හතර වටෙන් ඔයාගේ නිදන කාමරයටත් මේ කියන දේවල් ලංකරගෙන දුක්විඳින්න එපා…

ඔයාගේ නිදන කාමරයටත් මේ කියන දේවල් ලංකරගෙන දුක්විඳින්න එපා…

2021 Apr 19

අද අපි කතා කරන්න යන්නේ තවත් වෙනස් මාතෘකාවක් ගැන. මේ දේ ඔයාට අලුත් දෙයක් නෙවෙයි. සමහර අය තමන්ගේ නිදන කාමරයට යන්නේ නිදාගන්න අවශ්‍ය වුණහම විතරයි. නමුත් තවත් සමහරු ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් හැම එකක්ම වගේ කරන්න තමන්ගෙ නිදන කාමර පාවිච්චි කරනවා. ට්‍රෙඩ්මිල් මත දුවන්න , ආහාර ගන්න වගේ දේවල් නිදන කාමරයේ සිදුකරනවා. මේක තමන්ට ලේසි වෙන්න පුළුවන් හැබැයි මේ දේවල් තමන්ගේ නිදන කාමරේදී කරන එකෙන් ඔයාට කොච්චර හානියක් එහෙමත් නැත්තම් කරදරයක් වෙන්න පුළුවන්ද කියලා ඔයාලා දන්නවාද? මේ දේවල් ඔයාගෙ ජීවිතේට කොච්චර බලපෑමක් කරනවාද යන්න ඔයා දන්නේ නැතිව ඇති . ඒ නිසාමයි අපි මේ දේ ගැන කතා කරන්න හිතුවේ.

 

ඔයාගේ පාවහන් තියන්නේ නිදන කාමයේ ද?

shoes under bed | normally, people have boogie men underneat… | Flickr

නිවසට ඇතුළු වෙන්න කලින් අපි පාවහන් ගලවන්නේ කකුල් වලට සනීපයක් දැනේන්න. අනිත් දේ තමයි අපි හැමතැනම ඇවිදලා එන පාවහන් වල බැක්ටීරියා වගේම අපිරිසිදු දේවල් තිබෙනවා. ගොඩක් දෙනෙක්ගෙ ගෙදරට ඇතුළුවෙන තැන රාක්කයක් නැහැ. මේ නිසා ඔවුන් ගෙයින් එළියෙ හෝ නිදන කාමරයෙ තමන්ගේ පාවහන් ගලවා තබනවා. අපි එළියෙන් අරන් එන විශබීඡ නිදාගන්න තැන තිබුණහම අපි නිකන්ම ලෙඩ වෙනවා. මේ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ පාවහන් නිවසෙන් පිට රක්කයක තැබීම.

නිවස ඇතුළෙත් පාවහන් නැතුව ඉන්න බැරි සමහර පුද්ගලයන් ඉන්නවා. ඒ අය අවම වශයෙන් නින්දට යනවිට තමන්ගේ පාවහන් නිදන කාමරයට රුගෙන යන්න එපා.

 

Alarm එක හෝ ඔයාගේ Phone එක

Premium Photo | Sleeping woman covered under blanket in the bed and vintage alarm clock on pillow.

උදේ නැගිටින්න තියන Alarm එකවත් වෙලාවට වදීද කියලා ෂුවර් නැතිව හරියට නිදාගන්නේ නැති අයට තියෙන්න Alarm anxiety කියන බය.

මධ්‍යම රාත්‍රියේ මේ අය නැගිටලා Alarm එක check කරනවා. ඊට පස්සේ නිදාගන්න තව පොඩ්ඩයි නේද කියලා කනගාටු වෙනවා. මේ නිසා කොහොමවත් හරි හැටි නින්දක් ලබා ගන්න බැරි වෙනවා. මේ නිසා තමන් නිකන්ම ලෙඩ වෙනවා. අලුත් දවස අලුත් පිට ආරම්භ කරන්න බැරි වෙනවා. මේ නිසා Alarm එක නිදන කාමරයෙන් පිට තමන්ට ඇසෙන තැනකින් තියන්න.

සෑම රාත්‍රියකම ඔබට සම්පූර්ණ රාත්‍රී නින්දක් ලැබෙන බවට වග බලා ගැනීමෙන් ඔබට Alarm එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්. එයින් ඔබේ මොළය තනිවම අවදි වන නින්ද චක්‍රයක් නිර්මාණය කරගන්නවා. ඒ වගේමයි දුරකථනය තමන්ගේ නිදන කාමරයට රුගෙන එන්න එපා. එහි ඇති අවධානය ඇදගන්න දේවල් නිසා ඔබ ඔබටත් නොදැනීම දිගු වේලාවක් නිදි නැතිව ගෙවනවා. මේ නිසා ඔබට නිසි නින්දක් ලබා ගැනීමට නොහැකි වෙනවා.

 

ඔයාගේ family photos

4 Stylish Ways to Hang Family Photos — Kelly McPhail Photography

අපි හැමෝම පවුලේ ඡායාරූප නිවස තබා ගන්නවා. නමුත් ෆෙන්ෂුයි නියමයන්ට අනුව තමන්ගේ පවුලේ ඡායාරෑප නිදන කාමරයේ තබා ගැනීම මගින් රෑ බෝ වී ඔබේ පවුල දෙස බැලීමෙන් ඔබට මහත් කනස්සල්ලක් හා අනවශ්‍ය ආතතියක් ඇතිවෙන්න හැකියාව තිබීම.ඒ වගේම ඔබ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ඔබගේ වගකීම් ගැන සිතන්න පටන් ගන්නවා. මේ නිසා ඔබ නිදන කාමරයේ දී ආතතියෙන් පසුවෙලා හරිහැටි නින්දක් නොලබනවා.

මියගිය පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූප නිදන කාමරයේ තබා ගැනීම මගින් ඔබ මුළු රාත්‍රිය පුරාම අවදියෙන් සිටින්නටත් පටන් ගන්නවා. වඩාත් පැහැදිලිව කියනවා නම් නිදන කාමරය ඔබ සහ ඔබේ සහකරු වෙනුවෙන් කැප වූ ස්ථානයක් විය යුතු අතර එහි වෙන අයගේ ඡායාරූප නොතිබිය යුතුයි.

 

ඔයාගෙ ව්‍යායාම උපකරණ

DoubleTree by Hilton Jakarta – Diponegoro Launches Revolutionary New Guest Room, Five Feet to Fitness - What's New Jakarta

 

ව්‍යායාම උපකරණ සඳහා ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඔබට විශාල නිවසක් නොමැති නම් එය ගබඩා කිරීම උපක්‍රමශීලී දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබ එය කිසිසේත් නිදන කාමරයේ තබා නොගත යුතුයි. උදේ නින්දෙන් නැගිටලා ව්‍යායාම උපකරණ වල හැප්පිලා තුවලා වෙන්න ඉඩ කඩ වැඩීයි. ඒ වගේම ඔයා දැන් හරියට ව්‍යායාම කරන්නේ නැති නම් ව්‍යායාම උපකරණ දිහා බලන ගමන් රාත්‍රියේ ඔබ ඒ ගැන පසුතැවෙන්න පුළුවන්. මේ නිසා ඔයාගේ වටිනා නින්ද අහිමි වෙන්න පුළුවන්.

 

ඔයා වැඩ කරන මේසය

25 Fabulous ideas for a home office in the bedroom

වැඩ කරන මේසය, නිදන කාමරයෙන් තියාගත්තහම ගොඩක් වෙලාවට වෙන්නේ වැඩ කරන එක නෙවෙයි නිදිය ගන්න එක. ඒ වගේම රාත්‍රියට නිදාගන්න වෙලාවට වැඩ කරන මේසය දකින්න දකින්න තමන් stress වෙනවා. වැඩ ගැන හිතලම මුලු රෑම ඇහැරලා ඉන්නවා. මේක ඇත්තටම සෞඛ්‍යට හොඳ දෙයක් නෙවෙයි. මේකට පහසුම විසඳුම තමයි තමන් වැඩ කරන මේසය නිදන කාමරයෙන් ඈත් කර තිබීම.

ඔබගේ නිවස කුඩා හෝ අවකාශයේ ගැටළුවක් තිබෙනවා නම් අඩුම තරමේ තමන් නිදියන ඇඳට පිටුපා වැඩ කරන මේසය තියන්න. එහෙම නැත්තම් තිරයක් භාවිතා කර නිදන ඇඳයි වැඩ කරන මේසෙයි වෙන් කරන්න. කිසි විටකත් ඇඳ මත වාඩි වෙලා වැඩ කිරීමෙන් වළකින්න. ඒක තමන්ගේ ඉරියව් වලට බලපෑමක් ඇති කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here