රස ගැස්ම ඉතාලි රස පිට්සා දැන් කොළඹ නගරයේ….

ඉතාලි රස පිට්සා දැන් කොළඹ නගරයේ….

2024 Mar 1

Open Time:

Daily, 1 pm to 11 pm

Address

69/2, Elvitigala Mawatha, Colombo 08

directions

Behind the Blooms & Butterflies store located down Baseline Road

ඉතාලි කෑම රස ලංකාවේදී try කරන්න ඔයාටත් අවස්ථාවක්

 

 

ඉතාලි ingredients එක් කර ශ්‍රී ලාංකීය රසයද මුසු කරමින් සාදන ඉතාලි කෑම වර්ග ඔබ වෙත ගෙන එන Truffles Pizzeria අවන්හල, ඉතාලියේ පදිංචිව සිටි යෝෂිත පීරිස්ගේ නිර්මාණයක් වනවා.

 

APPETISERS

 

Garlic Focaccia — LKR 1,400 (4/5)

 

 

මොසරැල්ලා චීස් තවරා තිබුණ Garlic Focaccia එකට බටර් සහ සුදු ළූණු මුසු කර තිබුණා. පිට්සා එකක පෙනුමක් ගත් මෙය කුළුබඩු රාශියක මුසුවක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. ඔයාට කැමති නම් සෝස් එකතු කර ගන්නත් පුළුවන්. පොඩි දැවිල්ලක් දැනෙන නිසා සිසිල් බීම එකක් ළඟ තියාගෙන try කරන එක හොඳයි කියලා හිතෙනවා.

 

MAINS

 

Truffle Monster Pizza — LKR 3,800 (5/5)

 

 

chicken, bacon, pepperoni, Italian bacon, mozzarella, bell peppers, සහ Parmesan එක් වූ මේ තුනී පිට්සා එකට ඔවුන්ගේම සෝස් එකත් එකතු වුණාම රසයෙන් පරිපූර්ණ වෙනවා.

 

Budu Ammo Cheese Pizza — LKR 3,600 (5/5)

 

 

blue cheese, mozzarella, gouda, Parmigiana Reggiana එක් කර තිබෙන Budu Ammo Cheese Pizza එකේ රසය සහ සුවඳ දෙගුණ තෙගුණ කරන්න truffle oil ද එක් කර තිබුණා. blue cheese වලින් එන ප්‍රණීත රසය නිසා පිට්සා ලෝලීන්ට වෙනස්ම රසයක් ගෙන දෙනවා. චීස් වලට කැමති අයට මෙන්ම vegetarian අයටත් වෙන්වූ රසවත් පිට්සා වර්ගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

 

Authentic Carbonara Pasta — LKR 3,900 (5/5)

 

 

රසයෙන් අනූන Authentic Carbonara Pasta එකට බිත්තර කහ මදයක් සහ pecorino cheese එක් කර තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි බේකන් හෝ කුකුල් මස් වෙනුවට ඉතාලි ඌරු මස් වර්ගයක් වන Guanciale භාවිතා කර තිබීමයි. පැස්ටා වලින් එන ක්‍රීම් රසය සමඟ ලුණු රසය හා හැපෙන සුළු ගතිය ඔබට රස විඳින්න පුලුවන්. බිත්තර කහ මදයට හා චීස් වලට අමතරව ක්‍රීම් රසයක් ද ගෙන දුන්නා.

 

Pork Ragu Lasagna — LKR 2,800 LKR (4/5)

 

 

ලසඤ්ඤා ලෝලීන් වෙනුවෙන්ම පිළිගන්වන Pork Ragu Lasagna බේකන් එක්වූ රසවත්, චීස් ලසඤ්ඤා වර්ගයක්. ඔයා Pork Ragu Lasagna එක try කරනවා නම් portion එක අනුව ඔයාට වෙන කෑම order කරන්න ඕන වෙන්නෙත් නෑ. ඒ තරමටම රසයෙන් මෙන්ම ප්‍රමාණයෙන් ද සරිලනවා. මේ ලසඤ්ඤා එකට ඔබ කැමති විදිහට තක්කාලි සොස් හෝ ලසඤ්ඤා සෝස් එකතු කර ගන්න පුළුවන්.

 

DESSERT

 

Tiramisu — LKR 1,000 (5/5)

 

 

Tiramisu එකේ මෙලෙක් බව සහ එහි වර්ණය මාව පුදුමයට පත් කලා. කුඩා වීදුරු බඳුනක පිළිගන්වන පැණි රසයෙන් අනූන mascarpone cheese සමඟ espresso කෝපි පානය නියමෙට ගැළපෙනවා. ඔබේ ආහාර වේල තෘප්තිමත් ලෙස අවසන් කරන්න අවශ්‍ය නම් Tiramisu එක try කරලා බලන්න අමතක කරන්න එපා.

 

DRINKS

 

Nutella Milkshake — LKR 970 (5/5)

 

 

ඇත්තටම Nutella මිල්ක්ෂේක් එකෙන් මට දැනුණේ Ferrero Rocher එකක රසයක්. Nutella ගොඩක් එක් කර තිබුණ නිසා පැණි රසයෙන් නම් අඩුවක් දැනුණේ නැහැ.

 

වටපිටාව

 

 

ඇතුළත අලංකාර චිත්‍ර දැක ගන්න පුළුවන් වගේම Truffles Pizzeria ගෘහස්ථ හා එළිමහන් ආසන සහිත සුවපහසු අවන්හලක් වනවා. එකවර විශාල පිරිසකට විනෝද වෙන්න පුළුවන් විදිහේ දර ගිනි උඳුනක් සහිත area එකක් තිබෙන නිසා ඔබට පිට්සා හදන සුවඳද අත්විඳිමින් අලුත්ම අත්දැකීමක් ලබාගන්නත් පුළුවන්. මෙහි කාර්යමණ්ඩලය ඉතා කාර්‍යක්ෂම වන අතර ප්‍රණීත ආහාර පිළිගන්වමින් තම පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ඔවුන් සපයනවා.

බොරැල්ල නගර මධ්‍යයේ නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන මෙය පවුලේ අය සහ මිතුරන් සමඟ විනෝද වෙන්න හොඳ ස්ථානයක්.

 

ඔබ දන්නවාද?

මෙහි ආහාර Uber Eats සහ PickMe භාවිතා කර ඔබේ නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්.
සෑම සිකුරාදා රාත්‍රියකම අවන්හලට පැමිණෙන ඔබට සජීවී සංගීත අත්දැකීමක් ලබන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here