රස ගැස්ම තායි, චයිනීස් වගේම බටහිර කෑම එකම තැනින් කන්න The Cake Boutique යමු…

තායි, චයිනීස් වගේම බටහිර කෑම එකම තැනින් කන්න The Cake Boutique යමු…

2022 Mar 28

Stratford මාවතේ පිහිටලා තියෙන මේ හුරුබුහුටි Restaurant එක ලංකාවේ කෑම වගේම තායි, චයිනිස්, බටහිර කෑම වලට කැමති ඔයාලටම කියාපු තැනක්. ඉතින් මෙතැන අපි විඳගත්ත අත්දැකීම ඔයාලත් එක්ක බෙදා හදාගන්න කියලා හිතුවා.

 

Breakfast

Mixed Berry Protein Smoothie Bowl (LKR 1550)

මේ පෝෂදායි Mixed Berry Protein Smoothie Bowl එක නම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කැමති, ඇඟ ගැන හිතන අයට ගැළපෙනම කෑමක්. දැක්ක ගමන් හිත් ඇදගන්නා සුළු විදිහට ලස්සනට රෝස පැහැයක් තිබුණ මේ Smoothie Bowl එකේ රසයෙනුත් අඩුවක් නම් තිබුණේ නැහැ. Yougurt වල ඇඹුල් රසයට ගැළපෙන්න මී පැණි ,ඕට්ස් සහ බෙරි මේකට එකතු කරලා තිබුණා. Chocolate Chips, Sunflower Seeds, Pumpkin Seeds වගේ Seeds වර්ග කිහිපයක්ම මේ Smoothie එකේ රසය වගේම ගුණයත් දෙගුණ කළා කිවුවොත් හරියටම හරි. සෞඛ්‍ය සම්පන්නව බඩපිරෙන්න කන්න කැමති හැමෝටම, මේ රසවත් Smoothie Bowl එක කොතරම් හොඳද කියලා විශේෂයෙන් පැහැදිලි කරන්න නම් අවශ්‍ය වෙන එකක් නැහැ.

 

Mains

Creamy Mushroom and Spinach Pasta (LKR 1950)

නමේ හැටියටම Creamy ගතියට තිබුණ මේ Pasta එක නම් ඉතාලි කෑම වලට කැමති අයට කියාපු Dish එකක්. Shitake, Button Mushrooms, Bell Pepper සහ නිවිති එකතු කරලා තිබුන නිසා මේකේ රසයෙන් වගේම වර්ණවත්ව පෙනුමෙනුත් අඩුවක් තිබුණේ නැහැ. මේකත් එක්ක පිළිගන්වපු සාමන්‍යයෙන් පැණි රස පැත්තට ටිකක් බර Garlic Bread පෙති දෙකත් මේ Dish එකට නියමෙටම ගැලපුණා.

 

Buttered Pita Bread (LKR 1600)

අතින් හදපු Pitas තුනක් සමග Jaffna ක්‍රමයට සාදපු සැර Meatball Masala Curry එකක් සහ Creamy Potato Curry එකක් සමග මේ Dish එක අපිට පිළිගැන්වුවා . මේකත් සමග ලැබුණ නයි මිරිස් පොල් සම්බල් එක මේ Dish එකේ හැම රසයක්ම Balance කරන්න සමත් වුණා. The Cake Boutique එකේ Dishes අතරින් මේක මගේ ප්‍රියතම කෑම ලැයිස්තුවට අයිති නොවුණත් Pita වලට කැමති කෙනෙක් නම් මේක උත්සහ කරලා බලන්න අමතක කරන්න එපා.

 

Spicy Meatball Submarine Loaded with Cheese (LKR1500)

මේක නම් සාමාන්‍ය ප්‍රමාණයේ Submarine එකකට වැඩිය ප්‍රමාණයෙන් වැඩියි. Air Fry කරපු Fries ලොකු Portion එකක් සමග තක්කාලි සෝස් එක්ක මේක අපිට පිළිගැන්වූවා. Coriander වලින් සරසලා තිබුණ මේ Submarine එකට ඔවුන්ම හදපු රසම රස Meatballs, Cheese සහ Gravy එකතු කරලා තිබුණා. The Cake Boutique එකේ කෑම අතරින් මේක නම් මගේ ප්‍රියතම කෑම එකක් වුණා.

 

Spicy Nai Miris Rice Kottu with Prawns and Egg (LKR 2200)

කොත්තු වලට කොයි වෙලාවකවත් නෑ බෑ නොකියන, සැර කෑමට කැමති මට නම් මේක මගේ ප්‍රියතම Dish එක වුණා. නමට සාධාරණයක් වෙන විදිහට සෑහෙන ඉස්සන් ප්‍රමාණයක් එකතු කරලා හදලා තිබුන මේ කොත්තු එක ලූණු,තක්කාලි, මින්චි වගේම කොච්චි වලිනුත් සරසලා තිබුණා. කොත්තුවටම ගැළපෙන Thick Chicken Gravy එකක් මේ සමග අපිට පිළිගැන්වූවා. මේ කොත්තුවේ විශේෂත්වය තමයි හාල් පිටි වලින්ම හදලා තිබුණ එක.

 

Desserts

 

Salted Caramel Cake (LKR 700)

The Cake Boutique එකේ අනිත් කෑම වගේම මේකේ Portion එකත් ප්‍රමාණයෙන් වැඩියි. මේකේ රසයෙන් අඩුවකුත් තිබුණේ නැහැ. ඔයත් සාමන්‍ය ප්‍රමාණයෙන් කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කේක් කෑල්ල ඔයාට තව කෙනෙක් එක්ක බෙදාගන්න පුළුවන්. පැණි රස වගේම ලුණු රසත් සම සමව තිබුණ මේ කේක් එකේ නැවුම් , Spongy ගතියක් තිබුණා. Caramel Mousse තවරපු Layers තුනට උඩින් කජු වලින් සරසපු රසම රස Salted Caramel Layer එක කේක් එකේ රස පෙනුම තවත් වැඩි කළා.

 

Red Velvet Cake (LKR 960)

හිත් ඇදගන්නා සුළු රතු පාටකින් තිබුණු මේ Cake Slice එකේ Mascarpone සහ Cream Cheese Thick Layers තුනක් තිබුණා. Cake එකේ ඇති Creamy ගතියට වගේම ගොඩක් Spongy සහ Fresh ගතිය නිසා අපි හැමෝගෙන්ම මේකට ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. ඉතින් මෙතනට ගියොත් මේකේ රස බලන්නත් අමතක කරන්න එපා.

 

Drinks

 

Butterfly Pea Hawaiian Mojito (LKR 1300)

දැකපු ගමන්ම ලස්සන පාටට තිබුණ නිසාම මේ Mojito එකේ රස බලනකන් අපිට ඉවසිල්ලක් තිබුණේ නැහැ. හැබැයි ඒ නොඉවසිල්ල වැඩි වුනේ මේකට එකතු කරලා තිබුන දේවල් Cake Boutique එකේ Staff එකෙන් අහලා දැනගත්තම. Drink එකේ යට කොටස සුදු පාටිනුත්, උඩ කොටස ලස්සන නිල් පාටකිනුත් තිබුණේ මේ Mojito එකට එකතු කරලා තිබුන නිල් කටරොඩු මල් සහ පොල් කිරි නිසයි. Mix කලාම ලස්සන Lavender පැහැයක් ආපු මේ Drink එකේ පොල් වල රස සහ මින්ට් රස කැපී පෙනුනා වගේම පැණි රසත් ගානට තිබුණා.

 

Black Forest Shake (LKR 1200)

Chocolate Ice Cream, Chocolate Syrup, Whipped Cream සහ Cherry කැබලි එකතු කරලා හදල තිබුණ මේ Shake එක Thick සහ ගොඩක් Creamy විදිහට තිබුණා. ඔයත් Chocolate රසට වගේම Cherry රසට කැමති කෙනෙක් නම් මේ Shake එක අනිවාර්යෙන්ම Try කරලා බලන්න අමතක කරන්න එපා.

 

Cookie Creme Brulee Frappe (LKR 1050)

පොඩි Coffee රසක් තිබුන නිසාම Coffee වලට කැමති මට නම් මේක මගේ කැමතිම Drink එක වුණා. නමේ හැටියටම Cookie Creme Brulee රසට තිබුණ මේ Creamy Frappe එකේ Cookie කැබලිත් යහමින් එකතු කරලා තිබුණ නිසාම අපිට දැනුණේ හරියටම Cookie එකක් බිවුවා වගේම හැඟීමක්. මේකට එකතු කරලා තිබුණ Whipped Cream නිසා මේ Frappe එක ගොඩක් උකු ගතියට තිබුණා. ඔයත් Cookies සහ Coffee වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයාලගේ මේ Frappe එක උත්සහ කරන්න අමතක කරන්න එපා.

 

Achcharu Mojito (LKR 930)

මේකනම් අච්චාරු කන්න කැමති හැමෝටම රස පණිවිඩයක් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. එයාලටම ආවේණික වුණු මේ Drink එක හරියටම කිවුවොත් අපි කවුරුත් බොන්න කැමති අච්චාරු වල අන්තිමට ඉතුරු වෙන සාරය වගෙයි. ඇඹරැල්ලා, අන්නාසි සහ පේර වගේ පලතුරු මේකට එකතු කරලා තිබුණා වගේම Drink එකට ගැළපෙන සැර රසට මම ගොඩක් කැමති වුණා. ඉතින් සැරට කැමති අයට නම් මේක කියාපු බීමක් වෙයි.

 

Ambience

හරිම නිදහස්ව විවේකිව කාලය ගත කරන්නත්, යාලුවෝ සමග Studies කරන්නත් ගැළපෙනම තැනක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතැන Cooperate Lounge එකක් සහ Shisha Lounge එකකුත් තිබීම විශේෂත්වයක්. Cake Boutique Staff එක හරිම Friendly නිසාම කෑම ගැන අපි අහපු හැම ප්‍රශ්නයකට එයාලා කිසිම පැකිලීමක් නැතුව පැහැදිලි කිරීම් කළා. Slow Music සහ කලබල නැති පරිසරය අපි හැමෝගෙම හිත් ගන්න සමත් වුණා.

Tip – මෙතැන කෑම අතරින් බොහෝ කෑම ප්‍රමාණයක් එක අයෙකුට ප්‍රමාණයෙන් වැඩි නිසා ඇනවුම් කිරීමට පෙර ඔවුන්ගේ සුහදශීලි Staff එකෙන් අදහස් ලබාගන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here