කට ගැස්ම ඇඹරැල්ලා චට්නි

ඇඹරැල්ලා චට්නි

2024 Mar 26

 

 

අපි Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙන්නේ කුළුබඩු මුසු වූ පැණි රසයක් ගෙන එන රසවත් ඇඹරැල්ලා චට්නි එකක් හදාගන්න විදිහයි. ඉතින් ඔයාලත් මේ විදියට ඇඹරැල්ලා චට්නි එකක් හදලා බලන්න අමතක කරන්නෙපා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ඇඹරැල්ලා 500g ක්

වතුර කෝප්ප 2 ක්

සීනි 250g ක්

ලුණු තේ හැඳි 1 1/2 ක්

කරාබු නැටි 5ක්

කුරුඳු අඟල් 1/2 ක්

ඉඟුරු + සුදුළූණු තේ හැඳි 1 1/2 ක්

මිරිස් කුඩු මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය:

භාජනයක් ලිපේ තබා ඇඹරැල්ලා, ජලය, සීනි, ලුණු, කරාබුනැටි සහ කුරුඳු පොතු එකතු කරන්න.

විනාඩි 5ක් පමණ එක දිගට කලවම් කරගන්න.

භාජනය වසා තබා අඳුරු පැහැ වන තෙක් මඳ ගින්නේ තබන්න.

ඉඟුරු, සුදුළූණු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් උකු වනතුරු බැදෙන්නට තබන්න.

පිසගෙන අවසන් වූ පසු ආහාර වේලට එක් කරගන්න.

 

ශ්‍රී ලාංකේය කුළුබඩු සහ ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සමඟින් පහසු සහ රසවත් කෑම වට්ටෝරු ඔබ වෙත ගෙන එන ආන්ටි D සමඟ දිගටම රැඳී සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here