හතර වටෙන් මේ වගේ ආහාර කවදාවත් වැඩියෙන් ගන්න එපා …

මේ වගේ ආහාර කවදාවත් වැඩියෙන් ගන්න එපා …

2022 Feb 5

ආහාර රටාව නැතහොත් කෑම, ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්.පවුලේ සෑම අයෙකුම එකම රටාවකට කෑම කෑමට අකමැති නිසා එක් එක් ආකරයෙ ආහාර රටාවලට යොමු වී සිටිනවා. එක් අයෙකු කිරට, තවත් අයෙකු තෙලට ,තවත් අයෙකු මිරිසට කන්න කැමතිනම් ඒ ඒ රස වලට ඉව වැටුණු පසු ඒ ආහාර පසුපසම දිවයයි. මේ සියල්ලටම කට පරිස්සම් විය යුතුයි .නැත්නම් ලෙඩ ඇඳේ තමයි නවතින්නට වෙන්නේ.සමහර ආහාර වර්ග තියෙනවා ඒවායේ ප්‍රමාණය ඉක්මවා ගතහොත් සෞඛ්‍යයට අහිතකර පෝෂපදාර්ථ එක්කර ශරීරය දුර්වල කරන ,එම නිසාම ආහාරයට ගන්නා බත් ඇටය ගැන පවා අප සැලකිලිමත් විය යුතුයි.

 

 

ඔබ දන්නවාද ?කාන්තා ඔබ පිරිමින්ට වඩා පිළිකාවට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව .පිළිකාවක් හෝ එහි මූලික අවස්ථාවේ සිටින බව යමෙකු දැන ගැනීමෙන් පසු, ජීවිතය ඉතාමත් කෙටි බව ඔවුන්ට දැනෙන්නට පටන් ගන්නවා.ඒ එහි ඇති මාරාන්තික බව නිසා.එහෙත් පිළිකාවක් සමග පොරබදා ජය ගන්නා අය ද නැතුවාම නොවේ. එහෙත් අතීතයේ සිටි මිනිසුන් මෙවන් අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දුන්නේ නැත. ඊට හේතු වූයේ වස විසෙන් තොර ආහාර වලට හුරු වී සිටි නිසාය.

 

 

ඇතැම් ආහාර පිළිබඳ නොදැනුවත් කම මෙන්ම දැනුවත්කම තිබුණද ඒ කෙරෙහි ඇති ගිජු බව නිසාම ඒ ආහාර සති පතා ම ආහාරයට ගනියි .ඉහත කී ආකාරයේ පිළිකා ඇතිවීමට බලපාන ආහාර අතර ප්‍රධාන වශයෙන් සකස් කළ මස් වර්ග වලට ලැබෙන්නේ ප්‍රධාන තැනක් .බෙකන් ,සොසේජස් ,හොට්ඩොග් ඊට උදාහරණ කිහිපයක්.මේ මස් වර්ග නිතර නිතර ආහාරයට ගැනීම නුසුදුසු වන්නේ ඒ නිසා. මේ ආකාරයෙන් මස් වර්ග සෑදීමේදී අධික තාපයට හා අධික පීඩනයට ලක් කරන බැවින් ඒවායේ ඇති ප්‍රෝටීන වර්ග වල වෙනස් වීම් සිදුවෙනවා . මේ නිසා සිරුරේ වෙනසක් ඇති කරමින් පිළිකා හට ගැනීමට මාර්ගය පහදා දෙනවා.එසේම අධික පීඩනයට ලක් කරන අර්තාපල් ද පිළිකා කාරක ඇති කරන බවට සොයාගෙන තිබෙනවා.

 

 

 

තවද ආහාර රස ගන්වන සමහර රසකාරකද පිළිකා කාරක වන අතර ,monosodium, glutamate හෙවත් එම්. එස් .ඩී ප්‍රධාන තැනක් ගන්නවා .ආහාර වර්ණ ගන්වන වර්ණක ද පිළිකා ඇතිකිරීමට හේතුවන තවත් ද්‍රව්‍යයක්. වර්තමානයේ දී බොහෝ ආහාර වර්ග සාදා ගනු ලබන්නේ මේ ආකාරයෙන් බව රහසක් නොවෙයි .රස කාරකවලට බොහෝ දෙනකු ප්‍රිය කරන බව අප කවුරුත් දන්නා කරුණක්. විශේෂයෙන් කුඩා දරුවන් ඒ අතර බහුලයි.මේ ආකාරයෙන් අපි නොදැනුවත්කම නිසා නිවසෙන් බාහිරව ලබා ගන්නා රසකාරක සහිත ආහාරවල පිළිකා කාරක ද අඩංගුව පැවැතීම කනගාටුවට කරුණක්.

 

 

ඇතැම් ආහාර සැකසීමේදී යොදා ගන්නා රසකාරක පිළිකා කාරක බව ද තහවුරු කරගෙන තිබෙනවා .දිනපතා ආහාරයට ගැනීමට පුරුදුව තිබෙන කෙටි ආහාර ද පිළිකාවකට අතවැනීමක් බව ඔබ දන්නවාද? එවන් ආහාර සාදා ගැනීමේදී හෝ එවැනි රසකාරක යෙදීම, වරක් භාවිත කළ තෙල් නැවත නැවතත් භාවිත කිරීම, ගැඹුරු තෙලේ බැදීම ද පිළිකාකාරක ඇති කිරීමට පහසු කරනවා .තව ද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ නියම පොල්තෙල් ද නොවේ. පොල්තෙල් සාදා ගැනීමට භාවිතා කරන පොල් වියළීමේදී පුස් වර්ග ඇති වීමට තිබෙන ඉඩ වැඩියි. එම පුස් වර්ගයේ ඇත්ලටොක්සින් නම් පිළිකා සාදන විෂකින් යුක්ත වෙනවා. මෙවැනි පුස් සහිත තෙල් වර්ග ආහාරයට ගන්නා විට එම විෂ සිරුරට ඇතුළු වන්නේ නිරායාසයෙනි. එසේම බඩ ඉරිඟු, රටකජු වැනි ධාන්‍ය වර්ග ද කල් තබා ගැනීමට සැකසීමේදී නිසියාකාරව වේළි නොතැබීම හේතුවෙන් හෝ ගබඩා කරන තබන ස්ථානය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා ද ඉහත ආකාරයෙ පුස් වර්ග ඇතිවෙනවා.

 

 

මෙම හේතූන් නිසා ඔබ මේ කියු ආහාර ද්‍රව්‍යයන් පමණට වඩා ආහාරයට නොගත යුතුයි. තවද මේ පිළිකා හට ගැනීමට හේතු වන ,

* ධාන්‍ය කල්තබා ගැනීමේ දී හැදෙන පුස් වර්ග

*ඉවක් බවක් නැතිව ආහාර ගැනීම

*පළිබෝධ නාශක මිශ්‍ර එලවලු පලතුරු වලින්

*ගැඹුරු තෙලේ බදින ආහාරවලින්

*ආහාර වර්ණ ගන්වන වර්ණක වලින්

*පලතුරු කල් තබන රසායනික සංයෝග වලින්

*ප්ලාස්ටික් වතුර බෝතල් නැවත පාවිච්චි කිරීමෙන්

*අහිතකර රසකාරක අඩංගු කෑම බීම වලින්

*කෙටි කෑම මගින්

මේ එකී නොකී සෑම ආකාරයකින්ද ඔබේ ශරීරයට පිළිකාකාරක ඇතුළු විය හැකියි.එම නිසාම ඉහත කී ආකාරයෙන් සෑදූ ආහාර කවදාවත් වැඩියෙන් ආහාරයට ගන්නට යන්නට එපා. එමඟින් ඔබට නැති වී යන්නේ ඔබේ සෞඛ්‍යය සම්පන්න ජීවිතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here