Blog Page 31

ඔබේ ළගම හිතවතා ඔබට මෙච්චර කරදර ගෙනෙන බව ඔබ දන්නවාද..?

ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම කන්නවත් බැහැ තමන්ගේ ජංගම දුරකථනය නැතිව. ඒ තරම් අපි කොයි කවුරුත් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා. හැබැයි ඉතිම් මේකට ඇබ්බැහි වෙන එකත් පුදුමයක් නෙවෙයි. මොකද ගොඩක් වැඩකටයුතු මේ උපාංගය නිසා අපිට පහසු වෙලා තිබෙනවා. ඒ නිසා මේකට අපේ ළගම හිතවතා යනුවෙන් ආමන්ත්‍රණය කරන එක පුදුමයට කරුණක් නොවේ. කොහොම වුණත් ඕනවට වඩා හොඳ කියන්නේ නරකට කියලා කතාවක් තියෙනවානේ. ජංගම දුරකථනය කොච්චර අපිට සහය වුණත් එයින් සෞඛ්‍යට වැඩි හොදක්නම් නැහැ. මෙයින් ඇතිවෙන අහිතකර බලපෑම් සමහරක් දීර්ඝකාලීන ආබාධ ගණයට අයත් වෙනවා. ඉතින් මොනවද මේ බලපෑම් …

 

 

ප්‍රධාන වශයෙන් දුරකථන භාවිතයෙන් පිළිකා අවධානමක් ඇතිවෙනවා. ‌ගොඩක් අය තම ජංගම දුරකථනයෙන් නිතරම ගීතවලට සවන්දෙනවා නම් ඒ වගේම දීර්ඝවශයෙන් දුරකථන සංවාදවල නිරතවෙනවා නම් කාලයක් ගතවනවිට මොළය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ගොඩක් වෙලාවට මේ අවධානම එන්නේ තත්ත්වයෙන් බාල වර්ගයේ ජංගම දුරකථන භාවිතා කිරිම නිසා. ඒ නිසා ඔබ ජංගම දුරකථනය උසස් තත්වයේ නිශ්පාදනයකින් තෝරගන්න වග බලාගන්න.

 

 

ඒ වගේම දෘෂ්ඨි අපහසුතා ඇති වීමත් ජංගම දුරකථන භාවිතයෙන් සිදුවෙනවා. එයින් නිකුත්වන අහිතකර කිරණ හා වැඩි වේලාවක් තිරය දෙස බලා සිටීම මගින් මෙම ආබාධය ඇතිවෙනවා. නිදන්ගත රෝග තත්ත්වයන්ද මේ මගින් ඇතිවෙනවා. කාලයක ඉදන් ඇතිවෙන,පැවතගන එන වේදනාවන් තමා නිදන්ගත රෝග කියන්නේ. මෙය එතරම් බරපතල නොවුණත් එයින් ඇතිවෙන වේදනාව අවමකොට සලකන්න බෑ. ඒ වගේම තමයි මානසික ආතතිය ඇතිවෙන්නත් දුරකථනය බලපානවා. වැඩිපුර ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ට විශාද තත්ත්වය ඇතිවෙනවා. විශාදය කියන්නේ මානසික ආතතියේ උපරිම අවස්ථාව. එවැනි අවස්ථාවකට ඔබ මූණ දෙනවානම් මානසික වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාරගත යුතුයි. ඔබ නින්දට යනවිට දුරකථනය කොට්ටයට යටින් තියාගන නිදියනවාද? නැත්තම් ඇඳේ තබාගන නිදියනවාද? එයින් සිදුවෙන්නේ ඔබගේ නින්දට බාධා ඇතිවීමයි. ජංගම දුරකථනයෙන් නිකුත්වන අහිතකර ක්ෂුද්‍ර කිරණමගින් සෘජුවම නින්දට බලපෑම් ඇතිකරනවා. උදෑසන අවධිවන විට ඇතිවෙන හිසරදය මෙයින් ඇතිවන බලපෑම්වල ප්‍රතිළුලයක්. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් සුවකිරීමට අපහසු තත්ත්වෙකට පත්වෙනවා.

 

 

ඉතින් ඔබ ජංගම දුරකථනය භාවිතා කරනවානම් හොද අවබෝධයකින් භාවිතා කරන්න.හොද තත්වයේ ජංගම දුරකතනයක් භාවිතා කරන්න. ඒ වගේම දුරකථනය සමග ලබා දෙන උපදෙස් පත්‍රිකාව හොදින් කියවා දී ඇති උපදෙස් පිළිපදින්න. පුළුවන් තරම් මෙයින් වන හානිය අවම කරගන්න වග බලා ගන්න….

ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නේ HIV විතරමද?

අපි අද කතා කරන්න යන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, HIV / AIDS සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන. AIDS කිව්වම හැමෝම බය වෙනවා. නමුත් අපි හැමෝටම මේ ගැන හොඳ අවබෝධයක් තිබුණානම් ඔය කියන රෝග වලට ගොදුරු වීමෙන් වැළකී සිටීමට පුළුවන්.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) යනු ලිංගික සම්බන්ධතා මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදනයි. ලිංගාශ්‍රිත රෝග සඳහා හේතු වන්නේ බැක්ටීරියාවන්, පරපෝෂිතයන් සහ වෛරස්. ලිංගාශ්‍රිත රෝග වර්ග 20 කට වඩා තියන බවට හඳුනාගෙන තියනවා. බොහෝ ලිංගාශ්‍රිත රෝග පුරුෂයින්ට හා කාන්තාවන්ට බලපාන නමුත් බොහෝ අවස්ථාවලදී ඔවුන් විසින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකි බවට වාර්තා වෙනවා. ගර්භනී කාන්තාවකට ලිංගාශ්‍රිත රෝගයක් ඇත්නම් එය දරුවාට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඉඩකඩ තියෙනවා.

ප්‍රතිජීවක බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කරන්න පුලුවන් වුනත් වෛරසයක් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඖෂධ ලබාගැනීම මඟින් බොහෝ දුරට රෝගය පාලනය කරගැනීමේ හැකියාවක් තියනවා.කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ හෝ පැතිරීමේ අවදානම බොහෝ දුරට අඩු කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැහැ.

බහුලවම ඇතිවන ලිංගාශ්‍රිත රෝග විදිහට ගොනෝරියා (සුදු බිංදුම), ලිංගික හර්පිස්, උපදංශය (සිපිලිස්), ලිංගික ඉන්නන් සහ ක්ලැමීඩියා හඳුන්වන්න පුලුවන්. මේ රෝග සියල්ලක්ම පාහේ ඇතිවනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බව මතක තබා ගත යුතු කාරණාවක්.

 

 

01. ක්ලැමීඩියා

Chlamydia Symptoms: What to Look for and Where to Get Help ...

ක්ලැමීඩියා යනු බැක්ටීරියාවක් මගින් පැතිරෙන රෝගයකි, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් මෙම රෝගයට ගොදුරුවේ.

රෝග ලක්ෂණ:
ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.

ස්ත්‍රීන්ගේ යෝනි ශ්‍රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම, මුත්‍රා දැවිල්ල, උදර ප්‍රදේශයේ වේදනාව, ඇතැම්විට උණ සහ ඔක්කාරය.

මේ රෝගය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක. ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.

 

 

02. හර්පීස්

Herpes: Symptoms, causes, and treatment

වෛරසයක් මඟින් පැතිරෙන රෝගයකි.

රෝග ලක්ෂණ:
(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)

ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැක.ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ. මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවතී. වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම.

නිට්ටාවටම සුව කළ නොහැකි අතර වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.

 

 

03. ගොනෝරියා/ සුදු බිංදුම

Gonorrhea - Causes, Symptoms and Treatment | My Med Health Info

බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැක. මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්‍රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී තිබේ.

රෝග ලක්ෂණ:
(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මතුවේ.) ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ. මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව. අස්වාභාවික ඔසප් වීම, ඔසප්වීම අතර ලේ පිටවීම, යටි බඩ වේදනාව.

ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිශ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.

ප්‍රතිකාර නොගැනීමෙන් වඩා තදබල ආසාදන ඇති කළ හැකිය. ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.

 

 

05. සිපිලිස්

Obat Sipilis Manjur: Cara Menyembuhkan Sipilis Dengan Alami

ට්‍රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි. මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.

මුල් අවධිය – ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින 9 – 90 අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.

තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ. පළමු අවධියේ දී නිසි ප්‍රතිකාර නොලද විට සති 6කට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතුවේ.

ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකිය.

 

 

 

05. ලිංගික ඉන්නන්

All About Herpes – The Genital Warts Cousin Of Sorts

හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ: ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස 8ක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී. ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය. ප්‍රතිකාර නොගැනීමෙන් ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ.

 

 

06. HIV/AIDS

HIV Aids Care By International Health Care Centre | Ghana Live TV
එච්.අයි.වී මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන අතර ඒඩ්ස් රෝගයට ගොදුරු විය හැක. HIV සහ AIDS යනු රෝග දෙකකි. HIV හි අවසානය විදියට AIDS හඳුන්වන්න පුළුවන්. ප්‍රතිකාරයක් නැත, නමුත් ඖෂධ මගින් ඔබට නිරෝගීව සිටීමට හැකියාවක් තිබෙනවා..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) ශ්‍රී ලංකාවේ එච්.අයි.වී / ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ. එය AIDS, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට ගෝලීය අරමුදල (GFATM) සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර දිවයින පුරා පැතිර ඇති ලිංගාශ්‍රිත රෝග සායන 34 ක් සහ ART මධ්‍යස්ථාන 23 ක් සඳහා නායකත්වය සහ තාක්‍ෂණික සහාය ලබා දෙයි.

ලිංගික රෝග වලට ගොදුරු වන බොහෝ පිරිස් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැහැ. නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍යම කාරණාවක්.

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන
නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10.
+94 011 26 67163
http://www.aidscontrol.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දිවයින පුරා තිබෙන සායනවල තොරතුරු ඔබහට ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.

 

දනුක ප්‍රශාන්

COVID-19 සහ වෙළඳ ප්‍රචාරණය..

අපි හැමොම මේ වෙද්දී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා.ඒක කවදාවත් කලින් නොවූන විදිහට මහජනයාගේ හැසිරීම වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේ පැන නැගිලා තියෙන අලුත්ම ගැටළු එක්ක මහජනතාවගේ ඉල්ලීම් සපුරන්න ව්‍යාපාර වලට එයාලගේ ව්‍යාපාර සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් වෙලා තියෙනවා .

ඇත්තටම වර්තමානයේ ඇතිවෙලා තියෙන සමාජ හා ආර්ථික පසුබිමත් එක්ක වෙළඳ ආයතන වලට කලින් කරලා නොතිබූණ විදිහට තමන්ගේ ව්‍යාපාර වල දැන්වීම් කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් පළ පලකිරීමේදී ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා.

 

ලංකාවේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඉතා ඉක්මනින් ඉවත් කරයි. එතකොට මිනිස්සු වෙළඳ නාමය පිළිබඳ සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරන්න යොමු වෙනවා.

වෙළඳ නාම වලට සහ ව්‍යාපාර වලට තිබුන ලොකුම අභියෝගයක් වුණ තරගකරුවන් දැන් අඩුයි. ඒ නිසා අව්‍යාජ භාවය අඩු වෙනවා. ඒ නිස ව්‍යජත්වයෙන් තොරව මිනිසුන්ගේ මනසෙහි රැඳෙන්න වෙළඳනාම වැඩ සිදුවෙනවා.

මේ වසංගතය අතරතුර ව්‍යාපාරවල ඉලක්කගත පාරිභොගිකයන්ට අවශ්‍ය වන ද්‍රව්‍ය සොයාගන්නේ මූලික කරුණු වලට ගිහින් නැවත පරික්ෂා කරලා බැලුවට පස්සේ . නමුත් මේ වෙලාවේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ අවබෝධ කරගන්න අපිට මේ මූලික කරුණු ම ප්‍රමාණවත් වන්නේ නැහැ.
මේ පිළිබඳව දැනගන්න අපිට මූලික ප්‍රශ්න දෙකකින් පටන් ගන්න පුළුවන්

 

1. ඔයාගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින්ගේ දැන් ආර්ථික තත්ත්වය කොයි වගේද?

ගොඩක් වෙලාවට උත්තර වෙන්නේ ඒ තරම් හොඳ නැහැ යන්න මොකද මේ වසංගතය ගොඩක් අයගේ ජීවනෝපාය වෙනස් කරලා තියෙනවා .

 

2. එයාලට උදව් කරන්න ඔයාට මොනවද කරන්න පුළුවන් ?

ඔයාට පුලුවන් අත්‍යවශ්‍ය නිෂ්පාදන හෝ සේවාවන් තරමක් නිදහස් කරන්න.ඒ වගේම ඔයාට බැහැ මගේ නිෂ්පාදනය ම මිලදී ගන්න කියලා ඔවුන්ට බලපෑම් කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි දෙයක් අපේක්ෂා කරන්නත් බැහැ.

මෙන්න ඔයාගේ ව්‍යාපාරය හෝ වෙළෙඳ නාමය අලෙවිකරණයේ දී හා දැන්වීම්කරණයෙදී මග හරින්න පුළුවන් වැදගත් කරුණු කිහිපයක්

 

1. ප්‍රේක්ෂකයින් සංවේදී කරවන වෙළඳ දැන්වීම්.

අපි දැනටමත් ඒක දැකලා තියෙනවා. ඔයාගේ නිෂ්පාදනයට කොරෝනා වෛරසය මූලික කරගන ඒක මිනිස්සුන්ට සංවේදී ලෙස සමීප කිරීම වගේ විහිළු සහගත දේවල් ඇත්තටම අවශ්‍ය වන්නේ නෑ. ඒවා ඇත්තටම කලාත්මකත් නැහැ. සංවේදී නොවන වෙළඳ දැන්වීම් අපි දන්නවා. ඒ නිසා ඒවායින් වළකින්න.

 

2. ශබ්දය බවට පත්වන අන්තර්ගතය.

දැන්වීමේ අන්තර්ගතය මෙම “අවිනිශ්චිත කාල වලදී ” ආරම්භ වී ” අපි ඔබ ගැන සැලකිලිමත් වෙමු කියලා අවසන් වන දැන්වීම් නොකරන්න වගබලා ගන්න.මොකද මේ වගේ වෙළඳ දැන්වීම් මගින් ශබ්දය වෙත ආකර්ශනය කර ගැනීමට උත්සාහ කරයි. මේවා සංවේදී වෙළඳ දැන්වීම් තරමට ම හානිකර වෙනවා . ඉතින් ඒ වගේ වෙළඳ දැන්වීම් කරන්න එපා.හැම වෙලාවෙම ප්‍රමාණාත්මක බවට වඩා ගුනාත්මක බව ජයගන්නවා . එම නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න .

 

3. උපායශීලී අලෙවිකරණය

මිනිස්සුන්ට දැන් වෙළඳනාම ගැන තියෙන සැකය වැඩි .ඒ නිසා ඔවුන් උපායශීලි අලෙවිකරණ උත්සාහයන් පිළිබඳ වෙනදාට වඩා සූක්ෂමව හඳුනා ගන්නවා. විශාල නොවන වෙළඳ දැන්වීම් සඳහා මූලික වැරැද්ද වන්නේ විශාල පිටපත් ලිවීමක් නොමැති වීමයි. හොඳ පිටපත් රචකයෙකුට පහසුවෙන් පණිවිඩයක් සංවේදනයක් නැතුවම නිර්මාණය කරන්න පුළුවන්. එම නිසා ශිල්පය පිළිබඳ අවබෝධයක් ඇති පිටපත් රචකයින් බඳවා ගන්න සැලකිලිමත් වන්න. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය සහ වෙළෙඳ නාමය අහිමි වීමට පෙර යමක් කිරීමට, ඉක්මණින් පටන් ගන්න.මේ අවස්ථාවේ ඔබට සුළු කාලයක් ලැබිලා තියෙනවා. ඒ ගැන ටිකක් සිතන්න. නිව්යෝක්හි ඔගිල්වි විධායක නිර්මාණ අධ්‍යක්ෂක ජෝන් ලෝගන් පවසන්නේත් ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බව.

 

ඔහු පවසන්නේ වෙළඳනාම සන්නිවේදනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඇති බව.

 

1. වෛරසයට එරෙහිව සටන් කරන්න ඔයා උදව් කරන්න ඕනේ කොහොමද?

වසංගතය මගින් එන අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්න. වෙළඳ නාමය අන්තර්ගතය වෛරසයට එරෙහිව අනුවර්තනය වීමට සහ සටන් කිරීමට හැකි වන ආකාරයට සකස් කරන්න.

 

2. ඔයා අනෙක් ව්‍යාපාර වලට සහ මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද?

විරැකියාව ඉහළ යාම මෙන්ම තවත් විශාල සේවකයින් කොටසක් වැටුප් කප්පාදු වලට මුහුණ දී තිබෙනවා. මෙහිදී ඔයා ජනතාව අතර වෙළෙඳ නාමය රඳවා ගැනීමට උත්සාහ කරන්නේ කොහොමද? ඔයාගෙ ව්‍යාපාරය හා සැපයුම්කරුවන් අතර සම්බන්ධතාවය වෙනස් වී තියෙන්නෙ කොහොමද සහ එම බැඳීම ශක්තිමත් කරන්න උත්සාහ කරන්නේ කොහොමද යන්න සොයා බලන්න .

 

3. අර්බුදය අතරතුර මිනිසුන්ට අවශ්‍ය තොරතුරු සැපයීම .

ඔයාගේ වෙළඳ වෙළඳ නාමය සමග මිනිසුන්ව සම්බන්ධ කරගනිමින් මහජනතාව දැනුවත් කිරීම සඳහා වෙළඳ නාමය භාවිතා කරන්නේ නම් ඒක අගය කළ යුතු වෙනවා . ඒ නිසා වෙනදාට වඩා නිර්මාණශීලීත්වයෙන් යුතු අදහස් ඉදිරිපත් කිරීමේ වගකීම නිර්මාණකරුවන්ට පැවරෙනවා . වෙළඳ නාමයේ අන්තර්ගතය ගොඩනැගීමේ දී ඊට ඉතා හොඳ වේදිකාවක් ලෙස වීඩියෝ මාධ්‍ය සකස් වී තිබෙනවා . මාෂල් මැක්ලූහන් පවසන්නේ ද “මාධ්‍ය පණිවිඩය වේ ” කියලයි. ඒ නිසා ලංකාවේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් පරිශීලනය කරන ටික්ටොක්, යූ ටියුබ් සහ රූපවාහිනිය ඔයාට අන්තර්ගතය ඉදිරිපත් කිරීමට භාවිතා කරන්න පුළුවන් . අර්බුධ අවස්ථාවේ සංවේදනයෙන් ප්‍රතිචාර දක්වන, සාපේක්ෂ අන්තර්ගතයක් ගොඩනගා ධනාත්මක වෙනසක් ඇති වෙන විදිහට මාධ්‍ය භාවිත කිරීමට උත්සාහ කරන්න . එය ඉලක්ක ග්‍රාහකයින්ට ඔයාව මතකය තබා ගැනීමට උපකාරී වෙයි.

 

සනීපාරක්ෂක නිශ්පාදන අළෙවි කරන සහ විසබීජ නාශක සේවා සපයන ආයතන..

දැන් ඇදිරිනීතිය ලිහිල් කර ඇති නිසා වෙනදට වඩා මිනිසුන් තම කටයුතු සඳහා ගමන් බිමන් වල නිරත වේ.මේ කාලයේ තම වටපිටාව, රැකියා ස්ථානය, නිවස, විෂබීජ වලින් තොරව තබා ගැනීමට සියලු දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ.ඒ සම්බන්ධයෙන් පැන නගින ගැටලු සහ බිය අවම කිරීමේ අපේක්ෂාවෙන් ගැස්ම අපි සනීපාරක්ෂක නිෂ්පාදන අළෙවි කරන සහ විසබීජ නාශක සේවා සපයන ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න තීරණය කළා.

සනීපාරක්ශක නිෂ්පාදන

George Steuart Health

 

 

 

George Steuart Health ආයතනය ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ස්ථර තුනකින් සමන්විත,ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ අධෝරක්ත උෂ්ණත්වමාපක සැපයීමට සූදානම් ව සිටී.මෙම මුහුණු ආවරණ හි උපරිම ආරක්ෂාවක් සපයා දීමේ අපේක්ෂාවෙන් ස්ථර තුනක් ඇතුලත් කර තිබේ. ජලය විකාශනය වීම සහ දූවිල්ලට ඔරොත්තු දිය හැකි ලෙස එය නිර්මාණය කර ඇත.තොග මිලදී ගැනීම් වලදී ආකර්ෂණීය මිල අඩු කිරීම් සිදුකරයි.එක් පෙට්ටියක මුහුණු ආවරණ 50 කින් සමන්විතයි.

අධෝරක්ත උෂ්ණත්වමාපක මගින් නිවැරදි ලෙස ශරීර උෂ්ණත්වය නිර්ණය කළ හැකි අතර එය පරිශීලනය කරන්නාට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පරීක්ෂා කළ හැකියි. උෂ්ණත්වමාපකය LKR 15,900කි. අවුරුදු දෙකක වගකීමක් සහිතයි. බේදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මුහුණු ආවරණ සඳහා විමසීම් – 077 767 0708 (සංජය)
අධෝරක්ත උෂ්ණත්වමාපක සඳහා විමසීම් – 077 766 6814 (රවිශ්ක)/ 077 739 0421 (තුෂාන්ත)

ඔවුන්ගේ website හෝ facebook page එකට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක. යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට ඔවුන් සමග රැඳී සිටින්න.

 

 

George Steuart Laboratories (Pvt)Ltd

ඔබ සහ ඔබේ වටපිටාව විෂබීජවලින් තොරව තැබීමට ඔබට උපකාර කිරීම සදහා Sterill සනීපාරක්ෂක ගණනාවක් හඳුන්වා දී ඇත.පහත විස්තර වලට අනුව ඔබේ ඕනෑම අවශ්‍යතාවකට ගැලපෙන පරිදි නිෂ්පාදන ඔවුන් සතු යි.

1).Advanced Hand Sanitizer Gel (50ml/ 300ml)
-බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ ප්‍රතිවයිරස සහිත දෑත් පිරිසිදුකාරකි. දෙඅත් තෙතමනයෙන් තබා ගැනීම සඳහා ඔලිව් ඔයිල් සහ විෂබීජවලින් ආරක්ෂා කිරීම සඳහා 70% ක් මද්‍යසාරයද මීට එක්කර ඇත.

2).Alcoholic Hand Rub (5l)
– බැක්ටීරියා නාශක, දිලීර නාශක, ප්‍රති වයිරසයන්ගෙන් සමන්විතයි. මෙම දෑත් පිරිමැදුම්කාරකයෙහි 70% මද්‍යසාරය වන අතර තෙතමනය රඳවා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විතයි. මෙමගින් දෑත් විෂබීජවලින් ආරක්ෂා කර තබා ගත හැක.

3). Sanitizing Spray Gel (5l)
-මිනිසුන්හට මෙන්ම මෘදු මතුපිට සඳහාද භාවිතා කළ හැක. ඉක්මනින් ක්‍රියා කිරීම සඳහා 70% මද්‍යසාර එකතු කර ඇති අතර ප්‍රතිවයිරස්, විෂබීජ නාශක, දිලීර නාශක වලින් සමන්විතයි.

4). Surface Sanitizer (5l)
– කිසියම් මතුපිටක් සඳහා එනම් කවුන්ටර් සඳහා සහ මේසයක් මතුපිට, ආසන වල ඉසිය හැක. බ්ලීචිං වලින් තොර බැක්ටීරියා නාශක,දිලීර නාශක සහ ප්‍රතිවයිරස කාරක වලින් සමන්විතයි .ගිනි ඇවිලීමෙන් තොරයි.

5). Outdoor Sanitizer (5l)
– බ්ලීචින්කාරක සහිතයි . මෙය පිටත, රළු මතුපිට වල එනම් මහා මාර්ග සහ බිත්ති වල ඉසිය හැක. ගිනි ඇවිලීමෙන් තොරයි.

077 794 9440, 077 789 6334 අමතා ඔබේ ඇණවුම් භාර දෙන්න. http://sterill.lk ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගන්න.

 

 

Amami

කාර්යාලයේ දී විෂබීජ වලින් ආරක්ෂා වීම සඳහා Amami විසින් office pack 2 ක් හඳුන්වා දී ඇත.

Pack 01 (LKR 600)-
අත්වැසුම් ජෝඩුවක්, එක් වරක් භාවිතා කල හැකි මුව ආවරණයක්, Saniting spray (50ml),එක් වරකට අවශ්‍ය පරිදි wet tissue පැකට් එකක්.

Pack 02 (LKR 1000) – අත්වැසුම් ජෝඩු 5ක්,දෑත් පිරිසිදුකාරකයක් (50ml), Santizing spray, wet tissue පැකට් 5ක්.

ගනේමුල්ල,කොළඹ 1-15, පෑලියගොඩ,කැලණිය කඳාන, කිරිබත්ගොඩ,රාගම කඩවත,වත්තල,රත්මලාන සඳහා බේදාහරිනු ලැබේ. ඇණවුම් ලබා දීමට- 076 197 8989 (ගයාන්) සහ 075 690 2799 (දුලාජ්) අමතන්න.
ඔවුන්ගේ facebook page එක මගින් වැඩි විස්තර දැනගන්න.

 

 

Friendly.lk


3 ply මුව ආවරණ, N95 මුව ආවරණ ,අත්වැසුම්,පිරිසුදුකාරක සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය තවත් උපකරණ ගණනාවක් මොවුන් සපයයි.

*එක් පෙට්ටියක මුව ආවරණ 50 ක් අඩංගු වේ.
අවශ්‍ය දෑ ඔබේ දොරකඩටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇනවුම් කරන්න. (076 473 1755). බේදාහැරීමේ ගාස්තු ප්‍රදේශය මත තීරණය වේ. ඔවුන්ගේ facebook page එක මගින් වැඩිදුර තොරතුරු දැනගත හැක.

 

 

Safety.lk

LKR 1800 ක් වටිනා සෞඛ්‍යාරක්ෂිත පැකට්ටුවක් මොවුන් හඳුන්වාදී ඇත. dreamron දෑත් පිරිසිදුකාරකය (500ml), dreamron hand sanitizer(100ml), dreamron sanitizer spray (500ml), නැවත භාවිතා කළ හැකි මුව ආවරණ 5ක්ද මේ තුළ අඩංගු වී ඇත.
ඔවුන්ගේ නිෂ්පාදන කොළඹ ආශ්‍රිතව රුපියල් 150ක ගාස්තුවකට යටත් ව බෙදා හරිනු ලබයි. බෙදාහරින අවස්ථාවේ මුදල් ගෙවීම ප්‍රමාණවත් වේ .ඔබේ ඇණවුම් ඇමතුමකින් හෝ වට්ස්ඇප් මගින් 070 333 034 දැනුම් දෙන්න. වැඩිදුර විස්තර දැනගැනීමට ඔවුන්ගේ facebook page එකට පිවිසෙන්න.

 

 

Healthguard

healthguard විසින් සෞඛ්‍යාරක්ෂිත මල්ලක් රු. 1970 කට හඳුන්වා දී ඇත. ඒ තුළ ශල්‍ය මුව ආවරණ 10ක්, දෑත් සැනිටයිසර් බෝතල් දෙකක්, XON-CE (Vitamin C) පෙති 20ක්, සමහන් පෙට්ටියක්, clogard mouth wash (200ml) අඩංගු වෙයි.

ඔබේ පහසුව සඳහා ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත මලු සහ මුඛ ආරක්ෂණය සදහාද ප්‍රථමාධාර සඳහා ද වෙන් වෙන් වශයෙන් මලු හඳුන්වා දී ඇත. www.healthguard.lk/ හරහා ඔබට ඇණවුම් ලබා දී හැක. ඔවුන්ගේ facebook page එකත් සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැන ගන්න.

 

 

Wasi.lk

wasi.lk මගින් දේශීය නිපද වූ සහ ආනයනය කළ 3ply මුව ආවරණ සපයනු ලබයි. එක් පෙට්ටියක මුව ආවරණ 100 ක් අඩංගු වේ. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවක් ගෙන යාම සඳහා අවශ්‍ය දෑ hand wash,hand sanitizer, ඩෙටොල් විෂබීජ නාශකද සපයනු ලබයි.

ඔබට අවශ්‍ය දෑ දොරකඩ ළඟට ම ඔවුන් බෙදා හරිනු ලබයි. http://www.wasi.lk හරහා ඔබගේ ඇණවුම ඇණවුම භාරදෙන්න.වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම සමග සම්බන්ධ වන්න.

 

 

Arpico supercentre

Arpico supercentre විසින් පුද්ගලයන්ගේ උෂ්ණත්ව මට්ටම මැනීම සඳහා අධොරක්ත ශරීරය උෂ්ණත්වමාපකයක් හඳුන්වා දී ඇත .මෙම උපකරණය මගින් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට හැකි වන අතරම ,පුද්ගලයින් 100 දෙනකුගේ දත්ත ගබඩා කර ගැනීමට ද හැකියාව පවතී .

077 630 3558 ඇණවුම ඉදිරිපත් කිරීම සඳහා අමතන්න.මිල රු. 15,900යි.
බෙදා හැරීමේ පහසුකම් සපයන අතර ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදු කරයි .වැඩි විස්තර දැන ගැනීමට ඔවුන්ගේ ෆේස්බුක් පිටුව සමග සම්බන්ද වෙන්න.

 

 

Mymed.lk

Mymed.lk මගින් සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා අධෝරක්ත උෂ්ණත්වමාන, මුහුණු ආවරණ ,දෑත් පිරිසිදු කාරක , ආරක්ෂිත ශරීර ආවරණ හා ආරක්ෂිත මුහුණු ආවරණ වැනි අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරණ සපයයි .

තොග ඇණවුම් ද භාර ගනු ලැබේ. තනි නිෂ්පාදන ඇණවුම්
කිරීම ට 071 977 4774 අමතන්න/ http://bit.ly/MymedSafety වෙත පිවිසෙන්න .

 

 

Nature’s Secrets ආයුර්වේද නිෂ්පාදන

ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා දෑත් සනිපාරකෂක දියර (150ml) ,දෑත් සනීපාරක්ෂක ජෙල් (50ml) බෙදා හැරීම සඳහා Nature’s Secrets , PickMe Food සමඟ හවුල් වී ඇත. තලවතුගොඩ සිට කිලෝමීටර් 6ක දුර ප්‍රමාණයක් තුළ බෙදාහැරීම සිදු කරන අතර ඒ සඳහා ගාස්තුවක් අය කරයි .

ඔබ කළ යුත්තේ Pick me app download කර Pick me Food වෙත ගොස් ඇණවුම් කිරීම පමණි.වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔවුන්ගේ Facebook පිටුවේ රැඳී සිටින්න.

 

 

විසබීජ නාශක සේවා

Promowatch (Pvt) Ltd

Promowatch (Pvt) Ltd.විසින් දොරටුවල තැබිය හැකි සනීපාරක්ෂණය ද්වරයක් නිෂ්පාදනය කර ඇත .එය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වේ. දොරටුවෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ මුළු සිරුරම පිරිසිදු කිරීමට මෙමගින් හැකි වේ . මෙහි උස අඩි 7ක් ,දිග අඩි 6ක් සහ පළල අඩි 4ක් ලෙස පුද්ගලයකුට ඇතුල්වීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත.ඉසිණය , අංශක 360 කට කැරකවීම මගින් මුළු සිරුරම ආවරණය වේ.මීට අමතර ව , කාර්යාල පහසුව සඳහා (අත් භාවිතා නොකර ) පැඩල් මාධ්‍යයෙන් දෑත් සේදීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත .

ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 070 320 6443 ( සුපුන්) යන දුරකථන අංකය අමතන්න.යාවත්කාලීන තොරතුරු දැන ගැනීම සඳහා ඔවුන්ගේ facebook පිටුවට පිවිසෙන්න .

 

 

Threestar Environmental


Threestar Environmental විසින් 99.9% විසබීජ, බැක්ටීරියා ,වෛරස් හා දිලීර විනාශ කිරීම සඳහා විෂබීජ නාශක හා සනීපාරක්ෂක සේවාවන් සපයයි .මෙය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති අතර, කාර්යාලය ,නිවාස මහල් නිවාස ,පාසල් ,සාප්පු සංකීර්ණ,ආපනශාලා රෝහල් , විශ්වවිද්‍යාලය සහ කැෆේ වෙත ඔවුන් ගේ සේවාවන් සපයනු ලැබේ.

O775060598 යන දුරකථන අංකය හෝ www.three -star.lk පිවිස සේවාවන් ලබා ගත හැක. වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න .

 

 

Sanitize colombo

 

Sanitize colombo ,ව්‍යාපාර ස්ථාන සඳහා සනීපාරක්ෂක හා විෂබීජ නාශක සේවා සිදුකරයි . ඔවුන් භාවිතා කරන දියර ජෛව ආරක්ෂිත හා රෝහල් මට්ටමේ විසබීජ නාශක වේ .ඔවුන්ගේ සේවාවන්හි මිල :
1000 sqft – rs.3999
2000 sqft – rs.5999
3000 sqft – rs.6999

සේවාවන් සඳහා ඔබගේ දිනය හා වෙලාව වෙන්කර ගැනීමට 077 6887806 අමතන්න .වැඩිදුර විස්තර සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

 

 

examinators sri lanka

ප්‍රමුඛ පෙළේ පරිබෝධ මර්දන සමාගමක් වන examinators ශ්‍රී ලංකා ,වර්තමානයේ දී විසබීජ නාශක සේවාවක්ද ආරම්භ කර ඇත. පහත සඳහන් වට්ටම් වලට අනුව ඔවුන් පාසල් විසබීජහරණය කරනු ඇත.
ජාත්‍යන්තර පාසල් – 10% ක වට්ටමක්
පෞද්ගලික පාසල් -15%ක වට්ටමක්
රජයේ පාසල් – 20% ක වට්ටමක්
ගාස්තු සහ අමතර තොරතුරු ලබා ගැනීම සඳහා 011 7760 760 අමතන්න. වැඩි විස්තර සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න .

 

 

Clean well Solutions

පරිසර වල සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා clean well solutions විසබීජ නාශක සේවා සපයයි. පෘෂ්ඨයක් මත 99.9% විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ඇති විෂබීජ නාශකයක් මොවුන් භාවිතා කරයි .කාර්යාල, සාප්පු සංකීර්ණ ,නිවාස හා ආපන ශාලා සඳහා ඔවුන් සේවාවන් සපයයි .

සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ,076 526 8711 හෝ 071 054 8617 යන දුරකථන අමතන්න .යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න ..

 

දියවැඩියාව මූලික අවදියේදිම පාලනය කරගන්න.. නැතිනම් ප්‍රතිළුල භායානකයි..

 

දියවැඩියාව ලෝක ජන ගහණයෙන් වැඩි පිරිසක් ගොදුරු වී සිටින බෝ නොවන රෝගයක්. ඒ ව‌ගේම බෝ නොවන රෝග අතරින් ප්‍රධාන තැනක් ගන්නෙත් දියවැඩි රෝගයයි. මේ වෙනකොට කුඩා දරුවා‌ගේ පටන් වයස් බේදයකින් තොරව දියවැඩියාවට ගොදුරුවන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීම තමයි භයානකම දේ. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය, මානසික ආතතිය මෙම ප්‍රතිශතය වසරින් වසර වැඩි වීමට හේතු වී තිබෙනවා. දියවැඩියාව ඇතිවෙන්නේ අපේ සිරුරෙන් අවශෝෂණය වෙන ග්ලුකෝස් රුධිරයට එකතුවෙලා ඉන්සියුලින් වන හෝමෝනය මගින් සිරුරේ සෛලවලට අවශෝෂණය කරන ග්ලූකෝස් සාන්ද්‍රණය ක්‍රමාණුකූලව පවත්වාගන යාමට නොහැකි වීමයි.දියවැඩියාව ලෙස නම ඇතිවෙන්න හේතුවෙලා තියෙන්නේ මෙම රෝගය වැලදුන විට මුත්‍රා සමග සීනි පිටවීම නිසා ශරීරයෙන් වැඩිපුර ජලය පිටවන නිසායි.

 

ඉන්සියුලින් කුඩාකල සිට ශරීරය තුළ නිපදවීමට හැකියාවක් නැතිවු විට කුඩා අවදියේම දියවැඩියාව සෑදෙයි. මේ හේතුව නිසා වර්ථමානයේ පොඩි ළමයින්ට දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත. මෙම අවධියේ ඇතිවෙන දියවැඩියා තත්ත්වය ළමා දියවැඩියාව ලෙස හදුන්වයි. දියවැඩියාව ඇතිවිමට ජාන හේතු ද පවුල් පසුබිම ද බලපානවා. මවට හෝ පියාට දියවැඩියා තත්ත්වයක් ඇතිවී තිබෙනවානම් එය දරුවාට වැලදීමට ඉඩකඩ වැඩී. ඒ වගේම ගර්භනී මව්වරුන්ටත් දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩී.

 

මේ කුමන ආකාරයට හෝ දියවැඩියාවට ගොදුරු වූ ඕනෑම පුද්ගලයෙක් මේ රෝගය පාලනය කරගත යුතුයි. එසේ නොකළහොත් මෙම රෝගය දරුණු අවස්ථාවට පත්වෙනවා. වකුගඩු අක්‍රියතාවය, අක්ෂි රෝග, තුවාල , හෘද සංකුලතාව දියවැඩියාව වර්ධනය වීමෙන් ඇතිවෙනවා. දියවැඩියාව පාලනය නොවුනාම මුඛ රෝග ඇතිවෙන බව ‌ගොඩක් දෙනා දන්නේ නැහැ. සිරුරේ රුධිරයේ සීනි මට්ටම වැඩි උනාම ආසාදන ඇතිකරන ක්ෂුද්‍ර ජීවීන් ශරීරයේ ගහනය වැඩි වී ශරීරයේ ප්‍රතිශක්තීකරණය අවම කරනවා. මේ හේතුවෙන් මුඛයේ ඇතිවෙන ආසාදනයන් ඉහළ යනවා. බොහෝ රෝගීන් තමන් දියවැඩියා රෝගියෙක් බවට හදුනාගන්නේ සුව නොවන විදුරුමස් ආසාදන වලින් . දියවැඩියාව මුලික අවදියේම පාලනය කරගත්තේ නැතිවුණොත් පසුව කොතෙකුත් ඖෂධ ගත්තද රෝගය පාලනය කරගැනීමට හැකියාවක් නැත. අපිට නොදැනීම තමයි දියවැඩියාව ඇතිවෙන්නේ. අපගේ වැරදි ආහාර රටාව නිසා දියවැඩියාව ඇතිවෙන්න වැඩි ඉඩකඩන් තියෙනවා.මෙම රෝගයෙන් ‌නොදැනුවත්ව ශරිරයේ විවිධ අංගයන්ට හානි ඇතිවෙනවා. මෙසේ වීමට කලින් දියවැඩියා රෝග තත්ත්වයන් කල්තියා හදුනාගැනීමට හැකියාව තිබෙනවා. දියවැඩියාව මූලික අවදියේම පාලනය කරගැනීම මගින් ඒයින් ඇතිවෙන දරුණු ලෙඩරෝග පාලනය කරගැනීමට හැකියාව තිබෙනවා.

ඔයා ඔයාගේ ඇඟ නිසා මානසිකව වැටුණු කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේ ලිපිය කියවන්න..

අනේ මම මහත වැඩි, මගෙ බඩ වැඩී අනේ, මට එපා වෙලා ඉන්නෙ අනේ මේ ඇඟත් එක්ක මට ලස්සනටඇදුමක්වත් අදින්න බෑ , අපේ එක්කෙනා කියනවා අනේ මම දැන් පිටි මුට්ටයක්
වගේ කියලා…..

 

මේ දවස්වල වැඩියෙන්ම අපේ කාන්තාවන්ගෙන් අහන්න ලැබෙන කතා තමා මේ තියෙන්නේ…දැන් තියන life style එකත් එක්ක මේ තත්ත්වය එන්න එන්න වැඩිවෙනවා. හැම කෙනෙක්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. ඉතින් තමන්ගෙ ඇඟ ගැන හිතන්න වෙලාවක් නැතිවෙලා තියෙන්නෙ.Trend එකක් විදියට අපේ තරැණ පරපුර තමන්ගෙ body එක maintain කලත් එක නවත්වන්නැතුව දිගටම කරගන යන්නේ කීපදෙනයි. marry කලාට පස්සේ කොහොමවත් තමන්ගෙ ඇඟ ගැන හිග‍තන්න කාන්තාවන් යොමුවෙන්නෙ නැහැ. ඊට පස්සෙ ඉතින් අඩනවා මම මහත් වෙලා නිසා කැතවෙලා කියලා. marry කරපු අය තමා හරිනම් තමන්ගෙ ඇඟ ගැන වැඩිපුර හිතන්න ඔින. අනික සෑහෙන දවසක් ගෙදර හිටපු නිසා එක එක කෑම ජාති හදන්න පුරුදු වෙලා ඒවා කලා තවත් මහත් වෙලා ඇත්තේ කට්ටිය. අනික කාර්යයබහුලයි වෙලාවක් නැහැ කියන එක මේ ප්‍රශ්නෙට කොහෙත්ම හේතුවක් නෙවෙයි. ඔයා ඔයාට ආදරෙයිනම් ඔයාට ඔයා ගැන හිතන්න වගේම ඔයාගෙ ඇඟ ලස්සනට තියාගන්න වෙලාවක් හදාගන එකට වැඩ කරන්න පුළුවන්.

 

ඔයත් ඔයාගෙ ඇඟ ලස්සනට තියාගන්න කල්පනා කරනවනම් මේ simple steps ටික අනුගමනය කරලා බලන්න. සැබැ වෙනසක් ඉක්මනින්ම ඔයාටම බලාගන්න පුඵවන් වේවි.

 

 

1. හැමදාම ව්‍යායාම කරන්න.

 

ව්‍යායාම කරන්න gym යන්නම අවශ්‍ය නැහැ. enjoy කරන්න පුළුවන් ව්‍යායාම තියනවා. ඔයාට පුළුවන් එවා try කරන්න. උදාහරණ වශයෙන් ඔයාට දුවන්න පුළුවන්, swimming කරන්න පුළුවන්, yoga හෝ skipping rope කරන්න පුළුවන්. මේ දෙවල් වලින් ඇඟ මහන්සිවෙලා අනවශ්‍ය මේදය අයින් වෙලා යනවා. ඔයා ඇඟ හදාගන්න කැමති, ඒ ආකාරයට body maintain කරන කෙනෙක් follow කරන්න. ඒකෙන් ඔයාට ඔයා කරන්න යන දේ පිළිබදව කැමැත්තක් target එකක් ඇති කරගන්න පුළුවන්.

 

 

2. වෙලාව කළමනාකරණය

Time management තමයි වැදගත්ම කාරණය. ගොඩක් අය ව්‍යායාම කරන්නේ නැත්තේ වෙලාවක් නැ කියලා. ඇයි වෙලාවක් නැ කියන්නෙ. ගොඩක් වෙලාවට ව්‍යායාම කරන්න තියන අකමැතිකම තමා ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ. නැත්තම් Time management කරගන්න බැරිකම වෙන්නත් පුළුවන්. ප්‍රධාන දේ තමන් කරන්න යනදේට කැමැත්තක් ඇතිකරගන්න එක. ඔයා දවසේ වැඩ plan කරන්න. shedule එකක් හදාගන්න. ඒකට අනුව වැඩ කරන්න. social media වලට යොදන කාලය අඩු කරන්න. ඒ කාලය යොදාගන ව්‍යායාම කරන්න. අනික එක එක වෙලාවට කැම කන්න එපා. වෙලාවකට රටාවකට කෑම කන්න.

 

 

3.ක්ෂණික ආහාර මගහරින්න.

Busy life එක නිසා ක්ෂණික ආහාර (fast food) වලට ගොඩක් අය යොමුවෙලා තියෙනවා. මේ කෑම නිසා තරබාරු බව වැඩිවෙනවා. ඇඟේ shape එක පවත්වාගන යන්නනම් පළතුරැ සහ එළවළු ඉතාම වැදගත් වෙනවා. ඔයාට ඇඟ ලස්සනට තියගන්න අවශ්‍යනම් මේ දේවල් ආහරයට ගන්න.විශේෂයෙන්ම කොළපාට එළවළු. මේ කෑම වලින් ආහාර ජීරණය පහසු කරවනවා. ශරීරය නීරෝගි වෙන්න මේ දේවල් ගොඩක්ම වැදගත්.

 

 

4. අනිවාර්යයෙන් හොදට නිදාගන්න

උදේ ඉදන් රෑ වෙනකන් ම හැම කෙනෙක්ම කොයිම විදියකින් හරි තමන්ගේ මනස සහ ශරීරය වෙහෙසනවා. එ නිසා අනිවාර්යෙන්ම පැය 6 වත් හොද නින්දක් අවශ්‍ය වෙනවා තමන්ගෙ ශරීරය
නීරෝගිමත්ව පවත්වාගන යන්න.

 

 

5. ඔයා හැමවෙලේම ධනාත්මක වෙන්න

motivation කියන දේ ඉතාම වැදගත්. හැම වෙලේම මට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න. positive mindset ඒකක් තියාගන අපිට ඔින දෙයක් කරන්න පුළුවන්. භාවනාවට යොමුවෙන්න පුළුවන්නම් mind එක train කරන්න පුළුවන් ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න.

තමන්ගෙ ඇඟ ගැන දුක්වෙන හැම කෙනෙක්ටම පුළුවන් මේ දේවල් ටික අනුගමනය කරලා ඔයාගෙ dream body ලබා ගන්න. එ වගේම positive mindset එකක් ඇතිකරගන්නත් ඔයාට පුළුවන්.

Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?

අපේ රටේ මිනිස්සුන්ට sex ගැන කතා කරන්න තියෙන්නේ පුදුම බයක් වගේම ලැජ්ජාවක්. කරන්න හොඳයි හැබැයි මේ ගැන කතා කළොත් තමයි වැරදී. මේ සම්බන්ධව කතා කරන අයට අපේ මිනිස්සු පට්ටමකුත් දෙනවා හොඳට experience තියනවා නේද කියලා. ලෙකු ඔළුවක් තිබ්බට අබ ඇටයක් තරම්වත් මොළයක් නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය කියන එක ලංකාවට මැජික් එකක් වෙලා තියෙන්නේ. අනෙකුත් රටවල විධිමත්ව මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් ලංකාව තුළ එහෙම දෙයක් නැහැ. එකනේ මෙච්චර මේ මාතෘකාව මැජික් එකක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ බටහිර රටවල ඉන්න ඈයොන්ට වඩා අපේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ සම්බන්ධව සෑහෙන්න දේවල් දන්නවා. ඉන්ටනෙට් එක නිසා මේ දේවල් ගැන සෑහෙන්න දේවල් දැනගන්නත් ලිංගිකත්වය කියන දේ බිල්ලට අරන් ජීවිතයක් දවසෙන් උනත් නැති කරන්නත් අපේ මිනිස්සු සෑහෙන්න දක්ෂයි. මේ ලඟදි දවසක ළමයි දෙන්නෙක් වීඩියෝ කරලා කුණුහරුපෙන් බැනලා ඒ වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහරින්න තරම් එතන පොර වෙන්න ගිය වැඩිහිටියෝ කියන උදවියගේ කෙරුවාව මොළයක් තියන උදවියට තේරෙනවා ඇතිනේ. ළමයෙක්ට දෙයක් පහදලා දීලා හරිමගට ගන්නවා වෙනුවට මුළු ජීවිත දෙකක්ම විනාශකරන තත්ත්වට පත්වෙන්න තරම්, මේ Sex කියන දේ ලැජ්ජාවක් කියන තැනට පත්වෙන්න තරම් අපේ රටේ ලිංගික අධ්‍යාපනය කොයි තරම් පහත් තැනකද තියෙන්නේ. මේ වගේ සිදුවීම් තව කොච්චර වෙනවාද?

 

මේ ලොකේ හැම දෙයක්ම Daily update වෙනවා. ඒ වුණාට අපේ මිනිස්සුන්ගේ මොළවල් තාම stuck වෙච්ච system එකක්. තමන්ගේ මතයට පරිබාහිර හැම දෙයක්ම වැරුද්දක් , අපරාධයක්. ප්‍රසිද්ධියේ අත්අල්ලන් ගියොත්, වැළඳගත්තොත් නැත්තම් බස් එකේ එකට වාඩිවෙලා කතා කරකර ගියොත් ලංකාවේ එක ලොකු වැරුද්දක්. මෙහෙම දෙයක් දැක්කොත් ඒ ළමයව Pregnant කරලා තමයි නවතින්නේ. මේ දේවල් අහිංසක විදිහට ආදරය විඳින දෙයක් කියන එක අපේ මිනිස්සුන්ට තාම පිළිගන්න අමාරු දෙයක් . මේ නිසා තමයි පොඩි උන් කාමර ගානේ රිංගගෙන ආදරය කියනදේ වෙන විදියකට හොයන්න යන්නේ.

 

ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලික ඉගැන්වීම කළ යුත්තේ නිවසෙන්. දෙමාපියන් තමයි එ් මූලික කාරණා දරුවන්ට කියලා දෙන්න අවශ්‍ය. ඒ වගේම පාසල් අධ්‍යපනය තුළිනුත් මේ දේවල් දරුවන්ට ඉගැන්විය යුතුයි. මේ දවස්වල කතාවෙන “ලිංගික අධ්‍යාපනය” ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ (sexuality education) විදියට. ඒක නිවැරදිව සිංහලට පරිවර්තනය වෙන්න ඕනෙ “ලිංගිකත්ව අධ්‍යාපනය” කියලා. ලිංගය (sex), ලිංගික (sexual), සහ ලිංගිකත්වය (sexuality) කියන්නෙ එකිනෙකට වෙනස් තේරුම් ඇති වචන තුනක්. ඒ නිසා මෙතැන ඉඳලා “ලිංගික අධ්‍යාපනය” කියන වැරදි යෙදුම වෙනුවට “ලිංගිකත්ව අධ්‍යාපනය” කියන නිවැරදි යෙදුම භාවිතා කරනවා.

 

මූලිකවම ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබුණේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම. පසුව ඒඩ්ස් පැතිරීම වැලැක්වීම හා ලිංගික අපයෝජන පිළිබඳ දැනුම්වත් කිරීම. දැන් මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සිදුවන වෙනස්කම් අවම කිරිම සහ අන්තර්ජාලය හරහා සිදුවන අයුතු බලපෑම් අවම කිරීම දක්වා ලිංගිකත්ව අධ්‍යාපනය පරිණාමය වෙලා තියෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය නිසි ලෙස ලබා දීම නිසා ලිංගික සම්බන්ධතා ඇතිකරගැනීම ප්‍රමාද වීම සහ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගණන අඩු වීම වගේම ලිංගික සම්බන්ධතාවල දී අවදානම් ගැනීමට පෙළඹීම අඩුවීම, උපත් පාලන කොපු (කොන්ඩම්) සහ උපත් පාලන ක්‍රම භාවිතය ඉහළ යාම වැනි දේවල් ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටවල් බොහෝමයක කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා.

 

ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකියව මේ අධ්‍යපනය හරහා තිබෙනවා. මිනිස්සු දන්නේ ඒඩ්ස් ගැන විතරයි. නමුත් තවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබෙනවා. ඒවා වළක්වාගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර ලබාගන්නේ කොහෙන්ද? ඒ රෝග මොනවද? කියලා මේ හරහා අවබෝධයක් ලබාගන්න හැකියාව තිබෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තවත් රටවලත් ලංකාවේ වගේම නැත්තම් ඊටත් වඩා විරෝධතා මතු වෙලා තියෙනවා. එහෙම විරෝධතා ඇතිකරලා තියෙන්නේ දරුවන් මේ හරහා ලිංගික චර්යාවන්වලට යොමු වෙන්න පුළුවන් කියන තර්කය මත. නමුත් ඒ මතයේ සත්‍යතාවයක් නෑ කියන එක නැවත නැවතත් සිදුකරපු සමීක්ෂණවලින් අවධාරණය වෙලා තියෙනවා . මේ ‍වෙනකොට ඒ තර්කය සම්පූර්ණයෙන්ම අවලංගුවෙලා තියෙන්නේ.

 

sex ගැන කතා කරනවා කිව්වහම අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ වෙනම බහුබූතයක්. sex ගැන එහෙමත් නැත්තම් මේ ලිංගිකත්වය සම්න්ධයෙන් කතා කරනවා කියන්නේ ඉහත සදහන් දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම .ලිංගිකත්වය විද්‍යාත්මකව විවෘතව සාකච්ඡා කළ හැකි මාතෘකා බවට පත් කළ යුතුයි. නිසි වයසේදී දරුවන්ට මේ සම්බන්ධයෙන් විදිමත් ලෙස අධ්‍යපනයක් ලබාදිය යුතුයි . මේ සම්බන්ධව අදහස් බෙදාහදා ගත යුතුයි. සමාජ පරිහානියන් අවම කරගන්න දැනුවත් සමාජයක අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම ඔබේ වගකීමයි.

 

උත්පලා ඉන්ද්‍රචාපා

 

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මට තෑග්ගක් දෙමුද..?

 

නිරෝධානය නිසා බොහෝ කාලයක් අපි නිවසේ රැඳි සිටියා. මේ අතරතුර දී අපි tik tok videos කරන්නත්, ඩල්ගොනා coffee හදන්නත්, සමාජ මාධ්‍ය සැරිසරන විවිධ අභියෝග කරන්නත්, සජීවී සම්මේලනවලට සහභාගි වෙන්නත් පුරුදු වුණා. ගෙදරට වෙලා හිටියත් පවුලේ සැමටම අලුත් අත්දැකීම් රාශියක් එකතු වුනා. ඉතින් ළග ළගම එන මවුවරුන්ගේ දිනයට අම්මට දෙන්න මොකුත් නෑ කියලා නිකන් ඉන්න එක නම් නිදහසට කාරණයක් නෙමෙයි. මව්වරුන්ගේ දිනය 2020 මැයි 10 වැනිදා තමයි යෙදීලා තියෙන්නේ. දවස නං ගොඩක් ළං වෙලා. ඉතිං අපි ඉක්මනින්ම අම්මලට තෑගි දෙන game එකකුත් තියමුනේ?

 

මේ මාස දෙකක කාලය තුළ අම්මලා කරපු කැපකිරීම් නම් මහමෙරයි. අපි වෙනදට වඩා නිදහසේ හිටියට අම්මලාට නම් වෙනදාට වඩා වැඩ ගොඩයි. තුනපහ,බඩු මුට්ටු ටික පිරිමහලා අපි හැමෝටම රසට කෑම උයලා දෙන්න වගේම, පාසල් නිවාඩු නිසා පොඩි ළමයි හොඳින් බලා ගන්නත්, පවුලේ හැමෝම සතුටින් තියන්නත් ඔවුන් අප්‍රමාණ වෙහෙසක් දරනවා. ඉතිං මේ සැරේ මව්වරුන්ගේ දිනයට ඔවුන්ට තෑග්ගක් ලැබිය යුතුමයි. ඇඳිරි නීතිය සහ අවශ්‍ය ද්‍රව්‍ය නැති නිසා අපිට තෑග්ගක් ගන්න වගේම හදන්න තියෙන අවකාශය අඩුයි. ඒ නිසාම අපි ඔයාලට අවස්ථා කිහිපයක් හඳුන්වලා දෙනවා.මේ අතරින් ඔයාගේ අම්මට ගැලපෙන දේ ඔයාට තෝරගන්න පුළුවන්.

~ තෑගි පෙට්ටි
~ කේක් සහ රස කැවිලි
~ මල්
~ ඇඳුම් පැළඳුම්
~ සුවතා නිෂ්පාදන

 

GIFT BOXES

තෑගි දීමේ කලාවෙහි ශිල්පීය ලෙස සකසන තෑගි පෙට්ටි තමයි අලුත්ම trend එක.මෙහි ප්‍රධාන කාරණා දෙකකි.
1). ඒවායේ අන්තර්ගතය එකිනෙකට වෙනස් වන අතර ඔබේ ආදරණීයන් සඳහා විශේෂයෙන්ම සකස් කර ගත හැකියි.
2).ඉතා අලංකාර පෙට්ටි වල එන බැවින් එතීම සහ ඇසුරුම්කරණය පිළිබඳව ඔබට කරදර විය යුතු නැහැ.

 

PlushBox

 

 

සකස් කරන ලද තෑගි පෙට්ටි වර්ගයකි. මව්වරුන් සදහා සුවිශේෂී පැකේජ් හඳුන්වා දී තිබේ. ඒ තුළ චට්නි බෝතල්,කෝපි වර්ග ,චොක්ලට්,සබන් සහ සුවඳ ද්‍රව්‍ය,ඉටිපන්දම් වැනි ගෘහ භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කර ඇත.ඒ හැම දෙයක්ම එකම පාට වර්ගයකින් පිළිවෙලට ඇසුරුම් කර ඇත. Instagram මගින් DM කර ඇණවුම් කළ හැකි අතර LRK 4000 සිට ඉහලට මිල ගණන් පවතී.

 

 

Robed Gift Works

Robed gift works, එක් එක් කෙනාගේ අවශ්‍යතා අනුව වෙනස් වෙමින් තෑගි ඇසුරුම් කර දෙන අතර,ඒ තුළ Lotions වර්ග,සුවඳ විලවුන්, සුවඳ තැවරූ ඉටිපන්දම්, ශරීරය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (අතින් සෑදූ සබන් කෑල්ලක් ද ඇතුළු) සටහන් පොත්, රස කැවිලි වර්ග ඇතුළත් ව ඇත .

මවුවරුන්ගේ දිනයට ම සුවිශේෂීව සකස් කර ඇති දැනට පවතින තෑගි වර්ග නම්:
– කාශ්මීර් ශොල්
– කොට්ට සඳහා සුවඳ තැවරුම්
– සුවදැති ඉටිපන්දම්
– අතින් සෑදූ සබන්
– ඒප්‍රන්,ටොට් බෑග්,සැටින් සුවතා ඇඳුම්
– මල් සැරසිලි සහිත makeup බඩු රදවනය
– හිමාලයේ රෝස පැහැති ලුණු පිරිසිදු කාරකය
– රසවත් තේ
– මසාලා තේ
– akbahar ක්ශණික කෝපි
– කුළුබඩු සහිත කොපි මිශ්‍රණය
– මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ම සුවිශේෂී ව සකසන ලද අත් තුවා
– Cork coaster සෙට් එකක්

අම්මගේ ආසම පාටින් රිබන් එකකුත් තෑගි පෙට්ටියට එයාලා එකතු කරලා දෙනවා.මෙය ස්වං රැකියාවක් ලෙස ගෘහණියන් විසින් සිදුකරන දෙයක්. ඔයාටත් ඔයාගේ අම්මට තෑග්ගක් ලබා දෙනවා වගේම, තවත් අම්මා කෙනෙක්ට සහයෝගයක් සහ ශක්තියක් ලබා දෙන්න මින් හැකියාව ලැබෙනවා.

තෑගි පෙට්ටියක් LKR 4000 සිට ඉහලට ඇත. ඒ සමගම ගෝල්ඩ් පාට කාඩ් එකකුත් ඔබට හිමිවෙනවා.
Instagram මගින් DM කර හෝ whatsapp (0777965383) මගින් ඇණවුම් භාර දිය හැක .ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් ප්‍රදේශ සීමා කර ඇති නිසා කොළඹ1-15 , දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ,රාජගිරිය නාවල ,බත්තරමුල්ල කෝට්ටේ,පෑලියගොඩ සහ වත්තල යන ප්‍රදේශ කිහිපයට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.

 

 

Boxalate

Boxalate.lk මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔබේ පහසුව සඳහා, භාණ්ඩ කට්ටලයක් ලස්සනට ඇසුරුම් කර සකස් කර තිබෙනවා. ඔවුන්ගේ Instagram story මගින් තවත් අදහස් ඔබට දැනගන්න පුළුවන්. Instagram හරහා DM කර ඔබට ඇණවුම් ලබාදිය හැකියි.

 

 

Woah Beauty Box

ඔවුන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෑගි පෙට්ටි සහ කාඩ් නිර්මාණය කර තිබේ.ඒ පෙට්ටි තුළ සුවඳ ක්‍රීම්වර්ග (body cream, පිරිසුදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ සුවඳ ද්‍රව්‍ය),ගෘහ භාණ්ඩ වර්ග, රසවත් දෑ (ලුණු දමා සකස්කර ඇති කැරමල් භාජන) වැනි දෑ ඇතුළත් කර ඇත.මව්වරුන්ගේ වයස සැලකිල්ලට ගනිමින් එකිනෙකාට ගැලපෙන ලෙස වෙන් වෙන්ව පෙට්ටි සකස් කර ඇත.

instagram හරහා DM කර ඇණවුම් කළ හැකි අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදා හැරීම් කටයුතු කරයි.

 

 

Basketeer Sri Lanka

Basketeer Gift Box,එය ඉතා සරල මෙන්ම රසවත් දෑ එකතු කර සකස් කර ඇති පෙට්ටියකි.එකිනෙකාගේ අභිමතය පරිදි සකස් කර දෙන අතර එහි කෝප්පයක්, සටහන් පොත් ,ඉටිපන්දම් රසකැවිලි,ශරීරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ නිෂ්පාදන ඇතුළත් කර ඇත. මව්වරුන්ගේ දිනයේදී “mum” නමින් කොප්පයක් ලැබීම අම්මට සුන්දර මතකයක් වේවි.
කලින් සාදන ලද තෑගි www.basketeer.lk හරහා online ඇණවුම් කළ හැකි අතර ඔබේ අභිමතය පරිදි තෑග්ග සකස් කර ගැනීම සඳහා ඔවුන්ගේ instagram page එකට DM කළ හැක. සියලුම බෙදාහැරිම් නොමිලේ සිදු කරයි. දැනට බෙදාහැරීම් කටයුතු කොළඹ 1-15 දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ, රාජගිරිය, නාවල,කළුබෝවිල,බත්තරමුල්ල, කෝට්ටේ,පැලවත්ත, ඇතුල්කෝට්ටේ,පිටකොටුව පෑලියගොඩ,වත්තල සඳහා සීමාවේ.

 

 

Twinkles & Tassels

මේක තෑගි පෙට්ටියක් නෙමෙයි හැබැයි ඊට වඩා වෙනස් දෙයක්.ඔබත් අම්මව වෙනස් විදිහකින් පුදුම කරවන්න බලාගෙන ඉන්නව නම් මෙන්න ඊට ගැලපෙනම දේ.මේ හීලියම් වායුවෙන් හදන බැලුම් වර්ගයක්.සැරසිල්ලක් හා සමානයි. බැලුන් වර්ග 3ක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා.ඔවුන්ගේ Instagram පිටුවට DM කර හෝ whatsapp (076-2246746) මගින් ඇණවුම් කළ හැකියි.

 

 

CAKES AND SWEETS

සැමරීමකදී කේක් වර්ග (බ්‍රවුනීස්,කූකීස්,කප් කේක්) නම් නැතුවම බැරි දෙයක්.මෙවැනි දිනකදී අම්මට රසවත් කෑම එකක් ලබා දෙන එක නම් හොද අදහසක්. මෙන්න ඔබට මේවා ලබා ගත හැකි තැන් කිහිපයක්..

 

 

Bakes by Bella

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් bakes by bella විසින් අම්මලා ආස කරන විදිහෙ රසකැවිලි පෙට්ටියක් සකස් කර තිබෙනවා. මේ හැම දෙයක්ම මවුවරුන් වෙනුවෙන්මයි. පෙට්ටියක මිල (LKR 2500+බෙදාහැරීමේ ගාස්තු).කලින්ම ඇනවුම් කිරීම සඳහා 0777445449 මැයි 9ට කලින් අමතන්න.

 

 

Hyve Dessert Bar

මවුවරුන්ගේ දිනය සඳහාම Hyve Dessert bar විසින් කප් කේක්(LKR 1500) සහ එක්ලෙයාර්ස් (මිල ටොපින් එක මත තීරණය වේ) වර්ග ගණනාවක් හඳුන්වා දී තිබේ .මොවුන් විසින් ම බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර මැයි 7ට පෙර 077-4545960 අමතා ඔබේ ඇණවුම් ලබා දෙන්න.

 

 

Bakes by BeeSalt

මේ බේකරිහල මව්වරුන්ගේ දිනය රසවත් කිරීමට මෙන්ම spice කිරීමට අවශ්‍ය සියලුම බේකරි කෑම සාදනු ලබයි .මවුවරුන්ගේ දිනය සඳහා ම සුවිශේෂි වූ කෑම වර්ග අතරින් “I love u mum” කප් කේක් සහ කුකීස් හඳුන්වා දී තිබේ . ඒ සමගම විශේෂිත වූ කේක් වර්ග,බිස්කට් පුඩිං, බ්‍රවුනීස්, එක්ලෙයාර්ස්,චිකන් රෝල්ස් මවුවරුන් වෙනුවෙන් ම සකස් කර ඇත.
ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් කටයුතු සීමා කර ඇති නිසා කැලණිය, කිරිබත්ගොඩ, ජා-ඇල, රාගම, වත්තල, අතුරුගිරිය, මාලඹේ,කඩුවෙල ඒ සඳහා පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරයි. ඇණවුම් 077-6076611 / 077-6078971 අමතා හෝ Instagram පිටුවට DM කර භාරදෙන්න.

 

 

For Heaven’s Cake

ස්වයං නිෂ්පාදන බේකරිකරුවෙකු විසින් Heaven’s cake මෙහෙයවනු ලබන අතර මව්වරුන්ගේ දිනයේදී ප්‍රණීත ආහාරපාන රැසක් එළිදක්වයි. බ්‍රවුනීස් සහ චොක්ලට් කුකීස්, කේක් ,ගුඩීස්,කැන්ඩීස් වර්ග රාශියක් ද ඒ අතර වේ.ඔවුන් සැබවින්ම රැජිනකට මංගල්ලයක් පිරිනමයි.

ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩ මගින් හෝ 077 673 6782 යන දුරකථනයට අමතන්න .කොළඹ 3-7, කොහුවල , නාවල ,රාජගිරිය ,පිට කොට්ටේ,කළුබෝවිල ,දෙහිවල ,පැපිලියාන,අත්තිඩිය, ගල්කිස්ස ,රත්මලාන සහ බොරලැස්ගමුව යන ප්‍රදේශයන් වලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .

 

 

Miss Whisk

Miss wisk කියන්නේ, තවත් බේකරි නිෂ්පාදකයෙක් සහ නිර්මාණශීලීව කේක් නිෂ්පාදනය කරන කෝකිවරයෙක්.මෙවර මවුවරුන්ගේ දිනයට විශේෂ කේක් ඇණවුම් භාර ගනු ලබන අතර, layers දෙකකින් යුත් මල්වලින් අයිසිං කරපු ලස්සන කේක් වර්ග 5ක් හා අලංකාර ලෙස නිර්මාණය කරපු තවත් කේක් වර්ග පහක් හදුන්වා දී ඇත .කටට කෙළ උනන රසයෙන් යුත් වැනිලා ,වැනිලා චොක්ලට් චිප්,වැනිලා රාස්බෙරි,චොක්ලට් රිච්,රෙඩ් වෙල්වට් සහ එග්ලස් චොක්ලට් ,බටර් ක්‍රිම්,අයිසිං ටොපින් වැනි ඉතාමත් ප්‍රණීත රසයන්ගෙන් ඒවා පරිපූර්ණයි.
මෙහි මිල ගණන් ඒ ඒ රස සහ අලංකාර ක්‍රම, මල් අනුව වෙනස් වෙනවා .කොළඹ තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .instagram පණිවිඩ හරහා සහ පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට ඇණවුම් භාර දිය හැකියි.077 0797 657 / 077 677 6304

 

 

Gerard Mendis Chocolatier

මෙවර මව්වරුන්ගේ දිනයට විවිධාකාර රසින් යුක්ත විශේෂ කේක් වර්ග gerard mendis chocolatier විසින් හඳුන්වා දී තිබේ. ඔපේරා කේක් , චීස් කේක් ,ගැටෝ,ස්පන්චි ඒ අතර වේ.මේ ඉරිදා අම්මා ව සතුටින් තියන්න මේ එකක් ට්‍රයි කරලා බලන්න.

ඇණවුම් කිරීම සඳහා (whatsapp ) 071 486 2407 යන දුරකථන අංකයට අමතන්න .කොළඹ 115, නාවල ,රාජගිරිය, බත්තරමුල්ල ,පැලවත්ත,තලවතුගොඩ, නුගේගොඩ, මිරිහාන පිටකෝට්ටේ ,දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශ වලට බෙදා හැරීමේ පහසුකම් සපයන අතර ,ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000 කට සීමා වන අතර බෙදා හැරීම සඳහා රු. 500 ක් අයකරයි.

 

 

Ritzbury Caterers

 


ඔයාට නිදහස් වෙලාවක් තියෙනවා නම් අම්මට තියෙන ආදරේ පෙන්නන්න තවත් විශේෂ දෙයක් කරන්න පුළුවන් – ඔයාට පුලුවන් ඔයාගේ අම්මා වෙනුවෙන් රසම රස කේක් හදන්න.රිට්ස්බරි කේටර්ස් කියන්නේ උසස් තත්වයේ බේකින් අමුද්‍රව්‍ය සපයන ආයතනයක්. පිසින ලද සුදු සහ කළු චොක්ලට් , චොක්ලට් චිප්ස් ,කොකෝ පවුඩර්, ආහාර රසකාරක හා වර්ණක ,මාගරින් , අයිසිං ෂුගර් ,ජෙලටින් සහ බේකින් පවුඩර් වගේ අමුද්‍රව්‍ය ඒ ආයතනය සපයනවා .මේ වගේ දෙයක් කරලා මවුවරුන්ගේ දිනයේදී ඔයාගේ අම්මව සතුටින් තියන්න ඔයාට පුලුවන් වෙයි .

මේවා ඔයාට Online මගින් ඕඩර් කරන්න පුළුවන් .

දින තුනක් ඇතුළත නොමිලේ බෙදා හැරීමෙ පහසුකම් ද මේ ආයතනයේ විසින් සපයනවා .බෙදා හැරීමේ දිස්ත්‍රික්ක විදිහට කොළඹ ,ගම්පහ, කළුතර නම් කර තියෙනවා .( ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000යි ).

 

 

Pendi

 

අපේ අම්මලා මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා.ගෙදරට ඕන බඩු ගන්න ,තියෙන බඩු අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා, පවුලේ අයට රසට කෑම හදන්න වගේ ගොඩක් දේවල් එයාලා මේ දවස් වල කරනවා .pendi කියන්නේ ,අපිට ගේ ඇතුල අලංකාර කරන්න අවශ්‍ය විවිධ මෝස්තරයෙන් යුත් අලංකාර භාණ්ඩ සපයන ආයතනයක් වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් .මේ මවුවරුන්ගේ දිනයට Pendi රසට කෑම හදන්න ,කෑම රෙසිපි පොත් දෙකක් එක්ක ලව් කේක් එකකට හෝ ඉගුරු බිස්කට් වලට කැරමල් තවරපු භාජනයකුත් දෙනවා . ඇණවුම් කරන්න අවශ්‍ය නම් instagram හෝ whatsapp වලට පණිවිඩයක් යවන්න. (0776640808)

 

 

Sprinkle Love Bakes

ඔයාගේ අම්මාට රැජිනක් වගේ සලකන්න ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඔයාට උදව් කරනවා .එයාලා මව්වරුන්ගේ දවසට ඔයා කැමති රසකැවිලි වලින් සුභ පැතුම් පෙට්ටියක් හදලා දෙනවා.මේ නිසා අම්මා ආස දේවල් වලින් එයාගේ මේ දවස තවත් ලස්සන කරන්න ඔයාට පුළුවන් වෙයි .ඒ වගේ ම ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඒ පෙට්ටියත් එක්ක මල්ද, සුබ පැතුම් පතක් ද එක් කරන්න අමතක කරන්නේ නෑ .

ඔයාට කරන්න තියෙන්නේ instagram එකෙන් එයාලට පණිවිඩයක් යවලා ඔයාට ඕන විදිහට මේ සුබපැතුම් පෙට්ටිය හදාගන්න විතරයි .

 

 

Happy Pill

හැපි පීල් විසින් නිෂ්පාදනය කරන රසවත් ,නැවුම් බේක් කරන ලද චොක්ලට් කුකීස් වලට ඔයාගේ අම්මගේ මූනේ සිනාවක් ඇති කරන බවට නම් සැකයක් නෑ .චොක්ලට් කුකීස් 12 කට වැඩියෙන් ඇණවුම් කරොත් ඒ ඇණවුමත් සමග අතින් හදපු, මෝස්තර පහකින් යුත් සුභ පැතුම් කාඩ්පත් පහක් ද ඔබට ලබා දෙනවා .මීට අමතරව, ඔවුන් 10% ක වට්ටමක් ද ලබා දෙනවා .

(බෙදාහැරීමේ කුලී එකතු නොකර )මේ චොක්ලට් කුකීස් පැක් එක රු.1800යි.ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩයක් මඟින් හෝ 076 890 0748 යන දුරකථන අංකයට කතා කරන්න .

 

FLOWERS

මල් හරිම ලස්සනයි .ඒ වගේම ඒ සුවඳ, සුන්දරත්වය ,වර්ණ අපේ මනස තවත් සුවපත් කරනවා .දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවත් ඒවායේ සුන්දරත්වයේ නම් අඩුවක් පෙනෙන්න නෑ .හරියටම කිව්වොත් මල් කියන්නේ මාතෘත්වයේ සංකේතයක්.

 

 

Shiro Hana

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් shiro hana අලංකාර මල් කළඹක් එලි දක්වා තියෙනවා. තොග සීමිත බැවින් ඔබගේ ඇණවුමත් අදම වෙන්කරගන්න.
http://www.shirohanaflowers.com/

 

 

The Wedding Flowers

නුගේගොඩ මල් සැරසිලි ආයතනයක් වන The wedding flowers ආයතනය විසින් මෙවර මවුවරුන්ගේ දිනයට අලංකාර මල් කලඹවල් එළි දක්වා තිබේ .
(රු.2500 සිට ඉහලට )අම්මගෙ මුවේ සිනාවක් රඳවන්න ඔබත් මෙය ඇණවුම් කර බලන්න .කොළඹ දිස්ත්‍රික්කයේ අවට බෙදාහැරීමේ පහසු කම් සපයා ඇත .ඇණවුම් භාර දීම සඳහා ෆේස්බුක් messenger- instagram පණිවිඩ හෝ 077 314 9706 යන දුරකථන අංකයට අමතන්න .

 

 

Coco Verandah

රසවත් කේක් එකක් එක්කම ලස්සන මල් කලඹක් දෙන එක කොච්චර ලස්සනද? අපි හිතනවටත් කලින් coco verandah කැෆේ එක මවුවරුන්ගේ දිනය තවත් ලස්සන කරන්න සැලසුම් යොදලා .ඒ වගේම එයාලා පලතුරුත් ලස්සනට පැක් කරනවා . මේ වගේ හැම අතින්ම සම්පූර්ණ ,ලස්සන තෑග්ගක් ලබන්න ඔයාගේ අම්මත් ගොඩක් ආසා වෙයි.

ඇණවුම් භාර දීමට 076 944 9978 යන දුරකථන අංකයට අමතන්න . ( whatsapp )රු.150 සිට බෙදාහැරීමේ ගාස්තු අයකරන අතර පැලවත්ත ,බත්තරමුල්ල,කෝට්ටේ ,නාරහෙන්පිට රාජගිරිය, නාවලට බෙදා හැරීම් සිදු කරයි .

 

CLOTHING

Arienti

අපේ පෙනුම තවත් සුන්දරව දකින්න ,ලස්සනට ඇඳුම් අඳින්න ගැහැණු අය හුඟක් ආසයි .අම්මලා කියලා වෙනසක් නෑ එයාලත් ඒ වගේමයි ,ඉතින් ඇදුම් වලට වඩා තවත් හොඳ තෑග්ගක් තියෙනවද ?.Arienti හි තිබෙන විවිධ වර්ණයෙන් හා විවිධ මෝස්තරයේ යුක්ත :රෙදි පිළි ,කමිස,කාර්යාල ඇඳුම් හා tops ඔයාගේ අම්මට දෙන්න පුළුවන් කදිම තෑගි .ඔයාගේ අම්මගෙ fashion එක, අම්මා අඳින්න පළදින්න ආස විදිය හරියටම දන්නෙ නැත්නම් ඔයාට තවත් හොද අවස්ථාවක් තියෙනවා .ඔයාට පුළුවන් gift වවුචර් එකක් මිලදී ගන්න.

ඇණවුම් කිරීම සඳහා www.arienti.lk, හෝ 077 285 0666 අමතන්න . තවත් තොරතුරු දැනගන්න ෆේස්බුක් පිටුවට හෝ ඉන්ස්ටග්‍රම් වලින් arienti සමග එකතු වන්න.
මැයි මස පළවෙනිදා සිට දහ වෙනිදා දක්වා බෙදාහැරීම් ආරම්භ කරන අතර දිවයිනේ කුමන ස්ථානයකට වුවද රුපියල් 250 කට බෙදා හැරීමේ කටයුතු සිදු කරයි .රුපියල් 500කට වැඩි සහ 5000කට අඩු ඇණවුම් සඳහා නොමිලේ බෙදා හරියි.

 

 

WELLNESS PRODUCTS

 

මේ කාර්යබහුල අවධියේදී අම්මට එයා ගැන හිතන්න කාලය අඩුයි.ඉතින් ඒ නිසාම විශේෂ තෑග්ගක් අම්මා වෙනුවෙන්ම මව්වරුන්ගේ දිනයෙදී අපිට දෙන්න පුළුවන්.

 

 

Spa Ceylon

අම්මගෙ ශාරීරික, මානසික වගේම චිත්තවේගීය නැවත පුනර්ජීවනය කරන්න.මේ ශාරීර සුවතා නිෂ්පාදන ,හා ක්‍රම කදිම පිළිතුරක්. #ToMumWithLove තේමාව යටතේ spa ceylon 30% වට්ටමක් නිදහස් කර ඇති අතර ඒ සමග බණ්ඩල් හතරකින් සමන්විත ක්‍රීම් වර්ග සහ සබන් වර්ග ඇතුළත් කර ඇත .ඇණවුම් කිරීම සඳහා http://www.spaceylon.com/ පිවිසෙන්න .

බෙදාහැරීම කොළඹ 1-15,රාජගිරිය ,නාවල, නුගේගොඩ ,කෝට්ටේ සහ මහරගම යන පළාත්වල සිදුකරන අතර ,බෙදා හැරීම සඳහා රු.400 ක් අය කරයි .

 

 

Midnight Divas

අපිට මල් කෙටිකාලීන ජීවයක් විදියට පෙනුණත් ඒහි සුවද කොතරම් දුරකට දිව යා හැකි ද ?” ඇය ස්වර්ගයක් මෙන් සුවඳයි” යන තේමාව යටතේ midnight divas විසින් මවුවරුන්ගේ දිනයට පරිපූර්ණ සුවඳකින් යුත් victoria secret සුවඳ විලවුන් සමග body lotion හා body mist රු.3950 මිලකට ලබා දෙයි .කොළඹ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදාහැරීම සිදු කරන අතර ඇණවුම් භාර දීම සඳහා 072 700 3003 දුරකථන අංකයට අමතන්න.

 

 

Christell Clinic


අපේ අම්මා ඇතුළාන්තයෙන් වගේම පිටස්තරයෙනුත් ලස්සන වෙනවා දකින ඒකට අපි කැමති බවට කිසිම සැකයක් නෑ .හොඳයි…. .ඒ සඳහා හොඳම විසඳුම christell clinic !!!
ඔවුන් විසින් සම ආරක්ෂා කරන ආලේපණ සහිත තෑගි පෙට්ටියක් මව්වරුන්ගේ දිනයේ දී හඳුන්වා දී ඇත. මේ පැක් එක තුළ W+ whitening ක්‍රීම් – සමේ වර්ගය අනුව සම පැහැපත් කිරීම සහ ආරක්ෂා කිරීම ,ලප කැලැල් ඉවත් කිරීම ,සමට දීප්තියක් ගෙන ඒම ,මුහුනේ රැලි ස්වභාවය ඉවත් කිරීම,මුහුණේ වයස්ගත පෙනුම හා සම රැලි වීම් ඉවත් කර තරුණ පෙනුමක් ලබා දීම සිදු කරයි .මෙය දිවා ක්‍රීම් වර්ගයක් බැවින්,හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට ද මෙමගින් හැකිවේ.

කොළඹ අවට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරන අතර මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා instagram christell clinic පිටුව follow කරන්න .
ඇණවුම් භාර දීම සඳහා 0769 288 244 යන දුරකථන අංකයට අමතන්න.

ඔන්න කට්ටිය !!!!!!එහෙනම් ඔයාලා හොයපු දේ හම්බ වෙන්න ඇති කියලා අපි හිතනවා .සහෝදරයන්ට වඩා අම්මට ලස්සන තෑග්ගක් දෙන්න සූදානම් වෙන ඔයා හරි ,දරුවන් අභිබවා තමන්ගේ භාර්යාවට ලස්සන තෑග්ගක් හොයන ආදරණීය සැමියෙක් වන ඔයා හරි විලාසිතාවට කැමති ,ආහාරපාන වලට ප්‍රිය කරන, විනෝදාංශ වලට කැමති, මේ කුමන හෝ දෙයකට රුචිකත්වයක් දක්වන කෙනෙක් වුනත් ඇය.. අපි මේ දුන්න තෑගි ලයිස්තු තුළ ඇයට සුදුසුම දේ ඔයාට හම්බ වෙයි.

මව්වරුන්ගේ දිනය ලංකාවෙ ඉන්න හැම මවකගේම මුවට සිනහවක් නැගෙන ප්‍රීතිමත් දවසක් වේවා!!!!

උතුම් වූ වෙසක් පුන් පොහෝ මංගල්‍ය අදයි…

වෙසක් පුන් පොහෝ දිනය අදයි….
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය වන අතර බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබෙනවා. එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.

බුදුන් වහන්සේගේ උපත සිදුවීම
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම

සිදුහත් කුමරා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවන්හි සැප සම්පත් අත්විඳිමින් සිටියද තම මෙහෙසිය වූ යසෝදරාවන් සිඟිති රාහුල පුත් බිහි කළ දිනයේ ගිහි ගෙයින් නික්ම යන්නේ සියලු බැඳීම් අත්හැර දමමින් චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධයෙන් උතුම් බුද්ධත්වය ලබා ගැනීම උදෙසා වන අතර එතුමන් විවිධ ශාස්තෘවරුන් වෙත යමින්ද තම සිරුරට දැඩි දුක් දෙමින්ද විමුක්ති මාර්ගය සෙවූ අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වන්නේ අද වැනි වෙසක් ‍පුන් පෙහොය දිනයකයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවැනි වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝදායි. විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ දැක්වෙනවා.

අද වැනි උතුම් ‍පෝ දිනක දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළ සේක.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේ ද අද වැනි වෙසක් ‍පෝ දිනකය.

බටහිර ජාතීන් ලංකාව පාලනය කළ කාලයේ වෙසක් උත්සවය සැමරීම සම්බන්ධයෙන් බාධා පමුණවා තිබුණා. ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නො වන බව ප්‍රකාශයට පත් කළා. එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත වෙලා තිබුණා. 1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය එසේ සිදු නොවීය. 1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වෙලා තිබෙනවා. 1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණිය හ. ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කරන ලදී . ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ බව දැක්වෙනවා. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙවන් ශාසනික වැදගත්කමින් යුත් උතුම් වෙසක් ‍පොහොය දා ශ්‍රී ලංකා වාසීන් මෙන්ම සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් වෙසක් උළෙල සමරයි.දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම්,පොදු ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදාන,රුක් රෝපණ ආදිය මේ යුගයේ බහුල වශයෙන් සිදු කෙරේ.ඊට අමතරව තොරණ ඉදිකිරිම,පහන්කූඩු දැල්වීම ධජ ප්‍රදර්ශනය කිරීම ආදියෙන් සැරසිලි කටයුතු ද කරති.පෙහෙවස් සමාදන් වීමෙන් ආගමික වතාවත්හි ද නිරත වෙති.

පාසල් යන දරුවන්ට උදේට බලෙන් කෑම කවන්න එපා…

අද අපි කතා කරන මාතෘකාව ඉගෙන ගන්න දරුවන්ටම විතරක් නෙවෙයි පොදුවේ සියළු දරුවන්ට වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට දරුවන් පාසලට හෝ විභාග සදහා මුහුණ දීමට ගෙදරින් පිටත් වෙන්නේ උදේ 6-7ට වගේ . මෙ වෙලාවට දරුවන් කෑම කන්න නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. මතක ඇතිනේ අපි පොඩි කාලේදිත් උදේට කෑම කාලා යන්න කොච්චර අකමැතිද කියලා. ඉතින් අපේ පොඩ්ඩොත් එහෙම තමයි. අම්ම හරි තාත්තා හරි උදේට යුද්ධයක් අල්ලනවා පොඩි එකාට බලෙන් හරි බත් කටක් කවලා යවන්න. සමහර වෙලාවට පොඩි එකා ඉස්කෝලෙ යන්නේ හිතත් රිද්දගන. ඔයාගේ දරුවා බත් කන්න කැමති නැත්තම් කොළ කැඳ කෝප්පයක් හරි ළමයට දෙන්න . ගොටුකොළ කැඳ කෝප්පයක් නම් ගොඩක් හොඳයි. පාසලේ දී හෝ විභාගයකට මුහුණ දෙන දරුවෙක්ට මානසිකව ඇතිවෙන චිත්ත පීඩා වලින් මිදෙන්න කැඳ කෝප්පය ගොඩක් උපකාරී වෙනවා.

හැබැයි සමහර දැරුවන්ට ගොඩක් වෙලාවට සෙම තිබෙනවා. එහෙම අයට ගොටුකොළ සහ රතුළුණු කොටලා ඒ ඉස්ම අරන් කැඳ හදලා දෙන්න පුළුවන්. එතකොට සෙම තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ඔයාලේ දරුවට කැස්ස තිබෙනවා නම් ගොටුකොළ දෙන්න එපා. එළබටු සහ වැල් තිබ්බොටු කොළ වලින් හදපු කැඳ වීදුරුවක් දෙන්න.

ඇස් පෙනීමේ දුර්වලතා තිබෙන දරුවන්ට මුකුණු වැන්න කැඳ හදලා ටික කාලයක් ලබා දීමෙන් ඒ තත්ත්වය මග හැරගන්න හැකියාව තිබෙනවා. මේ සඳහා ගොටුකොළ භාවිතා කරන්න එපා. විභාගයට පෙනී සිටින දරුවන් ගොඩක් වෙලාවට රෑට ඇහැරන් ඉදලා පාඩම් කරනවා. ඒ නිසා එයාලා දුර්වල වෙන්න ගන්නවා . මේ අයට හාතාවාරිය, වැල්පෙනල වලින් හදපු කැඳ ලබා දෙන්න. එතකොට ශරීරය දුර්වල වෙන එක මග ඇරිලා යයි.

ගොඩක් වෙලාවට ළමයි කැඳ බොන්නත් කැමති නැහැ. මේ වගේ වෙලාවට ළමයට ගහලා බැනලා හරියන්නේ නැහැ. උදේ කෑම කවද්දිත් එහෙමයි. පාසල් යන දරුවගේ හිත උදේම රිද්දන්න එපා . එයාලට ආදරෙන් හැමදේම කියලා දෙන්න . එතකොට ඒ අය තේරුම් ගනීවි.

ගෙදර ඉන්න ඔයාට තනියම හදාගන්න පුළුවන් icing recipes..

මේ දවස්වල ගෙදර ඉන්න එකේ අපේ කෙල්ලො ටික එක එක කෑම හදනවා. ඒ කෑම හදලා face book, whats-app, Instagram එකේ දාන්න අමතක කරලත් නැහැ. කොහොම වුණත් ගෙදරට වෙලා ඉන්න එකෙන් හොඳකුත් සිද්ද වෙලා තියෙනවා. කෙල්ලො ටික මොන මොනවා හරි හදන්න පුරුදුවෙලානේ. ඉතින් ඔන්න අපි අද හිතුවා කෑම හදන්න පුරුදුවෙන ඔයාලට කේක් හදනකොට අවශ්‍ය වෙන icing වර්ග මොනවද වගේම ඒවා හදාගන්නේ කොහොමද කියලා idea එකක් දෙන්න.

 

 

1. Hard butter icing

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 500g
කිරි තේ හැඳි 2ක්
වර්ණ ගැන්වීමට කලරින්

බටර් ටික ක්‍රීම් වෙනකම් බීට් කරගන්න. ඒකට අයිසින් ෂුගර් ටික ටික එකතු කරන ගමන් දිගටම බීට් කරගන්න. කිරි හැන්ද බැගින් එකතු කරගන්න.
අවශ්‍ය පමණ කොටස් වලට වෙන් කර, කලරින් එක් කරගන්න. තද ගතිය වැඩි නම් කිරි ස්වල්පයක්ද තෙත ගතිය වැඩි නම් අයිසින් ෂුගර්ද එක් කරගන්න.

 

 

2. Basic butter icing

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 200g
කිරි තේ හැඳි 1
වැනිලා හෝ කැමති එසන්ස් එකක් සහ කලරින්

බටර් ටික සොෆ්ට් වෙනකම් බීට් කරගන්න. එයට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට වැනිලා සහ කලරින් එක් කර බීට් කරගන්න.

 

 

3. Buttercream

 

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 200g
කිරි තේ හැඳි 3
වැනිලා හෝ කැමති එසන්ස් වර්ගයක්

බටර් ටික බීට් කරගෙන ඒකට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට එසන්ස් එක් කර බීට් කරගන්න.

 

 

4. Fondant Icing

අවශ්‍ය ද්‍රව්‍ය

අයිසින් ෂුගර් 500g
ග්ලිසරින් 10ml
ලික්විඩ් ග්ලූකෝස් 75g
ජෙලටින් 8g
බටර් මේස හැඳි 1
වැනිලා තේ හැඳි 1/2
අයිස් වතුර කප් 1/8

ජෙලටින් වලට වතුර එක් කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තියාගන්න. ජෙලටින් දැමූ භාජනයට වඩා කට කුඩා භාජනයකට වතුර ටිකක් රත් වෙන්නට හැර, ජෙලටින් භාජනය ඒ මත තබා ඩබල් බොයිල් කර ජෙලටින් ටික දියකරගන්න. ජෙලටින් දිය වූ පසු එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන, එයටම බටර් දමා මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න.
දැන් වැනිලා එක් කරගෙන එයට අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් හොඳින් අනාගන්න. අතේ නොඇලෙන සොෆ්ට් ගතියට ආ පසු හොඳින් ආවරණය කර භාවිතා කරන්න.
ලික්විඩ් කලරින් පාවිච්චි කරනවා නම් තෙත ගතිය අඩු වෙන්න තව අයිසින් ෂුගර් එක් කර අනාගන්න.
ෆොන්ඩන්ට් අයිසින් සෑදීමේදී මාවෝ බටර් ගැනීමෙන් තනි සුදු පැහැයෙන් අයිසින් එක හදාගන්න පුළුවන්.

 

 

5.Parchment icing


අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුදු මද 1
අයිසින් ෂුගර් 200g
තයිලෝ පව්ඩර් තේ හැඳි 4 1/2
බටර් තේ හැඳි 2
වැනිලා තේ හැඳි 1/2

අයිසින් ෂුගර් වලින් බාගයක් ගෙන, එයට බිත්තර සුදු මද සහ වැනිලා එක් කර කැට නොසිටින්න හොඳින් අනාගන්න.
එයටම තයිලෝ පව්ඩර් සහ බටර් එක් කර නැවත අනාගන්න. දැන් ඉතිරි අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් නොඇලෙන මෘදු ඩෝ එකක් වෙනතුරු අනාගන්න. අවශ්‍ය නම් තව අයිසින් ෂුගර් එක් කරගන්න.

 

 

6. Chocolate ganache

අවශ්‍ය ද්‍රව්‍ය

චොකලට් චිප්ස් හෝ කුඩාවට කපාගත් කුකින් චොකලට් කප් 1 1/3
විපින් ක්‍රීම් කප් 1

විපින් ක්‍රීම් ටික භාජනයකට දාල, හැඳිගාමින් රත් කරගන්න. වටෙන් බුබුළු දාගෙන එනකොටම ලිපෙන් ඉවත් කරල චොකලට් චිප්ස් ටික භාජනයට දාගන්න. මිශ්‍ර නොකර විනාඩි 5ක් වහල පැත්තකින් තියාගන්න.
විනාඩි පහකට පස්සෙ විස්ක් එකකින් චොකලට් ටික මිශ්‍ර කරන්න. කේක් එක දැලක් උඩ තියාගෙන ගනාශ් එක වත්කරගන්න.

 

 

7. Chocolate frosting

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් කප් 1 1/2
ඉන්ස්ටන්ට් කෝපි කුඩු තේ හැඳි 1/2
කොකෝවා පව්ඩර් කප් 1
අයිසින් ෂුගර් කප් 5
ෆ්‍රෙශ් මිල්ක් කප් 1/2
වැනිලා තේ හැඳි 1 1/2

කොකෝවා පව්ඩර් සහ අයිසින් ෂුගර් ටික වෙනම හලාගන්න. බටර් වලට කොකෝවා පව්ඩර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
එයට අයිසින් ෂුගර් සහ කෝපි දියකරගත් කිරි මාරුවෙන් මාරුවට ටික ටික එක් කරගනිමින් විස්ක් කරගන්න.
මිශ්‍රණය තද වැඩි නම් හෝ වියලි නම් තව කිරි ස්වල්පයක්ද, දියාරු නම් තව අයිසින් සීනි ටිකක්ද එක් කරගන්න.

සංචාරකයින් යන්න අකමැතිම තැන්…

අපි සංචාරකයෙක් විදිහට කොහේ හරි තැනකට යන්නේ ඒ තැනේ තියෙන මිහිරි සුන්දරත්වය විදගන්න. කවුරු හරි ඒ තැන් වලට ගිහින් ලස්සන ෆොටෝ එකක් දැම්මම, ඔයාටත් හිතිලා ඇති මටත් ඇත්තටම මේ තැනට යන්න ඇත්නම් කියලා.අපි කොයි කවුරුත් වැඩිපුරම කතාකරන්න කැමති හොඳ ලස්සන තැන් ගැන වුණත් අද අපි කතාකරන්න යන්නේ සංචාරකයන් යන්න අකමැතිම ලෝකේ තියෙන තැන් කිහිපයක් ගැන. මේ තැන් ගැන ඇහුවම නම් මේ තැන් බලන්න යන්න ඔයාලට ආස හිතෙයිද කියන එකනම් ඇත්තටම සැකයි.

 

 

බෝනික්කන්ගේ දුපත

 

මෙක්සිකෝ වල තියෙන මේ දුපත නම් හරිම අමුතුයි.අත්භූත,විකෘති මුහුණවල් තියෙන බෝනික්කන් 100 ගාණක් මේ දුපතේ තැන් තැන් වල එල්ලලා තියෙනවා.මේ බෝනික්කන් දැක්කම භය හිතෙනවා වගේම ඒ බෝනික්කන් මේ දුපතට ආපු හැටි ඇහුවම ඊටත් වඩා භය හිතෙනවා. අවුරුදු ගාණකට කලින් මේ දුපත බලාගන්න හිටපු ජුලියන් කියලා මනුස්සෙක්ට හම්බවෙනවා මේ දුපතේ තිබුණු පොඩි ඇළක පාවෙවී තිබුණ පොඩි ගැහැණු ළමයෙක් ගේ මළ සිරුරක්. කවුරුත් දැනගෙන හිටියේ නැහැ ඒ මළ සිරුර එතනට ආවේ කොහොමද කියලා. පස්සේ දවසක ළමයා මැරිලා වැටිලා හිටපු තැනම තිබිලා එයාට හම්බවෙනවා ඒ ළමයාගේ බෝනික්කා. ඉතින් ඒ මැරුණු ළමයට ගෞරවයක් විදිහට එයා ඒ බෝනික්කාව ඒ දුපතේ ගහක එල්ලුවා. හැබැයි ගමේ මිනිස්සු කියන විදිහට නම් ළමයාගේ ආත්මය ජුලියන් තුළ හොල්මන් කළා. පොඩි ගැහැණු ළමයාගේ කටහඩ ඒ දුපත පුරාම ඇහෙන්න පටන් ගත්තා.ඉතින් ඇයව සතුටු කරන්න ජුලියන් තව තවත් බෝනික්කන් ගොඩක් දුපතේ තැන් තැන් වල,ගස් වල එල්ලුවා. දැන් ඒ දුපතේ බෝනික්කන් සිය ගණනක් ඉන්නවා. ඒ ගමේ මිනිස්සු කියන විදිහට නම් සමහර අයට ඇහිලා තියෙනවලු බෝනික්කන් එකිනෙකාට කොදුරන සද්දේ වගේම අත පය සොලවනවා,ඇස් අරිනවා වගේම ඒ දුපත ලඟින් යන අයව දුපතට එන්න කියලා පොළබවා ගන්නවා. කොහොමහරි අවුරුදු පණහකට විතර පස්සේ ගැහැණු ළමයා මැරිලා හිටිය තැනම ජුලියන්ගේ මළ සිරුරත් හම්බවෙලා තියෙනවා.

 

 

Christ Of The Abys

හැමෝගෙම ගෞරවයට පත්වුණු කලාත්මක දේවල් සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්න එක්කෝ කෞතුකාගාරයක,කලාගාරයක එහෙමත් නැත්නම් ජනාකීර්ණ මිනිස්සු ජීවත් වෙන තැනක. ඉතාලියේ San Fruttuoso වල තියෙන Christ Of The Abys පිළිමය නම් මීට හාත්පසින්ම වෙනස්. මොකද මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ සංචාරකයන්ට ලේසියෙන් බලන්න යන්න පුළුවන් තැනක නම් නෙමෙයි. ගයිඩෝ ගැලට්ටි හදපු මේ පිළිමය, මධ්‍යධරණී මුහුදේ මීටර් 17 යටට වෙන්න තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතාලියේ මුළින්ම ස්කුබා කිමිදුම් කරපු ඩාරියෝ ගොන්සැට්ට ගෞරවයක් විදිහට තමයි 1954 අගෝස්තු මාසයෙදී මේ වගේ තැනක මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ.

 

 

එල්ලෙන මිනීපෙට්ටි

සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාම අපි නම් කරන්නේ ඒ මිනිය පොළොව යට වළලනවා,එහෙමත් නැත්තනම් පුච්චනවා. හැබැයි කවදාහරි අහලා තියෙනවද මීනිය පෙට්ට්යක් ඇතුළට දාලා ඒ මිනී පෙට්ට්ය උස තැනක එල්ලනවා කියලා. ටිකක් අමුතුයි නේද? ඔව් අපි දැන් කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.පිලිපීනයේ සාගාඩා වල තමයි මේ අපුරු සුසාන චාරිත්‍රය සිද්ධ කරන්නේ. වැඩිහිටියන් තමන්ගේම මිනීපෙට්ටි ගහක කඳක් අරගෙන කැටයම් කරලා හදාගන්නවා. හැබැයි එයාලා ගොඩක් දුර්වල හරි රෝගී හරි නම් එයාලගේ පවුලේ අය එයාලගේ මිනිපෙට්ට්ය සකස් කරලා දෙනවා. එයාලා මැරුණායින් පස්සේ එයාලගේ ශරීරය ඒ මිනී පෙට්ටි වල තැන්පත් කරනවා. සමහර වෙලාවට එහෙම තැන්පත් කරද්දී එයාලගේ ඇටකටු පවා කුඩුවෙන අවස්ථාවල් තියෙනවලු. ඊටපස්සේ ඒ මිනීපෙට්ටි පොළව යට භූමදානය කරනවා වෙනුවට ගුහාවකට අරගෙන ගිහින් ගුහාව ඇතුලේ හෝ කඳු මුදුනේ, එයාලගේ මුතුන් මිත්තන්ගේ එල්ලෙන මිනී පෙට්ටි අසල එල්ලනවා. සාගාඩා වල මිනිස්සු අවුරුදු 2,000 කට වැඩි කාලයක් තිස්සේ මේ චාරිත්‍රය සිදු කරනවා. ඒ කියන්නේ සමහර මිනීපෙට්ටි සියවසකටත් වඩා පැරැණියි. ඉතින් කාලයත් එක්ක මේ මිනීපෙට්ටි පරණ වෙලා ගහින් සමහර මිනීපෙට්ටි බිමට කඩාගෙන වැටෙනවලු. කොහොම වුණත් සාගාඩා ජනතාව මේ චාරිත්‍රය සිද්ධ කරන්නෙත් හරි අපුරු විශ්වාසයක් නිසා. එයාලා කියන විදිහට නම් මේ මිනීපෙට්ටි ඉහළ තැනක එල්ලුවාම මියගිය අය ඉහළ මට්ටමක තියනවා. ඒ නිසාම ආත්මයන් මරණින් පස්සේ ජීවිතයේදීත් ඉහළ තත්වයකට ළඟාවෙන්න තියෙන ඉඩකඩ වැඩි බව තමයි එයාලාගේ විශ්වාසය. මේ ගොඩක් මිනීපෙට්ටි තියෙන තැන් වලට ලඟා වෙන්න අමාරු වුණත් ඒවා දුර ඉදන් බලන්න පුළුවන්.

 

 

Veijo Rönkkönen මූර්ති උද්‍යානය

Veijo Rönkkönen කියන්නේ ෆින්ලන්තයේ ජීවත් වුණු ගොඩක් ජනප්‍රිය,දක්ෂ කලාකාරයෙක්. හැබැයි එයාගේ විශේෂත්වය තමයි එයා අකමැති වුණා ප්‍රසිද්ධ මිනිස්සු නිතර ගැවසෙන තැනක තමන්ගේ කලා නිර්මාණ ප්‍රදර්ශණය කරන්න. ඒ වෙනුවට එයා තමන්ගේ මිදුලේ කොන්ක්‍රීට් රූප 500 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා තමාගේම මූර්ති උද්‍යානයක් නිර්මාණය කළා. කොන්ක්‍රීට් වලින් හදලා තියෙන මේ පිළිමවල මුහුණේ ඉරියව් මේ ප්‍රතිමා මේ තරම් බියජනක වෙන්න එක හේතුවක්. සමහර ප්‍රතිමා වලට මිනිස්සුන්ගේ ඇත්ත දත් එකතු කරලා තියෙනවා වගේම උද්‍යානයෙන් ඇතිකරන ශබ්ධ නිසා මේ උද්‍යානය තවත් බියකරු වෙලා තිබෙනවා. රොන්කොනන් යෝගා වෘත්තිකයෙකු වුන නිසාම එක එක යොගා ඉරියව් වලින් ඉන්න තමන්ගේම රුපය තියෙන පිළිම 200 ක් විතර මේ උද්‍යානයේ අඹලා තියෙනවා. කිසිම ප්‍රසිද්ධියකට අකමැති වුණු රොන්කොනන් තමන්ගේ උද්‍යානය බලන්න එන කිසිම කෙනෙක්ව හම්බවෙන්න කැමති වුණේ නැහැ. අඩුම තරමේ මේ උද්‍යානය වෙනුවෙන් ඔහුට ලැබුණ සම්මානය ගන්න යන්න වුණෙත් එයාගේ සහෝදරයට. රොන්කොනන් කියලා තියෙන විදිහට ,මේ උද්‍යානය තමන්ටම ස්මාරකයක් විදිහට තමයි එයා නිර්මාණය කරලා තියෙන්නේ.කොහොම වුණත් මෙතනට යන සංචාරකයන්ට නම් දවස් කිහිපයක් යනකන් හිතේ භයක් නැති සුව නින්දක් ලබාගන්න නම් අමාරු වෙයි.

 

 

smoking ghost නගරය

1800 ගණන්වල අග භාගයේ ඉදන් 1960 දශකය දක්වා සෙන්ට්‍රලියාවේ ගල් අඟුරු ආකර පිහිටලා තිබුණ නිසාම සෙන්ට්‍රලියාව පෙන්සිල්වේනියාවේ තිබුණ සුන්දර, නමුත් අවුල් සහගත නගරයක්.කොහොම වුණත් 1962 දී පතලක අභිරහස් ගින්නක් හටගත්තා. ඒ ගින්න ඒ පතලට සම්බන්ධවෙලා තිබුණ අනිත් උමං වලටත් භූගතව පැතිරෙන්න පටන්ගත්ත. 1979 දී ගෑස් මධ්‍යස්ථාන හිමිකරුවෙක් තමන්ගේ භූගත ටැංකි වල අසාමාන්‍ය ලෙස ඉහළ පෙට්‍රල් උෂ්ණත්වයක් වාර්තා කරනකන් වගේම පොඩි පිරිමි ළමයෙක් තමන්ගේ වත්ත පිටිපස්සෙම අඩි 150 කට ආසන්න ප්‍රමාණයක් ගිලෙනකන් සෙන්ට්‍රලියාවේ මිනිස්සු මේ ගැන වැඩිය ගණන් ගත්තේ නැහැ. මේ ප්‍රශ්න නිසාම නගරයේ ජනගහනය ගොඩක් අඩුවුණා. 2014 ගණනය කිරීම් වල විදිහට නම් පවුල් 7ක් විතරයි මේ නගරේ ජීවත් වෙන්නේ. ඉතින් මේ සෙන්ට්‍රලියාවේ සංචාරකයන්ට පෙන්නේ නම් සම්පුර්ණයෙන්ම අවතාර නගරයක් විදිහට.ඔයා කවදාහරි අතඇරලා දාපු පාළු නගරයට ගියොත් ඉරිතලලා ගියපු ගොඩනැගිලි,කඩා වැටුණු පදික වේදිකා සහ ඉරිතලා තියෙන,ග්‍රැෆිටිවලින් පිරුණු 61 මාර්ගය ඔයාට හම්බවෙයි. ඒ වගේම මේ නගරය පාළු වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයාට අමතක වූනොත් ඔයාට ඉඳලා හිටලා දුමාරයක් දැකගන්න පුළුවන් වෙයි.

 

 

Beelitz-Heilstätten රෝහල

මේ කියන්න යන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය ඉස්පිරිතාලයක් ගැන නම් නෙමෙයි. මේ කතාව හමුදා රෝහලක් ගැන. 1898 සිට 1930 දක්වා කාලය තුළ බෙලිට්ස්-හයිල්ස්ටැටන් සංකීර්ණය ක්ෂය රෝග සනීපාරක්ෂක මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කළා. පළමුවන ලෝක සංග්‍රාමයේදී අබ ගෑස් සහ මැෂින් තුවක්කු වලට ගොදුරු වුණ අය මේකේ හිටියා, කකුලේ තුවාල ලබාපු ඇඩොල්ෆ් හිට්ලර් නම් තරුණ සොල්දාදුවත් ඒ අතර හිටියා. පස්සේ මේ රෝහල දෙවන ලෝක යුද්ධ කාලයේ නාසි සොල්දාදුවන්ගේ ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් වුණා. 1945 ඉදන් බර්ලින් තාප්පය කඩා වැටෙනකන්ම සෝවියට් හමුදා රෝහලක් ලෙස මේ රෝහල භාවිතා කළා. සංකීර්ණයේ තියෙන ගොඩක් වාට්ටු අතහැර දමා තිබුණත් අද රෝහල් වාට්ටු කිහිපයක් ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරනවා. ශල්‍යකර්ම සහ මනෝචිකිත්සක වාට්ටු දෙකම දිරාපත් වෙන්න සොබාදහමට අතැරලා දාලා තියෙනවා.ඉතින් ඇමරිකාවේ හොල්මන් චිත්‍රපටියක පෙනුමක් මෙතනට ඇවිත් තියෙන නිසාම සංචාරකයන්ට මේ ගමන ගොඩක් විනෝදකාමී තැනක් වෙන එකක් නම් නැහැ.

 

 

Capuchin Catacombs

සල්ස්බර්ග් ඉදන් පැරිස් දක්වා ලෝකයේ ඇති සියලුම කැටකොම්බයන් අතුරින් කිසිවක් සිසිලියේ කැටකොම්බේ ඩී කපුචිනි තරම් අත්භූත නැහැ. Capuchin Catacombs කියන්නේ පුජකවරයන් භූමදාන කරන්න හදලා තියෙන සරල සුසාන භූමියක්.1534 දී පැලර්මෝ හි සැන්ටා මාරියා ඩෙලා පේස් දේවස්ථානයේ දී කපුචින් ඉදිකෙරුණා. ඔවුන් ශාන්ත ආනාගේ පූජාසනය යට ටැංකියක් මෙන් විවර වූණු සමූහ මිනීවළක් හාරමින් මියගිය සගයන් එකේ වැළලුවා. වැඩි කාලයක් යන්න කලින් කපුචින් ප්‍රජාව වර්ධනය වුන නිසාම 1597 වෙද්දී සුසාන භූමියේ පළවෙනි කාමරය වුණ වළ එහෙමත් නැත්නම් ටැංකිය ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුව නිසාම පුරාණ ගුහා වල ක්‍රම උපයෝගී කරගෙන ප්‍රධාන පූජාසනය පිටුපස්සේ විශාල සුසාන භූමියක් නිර්මාණය කරන්න කැණීම් ආරම්භ කළා. වසර දෙකකට පස්සේ අලුත් සුසාන භූමිය සුදානම් වූණා. ඉතින් පරණ ටැංකියේ තිබුණු මළසිරුරු එයාලා අලුත් ගුහාවට මාරු කරන්න තීරණය කළා. කොහොම වුණත් මේ මළසිරුරු අලුත් තැනට මාරු කරද්දී මල සිරුරු 45ක් විතර මුහුණු දිරාපත් වෙලා තිබුණේ නැහැ වගේම එයාලා හදුනා ගන්න පුළුවන් තත්වයෙන් තිබුණා. ඉතින් මේ අවස්ථාව දෙවියන්ගේ ක්‍රියාවක් බව කපුචින්වරු විශ්වාස කළා, දේහය භූමදානය කරනවා වෙනුවට,එයාලගේ සොහොයුරන්ගේ දේහයන් ධාතු විදිහට ප්‍රදර්ශනය කරන්න වගේම අලංකාර කරන්න එයාලා තීරණය කළා. අලුත් සුසාන භූමියේ පළවෙනි කොරිඩෝවේ බිත්ති දිගේ ඒ මළසිරුරු රදවලා තියෙනවා.අළුතින් හදපු කැටකොම්බය තුළ මුලින්ම තැන්පත් කරපු සිරුර වූණේ ෆ්‍රා සිල්වෙස්ට්‍රෝ ඩා ගුබ්බියෝගේ සිරුරයි. ඒක තවමත් සරල දුඹුරු පාට සිවුරකින් හා හිස් වැස්මකින් ආවරණය කරලා තියෙනවා. හරි අමුතු අත්දැකීමක් වෙයි වගේ නේද ?

 

කොහොම වුනත් මේ වගේ අත්භූත අපුරු තැන් ගොඩක් අපි නොදන්නවා වුණාට ලෝකයේ සැඟවිලා තියෙනවා. ලෝකයේ අනිත් සංචාරක තැන් වලට තරම් මේ තැන් වලට ප්‍රසිද්ධියක් ලැබිලා නැත්තේ ඇත්තටම සංචාරකයන් මේ තැන් වලට යන්න අකමැත්තක් දක්වන නිසා වෙන්න පුලුවන්ද?

 

-එස්. එස් . තත්සරණි-