කට ගැස්ම Black Pork Curry

Black Pork Curry

2024 Apr 29

 

 

Pork curry එකක් හදන විවිධ ක්‍රම තිබුණත්, ශ්‍රී ලංකාවේ අපේ ආසම විදිහ තමා Black pork curry එක. ඉතින් අද Aunty D ඔයාලට කියලා දෙන්නේ රසවත් Black pork curry එකක් හදන විදියයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

තෙල් මේස හැඳි 1 1/3ක්
මිරිස් කුඩු මේස හැඳි 2ක්
ඌරු මස් 500gක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 2ක්
අඹරන ලද ගොරකා මේස හැඳි 1ක්
ඉඟුරු + සුදුළූණු මේස හැඳි 1 1/2ක්
කුරුඳු අඟල් 1ක කැබැල්ලක්
කරාබු නැටි 5ක්
එනසාල් 3ක්
සේර කැබැල්ලක්
කරපිංචා
රම්පේ
ළූණු ගෙඩි 1ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
වතුර
අමු මිරිස් කරල් 2ක්
බැඳපු තුනපහ මේස හැඳි 1ක්

 

සාදන ආකාරය:

රත් වූ භාජනයකට තෙල් මේස හැන්දක් සහ මිරිස් කුඩු එක් කර බැද ගන්න.

වෙනම භාජනයකට කපාගත් ඌරු මස් එකතු කර එයට බැද ගත් මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, අඹරන ලද ගොරකා, ඉඟුරු සහ සුදුළූණු එක් කරන්න.

විනාඩි 30 ක් marinate වෙන්න තබන්න.

පෑන් එකකට තෙල් තේ හැන්දක් දමා එයට කුරුඳු, කරාබු නැටි, එනසාල්, සේර, කරපිංචා, රම්පෙ, සිහින්ව කපා ගත් ළූණු එක් කර අවසානයට marinate කර ගත් ඌරු මස් එකතු කර ගන්න.

වතුර සහ අමු මිරිස් එක් කර මඳක් තෙම්පරාදු කරගන්න.

අවසානයේදී, බැදපු තුනපහ එක් කර මඳක් තැම්බීමට තබන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here