කට ගැස්ම Christmas Bibikkan Cooking with Aunty D

Christmas Bibikkan Cooking with Aunty D

2023 Dec 22

 

https://youtu.be/Wx9E0CHavEI?si=FOIS69Yv3XYPgImv
අවශ්‍ය ද්‍රව්‍ය :

පොල් 400g ක්

පොල් පැණි කෝප්ප 1 1/2 ක්

දුඹුරු සීනි කෝප්ප 1 ක්

මහදුරු තේ හැඳි 1/4 ක්

කරදමුංගු 3 ක්

පිටි කෝප්ප 3/5 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

බේකිං සෝඩා තේ හැඳි 1/2 ක්

බැදපු රුලං කෝප්ප 1/2 ක්

ගාගත් දෙහි පොතු

ලුණු තේ හැඳි 1/4 ක්

වියළි මිදි කෝප්ප 1/2 ක්

රට ඉඳි කෝප්ප 1 ක්

වැනිලා තේ හැඳි 1 ක්

කපාගත් කජු කෝප්ප 1/4 ක්

කජු මද 10 (අමතර) ක්

 

සාදන ක්‍රමය :

සාස්පානක් ලිපේ තබා පොල්, පොල් පැණි සහ දුඹුරු සීනි එක් කර මිශ්‍ර කර ගන්න.

පොල් පැණි මිශ්‍රණයට මහදුරු ඇට සහ තලාගත් කරදමුංගු එක් කර සාස්පාන ලිපෙන් බා සිසිල් කරන්න.

මේ අතර බඳුනකට පිටි, බේකින් කුඩු සහ බේකින් සෝඩා මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.

සිසිල් වූ පැණි පොල් මිශ්‍රණයට බැදගත් රුලං, ගාගත් දෙහි ලෙලි, ලුණු, වියළි මිදි, රටඉඳි සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරන්න.

ඊළඟට, පැණි පොල් මිශ්‍රණයට පිටි මිශ්‍රණය සහ කපාගත් කජු එක් කරන්න.

මිශ්‍රණය පාච්මන්ට් කඩදාසිවලින් ආවරණය කර ඇති බේකින් තැටියක අතුරාගන්න.

අවශ්‍ය නම් කජු හෝ ටොපිංස්ද එක් කර 150 ° C කට විනාඩි 35ත් 40ත් අතර බේක් කරගන්න.

එය පරිස්සමින් උඳුනෙන් පිටතට ගෙන අයිස්ක්‍රීම් සමඟ හෝ නොමැතිව පිළිගන්වන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here