හතර වටෙන් උගුර රිදෙනවාද..? කොරෝනා කියලා බයයිද..? එහෙනම් මේ tips ටික අත්හදා බලන්න…

උගුර රිදෙනවාද..? කොරෝනා කියලා බයයිද..? එහෙනම් මේ tips ටික අත්හදා බලන්න…

2021 Mar 5

උගුරේ අමාරුව කියන්නේ අපි ගොඩක් දෙනෙක් අත්විදලා තිබෙන දෙයක්. උගුරේ ආසාදන විවිධ හේතුනිසා ඇතිවෙන්න හැකියාව තිබෙනවා. වර්තමාන කොවිඩ් තත්ත්වයත් නිසා උගුරේ ආසාදන වලට වෛද්‍ය උපදෙස් පැතීම තමයි හොඳම දේ. ඒෙ වුණාට හේම්බිරිස්සාවක් හැදෙන්න එන වගේ අවස්ථාවක ඇතිවෙන උගුරේ අමාරුවට අපිට ගෙදරදීම කරන්න පුළුවන් පිළියම් තියනවා. ඉතින් ඔයාට ඒ විදිහේ පොඩි උගුරේ අමාරුවක් හැදෙන්න වගේ එනවනම් ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් අත්බෙහෙත් කීපයක් ගැනයි අද අපි ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න හදන්නේ.

 

වාෂ්ප ඇල්ලීම

Benefits of Steaming Face for Acne at Home, Facial Steaming

උගුර රිදෙනවා වගේ එනකොට බෙහෙත් වලට ඉක්මනින්ම යන්නේ නැතුව වාෂ්ප ඇල්ලී මගින් උගුර ඉදිමීම අඩුකරගන්න හැකියාව තිබෙනවා. ඔයා මුලින්ම වාශ්ප අල්ලනවානම් කරන්න තියෙන්නේ ඔයාගේ හිස තුවායෙන් ආවරණය කර උණු වතුර බේසමකට මුහුණ පහත් කර එයින් පිටවන වාෂ්ප අල්ලන්න එක විතරයි.

 

ලුණු වතුරෙන් උගුර සේදීම

Is it good or bad to gargle with salt water daily? - Quora

ලුණු වතුරෙන් උගුර සෝදන එක අපිට පොඩි කාලේ ඉදන් හුරුපුරුදු දෙයක්. ඔයාට මතක ඇති අ පිට උගුරේ අමාරුවක් හැදුනහම අම්මා ලුණු වතුර දෙනවා උගුර සෝදන්න. හැබැයි ලුණු වතුරෙන් උගුර සෝදනකොට දැනගන ඉන්න අවශ්‍ය කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඕනවට වඩා රස්නේ වතුර ගන්න හොඳනැහැ. ඒ වගේම ඕනවට වඩා ලුණු දාන්න හොඳත් නැහැ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගන්න. මේක තමයි හරිම පදම. උගුර කියන්නේ සංවේදී ස්ථානයක්. ඒ නිසා හරිම පරිස්සමින් තමයි උගුර සෝදන එක කරන්න ඕනේ.

 

උළුහාල් ප්‍රතිකාරය

Here's Why You Should Drink A Glass Of Methi Water Everyday

මේකත් හරියට ලුණු වතුරෙන් උගුර සෝදනව වගේම කරන්න තිබෙන ලේසි ප්‍රතිකාරයක්. ඔයාට කරන්න තියෙන්නේ උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බාගෙන උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. මේක උගුරේ අමාරුවට වගේම කැස්ස​ට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් සහනයක් ලබා දෙනවා.

 

 

දෙහි යුෂ සමග මී පැණි පානය 

What are the benefits of lemon tea with honey?

ලෙමන් සහ දෙහි වැනි පැඟිරි පලතුරු ඔයාගේ උගුරෙ ඇතිවෙන ආබාධ අවම කරන්න ගොඩක් උපකාරී වෙනවා. මී පැණි හැන්දක් දෙහි යුෂ සමග මිශ්‍ර කරගෙන ඔයාගේ උගුරට සහනයක් අවශ්‍ය හැම වෙලාවකම පානය කරන්න හැකියාව තිබෙනවා. දෙහි යුෂ නැත්තනම් ඔයාට ඒ වෙනුවට ලෙමන් වතුර භාවිතා කරන්නත් පුළුවන්. මතක තියාගන්න දෙහි යුෂ හෝ ලෙමන් පානය කරන වෙලාවට ටික ටික පානය කරන්න. ඒ සඳහා බීම බටයක් භාවිතා කරන එක තමයි හොඳම දේ.

 

 

නිදා ගන්නා වෙලාවට හිස ඔසවා තබා ගන්න.

Best Pillows For Side Sleepers

ඔයාට මතකද අසනීප වෙලා ඉන්න වෙලාවක පොඩි නින්දක් ලබා ගත්තහම කොච්චර සනීපයක් දැනෙනවාද කියලා. උගුරෙ අමාරුවක් තිබෙන වෙලාවක ඔයා නිදාගන්න යනවා නම් හිස ඔසවා තබාගන්න .නිදාගන්න කලින් මුලින්ම කොට්ට 2 ක් හෝ 3 ක් මත හිස තබාගෙන හිස ඔසවා තබා ගන්න. මෙය ඔයාට පහසුවෙන් හුස්ම ගැනීමට උපකාරී වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ මුඛය වසා තබා ගැනීමටත් උගුරේ ඇතිවෙන පීඩා අවම වෙන්නත් හේතුවක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here