Blog Page 28

ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා…ඇත්තටම මොකක්ද මේ ඉක්කාව ..?

ඉක්කාව කියන්නේ කරදරයක් කියලා හැමෝම දන්නවනේ. මේ ඉක්කා හැදුනහම එපා වෙනවා. සමහර වෙලාවට මීටින් එකකදි වෙන්න පුළුවන් නැත්තම් important ම වැඩක ඉන්න වෙලාවකදි මේ ඉක්කා හැදුනහම අපි ගොඩක් අපහසුතාවටය පත්වෙනවා. ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආව කියලා සිංදුවක් කියලා හරි මේ ඉක්කව නවත්ත ගන්න එක එක දේවල් කරනවා. ඔයාලා දන්නවාද කොහොමද ඉක්කාව ඇතිවෙන්නේ කියලා. ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි ගැස්මක් හෙවත් භ්‍රාශයක් (spasm) නිසායි. මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍රවලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන “ඉක්” ශබ්දය පිටවීම සිදුවෙන්නේ.

 

 

ඉක්කාව ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි උදර පිරී තිබීම . ඉක්මනින් ආහාර විශාල ප්‍රමාණයක් ගැනීම මත්පැන් පානය හෝ උදරයේ හුලන් පිරීම නිසා ඉක්කාව ඇතිවෙන්න පුළුවන්. දුම්පානයත් මෙයට බලපානවා.

 

 

සාමාන්‍යයෙන් ඉක්කාව ඇති වුණාම එය මිනිත්තු කීපයක සිට පැය කිහිපයක කාලයක් පැවතෙන්න පුළුවන්. පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. මාසෙකටත් වඩා කාලයක් මේ ඉක්කාව තියෙනව නම් අපි ඒකට කියනවා intractable hiccups කියලා. හැබැයි පැය 48 කට වඩා කාලයක් ඉක්කාව පවතිනවානම් වෛද්‍යවරයෙකු හමුවෙන එක තමයි හොඳම දේ. ඉක්කාව දීර්ඝ කාලයක් පවතිනවානම් ඔබ කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළෙනවා වෙන්න පුළුවන්.

 

ඉක්කාව නවත්ත ගන්න සරල උපක්‍රම ..

 

ගොඩක් වෙලාවකට හැදෙන ඉක්කාව පැයක් වගේ ඇතුලත නවතිනවා. මේ වගේ වෙලාවට ඉක්කාව නවත්ත ගන්න නිවසේදීම අපිට කරගන්න පුළුවන් දේවල් මොනවාද කියලා අපි බලමු.

 

 

  • ටික වේලාවක් හුස්ම අල්ලන් ඉන්න.

How Long Can a Person Hold Their Breath?

හොදින් හුස්මක් අරගෙන එක පුළුවන් තරම් වෙලා අල්ලන් ඉන්න පිට කරන්නේ නැතුව. මේක ගොඩක් සාර්ථක ඒවගේම ක්ෂණික ප්‍රථිකාරයක් ඉක්කාව නවත්ත ගන්න.

 

 

  • කම්පනය

These terrifying things on your résumé will scare potential ...

ඉක්කාව හැදිච්ච පුද්ගලයාව එක් වරම බලාපොරොත්තු නොවූ ලෙස කම්පනයට ලක් කිරීම තමයි මෙතනදි වෙන්නේ. මෙතනදී මේ වැඩේ කරන්න ඕනේ පුද්ගලයාට නොතේරෙන ලෙස. ලොකු කම්පනයක් තුළින් මොලයට අමතක වෙනවා ඉක්කාව කියන අවස්ථාව ගැන. එක නිසා එක නිරායාසයෙන්ම ඒ පුදගලයාට අමතක වෙලා යනවා. අමතක උනා කියන්නේ සනීප උනා කියන එක තමයි.

 

 

  • සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම

7 Possible Health Benefits Of Eating Honey In Pregnancy

මෙහිදී වෙන්නේ දිවේ පැණිරස වලට සංවේදී බව දක්වන කොටස උත්තෙජණය කරලා ඉක්කාවට ශරීරය දක්වන සහයෝගය නැති කරලා දාන එක. දිවේ රස ස්නායු අධික ලෙස උත්තේජනය කිරීම මගින් ඉක්කාවට ශරිරය මගින් දක්වන අවධානය නැති කිරීම තමයි මේ ප්‍රතිකාරයේදී වෙන්නේ. මී පැණි තේ හැන්දක් වතුර ස්වල්ප ප්‍රමානයකට කලවම් කරලා දිව අගට වෙන්න කටේ තිය ගෙන ඉන්න. පොඩි වෙලාවක් එහෙම තියන් ඉදලා එකපාරටම ගිලලා දාන්න. මේ ක්‍රම දෙකෙන් පුළුවන් ඉක්කාව සනීප කරගන්න.

 

පවුලේ අය සමග sea food රසවිඳින්න කැමතිනම් යන්න හොඳම තැන Loon Tao..

Beachfront Culinary Bliss

Loon Tao ගල්කිස්සේ මනරම් වෙරළ තීරය මධ්‍යයෙහි පිහිටා තිබේ.ඔවුන් ඔබට වෙරළ තීරයේ රසාස්වාදනය සරලව විදිය හැකි වන පරිදි වටපිටාව සකස්කර ඇත.මුහුදු රළ බිඳෙන හඬට සවන් දෙන ගමන් යහළුවන් ,පවුලේ අය , තම සහකරුවා හෝ සහකාරිය සමග ප්‍රනීත sea food රසවිඳින්නටද ඔබට හැකියි.මේ අවන්හලේ පළමු වරට කළ චාරිකාවේ අපේ අත්දැකීම් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම…

 

 

DRINKS

 

 

 

Cosmopolitan (LKR 1,190)

මේ ඉතා රසවත් හොඳට කලවම් කර ඇති කොක්ටෙයිල් එකක සැබෑ රසය එලෙසම ලබා දෙයි.මෙහි ප්‍රධාන ස්ථානයක් කැන්බෙරි යුෂ වලට දී ඇති නමුත් එය මුළු රසයට හානියක් සිදු නොකරයි.

 

 

Blue Lagoon (LKR 1,190)

මෙම පානය මෘදු ඇල්කොහොල් සහිත කොක්ටේල් එකක් නම් නොවේ.මෙහි තිබූ දෙහි පෙති දෙක අමුතුම නැවුම් බවක් එක් කර තිබූ අතර, එමගින් එහි ඇති ඇසිඩික් රසය එ තුළ රඳවා ගැනීමට හැකිවී තිබුණි.

 

 

Tequila Sunrise (LKR 1,290)


මෙම සංකලනයන් හි ටකීලා පානය නොමැති වුවත් මේ දොඩම් පානය දැඩි තිබහ නිවන පැඟිරි පානයක් ලෙස නම් දරයි.

 

Virgin Mojito (LKR 550)


ලූන් ටාවො හි පැවති බීම වර්ග ගණනාවෙන් මින්ට් සහ දෙහි වලින් අලංකාර කර ඇති මොජිටො පානය නිදහසේ රස විඳිය හැකි හොඳ පානයක් ලෙස සඳහන් කළ හැක.

 

 

Loon Tao Special (LKR 550)


මෙහි ඇති අන්නාසි සහ කැන්බෙරි සුසංයෝගය වැඩි ලෙස අන්තර්ගතවී ඇති අතර අඹ එතරම් අඩංගු වී නොතිබුණත්,එයින් ආම්ලික රසයක් පානයට එක් කිරීමට හැකි වී තිබෙනවා.

 

 

Mango Cooler (LKR 550)


මෙය නැවුම් බවක් අත්විඳිය හැකි පානයක් වන අතර ඔබ වෙරළ තීරයේ ඇවිදින විට ද එයින් රස බැලිය හැක. ඔබ අඹ සඳහා වැඩි රුචියක් දක්වන කෙනෙක්නම් මෙය ඉතා කදිමයි.

 

 

APPETIZERS

 

Deep-Fried Chicken Wonton (LKR 890)

මෙහි පෙනුම මෙන්ම අද්විතීය රසයක් ද ඇත.මෙහි ඇතුලත හීනියට කපාගත් චිකන් කැබලි මිශ්‍රණයක් අඩංගු කර ඇති අතර එය ආහාරයට ගැනීමට ඉතා පහසු ලෙස සකස් කර ඇත .ගැඹුරු තෙලේ බැදගත් චිකන් කැබලි ක්‍රිස්පි වොන්ටන් දවටනය මගින් වසා තිබේ.මෙහි ප්‍රණීත බව හේතුවෙන් වැඩි ලෙස ආහාරයට ගැනීමට ඔබට උවමනා වනු නොඅනුමානයි .

 

MAINS

 

Singapore Style Spicy Noodle with Prawns and Chicken (LKR 990)

එකට එකක් නොදෙවෙනි ආහාර රටා දෙකකින් සමන්විත මෙම නූඩ්ල්ස් වර්ගය ,ඔබ ගෙවනු ලබන මිලට ඉතා ඉහල සාධාරණයක් ඉටු කරයි.වැඩි ප්‍රමාණයක එළවළු කැබලි ,කුකුල් මස් හා ඉස්සන් එක්කල මෙම නූඩ්ල්ස් භෝජනය කටගැස්මට කැමති ඔබ සඳහාම පිළියෙල කර ඇත .ලූන් ටාවෝ වෙත පැමිණෙන ඔබ මේ ස්පයිසි නූඩ්ල්ස් වල රසය අත්දකින්න අමතක නොකරන්න.

 

 

Wok-Fried Lamb with Zucchini XO Sauce (LKR 1590)

Xo sauce හා බැටළු මස් වලින් පිළියෙල කරන මෙම භෝජනය සැර ගානට වගේම පහසුවෙන් හැපීමටද හැකියි.

 

 

Szechuan Style Fried Eggplant (LKR 490)


අපගේ සුපුරුදු වම්බටු ව්‍යංජනයට වඩා වෙනස් වුවද ,අපි සිතන්නේ එය සිංගප්පූරු ක්‍රමයට සැකසූ spicy noodles dish එක සමඟ හෝ ලූන් ටාවෝහි විවිධ ක්‍රමයට සකසන ලද බත් වර්ගයක් සමඟ මනාව ගැලපෙන ව්‍යාජයක් බවයි .

 

 

Hot Butter Cuttle Fish (LKR 1290)


කටගැස්මට කැමති ශ්‍රී ලාංකික අප සඳහා පිළියෙල පිළියෙළ කර ඇති මෙම sea foods භෝජනය සාගර ජලයේ සිසිලස විඳිමින් අනුභව කිරීමට ලැබීමත් මහත් භාග්‍යයක් .පිටතින් පහසුවෙන් හැපෙන සුළු ,සැර , මාළු සාරයෙන් යුත් මෙම උණුසුම් Butter cuttle fish dish එක පුද්ගලයින් දෙදෙනකු අතර පහසුවෙන් බෙදා ගත හැක .

 

 

DESSERT

 

 

Sesame Date Pan Cake with Vanilla Ice-cream (LKR 390)

තල හා රටඉදි මුසුකර සාදන ලද මෙම පැන්කේක් සදහා වැනිලා අයිස්ක්‍රීම් සමග බෙරි සොස් එක්කර ඇත.සාමාන්‍යයෙන්, අප අතුරුපස අනුභව කිරීමේ දී අයිස්ක්‍රීම් එක්කල විට අතුරුපස වලට වඩා අයිස්කීම් රසය අපට හොදින් දැනේ.නමුත් මෙම ප්‍රණීත අතුරු පසෙහි නම් එවැනි කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ .කෙසේ වෙතත් ,පෑන් කේක් එක දෙපළු කිරීමට මද වෙලාවක් ගත වුණත් අයිස්ක්‍රීම් දිය වීමත් සමඟ එය අනුභව කිරීම ඉතා පහසු වේ .

 

 

AMBIENCE

ලී මේස හා ලී පුටු වලින් සරසා ඇති ලූන් ටාවෝ ඔබේ හැම mood එකක්ම වෙනස් කරන්න පුළුවන් විවිධ රසයෙන් යුත් menu වර්ග රාශියකින් සමන්විත හා සන්සුන් මුහුදු වෙරළක් හිමි අවන්හලකි.සිවිලිමේ ඇති එල්ලෙන විදුලි පහන් අවන්හලේ විචිත්‍රත්වය තවත් වැඩි කරයි .

ගල්කිස්ස මුහුදු තීරයේ දී ඔබත් ප්‍රණීත seafood භෝජනයක රස විඳීමට කැමති නම් ලූන් ටාවෝ වෙත පියනගන්න .ඔබ එහිදී ලැබූ අත්දැකීම් අප සමග බෙදා ගැනීමටද අමතක නොකරන්න .මෙයින් මුහුදු වෙරළ දිගේ හිරු බැස යන ගමන් ලූන් ටාවෝ හි සිටින දේශීය සංගීත කණ්ඩායමේ බොන්ගො හඩින් නික්මෙන මිහිරි ගී රසට සවන් දෙන්න ඔබටත් හැකි වේ.

මේ ආහාර වර්ගනම් කවදාවත් එකට කන්න එපා..

අපිට ඉතින් කෑම කිව්වොත් වෙන දෙයක් නෑනෙ ඉතින් නේද.. අහුවෙන දෙයක් කාගන කාගන යනවා. හොඳක් නරකක් බැලිල්ලක් නෑනේ. හැබැයි ඉතින් කෑවා වගේ නෙවෙයි සමහර නොගැළපෙන දේවල් කාලා පස්සේ විදවන්න වෙන අවස්ථා නැතුවාම නෙවෙයි. ඔන්න අද අපි කියන්න යන්නේ එකට ගන්න හොඳනැති ආහාර වර්ග කීපයක් ගැන විස්තර ටිකක්.

 

 

 

මඤ්ඤොක්කා සමග ඉඟුරු යෙදූ ආහාර

Cassava – Clark County Food BankGinger – Angadionline

මේක තමයි ප්‍රසිද්ධම විස වෙන්න පුළුවන් කියලා හිතන කෑම එකතුව. මඤ්ඤොක්කාවල අඩංගු ලිනමරේස් එන්සයිමය (Linermarase) සමග ඉඟුරු ප්‍රත්‍රික්‍රියා කීරීමෙන් මාරන්තික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ලංකාවේදි මඤ්ඤොක්කා කාලා ඉඟුරු තේ බොන්න එපා කියලා කියන එක තමයි වෛද්‍යවරු පවා කියන්නේ. ඒත් හොඳට කල්පනා කළොත් අපි ගොඩක් වෙලාවට ආහාරවලට රසකාරක විදිහට ඉඟුරු භාවිතා කරනවා. මේ නිසා මඤ්ඤොක්කා සමග ඉඟුරු යොදපු කිසිම ආහාරයක් නොගෙනම ඉන්න එක තමයි හොඳ.

 

 

. තක්කාලි සුප් සමග චීස්

Melted-Cheese Rolls with Tomato Soup Recipe - Pillsbury.com

තක්කාලි සුප් අපේ ගෙවල්වල නිතර හැදෙන සුප් වර්ගයක් නොවුණට බොහෝමයක් තරු පන්ති හෝටලවල බුෆේවල තියෙන සුප් වර්ගයක්. හැබැයි තක්කාලි සුප් එක්ක චීස් වර්ග දාලා තියෙන ආහාර ගත්තම. තක්කාලිවල අඩංගු අම්ල සහ චීස් අතර ඇතිවෙන ක්‍රියාකාරීත්වය නිසා ආහාර දිරවීමේ අපහසුතාවය ඇති කරන්න පුළුවන්. ඒ නිසා තක්කාලි සුප් සමග චීස් ආහාරයට ගන්න එපා.

 

 

නිවිති සමග කිරි යෙදූ ආහාර

Fact Or Myth: Can You Eat Spinach And Milk Together?

ගොඩක් අය විරුද්ධයිනේ නිවිතී පරිප්පුයි එකට කන්න. හැබැයි මේ දෙක එකට දාලා කෑවට කිසි අවුලක් නැහැ. හැබැයි නිවිති වලට කිරි දලා හො නිවිති කලා කිරි අඩංගු දේවල් ආහාරයට ගන්න එපා . මොකද නිවිතිවල අඩංගු ඔක්ස්ලේට් කිරි එක්ක ප්‍රත්‍රික්‍රියා කිරීම නිසා ශරීරයට අපහසුතා ඇති කරනවා.

 

 

සලාද සමග විනාකිරි

How To Make a Basic Vinaigrette | Kitchn

සමහර අවස්ථාවල සලාදවල ඩ්‍රෙසින් එකක් විදිහට විනාකිරි හෝ ලෙමන් එකතු කරන අවස්ථා තිබෙනවා. විනාකිරි/ ලෙමන්වල අඩංගු ආම්ලිකතාවය නිසා සලාද වගේ කෑම ශරීරයට අවශෝෂණය කිරීම ප්‍රමාද වෙනවා. මේ නිසා සලාද සැකසීමේදී විනාකිරි එකතු කීරිමෙන් හැකිතාක් වළකින්න ඕන.

 

 

සීරියල් වර්ග සමග ඔරේන්ජ් ජූස්

10 Dangerous Food Combinations To Avoid

දැන් ගොඩක් දෙනෙක් බොඩි මේන්ටේන් කරනවා කියලා උදේට ඕට්ස් නැත්තම් කොන්‍ෆ්ලෙක්ස් දොඩම් වීදුරුවක් එක්ක ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් දොඩම්වල ආම්ලික සංයෝග නිසා සීරියල්වල අඩංගු පිෂ්ඨය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරනවා.

තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…

ඔයා ජීවිතයේ ඉස්සරහට යද්දී ඔයාට ජිවිතයේ ගොඩක් දේවල් ගිලිහිලා එහෙමත් නැත්නම් මග හැරිලා කියලා දැනෙන්න පටන්ගන්නවා. ඔයත් වයස විසි ගණන් වල ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් වයසට යද්දී ඔයාගේ ජීවිතය ගැන පසු තැවෙන්නේ නැතිවෙන විදිහට ජිවත් වෙන්න දැන් ඉදන්ම පටන් ගන්න ඕනේ. ඔයාට තවම ඉලක්කයක් නැත්නම් ,ඉලක්කයක් හදාගන්න වැඩ පටන්ගන්න හොඳම කාලය තමයි මේ. හරි සැලැස්මක් හදාගෙන හැමදාම ටිකෙන් ටික වැඩ කරන්න.අඛණ්ඩත්වය සාර්ථකත්වයේ යතුරයි. ඒ නිසා අත්හරින්න එපා.

ඉතින් ඔයත් අනාගතේ හැමදාම සතුටින් ඉන්න කැමති කෙනෙක් නම් දැන්ම ඉදන්ම මේ දේවල් පිළිපදින එක ඔයාට ගොඩක් වැදගත් වේවි.

 

 

‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න

 

තරුණ ඔයත් ‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න කෙනෙක්ද ? එහෙනම් විනය ගොඩක් වැදගත් සහ විනයට ඔයාව හදන්න වගේම විනාශ කරන්නත් පුළුවන් කියලා තේරුම් ගන්න.

 

මුදල් ඉතුරු කරමු

 

The 8 Simplest Ways You Can Save Money Without Feeling Deprived

‘ඉතිරි කරන සෑම සතයක්ම උපයා ගත් සතයක්’. ඔයාට වයස හතළිහක් වෙද්දී ඒක ඔයාට විශාල මුදලක්. වැදගත් නොවන දේට නාස්ති නොකර හිටියොත් වැදගත් දේට වියදම් කරන්න වැඩි මුදලක් ඔයාට ලැබෙනවා.

 

 

සබඳතා ගොඩනගා ගන්න

 

විශිෂ්ට කිසිම දෙයක් තනියම කරන එක ලේසි වැඩක් නෙමෙයි. සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ කාගෙන්වත් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන,තමන්ගේ වාසියට කෙනෙක්ව ආශ්‍රය කරන එකත් නෙමෙයි. සරලවම කිවුවොත් සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ සමාන අදහස් ඇති, සමාන අරමුණු සහිත පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමයි.

 

 

කාලය ඔයා තුළම ආයෝජනය කරන්න

 

ඔයාගේ හැකියා, පවුල් වරප්‍රසාද, පුද්ගල ප්‍රශංසාව, කීර්තිය වගේ ෙසුළු දේවල් ගැන තැකීමක් නොකර ඉන්න එපා. ඔයා ඇත්තටම කවුද කියලා ගවේෂණය කරන්න. ඒක ගොඩක් ලේසි වගේ පෙනුනට කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි.

 

 

කිසිම වේලාවක ඕපාදූපවලට සම්බන්ධ වෙන්න එපා

 

Powerful Words: Stop Gossiping Around and Be a Tool to Positively ...

අවුරුදු 20 ගාණක් වෙන ඔයාට නම් ඕපාදූප ජීවිතයට විනෝදාස්වාදය දෙන දෙයක් වෙන්න පුළුවන් නිසාම මේක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් පුහුණුවීමෙන් ඔයාට ඕපාදූප වළක්වා ගන්න පුළුවන්. ඔයාට ලොකු කාලයක්, ශක්තියක් ඉතුරු කරගන්න පුළුවන් වගේම, කණ්ඩායම් ගැටුම් වලින් ඔයාට ගැලවෙන්නත් පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි මිනිස්සු ඒකට ඔයාට ගරු කරයි.

 

 

අසාර්ථක වීම නෙමෙයි බලාපොරොත්තු සුන්වීම් අත්‍යවශ්‍යයි

 

අසාර්ථකත්වයේ වැදගත්කම ගැන විතරක් අවධානය යොමු කරන ස්වයං උපකාරක පොත් ගොඩක් අපිට වෙළදසැල් වලින් අපිට ලබාගන්න පුළුවන්.නමුත් විශ්වාස කරන්න, ගොඩක් අසාර්ථක වුණොත් ඒක ඔයාගේ උනන්දුව,බලාපොරොත්තු නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.අසාර්ථකත්වය,ප්‍රතික්ෂේප කිරීම,අපේක්ෂාවන් සහ හැකියාවන් නොමැතිකම නිසා ඇති වන බලාපොරොත්තු සුන්වීම ඇත්තටම සාර්ථක වීමට පෙළඹවීමක් විදිහට තේරුම් ගන්න.

 

 

හැකි තරම් අපහසුතාවයට පත්වන අවස්ථාවන්ට මුහුණ දෙන්න

 

මෝඩ ප්‍රශ්න අසන්න, ඉහළ මට්ටමේ රැකියා සඳහා අයදුම් කරන්න, නරක ඉදිරිපත් කිරීමක් කරන්න, ඔයාගේ හිතට එන අදහස් ඉදිරිපත් කරන්න. අනිත් අය ඉස්සරහ පොඩි මනුස්සයෙක් වගේ පේන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වයස අවුරුදු විසි ගණන්වලදී, ඔයාට පසුබට වෙන්න තරම් ශක්තියක් තියෙනවා. හැබැයි හිතලා බලන්න,ඔයාගේ වයස අවුරුදු 30 ගණන්වලදී ඔයා ප්‍රතික්ෂේප කිරීම් හා අපහසුතාවයට බිය වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ හිතට එකඟව වැඩ කරයි.

 

 

නැහැ/බැහැ/එපා කියන්න ඉගෙන ගන්න

 

Why You Should Learn to Say 'No' More Often - The New York Times

රාත්‍රි සාදවලට, අධික විදිහට මත්පැන් පානයට, ස්වයං-විනාශකාරී පුරුදු වලට, අවසාන මොහොතේ සැලසුම් කිරීම් වලට,නරක පුද්ගලයින්ට ඇසුරට, අධික ලෙස වියදම් කිරීමට, නීති කඩ කිරීමට සහ අනවශ්‍ය තර්ක ඉදිරිපත් කරන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ.

 

 

ස්වයං විනයක් ඇති කරගන්න

 

ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ඇවිත් ඔයා කන්න කැමතිම කෑම එක ඉස්සරහ අඩුම තරමේ මිනිත්තු 5 ක්වත් හිස් බඩ වාඩිවෙලා ඉන්න පුළුවන් කමක් ඔයාට තියෙන්නම ඕනේ. මං කිව්ව ඒ දේ තේරුම මොකද්ද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒ මිනිත්තු 5 දී ඔයා මැරෙන්නේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා. හැබැයි, ඒ මිනිත්තු 5 දී ඔයාව පාලනය කරගන්න උත්සහ කිරීමක් සිද්ධ වෙනවා. පස්සේ කාලෙක ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 

 

මුදල් කියන්නේ මොකද්ද කියලා දැන ගන්න

 

සරලව කිවුවොත් මුදල් තියෙන්නේ වියදම් කරන්න විතරක්ම නෙමෙයි. මෝඩ මිනිස්සු කරන්නෙත් ඒක තමයි. මුදල් තියෙන්නේ ඔයාට ප්‍රතිලාභ ලබා දෙන්න.එකෙන් කියන්නේ මුදල් සංසරණය වීම මිසක් ඔයාගේ බැංකු ගිණුමේ අක්‍රියව තියන්න කියලා නෙවෙයි. කොටස් වෙලඳපොලවල් සහ ආයෝජන ගැන ඉගෙන ගන්න. හරි විදිහට මුදල් හසුරවන්න.

 

 

සාර්ථකත්වයට වැඩිය චරිතය වැදගත් බව වටහා ගන්න

ඔයාට ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි එක ඔයාව විශිෂ්ට මනුස්සයෙක් බවට පත් කරන්නේ නැහැ. ඔයාගේ තනතුරට මිනිස්සු ගොඩක් කාලයක් ගරු කරන්නෙත් නැහැ. ප්‍රසිද්ධිය තියෙන පුද්ගලයෙක් සහ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් අතර වෙනසක් තියෙනවා. ඔයා කීර්තිමත් පුද්ගලයෙක් නොවෙන එක කමක් නැහැ, නමුත් විශිෂ්ට පෞරුෂයක් තියෙන එක අත්‍යවශ්‍ය වෙනවා.

 

 

ආදරය කරන්න

 

Loving Others Well - iDisciple

අව්‍යාජව ආදරය කරන්න. ඔයා සිත් තැවුලට පත් වුණාට කමක් නැහැ. ඒක ඔයාව ශක්තිමත් කරයි. හදවත් කිහිපයක් බිඳදැම්මත් කමක් නැත (හිතාමතාම නෙමෙයි!) එකෙන් ඔයා පාඩමක් ඉගෙන ගනී. ජීවිතය ඉදිරියටම ගලා යයි. සිත් තැවුලක් කියන්නේ කනගාටුදායක සිදුවීමක් නෙමෙයි. එක ජීවිතයට අත්‍යවශ්‍ය සිදුවීමක්.

 

 

කෘතඥ වෙන්න ඉගෙන ගන්න

 

අද ඔයාට තියෙන දේ ගැන කෘතඥ වෙන්න. ජීවිතය අස්ථීරයි වගේම ගොඩක් අවිනිශ්ෂිතයි. ඔයාගේ සතුටුම දවසේ ඔයාගේ වෛද්‍යවරයාගෙන් ඔයාට අසනීපයක් තියෙනවා කියලා ඇමතුමක් එන්න පුළුවන්. ඔයාගේ මුළු ජීවිතයම ඔයාගේ ජාන සහ පරිසරය අතර අන්තර්ක්‍රියාකාරිත්වයක්. ඒ නිසා ඔයාට තියෙන දේවල් ගැන හිතලා සතුටින් ජීවත් වෙන්න.

 

 

අවදානම් ගන්න

 

Stop Playing It Safe And Take A Risk | The Lord Of Success

මේ කාලය තමයි ඔයාගේ ජිවිතයේ අවධානමක් ගන්න වගේම අමාරු පාඩම් ඉගෙන ගන්න හොඳම කාලය. ඔයා සාර්ථක වුණොත් ඔයා සාර්ථක වෙනවා. ඔයා අසාර්ථක වුණොත් අවුරුදු 40 දී ඔයාට කියන්න කතාවක් තියෙනවා. මේ වයසේදී, ඔයාට නැවත නැඟිටීමට අවශ්‍ය සියලු ශක්තිය,ධෛර්යය ලැබෙනවා.

 

 

ඔයාටම අභියෝග කරන්න

 

ඔයා ජිවිතයේ කරන්න ගොඩක්ම බය වුණ දෙයක් කරන්න උත්සහ ගන්න. ඔයාට ගොඩක්ම අමාරුම පැවරුම පුළුවන් උපරිම ආකාරයෙන් සම්පූර්ණ කරන්න. ඒ අමාරු පාඨමාලාව කරන්න, අළුත් භාෂාවක් ඉගෙන ගන්න, ප්‍රසිද්ධියේ කතා කරන්න උත්සාහ කරන්න, කථා කරන්න භයම පුද්ගලයා එක්ක නිර්භීතව කතා කරන්න සහ ඔයාට අවංකවම දැනෙන දේ කියන්න.

 

 

සිහින දකින්න, ඔයාගේ හැකියාවන් මුදාහරින්න, අනිත් අයත් එක්ක හොඳින් හැසිරෙන්න. ඔයාගේ හැකියා ලෝකය සමඟ බෙදා ගන්න. වයස අවුරුදු 20 ගණන් වල ඉන්න ඔයා,ඔයාවම පරීක්‍ෂා කළොත්, ඔයාව පුළුල් කර ගත්තොත් මේ දේවල් හොඳින් අධ්‍යනය කලොත් ඔයාට ඔයාගේ ජිවිතයේ 40 ගණන් වලදී සතුටින් ඉන්න මේ කරුණු ලොකු උදවුවක් වෙයි.

 

-එස්.එස්.තත්සරණි-

ඔයාටත් මේ ඉස්සොරි කරදරේ ඉවසන්නම බැරිද..?

වර්තමානයේ දී ලොකු පොඩි කියලා නැහැ බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති ඉස්සොරි නිසා හරිම අපහසුතාවයකින් සහ පීඩනයකින් තමයි ඉන්නේ. කැමති විදිහකට හෙයා ස්ටයිල් එකක්වත් දාන්න බැහැ. කලු පාට ඇදුම් අදින්න බැහැ,කොච්චර නෑවත් වැඩකුත් නැහැ ඒ විතරක් නෙවෙයි ඉස්සොරි නිසා හමේ විවිධ ආසාදන ඇතිවෙනවත් වැඩී. අද අපි බලමු කොහොමද මේ ඉස්සොරි හටගන්නේ සහ එයට සරල පිළියම්.

 

Many people assume that dandruff and dry scalp are the same ...

පුද්ගලයන්ගේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වීමක් සිදුවෙනවා. මෙම ක්‍රියාවලියම හිස් කබලේ මතුපිට සමෙහි ද සිදුවෙනවා. මේකට තමයි හැමොම ඉස්සොරි කියලා කියන්නේ. පුද්ගලයෙකුගේ හිසේ තෙල් නිපදවීම වේගවත් නම් ඉස්සොරි පොතු තට්ටුවක් ලෙස හිස් කබල මතු පිට රැඳී තිබෙන්නට හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන්ම හිසෙන් දුර්ගන්ධයක් ද වහනය වෙනවා. හිස් කබලේ තැවරී ඇති දූවිලි සහ කුණු හොඳින් සෝදා හිස පිරිසිදුව තබා ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ් නිසා ඔබ සෑම දිනකම හොදින් ස්නානය කර හිස පිරිසිදුව තබාගන්න.

 

Science - Hair Care – SkinKraft

තව දෙයක් තමයි අපි හිතනවා හැමදාම හොදට ෂැම්පු දාලා හිස්කබල හොදට අතුල්ලලා නෑවහම ඉස්සොරි ඉවත් වෙනවා කියලා. නැහැ ඒහෙම වෙන්නේ නැහැ. එයින් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත. මේ විදියට කලහම වෙන්නේ ඉස්සොරි තවත් වැඩිවෙන එක. හොදම දේ තමයි මෘදු ෂැම්පු එකක් භාවිතා කරලා දවසක් හැර දවසක් නාන ඒක. අනිත් දේ තමයි අපිට චර්ම රෝග වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඉස්සොරි සදහාම වෙන්වුණු ෂැම්පු වර්ගයක් මිලදී අරන් භාවිතා කරන්න පුළුවන්. ඒ්ක තමයි හොදම දේ. මොකද අපිට වෙළදපලවල් වලින් ඉස්සොරි වලට කියලා දෙන ෂැම්පු වලින් ඉස්සොරි යන්නේ නැහැ. විශේෂයෙන්ම උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය ඔබේ හිසට ද බලපාන බැවින් හිසෙහි සම වියලීමට ලක් වී ඉස්සොරි ඇතිවෙනවා. එවිට හිස් කබල මතු පිට හිස්සොරි සෑදීම වේගවත් වෙනවා. ඔලිව් තෙල් ඉස්සොරි මර්දනය ලොකු උපකාරයක් වෙනවා.ඔලිව් තෙල් බිංදු 10ක් පමණ ගෙන හිස් කබල මත ගල්වා විනාඩි 10ක පමණ කාලයක් සම්බාහනය කර රැයක් තබා සෝදා හැරීමෙන් ඉස්සොරි සඳහා යම් තාක් දුරට සහනයක් ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. බේකින් සෝඩා සහ දෙහියුෂ, පොල්තෙල් සහ මී පැණි, කොහොඹ කොළ ආදී ස්වභාවික ප්‍රතිකාර ගොඩක් මේ ඉස්සොරි මර්දනයට යොදාගන්නවා. ඒ ස්වාභාවික ප්‍රතිකාර වලදිත් බොහෝවිට ඉහත කී ඉස්සොරි නසන්න යොදාගන්නා සංයෝග ස්වාභාවිකවම හිසට ලබාදීම සිදුකරනවා. විවිධ ආකාරයේ ආයුර්වේද තෙල් වර්ගත් ඉස්සොරි නැතිවීමට පාවිච්චි කරනවා. මේ හිස ගල්වන තෙල්වර්ග පැය කිහිපයක් හිස මත තබා ඉන් පසු හොඳින් සෝදාහරින්නට ඕනි. නැතිනම් මේ තෙල් වර්ග හිසේ කුණු තට්ටු සමග එකතු වීමෙන් හිස්හොරි තත්ත්වයන් තවත් වැඩිකරන්නට ඉඩ තියෙනවා.

How to use olive oil for hair growth and prevent hair loss?

ලංකාවේ විදේශ ආකර්ශණ දිනාගත් සුන්දරම වෙරළ තීරයන් 05….

සුන්දර ස්ථාන වලින් පිරිලා තියන ලංකාව ඈත අතීතයේ ඉදන්ම මුළු ලෝකයේම ආකර්ශණය දිනාගත් සුරපුරක්. ලංකාවට විදෙස් සංචාරකයින්ගේ ආකරශණ ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ පිහිටා තිබෙන ලස්සනම ලස්සන වෙරළ තීරයන්. ලංකාවේ සමහර අය දන්නෙත් නැහැ මෙච්චර ලස්සන මුහුදු වෙරළවල් තියනවා කියලවත්. ඉතිං අද කියනනේ මේ පුංචි මුතු ඇටේ තිබෙන සුන්දරම වෙරළවල් පහ ගැන විස්තර.

 

නිලාවෙලි

Nilaveli Beach—northern splendour - Sri Lanka: Get the Detail of ...

නිලාවැලි වෙරල තීරය නැගෙනහිර පළාතේ වඩාත් දර්ශනීය වෙරළ තීරයන්ගෙන් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම අනර්ඝ නොගැඹුරු මුහුදු වෙරළ තීරය සංචාරකයන්ට මහත් අත්දැකීමක් ලබා දෙනවා.නිලාවේලි වෙරළ දකුණු ආසියාවට අයත් පිරිසිදු සුදු වැලි සහිත වෙරළ තීරයක් ලෙස ද හැඳින්වෙනවා.

නිලාවේලි වෙරළ තීරය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගයේ කි. මි. 15ක් පමණ වන්නට වන අතර ත්‍රිකුණාමලය නගරයේ සිට විනාඩි 30 ක පමණ ගමනකින් ඔබට එයට ළගා වීමට හැකියාව තිබෙනවා. වෙරළ තීරයේ බොහෝ තරු පංති නවාතැන් සොයා ගැනීමට ඔබට හැකි වන අතරම රසවත් මුහුදු ආහාර වේලක් ගැනීම සඳහා නියම තැනුත් තියෙනවා.ඒ වගේම මෙහි ප්‍රසිද්දියක් උසුලන පරවි දූපතේ සංචාරය සදහා විනෝදකාමි බෝට්ටු සවාරියක් ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව සතු ඉතාම වටිනා වස්තුවක් ලෙස නිලාවෙලි හඳුන්වන්න පුළුවන්.

 

පාසිකුඩා

Pasikuda Beach - Attractions in Sri lanka

කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේනන පොලීසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ පසු පාසිකුඩා මුහුදු තීරය දිස්වෙනවා. මහ මුහුදේ බියෙන් සැකෙන් තොරව නිදහසේ දිය නාන්නට, පවුලේ අය සමඟ හිතේ හැටියට විනෝද වන්නට නම් යා යුතු හොඳම මුහුදු තීරය මඩකලපුවේ පාසිකුඩා ලෙස හඳුන්වන්න පුළුවන්. ඕනෑනම් මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් නැතිව ඇවිද යන්නට හැකියාව තිබෙනවා. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයක්. එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියක් තිබෙනවා. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැලි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැහැ. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකියිව තිබෙනවා. මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා තිබෙනවා. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ කාලයේ වගේම දහවල් කාලයේදීත් පවතින අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරු වූවත් සවස් කාලයේදී ඉර බසින දර්ශනය නරඹන්නටත්, තමන්ගේ විඩාව නිවාගැනීමටත් මේ ස්ථානය කදිම බව කිසිදු සැකයකින් තොරව ඔබට කියන්න පුළුවන්.

 

උණවටුන

Unawatuna Beach - 6 Nights 7 Days - Jet Travel and Cruise

උණවටුන වෙරළ තීරය සංචාරක කර්මාන්තය අතින් ඉතා වැඩි අවධානයක් යොමුකරගත් ස්ථානයන්ගෙන් එකක් ලෙස හදුන්වන්න පුළුවන්. ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණවටුන වෙරළ තීරයේ සුන්දර වටපිටාව හා ඒ අවට ඇති නිසංසල වෙරල තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි. උණවටුන රූමස්සල පිහිටා ඇති සාම විහාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම විහාර වලින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

මාබල් බීච්

Marble Beach, Trincomalee - 【Lakpura LLC】

ඇත්තටම “මාබල් බීච්” කියන්නේ ක්‍රිකුණාමල වරායේම එක වෙරළ තීරයක්‌. මෙතැන ජල තටාකයක්‌ වගේ. ගැඹුරු නැහැ. වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ. හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්‌දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා. “හරියට මාබල් ඇල්ලුවා වගේ” ඒ හින්ද තමයිලු මේක “මාබල් බීච්” වෙලා තියෙන්නේ. කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර් (ෆවුල් තුඩුව) ඉඳන් ත්‍රිකුණාමලය (එලිෆන්ට්‌ තුඩුව) දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය ගෙවෙන තැන මේ “මාබල් බීච්” කිව්වොත් නිවැරදියි කියලා අපට හිතෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය වගේම (පෙර අපි කඳවුරු බැඳි) ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත් සරළ රේඩීයව මෙහි සිට දැකබලාගත හැකි වන නිසා.

මෙතැනට ත්‍රිකුණාමල වරායේ විවරය හරි අපූරුවට දැකගත හැකියි. “එළිෆන්ට්‌ (දූපත) අයිලන්ඩ්” වගේම එලිෆන්ට්‌ තුඩුවත්, වරාය කාටත් පේන හින්ද මේ වෙරළ ආසන්නයටම වගේ නාවික යාත්‍රාත් දැකගන්න හැකියාව තිබෙනවා.

“මාබල් බීච්” වල සංචාරකයන්ට වෙන්වුණු නොමිලයේ ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයකට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක්‌ සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක්‌ ඇතුළු විය හැකි කොටසකුත් තියෙනවා.

 

ආරුගම් බොක්ක

Arugam Bay travel | The East, Sri Lanka - Lonely Planet

ආරුගම් බොක්ක නැතිනම් ආරුගම් බේ කියනකොටම මතක් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, සර්ෆින්ග්. ඇත්තටම රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා හොඳම වෙරළ තීරයක් විදියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා තියෙන ආරුගම් බොක්ක මුහුදු තීරය සීසන් එකට උද්‍යෝගිමත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙනවා. ඒ නිසා සීසන් එකට අර නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ නෑ. හැබැයි රළ මත ලිස්සා යන්න මේ වගේ මුහුදු තීරයක් තවත් නෑ. ඒ වගේම පීනන්න, නාන්න හොඳ තැනුත් තියෙනවා. සර්ෆින් කරන කෙනෙක්ටනම් යන්න තියෙන හොඳම ස්ථානය තමයි මේ.

 

 

 

 

කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්ද?

දැන් ඉන්න ළමයින්ට කියලා නැහැ අපිටත් ඒ කාලේ ඉදන් තිබුණ දෙයක් තමයි පාඩම් මතක හිටිනේනේ නැති සිද්ධිය. ගොඩක් දෙනෙක්ට කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ කියලා අපිට හැම වෙලේම වගේ අහන්න ලැබෙනවා. දැන් තියෙන සමාජ පරිසරයත් එක්ක අහන් දකින්න තිබෙන දේවල් වැඩී . මේ නිසා හිතට අරගෙන පාඩම් කරන්න හැකියාව අවම වෙලා තිබෙනවා. ඉතිං මේ විදිහට ඔයාට හරි ඔයගේ සහෝදර සහෝදරියකට හරි එහෙමත් නැත්තම් ඔයගේ දර්වට හරි පාඩම් මතක හිටින්නේ නැති ප්‍රශ්ණයක් තිබෙනවා නම් මේන්න මේ ක්‍රම ටික අත්හදා බලන්න.

 

 

01.මුලින්ම පාඩම් කරන්න සුදුසු ස්ථානයක් තෝරාගන්න

 

The Ultimate Guide to Always Find a Quiet Place to Study Near Me ...

ඇත්තටම අපි පාඩම් කරන්න තෝරාගන්න ස්ථානය පාඩම් මතක හිටින්න ගොඩක් බලපානවා. ශබ්ද නැති නිස්කලංක පරිසරයක් තමයි මේ සදහා වඩාත් සුදුසු. ඔයාට ගෙදර පාඩම් කරන්න බැරිනම් ගෙදර උද්‍යානයේ හරි නැත්තම් පුස්තකාලය පාඩම් කරන්න යොදාගන්න. පරිසරයත් එක්ක මනස නිස්කලංක වෙලා පාඩම් කරන දේ ඉක්මනින් මතකයේ රැදෙන්න ඉඩකඩ වැඩීයි.

 

 

02.පාඩම් කරන තැන පිරිසිදුව තබා ගන්න

 

motivation room inspiration coffee book college DIY books notes ...

ඔයගේ පොත් මේසේ හැමතැනම පොත් ද? කොළ කෑල්ලිද? නැත්තම් කාමරයේ හැමතැනම ඇඳුම් ද? මුලු ගෙදරම හැඩි වෙලාද? මෙහෙම හැම දේම අපිළිවෙලයිනම් එහෙමත් නැත්තම් අපිරිසිදුනම් ඔයාගේ මනසත් නිකන්ම අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා මූලිකව තමන් පාඩම් කරන්න ගන්න තැන හොඳින් පිරිසිදු කර පිළිවෙලකට තියාගන්න.

 

 

03. ඔයා ඇඳේ ඉදන් පාඩම් කරන්න පුරුදු වෙලානම් එක මේ දැන්ම නවත්තන්න

 

Should Students Study in Bed? (or Do As I Say, Not as I Do) – The ...

පාඩම් කරන අයගේ ලොකුම හතුරා තමයි ඇඳ. සුවපහසුව හින්දම ගොඩක් දෙනෙක් පාඩම් කරන්න යන්නෙත් ඇඳට. ඇඳට ගියා කියන්නේ පාඩම් කරන්න වෙන්නේ නැති එක. තියන සැපටම නින්ද යනවා. ඒ නිසා ඇඳට ගිහින් පාඩම් කරන එක නවත්තන්න. පුළුවන්නම් පාඩම් කරන තැන ඇඳ පේන්නේවත් නැති තැනකින් හදාගන්න.

 

 

04.ඔයාගේ අරමුණ මොකක්ද කියලා පැහැඳිලි කරගන්න

 

YOU CAN DO IT – If you can think, it is possible
“මට එය කල හැකියි – I can do it” කියලා හැමදාම ඔයා ඔයාටම පොරොන්දු වෙන්න. ඔයාට අවශ්‍ය මොකක්ද කියලා පැහැඳිලි අවබෝධයක් ලබා ගන්න. ඔයාට අවශ්‍ය විභාගයෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්නනම් එය ඔබට ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න. ඒ වගේම ඔයාට ලබා ගන්න අවශ්‍ය සාමාර්ථය කොළයක ලියලා ඔයා පාඩම් කරන ස්ථානයේ පේන්න අලවගන්න.

 

 

5 කාල සටහනක් සාදා ගන්න

 

Study Time Table To Make Sure That You're Revising Each of Your ...

පාඩම් කිරීම නිසි පිළිවෙලට සිදු කරන්නට නම්, ඔබ අනිවාර්යයෙන්ම කාල සටහනක් හදා ගන්න එක තමයි හොඳම දේ. මුල ඉදන් පාඩම් වැඩ බෙදාගෙන කලේ නැති නම්, විභාගය ලං වුණහම කරන්න තිබෙන වැඩ වැඩි වෙලා එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. එකෙන් වෙන්නේ ඔයාට අනවශ්‍ය මානසික ආතතියක් ඇතිවෙන එක විතරයි. මේ නිසා පාඩම් කරන අයෙකු නිසි ලෙස කාලය කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

 

 

6 කෙටි සටහන් සහ Highlight කිරීම්

 

Pin by Crafty 'lil Diva on Studying | Study motivation, Study tips ...

ඔබේ පාඩම තුල ඇති වැදගත් කරුණු කෙටි සටහන් ලෙස වෙනම කොලයකට ගොනු කර ගන්න. එහෙමත් නැත්තම් Highlight Pen එකක් භාවිතා කර වැදගත් කරුණු Highlight කර ගන්න. පාඩමේ ඇති වැදගත් කරුණු මතක තියාගන්න ඒක ඔයාට ගොඩක් වැදගත් වේවි.

 

 

8 ඔයාගේ ආහාර රටාව ගැන සැලකිලිමත් ‍වෙන්න

 

Healthy Food Essay for Students and Children | 500+ Words Essay

පාඩම් කරන කාලයේදී ඔබේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට උපකාරී වන පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න. සමබල ආහාර රටාවක් සම්බන්ධයෙන් ඔයාගේ අවධානය අවධානය යොමු කරන එක ඉතාම වැදගත්. නැවුම් පලතුරු නිතර ආහාරයට ගන්න. ඒ වගේම වැඩිපුර ජලය පානය කරන්න. මානසික ආතතිය වඩවන කැෆේන් සහ සීනි අඩංගු ආහාර අඩු කරන්න. සමහරුන්ට රාත්‍රියේදී බත් ආහාරයට ගත් විට තද නිදිමතක් එනවා. එවැන්නන් රාත්‍රියට සැහැල්ලු ආහාර ලබා ගන්න.

ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති රෝස වගාව…

රෝස කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන ඒ කියන්නේ අංක එකේ මල් වර්ගය. ආදරයේ සංඛේතය වගේම යහළුකමේ සංඛේතය විදිහටත් රෝස යොදාගන්නවා. ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙන මල් වර්ගය කිව්වොත් හරියටම හරි. රෝස ගෙවත්තේ බදුන්ගත වගාවක් ලෙසත් භාවිතා කරන්න පුළුවන් මල් වර්ගයක්. ලංකවේ මහා පරිමාණයෙන් රෝස වගාව ලංකාවේ සිදුකරන්නේ නැති වුණත් කැපුම් මලක් ලෙස රෝස වගා කරනවා. රෝස කියන්නේ හරියට පටන් ගත්තෝත් හොඳ ලාභයක් ලබාගන්න පුළුවන් මල් වර්ගයක්. රෝස කියන්නේ ඕනෑම පරිසර තත්ත්වයක උද්‍යාන පාලනයේදී යොදා ගන්න පුළුවන් මල් වර්ගයක්. රෝස රූපලාවණ්‍යය සදහා යොදාගන්නවා කියලා ඔබ දන්නවාද?ඔසු වර්ග, සුවඳ විලවුන්, වෙනත් සුවඳ වර්ග, ආහාර සුවඳ වර්ග, සබන්, ක්‍රීම් වර්ග, තෙල් වර්ග, දහස් ගණනක් රූපලාවණ්‍යය නිෂ්පාදන වලට රෝස භාවිතා කරනවා. ඒ වගේම සමහර රටවල් ආහාරය සදහාද රෝස වගා කරනවා. දැනට ප්‍රධාන වශයෙන් ඒ වගේම සුලභව මේ වර්ගවල රෝස අපිට ලංකාවේදී දැකගන්න හැකියාව තිබෙනවා.

 

 

  • හයිබ්‍රිට් ටී රෝස -(Hybrid Tea Roses)

Hybrid Tea Roses. The Very First Modern RoseTypes.

 

 

  • ෆොලොරි බණ්ඩා (Floribunda Roses)

Best Floribunda Roses to Grow - BBC Gardeners' World Magazine

 

 

  • කුරු රෝස (Miniature Roses)

Buy miniature rose, button rose (any color) - plant online at ...

 

 

  • වැල් රෝස (Climbers and Romblers)

Minnehaha | Rambling Rose | David Austin Roses

 

 

  • පඳුරු රෝස (Shurb Roses)

ARTSCAPE LAWN AND TURF PROFESSIONALS

 

 

විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් සිදුකරන්න වෙනවා.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම මෙම රෝස වගාවට යෝග්‍ය වන්නේ හොඳින් ජලවහනය සිදුවන තරමක් ආම්ලික පසක්.සාමාන්‍යයෙන් රෝස, පාත්තිවල සිටුවිය හැකි අතර බඳුන්ගත වගාවක් ලෙසද සිදුකරන්න හැකියාව තිබෙනවා. මෙහිදී පොළොවේ පාත්ති සකස් කරන්නේ නම් පසේ ස්වරූපය අනුව එය සිදුකළ යුතුයි. රෝස පැළය සිටුවීමට ගැඹුර අඩි 1 1/2, 2 අතර ප‍්‍රමාණයේ වළවල් සැකසිය යුතු අතර පාත්තිය වටා ජල වහනය සඳහා ක‍්‍රමක් සකස් කළයුතු වෙනවා . වගා භූමියට වඩා උසින් සිටින විදිහට (පස් උඩට ගොඩ කර) මෙහිදී පාත්ති සකස් කළ යුතුයි. ඔබ පාත්ති වල හෝ ගෙවත්තේ ලස්සනට රෝස වගා කරන විට රෝස පැළ සිටුවීමේ පරතරය අඩි 03ක් හෝ 04ක් ලෙස තිබිය යුතුයි. උසට වැවෙන වැල් රෝස ශාක ගස් දෙක අතර අවම අඩි 07ක් වත් පරතරයක් තිබිය යුතුයි.

 

 

 

 

ඒ වගේම රෝස පැල සිටුවා මුල් දින දහයෙදී පැළ වලට හෙවන ලැබිය යුතුයි. දිනකට දෙවරක් වත් වතුර දැමිය යුතු අතර පැල සිටුවා මාස හයක් යන තෙක් එම පැළ වලින් පැළ ලබා ගැනීම සිදු නොකළ යුතුයි. රෝස ශාකයට වැඩිපුර පොටෑසියම් අඩංගු පොහොර යෙදීම තුළින් මල් හට ගැනීම වැඩි වෙන අතර සති දෙකෙන් දෙකට වගාවන්ට පොහොර එක් කළ යුතුයි.

 

 

Watering Rose Bushes - How To Water Roses

තරුණ වියේදී ඇතිවෙන දද, කුෂ්ඨ රෝග වලින් ඔබත් පීඩා විඳිනවාද?

දැන් තරුණ පරපුරට ඇතිවෙලා තිබෙන තවත් ප්‍රශ්ණයක් තමයි තරුණ අවධියේදීම කුෂ්ඨ, දද, හොරි ඇතිවීම. මේ නිසා අධික මුත්‍රා ආසාදන ඇතිවීමද සිරුරින් දුගඳක්‌ වහනය වීමද දහදිය අධික දුර්ගන්ධයක්‌ව පැවතීම ද දකින්න පුළුවන්. මේ කුෂ්ඨ, දද, හොරි ඇතිවෙන්නේ ගුදය කිහිලි, ඉකිලි ආශ්‍රිතව වන අතර එම නිසා ගුද මුඛය කැසීම, ඉකිලි කිහිලි කැසීම එම ස්‌ථාන රත්පැහැ ගැන්වී තිබීම එහි ප්‍රතිළුලයක් ලෙස දකින්න පුළුවන්.

අපේ තරුණ අවධිය කියන්නේ ජීවතේ සුන්දරම අවධිය. මේ කාලේදී මෙහෙම රෝගයක් ඇති වුණහම කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සම පැහැපත්ව සිත ප්‍රබෝධමත්ව සිරුර ජවසම්පන්නව තියෙන්න ඕන මේ වයසේදී සමේ පැහැය නැති කරමින් සිතට වද දෙමින් අන් අය අතර පිළිකුල් ඇති කරමින් කුෂ්ඨ, දද, හොරි, මතු වුණොත් එය සුන්දර තරුණ විය අසුන්දර කරන්නට තරම් සමත් කරුණක් බවට පත්වෙනවා.

තරුණවියේදී මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ළමාවියේදී මෙම රෝගවලින් පීඩාවිඳිමේ අතුරු ඵලයක්‌ ලෙසයි. දෙවන කරුණ තමයි තමා ගත කරන ජීවිතය සහ ජීවත්වන පරිසරය. දද, කුෂ්ඨ, හොරි, රෝගවලින් පීඩා විඳින බොහෝ තරුණ තරුණියන් ගත කරන්නේ ක්‍රමවත් ජිවිතයක් නෙවෙයි. ඔවුන් කන බොන ආහාර බැලුවොත් වැඩි පුරම ආහාරයට ගන්නේ අච්චාරු වර්ග, ඉස්‌සෝ, දැල්ලෝ වැනි සැර ආහාර වර්ගය.

ඒ වගේම පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම සහ ශරීරය පිරිසිදුව පවත්වාගෙන යැම සම්බන්ධයෙන් සැලකිල්ල අඩු වුණහම, අධික ලෙස මත්පැන් ගැනීම, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරිසිදු වාතාශ්‍රය සහිත වාසස්‌ථානවල දිවි නොගෙවීම වැනි කරුණ නිසා මෙ විදිහට සම ආශ්‍රිත රෝග හටගන්නවා.

එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම ද සුදුසු නැහැ. (එනම් උෂ්ණ හා සීතල ආහාර වශයෙන්). ඒ විතරක් නෙවෙයි මේ සමේ රෝගවලට තුඩු දෙන තවත් කාරණයක් ලෙස අන් අයගේ ඇදුම් පැළදුම් භාවිතය නිසා ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි.

දේශගුණික බලපෑම් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට බලපානවා. පරම්පරාවෙන් පරම්පරාවට ද මේ දද, හොරි වැනි තත්ත්ව විකසනය වීමට පුළුවන්. ඇදුම රෝගීන්ගේ දියර ගලනවා වගේ දැකිය හැකියි. එවිට කුෂ්ට ඒමට ඇති ප්‍රවණතාවය වැඩියි.

තමන්ට මෙවැනි රෝගී ලක්ෂණ පවතිනවානම් අදම වෛද්‍යවරයෙක් හමුවෙලා මෙයට ප්‍රතිකාර ලබා ගන්න. මොකද තරුණ වයසේදීම මෙවැනි දේකට මුහණ දෙන්න සිද්ධවෙන එකම ලොකු පාඩුවක්.

Post Lockdown එකෙන් පස්සේ කොළඹ අවට තිබෙන bar වල අලුත්ම deals..

 

ලොක්ඩවුන් වෙලා ගොඩක් කාලයක් බලන් ඉඳලා අවසානයට දේවල් එකින් එක යථා තත්ත්වයට පත්වෙනවත් සමඟම, මිනිස්සු තමාගේ දිනපතා ජීවන රටාව නැවත හැඩගැහෙමින් ඉන්නවා. අපි හැමෝම අළුත් වගේම ප්‍රවේශම් සහගත ජීවන රටාවකට පුරුදු වෙමින් ඉන්නවා. ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට මේ තත්ත්වයන් නිසා බියර් එකක් ගන්න එක පොඩ්ඩක් මග හැරිලා තියෙනවා. ඉතින් ඔයාට වැඩිපුරම මග හැරුණු පුද්ගලයින් එක්ක විනෝද වෙන්න ඔයාට උදව් කරන්න කොළඹ අවට තියෙන බාර් කිහිපයක්ම සුදානම් වෙලා ඉන්නවා.

 

 

1. The Chiller Room

අපට හොඳ කාලයක් ගත කිරීමට උදව් කිරීමට The Chiller Room දැන් විවෘතව තියෙනවා . ඒක විවෘත වෙලා තියෙන්නේ බදාදා සිට ඉරිදා දක්වා සවස 5:00 සිට රාත්‍රී 11.30 දක්වා පමණයි. ඒ වගේම, මේ දවස් වල සවස 5:00 සිට රාත්‍රී 8:00 දක්වා happy hour විදිහට වෙන් කරලා තියෙනවා. ඊට අමතරව, ඔවුන් සෑම බදාදා දිනකම සවස 5:00 සිට රාත්‍රී 8:00 දක්වා නොමිලේ කොක්ටේල් සමඟ ladies night සදහා වෙන් කරලා තියෙනවා. පුද්ගලික සාද සඳහා වෙන් කිරීම් එයාලා භාරගන්නවා වගේම බදාදා සහ බ්‍රහස්පතින්දා ඒ සඳහා වඩාත් සුදුසුයි.

 

 

2. King of the Mambo

The Galle Face හෝටලය Cuban twist හඳුන්වා දීමෙන් සුවිශේෂී අත්දැකීමක් අපිට ලබා දීලා තියෙනවා.එයාලගේ අද්විතීය තේමාව සහ ආහාර පිසීම කොළඹ ගොඩක් ජනප්‍රිය ස්ථාන අතර කැපී පෙනෙනවා.

King of the Mambo සඳුදා සිට සිකුරාදා දක්වා සවස 3 සිට රාත්‍රී 11 දක්වා විවෘත වෙලා තියෙනවා.

සඳුදා: – සවස 6 සිට රාත්‍රී 7 දක්වා Complimentary කොක්ටේල් සහ සවස 7 සිට රාත්‍රී 8 දක්වා happy hour

අඟහරුවාදා – සවස 6 සිට රාත්‍රී 7 දක්වා happy hour

බදාදා – ඔවුන්ගේ විශේෂ මෙනුවෙන් නොමිලේ වයින් බෝතලයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. සවස 6 සිට රාත්‍රී 7 දක්වා happy hour

බ්‍රහස්පතින්දා – කොළඹ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ආහාර පාන සඳහා 20% වට්ටම් (ආගන්තුක 4 දෙනෙකුට උපරිම වශයෙන් 1 කාර්ය මණ්ඩල සාමාජිකයෙක්)

සිකුරාදා – Cuarteto from Cuba සමඟ සති අන්තය

සෙනසුරාදා – දිවා ආහාරය රාත්‍රී 12 සිට සවස 3 දක්වා | රාත්‍රී 3 සිට රාත්‍රී 11 දක්වා රාත්‍රී ආහාරය

ඉරිදා – “A LO CUBANO” brunch (Complimentary Welcome Sangria + විශේෂ ආහාර
මෙනුව) රාත්‍රී 12 සිට සවස 3 දක්වා /සවස 3 සිට රාත්‍රී 11 දක්වා රාත්‍රී ආහාරය | සවස 6 සිට රාත්‍රී 7 දක්වා happy hour

 

 

3. Taphouse

Dutch Hospital වීදියේ වඩාත් ජනාකීර්ණ ස්ථානයක් විදිහට හැඳින්වෙන Tap House දිනපතා උදේ 11.30 සිට රාත්‍රී 11.00 දක්වා විවෘතව පවතිනවා. night out වලදී අපි හැමෝම පුරුදු වෙලා හිටිය නැතිවී ගිය සංගීතය නැවත ගෙන එන්න එයාලා සැලසුම් කරලා තියෙනවා. එයාලගේ සජීවී සංගීත කණ්ඩායම ලබන සිකුරාදා සිට ප්‍රසංගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එයාලාගේ මෙනුවේ විශේෂිත ආහාර සඳහා 20% ක වට්ටමක් ලබා දීලා තියෙනවා වගේම ඒවායේ මත්පැන් මිල සාධාරණ ලෙස අඩු කරලත් තියෙනවා.

 

 

4. The Love Bar Colombo

විචිත්‍රවත් අලංකරණයන් හා වාතාවරණයන් නිසා ප්‍රසිද්ධ හැව්ලොක්හි පිහිටල තියෙන මේ කුඩා ස්ථානය ද මේ වෙනකොට මහජනයාට දොර විවර කරලා තියෙනවා. එයාලගේ ආරම්භක වේලාවන් සතියේ දිනවල සහ සති අන්ත දෙකෙහිම සවස 4:00 සිට රාත්‍රී 11:00 දක්වා සැලසුම් කරලා තියෙනවා. සවස 4:00 සිට 6:00 දක්වා Happy Hour ලෙස වෙන් කර තිබෙන අතර තෝරාගත් කොක්ටේල් සඳහා 50% ක වට්ටමක් වගේම ඊට අමතරව බදාදා දිනවල සියලුම කාන්තාවන් සඳහා නොමිලේ කොක්ටේල් සමඟ Ladies Night පස්වරු 4:00 සිට රාත්‍රී 7:00 දක්වා පැවැත්වෙනවා.

 

 

5. The Steuart by Citrus – &Co Pub and Kitchen

ඔයත් හොඳ කොක්ටේල්, සිසිල් බියර් වලට කැමති කෙනෙක් නම් ඒ සඳහා සුදුසුම ස්ථානය තමයි මේ. Dutch Hospital වීදියේ පිහිටලා තියෙන මේ Pub එක පෙරවරු 11:00 සිට රාත්‍රී 11:00 දක්වා විවෘතව පවතිනවා. එයාලගේ Happy hour එකේදී, මිලදී ගැනීමකට කොක්ටේල් සහ සමහර බියර් සඳහා නොමිලේ දීමනාවක් ලබා දෙනවා. බාර් එකඅඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සවස 5:30 සිට රාත්‍රී 7:30 දක්වා ක්‍රියාත්මක වෙනවා වගේම සඳුදා දිනවල සවස 5:30 සිට රාත්‍රී 9.30 දක්වා එයාලගේ Happy Hour එක දීරඝ කරලා තිබෙනවා. සති අන්තයේ මඳ වේලාවකට පෙර බීම ලබා ගැනීමට කැමති අය සඳහා, ඉරිදා Happy hour දහවල් 12.00 ට පෙර ආරම්භ වෙනවා වගේම දවස පුරාම රාත්‍රී 10:00 දක්වා පවතිනවා.

 

 

6. Cheers Pub Colombo

Pool ක්‍රීඩාවේ යෙදෙනවානම් හොඳම pub එක මේක වෙන්න පුළුවන්. උදේ 11 සිට මධ්‍යම රාත්‍රිය 12 දක්වා මහජනයාට විවෘතය වෙලා තියෙනවා. ඔවුන්ගේ happy hours සවස 5:00 සිට රාත්‍රී 7.30 දක්වා තිබෙනවා. ඒ වගේම තෝරාගත් බීම අඩු මිලකට පිරිනමනවා. මේ Pub එක සිනමන් ග්‍රෑන්ඩ් හි පිහිටා ඇති බැවින් රාත්‍රී භෝජන විකල්පත් ඕනෑ තරම් මෙතනින් ඔයාට ලබාගන්න පුළුවන්.

 

 

7. Honey Beach Club

හවස්යාමේ යාළුවොත් එක්ක එකතුවෙන එක මග අරුණු අය වෙනුවෙන්ම කිංග්ස්බරි එකේ හනි බීච් ක්ලබ් එකත් දැන් නැවතත් විවෘත කරලා තියෙනවා. උදේ 9.00 සිට රාත්‍රී 11:00 දක්වා එයාලා විවෘත වෙලා තිබෙනවා වගේම සවස 5:30 සිට 7:30 දක්වා Happy hour ලබා දෙන අතර මෙනුවේ තියෙන සියලුම මධ්‍යසාර පාන වලින් එකක් මිලදී ගත්තොත් තව එකක් නොමිලේ ලබා ගන්න ඔන්න ඔයාට හැකියාව තිබෙනවා.

 

 

8. Dutch Pub Colombo

Dutch සංකීර්ණයේ පිහිටලා තියෙන මේ Pub එකෙ සංගීතය සහ වටපිටාව නිසා ඔයාගේ මිතුරන් සමඟ හවසට set වෙන්න කියාපු තැන. පෙරවරු 11:00 සිට රාත්‍රී 11:00 දක්වා Dutch Pub එක open කරලා තිබෙනවා. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එයාලගේ Happy hour එක සවස 5:00 සිට රාත්‍රී 7:00 දක්වා පවතිනවා.

ඒ විතරක්ම නෙමෙයි ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා සවස 4:00 සිට රාත්‍රී 7:00 දක්වා පවතින අමතර Happy hour එකකුත් මෙයාලා ලබා දෙනවා. තෝරාගත් බීම වලින් මිලදී ගන්නා සෑම බෝතලයක් සඳහාම තවත් බෝතලයක් ලබා දීමට එයාලා කැමැත්තෙන් ඉන්නවා.ඊට අමතරව, එකම දීමනාව විශේෂිත බියර් සඳහාද අදාළ වෙනවා. බියර් සහ මාළු, චිප්ස් සහ බියර් සහ පීසා වැනි ඔවුන්ගේ වෙනත් පැකේජ දීමනා සඳහාද ඔයාට deals ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම එයාලගේ දිවා ආහාර මෙනුව පෙරවරු 11:00 සිට පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක වෙනවා.

 

 

9. Re.pub.lk

හොස්පිට්ල් වීදියේ ඇති මේ කුඩා ස්ථානය, එයාලගේ great music සඳහා ප්‍රසිද්ධයි. Re.pub.lk සවස 5:00 සිට රාත්‍රී 10:00 දක්වා විවෘතව පවතිනවා. සෑම දිනකම තෝරාගත් කොක්ටේල් සදහා සවස 5:00 සිට රාත්‍රී 7:00 දක්වා happy hour එකක් තියෙනවා වගේම බ්‍රහස්පතින්දා සවස 5:00 සිට රාත්‍රී 8:00 දක්වා වැඩිපුර පැයක් happy hour එක පවතිනවා. බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ඔවුන්ගේ සංගීත කණ්ඩායම සමඟින් අපට සජීවී සංගීතය ලබාදෙන්න එයාලා තීරණය කරලා තියෙනවා. එයාලගේ ඩී. ජේ වෙන ඩී. කේෂ් බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා ප්‍රසංගය පවත්වන බැවින් එයාලා සංගීත අත්දැකීම් දීර්ඝ කරලා තියෙනවා.

 

 

10. Curve

සවස් යාමය ගත කරන්න පාර්ක් ස්ට්‍රීට් මිවුස් සංකීර්ණයේ තිබෙන අලංකාර හා නවීන විලාසිතාවට හදපු බාර් එකක් සහ lounge එකක් විදිහට Curve අනිවාර්යයෙන්ම සලකන්න පුළුවන්. උදේ 10 සිට රාත්‍රී 11 දක්වා විවෘත මේ bar එකේ පිහිටීම සහ හුරුබුහුටි සැකසුම එය යන්නම ඕනෑ තැන් වලින් එකක් බවට පත් කරනවා. ඒ වගේම tiger එකක් ගත්තොත් තව එකක් නොමිලේ ලබාගන්නත් ඔයාට පුළුවන්.

 

 

11. Basico Bar & Lounge

යුනියන් පෙදෙසේ ඇති මේ කදිම ස්ථානයත් සවස 6:30 සිට 12:00 දක්වා මහජනයාට විවෘතයි.එයාලගේ Happy hour සවස 5:00 සිට 7:00 දක්වා පවතිනවා. එහිදී සියලුම බීම වර්ග එකකට එකක් වට්ටමක් යටතේ පිරිනමනවා.

 

 

12. The LONG Bar

කොළඹ සිට ටිකක් එහාට යද්දී හම්බෙන ලෝන්ග් බාර් එහි තියෙන සිසිල්බව, සුවපහසු වාතාවරණය සහ හොඳ සංගීතය සඳහා ප්‍රසිද්ධයි. දැනට මෙය සවස 5:00 සිට 12:00 දක්වා විවෘතව පවතිනවා වගේම එයාලගේ happy hour සවස 5:00 සිට රාත්‍රී 7:00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඔයාට විශේෂිත item කිහිපයක්ම භාගයක් අඩුවට ලබාගන්න පුළුවන්. ඉරිදා දිනවල Happy hour දහවල් 12.00 සිට රාත්‍රී 7:00 දක්වා තියෙන නිසාම එකක් ගත්තම තව එකක් නොමිලේ ලබාගන්න ඔයාට පුළුවන්. විවිධ දිනවල සජීවී සංගීත කණ්ඩායම් කිහිපයක් වාදනය වන නිසා ෆේස්බුක් page එක සමග සම්බන්ධ වෙලා හිටියොත් ඔයාට ඒ ගැන විස්තර බලාගන්න පුළුවන්.

 

 

13. The Irish

කවුද අකමැති අයර්ලන්තයට ගියා වගේ හැඟීමක් ලබාගන්න. මේ විශේෂිත පබ් එක කැපී පෙන්නේ මේකේ තියෙන අයර්ලන්ත පෙනුම,අඳුරු විදුලි පහන් සහ සුවපහසු වාතාවරණය නිසා.එයාලා සවස 5:00 සිට රාත්‍රී 7:00 දක්වා happy hour සදහා වෙන් කරලා තියෙනවා.ඉතින් ඔයාට තෝරාගත් බීම කිහිපයක් සදහා one -on -one deal එකක් ලබාගන්න පුළුවන්. The Irish දිනපතා පාන්දර 12.00 සිට දහවල් 12.00 දක්වා විවෘතව පවතිනවා.

 

 

14. White Horse Inn

මෙම බාර් එක එයාලගේ සාධාරණ මිල ගණන් සහ මිත්‍රශීලී කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසිද්ධ නිසා දවසම මහන්සිවෙලා ඉන්න ඔයාට ලාභෙට drink එකක් ගන්න යන්න සුදුසුම ස්ථානයක්. ඔයා අඩු ගාණකට drink එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඒ සදහා හොඳම ස්ථානය තමයි White Horse Inn එක. පෙ.ව .10.00 සිට ප.ව 2.00 දක්වා විවෘතව පවතින නිසාම සවස 5 ට නැවත විවෘත කරලා මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යනවා. ඔයා ටයිගර් බියර් දෙකක් මිලට ගත්තොත් තව එකක් ඔයාට නොමිලේ ලබාගන්න පුළුවන්. තෝරාගත් නිෂ්පාදන සඳහා කොම්බෝ deals ද පවතිනවා.සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඔයාගේ රාත්‍රිය ආරම්භ කරන්න ඩීජේත් මෙතන තියෙනවා. ඔයා budget එකට තැනක් හොයනවනම් මේ තමයි එකට හොඳම තැන.

 

 

15. The Manchester

The Manchester බාර් එකෙන් මත්පැන් බෝතල් වලට ඔයාට හොඳ deal එකක් ලැබෙනවා. එක බෝතලක් ගත්තොත් chasers තුනක් ඔයාට නොමිලේ ලැබෙනවා. මේක පෙරවරු 11.00 සිට පස්වරු 2.00 දක්වාත් පසුව පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වාත් විවෘතව තියෙනවා. සෑම සිකුරාදා දිනකම එයාලා සජීවී සංගීත කණ්ඩායම් වාදනය කරනවා. ඔයාගේ මිතුරන් සමඟ හොඳ සන්ධ්‍යාවක් ගත කරන්න හරියන බයිට් මෙනුවකුත් තියෙනවා.

 

 

16. Vistas Rooftop Bar (Mövenpick)

යාලුවෙක් එක්ක හෘදයාංගම කතාබහක යෙදෙන්න මේ ඔයාට සුදුසුම ස්ථානයක්. ඉන්ස්ටග්‍රෑම් එකට දාන්න කොළඹ අහසෙ ලස්සන photo එකක් ගන්නත් මෙතනදී ඔයාට බැරිවෙන එකක් නම් නැහැ. LKR 1990 කට ඔයාට බොන්න පුළුවන් ඔක්කොම වගේ බියර් ඔයාට මෙතැනදී ගන්න පුළුවන්. එයාලගේ Happy hour සවස 6:00 සිට රාත්‍රී 7.30 දක්වා පවතිනවා වගේම එහිදී ඔයාට එකක් ගත්තම තව එකක් නොමිලේ ලබාගන්න පුළුවන් deal එකකුත් ලැබෙනවා. කොක්ටේල් ෂීෂා සහ ඔවුන් සතුව ඇති ජෑස්, සියල්ල එයාලගෙන් ලබාගන්න පුළුවන්. මේ bar එක සෑම දිනකම උදේ 11.00 සිට රාත්‍රී 11.00 දක්වා විවෘත කරලා තියෙනවා.

රෑට හරිහැටි නින්ද යන්නේ නැද්ද?

හරිහැටි නින්ද නොලැබීමේ ගැටලුව අලුත් එකක් නෙවෙයි. යහපත් නින්දක් ලබාගන්න එක හැමකෙනෙකුටම වැදගත් දෙයක්.මේ කාලේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් නින්ද නොයෑම. සමහරුන්ට නින්ද ගියත් කඩින් කඩ ඇහැරෙනවා. නින්දට බාධා වෙනවා. නිදා නොගැනීම වගේ ම ඕනවට වඩා නිදාගැනීමත් සිරුරට අහිතකර බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවා. සුව නින්දක් නොලැබීම, මතකය සහ ප්‍රතිශක්තිකරණය අඩු වීමට බලපානවා. හෘද රෝග, දියවැඩියාව, ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා, විෂාදය වැනි රෝග වැළඳීමටත් අඩු නින්ද හේතුවක් වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව වැඩුණු මිනිසෙක් දිනකට පැය 6 – 8 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් නිදාගත යුතුයි. යහපත් නින්දක් ලබාගන්නේ කොහොමද කියලා අපි අද බලමු.

 

 

නිදන වේලාව

Get sufficient sleep - InlifeHealthCare
දවසකට අවශ්‍ය නිදා ගැනීමේ පැය ගණන අඩු වෙනවා නම් ඒක සෞඛ්‍යයට හොඳ මදි. එකම වෙලාවකට නිදාගන්නයි නැගිටින්නයි පුරුදු වුණා නම් මේ කිසි අවුලක් නෑ. දිනපතා එක ම වෙලාවකට නිදාගෙන එක ම වෙලාවකට අවදි වෙන්න පුරුදු වුණාම එලාම් එකක් නැතුවම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්න පුළුවන්.

 

 

නිදන කාමරය

51 Modern Bedrooms With Tips To Help You Design & Accessorize Yours
වර්ණ මගින අපේ සෞඛ්‍යටත් යම් යම් බලපෑම් ඇති විය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවත් පිලිගෙන තිබෙනවා. නිදන කාමරයේ වර්ණය මගින් ඇති වෙන ආලෝකය නින්දට බලපෑම් ඇති වෙනවා. මේ නිසා නිදන කාමරය වෙනුවෙන් වඩාත් ගැලපෙන්නේ අදුරු පැහැයක් බව දැන් පිලිගෙන තිබෙන නිසා ඔබගේ නිදන කාමරයේ බිත්ති වෙනුවෙන් අදුරු වර්ණය ගල්වන්න. එවිට නින්ද ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැති වේවි. ඔබ නිදාගන්න පරිසරය අධික උෂ්ණයෙන් හෝ අධික සීතලෙන් යුතුයි නම් එය නින්දට බාධාවක්. ඔබේ කාමරය සද්ද බද්දවලින් තොර, මනා උෂ්ණත්වයකින් යුතු තැනක් විය යුතුයි. ඒ වගේ ම ඇඳ අස්පස් කරලා සුවපහසු කරගෙන නිදාගන්න යන්න. ඇඳේ ඉඳන් වෙන වැඩ කරන්න එපා. ඇඳේ ඉඳන් වැඩ කරලා පුරුදු වුණොත් ඇඳට ගියාම නින්ද යන්නෙ නැතුව යයි.

 

 

ආහාර

Eggs for Dinner Recipe | Bon Appetit
රෑට කොහොමත් සැහැල්ලු ආහාරයක් ගන්න කියලනේ කියන්නේ. කන ඒවා මොන විදියකින්වත් දහනය වෙන්නේ නැති නිසා නිදාගන්න කලින් පොඩි බඩගින්නක් ආවොත් ඉතාම සැහැල්ලු ආහාරයක් තමයි ගන්න ඕනි. නිදාගන්න කලින් මත්වතුර තියා ඕනෑවට වැඩියෙන් පානීය ජලයත් බොන්න එපා කියලා කියනවා. ආමන්ඩ්, වොල්නට්ස්, සුදු බත් වගේ කෑම නින්දකට උදව් දෙන පෝෂ්‍යදායී ආහාර විදියට හැඳින්වෙනවා.කැෆේන් සහ නිකොටින් භාවිතය අඩු කිරීම හොඳින් නින්ද යෑමට හේතුවක්. කැෆේන් මගින් නිදිමත දුරස් කරන නිසා නින්දට ආසන්නයේදී කැෆේන් අඩංගු පාන වලින් ඉවත් වෙන්න. ඒ වගේම නින්ද ආසන්නයේදී ජලය පානයත් සීමා කිරීම වරදක් නැහැ.

 

 

ව්‍යායාම

Best 500+ Exercise Pictures | Download Free Images on Unsplash
දවල්ට හොඳින් ව්‍යායාම කරන්න පුරුදු වුණ අයට රාත්‍රියට හොඳින් නින්ද යන බව වෛද්‍යවරු කියනවා. මේකට පැය ගණන් ව්‍යායාම කරන්න අවශ්‍ය නෑ. දවසට විනාඩි 10ක් ඇවිද්දත්, එය ඔබට රෑට හොඳින් නින්ද යන්න හේතුවක් වෙනවා. ඒත් ව්‍යායාම සහ නින්ද අතර අන්‍යොන්‍ය සම්බන්ධය හැදෙන්න නම් මාස කීපයක් තිස්සේ දිනපතා ව්‍යායාම කිරීමේ පුරුද්ද පවත්වා ගත යුතුයි.ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ගැඹුරු නින්දකට අවතීර්ණ වෙන ප්‍රවණතාව වැඩියි.

දිවා රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්න යන්න හොඳම තැන Berlin Sky Lounge

 

Il Cielo ඉහළින් 6 වන මහලේ පිහිටා ඇති Berlin Sky Lounge වලට ගියොත් ඔයාට හොඳ දිවා රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදින්න හැකියාව තිබෙනවා. අපි ඔවුන්ගේ වර්ණවත් cocktails try කළා වගේම අලුතින් menu එකට එකතු කරපු දේවලුත් try කළා. මුලින්ම කියන්න ඕන අපි try කරපු දේවල් අපිව පොඩ්ඩක්වත් කළකිරීමකට පත්කලේ නැහැ කියලා.

 

 

Drinks

Blue Lagoon (LKR 1,190)

මෙම කොක්ටේල් එකේ තිබෙන දීප්තිමත් නිල් පැහැය නිසා මේ drink එක instagrammable drink එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ drink එක පන්ච් එකක් . ඒ නිසා හෙමිට බොන එක තමයි වඩා හොඳ. වොඩ්කා වල තියුණු බව සහ ප්‍රබෝධමත් ඇඹුල් රසය night outing එකකට හොඳට ගැළපෙනවා.

 

 

Cosmopolitan (LKR 1,190)

girl’s night outs එකකට ගැළපෙනම drink එක තමයි මේක. පැණිරස හා ඇඹුල් රසයෙන් යුත් මෙම සංයෝජනය ඔබට දෙහිවල ප්‍රසන්න රසයක් ලබා දෙනවා.

 

 

Mojito Passion (LKR 870)

සම්භාව්‍ය කොක්ටේල් එකක අද්විතීය පෙරළියක් කිවුවොත් හරියටම හරි. ඔයා දවසෙම මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්නවනම් මේක තමයි ඔයාට හරියනම කොක්ටේල් එක.

 

 

Appetizers

Creamy Potato Soup with Bacon (LKR 570)

Creamy සහ රසවත් ඒ වගේම ගුණවත් ultimate comfort food එකක් කියලා කිව්වොත් හරියටම හරි. ඩයිස් කළ බේකන් වල රසය හා texture එක ඇත්තටම අපූරු එකතුවක්. Creamy Potato Soup එකත් එක්ක දුන්න garlic bread එක නැවුම් වගේම crisp. මේ appetizer එක ඕනෑම ආහාර වේලකට පරිපූර්ණ ආරම්භයක්!

 

 

Currywurst (LKR 750)

හොඳින් පිසින ලද එළවළු සහ පෑන්-ෆ්‍රයිඩ් අර්තාපල් යොදාගන සාදගන තිබෙන මේ appetizer එක drink එකක් එක්ක නියමට ගැළපෙනවා. නිවසේ සාදන ලද තක්කාලි සෝස් සමග කුළුබඩු පොඩි ප්‍රමාණයක් යොදා සකසා ගත් මේය ඕනෑම කෙනෙකුට ගැළපෙන හොඳ appetizer එකක් කියලා කියන්න පුළුවන්.

 

 

Mains

Berlin Sky Pork Knuckle Scweshaxn (LKR 1,230)

මෙම ආහාරය පිරිනමන අවන්හල් හතරෙන් එකක් තමයි Berlin Sky Lounge. මේ dish එක ඇස් පිනෙව්වත් මස් ටිකක් වැඩිපුර කරවෙලා තිබුණ නිසා අපිට ලබා දී ඇති cutlery සමඟ එය කපාගැනීමට දුෂ්කර වුණා. මස් නැවුම් හා රසවත් වුණත් මස් කපාගන් බැරි වුණ නිසා මුලු dish එකම ඉවර කරගන්න අපිට බැරි වුණා . ඒ වුණාට අපි පොඩි කළ අර්තාපල් රස වින්දා. ඇත්තටම ඒකත් හරිම රසයි.

 

 

Schnitzel Viennese Art (LKR 1,020)

මේ dish එක ටෙන්ඩර් කළ කුකුල් මස් හා මිශ්‍ර එළවළු වලින් සමන්විත සරල කෑමක්. පුද්ගලිකව, අපට හැඟුණේ මෙය අපගේ රසයට ගැළපුනේ නැතිබවක්. නමුත් ඔබ සරල රසයන් සහිත සංකීර්ණ නොවන කෑමක් සොයන්නේ නම්, මේක තමයි ඔයාට ගැළපෙනම ආහාරය.