Blog Page 23

ලංකා ඉතිහාසයේ පළමු ගුවන් නියමුවරියන් දෙදෙනා …

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නිලධාරීන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙස පත් කර තිබේ!

නියමු නිලධාරි ඒ.ඩී.පී.එල්. ගුණරත්න සහ නියමු නිලධාරී ආර්.ටී. වීරවර්ධන වසර 3 ක පුහුණුවෙන් පසු සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ ප්‍රථම ආර්යාවන් බවට පත්ව තිබෙනවා.

මෙම ගුවන් නියමුවරියන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළැඳවීමේ උත්සවය පවත්වනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් සේවයට එක් වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පැවති 61 වන නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩයේ නිලධාරීන්ගේ විසිරි යාමේ පෙළපාළිය ඊයේ පැවැත්වුණා. එහිදී කැඩෙට් නිලධාරින් 53 දෙනෙකු කොමිෂන් නිලයට පත් කරනු ලැබුවා.

‍ඊට අමතරව, ප්‍රථම වරට කැඩෙට් නිලධාරිනියක් සෑම අතින් ම දක්ෂත ම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම (Sword of Honor) සහ ප්‍රථම වරට ජනාධිපති වර්ණධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරීවරියක් අණ දීම ද මෙම විසිර යාමේ උත්සවයේ සිදුවු තවත් විශේෂ සිදුවීමක් වෙනවා.

වසර 3 ක් පුරා, සාමාන්‍ය රාජකාරි නියමු, කාර්මික ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, Logistics,පරිපාලන රෙජිමේන්තුව සහ Operations Air වැනි විවිධ අංශවල නිලධාරීන් දැඩි පුහුණු වැඩසටහන් වලට සහභාගී වී වෙහෙසමහන්සි වී කැපකිරීමෙන් වැඩ කළා. ඔවුන් සිය මූලික පුහුණුව දියතලාව සටන් පුහුණු පාසලෙන් ආරම්භ කළ අතර, පසුව ඔවුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඊළගට ඔවුන් මූලික පරිපාලන පාඨමාලාව, ඩීන වරායේ පියාසර හා භූමි පුහුණු අංශයේ පුහුණු වීම දියතලාව සටන් පුහුණු පාසලෙන් සිදුකර තිබෙනවා.

සොයුරියනෙ ඔබ අපට අභිමානයක් මෙරට ඉතිහාසයෙ පලමු වරට ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන් ලෙස පත්වු පවිත්‍රා ලක්ශානි ගුණරත්න සහ තත්සරනී වීරවර්ධන සොයුරියන්ට ගැස්ම අපේ සුභ පැතුම්! ඉතිං අපේ රටද, ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට මෙසේ එක්විය.

2020 වසර ශ්‍රී ලාංකික කාන්තාවන්ට සුභ වසරක් වුණ බවනම් නොවනුමානයි. Asha De Vos,Scuba Diving Magazine හී Sea Hero බවට පත්වුණ දවසේ සිට මෑතක දී ඕස්ට්‍රේලියාවේ Junior Masterchef වශයෙන් Georgia‍ ජයග්‍රහණය කිරීමත් දක්වා තවත් බොහෝ දේ මධ්‍යයේ, ශ්‍රී ලංකා කාන්තාවන් සාර්ථකත්වයේ ඝර්ජනාව ලොවටම විදහාපන එක ඇත්තටම සියළුම කාන්තාවන්ට සහ රටට ලොකු ආඩම්බරයක්.

Muscle ශක්තිමත් කරගන්න Strength Training Workouts…

මේ වීඩියෝව හරහා Upper body එකට නිවැරදිව Strength Training Workouts කරන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරනවා. ඔබගේ පපු ප්‍රෙදේශය, උරහිස් සහ පිටුපස මාංශපේශි, දෙඅත් සඳහා මේ ව්‍යායාම ඔබට වැදගත් වේවි.

 

 

 

 

Exercise:

1) Standing Shoulder Front Press

2) Dumbell Shoulder Press

3) Dumbell Front Raises

4) Dumbell Shrugs

5) Dumbell Rowing

6) Barbell Rowing

7) One Arm Rowing

8) Barbell Curl

9) Hammer Curl

10) Tricep Extension

11) Tricep Kickback

12) One Arm Tricep Extension

Total Time: 25 – 30 minutes

 

ඔබත් හිතේ තරහා තියාගන නිදාගන්න කෙනෙක් ද ? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

හිතේ තරහින්ම නින්දට යන එක ඇත්තටම ඔයා කරන නරකම දෙයක්. මොකද ඔයා තරහෙන් නිදාගත්තොත් ඒ තරහා අනිත් දවසටත් එහෙන්මම අරන් යනවා වගේම අනිත් අයගෙ පිටින් ඒ තරහා පිටකරනවා. ඇත්තටම මේක තමන්ටත් අනිත් අයටත් නරක බලපෑමක් ඇති කරනවා. අද අපි බලමු මේ bedtime anger එක අපේ නින්දට, අපේ ජීවිතයට ඒ වගේම ශරීර සෞඛ්‍යට කොහොමද බලපෑම් කරන්නේ කියලා.

01-තරහා අපේ නින්ද විනාශ කරනවා.

Surprising Marriage Advice From Happy Couples | Reader's Digest
මානසික ආතතිය සහ අධික ලෙස හිතින් පීඩා විදිනවානම් ශරීරය ඔබව සටන් කිරීමට පොළඹවනවා. ඒ නිසා ඔබට නිදාගන්න එක දුෂ්කර කාර්යයක් වෙනවා. මොකද මනස නිදහස් හා සන්සුන්ව නැහැනේ. ගොඩක් දේවල් හිතනවා. ඒ නිසා නින්ද ඇතිවෙන්නේ නැහැ.

ඒ වගේම නින්ද යන්නේ නැති වුණහම තරහා තවත් වැඩිවෙනවා. නින්ද ගියත් ප්‍රෙබෝධමත්ව අවධිවෙන්න හැකියාවක් නැහැ. ගොඩක් මහන්සිවෙලා වගේම ඔළුව බර ගතියෙන් තමයි නැගිටින්න වෙන්නේ. ඉතිං කෝපය නරක නින්දකට ද ,නරක නින්ද වැඩි කෝපයටද බලපානවා.

 

 

02- තරහා ශරීරයට නරක ලෙස බලපෑමක් ඇති කරනවා.

5 Common Symptoms of a Heart Condition: Rajesh Sam Suri, MD, FACC: Cardiology
නින්දේ ගුණාත්මකභාවය කෙනෙකුගේ සමස්ත සෞඛ්‍යයටම බලපාන බව විද්‍යාඥයින් දැනටමත් සොයාගන තිබෙනවා. සාමාන්‍යයෙන්, නින්ද “එක රැයකින් කරන ප්‍රතිකාරයක්” ලෙස ක්‍රියා කරන අතර, අපගේ හැඟීම් ස්ථාවර කරවන අතර ඊළඟ දවසේ අපගේ හැඟීම් සමඟ හොඳින් කටයුතු කරන්න හැකියාව ඇති කරවනවා. නමුත් කෝපය හා දැඩි ආතතිය මෙම ක්‍රියාවලියට තර්ජනයක් ඇතිකරවනවා. ඝෘණාත්මක චිත්තාවේගයන් ආතති හෝමෝන මුදා හරින අතර ඔබව තවත් වඩාත් කෝපයට පත්කරනවා. ඒ වගේම මේ තරහා යාම නිසා රෝග රාශියක් ඇතිවෙන්න හැකියාව තිබෙනවා.

කාලයක් එක්ක නින්ද නොයෑම, නුසුදුසු නින්ද සහ බියකරු සිහින ඇතිවෙන්න ඉඩකඩ වැඩිවෙන්න පුළුවන්. නරකම අවස්ථාවල මානසික අවපීඩනය වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න හැකියාව තිබෙනවා.

 

 

03-නිදාගත්තත් නරක සිතුවිලි අමතක කරන්න අමාරුයි

5 Things That Can Happen If You Go to Sleep Angry

පර්යේෂකයන්ට අනුව අපි නිදාගත්තට පස්සේ අපේ හිතේ තිබෙන ඝෘණාත්මක සිතුවිලි යටපත් කරන්න තිබෙන හැකියාව අඩුවෙනවා. නින්ද ඕනෑම හැඟීමක්, සිතුවිලක්, ගැටළුවක් විශාල කරනවා. අපි නිදාගෙන ඉන්නවිට අපගේ මොළයට අළුත් තොරතුරු සකසා අපගේ කෙටිකාලීන හා දිගුකාලීන මතකයේ ගබඩාකරනවා. නින්දේදී කෝපය අපගේ දිගුකාලීන මතකයට ඇතුළු වන අතර එය දිගුකාලීන බලපෑමක් ද ඇති කරනවා.

අපිට ඇතිවෙන නරක අත්දැකීමකින් පසුව අපි නිදාගන්නේ නැතිව සිටියහොත් එයින් ඇතිවන නරක බලපෑම ගොඩක් දුරට අවම කරගන්න හැකියාව තිබෙනවා. ඔබේ මතකයේ නරක හැඟීම් ශක්තිමත් වන විට, අනාගතයේදී ඒවා යටපත් කරගන්න ඇති හැකියාව අවම වෙනවා.

 

 

04-තරහා අපේ අවංකබව නැතිකරනවා

Sad woman change guy she have many boyfriend talking in bedroom Free Photo
සවස කියන්නේ සමීප සම්බන්ධතාවයන්ගේ උපරිම කාලය බව අපි දන්න දෙයක්. අපි තරහෙන් නින්දට යනවා කියන්නේ හිතේ දැඩි තරහක් ඇති කරනවා කියන එක. ඒකෙන් වෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග ඔබට සැනසිල්ලේ සම්බන්ධතාවයක් පවත්වාගන්න හැකියාවක් නැතිවෙන එක. මේ දේ දිනපතා සිදුකරනවානම් ඔබට වෙන්නේ ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමග ඇති සම්බන්ධතාවය විනාශ වෙන එක විතරයි. එම නිසා මොකක් හරි ප්‍රශ්ණයක්නම් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කර හිතේ තිබෙන තරහා නැතිකරගන්න එක තමයි හොඳම විසදුම.

 

 

05-තරහා ඔබේ සහකරුට ඝෘණාත්මක පණිවිඩයක් යවනවා.

Couple Sleeping

 

ඔබ ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමග නිදන ඇඳේ දී වාද කළා කියමුකො. ඒ අවස්ථාවේදී ඔබ බ්ලැන්කට්ටුව තදින් ඇදලා ගත්තා එහෙම නැත්තම් නිදියන කොට්ටය තදින් ඇඳලා ගත්තා කියන්නේ ගැටුම සාමදානයට පත්කරගන්න හදනවා නෙවෙයි ගැටුමේ ජයග්‍රහණය තමන් ලබා ගැනීම ඊටවඩා අගය කරනවා යන පණිවිය ලබාදීම. ඔබ එහෙම දෙයක් සිතන්නෙවත් නැතිවෙන්න පුළුවන් හැබැයි ඔබ හැසිරෙන ආකාරයෙන් අනිකාට සන්නිවේදනය වෙන්නේ ඉහත කිවුව විදිහට තමයි. ඔබ එකඟ නොවීම සමග කටයුතු කිරීම එහෙමත් නැත්තම් ප්‍රශණයක් තේරුමක් නැතිව දිගින් දිගටම ඇදගෙන යනවා කියන්නේ සබඳතා බිඳී යමක් සිදුවීම පමණයි.

බලන්න ඔබ හිතන්නවත් නැතිව ඇති අපි තරහෙන් නිදාගත්තහම මෙවැනි බරපතල ගැටළුවලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතිං මීට පස්සේ තරහා අරන් නිදාගන්න එපා . ඒකෙන් ඔයාට හොඳක්නම් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා තරහා එන දෙයක් ඇතිවුණොත් ඒක නින්දට පෙර විසදගන්න උත්සහ කරන්න.

හැඩට ඉන්න බොරු වැඩ කරලා මහන්සිද..?

අත්වල, බඩේ, පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ  තිබෙන ලොකු ප්‍රශ්ණයක්. කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ. මොකක්ද ඒකට හේතුව කියලා පහත වීඩියෝවෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඇඟේ fat එක එන්නේ නැතිවෙන්න ඔයා කොහොමද කෑම කන්න ඕන කියලා  Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka ) ඔයාලට මේ වීඩියෝව හරහා කියලා දෙනවා .

 

 

My Test Story

බොරු විස්තර දීල දැන් ඇවිදින්න යනවා බොරු – රජයෙන් දෙන QR Code එක ගැන හරියට දැනගන්න…

රටපුරා පැතිරෙමින් යන COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ගැලවෙන්න නම් මහජනතාව විදිහට අපි මොකද කළ යුත්තේ..?

මේ වෙනකොට අපට කළ හැකි ප්‍රධානම දෙයක් තමයි පෞද්ගලික ආරක්ෂාව අපි විසින්ම සළසා ගැනීම. ඒ කියන්නෙ නිතර අත් සෝදමින් මුහුණු ආවරණ පළඳිමින් සහ මීටරයක දුර පවත්වා ගනිමින් දෛනික කටයුතු කරගෙන යාම. නමුත් එතනින් එහාට සමාජයක් විදිහට අපි කොහොමද මේ වෛරසයෙන් බේරීම වෙනුවෙන් කටයුතු කරන්නෙ කියන එකත් අපි සළකා බැලිය යුතුමයි. අපි හැමෝටම එදිනෙදා වැඩකටයුතු, රැකියා කටයුතු ආදියට යන්න සිදුවෙනවා. මේ වනවිට අපට වෛරසය සමග අරගල කරමින් දෛනික ජීවිතය පවත්වාගෙන යාමට සිදුවී තිබෙන නිසා තවදුරටත් අපිට නිවාස තුළ පමණක් සිටිමින් කොරෝනා වෛරසයෙන් ගැලවීම කළ නොහැකියි. නමුත් මේ විදිහට පිටතට යද්දී අපේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ඒ තැන් වල වාර්තා සටහන් කරගැනීම ප්‍රායෝගිකද..? එහෙම කරන ක්‍රමවේදය ප්‍රායෝගිකද.? කියන කාරණය ගැටළු සහිතයි. බොහෝ දෙනෙක් මේ වාර්තා සටහන් කරගැනීම නැතිනම් tracing වෙනුවෙන් පාවිච්චි කරන්නේ පොතක අදාළ දත්ත සටහන් කරන ලෙස එතැනට පැමිණෙන්නන්ට දැනුම් දීම. මේ කටයුත්ත ප්‍රායෝගිකව එතරම් සාර්ථක ක්‍රමයක් නොවෙයි. ඒ පිළිබඳව බොහෝදෙනෙක් සමාජ මාධ්‍ය හරහාත් තමන්ගේ මතයන් ප්‍රකාශ කරමින් සංවාදයක් ගොඩනගා තිබුනා. පළමුවැන්න නම් ඕනෑම කෙනෙකුට සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම වුනොත් සම්පුර්ණ පද්ධතියම නොමග යැවීමක් සිදුවිය හැකියි. ඊළඟ ගැටළුව මේ පොත සහ පැන හරහා වෛරසය ව්‍යාප්ත වීමත් සිදුවිය හැකි සම්භාවිතාවක් තිබීම. මේ ප්‍රශ්නයට විසඳුමක් තිබිය හැකිද..?

පිළිතුර “ඔව්” කියන එක. මේ වෙනකොට තාක්ෂණික විසඳුමක් සොයාගෙන තිබෙනවා. Smart phone එකක් කියන්නේ බොහෝ දෙනෙක් සතු උපකරණයක්. ඒක තවදුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවෙයි. ඒ නිසා මේ ස්මාට් ෆෝන් එක භාවිත කරමින් ඔබ යන එන සෑම තැනකම ඒ යාම් ඒම් ගැන සටහන් කෙරෙන ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඉතාම සරළ QR code එකක් හඳුන්වා දීමෙන් කළ දෙයක්. මේ යටතේ වෙළඳසල්, ආයතන සියල්ලකටම වගේ ඔවුන්ට අදාළ QR Code එකක් ලබාදෙනවා. ඒක මුද්‍රණය කරල අදාළ ආයතනයේ පිවිසෙන තැනක ප්‍රදර්ශනය කිරීම තමයි මේ සැළසුමේ පලවෙනි පියවර.

 

ඊළඟට ඔබ එම ආයතනයට / ස්ථානයට යනවා නම් කරන්න තියෙන්නේ ඉතාම සරළ දෙයක්. ඔබේ Smart phone එකේ කැමරාව On කරලා මේ ප්‍රදර්ශනය කරලා තියෙන QR Code එක ඒකෙන් scan කරගැනීම ඔබට කළ හැකියි. නමුත් ඕනෑම දුරකතනයක කැමරාවෙන් මේ QR Code එක scan කිරීම සිදු කරන්න බැහැ. එවැනි අවස්ථාවක ඔබ ඔබේ දුරකතනයේ සිංහල අකුරු සඳහා භාවිත කරන හෙළකුරු App එක හරහා ඔබට මේ QR Code එක scan කිරීම සිදුකළ හැකියි.

ඉන් පසු ඔබට කෙටි දැනුම්දීමක් (instant alert එකක්) ලැබේවි. එකෙන් කියවෙන්නේ www.staysafe.gov.lk කියන වෙබ් අඩවියට පිවිසෙන්න කියන පණිවිඩය. ඒ alert එක touch කළ සැනින් අදාල වෙබ් අඩවියට පිවිසෙනවා. ඔබේ Smart phone එකේ Data On කරලා තිබීම අත්‍යවශ්‍යයි මේ කටයුත්තට. දැන් ඔබ Web එකට Log වුනා කියල හිතමු. එතැන තියෙනවා පෝරමයක්. එතනට ඔබේ පෞද්ගලික විස්තර ලබාදීම කළ යුතුයි. නම, ලිපිනය, දුරකථන අංකය වගේ විස්තර ටිකක් ඒ පෝරමයට ලබාදිය යුතුයි. දැන් ඔබ මේ තොරතුරු ජාලයට සම්බන්ධ වී අවසන්. ඊළඟට ඔබ යන එන ඕනෑම තැනක ප්‍රදර්ශනය කරලා තියෙන QR Code එක ඔබේ දුරකථනයේ camera එක මගින් Scan කරගන්න. ඇතුල්වීමේදී වගේම පිටවීමේදී මේ ක්‍රියාව කිරීම පමණයි ඔබ කළ යුත්තේ. ඊළඟට ඔබට ලැබෙන web alert එක touch කරනවාත් සමගම ඔබ යන එන තැන් පිලිබඳ විස්තරයක් අදාළ තොරතුරු ජාලයේ යාවත්කාලීන කෙරෙනවා. විසඳුම සරළයි.

මේ QR Code එක මොන විදියේ තැන්වලද පාවිච්චි වෙන්නේ? මේ වෙද්දි පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන, පෞද්ගලික ආයතන, රජයේ කාර්යාල, පන්සල් පල්ලි ඇතුළු ආගමික ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවාවන්වල මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට රජය නිවේදනය කරලා තියෙනවා. කෙනෙකුට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් මේ ලබාගන්නා තොරතුරු නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙයිද කියලා. නමුත් මේ සියලු තොරතුරු රජයේ අධි ආරක්ෂිත දත්ත ගබඩාවක තමයි ගබඩා කෙරෙන්නේ. ඒ වගේම ඒ දත්ත නැවත ලබාගැනීම, පරිහරණය කිරීම කළ හැක්කේ COVID-19 වැලැක්වීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වගකිවයුතු නිළධාරීන්ට පමණයි. ඔබගේ හෝ ඔබගේ ආයතනයේ QR Code එකට අදාළ කිසිදු තොරතුරක් වෙනත් කිසිදු තුන්වැනි පාර්ශවකරුවෙකු සමග බෙදාගැනීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තොරතුරුවල රහස්‍යභාවය සම්බන්ධව සැකයක් ඇති කරගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

ඔබ වෙළඳසලක් හෝ වෙනත් කිසියම් ආයතනයක් පවත්වාගෙන යනවා නම් මේ ගැන ජනතාව දැනුවත් කිරීම ඔබේ වගකීමක්, වඩා ප්‍රායෝගිකව සහ සරළව දත්ත එකතු කරගන්නා මේ ක්‍රමය ගැන ඔබේ ආයතනයට පැමිණෙන අය දැනුවත් කිරීම, අදාළ QR Code එක නිසි පරිදි ප්‍රදර්ශනය කොට තැබීම සහ එය භාවිත කිරීමට පැමිණෙන සියලු දෙනාට දැනුම් දීම ඔබේ වගකීමක්. ඒ වගේම මහජනතාව වශයෙන් අපි හැමෝම මේ මොහොතේ අපේ පුරවැසි යුතුකම ඉටු කළ යුතුමයි. ඒ නිසා මේ අලුත්ම ප්‍රායෝගික වැඩපිළිවෙලට අපි හැමෝගෙම සහයෝගය ලබාදිය යුතුයි. රටක් වශයෙන් එක්ව කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට පුරවැසියන් ලෙස අපි අපේ වගකීම් ඉටුකරමු.

ලංකාවේ නම ලෝකෙට අරන් ගිය සාගර ජීව විද්‍යාඥවරිය ආශා ඩි වෝස්…

ශ්රී ලංකා සමුද්ර ජීව විද්යාඥ ආශා ද වොස් කියන්නේ ලොකු පෙරළියක් ඇති කරපු කාන්තාවක්.

ඇය ශ්රී ලංකාවේ ලාභ නොලබන පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්යාපන සංවිධානයේ නිර්මාතෘවරියද වනවා. ඇය දශක ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී සංක්රමණ නොවන නිල් තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා වැඩකටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා ඇයගේ වැඩකටයුතු ක්රමානුකූලව ඉහළ නැංවීමෙන් පසු, නවතම ජයග්රහණය ඇයට ලැබෙන්නේ මෙම නොවැම්බර් මාසයේ Sea Hero of Scuba Diving Magazine විසින් ඇයව තෝරාගැනීමත් සමගයි.

Photo by Asha de Vos on October 30, 2020. Image may contain: one or more people, ocean, sunglasses, hat and water, text that says 'Maxwell Hanrahan FOUNDATION 2020 AWARD WINNERS'.

සාගර, ගල්පර සහ සමුද්ර ජීවීන් ආරක්ෂා කිරීමට සටන් කරන ස්කූබා (Scuba) කිමිදුම්කරුවන්ගේ සුවිශේෂී උත්සාහයන් හඳුනා ගැනිමින් ඔවුන්ව ඇගයීමට ලක්කිරීමේ අරමුණින් The Sea Hero Awards (sponsored by watch brand Seiko) ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සෑම මසකම සහ සෑම වසරකම කිමිදුම්කරුවෙකු නම් කරනු ලබන අතර ආශා ද කීර්තිමත් කිමිදුම්කරුවන් 30 දෙනා අතරට තේරීපත්වී තිබෙනවා. සාගර සංරක්ෂකයින් “නිස්සාරණ අවකාශයක්” වෙනුවට ඔවුන් සාගරය හා ඒ තුළ ඇති ජීවීන් සමඟ සම්බන්ධ වීමට කටයුතු කළ යුතු බව ආශා විශ්වාස කරනවා. ඇය සමුද්ර ජීව විද්යාවේ වසර ගණනාවක සාර්ථකත්වයකට පැමිණ තිබුණත් ශ්රී ලංකාවේ එම වෘත්තිය සඳහා ඉඩක් නැති බව ඇය පැවසුවා. නමුත් තමන් ගැන වගේම තමන්ගේ සිහින සම්බන්ධයෙන් විශ්වසයෙන් හිටපු ඇයට මෙම විශය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන ව්යාපාරය ආරම්භ කරන්න හැකිවුණා වගේම මේ තුළින් ලංකාවේ සශ්රීක සාගර දැනුම පිළිබඳ දැනුවත් කිරීමක් ඇතිකරන්න හැකිවෙලා තිබෙනවා.

No description available.

ඇයගේ තවත් ජනප්රිය සම්මාන අතරට BBC’s 100 most inspirational and influential women in the world in 2018 සහ first Sri Lankan woman to have her portrait hung at Oxford University ඇතුළත් වෙනවා.

Photo shared by Asha de Vos on March 27, 2019 tagging @tedfellow, @womenworkingforoceans, @natgeoasia, @wingsworldquest, @pewenvironment, and @insidenatgeo. Image may contain: 2 people, people standing.

මේ පිළිබඳ ඇය මෙසේ පවසා ඇත්තේ මෙවන් කතාවක්. “කාන්තාවන් වශයෙන් අපිට දෙයක් ඔප්පු කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන්න සිදුවෙනවා. කනගාටුදායක ඇත්ත යථාර්ථය ඒකයි. එහෙත් එය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි.” “මේ අතර ලෝකයේ කොතන හිටියත් ඔබ පිරිමින්ට වඩා වෙහෙස වී වැඩ කළ යුතුයි. . හැබැයි, ඔබ මහන්සි වී වැඩ කරන විට යම් තැනකදී ඔබේ ස්ත්රී පුරුෂ භාවය හෝ පසුබිම නොසලකා ඔබේ දක්ෂතාව සහ වටිනාකම දකින අවස්ථාවක් එළඹෙනවා. එවිට ඔවුන්ට විසඳගන්න තියෙන ඕනෑ ම ගැටලුවකදී ඔබගේ අවශ්යතාව ඔවුන් පිළිගන්නවා. ඒ වගේ ම ඔබට සහය දක්වන ශක්තිමත් පිරිසක් සොයාගෙන ඔවුන්ට සමීප වෙන්න. ඔබට ඕන තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත් සුදුසු පුද්ගලයින් ඔබ වටා සිටින විට ඒවා ජය ගත හැකියි.”

 

ශ්‍රී ලංකාවේ රසවත් කෑම ලෝකෙට අරන් ගිහින් කිරුළු පැළඳූ පුංචි සූපවේදිනිය Georgia…

2020 MasterChef Australia තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික දියණියකුත් ඉදිරිපත් වුණා. ඊයේ පැවති අවසන් වටයෙන් කිරුළ හිමිකර ගැනීමට වාසනාව ලැබූ ඇය නමින් ජොර්ජියා.

Junior MasterChef Australia කියන්නේ වයස අවරුදු 9-14ක් වු පුංචි දරුවන් වෙනුවෙන් 2010 සිට පවත්වාගෙන යනු ලැබූ Game show එකක්. මෙයට ඕස්ට්‍රේලියාවේ පදිංචි විවිධ ජාතීන්ට අයත් දරුවන්ට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ තරගාවලිය විනිශ්චය කිරීම සඳහා Andy Allen, Melissa Leong සහ Jock Zonfrillo නම් සුප්‍රකට සූපවේදීන් හා විනිශ්චයකාරවරුන් සහභාගී කරගෙන තිබුනා. Junior MasterChef Australia කිරුළු ලබා ගන්නා කුඩා දරුවාට ඕස්ට්‍රේලියානු $25,000 මුදල් ත්‍යාගයක් ලබා දෙන්න ඔවුන් කටයුතු කළා.

තරගාවලියේ කිරුළ ලබාගත් වයස අවුරුදු 11 වු පුංචි ජොර්ජියාට අද මේ මුදල් ත්‍යාගය ලබාගන්න අවස්ථාව හිමි වුණා.

“මම හුඟක් පුදුම වුනා. මම හිතුවේ නෑ මේ තරගාවලියෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මං මගේ ආච්චිටයි සීයටයි ගොඩක් එකතුයි. ඒ දෙන්නත් ශ්‍රී ලාංකිකයින්. ලංකාවේ තියෙන එක එක කෑම හදන්න මට පුරුදු කරේ මගේ ආච්චි අම්මා. මේ වෙලාවේ මං ඒ දෙන්නට ගොඩක් ස්තූතිවන්ත වෙනවා” ලෙස channel 10 නාලිකාවට ඇය කියා සිටියා.

අවසන් වටය සඳහා පුංචි georgia සමඟ ඊජිප්තු සම්භවයක් ඇති filo සහ අවුරුදු 12ක් වයස් වූ carter තරග වැදුනා. වට දෙකකින් සමන්විත වුණු අවසන් වටයේ ලබාදී ඇති කාලය තුළ එක් වටයක main meal එකක්ද , තවත් වටයක desert එකක් ද සකස් කිරීමට ඔවුන්ට සිදුවුණා.

ජොර්ජියා ලාංකීක අනන්‍යතාවය පෙන්වීම සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ කහ බතට ගැලපෙන ලෙස සැර ඌරු මස් ව්‍යංජනයක්, වම්බටු බැදුමක්, කජු මාලුවක් හා පපඩම් පිළියෙල කර තිබුණා. Tropical mess නමින් coconut ice cream එක්ක bread crumbs එකතු කර ගෙන හදපු රස අතුරුපසක් විනිශ්චය මණ්ඩලයට ඇය පිළිගැන්නුවා. ඒ රස බලපු විනිශ්චය මණ්ඩලය කිව්වේ අවුරුදු 12ක් වුණු පුංචි ළමයෙක් මේක හැදුවද කියලා මට විශ්වාස කරන්නවත් බැහැ කියලයි.

මේ තරගාවලියට secret guest කෙනෙක්ටත් ආරාධනා කරලා තිබ්බා. ඒ වෙන කවුරුත් නෙමේ ජොර්ජියාගේ මවයි. ඇයටද විනිශ්ච මණ්ඩලය සමඟ ඉදගෙන දියණියගේ ආහාර වල රසවිඳින්න අවස්ථාව ලබා දී තිබුණා. විනිශ්ච මණ්ඩලය ලබාදුන් පැසසුම් මධ්‍යයේ මව කිව්වේ මේවගේ කතාවක්.

“මට මේ කෑම කද්දී මගේ අම්මාගේ කෑමවල රස මතක් උනා.ජොර්ජියා මගේ අම්මත් එක්ක ගොඩක් එකතුයි.එයාට මේ හැම දෙයක්ම ඉගැන්නුවේ මගේ අම්මා.නිතරම ජොර්ජියා ගෙදර කෑම හදනවා. එයා ආදරේ පෙන්නන්නේ අපිට එක එක ජාතියේ රස කෑම හදලා දීලයි.”

තරඟාවලියේ ජය ගැනීමෙන් පසු Junior MasterChef Australia විරුදාවලිය ලැබූ පුංචි ජොර්ජියා ලැබූ මුදල් ත්‍යාගය ගැන කිව්වේ

” මම හිතාගෙන ඉන්නේ මට අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඒ මුදල් පාවිච්චියට ගන්න .මගෙ දැන් වයස අවුරුදු 11යි නේ. තව අවුරුදු හතක් යනකම් මට ඒ ගැන කල්පනා කරන්න පුළුවන් .මං travel කරන්න හරි ,cafe එකක් දාන්න හරි ඒ මුදල් යොදා ගනියි කියල හිතනවා.” යැයි සිනාමුසු මුහුණින් ඇය මාධ්‍යයට කතා කළා.

ඉතින් ශ්‍රී ලාංකික නම ලෝකෙට අරන්ගිය අපේ පුංචි Chefට ගැස්ම අපෙන් උණුසුම් සුභ පැතුම්!!!!

 

ඇමරිකානුවන්ගේ හදවත දිනාගත් නායකයා Joe Biden…

මේක ඇමරිකානුවන් විසින් අලුතින් තෝරගත්ත ජනාධිපතිගෙ ජීවිත කතාව. ඇයි Joe Biden මෙච්චර විශේෂ වෙන්නේ? ඇමරිකාවේ හිටපු අනිත් ජන නායකයින්ට වඩා Joe Biden ගේ තියෙන විශේෂත්වය මොකක්ද? කියලා අපි හොයලා බලන්න හිතුවා.

මුළු ලෝකෙම බලවතා කියලා අපි කියන්නේ අමෙරිකාවට. රටේ බහුතරයක් දෙනාගේ ආදරේ දිනාගෙන අමෙරිකානු ජනාධිපතිවරණයකින් දිනනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. මේ ඔහු ගැනයි.

 

ළමා කාලේ

Joseph Robinette Biden ඉපදුනේ ,1942 නොවැම්බර් 20 පෙන්සිල්වෙනියාවේ, scranton කියන නගරෙයි.

Biden ගෙ තාත්තා වාහන අලෙවිකරුවෙක් .එත් 1950 scranton නගරේ ඇතිවුණු හදිසි තත්වයක් නිසා හුඟක් අයගේ රැකියා නැතිවුණා. Bidenගෙ තාත්තා පවුලේ අය අරගෙන Delaware යද්දි Bidenට වයස 10 යි.

” පුතේ ඔයා බිමට වැටෙන වාරයක් පාසා ආයිත් නැගිටින්න ” තාත්තා Bidenට හැමවෙලේම කිව්ව දෙයක් .ඒ වගේම Bidenගේ හිතේ තදින් වැදුනු කතාවක්.

 

අධ්‍යාපනය

පොඩි කාලේ ඉඳලම නිහඬ චරිතයක් වුන Biden නීතිඥවරයෙක් වෙන්න ඉගෙන ගත්තා .University of Delaware හා Syracuse university law school වල උසස් අධ්‍යාපනය සිදුකළා.

 

පවුල

Syracuse university එකේ ශිෂ්‍යයාවක් වු Neilia Hunter එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්ත Biden 1965 delaware උපාධි පිරිනැමීමේන් පසු ඇයව විවාහ කර ගත්තා.

හැම දෙයක්ම හිතනවාටත් වඩා ඉක්මනින් සිදු වුණා
-Joe Biden-

Bidenට දරුවෝ තුන්දෙනෙක් හිටියා. Joseph Biden( 1969 ),Hunter Biden ( 1970 ),Naomi Biden ( 1971 )

1972 දී ,ඒ කියන්නේ Biden ට වයස අවු: 29 වෙද්දි democratic පක්ෂයෙන් Delaware ජනපදය නියෝජනය කර ඉතිහාසයේ පස්වෙනි ලාබාලතම සෙනෙට් සභිකයා (senator)වෙන්න පුළුවන් වුණා. හැබැයි මේ සතුට Biden ගෙ ජිවිතේ මාසයක කාලයක්වත් තිබුනේ නෑ. senator කෙනෙක් වෙලා මාසයක් යන්න කලින් Bidenගේ බිරිඳ හා එකම දුව Naomi රිය අනතුරකින් අවසන් ගමන් ගියා. හදිසියේම සිදුවූ මේ අනතුර නිසා Biden ගොඩක් මානසිකව ඇද වැටුණා.

මං ගොඩක් තරහින් හිටියේ ,මං හිතුවා දෙවියන් මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා කියලා
– Joe Biden –

අනතුර නිසා බරපතළව තුවාල වුණු පුතුන් දෙදෙනාත් බලාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න Biden තීරණය කරා. 1973 ජනවාරි 03 Biden සෙනෙට් සභිකයෙකු විදිහට දිවුරුම් දුන්නේ තම පුතාගේ ලෙඩ ඇඳ ඉස්සරහා. මේ සිදුවීම දැකපු හැමෝගෙම ඇස් වලට කඳුලක් එක් කරා.

කාර්යබහුල දේශපාලනික ජීවිතයත් එක්ක අවුරුදු පහක්ම පුතුන් දෙදෙනා රැකබලාගෙන ,පිය සෙනෙහස නොඅඩුව ලබාදෙමින් සිටී Biden ගේ ජීවිතයට අලුත් එළියක් වුණේ,
Jill Jacob. ඒ 1977 කැඩී විසිරී ගිය Biden ගෙ පවුලට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින්. ඇය Hunter හා Beau ට හොඳ අම්මා කෙනෙක් වුණා.

දේශපාලනික ජීවිතය

Biden ට වයස අවුරුදු 65 දී Barack Obama ගේ running mate විදියට වාර දෙකක් ම එක දිගට 47 වෙනි ඇමරිකානු උප ජනපති තනතුර දරන්න හැකි වුණා. 2017 Biden ගේ දක්ෂ පරිපාලනය නිසාම Barack Obama ,Biden ට Medal Of Freedom පදක්කම ලබා දුන්නා.

ඉන් අනතුරුව 2020 ජනාධිපතිවරණයේදී Joe Biden විසින් එදා මෙදාතුර ඇමරිකානු ජනාධිපතිවරණයකදී එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ඇමරිකානු 46 ජනාධිපතිවරයා බවට පත්වුණා.

Joe Biden 2020 ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා බවට පත්වෙන්නේ වාර්තා කිහිපයක්ම පිහිටුවමිනුයි. ඒ, අමෙරිකාවේ ජනාධිපති වූ වයස්ගත පුද්ගලයා වීමෙන් සහ අවු :28 කට පස්සේ ඇමරිකාවේ හිටපු ජනපති කෙනෙකුට දෙවැනිවර ජනපතිවරණ ජය අහිමි කරපු අපේක්ෂකයා වීමෙන්.

වේදනාකාරී ජීවිතයක සැබෑ අත්දැකීම් විද ඇති පුද්ගලයෙක් විදියට Joe Biden,සමස්ත ඇමෙරිකානුවන්ගේ වේදනාවන් සුව කිරීමේ අධිෂ්ඨානයෙන් තම ජනාධිපති ගමන ආරම්භ කර තියෙනවා …

ගැස්ම අපි ශ්‍රී ලාංකිකයින් විදියට ඔහුගේ ඉදිරි ගමනට සුබ පතනවා!!!!

(නිමාෂි පෙරේරා )

අලුත්ම තාලේ කොත්තුවක රස බලන්න යන්න හොඳම තැන Kottu Labs…

කොත්තු කියන්නේ ලංකාවේ ගොඩක් අය කන්න කැමති කෑමක් කිව්වොත් හරියටම හරි. Kottu Labs කියන්නේ කොත්තුවලට ප්‍රසිද්ධ හැමෝම දන්න තැනක්. කොත්තුවල තියන රස නිසාම මෙයාලට ගොඩක් ලොකු fan base එකක් ඉන්නවා. ඒ වගේම HACCP International Certification for Food Safety එක තියෙන ලංකාවේ එකම restaurant එක තමයි Kottu Labs. පිරිසදු වගේම ආහාරයට ගන්න ඉතාමත් හොඳ ආහාර තමයි මෙයාලා පිළගන්වන්නේ. ඉතින් ගැස්මට ආරංචි වුණා මෙයාලගේ menu එකට අලුත් dishes වගයක් add කරලා කියලා. ඉතින් අපි ගියා ඒ dishes try කරලා බලන්න.

Starters

Pineapple Fries (LKR 400)

ලංකාවේ අපි ගොඩක් දෙනෙක් කැමති savoury සහ sweet combination එකට. Kottu Labs එකෙන් පිළිගන්වන Pineapple Fries එකනම් නියමයි. කන්න වෙලාව ගියත් හොඳ රසට හැපෙන සුළු ආකරයට තිබුණ එක ගැන අපි ඇත්තටම පුදුම වුණා. Fries එකත් එක්ක දුන්න බාබකියු සෝස් එක ඇත්තටම මේ dish එකට නියම සංයෝජනයක් වුණා කිව්වොත් නිවැරදී.

 

Mains

Kottu Rice – Chicken (LKR 699)

ශ්‍රී ලාංකික ෆ්‍රයිඩ් රයිස් වලට මේ Kottu Rice එක සාදාරණයක් ඉෂ්ඨ කලා කිව්වොත් හරියටම හරි. මෘදු ලෙස පිසගත් බත්, හොඳින් පදම් කරගත්ත ඩෙිවිල් චිකන්, අච්චාරු සහ බැදපු බිත්තරයක් එක්ක තමයි මේ Kottu Rice එක අපිට පිළිගැන්වූයේ. devilled chicken එකට ගානට පදමට කුළුබඩු එකතු කරලා රසවත් ආකාරයෙන් සදා තිබුණා. අච්චාරු එකත් හොඳ හැපෙනගානට තිබුණා. ඒ වගේම බිත්තරයත් හොඳින් ගානට බැදලා තිබුණා. කොත්තුම කන එකේ වෙනසකටත් එක්ක කොත්තු රයිස් එක try කරලා බලන්නකො. ඔයාලා අනිවාර්යයෙන් කැමති වේවි.

Beef Parata Meal (LKR 900)

පෞද්ගලිකවම, මම හොඳ පරාටා වලට කැමතියි. හොඳින් පිසගත්තු devilled chicken එකේ කුඵබඩු පදමට යොදාගන තිබුණා . ඒ වගේම පරාටත් මෘදුයි. හපන්නත් ලේසී. හොඳින් ගාණට බැදගත්තු බිත්තරයත් නිසා මේ dish එක තවත් රසවත් .

 

Cheese and Chicken Ham Roti Sandwich (LKR 649)

ultimate comfort food එකක් වශයෙන් මේ Cheese and Chicken Ham Roti Sandwich එක හඳුන්වන්න පුළුවන්. චීස් එකත් ගානට melt වෙලා chicken ham එකත් එක්ක එකතු වෙලා එන රසය හරියට දිව්‍යලෝක රසය වගේ. පරාටත් මෘදුයි ඒ වගේම කන්නත් පහසුයි. පරාට වලට ආස මට මේක අලුත් අත්දැකීමක් වුණා.

 

 

Ice Cream Kottu (Price TBC)

ඔව් මේ කොත්තු එක ගැනනම් කියාගන්න වචන නැහැ. Kottu Labs එයාලගේ menu එකට අලුතින් එකතු කරපු dessert එක තමයි මේ Ice Cream Kottu එක. මේ dessert එක මුලින්ම try කරන්න වාසනාවන්තයෝ වුණේ අපි. ස්වාභාවික මී පැණි යොදාගන බැදපු candied roti, වැනිලා අයිස්ක්‍රීම් එක උඩින් දාපු චොකලට් සොස් එක්ක ලැබෙන මේ dessert එකේ දිව්‍යමය රසයත් තමයි තියෙන්නේ. candied roti එක එච්චර පැණිරස වුණේ නැහැ. ඒ වගේම හොඳ crispy එකට roti එක තිබුණා. හොඳ portion එකක් ලැබෙනවා වගේම ඔයාට පුළුවන් යාළුවො එක්ක බෙදාගනම enjoy කරන්න. මේ dessert එකට ලකුණු 10/10ම දෙන්න පුළුවන්.

 

 

Ambience

Kottu Labs එකේ වාතාවරණය ඇත්තටම ප්‍රසන්නයි. ඔයාගෙ යාළුවො එක්ක ගිහින් හවසට පොඩ්ඩක් enjoy කරන්න, කතා කරන්න මේ environment එක ඇත්තටම ගැළපෙනවා. ඒ වගේම මෙහි කාර්යමණ්ඩලයද ඇත්තටම මිත්‍රශීලී, ආචාරශීලී. ඒ වගේම අපිට අවශ්‍ය වුණොත් උපකාර කරන්න ඕනම අවස්ථාවක එයාලා සූදානම්.

වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..?

අපි වයසට යන්න යන්න අපේ සම රැලි වැටෙන්න ගන්නවා. සමහර පුද්ගලයින්ගේ අඩු වයසින්ම සම රැලි වැටෙන්න පටන්ගන්නවා .වයසට වඩා වයස පෙන්න ගන්නවා.මේ හේතුව නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙන අවස්ථා බොහොමයක් නැතුවම නෙවෙයි.

නළු නිළියන්,නිරූපිකාවන් කොච්චර වයසට ගියත් ඒ අයගේ සම තරුණ පෙනුමකින් තියෙන්නේ කොහොමද කියලා ඔයා ප්‍රශ්ණ කරනවා ඇති. ඔයාට වයස අවුරුදු 40 දී හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔයා ඒ සදහා වයස අවුරුදු 20 දී වැඩ කිරීමට පටන් ගන්න එක අනිවාර්යයි.

 

  •  සමබර ආහාර වේලක් සඳහා යොමුවෙන්න.

 

අපි ගන්න ආහාරවල අවසාන ප්‍රතිඵලය අපේ සම හරහා පෙනෙන්න ගන්නවා.ස්වාභාවිකවම දීප්තිමත් සමක් බොහෝ විට ඔබ ගන්න ආහාර වලින් තමයි ආරම්භ වෙන්නේ. කිරි, බිත්තර, මාළු, මස් සහ සෞඛ්‍ය සම්පන්න ධාන්‍ය වර්ග අඩංගු ඉහළ ප්‍රෝටීන් සහිත ආහාරයකින් සමේ පැවැත්ම වැඩි කරගන් පුළුවන්. ප්‍රෝටීන් ඔබේ කොලජන් මට්ටම ශක්තිමත් කරනවා . පලතුරු, එළවළු සහ ඔමේගා -3 අඩංගු ආහාර ඔබේ එදිනදා ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.

 

  •  ඔයාට හැකි තරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න

Elderly and Sun Exposure: Skin Protection for Elderly Adults | Griswold Home Care

ලංකාව කියන්නේ හිරු එළිය ටිකක් තදට වැටෙන රටක්නේ. ඉතින් හැමදාම හිරු එළියට නිරාවරණය වන අපේ සම වියළිලා කාලයක් යනකොට වයස පෙනුමක් ගෙන එන එක පුදුමයක් නෙවෙයි.හිරු එළියේ පාරජම්බුල කිරණ අඩංගු නිසා උදේ 10 සිට සවස 3 දක්වා හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතිව ඉන්න එක තමයි වාඩාත්ම හොඳ. ඔයා නිවසින් එළියට යනකොට පුළුල් තොප්පියක්, අව් කණ්ණාඩි සහ කුඩයක් රැගෙන යාමට අමතක කරන්න එපා.

 

  •  සෑම දිනකම ඔයාගේ සම පැහැපත් කර පිරිසිදු කරන්න

 

 

3 simple steps for better skin at any age | SuperSavvyMe Great Britain

හැමදාම makeup භාවිතා කරන අය ඒවා හරියට පිරිසිදු කර මුහුණෙන් ඉවත් කරනනේ නැති වුණහම කාලයක් යනකොට මේක සමට බලපාලා සම වියළෙන්න ගන්නවා. සමේ එක එක rashes,බිබිළි වගේ දේවල් ඇතිවෙන්න ගන්නවා. මේ නිසා අනිවාරයයයෙන් තමන් makeup භාවිතා කරන කෙනෙක්නම් ගෙදර ආවට පස්සේ හොඳට සම පිරිසිදු කරගන්න වගබලා ගන්න.රූපලාවණ්‍යාගාරයකට සති දෙකකට වතාවක් වගේ ගිහින් තමන්ගේ මැරුණු සම ඉවත්කරගන්න කටයුතු කරන්න . ඒ වගේම ඔබේ සමට ගැළපෙන cleanser එකක් සහ toner එකක් භාවිතා කරන්න.

 

  •  සෑම විටම ඔයාගේ සම වියළෙන්න නොදී තබාගන්න

Age-Related Diseases and Skin Moisturizing

අපි ගොඩක් දෙනෙක් හැමදාම රැකියාවට යන, නැත්තම් තමන්ගේ දරුවාත් එක්ක එළිමහනේ කාලය ගතකරන්න වෙන කාලසටහනක තමයි දවස ගෙවන්න වෙලා තියෙන්නනේ.ඉතින් උදේ ඉදන් හවස් වෙනකන් හිරු එළියට උෂ්ණත්වෙට අපේ සම නිරාවරණය වෙන එක අපිට නවත්තන්න බැරි දෙයක්. ඒ විදිහට සම උෂ්ණත්වයට නිරාවරණය වෙන්න ගත්තහම ​සමේ තිබෙන තෙතමනය නැතිවෙලා යනවා. ඒ නිසා සම හොඳටම වියළෙන්න ගන්නවා.එතකොට සම නිකන්ම රැලි වැටෙන්න පටන්ගන්නවා.

මේ නිසා අනිවාර්යයෙන් ඔයාගේ සමේ තිබෙන තෙතමනය රදවා තබාගන්න කටයුතු කරන්න. ඒ සඳහා කෝමාරිකා සහ කහ වැනි ස්වාභාවික, පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය අඩංගු cream එකක් තෝරා ගන්න වග බලා ගන්න. ඒ වගේම olive oil කියන්නෙත් සමේ තෙතමනය රදවා ගන්නා පුළුවන් oil එකක් .මෙය සම සීතල කරන්න ගොඩක් උපකාරී වෙනවා.ඒ වගේම මතක තියාගන්න ඔයා මුහුණ සෝදාගත් වහාම moisture එකක් භාවිතා කරන්න . ඉතින් හැමදාම එළියට යනකොට moisture cream එකක් bag එකේ දාගන යන්න අමතක කරන්න එපා.

 

  •  සම පිරිසිදු කිරීමේ පිළියම් තරුණ වියේදීම පටන්ගන්න

Best Tips to Deal with Skin Problems in Summers | BitterTips

තමන්ගේ ගෙවත්තෙන්ම සම හොඳින් පවත්වාගන යන්න අවශ්‍ය කරන ගුණාත්මක දේවල් හොයාගන්න හැකියාව තිබෙනවා.කස්තුරි කහ කියන්නේ වෛද්‍යමය වශයෙන් රූපලාවණ්‍ය සදහා නිර්දේශ කරලා තිබෙන බෙහෙතක්. කස්තුරි කහ දකුණු ආසියාවේ සියවස් ගණනාවක් පුරාවටම ආයුර්වේද රූපලාවණ්‍ය සදහා භාවිතා කරපු දෙයක්. එහි තිබෙන පුදුමාකාර antioxidant ගුණය සම වයසට යන එක නවත්තන්න කටයුතු කරනවා.

 

  •  සතියකට අවම වශයෙන් දින 5 ක් වත් work – out කරන්න

Does physical fitness lead to cognitive fitness? ( Aug 22, 2019) | Erickson Living

ඔබේ සම පිටතින් දීප්තිමත් කිරීමට නම් ඔබේ ඇතුළත පිරිසිදු කරගැනීම අනිවාර්යයි. ඔබේ රුධිර ප්‍රවාහයේ වැඩි වීම, සමේ සෛල පෝෂණය කිරීමට වගේම මැරුණු සෛල ශරීරයෙන් ඉවත් කිරිමට කටයුතු කරනවා. ව්‍යායාම ශරීරය නීරෝගීව පවත්වාගන යාමට බෙහෙවින් උපකාරී වෙනවා. මේ නිසා සතියට දින 5ක්වත් ව්‍යායාම වල නියැළෙන්න කටයුතු කරන්න .

 

  •  සතුටු වන්න!

The Way Of Living: Being Happy And Healthy At An Old Age - Aging.com
එදිනදා ජීවිතයේ අපි ගොඩක් කාර්යබහුලයි.ආතතිය,පීඩනය මැද තමයි අපි හැමදාම වැඩකටයුතු කරන්නේ. මේ දේ ඇත්තටම අපේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට හොඳ නැහැ. මේ විදිහට පීඩනයෙන් ඉන්න එක අපේ භාහිර පෙනුමට බලපානවා.සමේ තිබෙන ගැටළු වැඩි කරනවා. මේ නිසා පුළුවන් උපරිමෙන් හිත සතුටින් තියාගන්න ජීවිතය විදින්න . වයස අවුරුදු 40 වෙනකොටත් තරුණ පෙනුම රැකගන්න අදම කටයුතු කරන්න.

කොරෝනා වෛරසය රටම ගිලගන්න කළින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…

කොරෝනා අපි හිතුවෙවත් නැති විදිහට ආපහු මුළු රටම ගිලගෙන ඉවරයි. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ කිසිදු පරිස්සමක් නැතිකම නිසා තමයි මේ රෝගය හිතාගන්නවත් බැරි විදියට නැවතත් සමාජගත වුණේ. කොහොමින් කොහොම වුණත් අපි පරිස්සම් වුණොත් තමයි අපිට මේ වෛරසයෙන් අපිට බේරෙන්න හැකියාව තියෙන්නේ කියලානම් මතක්කළ යුතුමයි.

මේ කොරෝනා වෛරසය අපිට බෝ වෙන්නේ මෙ‍හෙමයි . කොවිඩ් -19 මිනිසුන්ට විවිධාකාර ලෙස බලපානවා. ගොඩක් දෙනෙක්ගේ රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති තරම් වුණත් සමහර අයට සති ගණන් රෝහලේ ඉන්න සිද්දවෙනවා. කොරෝනා වෛරසය අපගේ මුඛය නාසය සහ ඇස් මගින් ශරීරයට ඇතුළු වෙනවා. ඊටපස්සේ වෛරසය සාමාන්යයෙන් නාසයේ, උගුරේ, ස්වසන මාර්ගයේ හෝ පෙනහළුවල පෙනෙන සෛල වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම බහුතරයක් දරුණු විදිහට උණ කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්වෙනවා. ඒ වගේම කුඩා රුධිර නාල වලට හානි කරන්න වෛරසයට හැකියාව තිබෙනවා. ඔක්සිජන් රුධිරයට ඇතුළු වන ඉතා කුඩා වායු බෑග් වලට තමයි ඇල්වෙයෝලි කියන්නේ. ඇල්වෙයෝලි වලට මෙය වැළදුනොත් නිව්මෝනියා තත්ත්වය ඇති වෙනවා. බරපතල ලෙස අසනීප වූ පුද්ගලයෙකුට ඔක්ස්ජන් පවා ලබා දෙන්න සිදුවෙනවා. කොහොම වුණත් කොවිඩ් – 19 පෙනහළුවලට පමණක් නෙවෙයි බලපාන්නේ. අපේ ශරීරයේ අසනීප තත්ත්වයේදී ක්රියා කරන ප්රතිශක්තීකරණ පද්ධතියටත් බලපෑමක් ඇතිකරනවා. ප්රතිශක්තීකරණ පද්ධතියේ ඇති කොටසක් වන සයිටොකයින කියන්නේ ආසදනය සොයාගෙන සංඥාව නිකුත් කරන කොටසට.

කොවිඩි – 19 දරුණු ලෙස වැළදුනු සමහර පුද්ගලයින්ගේ මෙම පද්ධතිය අධික වේගයෙන් ක්රියා කරනවා. ඕනවට වඩා සයිටොකයින ගොඩනැගුනොත් එයින් නීරෝගිමත් සෛලවලට හානි සිදුවෙනවා. මෙය බොහෝ විට සයිටොකීන් කුණාටුවක් ලෙස හැඳින්වෙනවා. Covid-19 මගින් හදිසි ආබාධ හෝ කෝමා තත්වයට පත්කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හදිසි ආබාධ වලට හේතුවෙන මොළයේ ගැටළු ද ඇතිකරනවා. ප්රතිශක්තීකරණ පද්ධතියේ අධික ක්රියාකාරිත්වය නිසා මොලයේ කොටස් වලට රුධිර සැපයුම අවහිරවන වන කැටි ගැසීම් ඇතිවෙනවා. බරපතල රෝගියෙකුට මොළයේ ප්රදාහය, මනෝභාවය සහ ඩිමෙන්ශියාව වැනි රෝග ලක්ෂණ ඇතිවෙනවා. රෝගයේ සාමාන්ය දින ගණන දින 14 ක් වුණත් බොහෝ පුද්ගලයන්ට ඊට වඩා දින ගණනක් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. හුස්ම ගැනීමේ ගැටළු සහ පසු වෛරස් තෙහෙට්ටුව සමහර අවස්ථාවල මාස ගණනක් පවතිනවා. මෙම රෝගය දරුණු ලෙස බලපාන්නේ වයසක පුද්ගලයන්ට සහ වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට. කොවිඩ් -19 වෛරසය වැළඳෙන තෙක් ඕනම කෙනෙකු එයට ප්රතික්රියා කරන්නේ කොහොම ද කියලා හරියටම කියන්න බැහැ. දැන් තේරෙනවා ඇති නේද මේ වෛරසය කොතරම් බරපතල බලපෑමක් මිනිසාට සිදුකරනවාද කියලා.

එහෙත් ඔබ පහත ආකාරයට සෞඛ්ය පුරුදු පිළිපැදුවහොත් කොරෝනා වෛරසයෙන් බේරෙන්න හැකියාව තිබෙනවා.

01-නිතරම නිසි ප්රමිතියෙන් යුතු පිරිසිදු මුඛ ආවරණ පැළදීම.

02-අසනීප පුද්ගලයන් වෛද්ය මුඛ ආවරණයකුත් හොඳ සෞඛ්ය සම්පන්න පුද්ගලයින් තුන් පොට යෙදූ රෙදි මුඛ ආවරණ භාවිතා කිරීම.

03-සමාජ දුරස්ථභාවය හැමවිටම පවත්වා ගැනීම

04-නිවසේවල නිරෝධායනය වන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට උපස්ථාන කිරීමට එක් නිරෝගී පුද්ගලයකු පමණක් ඉදිරිපත්වීම හා අනෙක් අය දුරස්ථභාවය රැකගෙන නිසි සෞඛ්ය ආරක්ෂණ ක්රම පිළිපැදීම.

05-සෑම විටම අත හොඳින් සබන් යොදා හෝ සනීපාරක්ෂක ද්රාවන යොදා පිරිසිදු කිරීම.

06-නිතරම මුහුණ, කට හා නාසය ඇල්ලීමෙන් වැළකි සිටීම.

07-සංචරණය අවම කිරීම.

08-අත්යවශ්ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයාම.

09-අධික සෙනග ගැවසෙන තැන්වලට නොයාම.

10-ප්රතිශක්තිය වැඩිකරගැනීමට සෞඛ්ය සම්පන්න සමබර ආහාර භාවිතය.

11-වතුර පානය කිරීම – වැඩිහිටි පුද්ගලයෙකු නම් දිනකට වීදුරු 8ත් 10ත් අතර ප්රමාණයක්.

12-හොඳින් නිදා ගැනීම හා අධිකව තෙහෙට්ටු නොවී විවේකීව සිටීම.

13-හොඳින් ව්යායාම වල නිරත වීම හා මත්පැන්/දුම්වැටි භාවිත නොකිරීම.

මේ වෙනකොට ආසාධනය වූවන්ගේ සමීපතමයින්ට නිවාස වලම නිරෝධායන වෙන්න කියලා දැනුම් දීලා තිබෙනවා. නිවාස වල නිරෝධායනය වන පුද්ගලයන් වෙනමම කාමරයක සිටිය යුතු බවත් එම නිවසේ අනෙකුත් පුද්ගලයන් සමග දුරස්ථභාවය රැකගත යුතුබවත් දන්වා සිටිනවා. ඒ වගේම නිරෝධායන නීති කඩකරන පුද්ගලයන්ගේ නිශ්චල හා චංචල දේපල නිරෝධායන නීතිය යටතේ මුද්රා තැබීමට හෝ පොලිසිය භාරයට ගැනීම සිදුකරන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබෙනවා.මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශීඝ්ර වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා සෞඛ්ය අංශ මහජනතාවට කොරෝනා මර්ධන සෞඛ්ය නිර්දේශයන් නිසි අයුරින් පිළිපදින ලෙසට දන්වා සිටිනවා.