රස ගැස්ම ඉන්දියානු රස එක්ක වෙනස්ම අත්දැකීමක් විඳගන්න Chaiwala Colombo යන්න..

ඉන්දියානු රස එක්ක වෙනස්ම අත්දැකීමක් විඳගන්න Chaiwala Colombo යන්න..

2021 Apr 27

තේ කියන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට අරන් ගිය තවත් එක් සාදකයක් කිව්වොත් හරියටම හරි. ‘Chaiwala Colombo’ කියන්නේ කියන්නේ food truck culture එකට අලුතින්ම එකතු වුණු addition එකක්. Chaiwala Colombo විසින් සාදාරණ මිල ගණන් යටතේ උණු තේ වගේම snacks ලබා දෙනවා. එයාලාගෙ කෑම හැම එකක්ම ගෙදර හදපු කෑම , ඒ කෑම හැම එකක්ම නැවුම්ව තබා ගන්න limited quantity එකක් තමයි එයාල ගාව තියෙන්නේ.

Marine Drive හී Ceypetco filling station ඉදිරිපිට තිබෙන ‘Chaiwala Colombo’ කියන්නේ ඉර බැහැගෙන යන වෙලාවේ මුහුදේ සුන්දරත්වය විඳගෙන රසම රස tea එකක් බොන්න හොඳ තැනක්.

 

Drinks

Cardamom Chai (LKR 100)

කරදමුංගු වල රස අපිට පළවෙනි පාරින්ම මේ tea එක try කරපු ගමන්ම හොඳින්ම දැනුනා. සාමාන්‍ය තේ වල වගේ නෙවේ, මේ Cardamom Chai එකේ සීනි ගොඩක් නැහැ. Creamy Milk, සීනි, තේ කොළ සහ කරදමුංගු, එකට එකතු කරලා රසවත් තේ එකක් Chaiwala Colombo එයලාගෙ පාරිභෝගිකයන්ට ලබා දෙනවා.

 

 

Tandoori Chai (LKR 100)

Tandoori Chai මසාලා tea එක strong flavours mix වුණු වෙනස්ම අත්දැකීමක් ලබා දෙන tea එකක්. පැණි රසයි වගේ පෙනුනට ගම්මිරිස්වල, කරබුනැටි වල හෝ අනිත් කුළුබඩු වල රස ඔයාගෙ උගුරටම දැනෙන්න පුළුවන්. මේ Tandoori Chai මසාලා tea එකට අපි ඇත්තටම කැමති වුණා.

 

 

Appetisers

 

Cake Rusk (LKR 60)

බටර් කේක් සහ rusk biscuits වල එකට එකතුවක් තමයි මේ Cake Rusk එක. මෘදු වගේම කිරි සයක් තියෙන මේ cake එක chai tea එකක් එක්ක නියමට ගැළපෙනවා.

 

Podi Maalu Paan (LKR 60)

අපි හැමදාම කන මාළු පාන් වගේ නෙවෙයි මේකේ පිරවුම වෙනස්. ඉන්දියානු තාලයට තමයි මේ මාළු පාන් එකේ ඇතුලේ පිරවුම හදලා තියෙන්නේ . තේ එකක් බොන්න Chaiwala Colombo ගියොත් මේ මාළුපාන් එක try කරලා බලන් අමතක කරන්න එපා.

 

Spicy Chicken Cupcake (LKR 80)

කුළුබඩු , අර්තාපල් සහ කුකුල් මස් පුරවපු රසම රස කප් කේක් එකක් තමයි අපි ඊළඟට try කලේ. මේකෙත් අපිට ඉන්දියානු කුළුබඩු වල රස හොඳින් දැනුනා. Chaiwala Colombo ගියොත් මේකත් අනිවාර්යයනේ try කරලා බලන්න.

 

 

Fish Tawa Rotti (LKR 80)

Menu එකේ තියෙන අනිත් කෑම වලට වඩා මේ රොටී එකේ සුවිශේෂි රසයක් තියෙනවා. මේ රොටිය සාදා තිබෙන අමුද්‍රව්‍ය මොනවද කියලා හොයාගන්න අපිට ටික වෙලාවක් ගියා. එළවළු වගේම මාළු පිරවුමක් එකක් තමයි මේ රොටී සදා තිබුණේ. අනිවාර්යයයෙන් මේ රොටී try කරලා බලන්න ඔයාත් ඒ වෙනසට ගොඩක් කැමති වේවි.

 

Kokis

මේ අලුත් අවුරුදු සමයට Chaiwala Colombo විසින් ඔවුන්ගේ  menu එකට කොකිස් එකතු කරලා තිබුණා. අවුරුදු පහුවෙලා ගියත් අපිට කොකිස් කන්න අවස්ථාව ලැබුණා. මේ කොකිස් ගැන කතා කරනකොට හපන්න ඉතා පහුසු විදියට රසවත්ව සදා තිබුණා.

 

Ambience

මේ අලුත්ම ව්‍යාපාරය සාමාන්‍ය මගීන්ගේ සිට, වෙහෙසට පත් කාර්යාල සේවකයින් සහ ඔහේ ඇවිදින කට්ටියවත් එකම තැනකට එකතු කරන තැනක් බවට මේ වෙනකොටත් පත්වෙලා ඉවරයි. ආගම, ජාතිය, තත්ත්වය, කුමක් වුණත් තමන් order කරපු chai tea එක එනකම් ඕන කෙනෙක් උනන්දුවෙන් බලාගන ඉන්නවා. රාත්‍රියට මේ ස්ථානය කට්ටිය ගොඩක් රැස්වෙනවා.

Tips- Cake Rusk එකක් එක්ක Cardamom Tea හෝ Tandoori Tea try කරලා බලන්න .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here