රස ගැස්ම විවිධ විදියේ ආප්ප, පරාටා රස බලන්න කැමති නම් Amma Nissa යන්න…

විවිධ විදියේ ආප්ප, පරාටා රස බලන්න කැමති නම් Amma Nissa යන්න…

2024 Jan 7

Open Time:

Wednesday - Sunday, 5 pm to 11 pm

Address

One Galle Face Mall, 1A, Centre Road, Colombo 02

directions

Level 06, next to PVR Cinemas

Contact No

0772896668

Menu

විවිධ විදියේ ආප්ප, පරාටා රස බලන්න කැමති නම් Amma Nissa යන්න…

 

ප්‍රණීත කෙසෙල් කොලේ බත් සඳහා කොළඹ නගරයේ ප්‍රසිද්ධ Amma Nissa අවන්හල දැන් One Galle Face Mall හි විවෘත කර තිබෙනවා. ප්‍රණීත ‍රසැති ආහාර පාරිභෝගිකයා වෙත ගෙන ඒම වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන මෙම අවන්හලට මේ නම යොදා ඇත්තේ එහි අයිතිකරුගේ මවට උපහාර දැක්වීම වෙනුවෙනුයි.

 

CURRIES

Tamarind and Chilli Seer Fish Red Curry — LKR 2,900 (5/5)

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික මාළු ව්‍යංජනයක් ලෙස පිළිගන්වන Tamarind and Chilli Seer Fish Red Curry එකේ සැර රසයක් වගේම ඇඹුල් රසයක්ද තිබෙනවා. නැවුම් සහ මෘදු මාළු වර්ග වලින් රසවත් වූ මෙය ඔවුන්ගේ පරාටා සමග කදිමට ගැළපෙනවා.

 

Chilli Garlic Black Tiger Prawn — LKR 1,200 (Per Piece) (5/5)

එක ඉස්සෙක් සඳහා රුපියල් 1200ක් වියදම් කිරීම අමුතු දෙයක් ලෙස පෙනුනත්, Chilli Garlic Black Tiger Prawn එක ගෙවන මිලට සාධාරණ ලෙස ඔබට ලැබෙනවා. මෙය පැණි රසයක් ගෙන එන අතරම කුළුබඩු සහ ඉඟුරු, සුදුළූණු, සෝයා සෝස් වල සංකලනයක් වනවා. ‍රසයෙන් අනූන විශාල මෘදු ඉස්සන් සමග පරාටා සහ බිත්තර රොටි හොඳින් ගැලපෙනවා.

 

Amma’s Mutton Curry — LKR 2,900 (5/5)

මම රස බැලූ සියලුම ව්‍යංජන අතරින්, එළු මස් ව්‍යංජනය ප්‍රියතම එකක් වුණා. අබ සහ උමාමි රසයක් එක්වූ මෙම ව්‍යාංජනයෙන් ඉතාමත් රසවත් වුණා. පරාටා හෝ ආප්ප සමග මෙම එළුමස් ව්‍යංජනය කදිමට ගැළපෙනවා.

 

HOPPER COLLECTION

 

Plain Hopper — LKR 125 (3.5/5)

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ආහාරයක් වන ආප්ප නම් එතරම් සුවිශේෂී වුණේ නම් නෑ. සමහර විට හාල් පිටි මිශ්‍රණය පැසෙන්නට වැඩි කාලයක් තිබුනා නම් ආප්පයේ රස වැඩි වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් හැපෙනසුළු හා මෘදු ආප්ප වල රසය අපව සෑහීමට පත් කලා.

 

Egg Hopper — LKR 200 (4/5)

ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ආහාරයක් වන බිත්තර ආප්ප වල රසයේ විශේෂත්වයක් නොතිබුණත් එය හොඳ අත්දැකීමක් වුණා.

 

Kiri (Milk) Hopper — LKR 150 (5/5)

ඇත්තටම මම Kiri Hopper රස බැලුව මුල්ම වතාව නිසා හිතුව තරම් පැණි රසක් නැතිවීම සතුටට කාරණයක් වුණා. කොහොම වුණත් Kiri Hopper සැහැල්ලු අතුරුපසක් ලෙස උත්සාහ ක‍රනවා නම් ඔබේ ආහාර වේල සම්පූර්ණ වන බව තමයි මගේ අදහස.

 

ROTIS

Hand-Tossed Paratha — LKR 200 (5/5)

Hand-Tossed පරාටා මගේ ප්‍රියතම කෑමක් වුණා. අතින් Toss කළ ඒවා උණුසුම්ව සහ රන්වන් පැහැයෙන් පිළිගන්වන අතර ඕනෑම ව්‍යංජනයක් සඳහා ගැළපෙනවා.

 

Egg Roti — LKR 300 (5/5)

බිත්තර රොටි තවත් ජනප්‍රිය ශ්‍රී ලාංකික ආහාරයක්. ඒවා පරාටා මෙන් වන අතර බිත්තර එක් කිරීමත් සමග වඩාත් රසවත් වුණා. ඔවුන්ගේ ඕනෑම ව්‍යංජනයක් සමග පරාටා රස විඳින්න පුළුවන්. Amma Nissa වෙත පැමිණෙන ඔබ මෙම බිත්තර රොටි රස බලන්න නම් අමතක කරන්න එපා.

 

SAMBOL COLLECTION

 

Lunu Miris — LKR 250 (3/5)

දෙහි රසයෙන් අනූන ලුණු මිරිස් සමග ආප්ප කන්න කැමති ඔබට හොඳින් ගැළපෙනවා.

 

Seeni Sambol — LKR 350 (4/5)

ප්‍රණීත රසැති සීනි සම්බෝලයේ ළූණු ටිකක් බැදුනා නම් තවත් රසය වැඩි වෙන්න ඉඩ තිබුණා කියලා අපිට හිතුනා.

 

පරිසරය

ගගනගාමීන්ගේ තේ බොන ආකාරය දැක්වෙන චිත්‍ර, “තේ බොමු” වචනය සහිත නියොන් සංඥා සහ ජාතික කොඩියේ වර්ණවලින් කුෂන් කර තිබෙන ආසන වලින් සමන්විත අවන්හලේ පසුබිම් සංගීතය ඔබට ගෙන එන්නේ කොළඹ-මාතර බස් රථයක සිටින හැඟීමක්. ඒ වගේම මිත්රශීලී සහ උපකාරශීලී කාර්ය මණ්ඩලයක් ඔබට එහිදී හමුවෙන්න පුළුවන්.

කාර්යබහුල වේලාවට පෙර පැමිණියොත් ඔබට ඉක්මනින් ආසනයක් ලබා ගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here