රස ගැස්ම Seafood කන්න ආසයිද? එහෙනම් මෙන්න ඒකට නියම තැනක්…

Seafood කන්න ආසයිද? එහෙනම් මෙන්න ඒකට නියම තැනක්…

2021 Feb 24

Open Time:

11 am - 11 PM

Address

313, Galle Road, Colombo 03

directions

It’s on the right side of the road, when travelling along Galle Road.

Contact No

0112 875 975

Menu

seafood වලට කැමති අයට නම් Manhattan Fish Market කියන්නේ අලුත් තැනක් නෙමෙයි. 2013 දී ආරම්භ කරපු Manhattan නගරයේ හොඳම seafood ලබා දෙනවා වගේම මේ වෙද්දී ලංකාවේ ආවේණික රසයන් වලට අලුත් රසයන් එකතු කරලා තියෙනවා. එයාලගේ අලුත්ම අලෙවිසැල ගාලු පාරේ විවෘත කළා. ඉතින් අපිට එයාලගේ ආවේණික කෑම වර්ග කිහිපයකම රස බලන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම එයාලට අපේ සිත් ගන්න පුළුවන් වුණා කිවුවොත් හරියටම හරි.

 

Drinks

නොයෙකුත් වර්ගයේ smoothies,shakes සහ mocktails වර්ග කිහිපයක්ම අතරින් රසවත් බීමක් තෝරාගෙන රසවත් කෑම වේලක් එක්ක ඒක රස විදින්න අපිට අවස්තාව ලැබුණා.

 

Citrus Mint (LKR 490)

ඇත්තටම Citrus Mint කියන නමට සදාරණයක් කරපු මේ බීම එක ‘මින්ට්’ ගතියට වගේම ‘නැවුම්’ ගතියට අලුත් අර්ථයක් එකතු කළා. ලෙමන් හා මින්ට් වලින් පුරවලා තිබුණු මේ පානය රස්නෙ දවසක ගන්න නම් ගොඩක් සුදුසුයි. මගේ මුණට සිනහවක් ගේන්න වගේම මාව සනසන්න මේකෙන් ගත්ත පළවෙනි උගුරම සමත් වුණා කිවුවොත් හරි. ඕනෑවට වඩා ඇඹුල් හෝ පැණිරස ගතියක් නොතිබුණා වගේම හැම රසයක්ම සමානව දැනුන එක මේ drink එකට මම ගොඩක් කැමති වෙන්න හේතුවක් වුණා. මේක ඇත්තටම බීලා බලන්නම ඕනේ දෙයක්.

 

 

Botanical Passion (LKR 490)

පැෂන්, ලෙමන්, ඇපල් යුෂ සහ මින්ට් Earl Grey tea වලට එකතු කරලා හදලා තිබුන මේ Botanical Passion එක මේ දේශගුණයත් එක්ක බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම drink එකක්. අර්ල් ග්‍රේ තේ වල උණුසුම් රසය පළතුරු යුෂ වල මිහිරි බව සහ රස සියල්ලම එකට එකතු වෙලා තිබුණා. මේ බීම එකේ සමස්ත රසය තවත් ඉහල නංවන්න මේ පානයට එකතු කරලා තිබුණ බැසිල් කොළත් උපකාරී වුණා. ඉතින් මේකත් බීලා බලන්නම ඕනේ බිමක් කියලා තවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

 

 

Mains

 

Fish and Chips – Dory (LKR 1190)

Fish සහ chips කියන්නේ ගොඩක් දෙනෙක් කැමති කෑමක්. පිටින් Crispy ගතියට වගේම ඇතුලතින් soft ගතියට තියෙන විදිහට මේ dory එක කදිමට උයාගන තිබුණා. ක්‍රිමි tartar sauce එක මේකට හොඳ රසයක් එකතු කරලා තිබුනා වගේම paprika සහ මිරිස් කුඩු චිප්ස් වලට ඉහා තිබුනා. මේ dish එකට ලකුණු 10/10ක් දෙන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.

 

 

Grilled Chicken (LKR 1090)

Manhattan Fish Market මුහුදු ආහාර වලට ප්‍රසිද්ධ වුණත්, මාංශ වලට කැමති අයවත් එයාලා අමතක කරලා නැහැ. මේ චිකන් එක පදමට ග්‍රිල් කරලා තිබුනා. මෘදු හා ඉස්ම සහිත වුණු smokey flavour එකක් මේ dish එකේ තිබුණා. මේ dish එක සම්පුර්ණ කරන්න එළවළු සහ බත් සරිලන ප්‍රමාණයක් පිළිගන්වලා තිබුණා.

 

 

Baked Dory with Seafood Sauce (LKR 1190)

ඔයත් සැර කෑම වලට කැමති කෙනෙක් නම් මේක තමයි ඔයාට කියාපු කෑම. කටේ දිය වෙලා යන තරම් මෘදු Dory එකත් එක්ක සැර සහ ඇඹුල් රසයක් තිබුණු සෝස් එක කදිමට ගැලපුණා. ඒක ඇත්තටම හොඳම ගැලපීමක්. මේ එක්ක පිළිගන්වපු බටර් ගතියක් තිබුන මෘදු බත් මාළු එකේ තිබුණ රසය සමතුලිත කරන්න උදවුවක් වුණා. මම ගත්ත කෑම වර්ග තුනෙන් මේක මගේ ප්‍රියතම dish එක වුණ නිසා මේක කාලා බලන එක මං 100% ක් නිර්දේශ කරනවා.

 

Desserts

 

Sizzling Brownie with Ice Cream (LKR 890)

කෑම වේලක් ඉවර කරන්න හොඳම විදිහ තමයි මේක. වැනිලා අයිස් ක්‍රීම් scoop එකක් උඩින් දාලා ඊට උඩින් උණුසුම් කැරමල් සෝස් දාලා රටකජු වලින් මේක ලස්සනට සරසලා තිබුණා. බ්‍රව්නී මෘදු සහ ඇලෙනසුලු ගතියක් තිබුණා. කැරමල් සෝස් මේ අතුරුපසට ඕනෑවට වඩා පැණි රසක් එකතු කරයි කියලා මේක දැක්ක ගමන් අවංකවම කනස්සල්ලට පත් වුනත් මාව පුදුම කරවමින් මේකේ රසය සමතුලිත කරන්න කැරමල් වල තිබුණු ලුණු ගතියට පුළුවන් වුණා.

 

 

Manhattan Mud Pie (LKR 690)

පිටතින් චොකලට් අයිස්ක්‍රීම් දාලා තිබුන මේ ගූයි චොකලට් පයි එක ප්‍රබෝධමත් බවක් එකතු කළා. මේකට එකතු කරලා තිබුන Dark chocolate sauce එක මේකේ තිබුන පැණිරස ගතිය සමතුලිත කරන්න උදවු වුණා. ඔයා ඕනෑවටත් වැඩිය පැණි රස කන්න අකමැති කෙනෙක්නම් මේ pie එක ඔයාට ගොඩක් ගැළපෙනවා.

 

 

Ambience

ඇසට ප්‍රියමනාප මේ Manhattan Fish Market outlet එක ලස්සන වගේම ගොඩක් සන්සුන් තැනක්. තට්ටු දෙකක් තිබුන නිසාම ගොඩක් අමුත්තන්ට ප්‍රමාණවත් ඉඩකඩක් තිබුණා. ඊටත් වඩා හොඳ දේ වුනේ ළමයින්ට විනෝද වෙන්න එයාලටම වෙන්කළ play area එකක් තිබීම.පවුලේ අය සහ මිතුරන් එක්ක හොඳ ආහාර වේලක් ගන්න කදිම පසුබිමක් මෙතන තිබුනා වගේම එයාලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගොඩක් කාර්යක්ෂම වුණා. ඉතින් ඇත්තටම මේක හොඳ අත්දැකීමක් වුණා කිවුවොත් හරියටම හරි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here