රස ගැස්ම Romantic Dinner එකකට යන්න හීන දකිනවානම් ඒකට හොඳම තැන Wave Bolgoda by...

Romantic Dinner එකකට යන්න හීන දකිනවානම් ඒකට හොඳම තැන Wave Bolgoda by Singhe…

2021 Mar 22

Open Time:

Always open

Address

No. 14/4/H, Upper Indibedda Road, Moratuwa

directions

Approximately 45 minutes from Colombo Fort & 10 minutes from Moratuwa

Contact No

0767588143

Menu

Wave Bolgoda by Singhe පටන් ගත්තේ 2021 පෙබරවාරි 21 වෙනිදායි. විලෙහි පළලම ස්ථානය දිස්වෙන විදිහට තමයි මේ ත්‍රාසජනක boutique villa එක හදලා තියෙන්නේ.. බොල්ගොඩ තියෙන දර්ශනීයත්වය රාමුවකට අරන් කිව්වොත් මං හරි.මේ සංකල්පය අවුරුදු හතරක් තිස්සේ අධ්‍යනය කරලා තමයි මේ ව්දියට මේ තැන ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ , මුලින්ම මරීනා කියන නමින් ආරම්භ කරලා ටික කාලෙකදී ත්‍රාසජනක ජල ක්‍රීඩා, සුඛෝපභෝගී නවාතැන්පොළක් වගේම ඕනෑම අයෙකුගේ අභිලාෂය සංසිඳවිය හැකි කෑම වට්ටෝරු ගණනාවකින් යුත් අවන්හලකින් Singhe මෙය නැවුම් කරන්න සමත් වෙලා තියෙනවා.

 

 

Aqua Adventures

ජලාශ්‍රිත ක්‍රීඩා සහ ත්‍රාසජනකයන් බොල්ගොඩ WAVE හි හදගැස්මයි. ඔවුන්ගේ ප්‍රියතම දේ එයයි!..WAVE ඒ ආශ්‍රිත සේවාවන් ගණනාවක් සපයනවා..හරියටම කීවොත් මෙය ජල ක්‍රීඩකයන්ගේ පාරාදීසයක් කියලා කියන්න පුළුවන්..WAVE විසින් ඔබේ පහසුව සඳහා කාල පරාසයන් වගේම මිල ගණන් අනුව වෙනස් වන පැකේජ මාලාවක් ඔබට හඳුන්වා දී තිබෙනවා.

Jet Skiing
මිනිත්තු 10 ට – LKR 2,500

මිනිත්තු 30 කට – LKR 7,000

මිනිත්තු 60 කට– LKR 14,000

 

Wakeboarding

මිනිත්තු 20 කට (for seasoned wakeboarders) – LKR 6,500

මිනිත්තු 60කට (for beginners with ground lessons) – LKR 15,000

Flyboarding
මිනිත්තු 20කට (for seasoned flyboarders) – LKR 6,000

මිනිත්තු 45කට (for beginners with ground lessons) – LKR 10,000

 

 

Boat Rides

මිනිත්තු 20ක් කැප්ටන් එක්ක speedboat ride එකකට – LKR 15,000

මිනිත්තු 60ක් කැප්ටන් එක්ක speedboat ride එකකට (මිනිත්තු 20ක් riding time + මිනිත්තු 40ක් waiting time) – LKR 20,000

මිනිත්තු 90ක ridding එකක්,කැප්ටන් කෙනෙක් නැතුව (night-time package with Jet Ski on call) – LKR 25,000

 

Tube Rides

වට 2 කකට – LKR 3,500

Jet skiing කරන්න අපිට ලොකු ආසාවක් ඇති වුණා…ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ..කට්ටිය ride කරනවා දැක්කාම හිතට අවේ මාරම පිස්සුවක්..හැබැයි මේ පිස්සුවටත් මෙතන ක්‍රියාවලියක් තියෙනවා.මොකද මෙතන ඉන්නේ ඒ අත්දැකීම් ගැන ප්‍රවීණත්වයක් දරන බලපත්‍රලාභි උපදේශකයින්..safety jackets එක පළදින විදියෙ ඉදන් අපි යන්න අවශ්‍ය ක්‍රමය ගැන හැම දැනුමක්ම අපිට ලබාදෙනවා. Jet ski ride එක ඇත්තටම මට නම් හිතට අමුතුම ජවයක් ප්‍රබෝධයක් ඇතිකරන නියමම experience එකක්. ඔයත් adrenaline junkie කෙනෙක් නම් මේක ඔයා කැමතිම විදියේ ක්‍රීඩාවක් වෙයි.

කෑම වර්ග

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර industry එකේ දශක දෙකක විතර පළපුරුද්දක් ඇති chef ලා තුන්දෙනෙක් එක්ක WAVE විවිධ රටවල කෑම ශ්‍රී ලාංකීය රසයෙන් ඔබට පිළිගන්වනවා.මෙන්න අපේ දිව නහර පිනා ගිය කෑම ටිකක්:

 

Starters

Vegetable Pakora (LKR 1,000)

මේක නම් නියම ආරම්භයක්!..හොඳට fry වෙලා නියම ක්‍රිස්පි ගතියට හැපෙන මේ vegetable pakora එකේ රසයන් නියම ගානට තිබ්බා. මේ ඉතිං ආරම්භ විතරයි..තවත් කුතුහලය දනවන රසයක් වුනේ මේකෙ dip එක.. මැයෝනෙයිස් වගේම වසාබි එක්ක තියෙන මේ dip එක නම් starter එකට නියම ගතියක් එකතු කරා.

 

Mains

Mixed Grill (LKR 2,400)

මේ main එක ගැන නං එක වැකියකින් කියන්න පුළුවන්. “තනි ප්ලේට් එකක් උඩ රස ලෝකයක්” meats ටික හරි ගානටම cook කරලා flavors add කරලා තිබුණා.මේකේ කන්න ආස හිතෙන විදියට texture කරලා තිබුණා. එළවළු වල එකතුවත් එක්ක මේ main එක සම්පූර්ණ healthy dish එකක්..

 

Sea food pasta(LKR 1,400)

මම මේ dish එකේ දැකපු දේ තමයි පැස්ටා වගේම seafood රසයන් නියමෙට balance කරලා තිබුණා.මේ පැස්ටා එක ක්‍රීම් ගතියයි.හරිම රසයි…එකෙ flavors නියම ගානට තිබුනේ කොයි වෙලේවත් seafood රසය බාල නොකර මේ රසයන් දෙකම ගානට දැනෙන ලෙස මේක සකස්කරලා තිබුණා.

 

Honey Glazed BBQ Pork Ribs

Chef තමා මට මේක recommend කරේ..මං ආසම dish එක තමයි මේ!..මේක හදලා තියෙන විදිය, presentation එක එවාගේම සැර රසයන් එකතු කරලා හදලා තියෙන BBQ Pork එකට glazed honey නියම ගානට එකතු කරලා තිබුණා.මේ රසය මං පළවෙනි වතාවට pork වලට ආස කරපු දවස මට ආයේ මතක් කරලා දුන්නා.

Desserts

Frozen Yogurt (LKR 400 per yogurt)

අතුරුපසක් විදිහට අපි try කළේ frozen yogurt with mango සහ frozen yogurt with Blue Berries..කටින් කටට ඒ නැවුම් පළතුරු වල රස විඳ ගන්න පුළුවන් විදියට fresh fruits එකතු කරලා තිබුණා. මේ desert එක නම් තෘප්තිමත් කෑම වේලක් අවසානයේ තිබිය යුතුමයි.

 

වැදගත් මතක් කිරීමක්

ඔබ WAVE එකට “Irawo season” එකේ පැමිණියොත් මේ dish එක නම් අනිවාර්යෙන්ම ඔබ රසවිඳිය යුතුයි.මෙය බොල්ගොඩට නම් සුපුරුදු meal එකක්..ඊරාවෝ කියන්නෙ බොල්ගොඩට විතරක් ආවේණික වුන මත්ස්‍ය වර්ගයක්…මේ season එකත් තියෙන්නේ අවුරුද්දකට මාස 3 ක් 4 ක් වගෙයි.මේ පදම්කළ මාලුවා මැටි බඳුනකට දාලා පුච්චපු පාන් සහ ඉතා සිහින්ව ලියා ගත් පොල් එක්ක පිළිගන්වනවා..ඇත්තටම මේක නම් නියම dish එකක්….

experiences

අපි කවුරුත් දන්න අදුනන විදියට මොරටුව කියලා කියන්නේ වඩුකර්මාන්තයේ පොහොසත්ම නගරයක්… මේ ප්‍රදේශයේ විනෝද චාරිකාවකට වගේම ඔයාලගේ හිත කැමති විදිහේ අලුත් අත්දැකීම් ගොඩක් විඳගන්න wave වෙනස්ම විදියේ entertainments කිහිපයක්ම සංවිධානය කරලා තියෙනවා…ඒ අතරින් මගේ හිත ඇදුන experience දෙකක් ගැන…ඔයාලා එක්ක බෙදා ගන්නම්…

Sunset(Walk- in Ticket LKR 2500 / Pool Ticket – LKR 500)

මුළු බොල්ගොඩ ප්‍රදේශයෙන්ම…Sunset හොදටම විදින්න පුළුවන් spot එකක තමයි Wave පිහිටලා තියෙන්නේ..
බොල්ගොඩ වැවේ වෙරළේ ඉදන් Sunset එක හරිම ලස්සනට පේනවා.. Sunset එකේ experience එක විදින්න wave ගේ හොඳම Spot එක තමයි pool එක.. සීතල beer එකක් එක්ක jazz music එකයි ,එහාට මෙහාට යන හුළගයි , sunset view එකයි එකතු වුණාම වෙනම ලොකයක් මැවෙනවා..

Romantic Island Gateway (අවශ්‍යතාවයන් වලට අනුකූලව මිල වෙනස් වේ )

ඔයාලා couple එකක් නම්, මේ experience එක ඔයාලට ගොඩක් special වෙයි.කොහොමද??private island එකක, romantic dinner එකක් එක්කම ඔයලාගේ big moment එක celebrate කරන්න පුලුවන් වෙන එක……මේ unique package එක: බොල්ගොඩ වැව වටේ ඉදන් island එකෙන් අවසන් වෙන බෝට්ටු සවාරියක් ,ඉතාමත් චමත්කාර ජනක රාත්‍රි භෝජනයක් වගෙම champagne බෝතලයක් සමගම ගිනිකෙළි සංදර්ශනයක්..එකතු වෙනවා.ඔයාලගේ Big movement එක තමන් කැමති විදිහට experience කරන්න …වගෙම ඉතාමත් සුන්දර මතක ගොඩනඟා ගන්න …management එක වගේම staff එක ඔයාලට ලොකු support එකක් දෙනවා….

Other packages

Bird Watching – LKR 5,000

Fishing – LKR 4,900

Excursions in the Lake – LKR 5,000 – 7,500

Excursion to Mount Lavinia Ship-Wreck – LKR 15,000

Accommodation

අනිත් හැම දේකටම වඩා Privacy එකට මුලිකත්වය දිලා…Wave Room වර්ග 2ක් offer කරනවා..Superior Room හා Deluxe Room…මේ රූම් දෙකම comfort වගේම luxury..බැලූ බැල්මට හරිම ලස්සනට වගේ සිත් ඇදගන්න විදියට room 2කම Design කරලා තියෙනවා….පොඩි time එකකට night rest එකක් ගන්න බලාපොරොත්තුවෙන් වෙන customers වෙනුවෙන් wave Dormitory package එක වෙන් කරලා තියෙනවා..

*Superior Room (Full Board LKR 9500) *

සුපුරුදු luxury පහසුකම් වලට අමතරව ,මේ superior room එක චමත්කාර දසුනකින් පොහොසත් කිවුවොත් මම හරි..උදේ නැගිටලා ,හිරු එළියත් එක්ක අපිට මුලින්ම දකින්න තියෙන්නේ බොල්ගොඩ වැව..මේ natural view එකත් එක්ක refresh විදියට දවස පටන් ගන්න ඔයාලට පුළුවන්..හවස් වරුවට ,සීතල හුළන් වැදී වැදී window එක ඉස්සරහා තියෙන coffe table එකේ, tea එකක් හරි beer එක්ක එක්ක Sunset එක විදින්නත් මේ superior room එක තෝරාගත්තොත් ඔයාලට පුළුවන්..

 

Deluxe Room (Full Board LKR 7500)

superior room එක වගේම luxury විදියට නිර්මාණය කරලා තියෙන Deluxe room එකත් හරිම elegant විදියට design කරලා තියෙනවා..අර විදියටම view එක නැති වුණත් ඔයාලා රූම් එකෙන් එලියට අවාම ඉහල තට්ටුවෙදී වැවේ සුන්දරත්වය විදින්න ඔයලාට පුළුවන්…

The Dormitory (Per Bed LKR 1500)

ඔයා adventure කෙනෙක් හරි explorer කෙනෙක් හරි නම්…තෙහෙට්ටු දවසක ඔයාගේ luggage තියලා හොද සුවපහසු bed එකක රාත්‍රියේ හොද නින්දක් ලබා ගන්නනම්….ඔයාට කියාපු..අඩුම මිලට හොඳම තැන තැන මෙතනයි..

 

Service

අපි නොලබපු අත්දැකීම් ගොඩක් ලබන්න පුළුවන් හොඳම Place එක තමයි Bolgoda Wave කියන්නේ..ඉහළ Management එකේ ඉඳන් පහළ මට්ටමේ පොඩි සේවකයා දක්වාම ඔවුන් මිත්‍රශීලීයි..ඔවුන්ගේ රාජකාරියටත් ඔබ්බට ගොස් ඔබගේ අපෙක්ෂාවන් සපුරාලීමට ප්‍රමුඛත්වය ලබාදේ.මේ නිසාම ඔවුන්ගේ සත්කාරය ඉතා ඉහළයි.

covid 19ත් එක්ක ,reservations සීමිතයි. ඕනෑම ස්ථානයක කණ්ඩායම් හතරකට පමණක් නවාතැන් ගත හැකි අයුරින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ඔවුන් ක්‍රියා කරයි .

Tips: Sunset view එකයි සීතල හුළගත් එක්ක තරු පිරුණු රාත්‍රියක,romantic dinner එකක් ගන්න හීන දකිනවනම් ඔයාලට ගැලපෙනම Package එක තමයි “Dinner Date on Deck” ඒකට එක්කෙනෙක්ට cost වෙන්නේ LKR 3000-LKR 3900 වගේ පොඩි මුදලක් විතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here