හතර වටෙන් දවසට විනාඩි 10ක් වැය කරලා මාස 3න් බඩ අඩු කරගන්න( දරු ප්‍රසූතියෙන්...

දවසට විනාඩි 10ක් වැය කරලා මාස 3න් බඩ අඩු කරගන්න( දරු ප්‍රසූතියෙන් පසු විශේෂයි)…

2021 Jun 10

කාන්තාවන් වන අපිට තිබෙන ලොකුම ගැටළුවක් තමයි උදරය නෙරා ඒම. එහෙම නැත්තම් අපි හැමවෙලේම කියන්නේ අපේ බඩ වැඩියි කියලා.. කාන්තාවක් කියන්නේ පිරිමි වගේ නෙවේ ඔවුන්ට ලාලිත්‍යක් තිබෙනවා, ඇඟ පසඟ හැඩට පිහිටා තිබෙනවා. කාන්තාවන් බොහෝ දෙනා තමන් විසින් සිදුකරන වැරදි හේතුවෙන් තරුණවීයේදීම උදරය ඉදිරියට එන්න පටන් ගන්නවා. ඒ වගේම උදරය විශාල වෙන්න තව හේතුවක් තමයි දරු ප්‍රසූතියකට මුහුණ දීම. දරුවෙක්ට උපත දුන්නු හැම අම්මා කෙනෙක්ම දන්නවා ඇති තමන්ට ලිහිල් සෙලවෙන උදරයක් ඉතිරි වෙනවා කියලා. මෙයට විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ගොඩක් දෙනෙක්ට ඒ පිළිබඳව දැනුමක් නැහැ. මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ “ඩයස්ටසිස් රෙක්ටි (Diastasis recti)” කියලා. මෙහිදී මවුකුස තුළ සිටින බිලිඳා විසින් මවගේ නාභිය වාටා ඇති මාංශපේෂී දෙපසට තල්ලු කරනවා. මේ නිසා තමයි දරු උපතින් පසු උදරය නෙරා එන්නේ.

ඒ වගේම තමයි බොහෝ වාසනාවන්ත සුළු පිරිසක් සිටිනවා.දරු ප්‍රසූතියෙන් පසු ඔවුන්ගේ උදරය ඉබේම පිටිපස්සට තල්ලු වෙලා පෙර පරිදි සැකසෙනවා. නමුත් ගොඩක් දෙනෙක්ගේ උදරය ලිහිල්ව ඉදිරියට නෙරා ඇවිත් ඉතිරි වෙනවා. මෙය හඳුන්වනේ “මමී ටමී(Mummy Tummy) කියලා. ඉතින් ගැස්ම හිතුවා අවලස්සන උදරයක් නිසා පසුතැවෙන අම්මලාට සහ උදරය ඉදිරියට නෙරා ඇවිත් නිසා පසුතැවෙන ඕනම කෙනෙකුට අත්හදා බලා ප්‍රතිළුල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔබ දැනුවත් කරන්න .

 

මේක පොඩි භාවනවක් කිව්වොත් නිවැරදියි. මුලින්ම කරන්න තියෙන්නේ බිම ඉදගෙන භාවනා කරන ආකරයට කකුල් කතිරයක් විදියට තියාගන්න එක. ඊට පස්සේ ඔයාගේ අත් දෙක උදරයෙන් තියාගන්න. දැන් පපුව සහ උදරය හොඳින් පිරෙන විදියට හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ හෙමින් හුස්ම පිටකරන්න. එහෙම කරන අතරතුර උදරයේ මාංශපේෂි ඇතුළට තද කරන්න.

මේ විදියට උදරයේ මාංශපේෂී ඔයා හුස්ම පිටකරනවා එක්කම කොඳු ඇට පෙළ දෙසට තල්ලු වන සේ උපරිම මට්ටමට තදකරගන්න. ඊට පස්සේ ඔයා හුස්ම අල්ලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාට පුළුවන් සාමාන්‍ය විදියට හුස්ම ගන්න, නමුත් ඔයාගේ උදරයේ මාංශපේෂි ඒ විදියටම ඇතුලට තද කරගෙන ඉන්න. හුස්ම ගැනීම හා පහළ හෙළීම ගැඹුරින් සිදුකරන්න. ඒ අතරතුර තව තවත් උදරයේ මාංශපේෂී කොදුඇටපෙල දෙසට තල්ලු කරගෙන රඳවා තබා ගන්න. මේ ආකාරයට විනාඩි 10ක් දිගටම හුස්ම ගන්න, හුස්ම පිටකරන්න.

ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් දිනපතා විනාඩි 10 මෙම ව්‍යායාමයේ යෙදෙනවානම් ඔයට පුළුවන් ඉක්මනින් බඩ අඩුකරගන්න. ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සහ පෞද්ගලික ශාරීරික ව්‍යායාම පුහුණුකරුවන් පිරිසක් විසින් මෙවැනි එල්ලෙන උදරයක් තිබූ කාන්තාවන් 63 දෙනෙකු යොදාගෙ‍ෙ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ඔවුන් මෙම ව්‍යායාමය දිනපතා විනාඩි 10 බැගින් සති 12 ක් පුරාවට( මාස තුනක්) සිදු කළ අතර ඔවුන් සියලු දෙනාම එම කාලය අවසානයේදී උදරය සර්ව සම්පූර්ණව අඩුකරගෙන තිබූ අතර ඔවුන් අතරෙන් සමහර කාන්තාවන්ගේ ඉන ප්‍රදේශයෙන්ද අඟල් කිහිපයක් අඩු වෙලා තිබුණා.

ඔබ දරු ප්‍රසූතියකට මුහුණ දුන්නු අම්මා කෙනෙක්නම් ප්‍රසූතියෙන් අවුරුද්දකට පසු මෙම ව්‍යායාම සිදුකරන්න පටන් ගන්න. මේ ව්‍යායාමය ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්. ඔබත් උදරය ඉදිරියට නෙරා ඒම ගැන වදවෙන පිරිමි කෙනෙකුනම් මේ ව්‍යායාමය අත්හදා බලන්න පුළුවන්. ඉතින් ගැස්ම පාඨක ඔබත් මේ ව්‍යායාම සිදුකර ප්‍රතිළුල අපිට කියන්න අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here