රස ගැස්ම මැලේසියානු ආහාර try කරලා බලන්න PappaRich at The Grove යන්න…

මැලේසියානු ආහාර try කරලා බලන්න PappaRich at The Grove යන්න…

2021 Mar 17

Open Time:

Monday to Sunday, 11 am - 10 pm

Address

289 High-Level Road, Kirulapona

directions

Just after the ODEL clothing store in Nugegoda, on the opposite side of the road

Contact No

0711910910

Menu

PappaRich at The Grove අවන්හල කොළඹ කාර්යබහුල පරිසරයෙන් මිදිලා අපිව සන්සුන් කරන්න හොඳම තැනක්. මෙහි විශේෂයෙන්ම මැලේසියානු ආහාර ලබා දෙන අතර මුහුදු ආහාර වලට කැමති අයට මේ ස්ථානය විශේෂයෙන්ම ගැළපෙනවා.

 

 

Mains

Nasi Lemak with Fried Chicken (LKR 1100)

ඇත්තටම මේ Fried Chicken එක ගොඩක් රසවත්. ඒ සමඟම කැරමල් කළ කුළුබඩු සහ ළූණු වලින් සාදන ලද රසවත් ගෙදර හැදූ මිරිස් පේස්ට් සම්බල් ද පිළිගැන්වූවා. බැදපු රටකජු සහ හැපෙනසුළු anchovies වල නියම pizzaz ප්‍රමාණයක් පමණක් එකතු කරලා තිබුණා. Nasi Lemak මැලේ බසින් rice in cream ලෙස හඳුන්වනවා. පොල් කිරි වලින් පිසගත්ත බත් pine leaves සහ ginger එක්ක එකතු වෙලා තිබෙන නිසා ගොඩක් රසවත් dish එකක් කියලා කියන්න පුළුවන්.

 

 

Kangkung Belacan (LKR 825)

ඔයා මැලේසියානු ආහාර වලට අලුත් කෙනෙක්නම් මේ කන්කුන් බෙල්කන් ඉස්සන් dish එක අලුත් අත්දැකීමක් වේවි. මුහුදු ආහාර රස විදින කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ බැදපු නිවිති රස විදිය යුතුමයි.

 

 

Chicken Satay (6 sticks) (LKR 1045)


chicken satay sticks 6කුත් peanut sauce pineapple chunks, cucumber pieces සහ slices of onions මේ dish එකට අන්තර්ගත වෙනවා. නමුත් චිකන් එක ටිකක් dry වෙලා තිබුණා.

 

Curry Laksa with Seafood (LKR 1540)


අනිවාර්යයයෙන් Seafood Laksa එක try කරලා නැත්තම් ඔයා මැලේසියන් කුසීන් fan කෙනෙක් කියලා කියන්නම් බැහැ. PappaRich හිදී මාළු කේක්, ඉස්සන් සහ කැලමරි සමඟ මුහුදු ආහාර විශාල ප්‍රමාණයක් ලබා ගන්නා ඔයාට හැකියාව තිබෙනවා.

 

Ambiance

සෑම අවන්හලකම වගේ මෙහි ආසන වෙනකරලා තිබුණත් ඔයාට පුළුවන් අවශ්‍ය ඕනෑම තැනක ඉදගන නිදහසේ ආහාර ගන්න. පොකුණකින් වටවෙලා තිබෙන නිසා ආහාර ගන්න තැන පරිපූර්ණ බවක් දැනෙනවා. බිල්පත් ගෙවීමේදී ඔබට ඒ සඳහා වෙනම කවුන්ටරයක් ​​ඇති බව මතක තියාගන්න.

PappaRich at The Grove කියන්නේ සුවිශේෂී සූපශාස්ත්‍ර අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. සරල අව්‍යාජ මැලේසියානු ආහාර වේලක් සොයන අයට මෙය අනිවාර්යයෙන්ම සුදුසු ස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here