2025 Jun 17
ඔයත් මාමයිට් කන්න කැමති කෙනෙක්ද? එහෙනම් මාමයිට් තැවරුන crispy චිකන් රස බලන්න ඔයා අනිවාර්යෙන්ම කැමති වෙයි. ඉතින් අද ආන්ටි ඩී ඔයාලට රසයෙන් වගේම ගුණයෙන් පිරි මාමයිට් chicken හදන විදිහ කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් 500g ක් (කටු රහිත)
ලුණු තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1 ක්
බිත්තර 1 ක්
ඉරිඟු පිටි කෝප්ප 1/4 ක්
මාමයිට් කෝප්ප 1/4 ක්
ඩාර්ක් සෝයා සෝස් මේස හැඳි 1 ක්
සීනි මේස හැඳි 1 ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්
තෙල් තේ හැඳි 1 ක්
සුදුළූණු 4 ක්
සාදන ක්‍රමය
කුකුල් මස් කුඩා කැබලිවලට කපාගන්න. එයට ලුණු හා ගම්මිරිස් එකතු කරන්න.
ඉන්පසුව බිත්තරයක් සහ ඉරිඟු පිටි එකතු කර, සියල්ල මිශ්‍ර කර විනාඩි 20ක් පමණ marinate වීමට තබන්න.
කුකුල් මස් සඳහා අවශ්‍ය සෝස් එක සාදා ගැනීමට භාජනයකට මාමයිට්, සෝයා සෝස්, සීනි සහ oyster සෝස් එක් කර ගන්න. ඊළඟට එය හොඳින් මිශ්‍ර කර ගන්න.
කුකුල් මස් රන්වන් පැහැයට හැරී හැපෙනසුළු වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න.
රත් වූ භාජනයකට තෙල් එකතු කර කපාගත් සුදුළූණු බැද ගන්න. ඉන්පසු බැදපු කුකුල් මස් සහ මාමයිට් සෝස් එකතු කරන්න.
සෑම කැබැල්ලකම හොඳින් මාමයිට් සෝස් තවරා ගන්න.
දැන් ඉතින් රසට හැපෙන මාමයිට් චිකන් වල රස ඔයාට බලන්න පුළුවන්.