රස ගැස්ම Nutella පිරුණු Crepes කන්න Crepe Runner යමුද…?

Nutella පිරුණු Crepes කන්න Crepe Runner යමුද…?

2022 Jan 31

Open Time:

Tues to Thurs 2 pm – 10 pm/ Fri to Sun 2 pm – 11 pm

Address

88, Galle Road, Bambalapitiya, Colombo

directions

Opposite Baby Home Bambalapitiya

Contact No

077 226 0037 | 077 228 8463

ඔයා crepe කන්න කැමති කෙනෙක්නම් ඒකට හරියනම තැන තමයි Crepe Runner. ඔවුන්ටම ආවේණික වුණු කෑම සහිත food truck outlet 4ක් මේ වෙනකොට ඔවුන් සතුව තිබෙනවා. 2019 දී ඔවුන් SLIM Brand Excellence සම්මානය දිනාගනිමින් ඔවුන්ගේ නාමය ඉදිරියෙන්ම තබාගෙන සිටිනවා. ඒ වගේම තවත් හොඳම experience එකක් තමයි ඔවුන්ගේ open crepe stations එක. ඉතින් ඔයා එතනට ගියොත් එයාලා මේ රසම රස sweet  සහ savoury crepes හදන හැටි ඔයාගෙ ඇස් දෙකෙන්ම ඔයාට බලාගන්න පුළුවන්. අපිත් ගියා එයාලගෙ බම්බලපිටිය outlet එකට රසම රස Crepe experience එක ලබාගන්න.

 

 

Classic Sweet Crepes

Strawberry Maniac (LKR 480) 

සමහර අය strawberries වලට කැමතියි. තවත් සමහර අය ඒකට කැමති නැහැ. හැබැයි ඔයා strawberries වලට කැමති කෙනෙක්නම් මේ strawberrie කෑලි වලින් පිරිලා තියෙන ඒ වගේම තව strawberry corn flakes එකතු කරපු, ඇතිවෙන්න Nutella වලින් fill කරලා තියෙන Strawberry Maniac එකට අනිවාර්යයයෙන් කැමති වේවි.  ඒ වගේම ඔයාට පුළුවන් මේ crepe එක milk chocolate option එකෙන් වුණත් try කරලා බලන්න.  අපි නම් රස වර්ග දෙකම enjoy කළා.

 

 

Combo Sweet Crepes

Choco Blast (LKR 680)

නමේ විදියටම chocolate පිරිලා තියෙන crepe එකක් තමයි Choco Blast.  KitKat, Kinder සහ Cadbury කියන රස තුනම ඔයාට මෙහිදී රස විඳින්න පුළුවන්.  මේ crepe එක වටේම crispy එකට සහ මැදට වෙන්න soft ගතිය තියෙන්න හරිම විදියට හදලා තිබුණා. ඒ වගේම මැද fill කරලා තිබුණ gooey chocolate layers ටික හොඳින් held කරලා තිබුණ නිසා perfect bite එකක්, පළවෙනි පාරම Choco Blast එක try කරනකොට ඔයාට ලබා ගන්න පුළුවන්.  ඉතින් මේ Choco Blast එක මේ මුදලට හොඳටම වටිනවා කියලා තමයි අපිට හිතුනේ.

 

 

Peanut Butter Banana (LKR 460)

 

ඔයත් මම වගේම Peanut Butter වලට කැමති කෙනෙක් නම් ආයෙ හිතන්න දෙයක් නැහැ මේ Peanut Butter Banana crepe එක order කරන්න ඔයා පසුබට වෙන්න එපා. මේක simple crepe එකක් වුණාට ඇතිවෙන්න peanut butter, banana සහ Nutella fill කරලා තිබුණ නිසා ගොඩක් රසවත් වුණා කිව්වොත් හරියටම හරි. මේකේ තියෙන තවත් plus point එකක් තමයි peanut butter වැඩියෙන් පැණි රසත් නැහැ වැඩිය තිත්ත රසයකුත් නැහැ.

 

 

Milk Choco Crepes

Cheese Cake (LKR 550)

මම cheese cake වලට ගොඩක් කැමති කෙනෙක්. Crepe Runner එකට ආපු මට හිතුනා cheese cake wrap කරන්න හොඳම විදිය crepe එක්ක කියලා. මේ crepe එක vanilla cheese cake pieces, chocolate සහ strawberry jam වලින් fill කරලා තිබුණා. ඇත්තටම මම, මේ Cheese Cake crepe එකට ගොඩක් කැමති වුණා කිව්වොත් හරියටම හරි.

 

 

Savoury Crepes

Stuffed Chicken  (LKR 690)

මෙහිදී මුලින්ම කියන්න ඕනේ  presentation එකට සහ  flavour එකට 10/10ම දෙන්න පුළුවන් කියලා. මොකද මේ crepe එක cheese, chicken, chips සහ herbs වලින් පුරවලා තමයි අපිට ලැබුණේ. Chicken එක හොඳින් cook කරලා තිබුණා වගේම සැරත් හොඳ ගානට තිබුණා. අපි මේ වෙනකොට try කරපු crepe වලින් හොඳම filling එක තිබුණේ මේ crepe එකේ තමයි. ඔයත් Crepe Runner එකට ගියොත් මේ Stuffed Chicken crepe එක අනිවාර්යයෙන් try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

 Prawn/Isso (LKR 550)

සරලව පිළිගන්වලා තිබුණ මේ crepe සහ prawn combination එකේ prawn pieces හොඳ මෘදුවට හැපෙන්න තිබුණා. මේ Juicy සහ spicy prawn pieces වලට cheese සහ herbs නියම savoury රසක් මේ crepe එකට එකතු කරලා තිබුණා. මම ආයෙත් Crepe Runner එකට ගියොත් මේ crepe එක අනිවාර්යයෙන් try කරන්න අමතක කරන්නෙ නම් නැහැ.

 

 

Loaded Potato Chips

Chicken chips (LKR 500)

Chicken, chips සහ cheddar cheese ගොඩක් එකතු කරලා හදලා තිබුණ මේ snack එක ඔයා කාටවත් දෙන්නේ නැතිව තනියම රසවිඳිනවා කියලනම් මට විශ්වාසයි. මොකද කිව්වොත් පෙනුම වගේම රසත් ඉස්තරම්. Cheese සහ chicken හොඳින් Rancrisp chips උඩට ‍ melt වෙලා  තිබුණා. මේ chips හිතන්නත් කලින් ඉවර වුණා. මොකද රස නිසා ඉක්මනින් කන එක මට නවත්තගන්න බැරිවුණා.

 

 

Hot Coffee

Cappuccino (LKR 380)

මේ Coffee එකේ aroma එකයි art එකයි හොඳ වුණත් මම මීට කලින් try කරලා තියෙන Coffee තරම් හොඳ වුණේ නැහැ. හැබැයි මේක  decent drink එකක්.

 

 

Nutella Shake (LKR 380)

රස වගේම දරන්න පුළුවන් මුදලකට තියෙන මේ Nutella shake එක මට හිතුනේ මීට වඩා මිලකට මෙය ඔවුන්ට විකුණන්න පුළුවන් නේද කියලා. මොකද මේ shake එකට ලෝබ නැතුව Nutella ගොඩක් එකතු කරලා තිබුණා. ඇත්තටම මම මේ shake එක ගොඩක් enjoy කලා . ඔයත්  Crepe Runner ආවොත් මේ shake එක try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Ambience and Service

 

මේ branch එකේ staff members ලා පස් දෙනෙක් මහන්සියක් බලන්නේ නැතිව customers ලා වෙනුවෙන්ම වැඩ කරනවා. මේසයට කෑම ටික ගෙනාපු ගමන් වගේ කූඹි මේසේ පුරා දුවන්න ගන්නවා. ඒ නිසා කූඹි ගැන කල්පනාවෙන් ඉන්න. අපි crepes ටික එයාලගෙන් බේර ගන්න උත්සහ කලත් එක කරන්න පොඩ්ඩක් අමාරු වුණා. මොකද ඒ දැනෙන පැණි රස සුවදට කූඹින්ටවත් ඔවුන්ව පාලනය කරගන්න බැරි වුණා.

 

 

කොහොම වුණත් මේ දේවල් කාලා බීලා බඩ පිරුණේ නැති වුණොත් එයාලගෙ mojito එකයි slider එකයි try කරලා බලන්න අමතක කරන්න එපා. මෙතන ඔයාට ඔයාගෙ පවුලත් එක්ක එහෙම නැත්තම් යාළුවො එක්ක වෙලාව ගත කරන්න ඉඩපහසුකම් තියෙනවා. ඒ වගේම ඔයාට වුණත් තනිම ගිහින් මෙතන ඉදන් enjoy කරන්නත්  පුළුවන්.

Bambalapitiya, Mount Lavinia, Maharagama (Cool Planet), Galle Road සහ Kollupitiya යන තැන්වල තමයි  Crepe Runner branches පිහිටලා තියෙන්නේ. ඒ වගේම PickMe සහ UberEats හරහා oder කරන්නත් ඔයාට හැකියාව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here