හතර වටෙන් බය නැතුව ලංකාව පුරාම සංචාරය කරන්න ඔයාට වැදගත්වන කරුණු කිහිපයක්…

බය නැතුව ලංකාව පුරාම සංචාරය කරන්න ඔයාට වැදගත්වන කරුණු කිහිපයක්…

2021 Mar 12

කොවිඩ් 19 නිසා මාස 09 කට ආසන්න කාලයක් තිස්සේ දුරස්ථව තිබුන ශ්‍රී ලංකාව දැන් නැවත සංචාරකයන්ට විවෘත වෙලා තියෙනවා. ඉතින් 2021 දී ලංකාවේ සංචාරය මොන වගේ එකක්ද කියලා ඔයාලත් කුතුහලයෙන් ඇති. දැනට ලංකාවේ සංචාරය කරන කෙනෙක්ට වැඩිය මේ ගැන කතාකරන්න වෙන කවුද හොඳ ?

පෝල් තෝමස් දැනට සතියකට විතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් ලංකාවට ඇවිත් මේ වෙද්දී කොළඹ මධ්‍යයේ තියෙන ME Colombo හෝටලයේ ලැගුම් ගෙන ඉන්නවා. ME Colombo හෝටලය Level 1 ‘Safe and Secure’ හෝටලයක් විදිහට නම් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අමුත්තන්ට එයාලා නැවතිලා ඉන්න පලවෙනි දවස් 14 දී ‘bio bubble’ යටතේ සත්කාරකත්වය ලබාදෙන්න පුළුවන් බවයි. “මම ශ්‍රී ලංකාව නරඹන්න තෝරා ගත්තේ එය මම ආදරය කරන ස්ථානයක් වෙන නිසාත්, කිහිප සැරයක්ම නැවත නැවත පැමිණීලා තියෙන නිසාත්. ඇත්තටම ලංකාවේ මුහුදු වෙරළට මම ගොඩක් කැමතියි ” කියලා පෝල් පැවසුවා.

ස්වයං රැකියාවක් කරන පෝල් අන්තිමට ලංකාවට ආවේ 2018 ගිම්හාන විවේක කාලයේදී. වීසා සහ booking ක්‍රියාවලියේ එදාට සාපේක්ෂව ලොකු වෙනසක් වෙලා නැති බව ඔහු හිතනවා. “නිසැකවම, අළුත් දේවල් කිහිපයක් තියෙනවා, නමුත් ඔයා පළවෙනි පාරට ඒක අත්හදා බැලුවම ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාට වැටහෙයි. මගේ වීසා බලපත්‍රයට අයදුම් කරන්න, PCR පරීක්ෂණ සඳහා ගෙවන්න සහ COVID-19 සංචාරක රක්ෂණයක් අන්තර්ජාලය හරහා ලබා ගන්න මට පුළුවන් වුණා. එකම පූර්ව අවශ්‍යතාවය වුණේ ලෙවල් 1 හෝටලයක වෙන්කරවා ගැනීමක් කරගන්න. මම ඒකට ME Colombo තෝරාගත්තා.”

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිරීති යටතේ අමුත්තන්ට ඇමරිකානු ඩොලර් 50,000 ක් වටිනා COVID-19 සංචාරක රක්ෂණ ඔප්පුවක් සඳහා ඇමරිකානු ඩොලර් 12 ක් ගෙවන්න වෙනවා වගේම ඒක මාසයක කාලයකට වලංගු වෙනවා. සිදු කරන PCR පරීක්ෂණ ගණන රැඳී ඉන්න කාලය මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට , සංචාරකයෙකු රාත්‍රි 4 ක් / දින 5 ක් හෝ ඊට අඩු කාලයක් රැඳී හිටියොත් PCR පරීක්ෂණය සිද්ධ කරන්නේ 1 ක් විතරයි. රැඳී සිටීම දින 5 කට වඩා වැඩි නමුත් රාත්‍රී 13 ට / දින 14 ට අඩු නම්, PCR පරීක්ෂණ 2 ක් සිද්ධ කරනවා, රැඳී සිටීම දින 14 ක් හෝ ඊට වැඩි නම් PCR පරීක්ෂණ 3 ක් සිද්ධ කරනවා. වයස අවුරුදු 12 ට අඩු ළමයින් PCR පරීක්ෂණ වලින් නිදහස් වෙනවා.

පෝල් අනිත් හැම පාරම වගේ සංචාරක නියෝජිතයෙකු මාර්ගයෙන් තමන්ගේ ගුවන් ටිකට් පත වෙන් කරවා ගත්තා.”ඒක මගේ කාලය ඉතුරු කළා.” ඔහු කිවුවා. නමුත් මට කොරෝනා නැති බවට තහවුරු කරන PCR පරීක්ෂණයක් ගුවන් යානයට ගොඩවෙන්න පැය 96 කට කලින් ලබාදෙන්න මට සිද්ධ වුණා. ඔහු කොළඹට ආවයින් පස්සේ, ආගමන හා විගමන කවුන්ටරය හරහා යන්න කලින් සෞඛ්‍ය ප්‍රකාශන පෝරමයක් පුරවා ගන්න සිද්ධ වුණ බව පෝල් පැවසුවා. එයාගේ හෝටලය එයාව ගුවන් තොටුපලෙන් රැගෙන යන්න කටයුතු සූදානම් කර තිබුණා.

“ගුවන්තොටුපලේ නිලධාරීන් ගොඩක් උදවු කළා, ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උණුසුම් පිළිගැනීමක් මට ලැබුණා” කියා පෝල් පැවසුවා. හෝටල් කාර්යමණ්ඩලයටත් පෝල් ප්‍රශංසා කළා. “මම නැවතී සිටින කාලය පුරාම එයාලා පුදුම සහගතයි. නිමේෂ් සහ එයාගේ කණ්ඩායම මගේ නවාතැන් ගැනීම සතුටින් ගත කරන්න ඕනෑවටත් වඩා මහන්සි වුණා.”

 

සීමාවන් නැත (බොහෝ දුරට)

ශ්‍රී ලංකාව අමුත්තන්ට එයාලා නවාතැන් ගෙන ඉන්න හෝටල්වල තියෙන සියලු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඉඩ ලබා දී තියෙනවා. හෝටල් වල පැත්තෙන් ගත්තොත් හෝටල් එයාලගේ අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන්න හැම සෞඛ්‍ය මාර්ගෝපදේශයක්ම අනුගමනය කරන්න වග බලා ගන්නවා. ඒ කියන්නේ පෝල් වගේ අමුත්තන්ට කාලෙකින් නොලැබුණු අත්දැකීමක් වන අවන්හලේ ආහාර ගැනීම වුණත් කරන්න පුළුවන්. ගෙදරදී, මට පිටතට යන්න පුළුවන් වුණත් මම පුළුවන් තරම් ගේ ඇතුළෙම රැඳී ඉන්න උත්සාහ කළා. නමුත් මෙහෙ මම Bio Bubble එකක ඉන්න නිසා බාර් එකේ බීමක් පානය කරන ගමන් කිසිම කරදරයක් නැතුව මට හොඳ භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හෝටලය (ME Colombo) ඉතා අපුරු තැනක් වගේම සූප වේදියා ගොඩක් ප්‍රවීණ කෙනෙක්.” පෝල් පෙන්වා දුන්නා.

උද්යෝගිමත් හා තරඟකාරී Surfer කෙනෙක් වෙන පෝල්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “මම පිහිනුම් තටාකයේ පිහිනමින්, GYM එකේ ව්‍යායාම කරමින් මගේ ශක්ති මට්ටම වැඩි කරගන්න විවේකයක් ලබා ගන්නවා . සමහර වෙලාවට මම rooftop එකේ හිරු එළියට වෙලා ඉන්නවා. ඒ වේලාවට පිහිනුම් තටාකයත් එක්ක ඒ දර්ශනය ඇත්තටම සුන්දරයි! Gym එකේ ඉහළ මට්ටමේ උපකරණ තියෙනවා. මම ගිහින් තියෙන හෝටල් අතරින් මට හම්බ වුණ හොඳම උපකරණ ඒ අතර තියෙනවා. සවස් වරුවේ නගරය සිසිල් වෙද්දී, හෝටලය විසින් නගරය වටා රිය පදවන්න රියදුරෙක් සූදානම් කරලා තියෙනවා. (කොළඹ පෙබරවාරි සහ මාර්තු මාසවලදී තරමක් උණුසුම්). ඔහු අපිට කිවුවා ඔහු කොළඹින් මහල් නිවාසයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන නිසා දකුණට යන්න කලින් නගරයේ යම් කාලයක් ගත කරන්න ඔහු කැමැත්තෙන් ඉන්න බව.

මට කෞතුකාගාරය නරඹන්න වගේම හොඳින් පිසපු ශ්‍රී ලංකා කකුළුවන් ව්‍යංජනයක් මෙහෙ අවන්හලකින් රස විඳීන්න පුළුවන් වුණා. “කවුරුහරි ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ අවවාදය, එහෙ යන්න. සමහර වේලාවට ඔයාට හිතෙන තරම් ඒක ඇත්තටම සංකීර්ණ නැහැ. ඒ වගේම වෙනදාට වඩා ගාස්තු ටිකක් අඩු වෙන්න පුළුවන් නිසාම ඒක ඔයාට වාසියක් වේවි.

ශ්‍රී ලංකාව දැන් රට වෙත පැමිණෙන සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා. වැඩි විස්තර සඳහා https://www.srilanka.travel/helloagain/ වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here