හතර වටෙන් ඉතිරි ආහාර විසිකරන්නේ නැතිව පරිත්‍යාග කරන්න දැන් ඔයාටත් පුළුවන්..

ඉතිරි ආහාර විසිකරන්නේ නැතිව පරිත්‍යාග කරන්න දැන් ඔයාටත් පුළුවන්..

2021 Apr 16

ආහාර කියන්නේ පැවැත්මේ අනිවාර්ය අංගයක් වගේම ස්භාවදහමේ තෑග්ගක්. ගැස්මත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අපේ restaurant review segment එකට කැමති බව දන්නවා. නමුත් අද අපි අවධානය යොමු කරන්න යන්නේ වෙනත් දෙයකට.

අපි බහුතරයක් කුසගින්නේ දුක්විදින තැනට පත්වෙලා නැති එක වාසනවාක්. ඒ වුණාට මෙය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ ජීවිත පීඩාවට පත් කරන ගැටලුවක්. ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් දිනපතා කුසගින්නේ නින්දට යනවා. ඉතින් අද අපි බලමු කුසගින්න තුරන් කිරීම සඳහා නැගී සිටින පුද්ගලයන් සහ ඔබ එහි කොටස් කරුවෙකු වෙන්නේ කොහොමද කියලා.

ඉතිරි වුණ ආහාර අපි හැමදාම අපද්‍රව්‍ය ලෙස බැහැර කරනවා, විශේෂයෙන්, පවත්වන සාද වල දී ඉතිරි වුණ ආහාර ඔබ විසින් විසි කරනවාට වඩා වෙන කෙනෙකු පෝෂණ කිරිමට කටයුතු කරන සංවිධාන කිහිපයක් තිබෙනවා.

ඉතිරි ආහාර පිළිගන්නා සංවිධාන

Robin Hood Army


Robin Hood Army කියන්නෙ කුසගින්න තුරන් කිරීම සඳහා සටන් කරන ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයක්. ශ්‍රී ලංකාවේ, Robin Hood Army අවන්හල් සමඟ එක්ව අවශ්‍යතා ඇති අයට ඉතිරිව ඇති දෑ එකතු කර බෙදා හැරීමට කටයුතු කරනවා. ඔවුන් මහජනයාගෙන් ඉතිරිව ඇති දේ පිළිගන්නේ නැතත්, ඔවුන්ට නිරන්තරයෙන් උපකාර අවශ්‍ය වෙන නිසා ස්වේච්ඡා සේවකයන් සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ඉතා ක්‍රියාකාරී බැවින් ඔයාට පුළුවන් එයාලා ගැන තවත් දැනගන්න.

Web: https://robinhoodarmy.com/

Facebook: https://www.facebook.com/groups/RHASL

Instagram: @rha_srilanka

Active areas: Colombo, Batticaloa

 

We Give Stuff Away

We Give Stuff Away කියන්නේ ස්වේච්ඡා සේවකයින් පිරිසක්. ඔවුන් විසින් නියම වේලාවට නිවැරදි ආහාර නිසි පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් WGSA අවශ්‍යතා ඇති අයට ආහාර ලබා දීමේ මෙහෙයුමක නිරතවී සිටිනවා. ආහාර හෝ සිල්ලර බඩු වේවා, ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ආධාර ලබා දෙන්න උවමනා වුණොත් ඔබට පුළුවන් ඔවුන් සමග සම්බන්ධ වෙන්න.

Contact Number: 0774 841 134

Email: soupbowlers@gmail.com

Facebook: https://www.facebook.com/WeGiveStuffAwayatTSB

Instagram: @thesoupbowlers

වෙනත් ආහාර පුණ්‍යායතන

හේතු රාශියක් නිසා ඉතිරිව ඇති දෑ පරිත්‍යාග කරන්න හැමවෙලේම පුළුවන් කමක් නැහැ. කොහොම වුණත් කුසගින්නෙන් සිටින අයව පෝෂණය කිරීම සඳහා විශාල පිරිසක් තවමත් බොහෝ දේ කරමින් සිටින අතර ඔවුන්ට අපගේ උපකාරයද අවශ්‍ය වෙනවා.

The Soup Bowl

ආරම්භ කළ මුල් අවධියේ වුණත් The Soup Bowl විසින් මාසිකව , සුප් මුලුතැන්ගෙයින් වියළි සලාක ප්‍රජාවට ලබාදෙන් කටයුතු කරනවා . ප්‍රජාව විසින් කරනු ලබන මූල්‍ය පරිත්‍යාගයන් තුළින් මෙම අමාත්‍යාංශය පවත්වා ගෙන යනු ලබන අතර monthly soup kitchen සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ඔයාට හැකියාව තිබෙනවා. ඔයාට පුළුවන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධ වෙන්න . ඒ වගේම ඔවුන්ගේ නවතම ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පිළිබලඳ දැනුවත් වෙන්න හැකියාව තිබෙනවා.

Contact Number: 0774 841 134

Email: soupbowlers@gmail.com

Facebook: https://www.facebook.com/TheSoupBowlSriLanka

Instagram: @thesoupbowlers

 

Jana Suwa Bala

මොවුන් සෑම සතියේ දිනකම මහරගම අපෙක්ෂා රෝහලට නොමිලේ දිවා ආහාරය සපයන කණ්ඩායමක්. ස්වේච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබන සහ ප්‍රජා පරිත්‍යාගයන්ගෙන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජන සූව බල සංවිධානයට අව්‍යාජව උපකාර කරන්න ඔබට පුළුවන්. ඔවුන් ඕනෑම ආකාරයක ආධාරයක් බෙහෙවින් අගය කරනු ලබනවා. පහත අංකයෙන් ඔබට ඔවුන් හා සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා.

Contact Number: 0772 561 321

Email: janasuwa.apeksha@gmail.com

Facebook: https://www.facebook.com/JanaSuwaBala

Active areas: Maharagama

 

Sri Lankadhara Society

ආහාර පරිත්යාග ඇතුළු මානුෂීය සේවාවන් රාශියක් සපයන සංවිධානයක් ලෙස Sri Lankadhara Society එක හදුන්වන් පුළුවන් . ඔයාට පුළුවන් සූදානම් කළ හෝ ඇසුරුම් කළ ආහාර ගෙන ඒමට හෝ ලංකාධර මුළුතැන්ගෙයි පිළියෙල කරන ආහාර සඳහා පිරිවැය දරන්න.

Contact Number: 0112 588 838

Email: info@srilankadhara.org

Website: https://srilankadhara.org/

Active areas: Within Colombo only

 

මහමග අසරණ සුනඛයිනට උපකාර කිරීම සඳහා ඉතිරි ආහාර පරිත්‍යාග කිරීම

සෑම දිනකම ආහාර සොයා ගැනීමට වෙහෙසෙන, බල්ලන් සහ බළලුන් ඇතුළු බොහෝ අයාලේ යන සතුන් සිටින බව අපි අමතක නොකල යුතුම කරුණක්. ශ්‍රී ලංකාවේ ආහාර පරිත්‍යාග මෙන්ම අරමුදල් ද පිළිගන්නා සංවිධාන සහ නිවාස රාශියක් තිබෙනවා. ඔයාට පුළුවන් ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න.

 

Animal Welfare and Protection Association

සත්ව සුභසාධන හා ආරක්ෂණ සංගමය (AWPA) යනු අයාලේ යන සතුන් මුහුණ දෙන දුක්ඛිත තත්වයන් පිළිබඳව සොයාබලා ඒ පිළිබඳව කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක්. ආහාර වේලක් අනුග්‍රහය දැක්වීමෙන්, වියළි සලාක ලබා දීමෙන් හෝ පිසින ලද ආහාර සැපයීමෙන් ඔයාට පුළුවන් ඔවුන්ට උදව් කරන්න.
Contact Number: 0112 587 116

Website: http://www.awpasl.org

Facebook: https://www.facebook.com/awpasl.org/

Instagram: @awpasl

 

Baw Baw Animal Welfare Organization

අයාලේ යන සුනඛයන් හා බළලුන් බේරා ගැනීම, එළදෙනුන් ඝාතනය කරන ස්ථාන වලින් ඔවුන්ව බේරාගැනීම මෙන්ම කුසගින්නෙන් පෙළෙන සතුන් පෝෂණය කිරීම සඳහා කැමති මුදලක් පරිත්‍යාග කිරීමට මෙම සංවිධානය විසින් ඔයාට අවස්ථාව ලබාදීලා තියෙනවා. මෙම සතුන් පෝෂණය කිරීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සඳහා එක්විය හැකි දිවයින පුරා ආහාර සැපයීමේ වැඩසටහන් ද දැන් ඔවුන් සතුව තිබෙනවා.

Contact Number: 0719 159 992

Email: Bawbaw.US@gmail.com

Website: https://www.bawbaw.org/

Facebook: https://www.facebook.com/bawbaw.lk

Instagram: @bawbaw_sl

Active areas: Kadawatha

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here