හතර වටෙන් අවුරුදු මේසයට කැවිලි ගන්න කොළඹ තියන හොඳම තැන් මෙන්න…

අවුරුදු මේසයට කැවිලි ගන්න කොළඹ තියන හොඳම තැන් මෙන්න…

2021 Apr 8

මේ අප්‍රේල් මාසය.. මොකක්ද එකපාරටම ඔයාට මතක් වුණේ…? අවුරුදු නේද..? අලුත් අවුරුද්ද කියනකොටම අපිට මතක් වෙන්නේ ඔන්චිල්ලා පදින එක, අවුරුදු කෑම මේසේ, රතිඤ්ඤා සද්දේ , කැවිලි වගේ රසවත් දේවල්..මේ අවුරුද්දේ අපි මුහුණ දීලා ඉන්න තත්ත්වයත් එක්ක වෙනදා වගේ අවුරුද්ද සමරන්න වෙන්නේ නැති වුණත් පවුලේ අය එක්ක මේ අවුරුද්ද හැමෝටම සමරන්න ලේසී වෙන්න අපි හිතුවා කොළඔ අවට තිබෙන කැවිලි මිලදී ගන්න පුළුවන් තැන් කිහිපයක් පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න..

 

Five Star Bakers

දෙහිවල,ගල්කිස්ස,රත්මලාන ප්‍රදේශයේ මොවුන්ගේ අලෙවිසැල් කිහිපයක්ම තිබෙනවා වගේම Five Star Bakers මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ඔබේ අවුරුදු කෑම මේසය පුරවා ගැන්න ලේසි වෙන්න අවරුදු කැවිලි විකිණීම ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ගේ කැවිලි (කැබැල්ලකට) මිල ගණන් :

කොන්ඩා කැවුම් (රු.50), අතිරස (රු. 45), මුං කැවුම් (රු. 40) සහ කොකිස් (රු.20), දැන් ඔයාට පුළුවන් ඔයාගේ අවුරුදු කෑම මේසය පිරෙන්න Five Star Bakers ඒකෙන් අවුරුදු කැවිලි අරන් යන්න.

Contact number – 0115 299 710
Instagram – @fivestarbakers

 

Little Star

ගල්කිස්සේ පිහිටා තිබෙන Little Star එක ගොඩක් ප්‍රසිද්ධ රසම රස මාළු පාන් සඳහායි. ඔයාට පුළුවන් Little Star එකට ගියොත් මුං කැවුම් (රු. 50), කොන්ඩා කැවුම් (රු. 55), අතිරස (රු. 50), කොකිස් (රු. 30), අලුවා (රු. 50), නාරං කැවුම් (රු. 50) සහ ආස්මි (රු.120) මිලදී ගන්න.

Contact number – 0112 729 361

 

Lakpahana

ලංකා, ලක්පහන, අලුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි වර්ග ඔබට පිරිනමනවා. මොවුන් සතුව මුං කැවුම් (රු.30), ආස්මි (රු.50, කොකිස් (රු.15), කොන්ඩා කැවුම් (රු.30), කලු දොදොල් ග්‍රෑම් 350 (රු.400), අතිරස (රු.30) විකිණීමට තිබෙනවා. අවුරුද්දට ඔයාට රසවත් කැවිලි දැන් ලක්පහනෙන් මිලදී ගන්න පුළුවන්.

Contact number – 0112 698 211
Instagram – @lakpahana

 

Caravan Fresh

Caravan Fresh හී කොළඹ සහ ඒ අවට වෙළඳසැල් කිහිපයක් ඇති නිසා ඔයාට ළඟම තැනට ගිහින් ඔයා ආසම අවුරුදු කැවිලි මිලදී ගන්න පුළුවන්. ,

කැවිලි වල මිල:

ආස්මි (රු. 70) සිට අලුවා (රු. 45), කොකිස් (රු. 30) සහ කිරිබත් (3X3) සහ ලුණු මිරිස් (රු. 60), ඇඹුල් තියල් (රු. 120 per portion) සහ කුකුළු මස් ව්‍යංජන ( රු.90 per portion)

ඒ වගේම තමයි සීනී සම්බෝල කිලෝග්‍රෑම් 1 ක් Rs 600 මිලදී ගන්න හැකියාව තිබෙනවා.

 

Green Cabin

1884 ආරම්භ කරපු Green Cabin ඔවුන්ගේ කෑම වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම ඔවුන්ගේ කැවිලි වර්ගත් ඊට දෙවෙනි නැහැ. ඔවුන් මේ වෙනකොට කොන්ඩ කැවුම් (රු. 55), මුං කැවුම් (රු. 55), කොකිස් (රු.40), ආස්මි (රු.110), ඇඹුල් කෙසෙල් (රු. 25) සහ කෝලි කුට්ටු කෙසෙල් (රු. 40) සඳහා ඇණවුම් භාර ගන්නවා. (අවම ඇණවුම් ප්‍රමාණය කෑලි 20 කි.)

Contact number – 0115 222 777
Instagram – @greencabin.lk

 

 

Sumanadisi Bakers

කොළඹ අවට තවත් විශ්වාසදායක බේකරියක් තමයි සුමනදිසි බේකර්ස්. ඔවුන් කොන්ඩා කැවුම්, මුං කැවුම්, දොදොල්, මස්කට්, අලුවා සහ රුලන් ටොෆි යන සියල්ලම රු. 45 බැගින් විකුණනු ලබනවා. කෑලි 10 කින් යුත් කොකිස් පැකට්ටුවක් සඳහා ඔබට රු.150 ක් වැය වන අතර ආස්මී එකක් රු.55 බැගින් මිලදී ගන්න හැකියාව තිබෙනවා.

Contact number – 0115 748 007 / 0112 829 479

 

Odel Delight

Odel Delight විසින් අවුරුදු කැවිලි පෙට්ටි දෙකක් ඔබට ඉදිරිපත් කරනවා;

01 (රු.3000): කොන්ඩා කැවුම් (5), උඳු වළලු (5), මුං කැවුම් (5), නාරං කැවුම් (5), කොකිස් (10), ආස්මි (1), කිරි ටොෆි (4), සහ තල් කොළ කූඩයක්

02 (රු. 4500): කොන්ඩා කැවුම් (5), අතිරස (5), උඳු වළලු (5), මුං කැවුම් (5), නාරං කැවුම් (5), අලුවා (5), කොකිස් (10), ආස්මි (2), තල කැරලි (5), කිරි ටොෆි (4), සහ තල් කොළ කූඩයක්

මොවුන් අප්‍රේල් 10 දක්වා ඇණවුම් භාරගනු ලබනවා.

 

Fab

මෙහි බොහෝ ශාකා ඇති අතර ෆැබ් විසින් කැවුම් රු.50, කොකිස් පැකට් 1 ( කොකිස් 8ක් ) රු.230 , මුං කැවුම් පැකට් එකක් (මුං කැවුම් 8 )රු.350 , අතිරස කෑලි 8 රු. 230, ආස්මී 1 රු. 120 බැගින් සහ කිරි ටොෆි පැකට් එකක් ( කිරි ටොෆි 10) රු. 250 ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ඔයා ආසම jaggery cake, love cake සහ butter cake ඔවුන්ගෙන් මිලදී අරගෙන අවුරුදු මේසය රසවත් කරගන්න ඔයාට පුළුවන්..

Contact number – 0112 573 348 / 0112 675 758
Instagram – @fabfoodssl

 

Sen-Saal

මෙම අවරුදු සමයේදී සෙන්-සාල් විසින් ඔබ වෙනුවෙන්ම මුං කැවුම්, කොන්ඩ කැවුම් සහ අතිරස එකක් රු.50 බැගින් ද කොකිස් (රු.40), ආස්මි (රු.85) සහ කිරි අලුවා (රු.85) බැගින් මිලදී ගන්න හැකියාව ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ ඕනෑම වෙළඳ සැලකින් කැවිලි මිලදී ගන්න හැකියාව තිබෙනවා.

Contact number – 0772 277 683

ඔන්න ඉතින් දැන් ඔයාට කැවිලි මිලදී ගන්න පුළුවන් තැන් ගැන ලැයිස්තුවක්ම තියෙනවා. පවුලේ උදවියත් සමඟ කැවිලි පුරවපු අවුරුදු කෑම මේසයක් එක්ක අවුරුදු සමරන්න දැන් ඔයාට පුළුවන්. ඉතින් හැමදාම ගැස්මත් එක්ක ළඟින් ඉන්න ආදරණිය පාඨකයින්ට සෞභාග්‍යමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here