රහය සපයන RULA සම්මාන ප්‍රධානය කරනු ලබන්නේ විවිධ අංශවල වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වයන් සඳහා වූ කැපවීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් ලැබිය යුතු පුද්ගලයන්ටයි.

මෙම සම්මානය නිලූගෙ විශිෂ්ට පාසල් ගුරුවරියක වීමේ ගමනට විශාල විශ්වාසයක් සහ උද්‍යෝගයක් ඇතිකර තිබෙනවා.  “ගුරුවරයෙක් වෙන්න කැමැත්තක් ඇති වෙද්දි මට වයස අවුරුදු දහතුනක් විතර ඇති,දවසක් ඉස්කෝලෙදි මගේ යාළුවෙක් එක්ක ඇවිදගෙන යනකොට මම දැක්කා ගුරුවරියක් පුංචි දරුවන්ව පෝලිමකට හරියට පෙළගස්වන්න ගොඩක් උත්සහ දරනවා. එදා තමයි මට තේරුම් ගියේ දරුවෙක්ට නිවැරදි මාර්ගයට යන්න උදව් කරමින්,හරි විදිහට ඔවදන් දෙමින් සූදානම් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. ඒ නිසාම ඕනෑම ගුරුවරයෙකුට විෂය කරුණු වලට පරිභාහිර ඇති වන ආතතිය ක්‍රමානුකූලව කළමනාකරණය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවට ඇය වැඩිදුරටත් පවසුවා.

ඇයගේ උසස් අධ්‍යාපනය අවසන් වෙලා,ඇය SGTTI (St.George International Teacher Training Institute) ආයතනයත් සමග සම්බන්ධ වුණා.ඇය AMI,MMI ඩිප්ලෝමාව සම්පූර්ණ කර, IVQ තුන්වන අදියරේ පුහුණු කිරීමේ නිපුණතා උසස් ඩිප්ලෝමාව ද, ළමා උපදේශනය පිළිබඳව උසස් ඩිප්ලෝමාව ද හදාරා ඇත. එමෙන්ම ලන්ඩන් විභාග සම්බන්ධ උසස් ඩිප්ලෝමාව ද, ට්‍රිනිටි විදුහලේ ශ්‍රේණිගත විභාග ද, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් ද, හැසිරීම සංවිධානය කිරීම සම්බන්ධව උසස් ඩිප්ලෝමාවද සම්පූර්ණ කර ඇත.

ඇය මෙම සහතිකපත් සමගම,ජාත්‍යන්තර පාසල් දෙකක් හා සම්බන්ධව සේවය කර ඇත. නිලූගේ ප්‍රධාන අරමුණයන් වූයේ දරුවන්ගේ කුසලතා වල උපරිම ඵල නෙළා ගැනීම සඳහා ඔවුන් සිතන ආකාරය දියුණු කර ඒ සඳහා දරුවන්ව උනන්දු කිරීමත්, වෘත්තීය ගුරුවරියක් ලෙස තම කුසලතා වැඩි දියුණු කර ගත හැකි පරිසරයක පළපුරුදු ගුරුවරියක් වීමත් යන මේවායි. එමෙන්ම අති නවීන ඉගැන්වීම් තාක්ෂණයන් යොදා ගනිමින් දරුවන්ට විෂය කරුණු ලබාදීමත් ඇයගේ ප්‍රධාන පරමාර්ථයක් විය.

ඇයගේ ශක්තීන් ගැන විමසා සිටි අවස්ථාවේ දී,
” මට ඉවසීම,සහකම්පනය,තමන්වම සංවර්ධනය කිරීම, ඉක්මනින්ම අනුවර්තනය වීමේ හැකියාව,ආතතිය කළමනාකරණය කර ගැනීමේ හැකියාව,හොඳ සන්නිවේදනයක් තිබීම යන දේවල් මා තුළ තිබෙනවා. දැනට නයිස් ජාත්‍යන්තර පාසලේ පන්තිභාර ගුරුවරියක සහ විශය ගුරුවරියක වන ඇය ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව භූගෝල විද්‍යාව, ඉතිහාසය උගන්වන අතර ඇය දරුවන්ට ගණිතය සම්බන්ධව වැඩිදුරටත් දැනුමක් ලබාදීම අපේක්ෂාවෙන් පාසලෙන් පසු ක්‍රියාකාරකමක් ලෙස “mental maths club” සමාජයේ පුරෝගාමීව කටයුතු කරනවා. මෙම පාසල ඇගේ දෙවැනි නිවහන බවට පත්වී ඇත. එමෙන්ම දේශීය මෙන්ම විදේශීය දරුවන්ටත් ආරක්ෂාකාරී සුරපුරකට මෙම පාසල සමාන කළ හැකියි.

2020 ආසියානු සම්මාන උළෙල සඳහා නීලු ඉල්ලුම් කරන විට,මෙය “මට සම්පූර්ණ කළ හැකිද?”යන්න ඇගේ සිතට නැගී තිබුනත්,අසීරු කර්තවයට ඉදිරිපත් වී රටවල් 50 ක අධික සහභාගී වූවන් සමඟ නිරූපණයන්,ඉදිරිපත් කිරීම්,විද්‍යුත් මාධ්‍ය හරහා තිබුණු සම්මුඛ පරීක්ෂණයන්ට ඇයට හොඳින් මුහුණ දී ජය ගැනීමට හැකි වූවා. හිතාගන්න බැරි පුදුමසහගත දවසක තමයි මේ උපහාරය ලැබුණේ කියමින් ඇය පැවසුවේ “මගේ උපන්දිනය දවසෙම තමයි මේ රාජකීය ගෞරවයෙන් යුත් ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය මට ලැබුණේ”.

 

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පාසලක් ඉදිකිරීම ඇගේ සිහිනයයි.

සමාජයේ ගුරුවරයෙක් වීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබෙනවා. එමෙන්ම අද කාලයේ අඩුවෙන් සලකන වෘත්තියක් බවට ගුරුවෘත්තිය පත්වී තිබෙනවා.කෙසේවෙතත් ගුරුවරයෙකුගේ වගකීම වන්නේ හැම දරුවෙකුගේම ඉගෙනීමේ හැකියාව සහ එය ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස් බව වටහාගෙන ඔවුන්ගේ සැඟවී තිබෙන කුසලතාවයන් සොයාගෙන ඒවායේ උපරිමය කරා යාමට ඔවුන්ට උපකාර කිරීමයි. ගුරුවරියක් ලෙස ලැබුණු ප්‍රදානය සම්බන්ධයෙන් නිලූ පැවසුවේ මූල්‍යමය දේවල්වලට වඩා එවැනි උපහාර ගුරුවරුන්ට වටිනා බවයි.

“නිවැරදි තේරුම් ගැනීම ක්‍රියාවකට උත්ප්‍රේරකයයි” නීලූ පැවසුවා.මෙම වැකියෙන් විශිෂ්ට සුදුසුකම්ලත් ගුරුවරයෙකු වීමේ වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. නීලූ දැනටමත් එය අත්පත් කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here