Blog Page 25

රාත්‍රී භෝජන සංග්‍රහ වලට ගොඩක් ජනප්‍රිය Butlers

2019 දෙසැම්බර් මාසයේ අලුතින් විවෘත කරලා බට්ලර්ස් මේ වෙද්දී අවුරුද්දකට කිට්ටු කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා . පබ්-ස්ටයිල් එකේ restaurant එකක් නිසා බට්ලර්ස් දැනට එයාලගේ මත්පැන් බලපත්‍රය ලබා ගන්න උත්සහ කරන BYOB restaurant එකක්. දවල් කාලයේදී, බට්ලර්ස් අවට තියෙන ගොඩක් කාර්යාලවලට සාධාරණ මිල ගණන් වලට දිවා ආහාර ලබා දෙනවා, dine-in, pickup හෝ delivery මගින් ආහාර ලබා ගන්න පුළුවන්. රාත්‍රී කාලයට බට්ලර්ස් රාත්‍රී භෝජන සංග්‍රහ වලට ජනප්‍රිය තැනක් වගේම drink spot එකක්. එයාලගේ සංගීතය ඔයාගේ මනෝභාවය ඉහළ මට්ටමක තියන්න උත්සහ ගන්නවා වගේම බට්ලර්ස් මිත්‍රශීලී තැනක්. හැම කෑමක්ම රසයෙන් පිරී සහ ඇතිවෙන ප්‍රමාණයට ලැබෙන නිසා එයාලගේ මෙනුව ඔයාගේ බඩනම් අනිවාර්යයෙන්ම පුරවනවා.

දැනට, බට්ලර්ස් සඳුදා සහ අඟහරුවාදා දිනවල සවස 6 න් පස්සේ ඔයාගේ මුළු බිලෙන් 15% ක වට්ටමක් ලබා දෙනවා. බ්‍රහස්පතින්දා දිනවල බට්ලර්ස් ගියොත් විනෝදජනක හා මිත්‍රශීලී ප්‍රශ්න විචාර තරඟ රාත්‍රියක අත්දැකීමක් ගන්න ඔයාටත් පුළුවන් වෙයි.

 

 

Appetizers

Crispy Batter Fried Cuttlefish (LKR 780)

cuttlefish rings මෘදු, හැපෙන සුළු සහ soft වගේම රසවත් crispy batter එකක් දවටා තිබුනා. තක්කාලි සෝස් සහ මායෝ සමඟ පිළිගැන්වූ නිසාම මේක අපේ බයිට්ස් මෙනුවේ ප්‍රියතම item එක වුණා. මේසයට ගෙනාපු තරම් ඉක්මනින්ම මේක ඉවර වුන කිවුවොත් හරි.

 

Omelet (Cheese) (LKR 400)

 

චීස් ඔම්ලට් කියන්නේ අපේ මේසයට ආපු කෑම වලින් අඩුම ජනප්‍රිය කෑමක්. රසය ගැන නම් පැමිණිලි කරන්න තරම් දෙයක් නැතිවුනත් මේ ගැන නම් කියන්න තරම් වැඩි දෙයක් තිබ්බේ නැහැ.

 

 

Mains

Rice and Curry (Chicken) (LKR 400)

 

බට්ලර්ස්ගේ ආකර්ෂණය වැඩි සහ වඩාත් ජනප්‍රිය කෑම වලින් ප්‍රධාන තැනක් ගන්නේ එයාලගේ දිවා ආහාරයට තියෙන විශේෂ Rice and Curry එක. LKR 400 දීලා ඔයාට ව්‍යංජන 5 ක් එක්ක කීරි සම්බා බත් ලබාගන්න පුළුවන්. අපි කුකුළු මස් කෑම එකක් තෝරා ගත්තා. අපේ පිඟානේ තිබ්බ හැම ව්‍යංජනයක්ම රසට තිබ්බා කියලා නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ.

Chicken curry: සැර රසයක් තිබුනා වගේම සුවදින් සහ රසයන්ගෙන් පිරි තිබුනා.

Beetroot curry: හොඳ Creamy ගතියක් තිබුණා වගේම හරි ගානට උයලා තිබුනා.

Green bean and cauliflower curry: මේ ව්‍යංජනය මෘදු ගතියට තිබ්බා වගේම bean වලින් පොඩි පැණි රසයක් එකතු කරලා තිබුණා. මේක කුකුළු මස් හා බීට්රූට් එක්ක ගොඩක් හොඳට ගැලපුනා කිවුවොත් හරි.

Bitter gourd salad: සිහින්ව කපලා බැදපු කරවිල වල ස්වාභාවික තිත්ත රසය වගේම නැවුම් දෙහි රසකුත් තිබුණා.

Dhal: බත් එක්ක අනිවාර්යය දෙයක් වෙන මේ පරිප්පු ව්‍යංජනයේ මෘදු බවක් වගේම රසයත් හොඳට තිබුණා

 

 

Nasi Goreng (seafood) (LKR 1150)

 

දෙන්නෙකුට සැහෙන්න ලැබුණත් starters සහ sides එක්ක නම් මේක 3 දෙනෙකුට හොඳටම ප්‍රමාණවත්. වැඩිය වියළි ගතියක්, greasy ගතියක් නොතිබුණා වගේම මේකේ හොද සැර රසයක් තිබුණා. මේකත් එක්ක ලැබුණ චිලී පේස්ට් එකේ පැණි රසක් තිබුණත් එකත් මේකට ගැළපෙන විදිහට තිබුණා.

 

Salt and Pepper Pork (LKR 750)

 

side dish එකක් විදිහට menu එකේ තිබුණ මේ dish එක අපේ බත් එකත් එක්කනම් හොඳටම ගැලපුනා. සිහින්ව කපලා රන්වන් පාට වෙනකන් බැදගත්ත හැපෙන සුළු ඌරු මස් ශ්‍රී ලාංකික -චයිනිස් රෙස්ටුරන්ට් එකකින් අපිට ගන්න පුළුවන් salt and pepper pork එකක් තරම්ම රසවත්. රසයෙන් පිරි තිබුණ මේ dish එක සීතල බියර් එකක් එක්ක හෝ වයින් එකක් එක්කත් හොඳට ගැළපෙනවා.

 

 

Sweet and Sour Prawn (LKR 800)

 

කළමණාකරුම නිර්දේශ කරපු,ඉස්සන් කියන්නේ චීන විලාසිතාවේ ෆ්‍රයිඩ් රයිස් එක්ක ගන්න ගොඩක් ගැළපෙන කෑමක්. මේ ඉස්සන් Side එක 3 දෙනෙකුට සුදුසු වෙනවා වගේම,ළූණු,කැරට් සහ අන්නාසි අඩංගු වෙලා තිබුණ නිසා juicy වගේම නැවුම් ගතියක් පිඟානට එකතු වුණා.

 

 

Grilled Chicken (LKR 1760)

 

Creamy බිම්මල් sauce එකක් උඩින් දාපු leg joint එක ගොඩක් juicy ගතියට තිබුණා. කුකුල් මස් ගොඩක් soft වගේම එකට උඩින් දාලා තිබුන sauce එකේ සාමාන්‍ය ප්‍රමාණයේ හතු කැබලි දැකගන්න තිබුණා. savoury ගතියට වගේම රසයන් වලින් පිරිලා තිබුණ මේ dish එකට පොඩි ලුණු රසයක් සහිත අතෙන් කපන ලද හැපෙනසුළු fries එකතු කරලා තිබුණා.

 

 

Ambience

ලී furniture වගේම, අළු,නිල්,කළු පාට මෙතැනට එකතු කරලා තිබුණ නිසා නවීණ පන්නයක් මෙතැන තිබුනා. නවීණ තාලයේ ච්ත්‍ර බිත්තිවල එල්ලා තිබුණා වගේම ලණු වලින් විදුලි බුබුළු පහළට වැටෙන විදිහට එල්ලා තිබුණා. හොඳට ඉඩ තිබුන නිසා වගේම ලොකු ජනෙල් තිබුණ නිසා ස්වභාවික ආලෝකයත් ප්‍රමාණවත් තරම් මෙතනට ලැබුනා.

 

 

Service

කොවිඩ් 19 නිසා පොඩි කාර්ය මණ්ඩලයක් එක්ක වැඩ කරන්න එයාලට සිද්ධ වුණත් බට්ලර්ස් එකේ කාර්ය මණ්ඩලය ගොඩක් මිත්‍රශීලී වගේම අවධානයෙන් අපිට කෑම තෝරාගන්න යෝජනා හා නිර්දේශ ලබාදුන්නා විතරක් නෙමෙයි අපිට එතැන අපට සුවපහසු තැනක් කරන්න වගබලා ගත්තා. අපි දවල් ආහාර වේලේ ගොඩක් උච්චතම වේලාවේ එතැනට ගිය නිසා rice and curry ලබාගන්න එතැනට ළග පාත කාර්යාලවල ගොඩක් පිරිසක් පැමිණිලා හිටියා. ඒතරම් විශාල ඇණවුම් ප්‍රමාණයක් වගේම හිතාගන්න බැරි තරම් කාර්යබහුල kitchen එකක් වුනත් එයාලා අපේ අවශ්‍යතා ගැන අවධානයෙන් ඉන්න සමත් වුණා.

service එක අතරතුර කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැළඳ සිටියා වගේම අපි ඇතුල් වෙන අවස්ථාවේදී අපිට සැනිටයිසර් ලබාදෙන්නත් අමතක කලේ නැහැ.

Tip – LKR 400 මුදලකට දිවා ආහාරයට rice and curry හොඳ option එකක්. නමුත් එයාලගේ නාසි ගුරන්ග් එකත් අතපසු කරන්නම බැරි දෙයක්.යාලුවෙක් එක්ක ගිහින් එකත් බෙදාගෙන කන්න. ඔයා ඒ ගැන පසුතැවෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි.

Leather සපත්තු වැඩි කාලයක් පාවිච්චි කරන්නනම්, මේ දේවල් දැනගන්න

විලාසිතා කියන්නෙ බොහෝ දෙනෙක් උනන්දු වෙන විෂය ක්ෂේත්‍රයක්. වයස, ගැහැණු පිරිමි භේදය වගේ විවිධ සීමා වලින් එහාට ගිහින් විලාසිතා කියන දේ ගැන හැමෝම උනන්දු වෙන්නේ තමන්ව ආකර්ෂණීය විදිහට පෙන්වාගන්න හැමෝම කැමති නිසයි. විලාසිතා ගැන කතා කරද්දී ඔබේ සපත්තු යුගලයට ලැබෙන්නේ විශේෂ තැනක් බව සමහර විට ඔබ නොසිතන්න ඇති. නමුත් ඒ කතාව ඇත්තක්. මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත්, ඒ ඇඳුමේ Brand එක මොකක් වුනත්, කොච්චර මිළ අධික වුනත් ඔබේ සපත්තු යුගල ඒ ඇඳුමට ගැලපෙන්නේ නැතිනම් ඒ අඩුපාඩුව බොහෝ දෙනෙකුට දැනෙන්න පුළුවන්. එයින් අනිකා ඔබ ගැන මවා ගන්නා ප්‍රතිරූපය ඔබට හානිකර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු ගැනත් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

Simple and Effective Tips to Cure Peeling of Men's Leather Shoes

තරුණ පිරිමින් අතර වගේම කාන්තාවන් අතරත් වැඩ ජනප්‍රිය සපත්තු වර්ගයක් තමයි සම් ආශ්‍රිතව නිෂ්පාදනය කළ සපත්තු. හොඳම ස්වභාවික සම් (Pure leather) සපත්තු වෙළඳපොලේ තියනවා වුනත් ඒවා ඉතා මිළ අධික වන්නට පුළුවන්. ඒ නිසාම විවිධ ආදේශක සමගින් මේ සපත්තු නිර්මාණය කිරීම වර්ථමානයේදී සිදු වනවා. ඔබට තෝරා ගැනීමට පහසු සහ දැරිය හැකි මිළ ගණන් වලින් අගනා නිමාවකින් නිෂ්පාදන වෙළඳපොලෙන් සොයා ගැනීම මේ වෙනකොට එතරම් අපහසු වැඩක් නොවෙයි. සපත්තුව නිර්මාණය කරේ ස්වභාවික ලෙදර් වුනත්, කෘතීම ලෙදර් වුනත් ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධානම කාරණයක් තිබෙනවා. ඒ තමයි, ඔබේ සපත්තුව නඩත්තු කරන්නේ කොහොමද කියන කාරණය. විලාසිතාවට අනුව නියමිත වර්ණයෙන් සහ හැඩයෙන් යුතු වටිනා සපත්තු යුවලක් පැළඳ ගත්තා වුනත් ඒ සපත්තු දෙක නිසි පරිදි නඩත්තු කොට නොමැති නම්, ඒත් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ නිසා Leather සපත්තු යුගලක් නිසි පරිදි නඩත්තු කරගන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබව දනුවත් කරන්න අපි සූදානම්. මේක වැඩිපුරම වැදගත් වන්නේ Leather සපත්තු අඳින පිරිමි පාර්ශවයට විය හැකියි.

Page 29 of Leather pictures | Curated Photography on EyeEm

සපත්තු නඩත්තුව ගැන මේ තරම් සැළකිලිමත් වෙන්න අවශ්‍ය ඇයි කියල ඔබට සමහරවිට ගැටළුවක් මතුවෙන්න පුළුවන්. Leather ආශ්‍රයෙන් කළ සපත්තු යුවලක් නම් කොහොමත් මිළ අධික බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඒ වගේම කෘතීම Leather නිෂ්පාදනයක් වුනත් වෙළඳපොලේ තරමක් වැඩි මිළකට අළෙවි වනවා. ඒ නිසා නිතර නිතර සපත්තු මිළදී ගැනීම තරමක් අසීරු වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා මිලදි ගත් සපත්තු යුගලේ කල්පැවැත්ම ගැන ඔබ අනිවාර්යෙන්ම සැළකිලිමත් විය යුතුයි. එහෙම නම් වැඩි කාලයක් හානියක් නොවී පාවිච්චි කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු යුගලය නිසි පරිදි නඩත්තු කළ යුතු වනවා. ඒ වගේම ඔබේ සපත්තුවේ ලස්සන හරියාකාරව පෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම සපත්තු නිසි නඩත්තුවක් සහිතව පාවිච්චි කළ යුතුමයි. කලක් පාවිච්චි කළ සපත්තු යුගලක් වුනත් හරියාකාරව නඩත්තු කරනවා නම් අලුත් වගේම දීප්තිමත් පෙනුමක් පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසයි gasma.lk කියවන ඔබව මේ ගැන දැනුවත් කරන්න අපි සැලසුම් කලේ.

සපත්තු පිරිසිදු කිරීම ගැන ඔබ දැනුවත්ද..? බොහෝ දෙනෙක් ඔව් කියල පිළිතුරු දේවි. නමුත් ඔබ කියන පිරිසිදු කිරීම මොකක්ද කියල විමසා බැලුවොත් බොහෝවිට ඒ නිවැරදි ක්‍රමය නොවෙයි. ඔබ සපත්තු පිරිසිදු කිරීමට වතුර හෝ වතුරෙන් තෙමු Cotton රෙද්දක් වැනි යමක් භාවිතා කරනවා විය හැකියි. බොහෝ දෙනෙකුගේ පුරුද්ද මෙය බව අප අසා තිබෙනවා. නමුත් දැනුවත් වන්න. ඔබේ ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදියි. සපත්තු භාවිතා කිරීමෙන් පසුව වතුර භාවිතයෙන් පිරිසිදු කිරීම මගින් ඔබේ සපත්තුවට වඩා වැඩි වේගයකින් හානි සිදුවිය හැකියි. මේ වෙනුවෙන් වෙළඳපොලේ තියෙන පිරිසිදුකාරකයක් භාවිතා කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ පිරිසිදුකාරක සමහරවිට මිළ අධික නේදැයි ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් ඔබ ආයෝජනය කරන මුදල නිසා ඔබේ සපත්තු තවත් බොහෝ කාලයක් පාවිච්චි කරන්න ඔබට අවස්ථාව ලැබේවි. ඒ වගේම ක්ලීනර් එකකින් පිරිසිදු කරගත් සපත්තුව සපත්තු පොලිෂ් එකක් භාවිතයෙන් ඔප දැමීමත් කළ යුතුමයි. ඔප දැමීමෙන් ඔබේ සපත්තුවේ සැමට අවශ්‍ය සත්කාරය ලැබෙන නිසා එය වැඩිකලක් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනු ඇති.

get-the-most-of-your-shoes-gear-patrol-2buying-guide

මතක තබාගත යුතු තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ සපත්තුව පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම පිරිසිදු කළ යුතුයි. ලංකාව වගේ රටක ඔබ සපත්තු පැළඳගෙන එදිනෙදා වැඩකටයුතු වෙනුවෙන් එහා මෙහා යද්දී නොයෙක් දේ ඔබේ සපත්තු වල තැවරීමට ඉඩකඩ තියෙනවා. ඒවා ඔබට වළක්වා ගැනීමට අපහසු දේවල් විය හැකියි. ඔබට කළ හැකි එකම දේ නම්, දෛනිකව සපත්තු පිරිසිදු කිරීමයි. ඔබ පිරිසිදු කිරීම නොකළොත් සපත්තු මත විවිධ පල්ලම් ඇතිවනවා වගේම ඒවා දිගුකාලීනව රැඳීම නිසා සපත්තුවෙන් ඒවා ඉවත් කිරීමට නොහැකි තත්වයට පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙහෙස මහන්සිය නොසලකා භාවිතයෙන් පසු ඔබේ සපත්තු යුගලය පිරිසිදු කිරීමට වගබලා ගැනීම වැදගත්.

ඔබ සම් සපත්තු යුගලයක් මිළදී ගත් සැනින් හැකි නම් ජලය උරා නොගන්නා ආලේපනයක් සපත්තුවේ ආලේප කරන්න. එසේ කිරීමෙන් සපත්තුවේ සමට ජලය උරා ගැනීම සිදු නොවනවා වගේම ජලය උරා ගැනීමෙන් සිදුවන දිගු කාලීන හානි අවම කරගැනීමටත් ඔබට හැකිවේවි. සපත්තුවේ සමට ජලය උරා ගැනීම නිසා එහි හැඩය පවා වෙනස් විය හැකි බව ඔබ නොදැනුවත් වන්නට පුළුවන්. නමුත් එය ඉතා සුලභ සිදුවීමක්. ඒ නිසා පූර්ව ආරක්ෂණ ක්‍රමයක් ලෙස මේ ආලේපන භාවිතා කළ හැකි නම් එය වැඩ වැදගත් විය හැකියි. ඒ වගේම ඔබේ සපත්තු යම් හේතුවක් නිසා දැඩිව වතුරට නිරාවරණය වුනොත් ඒවා පත්තර පිටු ආධාරයෙන් වියළා ගන්න. ඔබට මේ සඳහා පේපර් සර්වියට් භාවිතයත් කළ හැකියි. එසේ නොවී අවුවට හෝ වෙනත් අධික තාපයට අල්ලා වියළීමට තැත් කිරීම ඔබේ සපත්තුවේ කල්පැවැත්මට හානි පමුණුවන්නක් විය හැකියි.

Winter Hacks | Use Newspaper To Dry Wet Shoes | earthTripper - time to see  the world!

 

ඔබේ සපත්තුවට යම් හානියක් සිදුවූ බව ඔබට දැනුනොත් මුල් අවස්ථාවේම ඒ හානිය සකස් කරවා ගන්න. කිසිදු හේතුවක් නිසා විවිධ ආදේශක සමගින් ඔබම මේ සපත්තු සකස් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ආම්පන්න ඔබ සතුව නොමැති බව හොඳින්ම දන්නවා ඇති. ඒ නිසා පළපුරුදු වෘත්තීය සපත්තු සාදන්නකු මගින් ඒ හානිය සකස් කරවා ගැනීමෙන් තවත් වැඩි කලක් ඔබේ සපත්තු යුගලය භාවිතා කිරීමට හැකිවේවි.

සපත්තු දැමීම හැමෝම සාමාන්‍යෙන් කරන දෙයක්. නමුත් ඒ සපත්තු හරියාකාරව නඩත්තු කිරීමේ ක්‍රමය දන්නේ එයින් අතලොස්සක් පමණයි. ඔබේ සපත්තු යුගල නිසි පරිදි නඩත්තු කරන්න. අනවශ්‍ය මුදල් නාස්තියක් වළක්වා ගන්නවා වගේම ඔබේ කඩවසම් පෙනුම වැඩි කරගන්නත් ඔබට හැකියාව ලැබේවි.

-එන්. වෙහෙරදූව-

ශ්‍රී ලංකාවේ හොඳම තේ වර්ග ගැන ඔබ දැනුවත්ද..?

ආහ් ..! ශ්‍රී ලංකාවේ තේ වලට වඩා විශේෂ දෙයක් තියෙනවාද? මට නම් ඒක ප්‍රශ්නයක්. තේ එකක් පෙරන හැඟීම හරියට සාදරයෙන් පිලිගන්නවා කියන එක තේරුම් කරනවා වගෙයි. ඒක ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයක්.

ශ්‍රී ලාංකිකයින් විදිහට මේ රන්වන් කහට කෝප්පය අපි ආසම කරන list එකේ මුලින්ම තියෙනවා. අලුත් සතියක නැවුම් ආරම්භකදී, සතිඅග දවස් වල busy වෙලාවල් වලදී mult-tea-task වැඩකදී, සතිඅග නිවන්හරින උදෑසනක sereni-tea එක enjoy කරද්දී,කොටින්ම කිව්වොත් හැම opportuni-tea එකකදීම අපි උණුසුම් කහට කෝප්පයක් රස විඳින්න ආසයි.

තේ නිෂ්පාදනයේ ලෝකෙන්ම තුන්වැනි ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව. ceylon tea කියන symbol එකෙන් ගොඩක් quality black tea මුළු ලෝකෙටම බෙදාහරින්නේ ලංකාව තමයි. ඒක හරි..මෙන්න මේ තේ දළු, කෘෂිකාර්මික ආනයන ආදායමට 65% කින් දායක වෙනවා. GDP එකට 2% සහ සෘජුව හා වක්‍රව සේවකයින් මිලියන දෙකකට(ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 10%)රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. ceylon tea විශේෂිත තේ වර්ගයක් විතරක්ම නෙවෙයි. ලංකාවේ නිෂ්පාදනය කර ආනයනය කරන බවට ශ්‍රී ලාංකික වෙළෙඳ නාමයයි. කලින් මේක හැඳින්වුනේ ceylon කියලා.

Ceylon tea කියන්නේ ස්වභාවධර්මයේ අද්විතීය නිර්මාණයක්. රසයට එහා ගිය සෞඛ්‍යයාත්මක ගුණයක් තියෙන සුවකිරීමේ හැකියාවක්ද තියෙන පැළෑටියක්. වෙනස් කලාපවල හැදෙන හේතුව නිසා මේකේ taste එකේ විවිධත්වයක් තියෙනවා. ඒ නිසා රසයන් එකකට එකක් වෙනස්. Ceylon tea වැවෙන කලාපවල පස්,භූගෝල පිහිටීම,දේශගුණය නිෂ්පාදන ක්‍රියාවලියට අනුව එකිනෙකට වෙනස් වූ identity එකක් තියෙනවා.

තේ සඳහා අපි තුළ ලොකු ඇල්මක් තිබුණත් තේ වල මූලාරම්භය සහ නිෂ්පාදනය ගැන වැඩි අවබෝධයක් අපිට නෑ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ කලාප හතක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? Black tea සහ Green tea වලට අමතරව white tea අපේ රටේ නිෂ්පාදනය කරන බව ඔබ දන්නවාද?

 

Ceylon Tea වර්ග

 

Ceylon black tea

මේ තේ තමයි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ. මෙහි හැපෙන සුළු අමුතුම පැඟිරි රසක් තියෙනවා. මෙම රසය ලබා ගන්න අවශ්‍ය භුමික වටපිටාවක් සහිත වතු ගණනාවකම මේවා වගා කරනවා.

 

Ceylon green tea

මේ තේ එකේ සාමාන්‍යයෙන් nutty and malty flavor එකක් තියෙනවා. ඒ වගේම මේවයෙ grades තියෙනවා. OP full leaf green tea (High grade tea අළෙවි කරාට පස්සේ ඉතුරු වන කෑලි) සහ Dust green tea.

 

Ceylon white tea

මේ තේ එකත් grades දෙකකට divide කරනවා. Silver tips/Silver needle white tea සහ Golden tips/Golden needle white tea.මේ තේ වල වටිනාකම සාමාන්‍යයෙන් අනිත් තේ වලට වඩා වැඩියි. මොකද මේවා නිශ්පාදනයේදී වැඩි සේවක පිරිසක් ඕනි. ඒ වගේම තේ දල්ලේ උඩම tip එක තමයි මේකට ගන්නෙ. තේ එක හරිම රසවත් සුළු මධ්‍යසාර රසයක් සමඟම පයින් හා මී පැණි, golden coppery තැම්බුම් සාරයක් තියෙනවා.

දිස්ත්‍රික්ක

ප්‍රංශයේ wine-growing කලාප වගේ ශ්‍රී ලංකාවේ එකම රසයක් හා ගුණාංගයක් සහිත කලාප හෝ දිස්ත්‍රික්ක strictly define කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තේ නිපදවන දිස්ත්‍රික්ක හතක් තියෙනවා. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ 7 කියන නම්බර් එක සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය සහ ස්වර්ගය සංකේතවත් කරනවා වගේ කියලා.

හැම කලාපයකම දේශගුණයෙහි හා භූමි ප්‍රදේශවල අද්විතීය සංයෝජනයක් තියෙනවා. තේ දල්ලෙන් නිපදවන තේ වර්ගය අඳුරගන්න පුළුවන්. ඇත්තෙන්ම උප දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව තනි වතු වල තියෙන කලාපීය ස්වභාවය පළපුරුදු පරීක්ෂකයන්ට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්.

 

ශ්‍රී ලංකාවේ තේ කලාප

ශ්‍රී ලංකාවට කලාප 7 ක් තියෙනවා .
මේවා උස ප්‍රමාණ 3 කට අනුව වර්ග කරනවා.

High grown- තේ මුහුදු මට්ටමේ සිට අඩි 4000 – 6000 ඉහලට (මීටර් 1200 -1800) ක.

Mid grown – මුහුදු මට්ටමේ සිට අඩි 2000 – 4000 (මීටර 600 – 1200) අතර වගා කරන තේ.

Low grown – මුහුදු මට්ටම සහ අඩි 2000 (මීටර 600) අතර වගා කරන තේ.

උඩරට “Itensely full-bodied”

 

නුවර කියන්නේ මධ්‍යම පළාතේ තියෙන දිස්ත්‍රික්ක තුනේන් මැද තියෙන දිස්ත්‍රික්කය.(නුවරඑළියට උතුරින් ,මාතලේට දකුණින්)

1867 James taylor තමයි තේ වගාව මුලින්ම ආරම්භ කලේ. නමින් loolecondera estate අක්කර 19 ක plantation එකක්.

ඔහුම 1872 යන්ත්‍රසූත්‍ර සහිතව tea factory එකකුත් open කරා. ඒ තමයි loolecondera tea අළෙවි කරපු පළවෙනි අවුරුද්ද.

මේ තේ සලකන්නෙ mid grown tea කියලා. මොකද ඒවා වගා කරන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2000-4000 ඉහලට වෙන්න (600m-1200m)1300m වඩා අඩුයි.

මෙහි වෙනස් tea grades වගේ දළු කොටස් ප්‍රමාණයක් තියෙනවා. මේකෙ රසය වෙනස් වෙන එක තීරණය වෙන්නේ තේ වතු වල මුහුදු මට්ටමේ සිට ඇති උස සහ මෝසම් සුළං වලින් වැවිලි රැකවරණය වෙනවාද නැද්ද කියන කාරණා මතයි.

උඩරට තේ වතු වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ බටහිර බෑවුම් වල .මේක ගොඩක් රසවත් වෙන්නේ “western quality season…” එකේදී . ඒ කියන්නේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ තියෙන සීත හා වියළි දේශගුණයත් සමගයි.

උඩරට තේ එකේ copper tone එකත් එක්ක bright mix එකක් තියෙනවා. රුහුණු සහ සබරගමු පහත් කලාපීය නිෂ්පාදනයන්ට වඩා උඩරට තේ ශරීරයට නව ප්‍රබොධයක් ශක්තියක් ලබා දෙනවා. උඩරට තේ වලට whole leaf එකයි. Semi broken ඒ කියන්නේ OP, Black tea,OPA,OPA,BOP, BOPF සහ green tea දලා තියෙනවා.

නුවරඑළිය “delicately fragrant”

නුවරඑළිය tea region එක තියෙන්නේ, මුහුදු මට්ටමේ ඉඳන් අඩි 6000 ක් විතර උඩින්. මේ පළාතට ” champagne province” කියලත් කියනවා. ශ්‍රී ලංකාවේ තේ වගා කරන පළාත් අතරින් ඉතාමත් ප්‍රසිද්ධ වගේම ඉහල ගුණාත්මක තේ කොළ නිෂ්පාදනය කරන්නේ නුවරඑළි පළාතයි.මේ පළාතේ තියෙන අඩු උෂ්ණත්වය හින්දම තේ කොළ වල ගුණාත්මක බවත් වැඩියි. (වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වය 11c – 20c )

නුවරඑළියට සාමාන්‍යෙන් බටහිර-නැගෙනහිර කාලගුණ දෙකම නිරාවරණය වෙනවා . වැඩි වැස්සක් වහින මාසේ ඔක්තෝම්බර් වගේම අඩුවෙන්ම වැස්ස ලැබෙන මාසේ මාර්තුයි. සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900 යි.(65%-87%) උෂ්ණත්වය අඩු නිසා තේ පදුර වැවෙන්නේ හුගක් හිමීට. තේ කොළ පොඩියි වගේම දොඩම් පාටක් ගන්නවා.

මේ තේ එකේ පාට වෙන කිසිම ceylon tea එකකට සමාන කරන්න බෑ. මේ තේ කොප්පේ තියෙන orange golden පාට වගේම රසත් අද්විතීයයි. නුවරඑළි තේ වල whole-leaf orange pekoe (OP) හා broken orange pekoe ( BOP) වැඩි ඉල්ලුමක් ඇති තේ කොළ වර්ගයි.

**උඩ පුස්සැල්ලෑව
“exquisitely tangy”*

උඩුපුස්සැල්ලෑව දිස්ත්‍රික්කය තියෙන්නේ නුවරඑළියට ළඟ .ඉතින් උඩරට කඳුකර පැත්තෙ තියෙන තේ වගේම මේ තේ කොළත් හරිම රසයි . මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000- 6000 වෙන්න උසින් මේ වතු තියෙන නිසා high – grown කියලා කියනවා.

උඩ පුස්සැල්ලෑව හරිම ආශිර්වාදමත්. ඒ ඇයි දන්නවද? ඒ පැත්තට බටහිර ,නැගෙනහිර කාලගුණ දෙකම නිරාවරණය වෙනවා .නොවැම්බර් – ජනවාරි වෙනකන් වැහි කාලෙත් ,ජුනි – සැප්තැම්බර් වෙනකන් වියළි කාලෙත් නිසා තේ කොළ ඒ ඒ කාලගුණේට වෙනස් රස වලින් වගේම ,වෙනස් ප්‍රමාණවලින් නිෂ්පාදනය කරන්න උඩුපුස්සැල්ලෑව වතු හිමියන්ට පුළුවන් වෙලා තියෙනවා .

තේ කෝප්පේ තද රෝස පාටයි. ඒ නිසා මේ තේ කොප්පේ දකින කාගෙත් සිත් ඇද ගන්නවා .පුස්සැල්ලෑව තේ කොප්පේ පාට නිසාම අනිත් පළාත්වල තේ වලට වඩා පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් .

දිඹුලාන “Refreshing Mellow”

නුවරඑළියත් – හෝර්ටන් තැන්නත් අතර මැද වගේ තමයි දිඹුලාන තියෙන්නේ. දිඹුලාන වැවෙන තේවලට කියන විශේෂ නමක් තියෙනවා “high – grown” නැත්නම් “ඉහළ වැඩුණු” කියලා . මෙහෙම කියන්න හේතුව තමයි, දිඹුලාන දිස්ත්‍රික්කයේ තියෙන්නේ මුහුදේ ඉඳන් අඩි 3500ක් 5000ක් විතර උඩින් . ඉතින් ශ්‍රී ලංකාවේ ඉහළින්ම වැඩෙන තේ තියෙන නිසා,”දිඹුලාන තේ” හරිම විශේෂයි. දිඹුලාන දිස්ත්‍රික්කයේ golden valley, ඉහළ කොත්මලේ, මස්කෙළිය , රම්බොඩ, පහළ දික්ඔය වගේ උප දිස්ත්‍රික්ක ටිකක් තියෙනවා. ඔන්න…දෙසැම්බර් ඉඳන් මාර්තු වගේ නම් දිඹුලාන පැත්ත ටිකක් සීතලයි වගේම වේලුනු ස්වභාවයක් තියෙන්නේ. වැස්සක් නම් පේන තෙක් මානෙක නෑ. හැබැයි.. මැයි ඉදන් දෙසැම්බර් වෙනකන් නම් හොදටම වහිනවා. හැම අවුරුද්දකම මේ වගේ climate දෙකක් තියෙන නිසා දිඹුලාන තේ නිෂ්පාදනය කරද්දි මේ ගැන විශේෂ අවධානයක් දෙනවා. ඒකට හේතුව තමයි, මේ වෙනස් වෙන කාලගුණයත් එක්ක තේ කොළ වල රසයත් වෙනස් වෙනවා.
දිඹුලාන තේ හරිම ලස්සනයි වගේම තඹ රතුවට දිස්නේ ගහනවා. Golden valley පැත්තේ තේ කොළ නම් කෝප්පෙට වැටුනහම රන් තැඹිලි පාටයි. දිඹුලාන සමහර වතුහිමියෝ මාර්තු-මැයි වගේ කාලෙදී තේ කොළ හදනවා. ඒ තේ වල සුවඳ jasmine , cypress Mix වුනා වගේ .ඒ තරම් western aroma එකක් තමයි ඒ තේ කොළ වලින් එන්නේ. වැහි කාලෙදියි සීතල තියෙන කාලෙදියි තේ කොල වල රසය හොඳ උසස් තත්වයක තියෙනවා.( උඩපුස්සැල්ලාව නිෂ්පාදනය කරන තේවල රසයට සමානයි) හරියටම කියනවනම් දිඹුලාන තේ කොළ වල තියෙන රන්වන් පාටයි, රසයයි නිසා life එකම refresh කරනවා.

ඌව ” exotically aromatic”

ඌව පළාත අනිත් තේ නිෂ්පාදනය කරන පළාත් වලට වඩා ටිකක් වෙනස්. වික්ටෝරියාවේ අධිරාජවරයෙක් වන thomas lipton ඌව පලාතේ වගා කරපු තේ වලින් තමයි ඇමෙරිකානුවන්ට තේ බොන්න මුලින්ම පුරුදු කළේ . ඒ නිසා ඌව පළාත තේ වලට ගොඩක් විශේෂ පළාතක්. ඊසානදිගයි, නිරිතදිගයි මෝසම් හුළං සාමාන්‍යයෙන් ජූලි මාසේ අග අගෝස්තු මැද වගේ වෙද්දි ඌව පළාතට ලං වෙනවා .මේ සුළඟ නිරාවරණය වෙන නිසා,ඒ තේ කොල වල අමුතුම ගුණයක් තියෙනවා .

ඌව පළාතේ තේ කොළ වලට විදේශිකයන්ගෙත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේ තේ කොළ එතරම්ම විශේෂ වෙන්න හේතුව තමයි ,මෝසම් හුළං නිසා තේ කොළ වේලෙනවා .ඒ නිසා තේ කොළ ඇතුලෙ තියෙන ශෛලවල ජල ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා කොළේ තියෙන ජලය ඝන වෙනවා . තේ කොළ වල අමුතුම රසයක් වගේම හොඳ මිහිරි සුවඳකුත් එන්නේ මෙන්න මේ නිසයි.

මේ තේ කොළ හුළගට වේලෙන නිසා සාමනයෙන් අනිත් පළාත් වලට වැඩිය තේ කොල කළු පාටයි. Uva තේ එකක් බීපු කෙනෙක්ට නම් ඒ රහ අමතක වෙන්නෙම නැහැ .

සබරගමුව “Exceptionally stylish”

කදුකර පැත්තේ විතරක් නෙමෙයි.ලංකාවේ තැනිතලා පළාත් වලත් තේ වවනවා. මේ නිසා ලංකාවේ තේ කිවාම එකට එකක් දෙවෙනි වෙන්නේ නෑ. සබරගමුවේ වැවෙන තේ වලට කියන්නේ low – grown කියලා. තේ වැවෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා 300m උඩින්. සබරගමු කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම තේ වගාකරන පළාතයි. මේ පළාත රටේ බටහිර, මධ්‍යම ,නිරිතදිග, කඳුකර පළාත් ආවරණය කරනවා .රත්නපුර, රක්වාන, කළුතර, මාතර, වැලිගම, සබරගමුවේ උප දිස්ත්‍රික්කයි.

මේ පළාතේ උඩහ තියෙන වගාවන් තියෙන්නෙ සිංහරාජ වනාන්තරේට මායිම් වෙලා. ඒ පරිසරයේ තියෙන වැහිබර ගතිය හින්ද ම සබරගමු පහළ කොටසේ වගා කරන තේ වලට වඩා මේ තේ කොළ වල වැඩි රසක්, ගුණයක් තියෙනවා

රුහුණු තේ පදුරු වගේම සබරගමුවේ තේ පදුරුත් ඉක්මනින් වැවෙනවා. ඒ තේ කොළෙත් දිගයි .ඒ නිසා තේ කුඩු හදද්දි තේ කොළ අඹර ගන්න හරි ලේසියි. ඒ වගේම රුහුණු තේ වගේම සබරගමු තේ එකත් තද කහ, දුඹුරු, රතු පාටක් ගන්නවා. ඒත් මේ තේ වර්ග දෙකේම සුවඳ නම් එකට එකක් වෙනස්.

 

රුහුණ ” distinctively unique”

මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600ක් විතර උඩින් රුහුණේ තේ වගා කරන නිසා මේවට “පහළ වැඩුණු” නැත්තම් “Low – grown” කියනවා. මේ තේ වගා කරන හුඟක් ප්‍රදේශ මුහුදට ළඟ තියෙන්නේ .සබරගමු දිස්ත්‍රික්කයේ -රත්නපුර, බලංගොඩ, දෙනියාය, මාතර සහ ගාල්ල කියන්නේ, උප දිස්ත්‍රික්කයි. සබරගමුවේ තේ වවන ප්‍රදේශ වලට මුහුදුබඩ කලාපෙත් සිංහරාජයේ වැසිවනාන්තරත් මයිම් වෙනවා.

රුහුණේ පළවෙනි තේ වගාව පටන් ගත්තේ 1990 . මධ්‍යම කඳුකරයේ කඳු පාමුල ඉඳන් ගල්ල, මාතර දක්වා ඒ පළාත දිගයි . නිරිතදිග මෝසම නිසා රුහුණු පැත්තට වැසි වලින් අඩුවක් නෑ . ඒ වගේම ඉර පායන හොද උණුසුම් කාලගුණයකුත් තියෙනවා. ඒත් මොසම් හුළග නිසා එන වැස්සට බාධා වෙනවා.ඒ නිසා වගාවට ඕන ජලය පොඩි ගංගවල් කිපයකින් ගන්නවා.

රුහුණ කියන්නේ සාමාන්‍යයෙන් පහත් බිමක් හින්ද ඒ තියෙන පස නිසා තේ පඳුරු ඉක්මනින් වැවෙනවා.තේ කොළෙත් දිගයි.රුහුණු තේ තද කලු පාටක් ගන්නවා. ඒ වගේම එක එක ප්‍රමාණයේ තියෙන තේ කොළ නිසා ඒවයේ රසෙත් වෙනස්. “ඉගී” කියන්නේ තේ දළු වල තියෙන උඩම කොටසටයි.මේවායේ රස වගේම ගුණෙත් ඉස්තරම්.

ඔන්න එහෙනම් තේ වලට ආදරේ කරන ඔයාලා…ශ්‍රී ලංකාවේ රසම තේ වගා කරන්නේ කොහෙද ?ඒ තේ වර්ග 7 මොනවද කියලා දැනගත්තා නේද?
එහෙනම් ඔයාටත් පුලුවන් ඔයා ආසම තේ කෝප්පෙක රස බල බලා ජීවිතේට නැවුම් අත්දැකීමක් විදගන්න.

මානසික ආතතිය හොඳයි..

මානසික ආතතිය අපි හැම වෙලාවේම දකින්නේ ගොඩක් නරක දෙයක් විදිහට. වැඩ ගොඩ ගැහිලා වැඩ වල deadlines, පවුල් ප්‍රශ්න, කාර්යබහුල ජීවිතය වගේ දේවල් නිසා ඇත්තටම අපිට ඇතිවෙන්නේ ලොකු මානසික ආතතියක්.

මානසික ආතතිය ඇතිවෙන්නේ කෙනෙක්ට අභියෝගයක් ඇතිවුණාම සහ ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ කරන සම්පත් අතර අසමතුලිතතාවයක් දැනුනහම කියලා ඇමරිකානු විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැත්ලීන් ගුන්තර්ට් පවසනවා. ඍණාත්මක ආතතිය (වෙන්වීම්) සහ ධනාත්මක ආතතිය (නව රැකියාවක් ආරම්භ කිරීම) කියලා ආතතීන් වර්ග දෙකක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තියෙනවා.

ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයෙන් කියන විදිහට නම්, නිදන්ගත ආතතිය කියන්නේ “දීර්ඝ කාලීන අභ්‍යන්තර හෝ බාහිර ආතති සිදුවීමකට භෞතික විද්‍යාත්මක හෝ මානසික ප්‍රතිචාරයක්”.සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, සමේ ගැටළු, මොළයේ ප්‍රමාණය කුඩා වීම සහ නිදන්ගත රෝග ඇතිවීම මේ ආතතිය ඇතිවීම අතර සම්බන්ධතාවයක් තියෙනවා.

ඉතින් කොහොම වුණත් විශේෂඥයින් කියන විදිහට නම් ආතතිය නිසා ඇත්තටම යම් ධනාත්මක බලපෑමකුත් ඇති කරන්න පුළුවන්.‘යූස්ට්‍රස්’ කියලා හඳුන්වන දෛනිකව, කළමනාකරණය කරන්න පුළුවන් ආතතියේ මධ්‍යස්ථ මට්ටම වයසට යාම හා ලෙඩ රෝග සමඟ සම්බන්ධ වන ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා වෙන්න උදවු වෙනවා.

ඉතින් ආතතිය ගැන ඔයා කවදාවත් නොහිතපු දේවල් ටිකක් තමයි අද අපි කතාකරන්න යන්නේ

 

*ආතතිය අපේ උනන්දුව වැඩි කරනවා

RACGP - Professional coaching can reduce burnout in doctors

 

අධික මානසික ආතතිය අපේ උනන්දුව අඩු කළත්, සුළු මානසික ආතතිය අපේ වැඩක් දිගටම කරගෙන යන්න ඕනේ වෙන උනන්දුව වැඩි කරනවා. ගුන්තර්ට් පවසන විදිහට නම් “මධ්‍යම මට්ටමේ ආතතියට අපගේ අභිප්‍රේරණය වැඩි කරන්න පුළුවන්,” .

උදාහරණයක් විදිහට, නියමිත දවසකට වැඩක් අවසන් කරන්න තිබෙන නිසා ඇතිවෙන මානසික ආතතිය, ඒ වැඩේ ගැන අපට ඇති උනන්දුව වැඩි කරනවා වගේම ඒ වැඩේ නියමිත කාල සීමාවකදී අවසන් කරන්න තිබෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරවනවා. “අනේ මට මේ මේ දේවල් කරන්න තියෙනවා” කියලා එත් ඒ දේවල් කරන්න උනන්දුවක් නැතුව ඉඳපු අත්දැකීම් අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ දේවල් කරලා අවසන් කරන්න තියෙන අන්තිම දවස ලංවෙද්දි මානසික ආතතිය නිසා හදිසියේ ඇතිවෙන උනන්දුව ඔයාටත් අනිවාර්යෙන්ම දැනිලා ඇති.

 

 

*මානසික ආතතියට ඔරොත්තු දීමේ හැකියාව සහ දියුණුව වැඩි කරන්න පුළුවන්

Manage Your Stress So It Doesn't Manage You - PMC Training

මානසික ආතතිය ගැටළු විසදාගන්න මිනිසුන්ට බල කරනවා. ඒ වගේම අනාගතයේදී අත්දැකීම් වලට මුහුණ දෙන්න ඕනේ වෙන විශ්වාසය හා කුසලතා ගොඩනඟා ගන්න උදවු කරනවා කියලා වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව හා චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් විටාලියානෝ පවසනවා. නොදෙනුවත්වම අපිට තියෙන ඔරොත්තු දීමේ හැකියාව හා අපි ගැනම අපිට තියෙන විශ්වාසය මානසික ආතතිය නිසා වැඩිවෙනවා.ඔරොත්තු දීමේ හැකියාව සහ විශ්වාසය වැඩි වීමත් එක්ක මිනිසුන්ට අඩු තර්ජනයක් දැනෙනවා වගේම ඒ වගේ තත්ව පාලනය කරගන්න තියෙන හැකියාවත් වැඩිවෙනවා කියලා ඔහු කියනවා.

නිව් යෝර්ක් නගරයේ බලපත්‍රලාභී සායනික සමාජ සේවකයෙකු වෙන ඇලිසන් බර්වාල්ඩ් කියන විදිහට නම් ඔයාගේ භයට හෝ අභියෝග වලට මුහුණ දෙන්න ආතතිය භාවිතා කළොත් ඒවා වළක්වා ගන්නවා වෙනුවට අත්දැකීම් වලින් කටයුතු කරන්න ඔයාට පුළුවන් වෙනවා.ඔයා කළින්ම ඒකට මුහුණ දීලා අත්විදලා තියෙන නිසාම ආපහු බයට පත් වුණායින් පස්සේ , අනාගතයේදී ඒක හසුරවන්න ඔයාට සුදානම් බවක් දැනෙයි.

 

 

*ආතතියෙන් සම්බන්ධතා ශක්තිමත් කරගන්න පුළුවන්

New co-working space Pavilion opening in Mount Pleasant this summer |  Urbanized

ආතතියේ තියෙන පුදුම සහගත වාසියක් තමයි,මුළු සෞඛ්‍යය පද්ධතියටම ප්‍රධාන වෙන අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනඟා ගන්න ආතතිය උදවු වීම. . “සමාජ සම්බන්ධතාවය කියන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු නැතිකරගෙන,ආරක්ෂා වෙන්න ඕනේ වෙන සාධකයක් ,” කියලයි ගුන්තර්ට් කියන්නේ. මිනිසුන්ට වෙනත් පුද්ගලයෙකුගේ ආදරය හා අවබෝධය දැනෙන කොට එයාලට තනිකම සහ හුදෙකලා බව දැනෙන්නේ ගොඩක් අඩුවෙන්.

උපකාරක කණ්ඩායම්, විටාලියානෝ කියන විදිහට මිනිස්සුන්ට එයාලගේ ආතතිය ගැන අනිත් අයත් එක්ක කතා කරන්න හොඳම තැන තමයි උපකාරක කණ්ඩායම්., උපකාරක කණ්ඩායම් වලින් අනුකම්පාව සහ ධනාත්මක හෝමෝන නිපදවනවා කියලා විටාලියානෝ කියනවා. එකිනෙකාට විවෘත වීමෙන්, එකිනෙකාගේ අරගල ගැන දැනගෙන තමාගේ ප්‍රශ්න සංසන්දනය කරන්න පුළුවන් නිසාම එයාලගේ තිබුන ඍණාත්මක හැඟීම් වෙනුවට ධනාත්මක හැගීම් ඇති කරගන්න පුළුවන් කියලා විටාලියානෝ කියනවා.

මිතුරන් හා පවුලේ අය එක්ක ප්‍රශ්න කතා කරලා අපට ඒ අය එක්ක සබඳතා ගොඩනඟා ගන්න පුළුවන්. “සමහර දුෂ්කර කාලවලදී අපි එකිනෙකාට සහයෝගය නොදැක්වූයේ නම් අපේ ගොඩක් මිත්‍රත්වයන් හෝ පවුල් සබඳතා එක හා සමාන නොවේ” කියලා ගුන්තර්ට් කියනවා.

 

 

*මානසික ආතතිය කියන්නේ සාර්ථක දිවි පැවැත්මක කොටසක්

Top 5 Secrets Of A Successful Life - Happiness Creativity

කිසිම මානසික ආතතියක් නැති ජිවිතයක් කියන්නේ ඇත්තටම හොඳ ජීවිතයක්ද ? අපිටනම් හිතෙන්නේ කිසිම stress එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් කියලා.හැබැයි එහෙම ජීවත් වෙන එක ඇත්තටම හොඳ දෙයක් නම් නෙමෙයි. ආතතිය ඇතිවෙන තරමට අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් බලමු. උපාධි පාසලක ශිෂ්‍යයෙක් වෙන්න. අයදුම් කිරීමේ ක්‍රියාවලිය ගොඩක් තරඟකාරී. පාඨමාලාව අභියෝගාත්මක වෙන්න පුළුවන් වගේම උපාධිය ලැබුනායින් පස්සේ අධ්‍යයන පසුබිමක ඉදන් ව්‍යාපාරයකට මාරු වෙන එක ඉගෙනුම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමේදී තමන් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමන් කළා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා ගුන්තර්ට් කියනවා. එයා
කියන විදිහට නම්. “අපි ආඩම්බර වන දේවල් සහ අපේ ජීවිතයේ වඩාත්ම අර්ථය ගෙනෙන දේවල් අමාරුයි.ඉතින් කවදාහරි හිතලා ආඩම්බර වෙන්න නම් අපි අමාරු දේවල් සාර්ථකව කරලා තියෙන්න ඕනේ. ඒ අමාරු දේවල් කරද්දී මානසික ආතතියක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. “අපි ආතතිය අතුගා දැමුවහොත්, අපගේ ජීවිතයේ බොහෝ අර්ථයන් අප විසින් අතුගා දමනවා වෙන්න පුළුවන්.”

මානසික ආතතිය නිසා දවසකට ලෝකයේ කීදෙනෙක් නම් සියදිවි නසගන්නවද? එහෙම සියදිවි නසාගන්න අය කීදෙනෙක් ගැන නම් අපි අහලා ති‍යේද? ජිවිතයේ අනිත් හැම දෙයකින්ම සාර්ථක වෙලා තියෙන මිනිස්සු කොච්චර නම් පොඩි දෙයක් නිසා සියදිවි නසාගෙන ඇතිද? මානසික ආතතිය හොඳටම වැඩි වෙලා එහෙම සියදිවි හානි කරගන්න තත්වයට එන්න කලින් ආතතියේ මුල් අවධියේදීම ආතතිය අපේ ජිවිතයට ඕනේ දෙයක් කියලා ඒ දිහා මේ විදිහට ධනාත්මක විදිහට බැලුවනම්, අපේ ජිවිත සාර්ථක කරගන්න අපිට පුළුවන්කමක් ඇතිවේවි

 

එස්.එස්. තත්සරණී

Surfing වලට ප්‍රසිද්ධ ආරුගම් බොක්ක ගැන ඔබ නොදත් කතාව..

මීට අවුරුදු 5කට එහෙමත් නැත්තම් අවුරුදු 10කට කලින් ඔයා නැගෙනහිර වෙරළ තීරය ගැන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත් ඔවුන් කියයි “ධීවර” හෝ “ත්‍රිකුණාමල වරාය” කියලා. දකුණු වෙරළ තීරයට හෝ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට සාපේක්ෂව නැගෙනහිර වෙරළ තීරය එතරම් ජනප්‍රිය නැහැ.

සිවිල් යුද්ධය පැවති සමයේ නැගෙනහිර පළාතේ වැඩි කොටසක් එල්ටීටීඊයේ තර්ජනයට ලක්ව තිබූණ නිසත් කොළඹ ඉදන් නැගෙනහිර වෙරළ තීරයට යන්න තියෙන දුර වැඩි නිසාත් දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් එහි සුන්දරත්වය අත්විඳීමට පසුබට වුණා.

එහෙත් මේ වෙනකොට මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතිනවා. නැගෙනහිර වෙරළ තීරය සංචාරක ගමනාන්තයේ කේන්ද්‍රගත වීම හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය දිනාගන තිබෙනවා.

නැඟෙනහිර වෙරළ තීරයේ ගමනාන්තවල සංස්කෘතිය හා පරිසරය මේ දිනවල වේගයෙන් වෙනස් වන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න අපේක්ෂාවෙන් අපි ගැස්ම කණ්ඩායම ආගන්තුක සත්කාර උපදේශක වශයෙන් කටයුතු කරන වසීම් අම්සාල් සමඟ කතා කළා.

 

සංචාරක කර්මාන්තයේ සහ රැකියා වෙළඳපොලේ ධනාත්මක වෙනසක්

2019 පාස්කු බෝම්බ ප්‍රහාර සහ 2020 දී කොරොන වෛරසය හේතුවෙන් 2019 සහ 2020 නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයට හොඳම වසර නොවූවත්, නැගෙනහිර සංචාරක ව්‍යාපාරය 2016 – 2018 සිට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් අතර බොහෝ සංචාරකයින් සහ දේශීය සංචාරකයින් ගමනාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කාලයත් එක්ක මේ වෙනකොට රට තුළ සහ ලොව පුරා සංචාරක සීමාවන් සෙමෙන් අඩු වන හෙයින් සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරනවා. නැඟෙනහිර වෙරළ තීරයේ තිබෙන සුන්දර වැලි සහිත වෙරළ තීරයන්, පරෙවි දූපතේ කොරල් පර, කුමන ජාතික වනෝද්‍යානයේ සෆාරි සහ වන ජීවීන් සහ ජල ක්‍රීඩා සහ සර්ෆ්, කිමිදුම් සහ ස්නෝකර්ලිං වැනි ක්‍රියාකාරකම් නිසා සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙලා තිබෙනවා.

බොහෝමයක් නව ආයතන තවමත් මෙහි ආරම්භකරන්න කටයුතු කරමින් තිබෙන අතර තවත් ව්‍යාපාර නැගෙනහිර වෙරළ තීරයේ නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබනවා. ඒවායින් බොහොමයක් හෝටල් සහ අවන්හල් වන අතර ඔවුන් මෙම සමයේදී නැගෙනහිර වෙරළට ඇතුළු වන සංචාරකයින් සහ සංචාරකයින්ගේ පැමිණීම සඳහා පහසුකම් සපයනු ලබනවා. නැ‍ඟෙනහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල රාත්‍රී ජීවිතයද කාලයත් සමඟ වැඩිදියුණු වෙමින් සංචාරකයින්ට නවාතැන් තුළ විනෝදාස්වාදය සඳහා වැඩි විකල්ප ලබා දී තිබෙනවා.

නැ‍ඟෙනහිර වෙරළ තීරයේ වර්තමාන හා නව ආයතන සියල්ලම පාහේ අවට ප්‍රදේශවලින් දේශීයයින් බඳවාගෙන ඔවුන්ට නිසි පුහුණුවක් හා සංවර්ධනයක් ලබා දෙමින් ඔවුන්ගේ කුසලතා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ඉහළ ජීවන තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට මග සලසා දෙන්න කටයුතු කරනවා.

“විශාල ආයතන පමණක් නොව දේශීය කුලී රථ සම්මේලනය ද සංචාරක ව්‍යාපාරයෙන් ලාභ ලබනවා. අරුගම් බොක්ක ඉතා පුළුල්ව පැතිරී ඇති අතර සර්ෆ් ස්ථාන අවම වශයෙන් කිලෝමීටරයක් ​​හෝ දෙකක් දුරින් පිහිටා ඇති බැවින් සංචාරකයින් ඔවුන්ගේ සර්ෆ්බෝඩ් ප්‍රවාහනය කිරීමට සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථ සහ කුලී රථ භාවිතා කරනවා . බයික් මත සර්ෆ්බෝඩ් සවි කළ නොහැකි බැවින් ත්‍රිරෝද රථ සහ කුලී රථ එහි හොඳ මුදල් උපයනවා. ” වසීම් පැහැදිලි කළා.

 

ශ්‍රී ලංකා සංස්කෘතියට නව ක්‍රීඩා හඳුන්වාදීම

ඔබ දැනටමත් අසා ඇති පරිදි, professional surfers සහ surfing enthusiasts අතර ආරුගම් බොක්ක බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින අතර බොහෝ සංචාරකයින් අරුගම් බොක්ක වෙත පැමිණෙන්නේ surfing කිරීමේ එකම අරමුණ සඳහා ය.

World Surf League සහ Surfing Federation of Sri Lanka විසින් සංවිධානය කරන ලද‘So Sri Lanka Pro’ වෘත්තීය සර්ෆින් ශූරතාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට Arugam Bay ට මෙය මග පෑදී තිබෙනවා. මෙම අවස්ථාව දේශීය සර්ෆර්ස් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර සර්ෆින් වාසි ලබා ගැනීමටත් තවත් බොහෝ වෘත්තිකයන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් හොඳ අවස්ථාවක් ලබා දෙනවා.

2018 දී 27 හැවිරිදි Leshitha Prabath ජාතික සර්ෆින් ශූරයා ලෙස කිරුළු පැළද තිබෙනවා. වේගය, බලය, ප්‍රවාහය සහ flow වශයෙන් ප්‍රබල කුසලතා ප්‍රදර්ශනය කළ හෙයින් ඔහු ශූරයා ලෙස නම් කරන ලදී.

 

එපමණක්ද නොව, බොහෝ දෙනා විසින් surfing ‘man’s sport’ ලෙස සලකනු ලැබුවද, නිල වශයෙන් ලියාපදිංචි කළ පළමු කාන්තා සර්ෆ් සමාජය වන ‘අරුගම් බේ ගර්ල්ස් සර්ෆ් ක්ලබ්’ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට භුක්ති විඳිය හැකි ලෙස සාමාන්‍යකරණය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සමස්ත කාන්තා සර්ෆ් සමාජය Shamali Sanjaya විසින් මෙහෙයවනු ලබන මේ වෙනකොට කාන්තාවන් 17 දෙනෙකුගෙන් සමන්විත Club එකක් . ඔවුන් බොහෝ විට ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා සර්ෆ් චාරිකා සංවිධානය කරන අතර පරිසරය පිරිසිදුව හා ආරක්ෂිතව තබා ගැනීමට වෙරළ පිරිසිදු කිරීම ද සිදු කරනවා. සමාජයේ නිෂේධාත්මක අදහස් නොසලකා, ඉගෙනීමට උනන්දුවක් දක්වන කාන්තාවන්ට සවිබල ගැන්වීම, සංචාරකයින්ට surf කිරීමට ඉගැන්වීමෙන් හා සමානාත්මතාවය සාමාන්‍ය තත්වයට පත් කිරීම තුළින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට කාන්තාවන්ට අවස්ථාව සැලසීමට ඔවුහු අපේක්ෂා කරනවා.

 

Eco-friendly පියවරයන් සදහා මාරුවීම

“නැගෙනහිර ජනයා පරිසර හිතකාමී, ඔවුන් කොතැනකවත් ප්ලාස්ටික් භාවිතය දිරිමත් කරන්නේ නැහැ. ඔබ සතුව ඇති ඕනෑම ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන අරුගම් බොක්ක සහ වෙනත් ප්‍රදේශවල ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලා සහ ඉහළ නැංවීමේ ව්‍යාපෘති රාශියක් ස්ථාපිත කර තිබෙනවා. දකුණට සාපේක්ෂව එය දිරිගන්වන සුළු අපේක්ෂාවක් ”යැයි වසීම් පැවසුවා.

එවැනි එක් ආයතනයක් වන්නේ අරුගම් බේ (ඩබ්ලිව්.එල්.ඒ.බී) ය. එහි සම්පූර්ණ සැකැස්ම නැවත සකස් කරන ලද නැව්ගත කරන බහාලුම්වල තැන්පත් කර ඇති අතර එය පහසුවෙන් චලනය කළ හැකි සහ ප්‍රජනනය කළ හැකි ය. මෙම සංකල්පය සාර්ථක බව සනාථ වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඕනෑම සංචාරක ගමනාන්තයක් තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතින ඔවුන්ගේ විද්‍යාගාරය පහසුවෙන් ගෙනයාමට සහ / හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමට හැකිව පවතිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ ප්ලාස්ටික් දූෂණයෙන් ඇති වන අහිතකර සිදුවීම් පිළිබඳව පාසල් ළමුන්, දේශීය ව්‍යාපාරිකයින් සහ සංචාරකයිනට තේරුම්කරදීමයි. ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සඳහා විකල්පයක් ලෙස ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි ජල පෙරීමේ පද්ධතියක් ඔවුන් සංචාරකයින්ට ලබා දී තිබෙනවා.සංචාරකයින්ට ඔවුන්ගේ ජල පෙරීමේ පද්ධතියෙන් නැවත පිරවිය හැකි අතර ප්ලාස්ටික් බෝතල් සෑදීමට අවශ්‍ය සම්පත් ගණන පිළිබඳව ද ඔවුන් දැනුවත් කරනු ලැබේ. ඔවුන් අරුගම් බොක්ක අවට ප්‍රදේශවලින් ප්ලාස්ටික් බෝතල් සහ වෙනත් ප්ලාස්ටික් භාණ්ඩ එකතු කර හොරණ පිහිටි ඔවුන්ගේ කෘතිම අංගන නිෂ්පාදන කම්හල වෙත ප්‍රවාහනය කරන අතර එහිදී පීඊටී ප්ලාස්ටික් පෙති 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පොලියෙස්ටර් නූල් බවට පත් කරනු ලබනවා.

පරෙවි දූපත වැනි නැගෙනහිර වෙරළ තීරයේ අනෙකුත් ගමනාන්තවල පරිසරය ආරක්ෂා කිරීමට සහ සමුද්‍ර ජීවීන් සංරක්ෂණය කිරීමට WLAB වැනි වෙනත් ආයතන ද තිබෙනවා.

නැ‍ඟෙනහිර වෙරළ තීරය පිළිබඳ අපි දැනන් සිටියේ මසුන් ඇල්ලීම හා වගා කිරීමට ප්‍රධාන තැනක් ලෙස වුණත් මේ වනකොට නව ක්‍රීඩා වැලඳ ගැනීම, සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සහ පරිසර හිතකාමී පියවරයන් ඇති කිරීම සඳහා වූ මෙම මාරුව ධනාත්මක එකක් ලෙස පෙනෙන්නට තිබෙනවා.

ඇඟට ගුණ ආහාර වේලක් ගන්න යන්න හොඳම තැන seed cafe..

ඔයාගේ soul එකට වගේම feed එකටත් මෙන්න foods. Seed cafe කියන්නේ හෝර්ටන් තැන්න පැත්තට වෙන්න තියෙන colonial style එකේ ගෙයක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ මහේෂ් සහ නිෂී, Grind coffee house හි අයිතිකරුවන්මයි. මෙය කොළඹ නගරයෙහි ඇති hottest breakfast/brunch spot එකක් . මෙයාලගෙ ප්‍රධාන අරමුණ වෙන්නේ customersලට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලබා ගැනීමට ඕන fresh වගෙම quality foods දෙන්න තමයි. හොඳ වගේම fresh දේශීය දේවල් ( සමහර special item ,import කරනවා) use කරලා delicious වගෙම healthy flavors , එයාලාගෙ customers දෙනවා . මේ foods ඔක්කොම photogenic.ඒ තරම් ලස්සනට garnish කරලා තියෙනවා. Cafe එකේ front door එක ලග nuts,seeds වර්ග ,තව කිතුල් sale කරනවා. එවගේම තව case එකක sweet treats,healthy bites වර්ග ඒ කියන්නේ cheese cake,energy balls,coconut macaroons ,kombucha! වගේ දේවල් එයාලා sale කරනවා.

 

 

Drinks

මේ cafe එකේ juices වර්ග කෝපි, සහ teas,smoohies,shakes වර්ග ගොඩක් තියෙනවා. ඒවා ඔයාට අමුතුම worldly flavor එකක් දෙනවා sure.

 

Black magic (LKR 600)

 

Cafe එකේ තියන juices වල taste එක බලන්න හිතාගෙන් අපි black magic එකක් try කරා. මේක internationally famous juice එකක්. මේකේ activated charcoal තියෙනවා. charcoal වල detoxing quality එකක් තියෙනවා. juice එක තනිකරම black colour.එකේ sweet taste එකක් නම් නෑ. එත් අමුතුම fresh ,earthly flavor එකක් තියෙනව. ඔයා Heavy nights නිසා stress වෙච්ච කෙනෙක් නම් refresh වෙන්න පුළුවන් juice එකක් තමයි මේක.

 

Mains

Blue Spirulina smoothie bowl (LKR 850)

 

මේ bawl එක ගොඩක් රසවත් වගේම ලස්සනට garnish කරල තියනවා. Blue spirulina කියන්නේ ,ඇල්ගී වලින් ගත්ත super food එකක්. මේක protein based food එකක්. ඒ නිසා energy ගොඩක් මේකෙන් ලැබෙනවා. Granola,රෝස පෙති,විවිධ nuts වර්ග ,කෙසෙල් පෙති, raspberry ,සහ desiccated coconut blue spirulina smoothie bowl එක රස කරන්න එක් කරලා තියෙනව . Granola රසයත් එක්ක desiccated coconut, banana slive එකතු වූනාම,කටින් කටට අමුතු රසයක් එනවා.

 

 

Poke Bowl (Marinated Salmon Sashimi) (LKR 1250)

ඒ bowl එක හරියට Rainbow එකක් වගේ හරිම colourful. ( කැරට් ,ගෝවා,corn,එඩමෙම්,rocket leaves )එකතු කරලා හදලා තියෙන මේ dish එකට තව pickled onion ,ඉඟුරු හා cucumber mix කරලා තියෙනවා .මේකෙ රහ වගේම ලස්සන තවත් වැඩි කරන්න garlic quinoa එක්ක salmon හා ඉස්සන් (tobico) layer එකක් අතුරලා තියෙනවා.japanese mayo,soya sause දාලා season කරලා තියෙන නිසා කටගැස්මට තියෙනවා .

Chili Crab Folded Egg Croissant (LKR 1350)

 

Soft , Butter croissant එකක් මැද්දට පුරවලා තියෙන කකුළුවෝ , මුදවපු කිරියි ,බිත්තරයි දාලා හරිම රසට හදල තියෙන dish එකක් තමයි chili crab folded egg croissant කියන්නේ . මේකේ රසය තවත් වැඩි කරන්න ලූණුයි,සලාද කොළයි එකතු කරගෙන තියෙනවා. plate එක ලස්සන කරන්න butter chili sause එකතු කරගෙන තියෙන නිසා dish එකේ spicy ගතිය තවත් වැඩි කරනවා .

 

Dessert

Tropical Island Pavlova (LKR 650)

 


Menu එකේ තියෙන less healthy food එක්ක තියෙන dish එකක් තමයි tropical island pavlova කියන්නේ . Mango , passion fruit උඩට මීකිරි topping කරලා හදපු රසම රස dessert එකක් . Maringue ඉක්මනින් හැපෙනවා වගේම දියවෙනවා. මී කිරියි, maringue එකට එකතු උනාම එන්නේ පුදුම රසයක් .

Ambience


Seed cafe කියන්නේ , හොර්ටන් වල prana lounge එක ළඟ තියෙන ලස්සන place එකක් .cafe එක හතර වටින්ම open නිසා හොඳ හුළඟක් වගේම හොඳ එළියකුත් තියෙනවා. Garden එකේ අයිනට වෙන්න උණබට පඳුරක් තියෙනවා .ඒකේ යට ඉදන් තමයි කෑම කන්නේ .table එක උඩ ලස්සන flower vase එකක් තියෙනවා .ඒක අමු මල් පැලයක් . හුළං වැදි වැදි view එක බල බලා කෑම කන්න පුළුවන් .

Service

ජනප්‍රිය හා කාර්යබහුල cafe එකක් වුනත් එන හැම customer කෙනෙක්ටම අවධානය දෙන මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නවා .හිනාවකින් පිළිගත්තු අපිට menu එකේ තියන famous dish ටික එයාලා recommend කරා. මිනිත්තු පහළොවක් ඇතුළත අපේ order එක table එකටම ගෙනාවා .magazine cover එකක තියෙන dish එකක් වගේම ලස්සනට garnish කරලා තිබුණා .

Tips: chili crab folded egg croissant වල රහ බලන්න ඔයත් කැමති නම් , seed cafe එකට අදම එන්න…

ආකර්ශණීය දෙතොලකට හිමිකම් කියන්න මේ දේවල් අනුගමනය කරන්න..

කාන්තාව කියන්නේ සුන්දරත්වයේ සංඛේතයක්. අපි කලින් article එකේ කතා කලා කොහොමද සම නීරෝගිමත්ව පවත්වාගන යන්නේ කියලා. ඉතිං අද අපි කතා කරන්න යන්නේ lips එහෙමත් නැත්තම් අපේ දෙතොල් ලස්සන කරගන්නේ කොහොමද කියලා. දෙතෙල් කියනනේ මුහුණේ ආකර්ශණ වැඩි කරන තවත් අංගයක්. ඉතිං මේ දොතොල් ආකාර්ශණීය ආකාරයෙන් තබා ගන්න එක ඉතාමත් වැදගත්. බහුතරයක් කාන්තාවන් තමන්ගේ දෙතොල් ලස්සන කරගන්න විවිධ වර්ගයේ තොල් ආලේපන භාවිතා කරනවා, එක එක beauty bloggersලා කරන tutorials බලනවා. ඒ වගේම අලුතින්ම වෙළදපලට එන විවිධ වර්ගයේ cosmetic වර්ග භාවිතා කරනවා. ඉතිං අපි බලමු දීප්තිමත් තොල් ලස්සන කරගන්න ඔයාට ගොඩක් උපකාරී වෙන tips මොනවද කියලා .

 

 

01-වියළි ගිය සම ඉවත් කරගන්න

Lavender Lip Scrub - Beauty Kitchen

ගොඩක් වෙලාවට අපි AC එකේ ඉන්න නිසා එමෙත් නැත්තම් වියළි කාලගුණය හෝ ජලය පානය අවම නිසා දෙතෙල් වියළි යනවා. ඒ වියළි ගිය සම නැත්තම් මැරුණු සම මුලින්ම ඉවත් කරගන්න අවශ්‍යයි දෙතොල් ලස්සන කරගන්න. අපි ලස්සන වෙන්න කියලා දෙතොල් වල විවිධ දේවල් ආලේප කරත් මේ වියළි ගිය සම ඉතුරු වෙලා තිබෙනවා නම් ලස්සන වෙන්න ගාන කිසිදෙයක් වැඩක් වෙන්නේ නැහැ. ඉතිං මේ වියළි සම ඉවත් කරගන්න නිවසේදීම ඔයාට පහසුවෙන් කරගන්න පුළුවන් tip එකක් තමයි මේ. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ අමුදූව්‍ය ටික හොයාගන්න එක.

අලිගැටපේර තෙල් , ඔලිව් ඔයිල් හෝ ආමන්ඩ් ඔයිල් තේ හැඳි 1
සීනි තේ හැඳි 1
මී පැණි තේ හැඳි 1
පොත් තෙල් හෝ වැස්ලින්

පොඩි භාජනයක් අරගන තෙල් ටික එක්කරගන්න. ඒකට සීනී තේ හැන්දත් එකතු කරගන්න. තවත් පොඩි භාජනයක් අරගන ඒකට මී පැණී පොල් තෙල් හෝ වැස්ලින් ටිකයි එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ සාදාගත් paste දෙකම එකට එකතු කරලා ඝනකම් paste සාදාගන්න.  සාදාගත් scrub එක දෙතොල් වල ආලේප කරලා හොඳින් සම්භාහනය කරන්න. ඉන්පසුව සාමන්‍ය ජලයෙන් සොදා හරින්න. ඉතිරි paste එක ආයේ භාවිතා කරන්න හොඳින් අසුරා තබන්න. හොඳ ප්‍රතිළුලයක් ලබා ගන්න සතියකට දෙපාරක් භාවිතා කරන්න.

 

 

02- සුසිනිදු දෙතොලකට

Genius Toothbrush Hacks | BeBEAUTIFUL

ඔයාට පුළුවන් මුලින් කිව්ව scrub එක භාවිතා කරලා එහෙමත් නැත්තම් වෙළදපලෙන් මිලදී ගන්න තියන හොඳ scrub එකක භාවිතා කරලා තොල් cleanse කරගන්න. නැත්තම් ඔයාගේ දත් බුරුසුව අරගන හෙමීට ඔයාගෙ තොල් සම්බාහනය කරගන්න. මේ වගේ massage එකකින් පුළුවන් ඔයා භාවිතා කරන තොල් ආලේපන හොඳින් ආලේප කරගන් ඒ වගේම smoothly ආලේප කරගන්න.

 

 

03- දෙතොල්වල හැඩය ස්මතුකරගන්න

Beauty Bets: How to highlight contour your lips | Skin makeup, Contour  makeup, Makeup tips

හැම කෙනාටම එකම විදිහේ දෙතොල් පිහිටන්නේ නැහැ. ලස්සන පිරිපුන් දෙතොලක් ඔයාට අවශ්‍යයිනම් ඔයාට කරන්න තියෙන්නේ concealer එකක් භාවිතා කරලා දෙතොල් වල contour එක තමන්ට කැමති විදිහට ඇඳගන්න. අපිට ස්වාභාවිකව පිහිටලා තියෙන දෙතොල් concealer එකෙන් වහලා lipstick එකෙන් හරි lip liner එකෙන් තමන්ට කැමති ආකාරයට lip එක ඇඳගන්න පුළුවන්.

 

 

04-පාට දෙකකින් lipstick භාවිතා කරන්න

Flat Two-Tone Lipstick: the full scoop on Avon's new ombré lip

දැන් තියන trend එක තමයි පාට දෙකක් භාවිතා කරලා තොල් පාට කරගන්න එක. ඔයා concealer එකක් භාවිතා කරලා ඔයාට කැමති විදිහට lip එක ඇදගත්තට පස්සේ ඔයාට පුළුවන් පාට දෙකක් භාවිතා කරලා lip එකේ හැඩය තවත් ස්මතු කරගන්න.

 

 

05- lip liner එක outline කරගන්න

Step-by-Step: How to Contour Your Lips | Oriflame Cosmetics

සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති ඔයාගෙ දෙතොල් පිරිපුන් මදි කියලා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ concealer එකක් භාවිතා කරලා එහෙමත් නැත්තම් highlighter එකක් භාවිතා කරලා lip එකේ outline එක වැඩි කරගන්න. එවිට ඔයාගේ දෙතොල් පිරිපුන්ව පෙනෙන්න ගන්නවා.

 

 

06- පිරිපුන් – මහත දෙතොල් ලබා ගන්න

What is Lip Liner? (with pictures)

ඔයාට හිතෙනවා ඇති අනේ මගෙ තොල් මහත මදි , පිරිපුන් මදි කියලා . ඒ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ lip corners pencil එකෙන් වැඩිපුර ටිකක් ඇඳලා මැද concealer ටිකක් apply කරන එක විතරයි.

 

 

07- ඔයාගේ සමට ගැළපෙන lipstick color එක

Combination of colors 2/4 : Best Lipstick Color For Your Skin Tone |  Maquillaje de ojos, Maquillaje para piel oscura, Guía de maquillaje

දකින දකින පාට තියන lipstick අරගන ගාන්න යන්න එපා. lipstick color එකක් ගන්නකොට ඔයාගේ සමට ගැළපෙන colors විතරක් භාවිතා කරන්න. ඒ වගේම මතක තියාගන්න pearl lipstick අපේ සමේ තියන flaws සේරම highlight කරනවා. matte lipstick වලින් lip එකේ පෙනුම අඩු කරනවා. glossy lipstick හැම situations එකකටම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා lipstick භාවිතා කරනකොට තමන්ට ගැළපෙනවද නැත්ද කියන එක හොඳට හිතලා බලලා තෝරාගන්න මතක තියාගන්න.

ඔයා අදුරු සමක්ඕ තිබෙන තරණියක්නා නම් වඩා කැපිලා පෙනෙන Lipstick colors ගන්න නම් එපා. විශේෂයෙන්ම තද රතු, දම්, එහෙමත් නැත්නම් සමේ වර්ණයට හුරු දුඹුරු වගේ වර්ණ ඔයාට ගොඩක් ගැලපෙනවා. rose colors නම් තෝරා ගන්න එපා. මොකද ඒවා ඔයාට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.

ඔබේ හම සුදුයි හෝ තලෙලුයි කියලා ඔබ හිතුවට, ලංකාවේ ගොඩක් ගැහැණු ළමයින්ට තියෙන්නේ Yellow Under Tone එකක්. ඔයා ගොඩක් Fair කෙනෙක් නම් Light Pink, Coral Peach, Dusty Red සහ Nude කියන Colors ඔබට ගොඩක් match වෙනවා.  ඔයාට  තියෙන්නේ ලොකුවට Fair නැති Skin Color එකක් නම් ඔයා Rose, Cherry, Berry, Red හෝ Mauve කියන Colors use කරලා බලන්න. ඔයාගේ Skin එක පොඩ්ඩක් Dark නම් ඒ කියන්නේ දුඹුරු පැහැයට හුරුයි නම් Rock Coral, Deep Pink සහ Bright Red වගේ Colors Use කරන්න පුළුවන්. ගොඩක්ම Dark Skin Tone එකක්ද ඔයාට තිබෙනවා නම්  Plum Caramel, Blue Base Red හෝ  Wine කියන Colors Use කරන්න පුළුවන්.

 

 

08- පිළිවෙලට lip color එක apply කරගන්න

Fuller lips | Dicas de maquilhagem, Dicas de maquiagem e truques, Dicas de  maquiagem

අපේ දෙතොල් ලස්සන කරගන්න lipstick ගානවට ගාලා හරියන්නෙ නැහැ. lipstick ගාන විදිහෙනුත් පිළිවෙල ලස්සන පෙනෙනවා. ඒ නිසා මුලින්ම උඩු තොලේ Cupid’s bow එක cross කරලා contour අදින්න. ඊිටපස්සේ lips corners outline කරන්න . ඊිට පස්සේ lines සේරම connect කරන්න. මේ විදිහට කලොත් ඔයාට පුළුවන් පිළිවෙලට ලස්සනට ඔයාගේ දෙතොල් පාට කරගන්න.

 

 

09. දෙතොල් මැදට accent එකක් භාවිතා කරන්න

Two-Toned Lipsticks We're Obsessing Over | InStyle

මුලින්ම ඔයාගේ මුළු lips වලම concealer එක apply කරන්න. ඊටපස්සේ bold lipstick එකක් අරගන එක පරිස්සමින් lips වල apply කරගන්න. මෙ විදිහට කලොත් ඔයාගේ lips වලට ලස්සන tender look එකක් ලබාගන්න පුළුවන්.

 

 

10- දෙතොල් soft සහ smooth කරගන්න

how to make natural beetroot lip balm at home | get soft pink lips  naturally - YouTube

දැන් කියලා දෙන්න හදන්නේ ස්වාභාවික දේවල් යොදාගන කොහොමද අපේ මේ දෙතොල් soft සහ smooth කරගන්න විදිහ ගැන. අපි එදිනදා ආහාරයට ගන්න ආහාර අතර බීට්රෑට් කියන්නෙ ගුණදායී ආහාරයක්. මේ ආහාරය අපේ දෙතොල් ලස්සන කරගන්න යොදාගන්නනේ මෙහෙමයි. මුලින්ම බීට්රෑට් අලයක් අරගන පොත්ත අයින් කරන්න. ‍ග්‍රේටර් එකක් අරන් බීට්රූට් ගෙඩිය හොඳින් ගාගෙන මිරිකලා ඉස්ම ටික අරගන්න. ඒ ඉස්ම ටිකට පොල්තෙල් තේ හැන්දක්, මී පැණි හෝ beeswax ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍රකරගන්න. මේ මිශ්‍රණය ඔයාට පුළුවන් හැමවෙලාවකම lips වල ආලේප කරගන්න. සතියකට පසු ඔයාට රෝස පට soft සහ smooth දෙතොලකට හිමිකම් කියන්න පුළුවන්.

රුව ගැන සිතන ඔයාට සමේ සුන්දරත්වය රැකගන්න බියුටි ටිප්ස් මෙන්න..

සම කියන්නේ බොහොම සංවේදී ඉන්ද්‍රියක්. අපි මේ සම රැකගන්න ගොඩක් දේවල් කරනවා. අපි ලස්සන වෙන්න නම් අපේ සම ලස්සන වෙන එක අනිවාර්යයයි. ලංකාවේ අපිට සම ලස්සනට තියාගන්න එක ටිකක් අභියෝගාත්මකයි. මොකද වැඩි දෙනෙක් උදේ සවස පොදු ප්‍රවාහණ සේවය භාවිතා කරනවා. එලියේ වැඩ කරන්න සිද්ද වෙනවා. ඒ නිසා අපේ සම ගොඩක් වෙලාවට අව්වට සහ දූවිල්ලට නිරාවරණය වෙනවා. ඒ වගේම අපේ රටේ skin care වලට ගන්න තියෙන හොඳ products මිලෙන් අධිකයි. මේ හේතූන් නිසා විශේෂයෙන්ම කාන්තාවන් සම රැකගන්න ලොකු අභියෝගයකට එදිනදා ජීවිතයේදී මුහුණ දෙනවා. මෙන්න මේ හේතුව නිසාම ගැස්ම හිතුවා ඔයාගේ සම රැකගන්න ලේසියෙන්ම කරගන්න පුළුවන් ඒ වගේම ලොකු වියදමක් දරන්න වෙන්නේම නැති tips ටිකක් ඔයාලට කියලා දෙන්න.

 

01-Baking soda scrub

Using Baking Soda as a Facial Scrub | ThriftyFun

විශ්වාසකරන්න බේකින් සෝඩා කුස්සියේ වැඩ වලට විතරක් නෙවෙයි සම ලස්සන කරගන්නත් ගොඩක් වැදගත් වෙන දෙයක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඇත්තටම සම ලස්සන කරගන්න බේකිං සෝඩා ලොකු ප්‍රෙයෝජනයක් ගෙන දෙනවා. බේකිං සෝඩා මගින් ඔයාගේ සමේ pH මට්ටම සමතුළිත කර සම දීප්තිමත් කරනවා. ඒ වගේම මියගිය සම ඉවත් කරන්නද බේකිං සෝඩා වලට හැකියාව තිබෙනවා. ඔබේ සමේ කුරුලෑ මගින් ඇතිවුණ කැලැල් තිබෙනවා නම් ඒවා ඉවත් කරගන්න, සමේ ඇතිවෙන දද ඉවත් කරගන්න, yeast infection වලට ප්‍රතිකාරයක් වශයෙන්ද, අව්වට පිච්චුන සම නැවත යතා තත්ත්වයට පත්කරගන්න, Skin Tan ඉවත් කරගන්න, Blackheads ඉවත් කරගන්න, සම පැහැපත් කරගන්න වගේම A natural cleanser එකක් වශයෙන් බේකිං සෝඩා යොදාගන්න හැකියාව තිබෙනවා.

ඔබට කරන්න තියෙන්නේ බේකින් සෝඩා හැදි 3කට වතුර හැන්දක් එකතු කර paste එකක් සදාගන්න. ඉන්පසුව ඔබේ මුහුණ සාමාන්‍ය වතුරෙන් සබන් යොදා පිරිසිදු කරගන්න. ඉන්පසුව සදාගත් paste එක මුහුණට මෘදු ලෙස ආලේප කරන්න.

මුලු මුහුණෙම ආලේපය යොදාගත් පසු මෘදු ලෙස හොඳින් සම්භාහනය කර වතුරෙන් සෝදා හරින්න. මෙය sensitive skin එකකට face cleanser එකක් වශයෙන් යොදාගන්න හැකියාව තිබෙනවා.

 

 

02-Sweet and salty

The Best DIY Salt Scrub Recipe – with Himalayan Salt and Essential Oils

අපි ශරීරයේ සමහර ස්ථාන වල කුරුලෑ මතුවෙනවා. මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍යයි. ඒ දේට බහුතරයක දෙනා මුහුණ දෙනවා. ඒ වුණාට පිටේ , පපුවේ , තට්ටම් වල එන කුරුලෑ නිසා අපේ ශරීරය පුරාවටම කැලැල් ඇතිවෙන්න ඉඩකඩ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ශරිරයේ හැමතැනම එන කුරුලෑ වලින් අත් මිදෙන්න ඔයාට කරන්න තියෙන්නනේ ලුණු . සීනි, පැණි සහ පොල්තෙල් එකට එකතුකර ගණ මිශ්‍රණයක් සාදාගන්න. මේ scrub එක මුහුණට වගේම මුලු සිරුරටම යොදාගන්න හැකියාව තිබෙනවා. මෙම මිශ්‍රණය සතියට දෙපාරක් සම පිරිසිදු කරගන්න යොදාගන්න. මෙමගින් ශරීරයේ ඇතිවෙන අනවශ්‍ය කුරුලෑ කරදරයෙන් මිදෙන්න ඔයාට හැකියාව තිබෙනවා.

ඔයාගේ සම ගොඩක් oily නම් මිශ්‍රණයට යොදාගන්න ලුණු සහ සීනි ප්‍රමාණය වැඩි කරන්න මතක තියාගන්න.

 

 

03-Vitamin A

How to make Carrot oil for Hair growth and Skin lightening (DIY Carrot Oil and benefits) - YouTube

සමේ රෝග විශේෂඥයින් විසින් ගොඩක් වෙලාවට recommend කරනවා අපි පාවිච්චි කරන night cream එක විටමින් A සංයුක්ත වන එකක් භාවිතා කරන්න කියලා . retinol කියලා ඔබ අහලා තියනවත් ඇති සමහර විට . හැබැයි ඉතින් ඔයාටම පුළුවන් ඔයාගේ night cream එකට විටමින් A එකතුකරගන්න. rosehip oil හෝ carrot oil බිංදු කිහිපයක් ඔයා එදිනදා භාවිතා කරන night cream එකට එකතු කරගන්න. මෙයින් ඔයාට පුළුවන් සමේ ඇතිවෙන stretch marks, කුරුලෑ වගේම wrinkles ඉක්මනින් ඉවත්කරගන්න.

ඒ වගේම තමයි මේ oil දෙකම සමේ ඇතිවෙන කැලැල් ඉවත් කරගන්න උපකාරී වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබ ගැබිණි මවක්නම් විටමින් A අඩංගු කිසිදෙයක් daytime එකේදි භාවිතා කරන්න එපා. මොකද අපේ ශරීරයේ තිබෙන ස්වාභාවික හිරු කිරණින් ආරක්ෂාවීමට තිබෙන හැකියාවට බලපෑම් ඇති කරනවා.

 

 

04-Tea tree oil

The Body Shop Tea Tree Oil has so many uses

විවිධ පරීක්ෂණ වලින් හෙළිවෙලා තිබෙනවා Tea tree oil skin bacteria සමග සටන් කරන්න යොදාගන්න පුළුවන් හොඳ oil එකක් කියලා. සමෙහි ඇතිවෙන රතුපැල්ලම් අවම කරන්න , කුරුලෑ ඉවත් කරන්න Tea tree oil වලට හැකියාව තිබෙනවා. Tea tree oil අඩංගු anti-acne gel එකක් භාවිතා කරල බලන්න කොපමණ ඉක්මනින් නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න සමක් ඔබට ලබාගන්න පුළුවන්ද කියන එක.

 

 

05-Take a bath

5 Homemade Malai Face Packs to Get Gorgeous Skin | India.com

ඔයා හැමදාම නානවනේ නේද? හැබැයි ඔයාට පුළුවන් වෙනදා නානවා වගේ නැතුව පොඩි වෙනසක් එක්ක හොඳට නාගන්න.

oatmea කෝප්ප 1/4
කිරිපිටි කෝප්ප 1/4
දුඹුරු සීනි කෝප්ප1/4
ඔයා කැමති ඹෟෂධීය පැළෑටි කෝප්ප 1/4 (දෙහි,ලැවෙන්රා) අරගෙන හොඳින් grind කරගන්න. එයට ඔයා කැමති essential oil බිංදු 10-15 එකතු කරගන්න. තව පැණි මේස හැදි 2ක් සහ body oil මේසහැඳි 2ක් එයට එකතු කරගන්න. bath bag එකක් අරගන ඒකට මේ මිශ්‍රණය දාලා උණු වතුරෙ ටිකවේලවක් බහාලා තියන්න. ඉන්පසුව ශයා බාත් ටබ් එකක නානවානම් මේ bag එක එකට දාලා හොඳින් නාගන්න.

 

 

06- Try to cut down on sugar

Fruits

පර්යේෂකයන් විසන් පෙන්වා දී තිබෙනවා සීනි භාවිතය සමේ රැළි වැටීම් ඇතිවීමට , සිහින් රේඛා ඇතිවීමට සහ සම අවපැහැ වීමට ගොඩක් බලපාන බව. ඔබ ගොඩක් සීනී අඩංගු ආහාර ගන්න කෙනෙක්නම් නීරෝගිමත් සමක් පවත්වා ගැනීම අසීරු කාර්යයක් වෙනවා. ඔබට සීනි අවශ්‍යමයිනම් ඒ වෙනුවට පලතුරු සහ බෙරි ආහාරයට ගන්න උත්සහ කරන්න. මෙය ඔබේ සීනි ආශාව තෘප්තිමත් කරනවා වගේම ඔබේ සමට සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඔක්සිකාරක ලබාදෙනවා.

 

 

චර්මරෝග විශේෂඥයින් විසින් ඔබේ සම නිරෝගී හා සුන්දර පෙනුමක් ලබා ගැනීමට උපකාරී වන සරල එදිනෙදා උපක්‍රම ගණනාවක් හොයාගන තිබෙනවා.

  • දිනකට එක් වරක් හෝ දෙවරක් ඔබේ සම දිනපතා සෝදන්න. ඔබේ වයසට හා සමේ වර්ගයට ගැලපෙන පිරිසිදු කිරීමේ නිෂ්පාදන භාවිතා කරන්න, makeup පිටින් කිසි විටෙකත් නින්දට යන්නට එපා.
  • ඔබේ සම සැමවිටම තෙතමනය සහිතව තබාගන්න වගබලාගන්න. තෙල් සහිත සමකට පවා සැහැල්ලු මොයිස්චරයිසර් එකක් අවශ්‍ය බව මතක තබා ගන්න. ස්නානය කිරීමෙන් පසු මෙම නිෂ්පාදනය කෙලින්ම සමට ආලේප කරන්න.
  • දිනපතා sun cream භාවිතා කරන්න. වළාකුළු පිරි දිනවල දී පවා ඔබේ සම පාරජම්බුල කිරණවලට නිරාවරණය වෙනවා.
    රාත්‍රියේ දී night cream එකක් භාවිතා කරන්න. එයට විටමින් A, C, E, සහ K සහිත එකක් තෝරන්න. රැළි සහ අඳුරු කව වළක්වා ගැනීමට මෙය ඔබට උපකාරී වෙනවා.
  • ඔබ සාමාන්‍යයෙන් ඇඳේ නිදා නොගන්නා පැත්තේ නිදා ගැනීමට උත්සාහ කරන්න. රූපලාවණ්‍ය ශිල්පීන් පවසන්නේ මෙම තාක්ෂණය මඟින් සමේ වර්ධනය වන රැළි ප්‍රමාණය අඩු කර ගැනීමට ඔබට හැකි වනු ඇති බවයි.

සිංහල භාෂාව ආරම්භ වුණේ මෙහෙමයි..

සිංහල භාෂාව යනු ධනවත් හා වර්ණවත් ඉතිහාසයක් සහිත ගතික භාෂාවකි. එහෙත්, එහි කතාන්දරය අපි බොහෝ දෙනෙක්ගේ අවධානයෙන් සැඟවී තිබේ. ඇත්තටම සිංහලයන්ගේ කතාව මොකක් වෙන්න පුලුවන්ද?මෙම දිගහැරුමට හේතු වූ කුතුහලය දනවන ප්‍රශ්නයක් මගේ හිතේ නැගුණා.ඉන්දු-යුරෝපීය භාෂා පවුල තුළ ඉන්දු-ආර්ය උප සමූහයේ සාමාජිකයෙකු වන සිංහල, ශ්‍රී ලංකාවේ නිල භාෂාවන්ගෙන් එකකි. එය මිලියන 16 කට අධික ජනතාවකගේ මව් භාෂාවයි. තවත් මිලියන 4 ක ජනතාවක් සිංහල භාෂාව ඔවුන්ගේ දෙවන භාෂාව ලෙස භාවිතයට ගනී.

කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්.ඒ. නිමල් කරුණාරත්න සමඟ මා කළ සාකච්ඡාවකදී, එය මුලින්ම හදුන්වා තිබෙන්නේ ‘හෙළ භාෂා’ ලෙසිනි . පසුව එය පාලි භාෂාවේ නිරූපණයන් වන සංස්කෘත සහ ප්‍රකෘත භාෂාවන් සමග ඒකාබද්ධ විය. ඉන්පසුව එය සෙමින් ද්‍රවිඩ පවුල් තුළද භාවිතයට ගත් බව සඳහන් කළා.ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉන්දියානු මහද්වීපයේ අනෙකුත් ප්‍රදේශවලින් වෙන් වූ හෙයින්,සිංහලයන් පරිණාමය වූයේ අනිකුත් ඉන්දු-ආර්ය භාෂාවන්ට වඩා වෙනස්වයි. දූපත් භාෂාවක් ලෙස, දකුණු ආසියානු භාෂා විද්වතුන්ට කුතුහලය දනවන ලෙස ඔවුන්ගේ භාෂාමය ඉතිහාසයට වෙනස්ම අංග ගණනාවක් සිංහල භාෂාව තුළ ඇති වී තිබුණි.

මහාචාර්ය ගයිගර් විසින්, 1938 දී සිංහල භාෂාවේ පරිණාමය යුග හතරකට ප්‍රභේදනය කරයි.

සිංහල ප්‍රකෘත (ක්‍රි.පූ. 2 වන සියවස – ක්‍රි.ව. 5 වන සියවස)
ප්‍රෝටෝ-සිංහල (ක්‍රි.ව. 5 වන සියවස – ක්‍රි.ව. 8 වන සියවස)
මධ්‍යකාලීන සිංහල (ක්‍රි.ව. 8 වන සියවස – ක්‍රි.ව. 13 වන සියවස)
නූතන සිංහල (ක්‍රි.ව. 13 වන සියවස – ක්‍රි.ව. 20 වන සියවස)

 

 

  • සිංහල භාෂාවේ මූලාරම්භය

ඉන්දීය විජය කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් ක්‍රි.පූ 6 වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි බව ‘මහවංශය’ විස්තර කරයි. සිංහබාහුගේ පුත් විජය කුමරු සිංහල ජාතියේ නිර්මාතෘවරයායි. අපේ දූපතට සිංහල භාෂාව හඳුන්වා දුන්නේ ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ය.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සඳගෝමි කොපෙරෙවා විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, විජය කුමරුගේ මුල් නිවස වන සිංහපුර හෙවත් ‘සිංහ නගරය’ ලෙස පරිවර්තනය කර ඇති ස්ථානය අභිරහසක්ව පවතී. සමහර විද්වතුන් ඔහුගේ නිවස ගුජරාටයේ පිහිටි ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. ඔහු සහ ඔහුගේ පිරිවර බටහිර ඉන්දියාවේ සිට පැමිණි බව නිගමනය කළද , අනෙක් විද්වතුන් මෙය බටහිර බෙංගාලයේ කලාපයක් ලෙස හඳුනාගෙන ඔවුන් නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණි බව නිගමනය කරති.

මෙහි ඇති නැගෙනහිර හා බටහිර උපකල්පනයන්; පැරණි සිංහල සහ උතුරු ඉන්දියාවේ භාෂාවන් අතර ඇති සමානකම් පිළිබඳව භාෂාමය සාක්ෂි සපයයි. සිංපුරගේ පිහිටීම කාලිංගය ලෙසද දැඩි විශ්වාසයක් පවතී. දැන් එය ඔෂිඩා ලෙස හැඳින්වේ, එහි භාෂාව ‘ඔඩියා’ වේ. පොළොන්නරු යුගයේ දී, (ක්‍රි.ව. 12 වන සියවසේ) නිසංකමල්ල රජු විසින් සාදන ලද පාෂාණමය සෙල්ලිපියක සඳහන් වන්නේ ඔහු කාලිංග රාජවංශයට අයත් බවත් විජය කුමරුගේ ජාතියෙන් පැවත එන්නෙකු බවත්ය. ඒයින් විජය කුමරුගේ මූලාරම්භය සිංහපුර යැයි විශ්වාස කළ හැකියි.

 

 

  • සිංහල පිටපත්

බ්‍රහ්මීය අක්ෂර ලංකාවට රැගෙන ආවේ සිංහපුර සිට පැමිණි පළමු සංක්‍රමණිකයින්ය. විජය රජ ඉන්දියානු රජවරුන් සමඟ විවාහය සංවිධානය කිරීම සඳහා සන්නිවේදනය කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. ජාතීන් අතර පොදු භාෂාවක් සහ පිටපතක් භාවිතා කර ඇති බවට මෙයින් හැගවෙනවා.සිංහල පිටපත් විශ්ලේෂණය කිරීම තුළින් ඒවා තවදුරටත් ගවේෂණය කිරීමට මා තුළ දැඩි උද්‍යෝගයක් හටගත්තා.අනුරාධපුරයේ ඇතුල් නගරයක සිදුකළ නවතම කැණීම්වලින් ක්‍රි:වර්ෂ 6 වන සියවසට පමණ අයිති යැයි හැඟෙන සෙල්ලිපියක් සොයාගෙන තිබෙනවා.

මෙවැනි සාක්ෂි පදනම් කරගනිමින් විවිධ ඉතිහාසඥයින් විසින් ගල් කැණීම් තුළින් පළමු සිංහල ව්‍යවහාරයන් හඳුන්වා දීමට සමත් වී තිබෙනවා.මෙම කැණීම් වලින් සොයා ගත් දෑ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස දක්වා පමණක් වේ.නමුත් මේවා පදනම් කර ගනිමින් මහාචාර්ය ගිගර් විසින් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස දක්වා ප්‍රකෘත භාෂා අවධිය ලෙස ශ්‍රේණි ගත කර තිබෙනවා. ස්වර අවසානයන් තුලින් භාෂාවේ විවිධ අවදියන් නිරූපණය වේ.

“උපසක වෙශහ ලෙන”හී

” _තාල දාර නගහ පුට දේවහ ලේනේ අගනා අනගටා කටුදිස සගසා_ “
(එපිග්‍රැෆියා සෙලානිකා)

මෙහි ගුහා වල නම් සහ පරිත්‍යාගශීලීන් ගැන සඳහන් කරයි. උත්තියා රැජින (ක්‍රි.පූ. 207 – 197) විසින් කරන ලද සෙල්ලිපියක මෙසේ සඳහන් වේ.

“ _දමරකිට ටෙරසා අගටා අනගාටා කැටුඩිසා
සගසා අනිකටා සොනා පිටහ බැරිය
උපසිට තිසය ලෙනේ_ ”

එහි පරිවර්තනය නම්, “තිස්ස අනිකාටා සෝනාගේ පියාගේ බිරිඳගේ ගුහාව [තෑගි කළ] ධම්මරඛිත හිමි නමට [සහ] වැඩිය හෝ වැඩීමට සිටින සංඝයානන් හට ” .මෙම ලියවිලි පසුකාලීන හා නූතන සිංහලයන්ට සමාන ය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයන්ට අනුව, අද දක්වාම පවතින සාහිත්‍ය සිංහල භාෂාව ස්ථාපිත වූයේ 1250 දී පමණ බව සැලකේ .

 

 

  • ලෝකයේ වෙනත් භාෂා සමග සම්බන්ධ වීම

ලොක සිතියමේ භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව විවිධ බලපෑම්වලට භාජනය වන අතර, සිංහල භාෂාවද ඒ අතර තිබේ . විදේශීය භාෂා ඒකාබද්ධ කිරීමත් සමඟ මෙම බලපෑම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත .

පහත දැක්වෙන පරිදි ,දෙමළ භාෂාව ද ඇතුළුව ,දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භාෂාවන්හි පුළුල් ව්‍යාප්තියත් සමඟ,සිංහල භාෂාව තුළ ණයපද රාශියක් දක්නට ඇත.

සංස්කෘත භාෂාව , හෙළ බස, ග්‍රීක හා ලතින් භාෂාවන් සමග දක්වා ඇත . සිත්ඇදගන්නාසුලු සමානකම් සිංහල භාෂාව සහ රෝමානු භාෂාව අතර ද දක්නට ලැබේ .

එපමණක් නොව, යටත් විජිතකරණයේ බලපෑමත් සමගම පෘතුගීසි ,ලන්දේසි සහ ඉංග්‍රීසි භාෂාවන් එදිනෙදා සිංහල භාෂාව තුළ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත .

 

 

 

  • සිංහල සාහිත්‍යය

සිංහලයන් විසින් භාෂාවේ රසය වැඩිකර ගැනීම සඳහා සාහිත්‍යමය වශයෙන් විවිධ නිර්මාණ රාශියක් කර ඇත.
මා සොයාගත් පරිදි, “සියබස්ලකර” යනු ශ්‍රී ලංකාවේ මුල්ම කාව්‍ය සංග්‍රහයයි .එය කිස්තු පූර්ව නව වන සියවසයේ
“ශීලමගසේන රජු ” විසින් ලියන ලද කෘතියකි .එය සංස්කෘත කවියෙකු වන “ඩැඩින්” විසින් රචිත “කාව්‍යදර්ශ” කෘතියට සමීප ව ලියා ඇති අතර ,ශාස්ත්‍රකයින් අවධානය කරන පරිදි ,ඔහු දක්ෂ කවීන්ගේ කෘති වලට නිරාවරණය නොවේ නම් මෙම කාව්‍ය සංග්‍රහය ලිවීමට නොහැකි වන බවයි. මගේ අවධානයට ලක්වූ තවත් සංස්කෘතික සම්ප්‍රදායක් වන්නේ ,පාලි විවරණ, සිංහල භාෂාවට පරිවර්තනය කිරීමයි. මේවා “හෙළටුව” නොහොත් “සිංහල විවරණ” ලෙස හැඳින්වේ.මෙය පරිවර්තන දැනුම හා සංස්කෘතිය සඳහා විශාල දායකත්වයක් සපයා තිබේ .

සිංහල සාහිත්‍යය, ඓතිහාසික වාර්තා අනුගමනය කර ඇති අතර “මහාවස” (එහි අර්ථය මහාවංශ කතාව) සහ “කාලවස”( කුඩා වංශ කතාව) යන මේවා,සාහිත්‍යයේ සාරාංශයයි.
මේ සමගම ,ඒ කාලයේදී අනුරාධපුර යුගය තුළ සාහිත්‍යයමය වශයෙන් නව පිබිදීමක් ඇති වී ඇත.”කුරුටු ගී” ලෙස හඳුන්වන මෙම සංග්‍රහය ප්‍රභේද සිය ගණනක් කවි හා ගද්‍ය රචනා වලින් සමන්විත වී ඇත.
සීගිරිය නැරඹීමට පැමිණී පුරාණ සංචාරකයින් විසින් කැඩපත් පවුර ආශ්‍රිතව ලියා ඇති කුරුටු ගීත පිළිබඳව ඔවුන්ගේ සතුට සහ අගය කිරීම් ප්‍රකාශ කර තිබේ.එක් ආදර ලියන්නෙකු මෙසේ ලියා තිබේ.

ඇස් මීදුම් හසුන් – හසුන් සේයින් විල් දුට
මුල ළමා සැනහී – පුල් පියූමන් සේයී බඹර දුට

මෙයින් අදහස් කරන්නේ, “විලක් දුටු හංසයන් මෙන් (ඇය විසින්) දුන් පණිවිඩය මම ඇහුම්කන් දුන්නෙමි. යන්නයි.

 

 

  • නූතන යුගයේ සිංහල භාෂාව

සිංහල ඉතිහාසය පිළිබඳ ගවේෂණය මා මෙතකින් නැවැත්වීමට තීරණය කළෙමි .ඒ අනුව මා, නූතන සිංහල භාෂාව අද්විතීය වන්නේ කුමක් නිසාද? අපේ භාෂාව තවත් ප්‍රගුණ කිරීම සඳහා අත්‍යවශ්‍ය අංග මොනවද ?යන්න අනාවරණය කර ගතිමි. සම්ප්‍රදායික සිංහල භාෂාව ,”ශුද්ධ සිංහල” හෝ “එලූ හෝඩිය” ලෙස හැඳින්වෙන අතර ,ස්වර 14 කින් සමන්විත වේ. මෙම ස්වර ,හතක් කෙටි ශබ්ද සහ හතක් දිගු ශබ්ද වේ.ඉන්දු-ආර්ය හෝ ද්‍රවිඩ භාෂා වලින් සොයා ගත නොහැකි අද්විතීය ස්වර දෙකක් ඒ අතර වේ.සාම්ප්‍රදායික සිංහලට ඇතුළත් කර ඇති ව්‍යංජනාක්ෂර 26,
4 ක්ම ව්‍යාප්ත ව්‍යාජනාක්ෂර වේ.මාලදිවයින හැරුණු විට ,මෙම ශබ්ද හතර  වෙනත් දකුණු ආසියානු භාෂාවක දක්නට නොලැබේ. එය සිංහලයන්ගේ උප භාෂාවයි . එලූ හෝඩියේ අක්ෂර වලට අමතරව නූතන සිංහල පිටපතෙහි” මිශ්‍ර සිංහල “ඇතුලත් වේ.එය තවත් අක්ෂර 18 කින් සමන්විත වේ.මෙම අක්ෂර සංස්කෘත හා පාලි සම්භවයක් ඇති වචන ලිවීමට යොදා ගනී . සිංහල භාෂාවේ සෑම ශබ්දයකටම හෝඩියේ නිශ්චිත අකුරක් ඇත.සිංහල හෝඩියද “අබුගිඩා”, ය.එනම් එය ව්‍යංජනාක්ෂර වලට ආවේණික ස්වර උච්චාරණය කරන බවයි.

ඉංග්‍රීසි භාෂාව තුළ වාක්‍යයක ,කර්තෘ – කාර්යය – කර්මය ( subject -verb -object ) අනුගමනය කරන අතර, සිංහල භාෂාව තුළ ,කර්තෘ – කර්මය – ක්‍රියාව අනුගමනය කරයි .
එමෙන්ම,සිංහල භාෂාවට වැඩි වටිනාකමක් ගෙන දීම සදහා අනුවාද දෙකක් භාවිතා කරයි.

1)වාචික හෝ එදිනෙදා භාවිතා කරන සිංහල
2) සාහිත්‍ය භාෂාව

මෙම ප්‍රභේද දෙක අතර ව්‍යාකරණ මෙන්ම වචන මාලාවේ ද පැහැදිලි වෙනස්කම් දක්නට තිබේ .
“සිංහල භාෂාව ” අපේ ජාතියේ අනන්‍යතාවයයි . මෙම අපූරු භාෂාවේ ගැඹුර සහ පළල, එහි මූලාරම්භය හා පරිමාව වටා ඇති ආකර්ෂණීය කතා තව දුරටත් අප සමග ගවේෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙස ඔබට ඇරයුම් කරන්නෙමු.

යාපනයේ සංචාරය කරන්න ඉන්න ඔයාට යන්න හොඳම තැන් 07ක් මෙන්න..

යුද කලාපයක් වෙලා තිබුණ හැබැයි මේ වෙද්දී සංචාරක ගමනාන්තයක් වෙලා තියෙන, යාපනය කියන්නේ හැම සංචාරකයෙකුගේම bucket list එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තැනක්. පොහොසත් සංස්කෘතික උරුමයන්, ‍ඓතිහාසික ස්ථාන, ඇදහිය නොහැකි ආහාර සහ වෙන්වුණු දූපත් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ යාපනය මේ වෙද්දී දිවයිනේ ගොඩක්ම හුදෙකලා නගරයෙන් කුඩා මනෝරාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. යාපනයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැන් 07ක් ගැන විස්තරය තමයි මේ..!

 

 

1) පේදුරු තුඩුව ප්‍රදීපාගාරය

පොයින්ට් පේද්‍රෝ සිංහලෙන් පේදුරු තුඩුව කියන නම ආරම්භ වුණේ “පාෂාණමය කේප්” යන අර්ථය දෙන පෘතුගීසි වචනයක් වෙන “පොන්ටා දාස් පෙඩ්‍රාස්” කියන වචනයෙන්. නමුත් ලංකාවේ මිනිසුන් පොයින්ට් පේද්‍රෝව හැඳින්වූයේ “Paruthithurai” යන නමෙන්. එකේ අර්ථය වුණේ “කපු වරාය” යන්න. කොහොම නමුත් මේ නම පිටුපස තියෙන කතාව නම් සියවස් ගණනාවක් තිස්සේ පොයින්ට් පේද්‍රෝ දකුණු ඉන්දියාවට කපු අපනයනය කිරීම. පොයින්ට් පේද්‍රෝ ප්‍රදීපාගාරය යාපනයේ ඉදන් කි.මී. 35 ක් විතර දුරින් පිහිටලා තියෙනවා. සිලින්ඩරාකාර හැඩයක් තියෙන ප්‍රරදීපාගාරයේ උස මීටර් 32 ක් වෙනවා. ඒක ඉදිකරලා තියෙන්නේ 1916 දී. ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා නාවික කඳවුර යටතේ තියෙන නිසා අවාසනාවකට වගේ ඔයාට ඒක ළගටම ගිහින් බලන්න නම් අවස්ථාවක් නැහැ. හැබැයි ඔයාට ඒක දුර ඉදන් බලන්න පුළුවන්. ඔයා කවදා හරි යාපනයේ යනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැනක් තමයි මේ.

 

 

2) ඩෙල්ෆ්ට් දූපත

ඩෙල්ෆ්ට් දූපත නෙදුන්තීව් කියලත් හදුන්වනවා. ඒක ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ පිහිටලා තියෙනවා වගේම කුරිකාඩ්වාන් වරායේ බෝට්ටුවකින් තමයි ඒකට යන්න පුළුවන් එකම මාර්ගය.

දුපතේ ප්‍රධාන ආකර්ශනීය තැන් වලට යන්න නම් ආසන්න වශයෙන් පැය 4 ක් විතර ගත වෙනවා. ටුක්-ටුක් එකකින් සංචාරය කරනවා නම් දළ වශයෙන් LKR 1500 -2000 ක් විතර වැය වෙනවා. තරමක් මිල අධික වුණත්, ඒක වටිනවා කියන එකනම් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මෙ දූපතේ විතරක් දැක බලා ගන්න ගොඩක් දේවල් තියෙනවා.

ඩෙල්ෆ්ට් අයිලන්ඩ් බයෝබාබ් ගස – මෙම ගස 16 වන සියවසේදී තමයි රෝපණය කරලා තියෙන්නේ. ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී පලතුරු මේ ගහේ තියෙනවා. මේ ගහේ විශේෂත්වය තමයි ගහේ කඳ ඇතුලෙන් ගුහාවක් වගේ තියෙන එක

ලන්දේසි රෝහල – ලන්දේසි කාලයේදී වෛද්‍ය කටයුතු වලට මේ රෝහල නිර්මාණය කරලා තියෙනවා.බ්‍රිතාන්‍ය පාලන සමයේදී පරිපාලන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරලා තියෙෙන්නේ.

ලන්දේසි අශ්වාගාල – ඩෙල්ෆ්ට් දූපත වල් අශ්වයන් සඳහා ප්‍රසිද්ධයි. අවම වශයෙන් වල් අශ්වයන් 500 ක් විතර වෙරළ දිගේ සහ දිවයින පුරා දැකබලා ගන්න පුළුවන්.

හනුමාන්ගේ අඩිපාර – හින්දු ආගමට අනුව, වඳුරන්ගේ රජු සහ රාමගේ කැපවූ සේවකයා වුණු හනුමාන්ගේ යෝධ මානව-සමාන ඉස්සරහ පාදයක මුද්‍රණය පර්වතයක කාවැදී තියෙනවා.

 

 

3) මනල්කාඩු පල්ලිය

මනල්කාඩු කියන්නේ යාපනය අර්ධද්වීපයේ ඊසානදිග වෙරළේ පිහිටලා තියෙන ගමක්. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළාම මනල්කාඩු කියන වචනයේ තේරුම “වැලි පඳුර” යන්න. ඔයා හිතනවා ඇති ඇයි මේ නම දුන්නේ කියලා? අවුරුදු 100 කට වැඩි කාලයක් තිස්සේ ඇති වූණු දූවිලි කුණාටු හේතුවෙන් ලන්දේසි පල්ලියක් වැලි යට වැළලුවා. පල්ලිය 17 වන සියවසේදී ලන්දේසි ආක්‍රමණයේදී තමයි ඉදිකරලා තියෙන්නේ. වෙරළෙන් එකතු කරලා තියෙන කොරල් ගල් වලින් නිමවා ඇති බිත්ති නිසා මේ පල්ලියේ සුන්දරත්වය වැඩි වෙන්න හේතුවක් වෙලා තිබිලා.

 

 

4) මනල්කාඩු බීච් සහ වැලි කඳු

ඩුබායි වල වැලි කඳු දැකගත්තා වගේ හැඟීමක් ලබාගන්න ඕනේ නම් මනල්කාඩු තමයි ඔයාට ගැලපෙනම තැන. වැලි කඳු වලින් මීටර් 300 ක් විතර ඈතින්, ඔයාට ගොඩක් පැහැදිලි වෙරළ තීරයක් හම්බවෙනවා.නමුත් ප්‍රදේශවාසීන් ප්‍රවේශම් වෙන්න කියලා ඔයාට අනතුරු අඟවයි. ආපහු යාපනයට යද්දී, පල්ලියක කුඩා ක්‍රිස්තුස්ගේ Redeemer පිළිරුවක් ඔයාට දැක ගන්න පුළුවන් වෙයි.

 

 

5) නිලවරෙයි ළිඳ

නිලවරෙයි ළිඳ පරණ භූගත ජල ළිඳක් විදිහට හඳුන්වන්න පුළුවන්.ඒක යාපනයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් විදිහටත් හඳුනාගෙන තියෙනවා.මේ ළිඳට පතුලක් නැති බව තමයි කියවෙන්නේ.ස්වයංක්‍රීය රොබෝ කෙනෙක් භාවිතා කරලා ශ්‍රී ලංකා නාවික හමුදාව මෑතකදී කරන ලද සොයා ගැනීමකින් මෙ අද්භූත ළිඳේ පතුල මීටර් 53 ක් ගැඹුරින් හමු වෙලා තියෙනවා. ළිඳේ පළමු මීටර් 18 මිරිදිය ජලය අඩංගු බව එයාල සොයා ගෙන තියෙනවා.ඉන් පස්සේ තියෙන ජලය ලුණු සහිත ජලය කියලත් හොයාගෙන තියෙනවා.

 

 

6) තානන්කිලප්පු සුළං බලාගාර

යාපනය නගරයට කිලෝමීටර් 16 ක් විතර ඈතින් මේවා පිහිටලා තියෙනවා. උතුරේ කරපු ව්‍යාපෘති වලින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. බලාගාරය ඉස්සරහ දකුණු පැත්තට වෙන්න ඉන්දියානු සාගරය අඩු වඩදිය බාදිය නිසා විලක් වගේ දිස්වෙන නිසා ඒක ලේසියෙන් අතපසු වෙන්නේ නම් නැහැ. හිරු බැහැල යන වේලාවේදී එය ඇත්තටම විශ්මයජනක වෙනවා වගේම වෙරළ තීරය ඔස්සේ ධීවරයින් දැක ගන්න පුළුවන්. ඔයා කවදා හෝ සුළං මෝලක් නරඹන්න සිහින මැව්වා නම්, තානන්කිලප්පු කියන්නේ ඔයා යන්නම ඕනේ තැනක්.

 

 

7)KKS ගිලුණු නැව

මයිලිඩි කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටලා තියෙන කුඩා නගරයක්. ඒක සාමාන්‍ය ධීවර ගම්මානයක් විදිහට හැඳින්වෙනවා ඒක පිහිටලා තියෙන්නේ යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ මැද කොටසේ. 1990 සිට යාපනය ගුවන් තොටුපළට හා පලාලි හමුදා කඳවුරට ආසන්නව පිහිටා තියෙන නිසා නගරය අධි ආරක්‍ෂිත කලාපයට අයිති වුණා.

කන්කසන්තුරෙයි වල මයිලිඩි වරායේ පරණ නැව අර්ධද්වීපයේ නොදන්නා ස්ථානයක්. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකුට අයිති මේ නැව තාක්ෂණික දෝෂයක් නිසා අතහැර දමා තියෙනවා. කොහොම වුණත්, ඒක කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිමෙන්ති ප්‍රවාහනය කර තිබුණා.

නගරයක් විදිහට ගොඩක් වෙලාවට යාපනය නොසලකා හැරලා තියෙනවා. නමුත් ටිකක් හිතලා බලද්දී දිවයිනේ මෙ සුන්දර කොටස එතරම් අවතක්සේරු කරලා තියෙන්නේ ඇයි කියලා ඔයාට හිතෙයි. ජනතාවගේ සිට සංස්කෘතිය හා ආහාර දක්වා යාපනය අපිට ලබාදුන්නේ ප්‍රීතිමත් අත්දැකීමක් මිසක් වෙන කිසිවක් නෙවෙයි!

ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය…

බතික් කියන්නේ ජපන් වචනයක්, ජපන් භාෂාවෙන් බතික් කියන්නේ ‘ඉටි වලින් ලිවීම’ ට. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දුනීසියාව, මැලේසියාව (ආසියාව) සහ මැද පෙරදිග වගේ රටවල් වල ගෝත්‍ර හා ගම් වලින් බතික් ආරම්භ වුණා කියලා විශ්වාස කරනවා.

 

ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය පසුගිය ශතවර්ෂයේ ආරම්භ වුණා. ඒ 1960 දශකයේ දී ඉන්දුනීසියාවේ ශිල්පය ඉගෙන ගත්ත සෝමා උඩබාගේ ගේ මුලිකත්වයෙන්. බතික්, ශ්‍රී ලංකාවේ මෝස්තර රෙදිපිළි මතට ගෙන එන්න ඇය මේ ශිල්පය භාවිතා කළා. ශ්‍රී ලංකා රෙදි සායම් කරන ක්‍රමවේදයන් එක්ක ඒකාබද්ධව මේ කලා ආකෘතිය ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන තියෙනවා වගේම අනෙකුත් නිර්මාණකරුවන් ඇයගේ අඩිපාරේ ගමන් කරලා තියෙනවා.

 

 

ක්‍රියාවලිය

බතික් කියන්නේ රෙදිපිළි කලාවක්. ඉටි-ප්‍රතිරෝධී සායම් කරන තාක්‍ෂණයක්.සරලවම කිවුවොත් කැන්ටින් / ටැන්ටිං (උච්චාරණය කරන ලද චාන්-ටිං) කියන මෙවලමකින් රෙදි කැබැල්ලක් (සාමාන්‍යයෙන් කපු හෝ සිල්ක්) මත ඉටි වලින් රටාවක් ඇඳලා අලංකාර කරන කලාවක්.

මෝස්තරයට අනුව රෙදි එක එක වර්ණවලින් සායම් කරලා ඊට පස්සේ උතුරණ වතුරෙන් ඉටි උණු කරනවා. පාට හරියට සෙට් වෙලාද කියලා සහතික කරගන්න සායම් කරන හැම සැරයක් ගානෙම වියළීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ශ්‍රී ලංකාවේ නම් ගොඩක් වැඩපොලවල් සහ කර්මාන්තශාලා තවමත් හිරු එළියෙන් වියළීම සිද්ධ කරන නිසාම හිරු එළියෙන් වර්ණ වඩාත් දීප්තිමත් වෙනවා. මුළු ක්‍රියාවලියම ලොකු ශ්‍රම දායකත්වයකින් පළපුරුදු ශිල්පීන් ගේ අතින්ම සිද්ධ කරනවා. ඒ නිසාම රෙදි කැබැල්ලක තියෙන පාට වැඩි වෙන තරමට ඒක හදන්න ගත වෙන කාලය වැඩි වෙනවා.

ප්‍රතිළුලය විදිහට විචිත්‍ර වර්ණ රටා සහ ඉරිතැලීම් සහිත මොසෙයික් නිර්මාණය වෙනවා .ගොඩක් වෙලාවට සිත් ඇදගන්නා සහ ගැනුම්කරුවන්ගේ අවධානය ග්‍රහණය කර ගන්නා ඉරිතැලීම් නිර්මාණය වන්නේ ඉටි රටා වල ඇති ඉරිතැලීම් නිසා කුඩා සායම් කැබලිවලට කාන්දු වෙන්න ඉඩ සැලසිමෙන්.

 

 

ශ්‍රී ලංකාවේ බතික්

ශ්‍රී ලංකා දේශීය සංස්කෘතියේ ගැඹුරින් මුල්බැස තියෙන සහ සාම්ප්‍රදායික රෙදිපිළි කලාව ලෙස වැලඳගෙන තියෙන බතික් කර්මාන්තය , ශ්‍රී ලංකාවේ බතික් කලාකරුවන්ට ආවේණික වූණු මෝස්තර සහ ශිල්පීය ක්‍රම නිර්මාණය කරමින් තමන්ගේම ස්ථානයක් හදාගෙන තියෙනවා.දේශීය හා විදේශිකයන් අතරත් ජනප්‍රිය වෙලා තියෙන මුල් බතික් මෝස්තර රටේ පොහොසත් සංස්කෘතිය විදහා දක්වනවා.ගොඩක් වෙලාවට බිත්ති සැරසිලි වල ප්‍රධාන සම්ප්‍රදායන්, සාම්ප්‍රදායික දර්ශන හෝ ප්‍රාදේශීය ඉතිහාසයේ රූප නිරූපණය කරනවා.

නූතන යුගයේ දී, බතික් ලංකාවේ හස්ත කර්මාන්ත අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.ගොඩක් සංචාරක ප්‍රදේශවල, වෙළඳපලවල හෝ සිහිවටන තියෙන සාප්පු වලින් බතික් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට සංස්කෘතියෙන් පොහොසත් මේ දුපතේ සංචාරය ගැන සිහිවටනයක් විදිහට විදේශිකයන් මේ බතික් මිලදී ගන්නවා. සාමාන්‍යයෙන් වෙරළබඩ ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය ගොඩක් ජනප්‍රිය ගාල්ල සහ හික්කඩුව ප්‍රදේශ වල බතික් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගණන ඉහළ ගිහින් තියෙනවා.

මේ කාලයේ අපිට දකින්න ලැබෙන බතික් වලට ගැඹුරින් සාම්ප්‍රදායික ආකෘතීන් ඇතුළත් කර තියෙනවා වගේම, ඉහළ කලාත්මක හා සමකාලීන කෑලි සහ මෝස්තරවල වැඩි වීමක් දකින්න ලැබෙනවා. නිපදවන ද්‍රව්‍ය මේස රෙදි, තුවා, ඇඳ ඇතිරිලි, තිර රෙදි සහ ඇඳුම් ආයිත්තම් පවා නිර්මාණය කරන්න යොදා ගන්නවා. දිවයිනේ උණුසුම් දේශගුණයට ගැළපෙන සරම්, සාරි, ෂර්ට්, ඇඳුම් පැළඳුම් සහ වෙනත් ඇඟලුම් වගේ දේවල් වෙරල තීරය පුරා ඉන්න ලාංකිකයන් වගේම සංචාරකයින් ඇදගෙන ඉන්න එක සුලභ දසුනක්.

 

මේ කාලයට ගැළපෙන බතික් විලාසිතා

නිර්මාණකරුවන් සහ ගනුදෙනුකරුවන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන ද්‍රව්‍ය, තාක්‍ෂණය හා කලා කෘතිවල ගැඹුරු සංස්කෘතික වැදගත්කම මගින් ඒ ද්‍රව්‍යවලට නිරවද්‍යතාව පිළිබඳ හැඟීමක් ලබාදෙනවා. බතික් කලාව විලාසිතා කර්මාන්තයේ ඉහළම තැනකට ඇවිත් තියෙනවා වගේම දැන් බතික් ඇඟලුම් ඒවායේ වර්ණවත් හා සංකීර්ණ මෝස්තර නිසා වෙළඳසැල් වල අනිත් ඇගලුම් අතර විශේෂ තැනක් ගන්නවා.

නිර්මාණකරුවන් අතර විතරක් නෙවෙයි බියෝන්සේ, රීස් විතර්ස්පූන්, ජෙසිකා ඇල්බා සහ කේම්බ්‍රිජ්හි Duchess වගේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් බතික් විලාසිතා පාවිච්චි කරනවා.

දේශීයව ගත්තොත්, ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තයේ බතික් වලට ඇති කැමැත්ත නිසාම බතික් නව්‍යකරණය වෙලා තියෙනවා. අලුත් විලාසිතා වලට ගැළපෙන විදිහට නිර්මාණාත්මකව සිත් ඇදගන්නා විදිහට නිර්මාණය කරලා තියෙන බතික්, ඕනෑම උත්සවයකදී හෝ විනෝද චාරිකාවක දී,මංගල උත්සව වලදී බෙස්පොක් ඇඳුම් කට්ටලවල සිට සංකීර්ණ ගවුම් දක්වාම එක එක විවිධ විලාසිතාව වලින් දකින්න ලැබෙනවා.

 

 

ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තයේ අනාගතය

ශ්‍රී ලංකාවේ බතික් වලට දැන් වෙනම නියෝජිත අමාත්‍යංශයක් තියෙනවා වගේම බතික් කර්මාන්තය නඟා සිටුවන්න හා වැඩිදියුණු කරන්න පියවර ගනිමින් ඉන්නවා. කර්මාන්තයේ පෙරමුණ ගෙන කටයුතු කරන සහ බුද්ධි බතික් පිටුපස ඉන්න කාන්තාව වෙන දර්ශි කීර්තිසේන මහත්මිය එක්ක අදහස් දක්වමින් අමාත්‍යංශය (ගරු අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන්) සහ කර්මාන්තයේ ප්‍රධාන තැනක් ඇති අය රැසක් මෑතකදී ජනාධිපතිවරයා හමුවෙලා සිදුකරන්න පුළුවන් වැඩිදියුණු කිරීම් ගැන සාකච්ඡා කරලා තියෙනවා.

කර්මාන්තය ප්‍රමිතිකරණය කිරීම, නිර්මාණකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ කර්මාන්තය වඩාත් පරිසර හිතකාමී සහ තිරසාර භාවිතයන් වලට ගමන් කිරීම වගේ අංශ ගැන ප්‍රධාන ලෙස අවධානය යොමු කරලා තියෙනවා.

මේ නිසාම, කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශවල ජල පවිත්‍රකරණ මධ්‍යස්ථාන පිහිටු වන්න අමාත්‍යවරයා දැනටමත් මුදල් වෙන් කරලා තියෙනවා වගේම එමඟින් බතික් නිෂ්පාදකයින්ට තම ජලය පරිසරයට මුදා හරින්න කලින් පිරිසිදු කර මුදාහරින්න පුළුවන් කමක් ලැබෙනවා. උසස් තත්ත්වයේ, වඩා පරිසර හිතකාමී සහ විෂ නොවන ද්‍රව්‍ය සඳහා ප්‍රවේශය වැඩි කරන්න ප්‍රමිතිකරණය සඳහා ඉල්ලීම් සහ අමුද්‍රව්‍ය වන ඩයි වර්ග සහ ඉටි වල මිල පාලනය කරන්නත් ඉල්ලීම් කරලා තියෙනවා.

බතික් ශ්‍රී ලංකාවට ආවේණික නොවූවත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා රෙදිපිළි කර්මාන්තයේ ගැඹුරු මූලයන් ඇති කරලා තියෙන නිසාම, අපේ මේ ලස්සන දිවයිනට ආවේණික වුණු ශෛලියක් හා අනන්‍යතාවයක් බිහිවෙලා තිබෙනවා. මෙම කලාව හැමදාම අපේ දේශීය කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වයේ සුන්දර ප්‍රකාශණයක් වෙනවා වගේම ශ්‍රී ලංකාවට,ලංකාවේ සංස්කෘතිය ලෝකය එක්ක බෙදා ගන්න මේ බතික් අපූරු මාධ්‍යයක් වෙනවා.

Japanese cuisine ලංකාව තුළම රසවිඳින්න AOBA යමුද..?

One Galle Face එකේ තියෙන AOBA තියන්නේ Japanese ආහාර වලට ප්‍රසිද්ධ තැනක්. dinner date එකකට හරි family gathering එකකට හරි යන්න හොඳම තැනක් තමයි AOBA. අපි ඇත්තටම ගොඩක් කැමති වුණේ AOBA එකේ තිබෙන bar එකටයි බිත්තිවල එල්ලලා තිබුණ paintings වලටයි. ඒ වගේම මතක් කරන්න ඕන මෙයාලගේ Service එකත් ගොඩක් හොඳයි. අපි මුලින්ම කෑම කන්න කලින් AOBA එකේ තියෙන් beverages ටික try කළා.

 

 

Drinks

AOBA වල බිම වර්ග සම්බන්දයෙන් කතාකරනකොට (උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා සහ පසුව සවස 5 සිට රාත්‍රී 10 දක්වා) something for everyone කියන තේමාව යටතේ ඔවුන් බීම වර්ග පිළිගන්නවා . ඔවුන්ගේ අලුත් menu එකේ කොක්ටේල් 100 කට වඩා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලගෙ bottle and shot, tea, coffee, frappes, fresh juices, smoothies and soft drinks සහ liquor එයාලගේ menu එකට add කරලා තිබෙනවා.

 

 

Piña Colada (LKR 900)

 

පොල් හා අන්නාසි වලින් රසවත් වුණු මේ රසවත් Drink එකට අපි හැමොම ඇත්තටම කැමති වුණා. සංචාරක රටවල ඇති රම් පානයට සමාන රසයක් මේ Drink එකේ තිබෙනවා. මේ drink එකට අනිවාරයයෙන් ඔයත් කැමති වෙයි.

 

 

Lime and Watermelon Smoothie (LKR 560)

 

විශේෂයෙන් උණුසුම් දිනයක, මෙම ස්මූතිය ඇත්තෙන්ම ප්‍රබෝධක් ගෙන දෙනවා වගේම මෙහි එන දෙහි ඇඹුල් රසයෙන් කොමඩු වල රසය අඩු නොවන බව අප නිර්දේශ කරන්නේ දැඩි විශ්වාසයකින් තමයි.

 

 

Appetizers

 

Koebi Karaage (LKR 650)

AOBA වල රසවත් ආහාරයක් ලෙස Koebi හඳුන්වා දෙන්න පුළුවන්. ගැඹුරු තෙලේ බැදපු ඉස්සන්ගෙන් මෙම ආහාරය නිර්මාණය වී ඇත අතර ඉස්සන් පිටතින් හැපෙනසුළු සහ ඇතුළත මෘදුයි. මේ Appetizer එක මිලේ ගාණට ඇත්තටම වටිනවා.

 

 

Mains

World Volcano Sushi (8 pcs) (LKR 1900)

“සුෂි” මෙම ආහාරය සැබවින්ම පන්ච් එකක් ඇසුරුම් කර ඇති අතර, මෙම ආහාරය අනිවාර්යයෙන්ම ඔබේ මතකයේ තිබිය යුතුයි. මෙය කකුළුවන් හා අලිගැට පේර වලින් සාදා තිබෙන ඇත්තටම ගොඩක් රසවත් ආහාරයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. pieces 4 ක් LKR 1,000 වන අතර කෑලි 8 කින් සමන්විත “full” portion එකක් LKR 1,900 ට ඔබට මිලදීගන්න හැකියාව තිබෙනවා.

 

 

Salmon Butter Cream (LKR 1500)

මේ ආහාරය අපි menu එකේ දැකපු ගමන් හිතුවා අනිවාර්යයෙන් try කරන්න ඕනෙ කියලා. මෘදුව සාදා තිබූ සැමන් buttercream වලින් topping කරලා තිබුණ නිසා ගොඩක් රසවත් වුණා. මේ dish එක පිළිගන්වා තිබුණ විදිය ඇත්තටම ආකර්ශණියයි. ඒ වගේම ඒ ආකර්ශණිය බව වැඩිවෙන් cut-up peppers ලොකු හේතුවක් වෙලා තිබුණා. කොහොම වුණත් dish එක seasoning වෙලා මදි නිසා අපිට spices එකතු කරගන්න සිද්ධවුණා. portion එකක් ලැබුණ නිසා price එකට ගොඩක් වටිනවා කියලා අපිට හිතුණා.

 

 

Chicken Katsu Don (LKR 1250)

Chicken Katsu Don අපිට ඔිනෑම ජපන් අවන්හලකින් රසබලන්න හැකියාව තිබෙනවා. මේ dish එක පිටතින් හැපෙනසුළු වන අතර ඇතුළත තෙතමනය හා මෘදුයි. අපි අනිවාර්යයෙන් මේ dish එක ඔයාලට
recommend කරනවා.

 

 

Dessert

 

Fuwa Fuwa Pancake (with Choco-Banana) (LKR 1050)

AOBA වල Dessert සම්බන්ධයෙන් අපිට තෝරගන්න තිබෙන දේවල් හරිම සීමිතයි. හැබැයි ඉතින් Fuwa Fuwa Pancake තියෙනකොට වෙන දේවල් ඔින නැහැ. chocolate sauce, cut-up bananas සහ oodles and oodles of cream යොදාගන තමයි මේ Pancake එකේ topping සාදා තිබුණේ. මෙම පෑන්කේක් පිටතින් තෙතමනය ඇති බවක් පෙනෙන්නට තිබුණට ටිකක් වියළි ගතියක් තිබුණා. කොහොම වුණත් whipped cream නිසා මෙම ගැටලුව විසදුණා .ඒ වගේම මෙයාලගේ Dessert වලට plain and mixed fruit fuwa fuwa pancakes, along with sesame and matcha ice cream තිබෙනවා.