හතර වටෙන් ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?

ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?

2021 Feb 14

වැලන්ටයින් කියන්නේ ඇත්තටම හරිම විනෝදජනක දිනයක්. හැබැයි ඒ ඔයාගේ යාලුවෝ ඇතුළු දන්න කියන හැමෝම විවාහ වෙලා හෝ සම්බන්ධතා පටන්ගන්නකන් විතරයි. ඔයා තනිකඩ කෙනෙක් නම් අද තනියම පාලුවෙන් ඉන්න වුනොත් ? අපි මේ කියන්න යන්නේ ආදරවන්තයින්ගේ දිනයේදී කොළඹ නගරය වටේ අත් අල්ලන් යන ආදරවන්තයින් ගෙන් වෙන්වෙලා ඔයාට තනියම මේ විශේෂ දවස ගොඩක් සතුටින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ගැන. එහෙමත් නැතිනම් අද ඇතිවෙන පාළුව මකා ගන්න හොඳම ක්‍රම කිහිපයක් ගැන.

 

 

1. සම්ප්‍රධායික ක්‍රමයට වෙනස්ව හිතන්න.

Image result for a normal day

මුලින්ම මේ ආදරවන්තයින්ගේ දිනය දිරිගන්වන හේතුව ඔයා නොසලකා හරින්න ඕනේ. උදාහරණයක් විදිහට අම්මාවරුන්ගේ දිනය වගේම පියවරුන්ගේ දිනය කියලා විශේෂ දිනයක් වෙන් කරලා තිබුණට ටිකක් හිතලා බලන්න හැමදවසක්ම එයාලගේ දිනයක් විදිහට හිතලා එයාලට සලකනවානම් ? ඒ වගේ මේ සුභ පැතුම් පත් හදන්නන්ට සල්ලි හම්බකරගන්න මේ දිනයන් වෙන් වෙලා නොතිබෙවී. මේ ගැන වැඩිහිටි කෙනෙක් එක්ක සාකච්ඡ කරලා බලන්න. මේ ආදරවන්තයින්ගේ දිනයත් අනිත් හැම දිනයක් වගේම සාමාන්‍ය දිනයක් කියලා හිතන්න.

 

 

2. ඔයාට තෑගී හොයන්න මහන්සි නොවීම ගැන ස්තුතිවන්ත වෙන්න.

Image result for no gift

වැලන්ටයින් දිනයේ තනිකඩව ඉන්න එකේ තවත් ප්‍රධානම වාසියක් තමයි තමන්ගේ සහකරුට හෝ සහකාරියට තෑග්ගක් ගන්න පොරකන පිරිස දිහා බලලා හිත යටින් හිනාවෙන්න පුළුවන් වීම. එදාට සුපිරි වෙළදසැලකට ගියොත් ඔයාට පුළුවන් වේවි අවසන් මොහොත වෙනකන් තෑග්ගක් ගන්න බැරිවුණ එයාලගේ ඇස්වල තියෙන භීතිකාව වගේම සරින් සැරේ තමන්ගේ දුරකථනය පරීක්ෂා කරන විදිහ. ඔයාගේ පාඩුවේ නිදහසේ ආර්පිකෝ එකක් ඇතුලේ ඇවිදගෙන යද්දී රතු රෝස මලක් , ටෙඩි බෙයාර් කෙනෙක් සහ චොකලට් පෙට්ටියක් උස්සගෙන මුදල් අයකැමි ගාවට දුවගෙන යන නොසන්සුන් අය ඔයාට දැකගන්න පුළුවන් වේවි .ඒක වැලන්ටයින් දිනය ගැන ජීවිත කාලය පුරාවටම හිතලා සතුටුවෙන්න පුළුවන් තවත් එක මතකයක් වේවි.

 

 

3. මුදල් ඉතුරු කරන්න.

Image result for saving money

තුන්වෙනියට, ඔයාට මිලදී ගන්න වෙන චොක්ලට් කොච්චර මිළ අධිකද කියලා හිතන්න. ඒ වෙනුවෙන් ඔයාගේ වටිනා මුදල් නාස්ති නොවීම ගැන සතුටු වෙන්න. අවංකවම කිවුවොත් ඒක ඔයාගේ කකුලක් අතක් තරම් වටින ලින්ඩ්ට් හෝ ෆෙරේරෝ රොචර් චොකලට් එකක් මිසක් පරණ තාලයේ රිට්ස්බරි චොකලට් එකක් නෙමෙයි. ඒ වගේම ඒක සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට හේතුවක් වෙනවා. ඉතින් මේ ගැනත් වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. අනවශ්‍යව අධික මුදල් වියදම වගේම ශරීරයට සීනි වලින් තියෙන අහිතකර පැත්ත වගේ දේවල් ගැන කතාකරන්න එයාලත් කැමති වෙයි.

 

 

4. දැනෙන පීඩනය මග හැර ගන්න.

Image result for no stree

 

දවස ගෙවෙද්දී ඔයාට පාළුව තනිකම දැනෙන්න පටන් ගනීවි. සාමජයෙන් දැනෙන පීඩනයත් එක්ක ඔයා කොච්චර උත්සහ කළත් හැමදාම ඔයාට තනියම ඉන්න වෙයි කියලා පොඩි හරි සැකයක් හිතට දැනෙයි. ඉතින් මේ වේලාවේ මේ හැම දෙයක්ම අමතක කරලා ඔයා තනියම නැගී සිටින්න. අවුරුද්දේ දවස් 365 න් එක දවසක් විශේෂ විදිහට ගත කරන්න ඔයාගේ ජීවිතයට එක විශේෂ පුද්ගලයෙක් අනවශ්‍ය බව මතක් කරගන්න. ඒ නිසාම ඔයාගේ වටේ ඉන්න සමීප හැමෝටම ඔයාගේ valentine වෙන්න ආරාධනා කරන්න. ඔයාගේ ආදරණීයන්ට ආදරය කරන්න. එතකොට එක්කෙනෙක්ගෙන් ලබන අවධානයට වඩා දහ ගුණයකින් අවධානය ඔයාට ලැබේවි.

 

 

5. ඒ වෙනුවට වෙනස් දෙයක් කරන්න.

Image result for talking with friends using zoom

වෙනසකටත් එක්ක විනෝදජනක වෙනස් දෙයක් කරන්න. ඔයාගේ තනිකඩ අනෙක් යාළුවොත් එක්ක zoom හරහා කාලය ගෙවන්න. ඔයාගේ ඉලක්ක වලට වැඩ කරමින් , ඔයාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරලා තනියම කාලය ගෙවන්න. මේ ආදරවන්තයින්ගේ දවස තාමටම ආදරය කරන්න පටන් ගන්නත් පුළුවන් දවසක් බව මතක තියාගන්න.

මේ දවස කවදාහරි ඔයාගේ දරුවන් එක්ක බෙදාගන්න පුළුවන් විදිහේ මතක තියෙන සුන්දර දවසක් කරගන්න. වැලන්ටයින් දවසට වගේම අනිත් දවස් වලටත් ඔයාට චොක්ලට් මිලදී ගන්න පුළුවන් වෙයි.නමුත් ලොකු මිලක් දීලා වැලන්ටයින් දවසට ගන්න ෆෙරේරෝ රොචර් එක ඒ ගාණෙන් භාගයක් දීලා වෙන දවසක ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ගැනත් හිතලා බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here