හතර වටෙන් ව්‍යායාම කරද්දි ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න…

ව්‍යායාම කරද්දි ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න…

2021 Sep 5

බොහෝමයක් තරුණියන් ගේ ලොකුම සිහිනය වන්නේ ආකර්ෂණීය සිහින් සිරුරකට හිමිකම් කියන්නයි. ඒ සඳහා ඔවුන් විවිධ වූ ව්‍යායාම වල නිරත වන්නට පුරුදුව සිටිනවා. ව්‍යායාමය, කායික හා මානසික ආතතිය දුරලන්නට ද සමත් වෙනවා. ව්‍යායාම කිරීම සඳහා වෛද්‍යවරුන් දිනකට විනාඩි 30 ගානේ සතියකට දවස් පහක් නිර්දේශ කරනු ලබනවා. අප ගන්නා ආහාර වල පෝෂපදාර්ථ ශරීරය විසින් උරාගෙන මාංශ පේශි හට ලබා දෙනවා. එමගින් මාංශ පේශී වර්ධනය වන්නට පටන් ගනී. මාංශ පේශී වෙහෙසා වැඩ නොකිරීමෙන් ශරීරය තරබාරු වෙ. ඒත් සමහර ව්‍යායාම ඉරියව් ශරීරයට හානි සිදුකරනවා. එවැනි වැරදි ඉරියව් අනුගමනය කර ව්‍යායාම කිරීමෙන් කිසිදු වාසියක් අත්වන්නේ නැහැ. මේ අනවශ්‍ය මාංශ පේශීන් අඩු කරගන්න නිවැරදිව ව්‍යායාම වල යෙදෙන්නේ කෙසේද? අද මම ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්.

 

මුලින්ම ඔබ සිරුර උණුසුම් කරගන්න.

It all starts with a warm-up! - CloudHospital

සාමාන්‍යයෙන් අප ව්‍යායාම වල නිරත වෙන්නට පෙර ශරීරය උෂ්ණත්වය වැඩි කර ගත යුතුයි. මන්ද යත් එකවිට ශරීරයට ව්‍යායාම දරා ගැනීමට අපහසු වන නිසා ඔබට අනතුරු වෙන්න ඉඩ තිබෙනවා. මෙම නිසා ශරීරය උණුසුම් කරන ව්‍යායාම වල පළමුව නිරත වන්න. අප ශරීරය තුළ හොඳින් රුධිරය ගලායන්නේ ශරීරයේ උණුසුම රැඳුන වෙලාවටයි . එම නිසාම ශරීරය උණුසුම් කරන ව්‍යායාම වල විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් නිරත වන්න. එකතැන සෙමින් දිවීම, අත් පා සෙලවීම, එහා මෙහා ඇවිදීම, පසුව ඇවිදීමේ වේගය මදක් වැඩි කර ශරීරය හොඳින් උණුසුම් කරගැනීම.

 

ව්‍යායාම කරන විට කතා කරන්න එපා.

No One Is at the Gym to Talk to You

ඔබ ව්‍යායාම වල නිරත වන්නේ ව්‍යායාම මධ්‍යස්ථානයක නම් අන් අය සමඟ කතා කරමින් ව්‍යායාම වල නිරත වන්නට එපා. මොකද ව්‍යායාම කිරීමේ නිසි ප්‍රයෝජනය ඔබට ලබා ගන්නට බැරි වෙන නිසා මනස නිරවුල්ව තබා ගෙන ව්‍යායාම වල නිරත වන්නේ නම් එය ඔබට වඩාත් ඵලදායක වේවි . සැහැල්ලු සංගීතයකට කන් යොමාගෙන ව්‍යායාම් කරන්නේ නම් මනස නිරායාසයෙන් සැහැල්ලුවට පත්වේ. අවධානය වෙනතකට යොමු නොකර ව්‍යායාම කරනවා නම් වඩාත් ප්‍රතිඵලදායකයි.

 

නවත්ත නවත්ත ව්‍යායාම කරන්නට එපා.

“දිනපතා ව්‍යායාම අවශ්‍යයි.”ඊයෙ කරපු නිසා අද ඕනෙ නැහැ. ආයෙත් හෙටම කරනවා. මේ දවස් වල දිගටම කරා ටික දවසක් නිකන් ඉන්නවා.”
මේ ආකාරයට හිත හිත ඔබ ව්‍යායාමයේ නිරත වුවහොත් ඔබ මෙතෙක් කල් ලබාගත් ප්‍රතිඵල අහිමිවන්නට පුළුවන්. එසේම ඔබ කර කර සිටි හෝ අතරමග නවතා දැමූ ව්‍යායාමයක් නැවත මුල සිට ආරම්භ කරන්නට සිදු වෙනවා . කෙසේ නමුත් වෛද්‍යවරුන් පවසන්නේ යම්කිසි කාලසීමාවක් නොකඩවා ව්‍යායාම වල නිරත විය යුතු බවයි.

අධික බර යොදා ව්‍යායාම නොකරන්න.

ඔබ බර ඉසිලිය යුත්තේ ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශකයට අනුව යි .ඔබ ඒ ගැන දැනුවත් නැතිනම් ඔබ ව්‍යායාම කරන ස්ථානයේ පුහුණු කරු ගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් ඒ පිළිබඳව මනාව උපදෙස් ලබාගන්න. දරාගත නොහැකි පරිදි බර ඉසිලීමට යන්නට එපා. එමගින් ඔබේ ශරීරයේ මාංශ පේශීන් ඉරීමකට ලක්වෙන්න පුළුවන්. තවද අස්ථි ඇදවිමක් සිදුවන්නටත් පුළුවන්. එම නිසාම බර ඉසිලීමේ දී නිවැරදිව ක්‍රම අනුගමනය කරන්න.

 

තරඟයට ව්‍යායාම කරන්නට යන්න එපා.

4 Things I Wish I Knew Before I Started Lifting Weights | SELF

 

“අරයගෙ ඇඟ මට වඩා හැඩයි,” වැඩි කාලයකුත් නැහැ ව්‍යායාම කරන්නට පටන් අරන් . මේ ආකාරයට එකිනෙකා හා සංසන්දනය කර බොහෝ වේලා එකම ව්‍යායාමයක නිරත වන්නට එපා. එය ඔබේ ශරීරයට බලපෑම් සිදු කරන්නට පුළුවන්. ඇතැම් විට කලාන්තය සහ මහන්සියක් දැනෙන්නට පුළුවන්. එම නිසා තමන්ට හැකි පරිදි සහ තම ශරීරයට ව්‍යායාම වල යෙදෙන්නට පුළුවන් කාලයක් තුළ පමණක් ව්‍යායාම වල නිරතවන්න. ශරීරයට ගැලපෙන පරිදි ව්‍යායාම වල නිරත වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්.

 

ව්‍යායාම කිරීමට කාලය වෙන් කර ගැනීමට නොහැකි නම්?

සැහැල්ලු ව්‍යායාම වල නිරතවන්න. ඔබ රැකියාවක නිරත වන අයෙක් නම් කාර්යාලයට යන අතරතුර විදුලි සෝපානය නැතිව පඩිපෙළ භාවිතා කරන්න. ඔබ ඔබේම වාහනයකින් කාර්යාලයට පැමිණෙන්නේ නම් කාර්යාලයට ඈතින් වාහනය නතර කර කාර්යාලය දක්වා ඇවිදන් එන්න. මෙන්න මේ ආකාරයෙන් එදිනෙදා ඔබට සැහැල්ලු ව්‍යායාම වල නිරත වන්නට පුළුවන්. එම නිසා ව්‍යායාම කිරීමට කාලය වෙන්කර ගැනීමට අපහසු වන සෑම අවස්ථාවකම මේ ආකාරයට සැහැල්ලු ව්‍යායාම වල යෙදෙන්න.

 

ආහාර වලින් පසු ව්‍යායාම

Aesthetics Diet And Workout Plan: Getting Cut Fitness Model-Style

ආහාර ගැනීමෙන් පැය එකහමාරක් දෙකක් පසුවී ගියාට පසු ව්‍යායාම කිරීම තමයි සෞඛ්‍යයට හිතකර වන්නේ. මන්දයත් ආහාර ගැනීමෙන් පසු ශරීරය තුළ ආහාර ජීරණයට රුධිර සැපයුම යොමු වී ඇති නිසයි . ආහාර ගැනීමෙන් පසුව ඒ ගමන්ම ව්‍යායාම සිදුකළොත් කෙන්ඩා පෙරලීම, අත් පා රුදාව වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. එම නිසා සැහැල්ලු ආහාරයක් ගෙන ව්‍යායාම කිරීමෙන් මෙවැනි තත්ත්වයන් මඟහැර ගන්නට පුළුවන්. මේ නිසා ඔබ ව්‍යායාම කිරීමේදී ශරීරයට සරිලන ලෙස ව්‍යායාම වල නිරතවන්න. සෑම විටම සුළු ආහාරයක් ගෙන ඊට පසුව ව්‍යායාම වල නිරත වෙනවා නම් ඔබට වඩාත් කාලයක් ව්‍යායාමයේ නිරතවන්නට පුළුවන් වනවා. පහසුවෙන්ම ඔබේ ශරීරය හසුරවන්නට ද පුළුවන් වෙනවා. මෙම නිසා ශරීරයට ඔබ කරන ව්‍යායාමයෙන් වඩාත් ප්‍රතිඵලයක් හිමිවනවා.

මෙම නිසා සෑම විටම ඔබේ සිරුරට සරිලන පරිදි ව්‍යායාම කරන්න එමගින් ඔබගේ සිරුර නිරෝගී ශක්තිමත් හා හැඩති සිරුරක් බවට පහසුවෙන්ම පත්වේවි.

තොරතුරු – අන්තර්ජාලය ඇසුරිනි

මන්දාකිණි පතිරණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here