හතර වටෙන් නිවසට එන කෘමි සතුන් කරදර ඔයාගෙම අත්වැරදි කියලා ඔයා දන්නවාද?

නිවසට එන කෘමි සතුන් කරදර ඔයාගෙම අත්වැරදි කියලා ඔයා දන්නවාද?

2021 May 6

කෘමි සතුන් විසින් ආහාර සහ ජීවත් වෙන්න තැන් හොයනකොට අපේ ගෙවල් වලම ජීවත් වෙන්න තෝරාගන්න ප්‍රධාන හේතුව තමයි ආහාර සහ ආරක්ෂාව ඔවුන්ට උපරිමයෙන් ලැබෙන එක. අවාසනාවට මේ සතුන් නිසා අපිට සහ අපේ නිවසට විවිධ කරදර ඇතිවෙන් පුළුවන්. සමහර කෘමි සතුන් ලී, පැළ වර්ග, රෙදි ආහාරයට ගන්නවා. තවත් සමහර සතුන් නිසා ආහාර විස වෙනවා. මේ නිසා කෘමි සතුන් හානි කරන දේවල් නිවසින් ඉවත් කරන්න හෝ ඒ දේවල් කෘමි සතුන්ට ළඟා වෙන්න බැරි වෙන්න කළමණාකරනය කරන එක ඉතාමත් වැදගත් වෙනවා. නිවෙස් වලට එන මැස්සන්, කැරපොත්තන්, ගුල්ලන් වැනි සතුන් නිසා බොහෝ දෙනෙක් එදිනදා අපහසුතාවයට පත්වෙනවා. මෙන්න මේ නිසා ගැස්ම හිතුවා ඔයාගේ නිවසින් කරදරකාර කෘමි සතුන් ඈත් කරලා තියාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න.

 

01 – පරණ පොත්

book bugs - Original Comic Art - CGC Comic Book Collectors Chat Boards

 

පරණ පොත්, කඩදාසි, කෘමි සතුන්ව ආකර්ශණය කරගන්නවා. කාවන්, කැරපොත්තන් වැනි කෘමි සතුන් සෙලියුලෝස් වලින් පෝෂණය වන නිසා ඔයාගෙ පරණ පොත් කඩදාසි ලාච්චුවල රාක්ක වල තියන්න එපා. පරණ පොත් පත්තර ඔයාට තියාගන්නම අවශ්‍ය ඒවානම් ප්ලාස්ටික් කන්ටේනර් එකකට අහුරලා හොඳින් සීල් කරලා තියන්න.

 

 

02- සුදුපාට විදුලි බුබුළු

Why Are Bugs Attracted to Lights?

දීප්තිමත් සුදුපාට විදුලි බුබුළු සහ නිල් පාට විදුලි බුබුළු වලට කෘමි සතුන් ආකර්ෂණය වෙනවා වැඩීයි. කහපාට, රෝස පාට, කහපාට සහ තැඹිලි පාට විදුලි බුබුළු කෘමි සතුන් ආකර්ශණය කරනගන්නවා අවමයි. LED විදුලි බුබුළු භාවිතයට ගන්නවනම් මේ කරදරයෙන් ඔයාට මිදෙන්න පුළුවන්. මොකද LED විදුලි බුබුළු සුදුපාට වුණාට ඒ ඇත්තටම සුදුපාට නෙවෙයි. විවිධ පාට වල එකතුවක්. කොහොම වුණත් සමහර LED බල්බ කෘමි සතුන් ආකාර්ශණය කරගන්නවා. එම නිසා කහපාට, රෝස පාට, කහපාට සහ තැඹිලි පාට විදුලි බුබුළු භාවිතයෙන් කෘමි උවදුරෙන් මිදෙන්න හැකියාව තිබෙනවා.

 

 

03- සුදුපාට ආලේප කළ ජනෙල් දොරවල්

How to get rid of cockroaches - PestXpert

 

ඔයාගේ නිවසේ එළියෙ බිත්ති වල හෝ දොර ජනෙල් සුදුපාටින් ආලේප කර තිබෙනවා නම්, කෘමින් ආකර්ශණය කරගන්න ඒක හේතුවක් වෙනවා. ඔයාගේ ගෙදරට කෘමි සතුන්ගෙන් කරදර තිබෙනවා නම් කොළ පාට නිල් පාට වැනි පාටක් බිත්ති වල ආලේප කරන්න. එම පාට කෘමින් ආකර්ශණය අවම කරනවා. නමුත් ඔබට මදුරුවන්ගෙන් කරදර වැඩිනම් සුදුපාට බිත්ති දොර ජනෙල් තිබෙන එක හොඳියි. මොකද මදුරුවන් ආකර්ශණය වෙන්නේ අඳුරු පාටවල් වලට නිසා.

 

04- කාඩ්බෝඩ් පෙට්ටි

Why Are Cockroaches Attracted To Cardboard? — Cockroach Zone

කැරපොත්තන්, කාවන් වගේ කෘමීන් කාඩ්බෝඩ් පෙට්ටි සහ එම පෙට්ටය අලාවා තිබෙන ගම් එකත් ආහාරයට ගන්න කැමැත්තක් දක්වනවා. පෙට්ටිවල සුවදට ඔවුන් ආකර්ෂණය වෙනවා වගේම මෙවැනි ස්ථානයක කෘමීන්ට කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් හැකි ඉක්මනින් කාඩ්බොඩ් පෙට්ටි ටික අයින් කරලා පුළුවන් කමක් තිබෙනවා නම් ප්ලාස්ටික් කන්ටේනර්ස් ඒ වෙනුවට භාවිතයට ගන්න.

 

05- ගෘහස්ත පැළෑටි

Plant Pests: Aphids, Mealybugs and How To Control Them

ගෘහස්ත පැළෑටි කියන්නේ ඔබේ නිවසට තවත් කෘමි සතුන් ආකර්ශණ කරගන්න හේතුවක්. හැබැයි කෘමිසතුන් ඒ විදිහට නිවසට එන්නේ ඔයා හරියට ගෘහස්ත පැළෑටි නඩත්තු කරන්නේ නැති නිසා. උදාහරණයක් විදියට ඔයා පැළෑටි වලට ඕනාවට වැඩිය වතුර දැම්මොත් එහි තෙතමනය වැඩි වෙලා කෘමි සතුන්ට සුදුසු ස්ථානයක් බවට පත්වෙනවා. ඒ වගේම පැළෑටි වලට හොඳින් වාතය ලබා දියයුතුයි. එමගින් පස වියළිලා, දිලීර වර්ධනය අවම වෙලා කෘමින්ට හිතකර පරිසරය නැති කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here