හතර වටෙන් SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !

SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !

2020 Dec 23

ජීවිතයේ කාත් කවුරුවත් නැතිව තනිවෙච්ච වයස අවුරුදු අටක පොඩි දරුවෙක් ගැන හිතන්න ? මේ දරුවා මොනවා කරන්න උත්සාහ කරයිද? කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති අයගෙන් උදවු ඉල්ල ඉල්ලා වීදි වල ඇවිදිනවාද? අඬමින් හෝ නිර්භීත වෙන්න උත්සාහ කරනවාද? මේක මානසිකව මේ දරුවාගේ මනසට මොන විදිහේ බලපෑමක් ඇති කරයිද? හැමදේටම තියෙන බය සහ ආරක්ෂාවක් නොමැතිකම දරුවා මතට පැටවෙන නිසා මේ දරුවා දුර්වල වෙනවා. ඔයාට මේ වගේ අසරණ දරුවෙකු හමු වුනොත් ඔයා කරන්නේ මොකද්ද ? මේ වගේ දරුවෙක්ව දැක්කොත් අනිත් අය මොනවා කරයිද?

ශ්‍රී ලංකාවේ ඇති SOS ළමා ගම්මාන පහුගිය අවුරුදු 39 ක් තිස්සේ දෙමාපියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්නවා. විවිධ හේතූන් නිසා දෙමාපියන්ගේ රැකවරණය අහිමි වුණු අවාසනාවන්ත දරුවන්ට දිගු කාලීන රැකවරණයක් ලබා දෙන අවුරුදු හැත්තෑවකට අධික ගෝලීය විශේෂඥතාවයක් තියෙන සංවිධානයක් විදිහට මේ සංවිධානය හඳුන්වන්න පුළුවන්. SOS ළමා ගම්මාන කියන්නේ ඔස්ට්‍රියාව පදනම් කරගත්ත ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයක්. 1949 ආරම්භයේ ඉදන් මේ වෙද්දී එය ලොව පුරා රටවල් 136 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කාලේ ළමා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරපු මල්සිරි ඩයස් මහත්මියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම SOS ළමා ගම්මානය පිලියන්දල ප්‍රදේශයේදී 1981 දී ආරම්භ කළා.

2020 වෙද්දී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයක් ආරම්භ කරලා තියෙනවා වගේම මේ වෙද්දී දරුවන් 800 කට අධික ප්‍රමාණයක් දෙමාපියන්ගේ රැකවරණය නැතුව මෙම ගම්මාන හරහා රැකබලා ගන්නවා. මෙම ගම්මාන 06ට නීතිමය මාර්ගෝපදේශ හා රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකාවේ ළමා පරිවාස දෙපාර්තමේන්තුව හරහා දරුවන් ගෙන එනු ලබනවා.

SOS ළමා ගම්මාන ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ධනාත්මක විදිහට බලපාන වෙනත් සමාජ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොඩක් දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ රැකියා විශේෂිත වෘත්තීය පුහුණුවක් ශ්‍රී ලංකාවේ තියෙන SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හතර මගින් ලබාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. තරුණ තරුණියන් 1800 කට වැඩි පිරිසක් මෙ පුහුණු වැඩසටහන් වලින් පුහුණුව ලබාගෙන තියෙනවා වගේම ඔවුන්ට සුදුසු ස්වයං රැකියාවන්ද සොයාගෙන තියෙනවා . මීට අමතරව ‘පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන’ නමින් තවත් ව්‍යාපෘතියකින් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් දිළිඳුකමින් මුදවන්න අවධානය යොමු කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ අවසාන පරමාර්ථය තමයි දරිද්‍රතාවය හේතුවෙන් පවුල් මුහුණ දෙන ගැටලු රැසක් හේතුවෙන්  “ළමයින්, ළමා ආරක්ෂණ ආයතනවල නොසිටීම සහතික කිරීම”. දුප්පත් පවුල්වල අයව කුසලතා හා දැනුමෙන් පෝෂණය කරලා එයාලව ශක්තිමත් කරන්න SOS අවධානය යොමු කරනවා. ඒ එයාලට හොඳ ආදායම් මාර්ග සොයා ගන්න උදවුවක් වෙන නිසා එමඟින් ගැටළු නොමැතිව තම දරුවන් රැකබලා ගන්න ඒ පවුල් වලට හැකියාව ලැබෙන නිසයි. මේ වෙද්දී ඒ වගේ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් 3300 කට අධික සංඛ්‍යාවකට මේ වැඩසටහන මගින් දරිද්‍රතාවයෙන් මිදෙන්න සහ මූල්‍ය නිදහස සහ ආරක්ෂාව ලබා ගන්න උදවු කරලා තියෙනවා.

කොහොම වුණත්,කොරෝනා වෛරස් වසංගතය නිසා මෙම සංවිධානයට ලැබෙන පරිත්‍යාග වලට බලපෑමක් එල්ලවෙලා තියෙනවා. ඒ වගේම මේ වසංගතය ගෝලීය වශයෙන් බලපා ඇති නිසා විදේශ පරිත්‍යාග පවා අඛණ්ඩව ලැබෙන එකත් දැන් අවදානමට ලක්වෙලා තියෙනවා. ඒ නිසා, දෙමව්පියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්න SOS ළමා ගම්මාන විසින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම උදවු බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං අවශ්‍යතා තියෙන දරුවන්ට උදවු කරන්න ඔයත් කැමතිනම් 076 322 7422 හෝ 071 869 3208 අමතන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here