රස ගැස්ම Cocktail Date Night එකකට Shrimp Daddy’s Bar යමු…

Cocktail Date Night එකකට Shrimp Daddy’s Bar යමු…

2021 Apr 23

Isso, එයාලගේ ගොඩනැගිල්ලේ ඉහළම මහලේ අළුත් බාර් එකක් හඳුන්වා දීලා තියෙනවා. එයාලා සතුව විශේෂ booze මෙනුවක් තියෙනවා. අපි නොඉවසිලිමත් වුනේ එයාලගේ මෙනු එකේ තිබුන signature කොක්ටේල් උත්සහ කරලා බලන්න. ඉතින්, අපි ඒ හැම එකකින්ම එක ගානේ ඇණවුම් කළා.

(එදා බදාදා දවසක්. ඉතින් සතියේ මැද ජවයක් ගන්න අපිට වෙනසක් අවශ්‍ය වුණා)

Drinks ඔක්කොම LKR 990 ක් වුණා, කොහොම වුණත් , සමහර කොක්ටේල් VAT9 අරක්කු වල ඉදන් රුපියල් 1490 ක සිලෝන් අරක්කු වෙනකන් upgrade කරගන්න පුළුවන්.

 

 

Hiriketiya

මේකේ ඇල්කොහොල් හා යුෂ වල හොඳ අනුපාතයක මිශ්‍රණයක් තිබුණා. පැඟිරි රසට කැමති අයට මේක ගොඩක් ගැළපෙනවා. මොකද මුළු කොක්ටේල් එකම පැඟිරි රස තේමා කරගෙන තිබුණා. පොල් සහ ඉගුරු වල තද රසයක් පළවෙනි උගුරෙන්ම දැනුණා. වැනිලා සහ දෙහි යුෂ එකතුවෙන් හදලා තිබුණ මේ කොක්ටේල් එක ඔයාගේ සාමාන්‍ය දොඩම් රස සහ ඇල්කොහොල් මිශ්‍ර කොක්ටේල් එක වගේ නම් නෙමෙයි.

 

 

Kollupitiya

මේක මෙනුවේ තිබුණ ඒවගෙන් පැණිරස වැඩිම එක කිවුවොත් හරි. ප්‍රියමනාප arrack රසයක් තිබුණු මේ කොක්ටේල් එක Hiriketiya කොක්ටේල් එකට වඩා මෘදු පැඟිරි රසයක් තිබුණා. හැම උගුරකින්ම පස්සේ මගේ දිව මී පැණි රසයෙන් පිනා ගිය එකටනම් මම ගොඩක් කැමති වුණා.

 

 

Yala

ඇබරැල්ලා අච්චාරු කියන්නේ කටට කෙල උනන කොක්ටේල් එකක්. රසය වැඩි කරන්න අලිගැටපේර වලින් මේක සරසලා තිබුණා. Yala ලොකු ඇඹුල් රසයක් තිබුණා වගේම එකේ තිබුන තද රසය මත් ගතියක් ඇති කළා. දාරය වටේට තිබුණු ලුණු හා ගම්මිරිස් ඒකට තියුණු රසයක් එකතු කළා.

 

 

Digana

Kollupitiya ට සමාන කමක් තිබුණත් මේ කොක්ටේල් එකේ ඊට වඩා තද පැගිරි රසයක් තිබුණා වගේම දාරය වටේට ලුණු සහ ගම්මිරිස් වලින් සරසලා තිබුණා. රසයන් එකට එක ගැළපෙන විදිහට තිබුන මේ කොක්ටේල් එක ගැහැනු ළමයින්ගේ රාත්‍රි සාදයක හොඳ ඉන්ස්ටග්‍රෑම් පින්තූරයකට ගැළපෙනවා.

 

 

Arugam Bay

Bartender මේක පිළියෙළ කරන විදිහ මම බලා සිටියා. බිත්තර සුදු මදයක් මගේ කෝප්පේ ඇතුළට යනවා දැක්කම මම ටිකක් බය වුණා. අනිත් අය කොහොම වුණත් මගේ කෑම හොඳින් පිස ආහාරයට ගන්නවා මිසක් ඒවා මගේ පානයට එකතු කරනවට නම් මං කැමති නැහැ. මේකේ මෘදු රසය ලොකු මුල් හැඟීමක් ඇති කළේ නැහැ. නමුත් උගුරක් පානය කළායින් පස්සේ හොඳ තිත්ත රසයක් දැනුණා. කළවම් වෙලා තිබුන බිත්තර සුදු මදය ඉහළින් පෙණ තට්ටුවක් හදලා තිබුණා. එක පානය කරද්දී සිත්ගන්නාසුලු හැඟීමක් ඇති කළා.

 

Weligama

හැමෝගෙම ප්‍රියතම drink එක තමයි මේ. ඇඹුල් රසට කැමති අයට නම් ගොඩක් ගැලපෙනවා. මේකේ තියෙන punchy රස තව තවත් මේකට තියෙන කැමැත්ත වැඩි කරනවා. පැෂන් ෆෘට් ඉස්ම පානය උකු කරලා තිබුණ නිසා පානයට විශිෂ්ට අනුකූලතාවක් ලබා දෙනවා. බැසිල් කොළ බීම එක earthy රසයෙන් පුරවන බව හැම උගුරක් පාසාම වඩාත් පැහැදිලි වුණා.

 

 

Unawatuna

මේක නම් මගේ සිත් ගත්තේ නැහැ. Shrimp Daddy’s signature cocktail range එකේ තද පැඟිරි රසයක් තිබුණ නිසාම මේ පානය අනෙක් ඒවා සමග ඕනෑවට වඩා පැහුණා. මේක රසය වඩාත් රසවත් කරන්න වෙනස්කිරීමක් කරන්න පුළුවන් කියලා අපි හිතනවා.

 

 

Dambulla

නිවර්තන කලාපීය දූපතකට ගමනක්! අඩු එකම දේ තමයි හිරු, වැලි සහ සාගරය. ඒ නිසාම මේකට මුහුදුබඩ ප්‍රදේශයක නමක් දාලා නැති හේතුව මට හිතාගන්න බැහැ. අන්නාසි වල රසවත් ඇඹුල් ගතිය, පොල් වල අර්ධ මිහිරි රසය එක්ක හොඳට ගැලපුණා. පලතුරු රසය හැරුණු විට, arrack වල රළු රසය මේක වෙනස්ම කැපී පෙනෙන කොක්ටේල් එකක් බවට පත් කළා.

 

 

Ambiance

පහළ මහල දීප්තිමත්, වර්ණවත්. ඇතුළට වඩා ගොඩක් වෙනස්. අඳුරු ආලෝකය සහ ලස්සන ග්‍රැනයිට් බාර් එකක් වුණු Shrimp Daddy’s වැඩි loung-y හැඟීමක් ඇති කළා. ආසන සැකැස්ම අවකාශයට පෙනුමක් එකතු කළා වගේම යුවලකට date එකකට ගැළපෙන හොඳින් ආලෝකමත් වුණු ප්‍රසන්න එළිමහන් ප්‍රදේශයකුත් එයාලා සතුව තිබ්බා. තවමත් අලුත් නිසා එයාලා ඉස්සරහට කොහොම වෙනස්කම් සිද්ධ කරයිද කියලා දැකබලා ගන්නකම් අපිටනම් ඉවසිල්ලක් නැහැ !

tip – Yala උත්සහ කරලා බලන්න! ඒ ගැන ඔයා පසුතැවෙන්නේ නම් නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here