හතර වටෙන් ස්භාවිකවම හිස්සොරි ඉවත් කරගමුද..?

ස්භාවිකවම හිස්සොරි ඉවත් කරගමුද..?

2021 Aug 31

හිස්සොරි කරදරය අපගේ එදිනදා ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවක් වෙනවා කිව්වොත් නිවැරදී. අපි වැදගත් ගමනක් යනකොට ඇඳුම් වල සහ හිසේ හිස්සොරි පෙන්න ගන්නකොට අපි අපහසුතාවයට පත්වෙනවා. ඒ වගේම හැමවෙලේම ඔලුව කසන එකත් අපිව අපහසුතාවයට පත්කරනවා. පොදු මතයක් තියෙනවා හිස්සොරි ඇතිවෙන්නේ වියළි සම නිසා කියලා. මේක බොරු මතයක්. ඇත්තටම හිස්සොරි ඇතිවෙන්නේ ගොඩක් තෙල් සහිත සමක. අපේ සමේ ජීවත්වන යීස්ට්, සමෙහි ඇති තෙල් වලින් පොෂණය වෙමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේට තමයි හිස්සොරි කියන්නේ.

ඉතින් මේ හිස්සොරි කරදය ඉවත් කරගන්න ලොකු මුදලක් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ගැස්ම අපි අද කියලා දෙන්නම් ලෙහෙසියෙන්ම හිස්සොරි කරදරය ඉවත් කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම කියන්න අවශ්‍යයි ස්භාවික දේවල් වුණත් මේ දේවල් භාවිතා කරන්න කලින් patch test එකක් කරන්න අමතක කරන්න එපා.

“ඔබ කිසිඳු අමුද්‍රව්‍යයක් ඔබේ හිසට හෝ සමට ආලේප කිරීමට පෙර, ආසාත්මිකතාවයක් නොමැති බවට වග බලා ගැනීම සඳහා පැච් පරීක්‍ෂණයක් කරන්න. ඔබ භාවිතා කරන මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ හිස මත සහ සමේ මැණික් කටුවේ කුඩා ප්‍රෙද්ශයක ආලේප කර විනාඩි 10-15 අතර කාලයක් සෝදා පැය 24 ක් සිටින්න.

පැය 24කට පසු ඔබේ මැණික් කටුව අසල සම කැසීම, පිළිස්සීම හෝ රතු පැහැ වීමකින් තොරව නොවෙනස්ව පවතී නම් එයින් අදහස් වන්නේ ඔබට එම ද්‍රව්‍යයන්ට ආසාත්මිකතාවයක් නොමැති බවයි. පැය 24 කට පසු සමේ තත්ත්වයේ වෙනසක් ඔබ දුටුවහොත් එම මිශ්‍රණය ඔබේ හිසට හෝ හිස කෙස්වලට ආලේප නොකරන්න”

 

01-දොඩම් ලෙලි සහ දෙහි යුෂ

5 Homemade Orange Peel Face Packs For Glowing Skin | WomensOK.com

දොඩම් ලෙලි වල කැල්සියම්, මැග්නීසියම්, විටමින් C සහ ආහාර තන්තු අන්තර්ගතවෙන අතර හිස්සොරි අවම කරන්න හැකි ගුණයක් අඩංගුවෙනවා.

මිශුණය සාදාගන්නා ආකාරය

දොඩම් ලෙලි භාජයටකට දමන්න එයට දෙහි යුෂ එකතු කරන්න.

අමුද්‍රව්‍ය පේස්ට් එකක් වෙනතුරු ග්‍රයින්ඩ් කරගන්න

පේස්ට් එක හිස්කබලේ හොඳින් ආලේප කර විනාඩි 30ක් තිබෙන්න හරින්න.

ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

02-උළුහාල්

Remove Dandruff Completely With Fenugreek Seeds || #DIY Home Remedies -  YouTube

උළුහාල් වල anti-inflammatory, antimicrobial, සහ antioxidant properties අඩංගු වෙනවා. හිස්සොරි නැතිකරන උළුහාල් මිශ්‍රණය සදාගන්නා ආකාරය,

උළුහාල් මිටක් වතුර භාජනයකට දමා රාත්‍රියක් පෙගෙන්න තබන්න.

උදෑසන උළුහාල් ටික පෙරාලන පේස්ට් එකක් වෙනකන් පොඩිකරගන්න. එයට දෙහි යුෂ ටිකක් එකතු කරගෙන් හොඳින් මිශ්‍රකරගන්න.

මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 30ක් තිබෙන්න හරින්න.

ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

03- කෙසෙල් සහ විනාකිරි

How To Keep Bananas Fresh & Flavorful With These 9 Hacks

ලොකු කෙසෙල් ගෙඩියක් සහ ඇපල් සයිඩර් විනාකරි කෝප්ප දෙකක් මේ සදහා ඔයාට අවශ්‍ය වෙනවා. භාජනයකට ලෙලි ගැසූ කෙසෙල් ගෙඩිය සහ විනාකිරි ටික එකතු කරලා පේස්ට් එකක් සදාගන්න. සදාගත් මිශ්‍රණය හිසෙහි ආලේප කර සෙමින් සම්භාහනය කරන්න. විනාඩි 20කට පසු උණු වතුර සහ ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න.

 

04- පොල් තෙල් සහ දෙහි

Use of lemon and coconut oil to beautify the beauty of hair and face |  NewsTrack English 1

පොල්තෙල් මේස හැඳි 2ත් රත් කරගෙන් සම සම ලෙස දෙහියුෂ සමග මිශ්‍රකරන්න.

මිශ්‍රණය හිස්කබලේ ආලේප කර හිසකෙස් සෙමින් සම්භාහනය කරන්න.

විනාඩි 20ක් තිබෙන්නට හැර ෂැම්පු මගින් සොදා හරින්න.

 

05- යෝගට් සහ දෙහි යුෂ

Creamy Lemon Yogurt | Recipes | Cook for Your Life

ඕනෑම හිසකෙස් වර්ගයකට යෝගට් ළුලදායී  ලෙස ක්‍රියාකරන බව තමයි පර්යේෂණ වලින් සොයාගන තිබෙන්නේ. යෝගට් දෙහි යුෂ සමග මිශ්‍රකර හිසකෙස් වල ආලේප කර විනාඩි 20ක් පමණ තබා මද රස්නෙ වතුරින් සෝදා හරින්න.

 

06- සුදුළුණු සහ මී පැණි

Garlic and Honey: Proven Benefits, Uses, Recipes, and Side Effects

සුදුළුණු බික් දෙකතුනක් අරගෙන මී පැණි මේස හැඳි එකක් සමග පේස්ට් එකක් වනතුරු මිශ්‍රකරගන්න. සදාගත් මෙම මිශ්‍රණය හිසකෙස් මුල හොඳින් ආලේප කර විනාඩි 15ක් තබන්න. ඉන්පසු ඔබ එදිනදා භාවිතා කරන ෂැම්පූ යොදාගන හිසකෙස් සෝදා හරින්න. මෙය හිස්සොරි කරදරෙන් මිදෙන්න හොඳ විසදුමක් බවට පරේෂකයන් පවසනවා.

-තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here