හතර වටෙන් ඔබටත් කොරෝනා කියලා සැකයිද? – එහෙනම් ගෙදරදීම check කරගන්න ලේසි ක්‍රම කිහිපයක්…

ඔබටත් කොරෝනා කියලා සැකයිද? – එහෙනම් ගෙදරදීම check කරගන්න ලේසි ක්‍රම කිහිපයක්…

2021 Apr 29

අලුත් අවුරුද්දෙන් පස්සේ කොරෝනා වෛරසය පෙර නොවූ විරූ ලෙස පැතිරෙන්න පටන් ගත්තා. පුරවැසියන් බොහොමයක් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා විනෝද චාරිකා යන්නත්, උත්සව සංවිධානය කරන්නත් පෙළඹුනා. රට ලොක් ඩවුන් කළේ නැති වුණත්, සංචරණ සීමා පැනෙව්වේ නැති වුණත් මිනිසුන්ගේ වගකීමක් හා වගවීමක් නැතිකම හේතුවෙන් මේ වෙනකොට ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ විකෘති කොරෝනා තත්ත්වය වාතයෙන් පැතිරීම හේතුවෙන් පෙරට වඩා පුද්ගලයින් සෑහෙන ප්‍රමාණයක් වෛරසයට ගොදුරු වීම හා මරණයට පත්වීම දැන් සෑම දිනකම අපට අසන්නට ලැබෙනවා. සමහර විට මේ වෙනකොටත් ඔබ හෝ ඔබගේ ආසන්නතමයෙක් මේ කොවිඩ් වෛරසයට ගොදුරුවෙලා තිබෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපය ලංකාවට තීරණාත්මක කාලයක් වෙන්න පුළුවන්. දැන්වත් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන සිතා පුළුවන් උපරිමයෙන් කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිනවා.

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් Archives - Aruna

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුව ලංකාව තුළ මේ වෙනකොට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය තමයි උගුරේ වේදනාව හා අමතර ලක්ෂණ මතු වෙන්න කලින් නිව්මොනියා තත්ත්වය මතු වීම. මෙම වෛරසයේ භයානක තත්ත්වය තමයි තමන්ට මේ වෛරසය වැළදී ඇතිද යන්න හඳුනාගන්න හැකියාව ලැබෙන්නේ රෝගය ආසාදනය වී රෝගය උත්සන්න වුණාට පසුවයි. රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කරන්න අපහසු බැවින් ඔබට වඩාත් ප්‍රවේශම් වෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.

තමන්ට වෛරසය මේ වෙනකොත් වැළදී ඇතිද යන්න දැනගන්න නිවසේදීම ස්වයං පරීක්ෂණයක් ඔබට කරගන්න හැකියාව තිබෙනවා. ඒ …

  • ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්
  • ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැනිය නොහැකි නම්
  • ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි
  • ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
  • වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්
    -aruna.lk-

ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබෙන්නම් හැකි ඉක්මනින් රෝහල් ගත වී රෝගය පාලනය කරගන්න කටයුතු කරන්න. තමන් විසින් කල්තියා රෝග ලක්ෂණ ඇති බව හඳුනා ගැනීමෙන් රෝගය පාලනය කරගැනීමේ හැකියාව තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තවදුරටත් අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here