හතර වටෙන් මුඛ දුර්ගන්ධය නිසා යන යන තැන කොන් වෙනවාද? එහෙනම් මෙන්න ඒකට හොඳම...

මුඛ දුර්ගන්ධය නිසා යන යන තැන කොන් වෙනවාද? එහෙනම් මෙන්න ඒකට හොඳම විසඳුම්..

2021 Mar 31

 

Bad breath එක එහෙමත් නැත්තම් මුඛ දුර්ගන්ධය අපිව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කරන දෙයක් කිව්වොත් ගැස්ම පාඨකයොත් අනිවාර්යයෙන් මේ කතාවට එකග වෙනවා ඇති. ලෝකයේ සිටින මිනිසුන්ගෙන් මිලියන 80 පමණ මෙම අපහසුතාවයට එදිනදා මුහුණ දෙනවා. අපිට job interview එකකට හරි date night එකකට bad breath එකත් එක්ක යන්න බැහැ. ඒ නිසා ඇපල් ගෙඩියක් හෝ චුවින්ගම් එකක් හැමවෙලේම ලඟ තියාගන්න එක ගොඩක් වටිනවා.

කොහොම වුණත් මේ bad breath එක නැතිකරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා අද කතා කරමු.
දැන් කට්ටියම හිතනවා ඇති මේකට ලොකු වියදමක් යනවා කියලා. ඇත්තෙන්ම නැහැ. Bad breath එක නැති කරගන්න අපිට ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් ගැන තමයි ගැස්ම අද ආදරණිය පාඨකයන්ට කියලා දෙන්න හදන්නේ.

 

 

01 කැරට්, සැල්දිරි හෝ ඇපල් ගෙඩියක්

Carrot Apple Juice Recipe | Cultured Palate

ඇපල් සහ කැරට් වලින් අපි ආහාරයට ගන්න කෑම ඉක්මනින් දිරවන්න උදව් වෙනවා. ඒ වගේම ආහාර ජීරණ පද්ධතිය නීරෝගීව තබා ගන්න උදව් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි කට ඇරියොත් ගඳ ගහන්න හේතුවක් වෙන ආමාංශයේ එකතුවෙන ගෑස් තත්වය තවදුරටත් ඇතිවෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තව දෙයක් තමයි නැවුම් එළවළු සහ පළතුරු නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් ද bad breath එක ඇතිකරවන bacteria අපේ දත් වලින්, දිවෙන් සහ විදුරුමස් වලින් ඉවත් වෙනවා.

මේ bad breath එක ඇතිවෙන්න තවත් හේතුවක් තමයි අපි හිස්බඩින් ඉන්න එක. එයින් වෙන්නේ අපේ ආමාංශයේ ඇසිට් (acid) හැදෙන එක. ඒ නිසා සුළු ආහාර සඳහා පළතුරු සහ එළවළු කන්න පුරුදුවෙනවා නම් ඔයාට bad breath එක නැතිකරගන්න පුළුවන්.

 

 

02 එලවළු

Nestlé adds fruits veggies cuts sodium fat for better food environment

Bad breath එක ඇසිඩ් ඇතිවීමක් හෝ වෙනත් ආහාර ජීර්ණ ආබාධවල රෝග ලක්ෂණයක් වෙන්න හැකියාව තිබෙනවා. හරිත එළවළු වල හරිතප‍්‍රද බහුල වන අතර ශාක ප්‍රභාසංස්ලේෂණය සඳහා හිරු එළියෙන් ශක්තිය අවශෝෂණය කර ගනු ලබනවා. ක්ලෝරෝෆිල් ළුලදායී ස්වාභාවික ඩියෝඩරයිසර් එකක් වන නිසා වන මුඛයේ ඇතිවෙන ඕනෑම දුර්ගන්ධයක් නැති කරන්න හැකිවයාව තිබෙනවා.

 

 

03 ආහාර garnish කරන්න

Garnish (food) - Wikipedia

මින්ට් වැනි කොළ වර්ග වලින් ආහාර ජීරණය ඇතිකරනවා. මේ නිසා මුඛයෙන් දුර්ගන්ධය ඇතිවීම අවම වෙනවා. මින්ට්, පාර්ස්ලි සහ කොත්තමල්ලි කොළ මුඛයෙන් දුර්ගන්ධය නැතිකරන්න ඩියෝඩරයිසර් එකක් විදියට ක්‍රියාකරනවා.

ඉතින් කෑම හදද්දි මේ කොළ වර්ගයකින් ගාර්නිෂ් කරන්න මතක තියාගන්න. ආහාර ගත්තට පස්සේ මේ කොළ වර්ගය ආහාරයට ගන්න . එතකොට ඔයාට පුළුවන් බය නැතුව කතා කරන්න.

 

 

 

04-සීනි නැති යෝගට්

Sugar Free Dates Yogurt - CurryandVanilla

යෝගට් වල අඩංගු හොඳ බැක්ටීරියා ආහාර ජීර්ණයට. විශේෂයෙන් කිරි නිෂ්පාදන ජීර්ණයට උපකාරී වෙනවා. මෙය ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා අතර එමඟින් bad breath ගැනීමේ අවදානම අඩු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු හැරුණු විට මුඛයේ සල්ෆයිට් සංයෝග එකතු වීම bad breath ඇතිවීමට හේතු වෙනවා. බොහෝ අධ්‍යයනයන් පෙන්වා දී ඇති පරිදි ප්‍රෝබයොටික් වල ඇති හොඳ බැක්ටීරියා, මුඛයේ ඇති සල්ෆයිට් සංයෝග මට්ටම අඩු කරනවා. යෝගට් මිලදී ගැනීමේදී, සීනි නැති යෝගට් මිලදී ගන්න මතක තියාගන්න.

 

 

05- චෙරි

Are Cherries Good for You?

චෙරි කිව්වහම ගොඩක් අයහිතනවා කොහෙන්ද චෙරි කන්නේ අනික ගාණන් වැඩියි කියාලා. ඔව් ඒක ඇත්ත. නමුත් මිලදී ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් bad breath එක නැතිකරගන්න චෙරීස් උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් චෙරි කෑවොත් කෑම නිසා ඇතිවෙන දුර්ගන්ධය අවම කරගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම සලාද කොළ වලත් මේ ගුණය තිබෙනවා.

 

 

06- ග්‍රීන් ටී

5 benefits of green tea: How it can help your memory, skin, and bones

ග්‍රීන් ටී පානය කිරීම නිසා සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම ඊට ඇතුළත් වෙනවා. එය ශරීරය ඩෙටොක්සයිඩ් කිරීමට උපකාරී වන අතර එමඟින් ශරීරයේ දුර්ගන්ධය සහ bad breath ඇතිවීම අඩු කරනවා. ග්‍රීන් ටී වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන කැටෙචින් අඩංගු වන අතර එය මුඛයේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

 

 

07-පැගිරි පළතුරු

7 Citrus Fruits You Must Try This Summer: From Blood Orange to Buddhas Hand - NDTV Food

පැඟිරි ගෙඩි වල ඇති සිට්රික් අම්ලය මුඛයේ හා ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා වර්ධනයට අවමකරනවා. මුඛයේ දුර්ගන්ධයක් ඇති කරන බැක්ටීරියා මේවාය. එබැවින් කිසිදු බැක්ටීරියාවක් ගන්ධයක් නැත. අපිට වෙළඳපොලෙන් අඩු මිලට පැගිරි පළතුරු මිලදී ගන්න හැකියාව තිබෙනවා. සුළු ආහාරයක් විදියට junk food කන්නේ නැතිව මේ වගේ පළතුරක් කන්න පුළුවන්නම් ශරීරයටත් හොඳයි bad breath එක නැතිකරගන්නත් ඒක උදව්වක් වෙනවා.

 

 

08- ඉඟුරු සහ ලෙමන් ටී

Soothing Fresh Lemon Ginger Tea: Easy to Make at Home - 31 Daily

ඉඟුරු වල විශාල ඖෂධීය ගුණ තිබෙනවා. එය ඔබේ ආහාර වේලට එකතු කිරීමෙන් මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීමට හේතු විය හැකි බඩේ අපහසුතා වලට ප්‍රතිකාර කරනවා. ඔයා තේ වලට අකමැති කෙනෙක් වුණත්, ඔයාට පුළුවන් ඉඟුරු තේ භාවිතා කරලා කට සෝදන්න. ඉඟුරු වලින් දුඟද නැතිකරනවා වගේම ලෙමන් වල ඇති සිට්‍රික් අම්ලය බැක්ටීරියා වර්ධනය වීමට අවම කරනවා. වැඩි වියදමක් නැතුව ඔයාට පුළුවන් ගෙදරදීම ඉඟුරු සහ ලෙමන් ටී එක හදාගන bad breath එකෙන් ගැළවෙන්න.

 

 

09- අන්නාසි යුෂ

Study highlights potential of probiotic pineapple juice production

බොහෝ අය විශ්වාස කරනවා අන්නාසි යුෂ bad breath එක නැතිකරගන්න ඉක්මන් ළුලදායී ප්‍රතිකාරයක් කියලා. මෙම ප්‍රතිකාරය විද්‍යාත්මකව තහවුරු කරලා නැති වුණත් මෙමගින් bad breath එක නැතිකරනවා කියලා සංඛ්‍යා ලේඛන වාර්තාවල දැක්වෙනවා.

සෑම ආහාර වේලකටම පසු කාබනික අන්නාසි යුෂ වීදුරුවක් බොන්න, එහෙම නැත්නම් අන්නාසි පෙත්තක් විනාඩියක් දෙකක් විතර හපන්න.

 

 

10-විනාකිරි

Vinegar Pregnancy Test: Types, How to Perform, Pros & Cons

විනාකිරි වල ඇසිටික් අම්ලය නමින් ස්වාභාවික අම්ලයක් අඩංගු වෙනවා. බැක්ටීරියා ආම්ලික පරිසරවල වැඩීමට කැමති නැති නිසා විනාකිරි මගින් කට සේදීම බැක්ටීරියා වර්ධනය අඩු කරනවා.

ඔයාට පුළුවන් ලේසියෙන්ම නිවසේදීම විනාකිරි mouth wash එකක් හදාගන්න. ඒකට කරන්න තියෙන්නේ වතුර කෝප්පයකට සුදු හෝ ඇපල් සයිඩර් විනාකිරි හැදි 2 ක් එකතු කරගේ තත්පර තිහක් හොඳින් කට සෝදන්න.

 

 

11- වතුර

Is Your Drinking Water Safe? - Alabama Cooperative Extension System

ඔබේ මුඛය සජලීව තබා ගැනීම මගින්, මුඛයේ ඇති ආහාර අංශු සහ මළ සෛල ඉවත් කරගන්න හැකියාව තිබෙනවා. වතුර කියන්නේ ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඔසුවක්. වතුර ගොඩක් පානය කරනවා කියන්නේ මුඛයේ බැක්ටීරියා වර්ධනය සිදුවෙන්නේ නැති එක. ශරීරය දුවන්න වතුර ප්‍රධාන සාදකයක් . ඔබ අනිවාර්යයෙන් දිනකට වතුර මිලිලීටර් 3 පානය කරන්න කටයුතු කරන්න. බොහෝ රෝග ඔසුවක් වගේම සම ලස්සන වෙන්න වතුර ලොකු හේතුවක් වෙනවා.

 

 

12- දුම්පානය

Smoking may impair body's blood pressure autocorrect system - Penn State Health News

මේ වෙනකොට කාන්තා පිරිමි කියලා නැහැ දෙපාර්ශවයම දුම්පානයට ඇබ්බැහි වෙලා තිබෙනවා. දුම්පානය කියන්නේ පිළිකා ඇතිවෙන්න ප්‍රභල හේතුවක්. පිළිකා ඇතිවීමට අමතරව, දුම්පානය මඟින් ඔබේ විදුරුමස් වලට හානි ඇතිවෙනවා.ඒ වගේම දත් පැල්ලම් ද ඇතිවෙනවා.

දුම්පානය අවම කරගැනීමට අපහසුනම් ඒ සඳහා ඇති වැඩසටහනකට හෝ බෙහෙත් ලබා ගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

 

 

13- වෛද්‍යවරයා හමුවිය යුතු වෙලාව

Coronavirus: Dentists to help staff new hospitals - BBC News

Bad breath එක මුඛයෙන් ආරම්භ වන අතර දන්ත වෛද්‍යවරයෙකු හමුවී මුඛය පිරිසිදු කරගැනීම මගින් එය නැතිකරගන්න හැකියාව තිබෙනවා.

කොහොම වුණත්, සමහර අවස්ථාවලදී, bad breath කියන්නේ දියවැඩියා, කීටොසයිඩෝසිස්, වකුගඩු අකර්මණ්‍ය වීම හෝ වෙනත් ආසාදන තත්වයක් වැනි බරපතල තත්වයක ලකුණු වෙන්න පුළුවන්.

ඔබයාගේ bad breath එක නැති කරගන්න නිවසේදී සිදුකර ප්‍රතිකාර හරියනේ නැතිනම්, ඔබේ වෛද්‍යවරයා හෝ දන්ත වෛද්‍යවරයා හමුවන්න.

-bad breath එක නැතිකරගන්න පුළුවන් ආහාර ද්‍රව්‍යයක් ගැන ඔබ දන්නවාද? එහෙනම් අනිවාර්යෙන් ඒ පිළිබඳව අපිවත් දැනුවක් කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here