හතර වටෙන් රජිනිකාන්ත් ගේ චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ලංකාවෙන්…

රජිනිකාන්ත් ගේ චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ලංකාවෙන්…

2021 Oct 27

කොලිවුඩ් සුපිරි තරුවක් වන රජිනිකාන්ත් රංගනයෙන් දායකවන, ඉදිරියේදී තිරගත වීමට නියමිත “Annaatha” චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් පිරිසක් විසින් නිර්මාණය කර තිබෙනවා.

දිවාලි උත්සවයට සමගාමීව ‘Vararu Vararu Annaatha’ නම් මෙම චිත්‍රපටය නිකුත් කෙරෙන අතර දැනටමත් ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන්ම ඉන්දියාවේ අවධානයට ලක්ව ඇත.

පොතුවිල් අස්මින්, කන්දප්පු ජෙයන්තන්, ක්‍රිෂාන් මහේසන්, සහ රෝජා සිවංකර් යන ශ්‍රී ලාංකික කලාකරුවන් මෙම ප්‍රවර්ධන ගීතය සඳහා දායක වී ඇත.

මෙම ගීතය ප්‍රකට දමිළ කවියෙකු සහ ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින් විසින් පද රචනය කර ඇති අතර සංගීත නිර්මාණය කන්දප්පු ජෙයන්තන් විසින් ද, ශ්‍රී ලාංකික දෙමළ රැප් ගායක ක්‍රිෂාන් මහේසන් සහ රෝජා සිවකුමාර් මෙම ගීතයට ගායනයෙන් දායක වී තිබෙනවා.

Siruthai Siva විසින් අධ්‍යක්ෂණය කරන ලද Sun Pictures විසින් නිෂ්පාදනය කරන ලද ‘Annaatha’ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රජිනිකාන්ත් සමග නයනතාරා විසින්.

https://youtu.be/6pQlRQXbzrg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here