රස ගැස්ම කොරියානු කෑම රස හොයන ඔබට යන්න හොඳම තැන් …

කොරියානු කෑම රස හොයන ඔබට යන්න හොඳම තැන් …

2022 Jan 27

ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ සහ විවිධ පළාත්වලට ආවේණිකව නොයෙකුත් රසයන්ගෙන් ආහාරපාන සැකසෙනවා.එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ රවල් වල අනුභව කරන ආහාරපාන වර්ගද සැකසෙනවා. මේ අතර ඉන්දියානු ආහාර හා චීන ආහාර බොහොලෙස කැපී පෙනෙන අතර මේ වන විට කොරියානු කෑම සඳහාද ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ කොරියානු කෑම ඉතා ජනප්‍රියවී තිබෙනවා.

ඉතින් කොරියානු ආහාර වර්ග වලට වැඩිපුර කැමති ඔබට, තෝරා ගත හැකි කොරියානු අවන්හල් රාශියක් කොළඹ පිහිටා ඇති බව ඔබ මීට කලින් දැන සිටියාද? කොරියානු ආහාර ලෝලියනි! ඔයාලටත් අවස්ථාව තියෙනවා මෙම අවන්හල් වලින් ඔබේ ප්‍රියතම කෑම වර්ග වන Kimchi, Bibimbap, Tteokbokki හා Bulgogi ආහාර වල රස විඳින්න.

Kang’s Kitchen

 

 

මෙය කොළඹ ඇති හොඳම කොරියානු ආපන ශාලාව විය හැකි බැවින් මේ සඳහා පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ Jajangmeon (කළු නූඩ්ල්ස්) සහ Tteokbokki කෑම ඉතා ජනප්‍රියයි. ඒ වගේම තමයි Kang’s Kitchen හි පිරිනමන කෑම ඉතාම ප්‍රණිතයි.

Address: 28/1, Horton Place, Colombo 7
Contact number: 0112 697 216
Open times: Monday to Saturday 12 pm – 2.30 pm, 6 pm – 9.30 pm; closed on Sunday

Han Gook Gwan

 

 

Han Gook Gwan ආපනශාලාව 1991 වර්ෂයේ සිට කොරියානු ආහාර වර්ග ශ්‍රී ලාංකිකයින් සමඟ බෙදා ගනු ලබනවා. කෙතරම් පැරණි වුවත් මෙහි ආහාර වල රසයේ නම් අඩුවක් නැහැ.මෙම අවන්හලට ගිය අයගේ පොදු මතය වුණේ ඔවුන්ගේ ත්‍යාගශීලී බවයි. එබැවින් ඔවුන්ගේ කෑම වර්ග ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර රුචිය සංසිඳුවාලන බව නිසැකයි.

Address: 25, Sri Sambuddhatva Jayanthi Mawatha, Colombo 5
Contact number: 0112 587 961
Open times: 11.30 a.m.- 2.30 p.m., 5.30-10.30 p.m.

The Bibim

 

 

The Bibim අවන්හල විශේෂයි . ඊට හේතුව නම් මේ අවන්හල නම් කරලා තියෙන්නෙම ජනප්‍රිය කොරියානු ආහාරයක් වන Bibimbap නමින්. එය විවිධ එළවළු, මස් සහ බැදපු බිත්තරයක් සහිත රසවත් බත් බඳුනක්. මස් වර්ග රාශියක් තිබෙන නිසා Bibim වැඩියෙන්ම අලෙවි වන කෑමක් වීම පුදුමයක් නම් නෙමෙයි.

Address: 375, R.A. De Mel Mawatha, Colombo 3
Contact number: – 0767 584 406
Open times: 11 a.m.-11 p.m.

Arirang 5th

 

 

කොරියානු කෑමලෝලී ඔබට පහසුවෙන්ම සොයා යෑමට හැකි ස්ථානයක් තමයි තිඹිරිගස්යාය පාරේ පිහිටා ඇති Arirang 5th. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මොවුන්ගේ කොරියානු ආහාර ලැයිස්තුවයි. පුද්ගලයන් දෙදෙනෙකු ,තිදෙනෙකු හෝ හතර දෙනෙක් විදියට ඔබ මේ අවන්හලට යනවා නම් ඔවුන්ගේ සෙට් මෙනු එකේ රසවත් ආහාර රස විදින්න පුළුවන්.
Address: 181, Thimbirigasyaya Road, Colombo 5
Contact number: 0115 882 661
Open times: 11.30 a.m.-9 p.m.

Kim’s Family Korean Restaurant

 

 

මෙහිදී නම් නම ඇසු පමණින්ම ඔබට හැඟෙන්නේ හදවතට සමීප බවක්. මෙම විශේෂිත කොරියානු ආපන ශාලාව ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ඉතා සුහද පිළිගැනීමක් ලබා දෙනවා. ඔවුන්ගේ පුළුල් මෙනු එකේ ජනප්‍රිය කෑම වර්ග දෙකක් වන Japchae හෝ Bibimbap පමණක් වුවත් රස විඳිමින් ඔබට සුවපහසුවක් දැනෙන අයුරින් ඔබේ ආහාර වේල බුක්ති විඳින්න පුළුවන්.

Address: 14-14 R.A. De Mel Mawatha, Colombo 4
Contact number: 0763 425 053
Open times: Monday to Saturday 11 a.m.-9 p.m.; 11.30 a.m.-8.30 p.m. Sunday

Seoul Restaurant

 

 

Seoul Restaurant සෑම විටම සුපිරි කොරියානු භෝජන සංග්‍රහයක් පිරිනැමීමට බැඳී සිටිනවා. devilled and hot butter dishes පිරිනමමින් ලාංකීය තාලයට සංග්‍රහ කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් ආනයනය කරන ලද කොරියානු භාණ්ඩ විකිණීම සිදුකරන බැවින් කොරියානු භාණ්ඩ වලට ප්‍රියතාවයක් දක්වන ඔබට එය වඩාත් වැදගත් වෙයි.

Address: 375 R. A. De Mel Mawatha, Colombo
Contact number: 0117 021 215
Open times: 10 a.m.-10 p.m.

KBQ Korean Barbecue

 

 

මෙහිදී නම් ඔබට ප්‍රියතම කොරියානු බාබකියු නැතිනම් KBQ රස විඳින්න පුළුවන්.කොරියානු බාබකියු ඇදහිය නොහැකි තරම් රසයෙන් යුක්ත වන අතර නියම කුළුබඩු ඒ සඳහා ඔවුන් යොදා ගන්නවා. සෑම ආහාරයකටම කුළුබඩු ටිකක් වැඩියෙන් බලාපොරොත්තු වන ලාංකිකයන් වන අපට මේ කොරියානු බාබකියු එක නම් ඉස්තරම්!!! chicken රසට කැමති ඔයාලට යන්න හොඳම තැන තමයි KBQ Korean Barbecue.

Address: Jana Jaya City Mall Rajagiriya (JJC Mall) Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte
Contact number: 0114 341 782
Open times: 9 a.m.-10 p.m.

Robata Grill

 

 

Movenpick හෝටලයේ පිහිටා ඇති Robata Grill විස්මිත ආසියාතික ආහාර වර්ග 7ක් සඳහා ප්‍රසිද්ධයි. මම පුද්ගලිකව Robata වෙත කිහිප වතාවක් ගොස් ඇති අතර, ඔවුන්ගේ මෙනුවේ ඇති Bulgogi කන්න ඔයා ආසාවක් දක්වනවා නම් ඒ ඔයා ගන්න හොඳම තීරණය කියලා මට කියන්න පුළුවන්.

Address: A2, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7
Contact number: 0117 450 450
Open times: 12-3 p.m., 7-11 p.m.

Hancook Kitchen

 

 

Hancook Kitchen හිදී ඔබට පුළුවන් Korean grub වලින් සකසන ආහාරයක රස බැලීමට. මෙය කොළඹ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන ඔබට කොරියානු ආහාර සඳහා කියාපු ස්ථානයක්.

Address: 501/1/A New Kandy Road, Thalangama
Contact number: 0113 657 777
Open times: Monday to Saturday 12-10 p.m.; closed on Sunday

Korean Fried Chicken Hut

 

 

ඔබත් කැමතිද කොරියානු ෆ්‍රයිඩ් චිකන් සහ කිම්චි සලාදයක රස විඳින්න? එහෙනම් ඔබට මේ කොරියානු ෆ්‍රයිඩ් චිකන් හට් එකට යන්න පුළුවන්. ඔවුන්ගේ සීමිත් කොරියානු dishes කිහිපයක් තිබෙන අතර සිය පාරිභෝගිකයන් හට නිහතමානීව සේවය කරන ආපනශාලාවක් වනවා.

Address: No. 4a, Second Lane, Off Park Road, Mount Lavinia
Open times: 4-10 p.m.

එහෙනම් ඔන්න අපි ඔබේ කොරියානු රුචියට අවශ්‍යය හොඳම කොරියානු අවන්හල් ලැයිස්තුව ඔබට ලබා දුන්න. ඉතින් ඔබටත් පුළුවන් ඔබ කැමතිම කොරියානු ආහාරය රස විඳින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here