රස ගැස්ම Bombay Borough | Restaurant Review

Bombay Borough | Restaurant Review

2024 Apr 26

Open Time:

Daily, 12 pm to 11 pm

Address

L1, One Galle Face Mall, Colombo - Galle Main Road, Colombo 02

directions

Located on the right side of the mall from the Galle Road entrance

Contact No

0767 611 011

Menu

Bombay Borough කියන්නේ 2019 ආරම්භ වුණු ඉන්දියානු Restaurant එකක් වගේම bar එකක්. සාම්ප්‍රදායික කෑම, බීම වලට modern twist එකක් එකතු කරපු මේ restaurant එක කොළඹ නගරයේ අවන්හල් අතරින් ප්‍රසිද්ධ තැනක් ගන්නවා.

Bombay Borough විවිධ රසයන්ගෙන් යුත් උතුරු ඉන්දියානු වගේම දකුණු ඉන්දියානු ආහාර වර්ගත් පිරිනමනවා. ඒ වගේම Bombay Borough අවන්හල අලුත් කෑම ‍රැසක් එක්ක බීම වර්ගත් ඇතුළත් නව මෙනුවක් හඳුන්වා දී තිබෙනවා.

 

APPETISERS

Amritsari Shrimps – LKR 2,550 (5/5)

මෙයට ඉස්සන්, කොත්තමල්ලි, සූදුරු එක් කර ඇති අතර ඔයා ගන්න ආහාර වේලට හොඳ ඇරඹුමක් ලබා දෙනවා. කොත්තමල්ලි සහ සූදුරු වලින් එන රසය ඔයාට ඉන්දියානු මසාලා රසය මතක් කරලා දෙනවා. මින්ට් චට්නියක්ද සමග එන Amritsari Shrimps එකට ඉස්සන් 6-7 ක් එක් කරලා තියෙන නිසා ආහාර රුචිය වැඩි කරන්න හේතුවක් වනවා.

 

Chargrilled Cauliflower – LKR 2,300 (4/5)

මේක එළවළු කන්න ආස නැති කෙනෙක්ට try කරල බලන්න පුළුවන් හොඳම කෑමක් කියන්න පුළුවන්. බටර් එක් කර ග්‍රිල් කර තිබෙන ගෝවා මල් වලින් එන ක්‍රිස්පි රසය නිසාත් උණු උණුවේ පිලිගන්වන නිසාත් සාමාන්‍ය එළවලුවක් කියලා කියන්න නම් බැහැ. ගම්මිරිස්, අබ සහ යෝගට් එක් කර හදන මෙය රස දෙගුණ කරනවා වගේම නියම කුළුබඩු ‍රසයක් ලබා දෙනවා. අමතර රසයක් සඳහා ළූණු අච්චාරුත් එක් කර තිබීම විශේෂත්වයක් වනවා. ලොකු ගෝවා මල් කෑලි 4-5 ක් සමඟ එන Chargrilled Cauliflower එක දෙන්නෙක්ට කන්න හොඳටම ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්.

 

Rajputana Murgh Soola – LKR 2,950 (4/5)

බටර් මුසු කර මෘදු ලෙස පිස තිබෙන Rajputana Murgh Soola දෙන්නෙක්ට වුණත් බෙදා ගන්න පුළුවන්. රසය වැඩි නිසාම මේක ඔයාට share කර ගන්න හිතෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

 

MAINS

Butter Chicken Biryani – LKR 3,150 (5/5)

දෙන්නෙක්ට share කර ගන්න පුළුවන් Butter Chicken Biryani එක අනිවාර්යයෙන්ම දෙන මුදලට වටිනවා. කරි සෝස් එක්ක එන තන්දූරි බටර් චිකන් බත් සමඟ එක් වූ විට නියම බුරියානි එකක රසය ගෙන එනවා. කුළුබඩු එක්වූ මකානි සෝස් (බටර් චිකන් රසයෙන් යුත් හොදි වර්ගයක්) බුරියානි එකේ රසය තවත් වැඩි කරනවා.

 

DRINKS

Rose Flavored Falooda – LKR 1,650 (5/5)

Rose Flavoured Falooda එක රෝස රසය සහ සුවඳ මුසු වූ රසවත් පානයක් කියලා කියන්න පුළුවන්. වැඩිපුර පැණි රසක් හෝ කිරි රසයක් නැති පරිපූර්ණ පානයක් කියලා කියන්න පුළුවන්.

 

Bombelli Pina Colada (Mocktail) – LKR 1,250 (5/5)

මම අන්නාසි drink එක ගැන දෙගිඩියාවෙන් හිටියත් මේ පානය ඇත්තෙන්ම රසවත් වනවා. පොල් එක්වූ විට එය අන්නාසි වල රසය ඉතාමත් රසවත් වනවා. මේ දවස් වල රස්නෙටත් ගැළපෙන නියම බීම එකක් කියලා මේක කියන්න පුළුවන්.

 

COCKTAILS

Imli Tonic – LKR 1,650 (3.5/5)

සියඹලා සමග ජින් එක්වූ මේ කොක්ටේල් එක තරමක් ඇඹුල් රසයක් ගෙන දෙනවා. සියඹලා කැබැල්ලක් සමග පිළිගන්වන නිසා එය කලවම් කර සියඹලා රසය වැඩි කර ගන්නත් පුළුවන්. ඔයා සියඹලා රසට කැමති කෙනෙක් නම්, මේ කොක්ටේල් එක ඔයාට අනිවා‍ර්යෙන්ම ගැළපෙනවා. ඒත් මට නම් ටිකක් ඇඹුල් රහ දැනුණා වැඩියි කියලා හිතුනා.

 

Bollywood Queen – LKR 1,750 (4/5)

ඔවුන් ඒක අපට පිළිගැන්වුව විදිහ අපිව පුදුමයට පත් කලා කිව්වොත් හරි. වීදුරුව ඇතුලෙන් පෙනෙන රෝස මල් පෙති නිසා රෝස පාට සැන්ග්‍රියා තවත් ලස්සනට පේනවා. ක්‍රැන්බෙරි සහ ඇපල් රස මුසු වූ Bollywood Queen එක try කරලා බලන එක ඇත්තටම වටිනවා.

 

Kaapi G and T – LKR 1,650 (4/5)

ඔබ ඇත්තටම කෝපි වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හැම උගුරක්ම ඔබට නැවුම් කෝපි රසයක් ලබා දෙනවා.

 

වටපිටාව

අවන්හලට ඇතුල් වෙද්දිම අලංකාර ඉන්දියානු සිතුවම් ඔයාට දැක ගන්න පුළුවන්. කුෂන් සහ පුටු වල මුද්‍රණය කරලා තියෙන රූප වලින් ඉන්දියානු සම්ප්‍රදාය හොඳින්ම පෙනෙනවා. අලංකාර ලෙස නිර්මාණය ක‍රලා තියෙන ලී ලාම්පු ආවරණ වලින් ඔබට සුවපහසු හැඟීමක් ලබා දෙනවා. පවුලේ අය, මිතුරන් සමග හෝ පෙම්වතා පෙම්වතිය සමග රසවත් ආහාර වේලක් try කරන ගමන් නිදහසේ කාලය ගත කරන්නත් පුළුවන්. ලස්සන කිරිගරුඬ නිමාවකින් යුතු අවන්හල මැද තියෙන බාර් එක ඔබේ පානය විවේකීව රස විඳීමට කදිම ස්ථානයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here