කට ගැස්ම Scalloped Potatoes Cooking with Aunty D

Scalloped Potatoes Cooking with Aunty D

2023 Dec 14

 

 

අමුද්‍රව්‍ය:

පෙති කපන ලද අර්තාපල් 500g ක්

ලොකු ළූණු ගෙඩි 1ක්

පිටි කෝප්ප 1/2 ක්

ගම්මිරිස් තේ හැඳි 3/4 ක්

ලුණු තේ හැඳි 1 1/2 ක්

බටර් කෝප්ප 1/2 ක්

චීස් කෝප්ප 1/4 ක්

කිරි කෝප්ප 1 1/2 ක්

 

සාදන ක්‍රමය:

සිහින්ව කපාගත් අර්තාපල් පෙති මුලින්ම Oven Safe Pan එකක අතුරන්න. ඉන්පසුව රවුම් ආකාරයට කපාගත් ළූණු ද ඒ මත අතුරන්න.

ඒ මතට පිටි, ලුණු සහ ගම්මිරිස් කුඩු ඉසින්න. ඉන්පසුව බටර් සහ චීස් ද එකතු කරන්න.

මේ ආකාරයට තවත් Layers දෙකක් සාදාගන්න.

එයට කිරි එකතු කරන්න.

විනාඩි 25 – 30 අතර කාලයක් 160°C බේක් කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here