හතර වටෙන් තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…

තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…

2020 Jul 13

ඔයා ජීවිතයේ ඉස්සරහට යද්දී ඔයාට ජිවිතයේ ගොඩක් දේවල් ගිලිහිලා එහෙමත් නැත්නම් මග හැරිලා කියලා දැනෙන්න පටන්ගන්නවා. ඔයත් වයස විසි ගණන් වල ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් වයසට යද්දී ඔයාගේ ජීවිතය ගැන පසු තැවෙන්නේ නැතිවෙන විදිහට ජිවත් වෙන්න දැන් ඉදන්ම පටන් ගන්න ඕනේ. ඔයාට තවම ඉලක්කයක් නැත්නම් ,ඉලක්කයක් හදාගන්න වැඩ පටන්ගන්න හොඳම කාලය තමයි මේ. හරි සැලැස්මක් හදාගෙන හැමදාම ටිකෙන් ටික වැඩ කරන්න.අඛණ්ඩත්වය සාර්ථකත්වයේ යතුරයි. ඒ නිසා අත්හරින්න එපා.

ඉතින් ඔයත් අනාගතේ හැමදාම සතුටින් ඉන්න කැමති කෙනෙක් නම් දැන්ම ඉදන්ම මේ දේවල් පිළිපදින එක ඔයාට ගොඩක් වැදගත් වේවි.

 

 

‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න

 

තරුණ ඔයත් ‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න කෙනෙක්ද ? එහෙනම් විනය ගොඩක් වැදගත් සහ විනයට ඔයාව හදන්න වගේම විනාශ කරන්නත් පුළුවන් කියලා තේරුම් ගන්න.

 

මුදල් ඉතුරු කරමු

 

The 8 Simplest Ways You Can Save Money Without Feeling Deprived

‘ඉතිරි කරන සෑම සතයක්ම උපයා ගත් සතයක්’. ඔයාට වයස හතළිහක් වෙද්දී ඒක ඔයාට විශාල මුදලක්. වැදගත් නොවන දේට නාස්ති නොකර හිටියොත් වැදගත් දේට වියදම් කරන්න වැඩි මුදලක් ඔයාට ලැබෙනවා.

 

 

සබඳතා ගොඩනගා ගන්න

 

විශිෂ්ට කිසිම දෙයක් තනියම කරන එක ලේසි වැඩක් නෙමෙයි. සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ කාගෙන්වත් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන,තමන්ගේ වාසියට කෙනෙක්ව ආශ්‍රය කරන එකත් නෙමෙයි. සරලවම කිවුවොත් සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ සමාන අදහස් ඇති, සමාන අරමුණු සහිත පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමයි.

 

 

කාලය ඔයා තුළම ආයෝජනය කරන්න

 

ඔයාගේ හැකියා, පවුල් වරප්‍රසාද, පුද්ගල ප්‍රශංසාව, කීර්තිය වගේ ෙසුළු දේවල් ගැන තැකීමක් නොකර ඉන්න එපා. ඔයා ඇත්තටම කවුද කියලා ගවේෂණය කරන්න. ඒක ගොඩක් ලේසි වගේ පෙනුනට කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි.

 

 

කිසිම වේලාවක ඕපාදූපවලට සම්බන්ධ වෙන්න එපා

 

Powerful Words: Stop Gossiping Around and Be a Tool to Positively ...

අවුරුදු 20 ගාණක් වෙන ඔයාට නම් ඕපාදූප ජීවිතයට විනෝදාස්වාදය දෙන දෙයක් වෙන්න පුළුවන් නිසාම මේක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් පුහුණුවීමෙන් ඔයාට ඕපාදූප වළක්වා ගන්න පුළුවන්. ඔයාට ලොකු කාලයක්, ශක්තියක් ඉතුරු කරගන්න පුළුවන් වගේම, කණ්ඩායම් ගැටුම් වලින් ඔයාට ගැලවෙන්නත් පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි මිනිස්සු ඒකට ඔයාට ගරු කරයි.

 

 

අසාර්ථක වීම නෙමෙයි බලාපොරොත්තු සුන්වීම් අත්‍යවශ්‍යයි

 

අසාර්ථකත්වයේ වැදගත්කම ගැන විතරක් අවධානය යොමු කරන ස්වයං උපකාරක පොත් ගොඩක් අපිට වෙළදසැල් වලින් අපිට ලබාගන්න පුළුවන්.නමුත් විශ්වාස කරන්න, ගොඩක් අසාර්ථක වුණොත් ඒක ඔයාගේ උනන්දුව,බලාපොරොත්තු නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.අසාර්ථකත්වය,ප්‍රතික්ෂේප කිරීම,අපේක්ෂාවන් සහ හැකියාවන් නොමැතිකම නිසා ඇති වන බලාපොරොත්තු සුන්වීම ඇත්තටම සාර්ථක වීමට පෙළඹවීමක් විදිහට තේරුම් ගන්න.

 

 

හැකි තරම් අපහසුතාවයට පත්වන අවස්ථාවන්ට මුහුණ දෙන්න

 

මෝඩ ප්‍රශ්න අසන්න, ඉහළ මට්ටමේ රැකියා සඳහා අයදුම් කරන්න, නරක ඉදිරිපත් කිරීමක් කරන්න, ඔයාගේ හිතට එන අදහස් ඉදිරිපත් කරන්න. අනිත් අය ඉස්සරහ පොඩි මනුස්සයෙක් වගේ පේන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වයස අවුරුදු විසි ගණන්වලදී, ඔයාට පසුබට වෙන්න තරම් ශක්තියක් තියෙනවා. හැබැයි හිතලා බලන්න,ඔයාගේ වයස අවුරුදු 30 ගණන්වලදී ඔයා ප්‍රතික්ෂේප කිරීම් හා අපහසුතාවයට බිය වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ හිතට එකඟව වැඩ කරයි.

 

 

නැහැ/බැහැ/එපා කියන්න ඉගෙන ගන්න

 

Why You Should Learn to Say 'No' More Often - The New York Times

රාත්‍රි සාදවලට, අධික විදිහට මත්පැන් පානයට, ස්වයං-විනාශකාරී පුරුදු වලට, අවසාන මොහොතේ සැලසුම් කිරීම් වලට,නරක පුද්ගලයින්ට ඇසුරට, අධික ලෙස වියදම් කිරීමට, නීති කඩ කිරීමට සහ අනවශ්‍ය තර්ක ඉදිරිපත් කරන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ.

 

 

ස්වයං විනයක් ඇති කරගන්න

 

ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ඇවිත් ඔයා කන්න කැමතිම කෑම එක ඉස්සරහ අඩුම තරමේ මිනිත්තු 5 ක්වත් හිස් බඩ වාඩිවෙලා ඉන්න පුළුවන් කමක් ඔයාට තියෙන්නම ඕනේ. මං කිව්ව ඒ දේ තේරුම මොකද්ද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒ මිනිත්තු 5 දී ඔයා මැරෙන්නේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා. හැබැයි, ඒ මිනිත්තු 5 දී ඔයාව පාලනය කරගන්න උත්සහ කිරීමක් සිද්ධ වෙනවා. පස්සේ කාලෙක ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 

 

මුදල් කියන්නේ මොකද්ද කියලා දැන ගන්න

 

සරලව කිවුවොත් මුදල් තියෙන්නේ වියදම් කරන්න විතරක්ම නෙමෙයි. මෝඩ මිනිස්සු කරන්නෙත් ඒක තමයි. මුදල් තියෙන්නේ ඔයාට ප්‍රතිලාභ ලබා දෙන්න.එකෙන් කියන්නේ මුදල් සංසරණය වීම මිසක් ඔයාගේ බැංකු ගිණුමේ අක්‍රියව තියන්න කියලා නෙවෙයි. කොටස් වෙලඳපොලවල් සහ ආයෝජන ගැන ඉගෙන ගන්න. හරි විදිහට මුදල් හසුරවන්න.

 

 

සාර්ථකත්වයට වැඩිය චරිතය වැදගත් බව වටහා ගන්න

ඔයාට ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි එක ඔයාව විශිෂ්ට මනුස්සයෙක් බවට පත් කරන්නේ නැහැ. ඔයාගේ තනතුරට මිනිස්සු ගොඩක් කාලයක් ගරු කරන්නෙත් නැහැ. ප්‍රසිද්ධිය තියෙන පුද්ගලයෙක් සහ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් අතර වෙනසක් තියෙනවා. ඔයා කීර්තිමත් පුද්ගලයෙක් නොවෙන එක කමක් නැහැ, නමුත් විශිෂ්ට පෞරුෂයක් තියෙන එක අත්‍යවශ්‍ය වෙනවා.

 

 

ආදරය කරන්න

 

Loving Others Well - iDisciple

අව්‍යාජව ආදරය කරන්න. ඔයා සිත් තැවුලට පත් වුණාට කමක් නැහැ. ඒක ඔයාව ශක්තිමත් කරයි. හදවත් කිහිපයක් බිඳදැම්මත් කමක් නැත (හිතාමතාම නෙමෙයි!) එකෙන් ඔයා පාඩමක් ඉගෙන ගනී. ජීවිතය ඉදිරියටම ගලා යයි. සිත් තැවුලක් කියන්නේ කනගාටුදායක සිදුවීමක් නෙමෙයි. එක ජීවිතයට අත්‍යවශ්‍ය සිදුවීමක්.

 

 

කෘතඥ වෙන්න ඉගෙන ගන්න

 

අද ඔයාට තියෙන දේ ගැන කෘතඥ වෙන්න. ජීවිතය අස්ථීරයි වගේම ගොඩක් අවිනිශ්ෂිතයි. ඔයාගේ සතුටුම දවසේ ඔයාගේ වෛද්‍යවරයාගෙන් ඔයාට අසනීපයක් තියෙනවා කියලා ඇමතුමක් එන්න පුළුවන්. ඔයාගේ මුළු ජීවිතයම ඔයාගේ ජාන සහ පරිසරය අතර අන්තර්ක්‍රියාකාරිත්වයක්. ඒ නිසා ඔයාට තියෙන දේවල් ගැන හිතලා සතුටින් ජීවත් වෙන්න.

 

 

අවදානම් ගන්න

 

Stop Playing It Safe And Take A Risk | The Lord Of Success

මේ කාලය තමයි ඔයාගේ ජිවිතයේ අවධානමක් ගන්න වගේම අමාරු පාඩම් ඉගෙන ගන්න හොඳම කාලය. ඔයා සාර්ථක වුණොත් ඔයා සාර්ථක වෙනවා. ඔයා අසාර්ථක වුණොත් අවුරුදු 40 දී ඔයාට කියන්න කතාවක් තියෙනවා. මේ වයසේදී, ඔයාට නැවත නැඟිටීමට අවශ්‍ය සියලු ශක්තිය,ධෛර්යය ලැබෙනවා.

 

 

ඔයාටම අභියෝග කරන්න

 

ඔයා ජිවිතයේ කරන්න ගොඩක්ම බය වුණ දෙයක් කරන්න උත්සහ ගන්න. ඔයාට ගොඩක්ම අමාරුම පැවරුම පුළුවන් උපරිම ආකාරයෙන් සම්පූර්ණ කරන්න. ඒ අමාරු පාඨමාලාව කරන්න, අළුත් භාෂාවක් ඉගෙන ගන්න, ප්‍රසිද්ධියේ කතා කරන්න උත්සාහ කරන්න, කථා කරන්න භයම පුද්ගලයා එක්ක නිර්භීතව කතා කරන්න සහ ඔයාට අවංකවම දැනෙන දේ කියන්න.

 

 

සිහින දකින්න, ඔයාගේ හැකියාවන් මුදාහරින්න, අනිත් අයත් එක්ක හොඳින් හැසිරෙන්න. ඔයාගේ හැකියා ලෝකය සමඟ බෙදා ගන්න. වයස අවුරුදු 20 ගණන් වල ඉන්න ඔයා,ඔයාවම පරීක්‍ෂා කළොත්, ඔයාව පුළුල් කර ගත්තොත් මේ දේවල් හොඳින් අධ්‍යනය කලොත් ඔයාට ඔයාගේ ජිවිතයේ 40 ගණන් වලදී සතුටින් ඉන්න මේ කරුණු ලොකු උදවුවක් වෙයි.

 

-එස්.එස්.තත්සරණි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here