හතර වටෙන් ශ්‍රී ලංකාවට අලුත්ම ධාවන අත්දැකීමක් අරගෙන එන සුපිරි SUV රථය ඔබේ...

ශ්‍රී ලංකාවට අලුත්ම ධාවන අත්දැකීමක් අරගෙන එන සුපිරි SUV රථය ඔබේ SUV සිහිනය සැබෑ කරන්න දැන් සූදානම්…

2024 Apr 7

ශ්‍රී ලංකාවේ මෝටර් රථ‍ කර්මාන්තය නව මගකට යොමු කරමින් ඩේවිඩ් පීරිස් automobie සමාගමත්‍ Beijing Automotive industry holding Co. ltd (BAIC) සමාගමත්‍ සමග එක්ව අනාගතයේ සුපිරි පෙරගමන්කරු වන BAIC X55 II SUV රථය ආනයන කරන්න සියලු ‍කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්. දැක්කම ආස හිතෙන body structure එකක්‍ තිබෙන ඩේවිඩ් පීරිස් ඔටෝමාබයිල් BAIC X55 II Honour සාමාන්‍ය රථය වගේම සියලු අංගෝපාංග වලින් යුතු BAIC X55 II Luxury රථය ලෙස මාදිළි 02ක් එකවරම වෙළඳපොලට හඳුන්වා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

 

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය කියන්නේම ශ්‍රී ලංකාවේ තරුණ හදවත් ධාවනය වන ආකාරය හොදින් හදුනන ආයතනයක්. ඒ ව⁣⁣⁣ගේම දේශීය කර්මාන්තය ගොඩනැගීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව⁣ගේම එහි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතාගේත් ප්‍රධාන අරමුණයි.

 

Brand new BAIC X55 II රථය‍ සැප පහසු ආසන පහකින් යුක්තයි. 1500 cc turbo engine එක‍, 7DCT පද්ධතිය‍ SUV වලට ආදරය කරන අයට වේගවත් අද්දැකීමක් ලබා දෙනවා. පෙට්‍රල් වලින් ධාවනය වන මේ අලුත්‍ දඟකාරයාට අගල් 19 ඇලෝයි වීල්ස්, duel exhaust, විවෘත‍ කල හැකි වහල ව⁣ගේම ස්වයංක්‍රීයව ඉදිරියට එන දොර හැඬල ද තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ධාවනය වන අනෙකුත්‍ වාහන අතරින් BAIC X55 II රථය‍ මේ තරම් කැපීපෙනෙන්⁣නේ එහි ඇති Adaptive cruise control, lane departure warning, front seat heating සහ ventilation, driver seat memory, rear seat angle adjustability සහ multicolored interior ambient light වැනි ආරක්ෂිත‍ විශේෂාංග‍ රැසක් BAIC X55 II රථය‍ අයිතිවාසිකම් කියන‍ නිසයි. ඒ වගේම සියලුම BAIC X55 II මාදිළි රියදුරුට හා ගමන් කරන මගීන්ට පැති එයාර්බෑග් සහ එයාර්කර්ට්න් ඇතුළු එයාර් බෑග් 06ක් තිබෙනවා ව⁣ගේම රිය පැදවීමේ සංඥා, අංශක 360 කැමරාව සහ සතුරු ක්‍රියාවන් අඟවන එලාම් තිබෙන නිසා රථයට තිබෙන වටිනාකම ඔබට තවත් වැටහෙනවා නේද?

අඟල් 10 ක පාලන තිරයක් සහ LCD තිරයක් ඇති මේ කඩවසම් ධාවකයාට සියලුම මාදිලියේ රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවන් WIFI සහ රැහැන් රහිත චාජින් පහසුකම් ද ඇතුලත් කර‍ තිබෙනවා.

BAIC X55 II රථයට අමතර කොටස් සහ තාක්ෂණික සහාය ලබා ගැනීම‍ පිළිබඳ ඔබට තව‍දුරටත් වදවිය යුතු‍‍ නෑ. අලෙවියෙන් පසුවත් පාරිභෝගිකයන්ට අසමසම සේවාවක් ඩේවිඩ් පීරිස් සමූහය විසින් සහතික කරනවා. හයිඩ් පාක්‍,කෝනර් හී ඇති ඩේවිඩ් පීරිස් එක⁣ට ගොස් 2024 ජූනි වල බෙදා හැරීමට නියමිත BAIC X55 II රථය test drive හෝ පෙර ඇණවුමක් වුනත් භාර දෙන්න ඔබට දැන් පුලුවන්.

 

ඉතින් ශ්‍රී ලංකාවේ තිබෙන SUV අතර අභිමානයෙන් මුල් තැන ගන්නා BAIC X55 II ධාවනයේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත්‍ කැමතිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here